2011 ජුලි 08: ඇමතිවරු කුඩු විකුණන රටක ජනතාවට යන කල දසාව……….


අපේ අගමැති තුමාට එක්කෝ අගමැතිකම එපාවෙලාය, එක්කෝ විපක්‍ෂයට යන්නට ඕනෑ වෙලාය, නැතහොත් කාත් එක්ක හරි තරහ වෙලාය, නැතහොත් ඇත්ත කියන්න යැයි කවුරු හරි බල කරලාය, නැත්තං ඉඳලා හිටලා හරි පොඩි අවධානයක් ගන්න ඕන වෙලාය. මේ මොන හේතුවක් නිසා හෝ එතුමා මාර කතා ටිකක් පසුගියදා ඇද බෑවේ කුමාර සංගක්කාර එංගලන්තේදී කියූ දේ වලට තවත් අරුතක් එක් කරමිනි.

ලංකාවේ කුඩු විකුණන ඇමතිවරු ඇතැයි කී අගමැතිවරයා කන්න නැත්නම් ස්ත්‍රී  දූෂණ වන්නේ කොහොමදැයි පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර ඇත්තේ එතුමාගේ නුවණේ බල මහිමය ලොවටම කියාපාමිනි. අපේ රට මාරම රටකි. නිළියන් ගණිකා වෘත්තියේ නියැලෙන අතර ගණිකාවන් පාර්ලිමේන්තුවේය. මන්ත්‍රීවරු සිංදු කියති, ඇමතිවරු රඟපාති, නළුවෝ පාර්ලිමේන්තුවේය. ගායකයෝ ආණ්ඩුකාරවරුය. රාජකීය වෙදාට බලපත්‍ර නැත, මන්ත්‍රී කමේ පිහිටෙන් ලොම් හැලී දත් වැටී හැරමිටියෙන් යත්දීත් සමහරු මැච් ගසති, ලංකාවෙන් හැලුන ක්‍රීඩකයෝ පිටරට ක්‍රීඩා සමාජවල ක්‍රීඩාකර තරඟාවලියේ වීරයා වන්නට තරම් සුදුසුකම් පාති. ත්‍රස්තවාදී නායකයෝ යහතින් ජීවත් වෙන අතර යුද්ධයට දායක වූවෝ හිරබත් කති. වැඩිහරියක් තානාපතිවරු ලංකාව ගැන මෙලෝ හසරක් නොදන්නා එවුන්ය. කරන මගුලක් නැති අතර තම පරම්පරාව තර කර ගැනීමට යුහුසුළු වෙති. රාජ්‍ය නිලධාරීහු මර නින්දේය. මහාචාර්යවරු වර්ජනයේය. සිසුහු දේශපාලනය කරති, ඇමතිවරු කුඩු විකුණති. ඒ බව දැන දැනත් උන් නිදැල්ලේය. කසිප්පු ගොට්ටක් අරන් පාරෙ යන කම්කරුවා මාස හයක් හිරේය. හිරේ ඉන්න පාතාල නායකයෝ රෑට රෑට උන්ගේ අඹුවන් හෝ වෙන එවුන්ගේ අඹුවන් සොයා ගොස් උදේට හිරේට යති. සමහරු හිරේ ඉඳගෙනම එළියේ ඉන්නා අයගෙන් කප්පම් ගනිති. හැම පොලිස්පතිම  පොලීසිය සුද්ධ කරන්නට කියා පටන් ගෙන තමන් සුද්ධ වී ගෙදර යති.

මේ සියල්ල මැද අපේ ජනතාව ඊලඟ ඡන්දයේදීත් සත් ගුණවත්-උගත්- නැණවත්- පිංබර-ඉඩම් හිමි වැවිලිකරු-අවංක-එඩිතර-සුවච-කීකරු- ගමේ චන්ඩියා චූටි මහත්තයාට මනාප 3 ම දී ප්‍රාදේශීය සභාවට හෝ පලාත් සභාවට පිටත් කර හරියි. උන් එතැනට ගියාට පසු ඡන්දය දුන් ඡන්දදාසලා උන්නාද මලාද නොබලයි. ඒ වුනාට උන්ගේ සහචරයනට මදි නොකියන්නට හොදි බෙදා දෙයි. ඡන්දය ඉල්ලන ඔක්කෝගේම කටේ තියෙන්නේ මහින්ද චින්තනය ශක්තිමත් කිරීමයි. විපක්‍ෂ කට්ටිය කියන්නේ පවුල් පාලනය අවසන් කිරීමයි. මහින්ද චින්තනය ශක්තිමත් කිරීම හෝ පවුල් පාලනය අවසන් කිරීමෙන් ගමට ඇති වන සෙතක් නැත. ගමට ඡන්දය ඉල්ලන එකා කළ යුත්තේ ගම හැදීමේ සලසුම් ඉදිරිපත් කිරීමයි. මේ ලංකාවේ එය එසේ නොවේ. මීට වසර කීපයකට පෙර ඡන්දය ඉල්ලන්න බයිසිකලෙන් ගෙයින් ගෙට ගිය අපේ තාත්තාගෙන් ඉගෙන ගත් සමන්ත, දැන් ප්‍රාදේශිය සභාවේ සභාපතිතුමාය. ඉස්සර ඔහු සර් කියපු අපේ තාත්තාට දැන් එතුමාට සර් කියන්නට සිද්ධ වෙලාය.  ඒත් තාත්තා ඔහුට තවමත් කියන්නේ සමන්ත කියා පමණි… දයාසොරි ජයසේකරට ගොට්ට අල්ලගෙන පස්සෙන් යන අපේ ලොකු අම්මාගේ පුතාට තාත්තා දවසක් කීවේ “අනේ පුතේ උඹලා වගේ හැම බල්ලටම සර් කියන එක කොන්දක් තියාගෙන ඉන්න මට කරන්න බෑ” කියායි.

ලංකාවේ මේ තත්ත්‍වයට වග කිව යුත්තේ අපමය. ඡන්ද 2500 ක් ලබා මහ මැතිවරණයෙන් පරාද වූ මර්වින් සිල්වා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ආවේ චන්ද්‍රිකා කුමාරණතුංගයි. ඊලඟ ඡන්දයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 250,000 ක් ගත්තේද ඒ මර්වින් සිල්වාමය. එදා මෙදා තුර මර්වින් සිල්වා රටට කළ දෙයක් නැත. එසේ වුනත් කැළණියේ ජනතාවට බොහෝ දේ  කර දී ඇතැයි කට්ටිය පවසති. ඒ නමුත් ලංකාවේ නීතිය සහ සාමය අතින් කැළණිය ආසනය අවසාන ස්ථානයේ පසුවේ යැයි මෑත කළ සමීක්‍ෂණයකින් කියැවින. සිය සැමියාගේ අනියම් බිරිඳ/පෙම්වතිය මරා දැමූ මිල්රෝයි ප්‍රනාන්දුගේ බිරිඳට ජනාධිපති සමාව ලැබුණි. මිනීමැරුමකට වැරදිකරු වූ චන්දන කත්‍රිආරච්චි සිරගෙදරය.

විශ්ව විද්‍යාලවලට ප්‍රතිපාදන නැති වුවත්, මන්ත්‍රීවරුන්ගේ වැටුප වැඩි වන යෝජනාවට ආණ්ඩුවත් විපක්‍ෂයත් භේදයක් නැතිව අත උස්සති. ප්‍රශ්න පත්‍රයක් නිවැරදිව සකසාගත නොහැකි අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් අධ්‍යාපනය පරිපාලනය කරති. කට්ටියක් ජලයේ ආසනික් ඇතැයි කියති. තවත් කට්ටියක් හාල්වල ආසනික් නැතැයි කියති. ජලයේ ආසනික් ඇතැයි කී කට්ටිය හාල්වල ආසනික් නැතැයි කී කට්ටියට විවිදයකට අඬගසති. මුන් සසඳන්නේ ඇපල් සහ දොඩම් යැයි දෙගොල්ලන්ටම නොතේරේ. කට්ටියම තම තමන්ගේ මතය නිවැරදි බව අඟවන්නට වෙර දරනවා විනා, වකුගඩු රෝගීන්ට කළ හැකි ප්‍රතිකාරයක් කියන්නේ නැත. අවම වශයෙන් නාථ දෙවියන්වත් ඒ ගැන කියන්නේ නැත.

යුද්ධය අවසන්ය. රටට සංචාරකයෝ ගලා එති. උන්ට ඉන්නට හෝටල් කාමර මදිය. හෝටල් හද හදා ඉන්න ගියොත් වසර ගණනක් ගතවේ. සංචාරක පුරවර අසල කුඩා පරිමාණයෙන් නිවාස හෝ හෝටල කුලියට ගෙන හෝ ඒ අවට මිනිසුන්ට සංචාරකයනට නවාතැන් දෙන්නට ඉඩ සලසා, දේශීයව සාමාන්‍ය ජනයාටත් මහා පරිමාණව රටටත් ආදායමක් ලබාදීමට අපේ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීනට අමතක වී ඇති බව මෑතකදී සංචාරක පුරවරයක් ආශ්‍රිතව ජීවත් වන මගේ මිතුරකු මා හට පැවසුවේය. සියල්ල මහා පරිමාණයෙන් කරන්නට ගොස් අවසානයේ පුක බිම ඇණගන්නට වෙන්නේ අපටමය. සංචාරකයින් පැමිණීම වැඩි නිසා හෝටල් කාරයෝ උන්ට හිතෙන හිතෙන ගණන් වලට හෝටල් කාමරවල මිල වැඩි කරන්නට පටන් ගෙන ඇත. සංචාරකයින්ට යන්නට ඇත්තේ ලංකාව පමණක් නොවේ. අසල්වැසි මාලදිවයින අපට වඩා අඩු මිලට උසස් සේවාවක් සපයන රටකි. අපට මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත හැක. කළ යුත්තේ මොළය පාවිච්චි කිරීම පමණි.

දක්‍ෂිණ ලංකා අධි වේගී මාර්ගය තැනීම රජයක් බොහෝ කාළයක සිට කළ ඉතාම යහපත් කාර්යයයි. මෙහි ඇතිවිය හැකි අනතුරු පිළිබඳ රියැදුරන් දැනුවත් කළ යුතුය. ලංකාවේ රියැදුරන් පැයට කිලෝමීටර 60 වේග සීමාවේ 120 ට ගියාට, 120 වේග සීමාවේ රිය පැදවිය යුත්තේ කෙසේදැයි නොදනිති. නිසි ලෙස ධාවන මාර්ගය  මාරු කිරීම (Lane change) පිළිබඳ වැටහීමක් නැත. වාහන ධාවනයේදී රියැදුරාගේ අන්ධ ස්ථානය (blind spot) පිළිබඳ වැටහීමක් නැති නිසා පිටුපසින් පැමිණෙන වාහනයේ ගැටීමේ අවදානම වැඩිය. මේ ගැන දැනුවත් කිරීම අධිවේගී මාර්ගය විවෘත කිරීමට පෙර සිදු කිරීමෙන් ජීවිත ගණනාවක් බේරාගත හැක. මෙවන් මාර්ග කීපයක් ලංකාවේ ප්‍රධාන නගර යා කරමින් තැනීම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක් පැවැත්වීමට වඩා වැදගත්ය.

කිව යුතු දී බොහෝය. මේ සියල්ල කීමෙන් ඇල්කෙමියා රාජ්‍ය ද්‍රෝහියෙක් ලෙස හංවඩු ගැහීමට බැරිකමක් නැත. බොහෝ විට රසායන විද්‍යාත්මක කරුණු සාකච්ඡා කළ ඇල්කෙමියාගේ රසායනාගාරය පවා දේශපාලන බ්ලොගයක් ලෙස හංවඩු ගැසීමට අපේ සමහර සින්ඩිකේටර කටයුතු යොදා තිබුණි. ඒවාට වාද කිරීම පළක් නැත. කියවන කෙනා මෙය කියෙවුවාවේ.  කෙසේ වෙතත් අපේ ආණ්ඩුවේ කුඩු මුදලාලිලා ඉන්නවානම් උන්ට දඬුවම් දීම රට කරවන අයගේ වගකීමකි. විපක්‍ෂයට කොන්දක් නැතිවුන පලියට පාළු ගෙයි වලං බිඳින්නාක් මෙන් ආණ්ඩු කිරීම පවතින ආණ්ඩුව පිරිහීමකට ලක් කරයි.

ලබන ඡන්දයේදීවත් මොළයක් ඇති මිනිසුන් රට කරවන්නට පත් කර යැවීමට අපේ ඡන්දදාසලාට මොලේ පෑදේවා….. නැත්නං ඉතිං උඹලා හැමදාම වල පල්ලේය… මට නං ඔබාමා ඉන්නවාය.. නැත්තං අඩුම ගානේ සේරා පේලින්ගේ සායේ හරි එල්ලී ඉන්නට පුළුවන….

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on ජූලි 8, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 33.

  1. අගේ අති ලිපියක් ඇල්කෙමියෝ . . ..

    අපි බ්ලොග් පෝස්ට් එකක් ලියා මේ අසාධාරණය පිටු දැකිය හැකි නොවේ යැයි සමහරුන් කියතත් . .

    මේ සියලු වැරදි දැක දැක කට පුක වහගෙන ඉන්නවට වඩා අපේ හිතේ දුක පහවෙන්න වත් මෙහෙම කෙලින් හිතෙන දේ ලියන එක හොඳය . . .

    නියමම ලිපියක් . ..

    රටට ආදරය කරන සැබෑ දේශ්ප්‍රේමියෙකුගේ හදවතේ රාවය මේකයි කියලයි මට හිතෙන්නේ .. . .

    කැමතියි

  2. ඇල්කෙමියෝ,
    මේ ඔයා ලියලා තියන්නේ ලංකාවට වෙලා උඩ බලාගෙන මම තනියම හිතන දේවල්නේ. මට මා ගැනම දුකයි මට මේ ටික ලියා ගනන් බැහැ. ඒත් ඔබට මම ජය පතනවා.

    “මගේ හිස නමනවා මේ ලිපියට.”

    ඔබ නම් ඔබගේ පියාගේ අතිජාත පුත්‍ර රත්නයක්.

    ජයම වේවා!!!

    කැමතියි

  3. “ලංකාවේ කුඩු විකුණන ඇමතිවරු ඇතැයි කී අගමැතිවරයා කන්න නැත්නම් ස්ත්‍රී දූෂණ වන්නේ කොහොමදැයි පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර ඇත්තේ එතුමාගේ නුවණේ බල මහිමය ලොවටම කියාපාමිනි. අපේ රට මාරම රටකි. නිළියන් ගණිකා වෘත්තියේ නියැලෙන අතර ගණිකාවන් පාර්ලිමේන්තුවේය. මන්ත්‍රීවරු සිංදු කියති, ඇමතිවරු රඟපාති, නළුවෝ පාර්ලිමේන්තුවේය. ගායකයෝ ආණ්ඩුකාරවරුය. රාජකීය වෙදාට බලපත්‍ර නැත, මන්ත්‍රී කමේ පිහිටෙන් ලොම් හැලී දත් වැටී හැරමිටියෙන් යත්දීත් සමහරු මැච් ගසති, ලංකාවෙන් හැලුන ක්‍රීඩකයෝ පිටරට ක්‍රීඩා සමාජවල ක්‍රීඩාකර තරඟාවලියේ වීරයා වන්නට තරම් සුදුසුකම් පාති. ත්‍රස්තවාදී නායකයෝ යහතින් ජීවත් වෙන අතර යුද්ධයට දායක වූවෝ හිරබත් කති. වැඩිහරියක් තානාපතිවරු ලංකාව ගැන මෙලෝ හසරක් නොදන්නා එවුන්ය. කරන මගුලක් නැති අතර තම පරම්පරාව තර කර ගැනීමට යුහුසුළු වෙති. රාජ්‍ය නිලධාරීහු මර නින්දේය. මහාචාර්යවරු වර්ජනයේය. සිසුහු දේශපාලනය කරති, ඇමතිවරු කුඩු විකුණති. ඒ බව දැන දැනත් උන් නිදැල්ලේය. කසිප්පු ගොට්ටක් අරන් පාරෙ යන කම්කරුවා මාස හයක් හිරේය. හිරේ ඉන්න පාතාල නායකයෝ රෑට රෑට උන්ගේ අඹුවන් හෝ වෙන එවුන්ගේ අඹුවන් සොයා ගොස් උදේට හිරේට යති. සමහරු හිරේ ඉඳගෙනම එළියේ ඉන්නා අයගෙන් කප්පම් ගනිති. හැම පොලිස්පතිම පොලීසිය සුද්ධ කරන්නට කියා පටන් ගෙන තමන් සුද්ධ වී ගෙදර යති.”

    ලංකාව ගැන නියම ඇත්ත මේ ඡේදයෙන් නියමෙට, කෙටියෙන් විස්තර කරලා තියෙනවා. දුකා අයියා කිව්වා වගේ නියම දේශප්‍රේමියා හිතන්නෙ මේ වගේ තමයි.

    කැමතියි

  4. සාමාන්‍යයෙන් ඇත්ත කියන්න බය වෙන්න ඕනෙ නෑ. ඒත් ලංකාවෙ ඉන්නවනම් හරි ලංකාවට යන්න ඉන්නවනම් හරි ඇත්ත කියද්දි බය වෙන්න ඕනෙ

    කැමතියි

  5. හප්ෆෝ මේ කතාව නම් සම්පූර්ණ ඇත්ත. මසුරං දාන්න වටිනවා කටේ. මිනිස්සු දන්නවා ඔය සිද්ධීන්. නමුත් වරින් වර සිහිපත් කිරීම අගෙයි.
    මන්ද බුද්ධීක හෝ කිසිවක් කර කියා ගත නොහැකි ඡන්ද දායකයින් සිටින, ප්‍රජාතන්ත්‍රවාදය ලොව ඉහලින්ම රජකරවන සිරි ලංකාව තුල මෙවැනි අමන පාලකයින් හෝ නිලධාරීන් හෝ මොනයම් කෙනෙකුට මේ භූමිය සුර පුරයකි.
    මා අදහන ලෙස මේ රටවැසියන්ගේ ඒකායන ප්‍රාර්ථනය හො සිතුවිල්ල මොවුන්ට යහපතක් නම් නොවේවා යන්නය.

    කැමතියි

  6. නියම ලිපියක් ඇල්කෙමියෝ..එත් උබට, ඔහොම හිතුනට මේ රටේ ඉන්න වැඩි හරියක්ම ඉන්නේ මර නින්දෙද කොහේද? දේශප්‍රේමි ජනතාවක් ඉන්න මේ රටේ ඔය කථා කියලා වැඩක් වෙයිද?….. 48 ඉදලා සිද්ධෞනේත් ඔය දේවල්මයි… ඉදිරියටත් සිද්දවෙන්නේ මේ දේවල්ම තමයි..

    කැමතියි

  7. සහතික ඇත්ත.!!

    නමුත් අර කිවූ කට්ටිය පාර්ලිමෙන්තුවට යවන්නේ ද අපිමය. කනවෝ කනවෝ කියා කෑ ගහන්නේ ද අපිමය.. පුදුම රටක් තමයි නේද?

    කැමතියි

  8. මුලු රටේම දෙශපාලනේ ගණිකා සේවයක් වෙච්චිකොට ගණිකාවො පාර්ලිමේන්තුවේ ඉන්න එක අහන්නත් දෙයක්ද.අගේ ඇති ලියුමක් මිත්‍රයා.

    කැමතියි

  9. honda lipiyak aththa kiyana minisun thama innawa kiya hithunama jeewath wenna asa hithenawa. obata subadawasak Alkemiya.

    කැමතියි

  10. //නමුත් අර කිවූ කට්ටිය පාර්ලිමෙන්තුවට යවන්නේ ද අපිමය. කනවෝ කනවෝ කියා කෑ ගහන්නේ ද අපිමය.. පුදුම රටක් තමයි නේද?// @ සමීර, මාත් දකින්නෙ ඕකම තමයි!

    ඉස්සර රවි කරුණානායක කැළණිය පැත්තෙන් පජාරෝ වල පාර බදාගෙන අනිත්වා යට කරගෙන යනවා කියල මගේ කැළණියේ යාළුවෙක් බැන බැන හිටියා. කැළණියට දැන් මර්වින් ඉන්න නිසා යාළුවා කර කියාගන්න බැරිව කිසිම සද්දයක් නැහැ …

    හිස රුදාව තව තවත් වැඩිවෙද්දී තව කොච්චර කාලයක් ‍කොට්ට මාරු කර කර ඉන්න ද?

    කැමතියි

  11. රටේ ජනතාව ඉල්ලා අස් වෙන්න ඕනේ මේ වගේ පරයන්ව පාර්ලිමේන්තු යවන එකට

    කැමතියි

  12. See this one;
    http://www.lankaenews.com/Sinhala/news.php?id=17649

    They should have at least given a direct link to you blog from there.

    I made a comment along that point there.

    කැමතියි

    • මමත් දැක්කා..
      මමත් ප්‍රතිචාරයක් දැම්මා කමෙන්ට් දාපු අයට ස්තුති කරලා… ඒකෙ මම මගේ ලින්ක් එක දැම්මා… ඒ මදිවට මගේ comment එකවත්approve කරලා නෑ..
      අවම වශයෙන් මාව Contact කළේ වත් නෑ.. ලිපිය දැම්මා. දානවා කියලා..
      මෙන්න මේකයි ලංකාවෙ මාධ්‍ය සදාචාරය….

      කැමතියි

  13. කතාව නම් සහතික ඇත්ත ඒත් මේ තිත්ත ඇත්ත ලංකාවේ ජන්ද දායකයෝ කවද තේරුම් ගනීද??

    කැමතියි

  14. I also commented in LEN asking to give a link to this. Previously one of my article was taken to LankaCNews. They contacted me and got permission and gave a link to my blog. Though I generally not agree with CNews and Wimal Weerawansha CNews is good than ENews in this aspect.

    කැමතියි

  15. //මට නං ඔබාමා ඉන්නවාය.. නැත්තං අඩුම ගානේ සේරා පේලින්ගේ සායේ හරි එල්ලී ඉන්නට පුළුවන….//

    මේ අපූරු ලිපියේ හොඳම තැන මෙතන. මේ කාලකණ්නි තත්වය අපි හැමොගෙම ඉරණම කියලා සාමාන්‍යයෙන් හිතෙන එක මෙතනින් අහවර වෙනවා. ඊට පස්සෙ හිතෙන්න ගන්නෙ ඇයි අපි කොටසකට විතරක් මෙහෙම වෙන්නෙ කියලා.

    කලෙකින් කියවූ හොඳ ලිපියක්.

    කැමතියි

  16. නැත්තං අඩුම ගානේ සේරා පේලින්ගේ සායේ හරි එල්ලී ඉන්නට පුළුවන….

    දැක්ක දවස ඉදන් එයාගෙ සායෙ එල්ලෙන්නනම් මටත් මාර ආසාවක් තියෙන්නෙ අයියෝ 😛

    කැමතියි

  17. ඔබේ අගනා ලිපියට, ඔබේ කර්තෘත්වය අහිමි වී තිබෙන හැටි බලන්න.

    01. http://andarademala.blogspot.com/2011/07/blog-post_3154.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+andarademala+%28%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%B6%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA…….%29

    02. http://www.elakiri.com/forum/showthread.php?t=1160214

    ඔබේ ලිපියේ සියළු ගෞරවය ‘ලංකි ඊ නිව්ස්’ නැමැති මාධ්‍ය කලාව ගණිකා වෘත්තියේ යොදවන ඊනියා මාධ්‍ය ආයතනය විසින් ලබාගෙන ඇත.

    ‍දේශපාලුවන්ගේ ලොකු ලොකු හොරකම් වලට බනින ගමන්, අහිංසක හුදී ජනයා වන අපි මේ වගේ පොඩි පොඩි හොරකං කිසිම හිරිකිතයක් නැතුව කරන්නෙමු.

    අපේ මිනිසුන්ව කිසිදිනෙක ආකල්පමය වෙනසකට ලක්කළ නොහැක. අපි දිනෙන් දින වලපල්ලට යමින් සිටින්නෙමු.

    කැමතියි

  18. නියම පොස්ට් එක අල්කෙමියෝ , ඒ වගේම ආණ්ඩුවට මඩක් ගහන්න බලාගන ඉන්න මඩ site එක enews එකට සහ අපේ දුකාට ලබා දුන්න සතුටට උබට පිං.

    “මන්ත්‍රීවරු සිංදු කියති, ඇමතිවරු රඟපාති, නළුවෝ පාර්ලිමේන්තුවේය. ගායකයෝ ආණ්ඩුකාරවරුය.”

    හත් දෙඉයනේ , මන්ත්රිලා උනාට මුනුත් මිනිස්සුනේ, සින්දුවක් කියල , රගපාල කලාකාමී උනහම මොකෝ වරද ? මොනවා කිව්වත් උබ ලියා අනුන් පල කල දේ ඇත්තය. නමුත් ඉගුරු දී මිරිස් ගැනීම එයට පිළිතුර නෙවි.

    ලබන ඡන්දයේදීත් මොළයක් ඇති මිනිසුන් රට කරවන්නට පත් කර යැවීමට අපේ ඡන්දදාසලාට මොලේ පෑදේවා

    කැමතියි

    • මරු වැඩේ කියන්නේ…. මුං කරන්න ඕන දේ කරන්නෙ නැතිව අනිත් හැම මගුලටම දක්‍ෂයි නේ… මාරම ටැලන්ටඩ් සෙට් එකක් අපට ඉන්නෙ….
      මන්ත්‍රී කමයි ඇමති කමයි විතරයි හරියට කරන්න බැරි….
      අනිත් අයත් එහෙමම තමයි… තමන් කළ යුතු දේට වඩා වෙනත් දේවල් කරන්න දක්‍ෂයි….

      කැමතියි

  19. lankawa gana dukai…
    නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ……..
    paaribogikayata deiyangema pihitai…

    කැමතියි

  20. මේ වගේ ලිපි ලිවීම ගැන කියනවනම් දුකාගෙ පළමු කමෙන්ට් එකට වඩා 100% චානකගෙ කමෙන්ට් එකත් එක්ක එකගයි.

    හැබැයි එකක්. මේ වගේ දේවල් අනුමත කරන හුග දෙනෙක් හෙට ඡන්දයක් තියෙනවා කිව්වොත් හරක් වගේ පෝලිමේ යන එක යනවා කොයි පැත්තක හරි කාට හරි කතිරෙ ගහලා එන්න…

    කැමතියි

  21. කථාව ඇත්ත.. මහ රජා නෑ කිව්වට මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු. හොද රැකියාවක් කරන්න සුදුසුකම් ඕන. නමුත් පාර්ලිමෙන්තු යන්න සුදුසුකම් අනවශයි. ඉතින් කොහොමද රටේ මිනිස්සු හදන්නෙ. යුක්තියක් නෑ බලයක් විතරයි. මේ රටේ මෝඩ මිනිස්සු වැඩි නිසා, හැමදාමත් උන් දිනනවා.

    කැමතියි

  22. ඇල්කෙමියාට මගෙනුත් සැලියුට් එකක්…!!!

    කැමතියි

  23. ඔබ දන්නා ඕනෑම ලාංකිකයෙක්ට මේ ලිපිය පෙන්වා බලන්න. ඔක්කොම කියාවි ඇත්ත නේන්නම් කියල. මේ හැමෝම දන්නව මේ ඇල්කෙමියා කියන සරල ඇත්ත. හැබැයි බිම පෙරලි පෙරලි අවුරුදු ගානක් කිව්වත් ඇල්කෙමියෝ මේවා වෙනස් නොවෙන්නෙ ඇයි කියන එක තමයි ගැටලුව.මේකට කියන්නේ ලාන්කිකයාගෙ නරුමකම.(Cynicism ) අපේ රට ඉදිරියට ගෙනියන්න එකක් තියන නායකයො වෙනුවට පබාල කුඩ්ඩො,චන්ඩි පත් කරගන්නෙ අඟහරු ලෝකෙන් මිනිස්සු ඇවිත් චන්දෙ දීල නෙවෙයි නේ. ලාන්කිකයාගෙ නරුමකම දෘෂ්ටිවාදයක් වෙලා. හැමෝම දන්නව වෙන්නෙ මොකක්ද කියල ඒත් ඒකම කරනව.( “they know it, but they are doing it anyway”)

    කැමතියි

  24. ඔබ දන්නා ඕනෑම ලාංකිකයෙක්ට මේ ලිපිය පෙන්වා බලන්න. ඔක්කොම කියාවි ඇත්ත නේන්නම් කියල. මේ හැමෝම දන්නව මේ ඇල්කෙමියා කියන සරල ඇත්ත. හැබැයි බිම පෙරලි පෙරලි අවුරුදු ගානක් කිව්වත් ඇල්කෙමියෝ මේවා වෙනස් නොවෙන්නෙ ඇයි කියන එක තමයි ගැටලුව.මේකට කියන්නේ ලාන්කිකයාගෙ නරුමකම.(Cynicism ) අපේ රට ඉදිරියට ගෙනියන්න talent එකක් තියන නායකයො වෙනුවට පබාල කුඩ්ඩො,චන්ඩි පත් කරගන්නෙ අඟහරු ලෝකෙන් මිනිස්සු ඇවිත් චන්දෙ දීල නෙවෙයි නේ. ලාන්කිකයාගෙ නරුමකම දෘෂ්ටිවාදයක් වෙලා. හැමෝම දන්නව වෙන්නෙ මොකක්ද කියල ඒත් ඒකම කරනව.( “they know it, but they are doing it anyway”)

    කැමතියි

  1. පින්ග්කිරීම: 2011 ජුලි 12 : මගේ ලිපි හොරකම් කරන්න එපා… ඉල්ලීමක් කළොත් බෑ කියන්නෙ නෑනෙ…. « ඇල්කෙමියාගේ දිනපොත | Alc

  2. පින්ග්කිරීම: මගේ ලිපි හොරකම් කරන්න එපා… ඉල්ලීමක් කළොත් බෑ කියන්නෙ නෑනෙ….ඇල්කෙමියා. « sfmlankanews

ප්‍රතිචාරයක් ලබාදෙන්න