2011 ජුලි 20: මම ඔහු ඉදිරියේ නිරුවත් වීමි.


හොඳටම දාඩිය දාලා නේද ?

නෑ මේ වතුර…. නාපු ගමන් ආවේ…

දැන් බඩත් ටිකක් අඩු වෙලා නේද ?

ඇයි ඉතින් පොරොන්දු වුනා නේ ජුලි මාසෙ වෙනකොට අඩු කරගන්නවා කියලා…

රැවුලත් ටිකක් වැඩියි…. ඉන්න… මම රැවුල කපන්නම්…..

(ඔහු මගේ රැවුල කපයි……)

මට ඔයා ගැන බොහොම ආඩම්බරයි…

ඇයි ?

මහන්සි වෙලා ව්‍යායාම කරලා ඇඟපත හරි ආකාරව තියා ගන්නවා නේ…

ඉතින් ඔයාගෙත් වෙනසක් නෑනෙ….

ඒත් තව බඩ පොඩ්ඩක් අඩු කරගත්තොත් තමයි හොඳ….

වැඩ වැඩියි… ඉස්සර වගේ හැමදාම ව්‍යායාම් කරන්න වෙලාවක් නෑ….

කොහොම හරි වෙලාව හොයා ගන්න…. ව්‍යායාම් නොකර ඉන්න එක ඔයාගෙ ඇඟට හොඳ නෑ…..

මේ දවස්වල පිහිණුම් තටාකය ඇරලා නිසා පීනන්න යනවා…

ඒකත් හොඳයි…

නරකම නෑ… හොඳට මහන්සි වෙනවා….

දැන් ඉතින් හොඳ ළමයා වගේ තුවාය ඇඳගන්න…. මෙහෙම ඉන්න එක හොඳ නෑනෙ….

(ටක් ටක් ටක්….. තාත්තා… මට චූ බරයි… දොර අරින්න බාත් රූම් එකේ….)

මම, ඔහු ඉදිරියේ නිරුවත් වීමි........

මම කණ්නාඩියෙන් පෙනෙන මගේම ප්‍රතිබිම්බයෙන් සමු ගතිමි……………….

(වලත්ත විදියට හිතුවා නම් නිවැරදි කරගන්න…… මේක හැමෝම කරන දෙයක්)

Advertisements

Posted on ජූලි 20, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 6.

  1. කවුරුත් වැරදියට හිතන එකක් නෑ. ඔබ මගේ ඊළඟ ලිපිය ලියන්න කළමණා සැපයුවා.

  2. කණ්නාඩියෙන් වුනත් පේන විදිහ 100%ක්ම නිවරදි නැති කතාවක් මම කොහෙදි හරි කියෙවුවා… ඒත් ඉතින් අපිට ඒ ඇති නෙව.

  3. ඕක කන්නාඩියෙන් බලන්න ඕන එකක්යැ…. පහල බැලුවනම් පේනවනෙ…

  4. තමන්ට තමන් ගැන බලාගන්න හොඳම තැන තමයි නාන වෙලාවට කන්නාඩියෙන් ප්‍රතිභිම්භය දකින එක. ගොඩක් හරි වැරදි තේරුම් ගන්න හොඳ විදිහක්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: