Daily Archives: අගෝස්තු 3, 2011

2011 අගෝස්තු 03 : ගෙදර ළමයින්ට කන්න නැතුව ඉඳිත්දී අහළ පහල ගෑණුන්ට රත්තරං මාල අරන්දීම නොහොත් ඇමරිකාවේ ආර්ථික අර්බුධය


මේ දිනවල ඇමරිකාවේ ජනමාධ්‍ය වලටත්, දේශපාලනඥයන්ටත් හරිම බිසී ය. ඇමරිකාවේ ණය පලහිලව්ව කෙළවර වෙයිද නැත්ද කිය කියා බලා සිටි ජනමාධ්‍ය ඒක කෙළවර වූ පසු ඉස්සරහට වෙන්නේ මොකද්ද කියා හූල්ලති.

මහ ලොකුවට කියෙවුවට අපි වගේම ඇමරිකාවත් ලෝක බැංකුවෙන් ණය ගන්නා රටකි. මේ ණය ගැනිල්ල කොච්චරද කියතොත් දැන් ඩොලර්ම ට්‍රිලියන 15 ක් විතර ණය වෙලා ඇත… ඉතින් මේ ණය කෙසේ වුනත් ඇමරිකාව කවදත් පොර වෙන්නට ගොස් ඉල්ලං කාපු රටක් බව අපේ දේශ ප්‍රේමී ජනතාව හිතේ තබා ගත්තොත් හොඳය.

ඇමරිකාව අහක හිටපු සදාම් හුසේන්ට ගහන්න ගොස් අම්බානක වියදම් කරගත්තේය. ඉරාකයේ වැඩියෙන් සල්ලි තිබුණත් ඉරාකෙ සාමය නංවන්න ඇමරිකාව අතින් වියදම් කරගෙන මහන්සි වේ. ලිබියාවට මොන ප්‍රශ්නෙ තිබුණත් ඇමරිකාව අතින් වියදම් කරගෙන සාමය උදාකරන්න තතනයි. හරියටම ගෙදර පොඩි එවුන් බඩගින්නේ අඬත්දී අහල පහළ ගෑණුන්ට රත්තරං බඩු අරන් දෙනවා වගේමය.

මේ සිද්ධිය නිරාකරණය කරගන්න ඇමරිකාවේ දේශපාලනඥයෝ රෑ දාවල් නැතුව මහන්සි වුනේ හරියට අපට ආදරේටම වගේය. ඇමරිකාවේ දේශපාලුවොන්ට මොලේ තරමක් හෝ තිබීම මහ ප්‍රශ්නයකි. අපේ ගොබ්බයෝ ටික වගේ ජනාධිපති තුමා කිවුවාම තොපි අත උස්සපල්ලා කියලා මොන කෙහෙම්මලකටද අත උස්සන්නේ කියා බලන්නේ නැතිව අත උස්සන ජාතියේ දේශපාලුවෝ සෙට් එකක් ඇමරිකාවටත් හිටියා නං ඔබාමාත් පොරක් ය…

මුංට හැම මගුලම හරියට ඕනෑය.. ඒත් කරන මගුලකුත් නැත… හැම දේම අන්තිම මොහොත වෙනකල් අත ගගා ඉන්නවාය… මේ වෙලාවට අපේ දේශපාලුවෝ ටික අපට දාහෙන් සම්පතක් ය කියා හිතෙන්නේය.

දැන් නං මොලේ පෑදිලා ද කොහෙද පිට රට ඉන්න හමුදා වල වියදම් අඩු කරන්න කල්පනා කරලා ය… ඉස්සරහට අපටත් හොඳ කල දසාවක් යාවි කියා හිතමින් අදට සමු ගන්නෙමි.

ප.ලි. ඊයේ දිනපොතට තද වෙලා ඒකම පෝස්ට් එකක් ලියාගෙන.. ඒ ගැන මගේ කිසිම සම්බන්ධයක් නැත….

Advertisements
%d bloggers like this: