2011 ජූලි 05 : මට හිනාවෙච්ච ඇත්තන්ට, මෙන්න ඇත්ත…. නලින් සිල්වාගේ ම කටින්…


පසුගිය සතියක දවසක මම ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා බන්ධනාගාරගත වූ පසු සිදුකළ පළමු සම්මුඛ සාකච්ඡාව පළ කළ අවස්ථාවේ සමහරක් හිනා වුනා ඒ සාකච්ඡාව බොරුවක් බවත්, ආණ්ඩුව යුද්ධ කළේ දෙවි වරුන්ගේ සහායෙන් නොවන බවත්….. නමුත් මේ පිළිබඳ සත්‍ය තත්ත්‍වය පැහැදිලිව සම්මුඛ සාකච්ඡාවක් මගින් නලින් සිල්වා විසින් එලිදරවු කර තිබෙනවා මෙන්න මෙහෙම.

අප කණ්‌ඩායමේ මූලික අරමුණ රජරට නිදන්ගත වකුගඩු රෝගයට හේතුව දැනගැනීමත් ඒ සඳහා ප්‍රතිකාර හඳුන්වා දීමත් ය. එහි විවිධ අවස්‌ථාවල අපට නාථ දෙවියන් ගෙන් උපකාර ලැබී ඇත. අපි ඒ බව නො සඟවමු. නාථ දෙවියන්ට ද ඒ බව සැඟවීමේ අවශ්‍යතාවක්‌ නැත. එහෙත් නාථ දෙවියන් පිළිබඳ කතාව ජනමාධ්‍යවල සඳහන් වන්නේ විවිධ ආකාරයෙනි. ඇතැම් ජනමාධ්‍යයක පසුගිය දිනෙක කතුවැකිය ලියූ තැනැත්තා නාථ දෙවියන් මේ පරීක්‍ෂණයෙන් ඉවත් කරන ලෙසට අපට අවවාදයක්‌ ද දුන්නේ ය. එය එදින කතුවැකිය ලියූ තැනැත්තා ගේ අදහස මිස පුවත්පතේ අදහසක්‌ නො වන බව අපි දනිමු. පුවත්පතකට ඇත්තේ පුවත්පතට නිල වශයෙන් ලියන පුද්ගලයන් ගේ අදහස්‌ මිස ඊනියා වාස්‌තවික අදහසක්‌ නො වන බව දන්නා අපට එය ගැටලුවක්‌ නො වුවත් නාථ දෙවියන් අමතක කිරීමට තරම් අප ගුණමකු නො වන බව පමණක්‌ දැනට මෙහි දී සඳහන් කළ යුතු ය.

මෙහි දී සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණක්‌ වෙයි. නාථ දෙවියන් ගේ උපකාරය ලබාගෙන ඇත්තේ අප පමණක්‌ නො වේ. වෙනත් කරුණුවල දී ද නාථ දෙවියන් ප්‍රමුඛ සම්‍යක්‌ දෘෂ්ටික දෙවිවරුන් විවිධ අයට ආධාර කර ඇත. මාවිල්ආරුවෙන් ඇරඹි මානවීය මෙහෙයුම්වල දී ද එලෙස දෙවිවරුන් ගේ ආධාරය ලැබුණු බව අප පවසන්නේ ඒ මෙහෙයුම ජයග්‍රහහණය කළ රණවිරුවන්ට දිය යුතු ගෞරවය අබමල් රේණුවකින් වත් අඩු කිරීමට නො වේ. පසුව නාථ දෙවියන් ප්‍රමුඛ සම්‍යක්‌ දෘෂ්ටික දෙවිවරුන් වෙනත් කරුණුවල දී ද උපකාර වී ඇති අයුරු හෙළිදරව් වනු ඇත. එමෙන් ම මෙරට ඇතැම් නාට්‍ය අධ්‍යක්‍ෂවරුන්, චිත්‍රපට අධ්‍යක්‍ෂවරුන්, තිර රචකයන්, ග්‍රන්ථ කර්තෘවරුන්, මනුෂ්‍ය නො වන බලවේගවලින් ආධාර ලබාගෙන ඒ සඟවාගෙන සිටින අයුරින් කටයුතු කිරීමට ද අපි බලාපොරොත්තු නො වෙමු. ඔවුන් අතින් ඉඳහිට වැරැදීමකින් ඒ බව හෙළි වන අවස්‌ථා ද නැත්තේ නො වේ.”

