2011 අගෝස්තු 03 : ගෙදර ළමයින්ට කන්න නැතුව ඉඳිත්දී අහළ පහල ගෑණුන්ට රත්තරං මාල අරන්දීම නොහොත් ඇමරිකාවේ ආර්ථික අර්බුධය


මේ දිනවල ඇමරිකාවේ ජනමාධ්‍ය වලටත්, දේශපාලනඥයන්ටත් හරිම බිසී ය. ඇමරිකාවේ ණය පලහිලව්ව කෙළවර වෙයිද නැත්ද කිය කියා බලා සිටි ජනමාධ්‍ය ඒක කෙළවර වූ පසු ඉස්සරහට වෙන්නේ මොකද්ද කියා හූල්ලති.

මහ ලොකුවට කියෙවුවට අපි වගේම ඇමරිකාවත් ලෝක බැංකුවෙන් ණය ගන්නා රටකි. මේ ණය ගැනිල්ල කොච්චරද කියතොත් දැන් ඩොලර්ම ට්‍රිලියන 15 ක් විතර ණය වෙලා ඇත… ඉතින් මේ ණය කෙසේ වුනත් ඇමරිකාව කවදත් පොර වෙන්නට ගොස් ඉල්ලං කාපු රටක් බව අපේ දේශ ප්‍රේමී ජනතාව හිතේ තබා ගත්තොත් හොඳය.

ඇමරිකාව අහක හිටපු සදාම් හුසේන්ට ගහන්න ගොස් අම්බානක වියදම් කරගත්තේය. ඉරාකයේ වැඩියෙන් සල්ලි තිබුණත් ඉරාකෙ සාමය නංවන්න ඇමරිකාව අතින් වියදම් කරගෙන මහන්සි වේ. ලිබියාවට මොන ප්‍රශ්නෙ තිබුණත් ඇමරිකාව අතින් වියදම් කරගෙන සාමය උදාකරන්න තතනයි. හරියටම ගෙදර පොඩි එවුන් බඩගින්නේ අඬත්දී අහල පහළ ගෑණුන්ට රත්තරං බඩු අරන් දෙනවා වගේමය.

මේ සිද්ධිය නිරාකරණය කරගන්න ඇමරිකාවේ දේශපාලනඥයෝ රෑ දාවල් නැතුව මහන්සි වුනේ හරියට අපට ආදරේටම වගේය. ඇමරිකාවේ දේශපාලුවොන්ට මොලේ තරමක් හෝ තිබීම මහ ප්‍රශ්නයකි. අපේ ගොබ්බයෝ ටික වගේ ජනාධිපති තුමා කිවුවාම තොපි අත උස්සපල්ලා කියලා මොන කෙහෙම්මලකටද අත උස්සන්නේ කියා බලන්නේ නැතිව අත උස්සන ජාතියේ දේශපාලුවෝ සෙට් එකක් ඇමරිකාවටත් හිටියා නං ඔබාමාත් පොරක් ය…

මුංට හැම මගුලම හරියට ඕනෑය.. ඒත් කරන මගුලකුත් නැත… හැම දේම අන්තිම මොහොත වෙනකල් අත ගගා ඉන්නවාය… මේ වෙලාවට අපේ දේශපාලුවෝ ටික අපට දාහෙන් සම්පතක් ය කියා හිතෙන්නේය.

දැන් නං මොලේ පෑදිලා ද කොහෙද පිට රට ඉන්න හමුදා වල වියදම් අඩු කරන්න කල්පනා කරලා ය… ඉස්සරහට අපටත් හොඳ කල දසාවක් යාවි කියා හිතමින් අදට සමු ගන්නෙමි.

ප.ලි. ඊයේ දිනපොතට තද වෙලා ඒකම පෝස්ට් එකක් ලියාගෙන.. ඒ ගැන මගේ කිසිම සම්බන්ධයක් නැත….

Advertisements

Posted on අගෝස්තු 3, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 11.

  1. “ඇමරිකාව අතින් වියදම් කරගෙන සාමය උදාකරන්න තතනයි. හරියටම ගෙදර පොඩි එවුන් බඩගින්නේ අඬත්දී අහල පහළ ගෑණුන්ට රත්තරං බඩු අරන් දෙනවා වගේමය.”

    මසුරන් කියුමකි. දැන් දැන් අපිද එසේමයි. ලංකාව නොවැ ආසියාවේ ආශ්චර්ය්‍ය,
    (ඔබගේම කලින් අර ආන්දෝලනාත්මක ලිපිය මතකනේ ගනිකාවෝ පාර්ලිමේන්තුවේ, යන වැකිය තිබුන, අන්න එහි කියූ පරිධිම )
    දැන් අපිට ඉන්න සැට් එකෙන් ඔයිට වඩා බලාපොරොත්තු වීම අපේ මෝඩකමකි.

