Daily Archives: ජූලි 23, 2011
2011 ජුලි 24 : ෆැරන්හයිට් 104ක උෂ්ණත්‍වයක (40 C) ලංකාවෙ පොරවල් ටිකක් ක්‍රිකට් ගැහුවලු….
අනේ අපිටත් තියෙන අමාරු…. ඇමරිකාවේ බොහෝ ප්‍රාන්ත හරහා මේ දවස්වල තාප රැල්ලක් (heat wave) යනවා . මේ තාප රැල්ලේ තාප අංකය (Heat Index) ඒ කියන්නේ ඇඟට දැනෙන උෂ්ණත්‍වය 125 F (52 C) පමණ වුනා… ඒ දැඩි රස්නය මැද්දෙත් වොෂ්ංටන් ඩී සී – වර්ජිනියා – මේරිලන්ඩ් ප්‍රාන්ත වල හිටපු අපේ ක්‍රිකට් උණ කාරයෝ ටික සත් සාමාජික ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වුවා. රස්නය නිසාම වැඩි සෙනඟක් ආවෙ නැතත්, ක්‍රීඩකයොන්ගේ උනන්දුව නම් අඩු වුනේ නැහැ.
හැමෝගෙම කතාව වුනේ ලංකාවෙ නම් මෙච්චර රස්නෙ නැහැ නේද කියලා. ඇත්තෙන්ම ලංකාවෙ උෂ්ණත්‍වය මුහුදු සුලං හැමීම නිසා සමනය වෙනවා. මා මෑතකදී ලංකාවට ගියේ නැති වුනත්, එහි සිටින සහ ගිය සමහරු නම් කියන්නේ ලංකාවත් දැන් දැන් රස්නෙයි කියලායි. බොහෝ දෙනෙකුගේ අදහස නම් වැඩිවන ගෝලීය උණුසුම (Global Warming) හමුවේ මේ අසාමාන්‍ය කාලගුණ වෙනස්කම් ඇති වනවා කියලා – ඒකට මමත් එකඟයි. පසුගිය අවුරුදු 10 ඇතුලත ඇමරිකානු කාලගුණ රටාවේ පවා පැහැදිලි වෙනසක් දක්නට ලැබෙනවා.
විද්‍යාඥයින් පවසන අන්දමට ලබන වසර 10 ඇතුලත ගෝලීය කාලගුණ රටාවේ විශාල වෙනස්කම් රැසක් සැදු විය හැකි වකවානුවක්…
මිනිසා පරිසරය වනසන තරමටම පරිසරයත් මිනිසාට දඬුවම් කරනවා. පරිසරය ආරක්‍ෂා කරමින් ගෙවූ දිවිය අතහැර මිනිසා ආත්මාර්ථකාමී වීම තුලින් පරිසරයට විශාල හානි පැමිණුනා. සතා සීපාවාට යන එන මං නැති කර මිනිසාට පරිසරය විසින්ම යන එන මං නැති කරන්නට පටන් අරගෙන….
ඇඟටත් හරිම මහන්සියි… වැඩිපුර ලියන්න දෙයක් ඇත්තෙත් නැහැ…
පරිසරය ගැනත් පොඩ්ඩක් හිතලා බලමු…. මොන දේ වුනත් අපට ඉන්න තියෙන්නේ මේ ලෝකෙ විතරනේ….