මෙහෙමත් කියනවා….

රජරට නිදන්ගත වකුගඩු රෝගයට හේතුව ආසනික්‌ වීමට සියයට අනූ නවයක ඉඩක්‌ ඇතැයි පැවසූ අපි රජරට පොළොවට ආසනික්‌ ලැබෙන්නේ කෘෂි රසායන ද්‍රව්‍යවලින්, විශේෂයෙන් ම පළිබෝධනාශකවලින් යෑයි කීවෙමු. එහි දී ද සන්නිවේදන ගැටලු දෙකක්‌ මතු වී ඇත. අප අවධාරණය කරන්නේ පළිබෝධනාශකවල ඇති ආසනික්‌ වුවත් අද ජනමාධ්‍යවල අවධාරණය වන්නේ සහල්වල ඇති ආසනික්‌ ය. සහල්වල ද ආසනික්‌ ඇති බව අපි ස්‌ථිරව ම කියමු. එහෙත් අපේ ප්‍රශ්නය සහල්වල ආසනිත් තිබීම නො ව පළිබෝධනාශකවල ආසනික්‌ තිබීම ය.”

මෙහෙම ඇහැවුවෙ නම් අදමයි…

මේ අතර ඇතැම් පඬියන් තම පඬිකම ඉස්‌මතු කරමින් නිතර අසන ප්‍රශ්නයක්‌ ව ඇත්තේ පළිබෝධනාශක නැඟෙනහිර පළාතේත් යොදා ගැනෙන්නේ නම් ඒ පළාතේ වැසියන්ට නිදන්ගත වකුගඩු රෝගය වැළඳෙන්නේ නැත්තේ ඇයි ද යන්න ය. එයට හේතුව ද අප කිහිප වරක්‌ ම පැහැදිලි කර ඇති නමුත් ඇතැම් පඬි සන්නිවේදනලාභීන් ඒ ගැන නිසි උනන්දුවක්‌ දක්‌වා නොමැති බැවින් ඔවුහු නිතර නිතර එවැනි ප්‍රශ්න අසති. රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික්‌ වුවත් ඒ සඳහා ජලයේ විශේෂ කිවුලක්‌ හා විශේෂ පසක්‌ අවශ්‍ය වෙයි. ඒ සියලු කරුණු සපුරා ලන්නේ රජරට හා ආසන්න ප්‍රදේශ කිහිපයක ය. ඇතැම් සන්නිවේදන පඬියන්ට ද මේ කරුණු අමතක වීම ගැන අප කුමක්‌ කරන්න ද?

මහාචාර්ය ඉලේපෙරුම මහතා දන්නා රසායන විද්‍යාව අනුව කැල්සියම් අඩංගු ජලයේ ආසනික් දියවීම අඩුය. එනම් අවක්‍ෂෙප වේ (මේ ගැන මා මුලින් කියුවේ එහි අනිත් පැත්තය – ටැපලුනාට සමා වෙන්න).. ඒ අනුව ජලයෙන් ආසනික් ඉවත් විය යුතු වේ.

එසේම 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට නාථ දෙවියන්ගේ මග පෙන්වීම මහඟු පිටිවහලක් වූ බවද අපට දැන්ගන්නට ලැබී ඇත. සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ ආරම්භක පිතිකරුවන් ලෙස යොදවන්න යැයි අර්ජුන රණතුංගට සහ ඩේව් වට්මෝර්ට දන්වා ඇත්තේ නාථ දෙවියන් විසිනි.  2011 ලෝක කුසලානය ලංකාවට නොලැබුණේ නාථ දෙවියන්ට වඩා බලගතු දෙවියෙකු ඉන්දියාව වෙත එය දිනාගන්නට බලපෑම් කිරීමෙන් නාථ දෙවියන් සරෙන්ඩර් වූ නිසා බව නායක කුමාර සංගක්කාර සිය ලෝඩ්ස් හි සිදු කළ කතාවේදී ව්‍යංගයෙන් අඟවා තිබේ. ඒ අනුව ඉන්දියාවේ දෙවියන් විසින් නලින් සිල්වාගේ දෙයියන්ට කතා කරන කාන්තාව හරහා රට කරවන ඇත්තන්ට දන්වා ඇත්තේ ඉන්දියාව පැරදුනහොත් ලංකාව කෙරෙහි දැඩි තීරණ ගැනීමට සිදු වන බවත්, ඒ නිසා තරඟය පැරදී රට බේරා ගන්නා ලෙසත් ය. ඒ අනුව සංගක්කාර ආක්‍රමණකාරී ක්‍රීඩා පිටියක් සකසනු වෙනුවට ආරක්‍ෂාකාරී ක්‍රීඩා පිටියක් සකසා ඉන්දීය පිතිකරුවනට රිසි සේ ලකුණු රැස් කරන්නට ඉඩ දුන් බව පවසා ඇත.

දෙවියන් අපෙන් පින් ගන්නේ අපව පින් කරන්නට යොමු කිරීමට විනා අනෙකක් නිසා නොවන බවත් අපට දැනගන්නට ලැබී ඇත. ලිබියාවට ගහන එකත් නාථ දෙවියන්ට කියා නවත්තන්නට හැදුවත්, යැංකි දෙයියා නාථ දෙයියන්ට වඩා බලවත් නිසා ඒ වැඩේ අතෑර දමන්නට සිදු වී ඇත. සාමාන්‍යයෙන් නාථ දෙයියෝ අත දාන්නේ තමන්ට කළ හැකි දේ වලට පමණි. අපේ දේශපාලනඥයන් නාථ දෙයියන්ගෙන් ඒ පාඩම වත් ඉගෙන ගන්නවා ගම් අපූරුය.  පාතාලයේ ලොකු ලොක්කන් සිටින තැන්, ඩෙංගු මදුරු උවදුරට බෙහෙතක්, අකර්මන්‍ය රාජ්‍ය නිලධාරීන් කාර්යක්‍ෂම කරන අයුරු, දූෂිත දේශපාලනඥයන් පිරිසිදු කිරීම ආදිය නාථ දෙයියන්ගේ ඇජෙන්ඩා එකේ මීලඟට ඇති කරුණු වන නිසා ඔය කවුරු කවුරුත් පන්සල් ගොස් දෙයියන්ට පින්  අනුමෝදනා කිරීම යහපත් වේ.

කෙසේ හෝ මේ ගැන තර්ක කිරීම පසෙක ලා අප කළ යුත්තේ මේ වකුගඩු රෝගයට බෙහෙතක් සොයා ගැනීම බව පුන පුනා අවධාරණය කරනු කැමැත්තෙමි.


Advertisements

Posted on ජූලි 5, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 7.

  1. නාථ දෙවි පිහිටයි…. ආරක්සාවයි….. මරු තර්ක තමා ඈදලා දාන්නේ.

  2. ඉන්දියාවේන් කොයි දෙය්යාටත් වැටෙන පඬුරු ප්‍රමාණය අතිමහත්ය . එනිසා සක්‍ර දෙය්යන්ද ඉන්දියාවේ පැත්ත ගත් බව එක් බ්ලොග් කරුවෙක් ලියා තිබුනා මතකය

  3. “ලංකාවේ වෙසෙන අපට මේවා අමුතුදෙවල් නොවේ !!!! විද්‍යාවේ අකුරක් නොදන්නා ගැමියාගේ සිට මේ ආචාර්ය මහාචාර්ය වරුන් දක්වා බහුතර ලාංකිකයන්ගේ විශ්වාසයන් ඔය වැනිය . කට ගොන්නක් බීගෙන මාර්ග නීති ඔක්කොම කඩමින් යන රියදුරාත් දෙකට තුනට නැමී කළුතර බෝධියට හෝ මුන්නේස්සරම් කෝවිලට පඬුරක් නොදා අඩියක් යන්නට බය ඇත්තෝය !!!! දේව බලයෙන් ලෙඩ හොඳ කරන එලියන්ත වයිට් ලංකාවේ ජනාදිපති තුමාගේ වයිද්‍යවරයා පමණක් නොව ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රතිකාර කිරීමට බටහිර විශේසඥ වයිද්‍ය [ක්‍රීඩා ] අධ්‍යක්ෂක තුමාගේ අනුමැතිය ලද්දෙක්ය .ඔහුගේ ප්‍රතිකාර ගැනීමට විදේශ ක්‍රීඩකයෝ රාජ්‍ය අනුග්‍රහය යටතේ පුද්ගලික ගුවන් යානා වලින් පවා පැමිණෙති .සමහර ආගම් විශ්වාස කරන්නෝ තම දරුවාට විද්‍යාත්මක ප්‍රතිකාර නොකර දේව බලයෙන් ප්‍රතිකාර කිරීමට ගොස් දරුවන් ජීවිතක්ෂයට පත් වූ අවස්ථා එමටය . ඔවුන්ගේ අණුවන කමට සිනාසෙමින් දෙස් දෙවොල් දෙන්නෝ එවැනි අණුවන කම් නොකර නිසි ප්‍රතිකාර කිරීමට බටහිර වයිද්‍ය වරුන් වෙත තම අසාද්‍ය රෝගීන් යොමු කරති .නමුත් ඔවුන්ගේ හැකියාවන් පිළිබඳව පූර්ණ විශ්වාසයක් නැති නිසාදෝ නීති පතා බෝධි පූජාවක් කිරීමටද අතපසු නොකරන්නේ තමන් හිනා උනේ දෙස් දෙවොල් තැබුවේ මෙවැනිම විශ්වාසයක් තිබූ වෙනත් මනුෂ්‍ය කොට්ටාශයක් වෙත බව අමතක කරමිනි . මා දන්නා තරමට බුදු හාමුදුරුවන් දෙසනා කර ඇත්තේ , මා විසින් දෙසූ පලියටවත් , පොත පතේ තිබූ පලියටවත් කිසි දෙයක් විශ්වාස කරන්න එපා අත්‍ දැකීමෙන්ම පමණක් යමක් විශ්වාස කරන ලෙසටයි . අවාසානාවකට නොවන්නේද එයමයි . විද්‍යාවට වඩා දහස් වාරයක් නිවැරදි බුද්ධාගමක් විද්‍යාවෙන් ඔප්පු කිරීමට උත්සහ කිරීම ගැන දෙසනා කරන්නට අපේ මහාචාර්ය වරු පෙලබී ඇත්තේ එම නිසයි . බුධාගම වේවා වෙනත් යමක් වේවා විද්‍යාවෙන් ඔප්පුකල නොහැකිනම් එය අවිද්‍යාත්මක දෙයක් බව ඔබ හොඳාකාරවම දනී . නලින්ද සිල්වා හෝ වෙනත් අයෙකු හෝ මෙවැනි ප්‍රකාශයක් කලවිට එයට හිනා වෙන අයවලුන්ට එසේ හිනාවීමට කෙතරම් අයිතියක් තිබේදැයි මම හැමවිටම සිතා බලමි [ අර බෝධි පූජා කල අය ගැන මෙන්ම ] කෙසේ වෙතත් නලින් ද සිල්වාට හිනා වීමට අයිතියක් ඇත්තාවුන්ටද හිනා වී අවසන් වූ පසු කිරීමට කාර්යක් ඉතිරිව ඇත . ඒ පොලවේ පෙරළෙමින් අඬා වැළපීම හැර වෙන යමක් නොවේ !!!! “

  4. වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද මේ අමාරුව?

  5. අම්මපා ඔය නාථ දෙවි කතාවෙන් උනේ ඇත්තටම හොයාගත්තු දෙයක් තිබුනානම් ඒකත් චා වෙච්චි එක…..
    ලෝක කුසලානෙ සම්බන්ද තව කතාවක් තියනවා..කොහෙද තිබුනෙ කියලා මතක නෑ..
    “ලෝක කුසලානෙට කලින් දවසෙ රැපවාහිනී වැඩසටහනකට එන “ජනප්‍රිය” ජෝතීර්වේදියෙක් කියනවා “ලංකාවෙ මිලියන 20ක ජනගහනය එකසිතින් ප්‍රාර්තනා කරන්න ඕනි කාසියේ වාසිය ලංකාවට එන්න ඕනි කියලා එතකොට චිත්ත බලය හන්දා ඒක ලංකාවට ලැබෙයි”කියලා…ලෝක කුසලානෙට පස්සෙ දවසෙ මේක උපුටා දක්වන අර පුත්ගලයා කියනවා ලංකාවෙ වගේ කීප ගුනයක් ක්‍රිකට් ලෝලීන්ම ඉන්න ඉන්දියාවෙ උන් ප්‍රාර්තනා කලානම් කාසිය තාම උඩ කියලා”
    බ්ලොගේ අලුත් ඇදුම මරු ටක් ගාල ලෝඩ් වෙනවා 😀 😀 😀

  6. ඇල්කෙමියාට කිව්වාම මොකද, දැන් මාස දෙකක පමන සිට මෙරට විශ්වවිද්යා.ල වල කිසිදු වැඩක් නොකෙරේ. වසා දමා ඇති ලෙසය.ආචාර්ය, මහචාර්ය වරු සියලු තනතුරු නම්බු නාම අළුයම ලූ කෙල පිඩක් ලෙස ඉවත දමා ඇත.එතුමන්ලා සත්යග්ර හ,උපවාස,විරෝධතා, මහා ජන රැලි ආදී මෙකී නොකී සියලු දේවල් අත්හදා බලමින් පවතී. එහෙයින් සිසු දරු දැරියන්ට මේ දිනවල ලැබී ඇත්තේ අනාථ දෙවියන්ගේ කල දසාවමය.කැලනිය විශ්ව විද්යාුලයේ තත්වයමද මෙසේමය.මහාචාර්ය නලින්ද සිල්වා මැතිතුමාත් මේ දිනවල උදෙන්ම කැම්පස් ඇවිත් වඩේ එකක් කා ප්ලේන්ටී එකක් බී නාථ දෙවියන්ට සැලියුට් එකක් ගසා ගෙදර යනවා යයි මට එම සරසවියේම ඉගෙන ගන්නා මාණවිකාවක් ” සුහද පිලිසදරකදී “පැවසීය. ඉතින් මම ඔය කැලනි සරසවියේ සිටින උත්කෘශ්ඨ,කෘතහස්ත,විශිෂ්ඨ ගවේශක පර්යේෂක නෝනා මහත්තුරුන්ගෙන් අසන්නේ ” ඔච්චර කස්තිරන්,අඩව්,බල්ටි ගහන්න දෙයක්යැයි….හොද වෙලාවක් බලලා පොල් ගෙඩියක් කපුරු කෑල්ලක් පූජ කරලා අහන්නකෝ ඔය නාථ දේව මහෝත්තමයාගෙන්..අනේ අපේ පඩිය සොච්චමකින් හරි වැඩි කරගන්න හරියටම කරන්න ඕනදේ ටක්කෙටම කියලා දෙන්නකෝ කියලා…එහෙම උනානන් ලමයි අනාථ වෙන්නෙත් නැහැ..පඩියත් වැඩි වෙනවා..දැන් නෝන්ඩි වෙලා ඉන්න නලින්ද සිල්වාත් පොරක් වෙනවානේ…නැද්ද මන් අහන්නේ ?..
    නෑ මන් කිව්වේ කොහේවත් තියෙන වකුගඩු නරක් වෙන ප්රකශ්නයක් ගැන හොයන්න කලි තමන්ගේ සනුහුරේ එවුන්ට ඇතිවෙලා තියෙන බොක්ක කැඩෙන ප්රරශ්නෙ විසදලා ඉන්න එපැයි…මොකෝ මන් කියන්නේ..?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: