2011 ජුලි 12 : මගේ ලිපි හොරකම් කරන්න එපා… ඉල්ලීමක් කළොත් බෑ කියන්නෙ නෑනෙ….


අනේ පින්වත් නෝනාවරුනි මහත්වරුනි.

ජුලි 08 වනදා ඇල්කෙමියාගේ දිනපොතට මා ලියූ “ඇමතිවරු කුඩු විකුණන රටක ජනතාවට යන කලදසාව” නම් ලිපියට බොහෝ ආණ්ඩු විරෝධී කණ්ඩායම් වල අවධානය යොමු වී ඇති බවක් පෙනෙන්නට ඇත.

අවවාදයයි : අදහස් බංකොලෙත්භාවය - මොළය සංකෝචනය කරවයි...

ලංකා ඊ නිවුස් අඩවිය මෙම ලිපිය පළ කර ඇති බව මට පැවසූයේ මගේ මිතුරියකි. කතන්දර ශූරීන් ද පසුව ඒ බව දැන්වීය – දෙදෙනාටම තුති. ඒ ලිපිය එහිදී 13000 කට අධික පාඨකයන් සංඛ්‍යාවක් කියවා ඇති අතර 46 දෙනෙකු ප්‍රතිචාර දක්වා ඇත. ප්‍රසිද්ධියට බොහොම ස්තූතියි – බොහෝ දෙනෙක් කියවීම පිළිබඳ සතුටුයි. නමුත් අවම වශයෙන් මට ඒ බව දැන්වීම හෝ කළ යුතුව තිබුණි. එය මාධ්‍ය සදාචාරයයි. බොහෝ දිනවල ලංකා ඊ නිවුස් හි මා දැමූ ප්‍රතිචාරයක් වත් පළ නොවූ අතර මගේ ලිපියක් මටත් හොරෙන්ම පළ වීම හරිම අපූරු ය.

තවත් බ්ලොගයක් වන අණ්ඩර දෙමළ අවකාශය මෙම ලිපියේ කෙටසක් උපුටාගෙන තමන්ගේ මෙන් පළ කර ඇත. අවම වශයෙන් මගේ ලිපියකින් උපුටාගත් බව වත් සඳහන් කිරීමට තරම් ශීලාචාර වී නැත.

මීට පෙර ඇල්කෙමියාගේ රසායනාගාරයෙහි පළ වූ “ගිණි අවි නැති ගිණිකෙළි” නම් වූ ලිපිය කව්දෝ දෙනෙක් එළකිරි ඩොට් කොම් හි තමන්ගේ මෙන් පළ කර ඇත.

මේ සියල්ල අදහස් බංකොලොත්භාවයේ රෝග ලක්‍ෂණ වේ.

මගේ ලිපි බුද්ධිමය දේපල පණතින් ආරක්‍ෂා කර නැත. මා ලියන්නේ හිට් සංඛ්‍යාව බලාගෙන ද නොවේ. මා ලියන්නේ මට හිතෙන දේ මට වෙලාව ඇති ප්‍රමාණය අනුවය. මා ආණ්ඩු විරෝධී නැත – ආණ්ඩුවට පක්‍ෂපාත ද නැත. හරි දේ සහ වැරදි දේ මා දකින විදියට මගේ ලිපි වල විග්‍රහ කරමි. ඔබේ සියළුම ප්‍රතිචාර මගේ ලිපිවල පළ කරන අතර ඒ සියල්ලෙන් මා යමක් ඉගෙන ගනිමි.

මා නිරීක්‍ෂණය කළ එක් දෙයක් නම්,  දේශපාලන ලිපි හෝ ලිංගිකත්‍වය පිළිබඳ සාකච්ඡාවන ලිපිවලට ඉහළ ප්‍රතිචාර ලැබෙන බවය. මිනිසා දේශපාලන සහ ලිංගික සත්ත්‍වයෙක් බව නැවත වරක් සනාථ කිරීමට මේ සාක්‍ෂියද  එක් කරගත හැක.

මින් පසු මගේ ලිපිවල ආරම්භයේ අයිතිය පිළිබඳ සටහනක් ලිවීමට මම කටයුතු යොදමි.

ලංකාවේ මිනිසුන්ගේ මාධ්‍ය සදාචාරය ගැනද ලිපියක් ලිවීමට සිදුවී ඇත.

අනේ මහතුනේ, මින්පසු මගේ ලිපි හොරෙන් ගන්න එපා… කිවුවනං දෙනවනේ… මොකද, මේවා ලියලා මම රජ වෙන්න යෑ….

මෙයට යටහත් පහත්,

ඇල්කෙමියා.

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on ජූලි 12, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 21.

  1. ඇල්කෙමියා,
    මමත් ඒ ලිපිය ෆේස් බුක් එකේ බෙදා හදා ගනිද්දී ලිපියේ කොටසක් මූනු පොතේ ෆේස් බුක් වෝල් එකේ දාලා තමයි කලේ. . .

    ගූගල් බස් එකෙන් බෙදා හදා ගනිද්දී වුනත් එහෙමයි . . ..

    ඒක ගැන ඔබතුමාට ප්‍රශ්නයක් නැතුව ඇති කියල හිතනවා.

    ඔබෙන් අවසර නොගෙන ෆේස්බුක් එකේ ගූගල් බස් එකේ දාපු එක වරදක් වගේ කියලා දැන් හිතෙනවා.

    සමාවෙන්න ඒකට

    ඒත් මින් මතු ඔබේ ලිපියක් ෆේස් බුක් එකේ හෝ ගූගල් බස් එකේ ශෙයා කරද්දී මුලින් ඔබෙන් අහලා ඉන්නම්.

    කොයි එකටත් හොඳයිනේ . . .

    කැමතියි

    • මම මෙතැන සඳහන් කළේ ෆේස් බුක් එකේ ශෙයා කිරිල්ල ගැන නෙවෙයි. සමහරු ඒ ලිපිය එහෙම පිටින්ම අරගෙන තමන්ගේ වගේ දානවා. ඒකයි මම කිවුවේ… ෆේස් බුක් එකේ මමත් දානවා. ඒක එහෙම දැම්මත් මුල් ලිපියට සබැඳුමක් යනවා නේ…
      මේ අය කරන්නේ කිසිම සබැඳුමක් නැතිව දාන එක…
      මට ෆේස් බුක්, ගූගල් බස් එක ගැන ප්‍රශ්න නැහැ… කැමති නම් ශෙයා කරගන්න… මට දැන්වුවේ නැති වුනාට කමක් නෑ…

      කැමතියි

  2. ලිපිය පලවීම හොඳයි, මොකද හොඩක් දෙනෙක් ඊ-නිව්ස් එකත් කියවනවානේ.
    හැබැයි වෙබ් සදාචාරය නම් ලින්ක් එකක් දැමීමයි.
    ඊ-නිව්ස් කාරයෝ මේ ගැන ලියා මා දැමූ මගේ කමෙන්ටුවත් දාලා නෑ!

    කැමතියි

  3. මමත් මේ දෙකම දැක්කා. මම ඉතා හදිසි වැඩක සිටි නිසා ඒ ගැන යමක් කරන්න බැරි වුනා. නමුත් මටත් කනගාටුයි. මෙවැනි වැඩ නොකර අර කිව්වා වාගේ කියලා ගත්ත නම් ඉවරනේ, ඒකනේ මාධ්‍ය සදාචාරය. අනේ ආයිත් එහෙම කරන්න එපා. ඒක හරි වැරදියි,

    විශේෂයෙන් අනුන්ගේ වැරදි ලියන ඉ-නිවුස් එහෙම කල එක නම් ඉතාම වැරදියි.

    කැමතියි

  4. ඊ නිව්ස් එකේ තියනවා ඇල්කෙමියාගේ නම දාලා හැබැයි පස්සෙද දන්නෙ නෑ නම දැම්මෙ.

    කැමතියි

  5. බූඩිට නම් ඔය ප්‍රශ්න නෑ නොවෑ. ඕන දෙයක් ඕන විදියට අරන් දාන්න කිසිම බාධාවක් නෑ. අල්කෙමියෝ අපිට ඕනේ හිට්ස් නෙමේ අපි හිතන දේ අපේ අදහස් කියවන්නෝ අතරට යන්න. ඒකෙන් එකෙක් හරි අනේ ඇත්තද කියලා ඒ ගැන හිතන්න පොලබවන්න පුලුවන්නම් අන්න ඒක තමා මගේ ජයග්‍රහනය. ඉතින් ඔබ තුමාත් ඒ ගැන හිතලා හිත හදාගන්න. මොන අයිතිය දැම්මත් හොරකම් කරන එකා කරනවා. කීයක් ඔට්ටුද?

    කැමතියි

    • පිළිගන්නවා ඒ සියළුම දේ…
      මම කිවුවේ අනේ මට කියලා දාන්න කියලා… එතකොට මම දන්නවනේ… ඇහුවොත් අවසර නොදෙනවා නෙවෙයි නේ…..
      ඒකයි…
      මොනතරම් අමාරුවෙන්ද මේක ලියන්නේ. ඇල්කෙමිච්චිගෙන් බැණුම් අහගෙන, උදේ පාන්දර නැගිටගෙන, එහෙන් මෙහෙන් විස්තර හොයාගෙන ලියන්නේ හැමෝටම සෙතක් වෙන්න තමයි… ඒක බෙදා ගත්තා කියලා කිසිම තරහක් නෑ….
      ඒත් ඉතිං ලංකාවෙ අපි කට්ටිය කරන්නේ මුලින් හොරෙන් අරන් පස්සේ කියන එකනේ…
      කමක් නෑ… හිත හදාගමු….

      කැමතියි

      • ඕක අපේ අයියලට විතරක් නෙමේ මේ කලාපෙටම පොදු දෙයක්,සාමාන්‍ය කරන්යක්නම් (generalization) තමා,ඒත් කිසිම හිරිකිතයක් නැතුව අනුන්ගෙ දෙයක් තමන්ගෙ වගේ පෙන්නීම අතින් අපේ කලාපෙ අය අනිත් ‘දියුණු’ රටවල්වල අයට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නෙ!!

        කැමතියි

  6. අදහසක් තමන්ගෙ ඔලුවෙන් එලියට දැම්මට පස්සෙ ඒකට අයිතිවාසිකම් කියන්න ටිකක් අමාරුයි සහෝදරයා.ඕක ලොකු දෙයක් කරගන්නෙ නැතිව දිගටම ලියන්න.

    කැමතියි

    • ඇත්ත… අන්තර්ජාලයේ පළ වුනාට පස්සේ ඕනම දෙයක් පොදු දෙයක් වෙනවා. ඒත් නිසි පරිදි පළ කිරීම ඒ අයගේ යුතුකම නේ… ඒකයි මම මෙතැන පෙන්වන්න හදන්නේ….
      මමයි කියලා මේකෙන් සල්ලි හොයන්නේ නැති බව ඇත්ත… මේක මගේ විනෝදාංශයට ලියන දෙයක්..

      කැමතියි

  7. බුද්ධිමය දේපලක් සොර කම් කිරීම නීතියෙන් දඩුවම් කරන්න පුලුවන් වරදක්.ඔවා සෙල්ලම් නෙවේ.

    කැමතියි

  8. හිතවත් අල්කෙමියා,

    මුලින්ම කිව යුත්තේ කිසිදා කමෙන්ට් කර නැතත්, මා ඔබේ අඩවියට බොහෝ විට ගොඩ වෙන බව. මේ ලිපිය දුටු විට ප්‍රතිචාර නොදක්වා යන්ට හිත දුන්නේ නැහැ, ඒ ඔබ වැන්නන්ගේ පැවත්ම සිංහල බ්ලොග් අවකාශයට අත්‍යවශ්‍ය නිසා.

    ඔබට සිදුවී ඇති අසාධාරණයට මාගේ කණගාටුව!
    එහෙත් කතන්දර මහතා කියා ඇති පරදිම වැඩි දෙනෙක් අතරට එම ලිපිය යාම හොඳ දෙයක්.

    ඒත් ප්‍රශ්නේ තියෙන්නේ වැඩි දෙනෙක් කියෙව්වත් ඔවුන් ඔබ ලියන ලිපි වල කියන දේ නිවැරිදිව තේරුම් ගන්නවද කියන එක. ඔවුන්ට එය හුදු ආණ්ඩු විරෝධී ලිපියක් පමණයි. මට තේරෙන විදිහට ඔබ කරන්නේ සාධනීය විවිචනයක් (constructive criticism), ඔබට අවශ්‍ය නැහැ ආණ්ඩු පෙරලන්න.
    ඒත් “lankaenews” වගේ අඩවි (lankacnews සහ lankaenews එකම කාසියේ දෙපැත්ත), ඒක පාවිච්චි කරනවා ඔවුන්ගේ වාසියට, ආණ්ඩුවට පහර ගහන්න.

    ඕක තමයි ලංකාවේ අවුල. තියෙන්නේ පැති දෙකයි. එක්කෝ උඹලා අපේ පැත්තේ නැතිනම් අනිත් පැත්තේ.

    “”මා නිරීක්‍ෂණය කළ එක් දෙයක් නම්, දේශපාලන ලිපි හෝ ලිංගිකත්‍වය පිළිබඳ සාකච්ඡාවන ලිපිවලට ඉහළ ප්‍රතිචාර ලැබෙන බවය. මිනිසා දේශපාලන සහ ලිංගික සත්ත්‍වයෙක් බව නැවත වරක් සනාථ කිරීමට මේ සාක්‍ෂියද එක් කරගත හැක.””

    එකඟයි, මගේ අත් දැකීමත් ඕකම තමයි.

    පොඩි යෝජනාවක්, මින් මතුවට මෙවැනි දේ නොවන්න, “අල්කෙමියා ගැන” කියන ටැබ් එකේ ලිපි උපුටා ගැනීම සහ ලිපිවල අයිතිය ගැන සඳහනක් යොදන්න. ඒවගේම ඔබව සම්බන්ධ කරගත හැකි ඊමේල් ලිපිනයක්ද යොදන්න.

    ඔබට ජය!

    කැමතියි

    • ස්තුතියි මාලන්,
      මමත් හිතන්නේ ඕනම ලිපියක් වැඩි දෙනා අතරට යාම හොඳයි, සිංහල කියන මිය යමින් පවතින භාෂාව ගොඩ ගන්න අවසාන මොහොත දක්වා අපි හැමෝම යමක් කළ යුතුයි.
      මම ඔබේ යෝජනාවට අනුගත වෙමින් ඔන්න පිටුවේ මුලින්ම පුංචි ඉල්ලීමක් කළා….
      උපුටා ගැනීම හෝ ලිපිය නැවත පළ කිරීම ප්‍රශ්නයක් නෙවෙයි, නමුත් මගේ ඉල්ලීම වන්නේ එය හරි විදියට කරන්න කියලයි..
      බලමු.

      කැමතියි

  9. මම ලියපු එව්වත් කොපි කරල තිබිල අහු වුනා. ඒක නෙවේ.. දන්නවද අළුත්ම ආරංචිය.. නියුඩ් බීච් එකක් දාන්න යනවලු.. කළුතර බෝධිය පෙනෙන නොපෙනෙන මානයේ. අපිට එච්චරයි අඩු. මුංට චන්දෙ දීපු එවුන්ට… කියල වැඩක් නෑ ඉතිං.. මට වෙලාවකට හිතෙනව ප්‍රභාකරන්ට රට දුන්න නං ඌ හදල ගනී ලස්සනට. හෙලුව නොපෙන්නා සංචාරකයො අද්ද ගන්න බැරිද ?

    කැමතියි

  10. කතාව ඇත්ත මම ඊයේ බලනකොට මගේ යාලුවෙක් ඔබතුමාගේ ලිපියේ කොටසක් දාලා මම අහලා බැලුවම කිව්වේ ඒක එයාට ආපු ඊමේල් එකක් කියලා..!! පස්සේ මම ඔබතුමාගේ සබැඳිය එතන දාලා නිහඬ උනා..!!

    කැමතියි

  11. Mr Alkemiya Onna mama mage blog eke oyage sampurna eka pala kala. Balanna,
    http://www.sfmlankanews.wordpress.com
    Thnx
    SF-m

    කැමතියි

  12. මගෙ ලිපිත් කාලයක් ඔහොම එලකිරි එකේ පළවෙලා තිබුනා. ඇත්තටම තමන් දුක් මහන්සියෙන් ලියන දේවල් අවසර නැතුව තමන්ගෙන් උදුර ගත්තාම දැනෙන දුක දන්නෙ ලියන මිනිස්සු මිසක් කොපි කරන මිනිස්සු නෙවෙයි.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න