2011 ජුලි 27 : පුරුද්ද ඇබ්බැහි වීමක් කරා ගිය කළ………………


මේ දවස්වල දිනපොත ලියන්න හම්බ වුනේම නෑ… අළුතෙන් ලිපියක් ලියනවා. එක වෙලාවකට හිතෙනවා මේක නිෂ්ඵල ලිපියක් කියලා… මොකද කියනවා නම් ඒ ලිපියට මූලාශ්‍ර කියවගෙන යනවිට මගේ තර්කයේ යම් යම් හිදැස් තියෙනවා නේද කියලා මටම හිගෙනවා. ඒත් මගේ තර්කය වෙනස් කරලා මෙය අදහස් දැක්වීමක් පමණක් බවට වෙනස් කරලා ලියන්න තීරණය කළා.

බොහෝ විට මේ ලිපියත් පත්තරයක නොයන්න ඉඩකඩ වැඩියි. ඒත් එය ඇල්කෙමියාගේ රසායනාගාරයේ පළ වේවි පසු කාළෙක. මේ දිනවල රෑ වෙනකල් ලියුවේ ඒක… ඇල්කෙමිච්චි සමහර වෙලාවට කැගහනවා මොනවද කොටන්නේ කොම්පියුටරයට හැමතිස්සෙම කියලා… පුරුද්ද නතර කරන්න අමාරුයි… දැන් නම් ලියන එක පුරුද්දකටත් වඩා ඇබ්බැහිවීමක් වෙලා..

ඕනම පුරුද්දක් දිගින් දිගටම කෙරෙනවිට ඇබ්බැහි වීමකට පරිවර්තනය වෙනවා කියලා මම කොහේදෝ කියවලා තිබුණා. දුම් බීම, මත්පැන් බීම සුළුවෙන් පටන් අරගෙන නවත්තන්න බැරි තරමට ඇබ්බැහිවීමක් බවට පත් වෙනවා. සමහරු කියවන්න ඇබ්බැහි වෙනවා. පොතපත කියවීම නම් හොඳයි, නිකරුණේ කියවීම නම් භයානකයි. සමහරු බලන්න ඇබ්බැහි වෙනවා. චිත්‍රපටි, ටෙලි නාට්‍ය රූපවාහිනිය ආදී දේ ඇබ්බැහි වුනොත් ටිකක් අමාරුයි. ඇමරිකාවෙ ඉන්නා සමහරු රූපවාහිනී බලන්න කොච්චර ඇබ්බැහි වෙලාද කියතොත් තමන්ගේ බර රාත්තල් 500 ක් ඉක්මවා යනකල් පුටුව උඩට වෙලා කනවයි රූපවාහිනී නරඹනවයි හැරෙන්න මොනවත් කරන්නේ නෑ… ඒ අයට සිංහලෙන් කියන්නේ Couch Potatoes කියලා… අන්තිමට රෝහලට ගෙනියන්න වෙන්නේ ගෙදර උළුවස්ස කඩලා…

මේ අතර වඩාත් භයානක ඇබ්බැහි වීම් නැතුවාම නොවෙයි. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම භයානකයි. බේරීම හරිම අමාරුයි… එයට හොඳ පුනරුත්ථාපනයක් මෙන්ම නැවත එය නොකරන්න තද හිතක් තිබිය යුතුමයි. සමහරු ලිංගික ක්‍රියා වලට ඇබ්බැහි වෙනවා. මෙය ඉතාම භයානක වන්නේ බොහෝ දුරට තමන්ගේ සහකරු/සහකාරිය එයට අවනත නොවුන අවස්ථාවල. බොහෝ දෙනෙකුගේ ලිංගික අවශ්‍යතා එක සමාන නැහැ. මේ නිසා බොහෝ දෙනෙකු අතර නොගැලපීම් ඇති වෙනවා. එසේම බොහෝ ‍දෙනා ඒ පිළිබඳව විවෘතව කතා කරන්නෙත් නැහැ. මේ නිසා පවුල් අවුල් වගේම අමාරුවේ වැටීම් ද වැඩියි. මේ ඇබ්බැහිවීමට වඩාත් වැඩියෙන් භාජනය වෙන්නේ පිරිමි වුනත් සුළු ප්‍රමාණයක් ගැහැණුන් ද අධික ලිංගික ක්‍රියාකාරීත්‍වයක් දක්වන නිසා ලිංගිකත්‍වයට ඇබ්බැහි වීමක් දක්වන බව වාර්තා වල සඳහන් වෙනවා. X-files වැඩසටහන් මාලාවේ මුල්ඩර් ලෙස රඟපෑ ඩේවිඩ් ඩක්නොව් මෙසේ ලිංගිකත්‍වයට ඇබ්බැහි වූ කෙනෙක්. දැන් ඔහු පුනරුත්ථාපනය වෙලා කියලයි කියන්නේ.

සමහරු සූදු කෙළිමට ඇබ්බැහි වෙනවා. එවිට සේසතමත් නැති වෙලා තමනුත් නැති වෙනවා. මේ සියළුම ඇබ්බැහි වීම් වලට හේතුව තමන් තමන්ට පාලනය කරගැනීමට නොහැකි වීමයි. ඒ සඳහා තමන් හරිහැටි කවුද කියලා හඳානාගැනීම වැදගත් වෙනවා. ඉතින් අනුන් හඳුනාගන්නට පෙර තමන් කවුද, තමන්ගේ අවශ්‍යතා, දක්‍ෂතා, දුර්වලතා ආදිය හඳුනාගැනීමෙන් තමන්ගේ අනාගතය සැලසුම් කරන්නට පුළුවනි.

තවත් සමහරු පරිඝණකවලට, අන්තර්ජාලයට, අසභ්‍ය පින්තූර, ෆේස්බුක් එකට, වීඩියෝ ක්‍රීඩා වලට, සේවා ස්ථානවලට, ආගම දහමට, කෑමට, ව්‍යායාම වලට, ආදී මෙකී නොකී බොහෝ දේ වලට ඇබ්බැහි වී සිටිනවා. මේ ඇබ්බැහි වීම් ගැන දන්නේ තමන්ම තමයි.  මේ බොහෝ ඇබ්බැහිවීම් පාලනය කරගන්නට බැරි වුනාම වැඩ දුරදිග යනවා. සමහර විට ජීවිතය පවා නැති වෙන්නට පුළුවනි. මේ ඇබ්බැහි වීම් වලක්වාගන්නට සේවා සපයන ආයතන බොහොමයක් තැන තැන තියෙනවා.

මම කියවීමට හරියට ඇබ්බැහි වෙලා ඉන්නේ… යමක් කියවන්න ගත්තාම වටපිට සිදු වන කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. එක වතාවක් නුගේගොඩ ගම්සභා හන්දියේ අපි පදිංචි වෙලා ඉන්න කාළෙක ගේට්ටුව අයිනේ ඉඳන් පොතක් කියවනවිට මගේ ළඟින්ම හොරෙක් ගිහින් වැලේ තිබුණ රෙදි එක්කොම අරගෙන ගිහින්.. එදා නම් ඇති වෙන්න බැණුම් ඇහුවා…..

මම කියවීමට ඇබ්බැහි වෙලා ඉන්න අතරේ ඒ මනුස්සයා හොරකමට ඇබ්බැහි වෙලා…. ලෝකයක හැටි…

තවත් දවසක දින සටහනකින් හමුවෙමු…

Advertisements

Posted on ජූලි 27, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 5.

  1. මගේත් කියවීම දැන් ඇබ්බැහියක් වෙලා තියන්නේ. පොඩි කාලේ මට විශේෂයක් නැහැ, අහුවෙන ඕනෙම දෙයක් කියවන්න පුළුවන්. ඒ නිසාම මාගාව පොත් නොයෙක් ලිපි ලේඛන අති විශාල ප්‍රමාණයක් එකතු වුනා මටත් නොදැනීම.
    දැන් වෙද හාමිනේ මට තේකක් එහෙම ගෙනත් ඩුන්නොත් බොනකන් ලඟට වෙලා ඉන්නවා. නැත්නම් ආයිත් එනකන්ම ඒක එතන.
    මේ කොම්පියුටර ආවට පස්සේ දැන් මාලඟ ඊ-පොත් සෑහෙන්න තියනවා. ඒත් මේ ඇබ්බැහිය මට නම් හරිම සුන්දරයි. වෙදහාමිනේත් මට කරදර කරන්නෙ නැහැ.

    • අනේ ඉතං ඇල්කෙමිච්චි නං එක පාරක් දෙපාරක් කියලා දමලා ගහලා යනවා… තේ එක නිවිලා දෙපාරක් විතර රත් කළාට පස්සේ තමයි බොන්නේ… හැරත්, ඇල්කෙමිච්චිට පැටියගේ වැඩ තියෙනවා නේ ගමකට…
      මං ගැන බලන්න වෙන්නේ ඉතිං සෑට සෑට තමයි… හෙහ් හෙහ්….

  2. ඇබ්බැහියෙන් ගැලවෙන්න නම් යමක් පුරුද්දක් කර නොගන්න!!!

  3. මම අද කමෙන්ටුවක් දාන්නේ ඇල්කෙමියාගේ දිනපොතේ මේ පිටුවට අදාල දෙයක් නම් නෙමෙයි. ඇල්කෙමියා අයියාට නොසෑහෙන්න පින් දෙන්න. ඔන්න අපේ ප්‍රතිඵලත් ආව. මමත් පාස්. උදේ රෑ බලන්නේ නැතුව මගේ රටේ නැති inorganic/organo transition metal chemistry/ organic ප්‍රශ්ණ වලට උත්තර හොයලා දිලා, ඩෙ0ගු හැදිල final exam ඇණගෙන mentaly වැටිලා ඉදිද්දි උදව් කරලා exam ගොඩ දාල දුන්නට පින් ඇල්කෙමියාට පින්. මම හිතන්නේ මම කොච්චර වදයක් උනාද කිව්වොත් මගේ ගැන ඇල්කෙමියා දින පොතේ පිටුවකුත් ලිව්වා. කරපු හැම උදව්වකටම ආපහු වතාවක් හුගක් පින්. දැරනියගල සර් කියනවා වගේ අයියා නම් ජීවිත කාලයේ මනුස්සයෙක්ට අහම්බෙන් දකින්න ලැබෙන හොද හිතක් තියන දක්ෂ පු0චි මනුස්සයෙක්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: