2011 ජූලි 02 : මගේ ආදරණීය ඇල්කෙමිච්චිට සෙනෙහසින්……
මගේ ආදරණීය ඇල්කෙමිච්චියේ,
හැමදාම අනුන්ගේ මගුල් ගැන ලියන මම අද නුඹ ගැන ලියන්න හිතාගත්තේ අද අපි දෙන්නටම විශේෂ දවසක් නිසා. 1994 ජුලි දෙවනිදා අපි දෙන්නා බර බර ගාන ගල්කිස්ස කිරිබත්ගොඩ 154 ලංගම බස් එකේ යන ගමන් බොහෝ දේවල් කතා කළා මතකයි. ඒ වගේමයි මම ඇහුවෙ අපි දෙන්නා පෙම්වතුන් වෙමුද කියලා. අපි දෙන්නා යාළුවො වුනේ ඊට බොහොම ඉස්සර වුනාට පෙම්වතුන් වුනේ එදා.
එදා මෙදාතුර මගේ හැම දේටම සහාය වෙමින් හෙවනැල්ලක් වගේ පස්සෙන් හිටියෙ නුඹ. මම ලියපු කවි හැම එකක්ම එකතු කරලා ෆයිල් එකක දාගෙන හිටියෙ නුඹ. මට වගේ කවි ලියන්න, සිංදු කියන්න බැරි වුනත් මගේ හැම උත්සාහයක්ම මුවින් අගය නොකළත් ඒ කිසි දෙයක වැරැද්දක් දැක්කෙත් නෑ…රසායන විද්‍යා අයතනයේ අපි දෙන්නා කළ පෙරළි කරන්න තවමත් වෙන කාටවත් බැරි වෙලා තියෙනවා. මම Batch top වෙද්දි නුඹ Batch second වුනේ අපි දෙන්නගෙම උත්සාහයේ ප්‍රතිඵල නිසා. ඒ වගේම අපිව විවේචනය කරපු හැමෝටම හොඳට රිදෙන්න ඇණලා කියාදෙන ගමන්. දෙවන වතාවෙ නුඹ Batch top වෙලා මම Batch second වුන වෙලාවෙ නුඹ සතුටු වුනාට වඩා කළේ දුක් වෙන එකයි.. මම බොහෝ දේවල් වලට කැමැත්තෙන්ම ඉදිරිපත් වෙත්දි, ඒ කිසිවකට වැරැද්දක් නොකියා සහයෝගය දෙන පුරුද්ද තවමත් නුඹ ගාව තියෙනවා. මම පස්ස බිම ඇණගෙන දුක් වෙද්දි, පස්සෙ තෙල් ගාලා මාව ඉස්සරහට තල්ලු කරන්නෙත් නුඹ මයි.
අපි දෙන්නගේ ප්‍රේම පුරාණයට කාගෙන්වත් බාධක ආවෙ නැත්තෙ අපි-අපිටම හිමි වෙන බව බොහෝ දෙනා දැනගෙන හිටිය නිසාම වෙන්න ඇති. රසායන විද්‍යා ආයතනයේ සමහර කෙල්ලො මගේ පස්සෙන් එද්දි, ඒ බව පහදලා දීලා මාව සමහර වලවල් වලින් බේර ගත්තෙත් නුඹමයි. අපි දෙන්නා එදා වගේම තවමත් Team එකක්.. අපි දෙන්නා බොහෝ දේවල් කළේ එකටමයි. රසායන විද්‍යා ආයතනයේ, කාර්මික පර්යේෂණ ආයතනයේ වගේම මොන්රෝ විශ්ව විද්‍යාලයේදීත් අපි දෙන්නා Team එකක් වුනා. මොන්රෝ විශ්ව විද්‍යාලයේ අන්තර්ජාතික ශිෂ්‍යයන්ගේ දිනයේදී මම නුඹට ස්තුති කරද්දි ශාලාව දෙදරන්න අත්පොලසන් නාදයක් ලැබුනේ නුඹට.. මට නොවෙයි. ඒ නුඹ මගේ පිටිපස්සේ හෙවනැල්ලක් වගේ හිටිය බව මුව විශ්ව විද්‍යාලයම දැනගෙන හිටිය නිසා. ඒකයි අපි දෙන්නා මේ තරම් දුරක් මේ ගමන ආවේ. නුඹ නැත්තං මගේ ජීවිතයේ වැඩි කොටසක් නෑ… ඒ බව මම නොකිවුවත් නුඹ දන්නවා. මගේ සාර්ථකත්වයක් ඇත්නම්, ඒකේ ගෞරවය හිමි වෙන්න ඕන නුඹටයි.
ක්‍රිකට් ගහන්න ගිහින් තුවාල කරගෙන ආවම බැණ බැණ බෙහෙත් දාන්න, තෙල් ගාන්න වගේම ගෙදර වැඩක් අතපසු වුනාම පලු යන්න බණින්නෙත් නුඹ තරහින් නොවන බව මම දන්නවා. නුඹට වගේ තරහ නොගියත්, සමහර වෙලාවට මම කෑගහනකොට සද්ද නැතුව ඉන්නේ මට බයට නොවෙයි කියලත් මම දන්නවා. ඒ අපි දෙන්නාගේ තියෙන අන්‍යොන්‍ය තේරුම් ගැණීම.. රෑ තිස්සේ බ්ලොග් ලියනකොට නිදාගන්න කියලා මට කෑගහන්නේ නුඹ මගේ ශරීර සෞඛ්‍යය ගැන සැලකිළිමත් වන නිසා බව මම දන්නවා. කඩේ ගිහින් අපි හැමෝටම ගැලපෙන සෞඛ්යාරක්ෂිත ආහාර, එළවලු, පළතුරු ආදිය ගේන්නේ නූතන මද්‍රි දේවියක් වගේ. නුඹ මට මාතෘ භාර්යාවක් වගේම මගේ හොඳම යෙහෙළිය. ඉතින් අදට අපේ මිතුරුකමට අවුරුදු 17 ක් වෙනවා… ඉතිං මම මේ අවුරුදු ගාන හැමදාම ගණන් කරනවා… ජීවත්ව ඉන්නකං… ඒක ගොඩක් කල් පවතීවි…. ලියන්න දාහක් දේවල් තියෙනවා.. ළඟදි තව සංවත්සරයක් එනවා නේ… ඉතිරි ටික ඒකට ලියන්නම්….
කවුරු මොනව කිවුවත්, අපේ පැටියත් හදාගෙන ඔන්න ඔහේ අපි අපේ ගමන හෙමින් හෙමින් යං…. එහෙමනේ අපි හැමදාම කියන්නේ…
කියන්න අමතක වුනා අද උදේ……. ඇත්තමයි.. මම නුඹට ආදරෙයි…
සදාදරණීය,
ඇල්කෙමියා.
Posted on ජූලි 2, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 19.
හප්පා යං යං ඔහොම යං, 1994 කොහෙන්ද පටන් ගත්තේ කොලඹ කැම්පස්ද?
ඇල්කෙමි පවුලට සුභ අනාගතයක් පතනවා.
කැමතියිකැමතියි
නැහැ, රසායන විද්‍යා අයතනයේ…
බොහොම ස්තූතියි සුභ පැතුම් වලට
කැමතියිකැමතියි
සොඳුරු පවුලක්….ජයෙන් ජය ඇල්කෙමි පවුලටම!!
කැමතියිකැමතියි
බොහොම ස්තූතියි නගෝ
කැමතියිකැමතියි
ආදරණිය ඇල්කේමිච්චියක්ව ලැබුන , ඇල්කේමිටත්, ආදරණිය ඇල්කේමියකු ලැබුන ඇල්කේමිච්චිටත් මගෙන් සුබ පැතුම්…..
සමහර දේවල් සංසාරයේ පතාන එන දේවල් කියන්නේ කට කහනවට ම නෙමෙයි ….
කැමතියිකැමතියි
නම්, ගම්, ස්ථාන නාම, ඒ වගේම සමහර කරුණු සංශෝධනය කලාම ඇල්, ඔයාගෙ කතාව මට එහෙම්මම කොපි කරල මගෙ බ්ලොග් එකේ දාන්න පුලුවන් කිසිම අවුලක් නැතුව…….හෙහ්….හෙහ්,
සෙනෙහස ආදරය සපිරි හෙමින් හෙමින් යන දිග ගමනකට ආසිරි!!!
කැමතියිකැමතියි
බලාගෙන ගියාම හැමෝගෙම කතාව එක වගේ…
බොහොම ස්තූතියි..
කැමතියිකැමතියි
මගේ සුභ පැතුම්!!!
මම මේ කල්පනා කලේ මේක මගේ කථාව වගේමයි. මමත් රසායන විද්‍යා ආයථනයේ කරක් ගැහුවා කාලයක්. හප්පා හරිම සොදුරු ලෝකයක්. ඊට පස්සේ තමයි ආයුර්වේදෙට ගොඩ වුනේ. ඔබගේ ප්‍රේම පුරාණය හරිම සුන්දරයි.
ඔබ දෙපලට සහ ඇල්කෙමි පුතාට සොදුරු අනාගතයක්!!!!!!!
කැමතියිකැමතියි
කොයි කාලෙද කරක් ගැහුවෙ ?
1994 – 2000 කාලෙ නං මගෙන් ඉගෙන ගන්නත් ඇති සමහරවිට…
කැමතියිකැමතියි
අවුරුදු දහ හතක් එක දිගට ?…
ගිය ආත්මවලත් ඔබ මේ ලෙස ඉන්න ඇති
චිත්‍රා – ගාමිණී
සාලිය – මාලා වගේ වෙලා
ඊළඟට 18 , ඊලඟට 19…
සැරයටියෙන් යනෙන තුරා එකටම ඉන්න
ආශීර්වාද නුදුටු මිතුරා යතාර්වාදියාගෙන්….
කැමතියිකැමතියි
අනේ මන්දා.
මොන හේතුවකට ඈට හිත ගියාද කියන්න මම තවමත් දන්නෙ නෑ…
ඈට වඩා බොහොම ලස්සන කෙල්ලො ගොඩක් මගේ ජීවිතයට ලංවෙලා හිටියත් මේ තරම් දිග ගමනක් ආවෙ ඈ පමණයි..
පතාගෙන ආපු හැටියට තමයි ඔතාගෙන යන්නේ…
කැමතියිකැමතියි
මගෙනුත් උණුසුම් සුභපැතුම්!!!!! ඇල්කෙමියා පට්ට බ්‍රයිටෙක් වගේ 🙂
කැමතියිකැමතියි
බොහොම ස්තුතියි…
ටිකක් වෙන්න බ්‍රයිට් ඒ කාලෙ…
කැමතියිකැමතියි
ඇල්කෙමියා අයියාටයි ඇල්කෙමිච්චි අක්කටයි සුභපැතුම් ! මෙච්චර දිග කාලයක් නොසැලී දෙදෙනාට දෙදෙනා සවියක් වෙමින් මෙච්චර කල් ආවාට, ඒ වගේම පණ කෙන්ද යනකන්ම මේ සන්තෝසය හැමදාටම නොබිඳී තිබේවා… !
කැමතියිකැමතියි
බොහොම ස්තූතියි මලේ….
එහෙම හිතමුකෝ….
කවදා පණ කෙන්ද යයිද කියලා කියන්න නම් බෑ… හෙහ් හෙහ්….
කැමතියිකැමතියි
Happy Anniversary!!! But remember to practice impermanence -A Buddhist view of life…….
කැමතියිකැමතියි
Thanks Niroshi,
Those days, you were a part of this story as well,.
Remember the Hanthana trip ? Where you were slipping down for about 10-20 ft ?
We know nothing is permanent,… just living with our values and beliefs,…
කැමතියිකැමතියි
කවුරු මොනවා කිව්වත් හැම සාර්ථක මිනිහෙක් පිටිපස්සෙම ගැහැනියක් ඉන්නව… යාලුව පෙම්වතිය වෙලා, බිරිද උනාම ජිවිතේ හරිම පහසුයි… මේ අත්දැකීම මටත් තියනවා…. පරක්කු වෙලා හරි මෙන්න මගෙනුත් සුභපැතුම්… !!! ජයෙන් ජය!!!!
කැමතියිකැමතියි
වැඩිපුර නොදකින හැඟීම්බර ඇල්කේමියා මෙන්න!බොහොම ආලවන්ත විදිහට ලියවිලා තියනවා!ඔබේ කැදැල්ලේ සාමය සමගිය සැමදා පවතීවා!
කැමතියිකැමතියි