2011 ජුලි 06: කුමාර් සංගක්කාර සියදිවි නසාගැනීමකට ලක් වේ… මොළේ ඇති නිසා යන්තම් බේරේවි යැයි ඇල්කෙමියා ප්‍රාර්ථනා කරයි…
ඊයේ වැඩ කරන අතරේ පැය ගානක් තිස්සේ වරින් වර ඇසුවේ ලංකාවේ හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා ගේ දේශනය. සංගක්කාර කියන්නේ බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වෙච්චි ක්‍රීඩකයෙක්. ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායමේ එදා මෙදා තුර බිහිවූ දක්ෂ බස හසුරවන්නෙක් වගේම දක්ෂ පිතිකරුවෙක්, නායකයෙක් කියන එක කාටවත් අමුතුවෙන් කියාදෙන්න අවශ්‍ය නැහැ. ජාතික කණ්ඩායමට නොයෙක් වර කණ්ඩායම් නායකයෝ (captains) පත් වුනාට මේ වගේ සැබෑ නායකයෙක් (Leader) පත් වුනේ නෑ.. ඉන්දීය ක්‍රීඩකයෝ වගේ ඔළුව උදුම්මා නොගත් ඔහු බොහොම නිහතමානී “පොරක්“. සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩකයෝ වැඩි දුර ඉගෙන ගන්නේ නැති වුනත්, සංගක්කාර සිය පියාගේ අඩිපාරේ යමින් නීතියත් හදාරනවා. මේ හැකියාව සහ මොලේ ඇති සංගක්කාර මේ පාර කවුඩ්රි දේශනයට ආරාධිතයා ලෙස සහභාගි වුනේ දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්, ලාබාලම දේශකයා, සහ පළමු ශ්‍රී ලාංකිකයා යන වාර්තා තුනම තබමින්. මේ දේශනය ක්‍රිකට් වලට ආදරය කරන, ඒ පිළිබඳ උනන්දුවක් දක්වන බොහෝ දෙනෙක්ගේ ඇස් ඇරීමට සමත් වූ දේශනයක්. දේශනයේ මුල කොටසේ අපේ හිටපු විදේශීය ඇමති වරු දෙතුන් දෙනෙකුටම කරගන්න බැරි වුන දෙයක් කළ බව කාටවත් ඇසුනේ නැතිව හෝ ඒ පිළිබඳ උනන්දුවක් දැක්වූයේ නැතිව ඇති. ඔහුගේ දේශනයේ මුල කොටස වෙන් වූයේ ලංකාවේ ජාතික සමගිය වර්ධනය කිරීම ගැන. ද්‍රවිඩ ජාතික පවුල් 83 ජුලි කලබල සමයේ බේරා ගත් හැටි, ලංකාවට ත්රස්තවාදීන් කළ විනාශය ලොවට කියා පෑමට. ලංකාවේ බොහෝ දෙනෙකුට අවුරුදු ගානක් අන්තර් ජාතික දේශනයකදී කියාගන්න බැරිව තතනපු දේවල් සංගක්කාර මුල් විනාඩි කීපය තුළ අපූරුවට කියා පෑවා. නමුත් අවසාන කොටසේ ලංකාවේ දේශපාලනය සහ දූෂණය ගැන කියූ නිසා ඒ හොඳ සියල්ල අර දූෂිත දේශපාලනඥයන්ට ඇහුනේ නැතුව ඇති. මෙන්න මේ නිසා තමයි මම කියන්නේ සංගක්කාරව සියදිවි නසාගැනීමකට ලක් කරනවා කියලා. මොකද්ද මේ හරුපේ කියලා සමහර දෙනෙකුට හිතෙනවාට කිසිම සැකයක් නෑ… නමුත් සංගක්කාර – සංගක්කාර නොවුනා නම්, මෙලහකටත් ඔහු සිය දිවි නසාගැනීමකට ලක් කරලා.
සංගක්කාර අපේ බොහොමයක් දේශපාලුවන්ට වඩා නුවණ ඇති කෙනෙක් බවයි මගේ වැටහීම. අපේ දේශපාලුවොන්ට කවුඩ්රි දේශනය තියා එංගලන්තේ මරණාධාර සමිතියක දේශනයකටවත් ආරාධනා කරන්නේ නෑ… උන්ට එහෙම ආරාධනා කළත් කියාගන්න දෙයක් නෑ… දන්න මගුලක් නෑනේ.. දන්න එකම දේ තමන්ගේ මඩිය තර කරගන්න එක විතර නේ..
මෙන්න මේ නිසා දේශපාලුවො සංගක්කාරගේ අනාගතය සියදිවි නසාගැනීමකට ලක් කරන්න බොහොම ඉඩකඩ තිබෙනවා. ඒකනේ මහින්දානන්ද ඒක ගැන හොයා බලන්න කියලා ක්‍රිකට් පාලක මණ්ඩලයට කියලා තියෙන්නේ.. ලංකාවේ කිසි කෙනෙකුට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් නෑ කියලා ඔප්පු කරන්න මෙන්න මේක හොඳම සාධකයක්. මීට පස්සේ ක්‍රිකට් ක්‍රීඩකයෝ තරඟයේ වීරයා වුනාට පස්සේ මාධ්‍ය වලට කියන දේ ක්‍රීඩා අමාත්‍යංශය මගින් සහතික කරවගෙන කියන්න වෙන තත්ත්වයකට ලංකාව පත් වෙනවාට කිසිම සැකයක් නෑ…. ලංකාවේ ඇමැත්තෝ බොහොමයක් ඒ තැන්වලට සුදුස්සෝ නොවෙයි. උන්ව පත් කරන්නේ ජනාධිපති තුමාටයි අගමැති තුමාටයි තව කාටහරියි හිතෙන විදියට මිසක්, සුදුසුකම් බලලා නොවෙයි. එහෙම සුදුසුකම් බලලා පත් කරනවා නම් ඇමති මණ්ඩලයට පත් කරන්න කෙනෙක් නෑ… මොකද වැඩිපුර ඉන්නේ ජරා පප්පලා සහ මැරයෝ නේ.. මොළේ ඇති එකෙක් එතනට ආවම උගේ මොළෙත් නැති වෙනවා. මම නම් කියන්නේ බුදු හාමුදුරුවෝ ලංකාවේ දේශපාලනයට ආවත්, උන් වහන්සෙත් පගා ගහන තත්ත්වයට ලංකාවේ දේශපාලනය උන් වහන්සේව වෙනස් කරවනවා. ලාංකීය දේශපාලනය ඒ තරම් බලවත්. නමුත් රටේ බස් ගාස්තු නියමිත පරිදි පවත්වාගන්නවත්, වැඩිවන ඩෙංගු උවදුර පාලනයට ජනතාව දැනුවත් කිරීම, අදාල මදුරු මර්ධන කටයුතු කිරීම, පෙට්‍රල් ටික හරියට පිරිසිදුව බෙදන්නවත්, රටේ මෙච්චර විදුලි බලාගාර හදලා තිබුණත් විදුලිය නිසි ලෙස බෙදා හරින්නවත්, පාසැල් නිල ඇඳුම් නිසි ලෙස බෙදා හරින්නවත්, අස්වැන්න වැඩි කාලෙට එළවලු නිසි ලෙස ගබඩා කරලා අඩු කාලෙට වෙළඳ පොළට මුදා හැරලා මිල පාලනය කරන්නවත්, වසර ගණනක් තිස්සේ ඔඩු දුවන වැටුප් සංශෝධන නිසිපරිදි ක්‍රියාත්මක කරන්නටවත්, වැඩිවන මැර බලය කුඩු ජාවාරම්, ආදිය නවත්වන්නටවත්, ආදී මේ කිසිම දෙයක් කරගන්නට ලංකාවේ ඇමැත්තොන්ට මොළේ නෑ..
මෙන්න මේ නිසා තමයි සංගක්කාරගේ දේශනය අපට වටින්නේ, මේ මෝඩ රැල අතරේ මොළයක් තියෙන එකෙක් හරි ලංකාවේ ඉන්නවා කියලා පෙන්වන්නට හොඳම අවස්ථාව නිසි අයුරින් ප්‍රයෝජනයට ගත් සංගක්කාරට මගේ ප්‍රණාමය.
ලංකාවට ගොඩ බහින කොටම ජනාධිපති ආරක්ෂක අංශයෙන් හෝ අපරාධ මර්ධන ඒකකයෙන් සංගක්කාරව කුදලාගෙන නොයේවා කියලා ජූලි හය වෙනිදා ප්‍රාර්ථනා කරනවා.
Posted on ජූලි 6, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 17.
“සංගක්කාරගේ කතාව වචනයෙන් කියල ඉවර කරන්න බැරි තරම් ලස්සන , නිර්භීත එකක් ඒකෙ වචන දෙකක් නැහැ . ඒත් මම දන්න තරමට සංගක්කාර වැරද්දක් කරලා තියෙනවා . ශ්‍රීලංකා ක්‍රිකට් මණ්ඩලය සමග ගිවිසුමක් අත්සන් කරලා තියෙන තාක් කල් ක්‍රීඩකයෙකුට ක්‍රිකට් පාලක මණ්ඩලයව ප්‍රසිද්ධියේ විවේචනය කරන්න බැහැ . ඒක මම දන්න තරමට දඬුවම් ලැබිය හැකි වරදක් !!!! මාවන් අතපත්තුටත් එවැනි විවේචනය කිරීමක් සම්බන්ධව දඬුවම් කෙරුණා . අෆ්රිඩීටත් පකිස්ථාන ක්‍රිකට් මණ්ඩලයෙන් දඬුවම් කෙරුණා තමන් කොච්චර නිවැරදි සත්‍ය දෙයක් කිවුවත් සමහර වෙලාවට ඔහුට දඬුවමකට යටත්වෙන්න වේවි !!!! ඒක හරියට තමන්ට හොර අවුට් එකක් දුන්න කියල බැට්ස්මන් කෙනෙකුට තමන්ගෙ අප්‍රසාදය පලකලොත් දඬුවමකට යටත් වෙන්න වෙනවා වගේ දෙයක් .සංගක්කාර වගේ පළපුරුදු , නායකත්වයේ පවා හිටපු ක්‍රීඩකයෙක් ඒ සම්බන්දව හොඳාකාර දන්නවා !!!! ඒ හැම දේකටම මුහුණ දෙන්න සූදානමින්ම මේ විවේචනය කළා කියලයි මම හිතන්නේ . පහුගිය ලෝක කුසලාන අන්තිම තරඟයට පස්සෙ සංගක්කාර නායක කමෙන් අස්වෙන්න තීරණය කරන්න අදාළ වෙච්ච කාරණාවත් මේ ප්‍රශ්නවලට මුල් වෙන්න ඇති කියලයි මම පුද්ගලිකව හිතන්නේ !!!! ලොකු ප්‍රශ්නයක් නොවී මේ සිද්දිය ඉවර උනොත් හොඳයි !!!! එදා මෙදා තුර ලංකාවේ බිහිවෙච්ච හොඳම වමත්කාර ටෙස්ට් පිතිකරුවා සංගක්කරයි !!!! හොඳම දේශකයත් , ජාත්‍යන්තරව හොඳම ක්‍රිකට් සම්බන්දතා පවත්වාගෙන යන ශ්‍රී ලංකික ක්‍රීඩකයත් ඔහුමයි !!!! “
කැමතියිකැමතියි
හැම කාරණාවකටම එකඟයි…
සමහර විට ඔහුව විනය දඬුවමකට යටති වේවි…
ඊට වඩා වැඩි දෙයක් නොවේවා කියලයි අපි හිතන්නේ…
බලමු ඉස්සරහට..
කැමතියිකැමතියි
මට නම් හිතෙන්නේ සංගා රටේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්, අනාගතේ ක්‍රිකට් ක්‍රීඩාවට එන්න ඉන්න අය වෙනුවෙන් යනවා නම් ගහල ගියාවේ කියලා හිතලා බෙල්ල දුන්නා කියල . . .
දැන් මහින්දානන්දට තියෙන්නේ අර ලොකු කළු කන්නාඩි දෙකත් දාගෙන සංගාගේ බෙල්ල කපන එක විතරයි . . .
හැබැයි රටේ කොයි තරම් ක්‍රීඩා ලෝලියෝ හිටියත් ඒ දේ කලා කියලා මහින්දානන්දට නරක නාමයක් වත් ආන්ඩුව අස්ථාවර වෙන්නේ වත් නෑ කියන දේ ඔවුන් දන්න නිසා ඒ දේ කරන්න ඔහු දෙපාරක් නොහිතන්නත් ඉඩ තියෙනවා.
(අවුරුදු 30ක් බැටකාපු යුද්දේ දිනවන්න මහන්සි වුනු නායකයෙක් හිරේ දාලත් වගේ වගක් නැතුව ඉන්න මහජනතාවකට ක්‍රිකට් නම් මොනවද?)
කැමතියිකැමතියි
ලංකාවේ මිනිස්සුන්ට ඕනම දෙයක් මතක තියෙන්නේ සති දෙකයි – කිවුවේ ප්රභාකරන්.
කැමතියිකැමතියි
මං නං හිතන්නේ නෑ ඔය කතා සංගා කීවාය කියලා.
චැනල් 4 එකෙන් ඩබ්කරලා වගෙයි නේද?
කැමතියිකැමතියි
ඒ වගේ…. සංගා විදේශීය කුමන්ත්‍රණයකට අහු වෙලා… නැත්තං ඕක ලංකාවෙ කියන්න තිබුණනේ… මොන මගුලකටද එංගලන්තෙම කියුවේ ?
කැමතියිකැමතියි
විදේශීය කුමන්ත්‍රණයක්?
කැමතියිකැමතියි
ඔබගේ අදහස් සහ කමෙන්ට්වල අදහස් වලට 100% එකඟයි. මමත් හිතනවා. අර කියපු විදියට මේ ශ්‍රේෂ්ට ක්‍රීඩකයා පන්නලා දමාවි. හැබැයි මගේ ප්රශ්නය නම් මෙහෙම තව කොපමන කල් මේවා සිද්ද වෙයිද? අපි කවදද ශිෂට ජාතියක් විදියට නැවතත් ලෝකය ඉදිරියට යන්නේ?
ප්‍රාර්ථනා කරනවා සංගාට එවන් විපතක් නොවේවා!!!
කැමතියිකැමතියි
වෙදනෝ,
කවදද ලංකාවෙ අපි ශිෂ්ඨ ජාතියක් වුනේ…. සාමාන්‍ය මිනිහා එහෙම වෙන්න පුළුවන්. ඒත් අර කපටි සූට් එක දාගත්තාම මිනිහා නොමිනිහා වෙනවා.. මහා අපූරු බලයක් ඔය සූට් එකට තියෙන්නේ.
කැමතියිකැමතියි
මමත් දුකා අයියා කියපු දේට එකඟයි. සංගාව ටීම් එකෙන් අයින් කළොත් මිනිස්සු දවසක් දෙකක් ඒ ගැන දුක් වෙලා ඊට පස්සෙ ඒ සිද්දිය අමතක කරලා දායි. බලමුකො මොකද වෙන්නෙ කියලා.
මම ඔබතුමාට ඊමේල් එකක් එවලා ඇති ariyananda@gmail.com ලිපිනයට. වෙලා තියනවානං පොඩ්ඩක් බලන්න
කැමතියිකැමතියි
අනේ ඔව් මලයා.
දැක්කා ලියුම…. දිග පිළිතුරක් දෙන්න වෙලාවක් තිබ්බෙනෑ.. අද කොහොම හරි පිළිතුරක් ලියන්නම්…
සමාවෙන්න කල් වේලා ගත්තට… ඊ මේල් එක අනිත් ඒවා අස්සේ යට වෙලා…. අමතක වුනා….
කැමතියිකැමතියි
අයියෝ කිසිම හදිස්සියක් නෑ අයියා. වෙලාවක් ලැබුනාම රිප්ලයි කළොත් ඇති. ස්තුතියි
කැමතියිකැමතියි
කියල වැඩක් නැහැ ඇල්කෙමියා….
කැමතියිකැමතියි
දූෂිත දේෂපාලනය තුන්වන ලෝකයේ රටකට පොදු දෙයක්, මේවා කවදා ඉවර වෙයිද මන්දා 😦
සංගක්කාරටත් ලොකු කැපිල්ලක් එයි. සංගාගේ කතාව ගන්න තැනක් නැද්ද? ලින්ක් එකක් ???
කැමතියිකැමතියි
මෙතැනින් බලන්නම පුළුවන්
http://www.lords.org/laws-and-spirit/spirit/mcc-spirit-of-cricket-cowdrey-lecture/2011-cowdrey-lecture,1496,AR.html
කැමතියිකැමතියි
අගනා ලිපියක්
කැමතියිකැමතියි
I like this Diary………….
කැමතියිකැමතියි