2011 ජූලි 07 : ජූලි හතයි මල කෙළි දාසයයි. මහින්දගේ කොමන්වෙල්ත් සිහිනය නිසා මැරෙන්න යන හම්බන්තොට අලි…………………
මහින්ද රාජපක්ෂ අලින් මෙල්ල කරන්න ගත්තේ බොහෝ කාළයක සිටය. ඉඳ හිට අලි එක දෙකා බුලත් කොළය උඩ වාඩි කරගත් මහින්ද එකපාරක් දෙවනි මහ අලියා එක්ක අලි පැටවු 17 ක් ද වාඩි කරවාගෙන උන්ට කිතුල් බඩ කන්න දී තව තව ජරාව දී බුලත් කොළය හපන තැනටම ගෙනාවේය. මහ අලියාද මේච්චල් කරගෙන මහින්ද යන ගමන කාටවත් කරන්න බැරි ගමනකි. ඔහු, මහ අලියා තමන් කියන කියන පදේට නටවන්නේ හරියට නයි පනික්කියෙක් නයා නටවනවා වගේය.
මහින්ද අලින්ට කැමති වුනත් නැති වුනත් මෙන්න මේ කරන්න යන වැඩේ නං අලිම අලි ගොං වැඩකි. එනම් පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල වෙනුවෙන් නිර්මාණය කෙරෙන ක්‍රීඩා නගරය නිසා හම්බන්තොට අලි 200 ක් වෙනත් තැන් වලට ගෙන ගොස් දැමීමට ගෙන ඇති අයින්ස්ටයින් ගණයේ තීරණයයි. කොළඹ හිඟන්නන් කුදලාගෙන ගොස් කොහේ හෝ ගාල් කර තැබිය හැක, ජේවීපී කාරයන් ඇස් බැඳගෙන හෝ කුදලා ගෙන ගොස් ගඟක මූදක හෝ හිරේ හෝ දැමිය හැක. සරත් පොන්සේකා පවා හිරේ දැමිය හැක. මාළු අල්ලාගෙන ගොස් ටැංකි වල දැමිය හැක… නමුත් අලි 200 ක් කුදාලාගෙන ගොස් කැලේ අතාරින්න මහින්දට තියා සක්කරයාගේ පුතා වයිමාට වත් බැරිය. ඒ කකුල් හතරේ අලියා යනු බුද්ධිමත්, නිසල, රංචු වශයෙන් වෙසෙන සත්ත්වෙයකු බැවිනි. එසේම මේ කාරණය නිසා අලි කීදෙනෙක් පණපිටින් අදාල ස්ථානවලට යාවි දැයි සැකයක් ද මතු වේ. පසු ගියදා දළ ඇතෙකු ගෙන ගියලොරියක් කඩා විටී අලියා මියගිය කතාව හැමෝටම අමතක වී ඇතැයි සිතේ. උන්ගේ වාසස්ථාන අහිමි වීම නිසා දැනටත් පාලනය කළ නොහැකි තරමට උග්‍ර වී ඇති අලි-මිනිස් ගැටුම් තවත් වර්ධනය කිරීමේ මහා ව්‍යායාමයක් ලෙස මේ මෝඩ ක්‍රියාව දැක්විය හැක. මහින්දගේ සිහිනය හම්බන්තොට සශ්‍රීක කිරීම විය හැක. එසේ වුනත්, ඒ මාර්ගයෙන් කරන්නට යන මේ මහා මෝඩ විනාශකාරී ක්‍රියාව ගැන මොළයක් ඇති කෙනෙකුට බලා සිටිය නොහැක.
ලෝකයේ බොහෝ නගර නිර්මාණය වන්නේ පරිසරය හා බැඳුන නගර වශයෙනි. ඇමරිකාවේ වොෂිංටන් ඩී සී නගරය වටා දිවෙන 495 පාරේ වටයක් යන ඕනෑම කෙනෙකුට පෙනෙන්නේ ඒ නගර සීමාව මධ්‍යයේ වුවත් ඇති කැලෑ සහ වන උයන් ප්‍රමාණයයි. බොහෝ රටවල් පරිසරය ආරක්ෂා කරගෙන පරිසරය හා බැඳී ඉදිකරනු ලබන නගර වෙනුවට අපේ මෝඩ රැල කරන්නේ පරිසරය විනාශ කරමින්, සතුන් වෙනත් ස්ථාන වලට ගාල් කරමින් ඉදිකරන නව නගර සංකල්ප ඉදිරිපත් කිරීමයි. ලංකාවේ අලි ගහණය දැන් දැන් අඩුවෙමින් පවතින කාළයේවත් මෙවන් මෝඩ තකතිරු තීරණ ගන්නා එවුන්ට මඩු වලිගෙන් තලා එළියට දමන්නට ලංකාවේ ආණ්ඩුවේ එකෙක් වත් නැති වීම ගැන අපට ඇත්තේ කණගාටුවකි. පරිසර ඇමති (මොකා වුනත්) කටයි පුකයි දෙකම වහගෙන ඉන්නේ උගේ තනතුරට ඇති කෑදර කම නිසා වෙන්නට පුළුවන. අඩුම ගණනේ ජනාධිපති මහින්දට වත් මේක තේරෙන්නේ නැති කම එතුමාගේ තාර්කික බුද්ධිය පිළිබඳවද ගැටළු ඇති කරවයි. (අගමැති තුමා ගැන හෙට කියන්නම්)
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීමෙන් අප තව තවත් ණය වීම ඇරෙන්නට රටට ඇති සෙතක් නැත. ඒකෙන් වන්නේ ආණ්ඩුවට හේත්තු වී ඉන්නා පගා මරුවෙන්ට තවත් පරම්පරා හතකට හම්බ කර ගැනීමට පොටක් පෑදෙනවා විනා සාමාන්‍ය ජනතාවට ඇති සෙතක් නැත. ලෝක කුසලානය අවසානයේ ක්‍රිකට් පාලක මණ්ඩලය රටට ණය වීමෙන්ම රටේ ඇත්ත තත්ත්වය ඕනෑම කෙනෙකුට පෙනී යනවා ඇත. ඔය ඉදිකරන ක්‍රීඩා නගරයේ සේවය ගන්නට අපේ කොල්ලන්ට කෙල්ලන්ට අවස්ථාව නැති වන්නේ ඒ ඉදිකිරීම් බොහොමයක් ක්‍රීඩා උළෙලට පසු කිසිදු වැදගැම්මකට නැති තත්ත්වයකට පත්වී ජරා ජීරණ වන නිසාය. මාස දෙකකට පසු සියල්ල කැඩී බිඳී යන නිසාය.. අර ගම් උදාව කළා වගේම තමයි…. කෝටි ගාණක් යටකොට, නඩු කියාගෙන හදපු දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ ලයිට් මදිය, ඒකෙන් වුනේ තිලංග සුමතිපාල තවත් පෝසත් වීම පමණි. ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේද තත්ත්වය ගන්න දෙයක් නැතිය.
ඒ නිසා ඇල්කෙමියා උදේ හවා ප්‍රාර්ථනා කරන්නේ ඔය කොමන්වෙල්ත් මගුල ලංකාවට ලැබෙන්න එපා කියායි. ලැබුණොත් අපි තව තවත් ලෝකයට ණය වෙමින් අතලොස්සක් දෙනා පෝසත් වීම සහ සාමාන්‍ය ජනයා තව තවත් අගාධයට පත් වීම ඇරෙන්නට වෙනත් සෙතක් නැති. ඊට වඩා කළ යුතු දේ බොහෝය… ඒ මුදල වෙනත් කටයුතු වලට යොදා රට ඉදිරියට ගෙනයාම වඩාත් වැදගත්ය. දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය හැදීම වැනි රටකට වැදගත් ප්‍රයෝජනයක් ඇති දේකට මේ මුදල යොදවනවා නම් එය වැදගත් ය. සංචාරක කර්මාන්තයේ උන්නතියට ඒ මුදල යොදා ගැනීමෙන් දීර්ඝ කාලීන වාසි උදාගරගත හැක. ලෝකෙට පරකාසේ කරන්නට ගොස් ගෙදරට මරගාතේ වීම වැඩක් නැත. රටක් සංවර්ධනය කිරීම පරිසරය විනාශ කිරීමෙන් කළ හැක්කක් නොවේ. පරිසරය රැක ගනිමින් සංවර්ධනය කරා පා නැගීමට අපේ මෝඩ පාලකයන්ට මොළය පෑදේවා….
නාථ දෙයියන්ගේ ආනුභාවයෙන් ආඥාවෙන් අපට කොමන්වෙල්ත් ගේම්ස් සත්කාර කරන්නට නොලැබී, ඕස්ට්‍රේලියාවට ඒ තැන ලැබේවා…….
Posted on ජූලි 7, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 11.
ape rate viplawayak karala misa dan enna moda rala pannanna baaa eka sure….oya prajathanthavaadaya namata vitharai….okata ekathu wena aluth kastiyath jarawa kanawa witharai…
kiwwath wage dan nam naatha deiyangema pihitai….
කැමතියිකැමතියි
අප මේ දිනවල ඉතාමත් කාර්ය්ය බහුල වුවත් ඔබගේ කාලෝචිත ලිපි දැකි විට කට පියාගෙන සිටීම අපහසුයි. ඔබගේ අදහසට මගේ ඡන්දය 100% ලැබෙනවා. මම කලිනුත් කිව්වේ මේක බෞද්ධවත්, ශිෂ්ඨවත් රටක් නෙමේ. මෙහෙ ඉන්නේ වාද විවාද කරලා ඒත් පෙර පරිදිම එකට එලියට යන්න පුළුවන් මිනිස්සු නෙමෙයි.
ඔබ වැනි අය පවා පිටරටක සිටීමෙන් සමස්ථ මනුෂ්‍ය ජාතියටවත් සේවයක් සැලසේ යැයි සිතමි. ලංකාවේදි ඔය ලෙස හිතට එකඟව කථා කිරීම හරිම අපහසුයි. මෙහෙට ඕනෙ එහෙයියෝ. එහෙම වෙන්න බැරි නම් පාඩුවේ ඉන්න ඕනෙ නැත්නම් ඉතිං කාගේ පිහිටද මම නම් දන්නේ නැහැ.
මගේ වුවත් ලංකාවේ ඉදිරි ජීවිතයක් ගැන තාම ස්තිර නැහැ. ඒත් කොහොම කරන්නද දැන් හිත හදාගෙන් ඉන්නේ.
කැමතියිකැමතියි
අපේ රටේ අලින්ට වගේම තමා මිනිස්සුන්ටත් ඔය වැඩෙන් ඉන්න හිටින්න තැන් නැතිවෙන එක නම් සුවර්. උං ඇවිල්ලා සෙල්ලං කොරලා යයි. ඊට පස්සේ අපේ එවුන් එපැයි අලිත් එක්ක ඔට්ටු වෙන්න.
කැමතියිකැමතියි
Gold cost city akath ekka compare karaddi Hambanthota kiyannay huchakkuwak a nisaa uba baya wenna epaa Kawadaawath CG eka mhe thiyannay nhe,eyka MR dannawa hodatama,MR podi chance ekak balanawa boru wiyadam wagayak karala
කැමතියිකැමතියි
ඔබ තුමාගේ ඇතැම් ලිපි ඉතා හරවත් සහ රසවත් බව මුලින්ම කිව යුතුයි. නමුත් ලංකාවෙන් පිට රට ගොස් උගත් පඬියන්ට වන දෙයක් ඔබ තුමාටත් වී ඇති බව මනාව පැහැදිලිය. මින් මතු දන්නා දේ ගැන මිස නොදන්නා දේවල් ගැන ලියන්ට එපා.
කැමතියිකැමතියි
A well written article. Actually the reality in Sri Lanka is well described in this. Almost all Sri Lankans` are like ` Frogs in the well`. They believe everything said by the corrupted politicians. At the same time these shameless politicians, staying behind the heroic soldiers, make our people fools. I am really worried about the educated community in Sri Lanka. I wonder what are they doing. I don’t know what is the purpose of their knowledge and education, if they cant show the correct pathway to the blind community. Anyway thank you so much for at least putting up such topics in forum.
කැමතියිකැමතියි
ඔය සල්ලි වලින් 1% ක් වැය කළානම් ලංකාවෙ කැම්පස් ඔක්කොම සුපිරි තත්ත්වෙට නග්ගලා ගන්න තිබුනා. ඇරත් ඔය ක්‍රීඩා උත්සවයෙදි ලංකාව පදක්කම් කීයක් ගනීද?
කැමතියිකැමතියි
oya karana boru wada welin duk vindinne rate anagatha parapurai. e karana vinaseta dan inna hama kenekma waga kiwauthui.
කැමතියිකැමතියි
දළ ඇතා
ටිකක් විස්තර කරන්න පුලුවන්ද ඇල්කෙමියා ලියලා තියන නොදන්න දේ මොකක්ද කියලා.සමහරවිට ඔබතුමා අලි විශේෂඥයෙක් වෙන්න ඇති.එහෙම නැතිනම් මේ වගේ නොදන්න දේවල් ලියන්න එපා කියන්නේ නෑ.පිටරට ගිහින් ඉගෙන ගත්ත එක මේ කාරනයට කොහොමටවත් අදා ල නැහැ.කියල තියන ඒවා ඇත්ත.එක්කො ඔයත් දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න කෙනෙක්. තමන් කල යුතු දෙයක් වෙන කෙනෙක් කරනකොට ඒක අගය කරන්න.මේ කියලා තියන අලි එල්වන කතාවම ඇති ලංකාවට මේක නොලැබෙන්න.මමත් ප්‍රාර්ථනා කරනවා ලංකාවට මේක ලැබෙන්න එපා කියලා මොකද මීට වඩා කලයුතු දේවල් තියන නිසා.
කැමතියිකැමතියි
වටිනා කියන ලිපියක්.
කැමතියිකැමතියි
දැනටමත් කරගෙන යන අඩ්වර්ටයිසින් වලට යන ගානට කෙල වුනාට කමක් නෑ ලංකාවට මේ චාන්ස් එක නොලැබේවා කියලා තමා මාත් ප්‍රාර්ථනා කරන්නේ. හොයන්න තිබ්බ ලෝක කුසලානෙත් මේ වගේ ලාචෝරු කර ගත්ත නම් ඉතින් කොමන් වෙල්ත් ගැන කුමන කතාද? දේශපාලු ඔල මොට්ටලයන්ගේ ගෝලයෝ නම් දියුනූ වෙයි රට බල්ලට.
කැමතියිකැමතියි