  2. චානුක වත්තේගම

    මින් මාස කිහිපයකට ඉහත ජනප්‍රිය මතය වූයේ 2008 “ගෝලීය” ආර්ථික අර්බූදය නිමා වී ඇති බවත්, ඇමෙරිකාව ඇතුළු ඉන් දරුණු ලෙස බැට කෑ රටවල් දැන් අතීතය පසෙක ලා අනාගතය උදෙසා ප්‍රතිසංස්කරණ කටයුතු පටන් ගෙන ඇති බවත්ය. මේ මතයට එරෙහිව එක්තරා දුරෙකට හෝ අදහස් දැක්වූයේ TIME හා The Economist සඟරාවන් පමණෙකි. දැන් පෙනෙන්නේ ඔවුන් නිවැරදි බවයි. වර්තමානයේ යුරෝපයේ හා ඇමෙරිකාවේ ඇති වී තිබෙන තත්ත්වය මේ “ගෝලීය” අර්බූදයේම පමා වූ (එනම් කාපට් එක යටට අතු ගෑ දැමූ) ප්‍රතිඵලය. තවත් වසර ගණනාවක් යනතුරු ලෝකය ඒ අර්බූදයේ ප්‍රතිඵල වලින් බැට කෑම නොවැළක්විය හැකිය. ඇමෙරිකාවට අවශ්‍ය නම් ඒ හානිය අවම කළ හැකි (ජනප්‍රිය නොවූ ) පියවර ගණනාවක් ගත හැකිය. නමුත් ජනාධිපතිවරණයක් ඉදිරියේ තබාගෙන එවැන්නක් කිරීමට තරම් ඔබාමා නිර්භීත නැති බවකි පෙනෙන්නේ.

    ඇමෙරිකාවට මෙබඳු ව්‍යසනයකට මුහුණ දෙන්නට වන බැව් කාලයකට පෙර අරුණිගේ බ්ලොග් එකේ සටහන් කළ විට ඇගේ ආඩම්බරකාර ප්‍රකාශය වූයේ මේවායි ගොඩ ඒම ඇමෙරිකාටව ටොයිස් වැඩක් බවය. ඇගේ නොදැනුවත්කමට හා මෝඩ දේශප්‍රේමයට අනුකම්පා කරමි.

    • ඇමරිකාව පාලනය වන්නේ ආමරිකානු ආණ්ඩුවෙන් නොවන නිසා කිසිවක් කරකියාගත නොහැකි තත්ත්‍වයට ආණ්ඩුව පත් වී ඇත. තෙල් මිල පාලනය කරන්නේ බහු ජාතික සමාගම් වලිනි. ඔවුන් වසරකට බිලියන ගණන් ලාභ ලබන අතර තෙල් මිල අඩු කරන්නැයි ආණ්ඩුවෙන් කෙරෙන ඉල්ලීම් සත පහකට ගණන් නොගනී.
      අනෙත් අංශ ද එසේමය. සෞඛ්‍ය රක්‍ෂණ ප්‍රශ්නය ඔඩු දිවූ පිලිකාවකි. එය රක්‍ෂණ සමාගම් සහ රෝහල් අතර බෙදී ගිය මාෆියාවකි.
      ආහාර ඇතුළු සියළුම දේ දවසින් දවස සතයෙන් සතය ඉහළ යයි. කිසිදු භාණ්ඩයක මිල පහළ නොයයි.

      මේ සඳහා බොහෝ පිළියම් ඇතත්, ආණ්ඩුව සී අයි ඒ ආයතනයෙන් සහ බහු ජාතික සමාගම් මගින් පාළනය වෙන නිසා කිසිවක් කළ නොහැක. පිටින් සිට බලන අයට පෙනෙන්නේ ඇමරිකානු ආණ්ඩුව බලගතු ආණ්ඩුවක් ලෙසයි.. නමුත් ඇත්තටම අපේ කුඩා රට මීට වඩා ස්වාධිනව ජනතාවට හිතැති තීරණ ගනී.. එකම දේ අපට එය පෙනෙන්නට නැති කම සහ අපේ ලාංකිකයා ලිං මැඩියන් සේ සියල්ල දකින නිසායි.

  3. ඇමරිකාවේ තියෙන සම්පත් බලපුවාම මේ වගේ දෙයක් වෙයි කියල හිතන්නවත් පුළුවන්ද ? කැනඩාව , ඕස්ට්‍රේලියාව , ස්විට්සර්ලන්තය ආර්තික වශයෙන් ශක්තිමත්. ඇමෙරිකාව ගොඩ ගන්න නම්;
    1 නීති විරෝධී සංක්‍රමණය නවත්වන්න ඕන.
    2 ගොඩ එනතුරු අල්ලපු ගෙදර ඕනෑ එපා කම් සොයා බලන එක නවත්වන්න ඕන.
    3 නුසුදුසු අයට වෙල්ෆෙයා ගෙවන එක නවත්තන්න ඕන.
    4 ආනයන සීමා කරන්න ඕන.

  4. ඇමරිකාවට සිද්ද වී ඇත්තේ අධි පරිභෝජනවාදයේ අනික් කෙලවරට සෙට් වීම ද?

  5. ලොකු අය්යලටත් වැඩ වරදිනවා එහෙනම් . ඇල්කෙමිය එක්ක එකඟයි . බැලු බැල්මට අපිට පෙන්නේ අපේ වැරදි . අනික් රටවල් හොඳයි . ඒත් කොතනත් අඩුපාඩු තියෙනව . අපේ අතලොස්සකට හරි උසස් අධ්‍යාපනය නොමිලේ ලැබෙනවා . එව්වා අහල මෙහෙ එව්වෝ හුල්ලනවා . හරක් වගේ දේශපාලුවෝ එක්කත් අපේ රට මෙච්චර රැකිලා තියෙන එක ගැන අපි සතුටු වෙන්න ඕන .

    චිනේ පැත්තෙන් ඇත මාරුවක් ඉල්ලා ගන්න බැරිය ඇමරිකාවට . වියට්නාමෙන් බඩ පිරෙන්න කාලත් අනුන්ගේ ගෙවල් වලට හොට දාන එක නවත්වන්න බැරිවුනානේ ,.ඇමරිකාව සම්පුර්ණයෙන් නරකයි කියනවා නෙමේ . දෙවෙනි ලෝක යුද්ධෙදි සැහෙන සේවයක් කළා . අභ්‍යවකාශ තාක්ෂනය වගේ ඉසව් වලින් කල දේවල් ඉතා ඉහලයි .මන් අකමැති ඇමරිකාව ලෝක පොලිස් කාරය වෙන එකට විතරයි

  6. ඇල්කෙමියා, චානුක රටක ණය ගැන අනුභුතිකව ඔබ සිතන විදිය එතරම් නිවැරිදි නොවෙයි නේද? ඇමරිකාව ලොව විශාලතම ණය කරුවා ලෙස කියන විට අපි අමතක කරන දෙය නම් ලොව ලොකුම සල්ලිකාරයාද ඇමරිකාව කියන සත්‍යයයි.වෙනත් විදියකින් කියන්නේ නම් රටක ණය හැම විටම සලකා බැලිය යුත්තේ රටේ දල ජාතික නිෂ්පාදණයට සාපේක්ෂව කෙතරම් විෂාල අනුපාතයක් ද යන්නයි. මෙලෙස බැලූ විට ඇමරිකාවේ ණය ලොව අන් සංවර්ධිත රටවල් වලට වඩා අඩුය. ජපානය,ඉතාලිය සිය දල ජාතික නිෂ්පාදණයට වඩා ණය ගනී,කැනඩාව ජර්මනිය ප්‍රන්ශය මෙලෙස බැලූ විට ඇමරිකාවට වඩා ණය බරින් මිරිකෙයි.ඇමරිකාව තුල විදේශ සෘජු ආයෝජන(Foreign direct investment in the United States) තවමත් එහි මුලු ණය ප්‍රමාණයට වඩා වැඩිය.
    //නමුත් ඇත්තටම අපේ කුඩා රට මීට වඩා ස්වාධිනව ජනතාවට හිතැති තීරණ ගනී.. //
    මෙයද අපි ගිලගෙන ඇති තවත් විෂාල ලණුවක්ය. අනුභූතිකව බැලූ විට “ජනතාවට හිතැති තීරණ” ලෙස බැලූ බැල්මට පෙනෙන සුභ සාධක මිනිසුන්ගේ චන්ද ගැනීමට හොඳ වුනත් දීර්ඝ කාලීනව රටකට කරණ යහපතක් නැත.

  7. ද. ජා. නි. ට ප්‍රතිශතයක් ලෙස ගත් විට ලොව රටවල් වල ණයගැති බව.
    http://en.wikipedia.org/wiki/List_of_sovereign_states_by_public_debt

    ලොව රටවල් වල සෘජු විදේශ ආයෝජන(FDI) ගලා ඒම
    http://en.wikipedia.org/wiki/List_of_countries_by_received_FDI

    ලොව රටවල් වල දල ජාතික නිෂ්පාදණය
    http://en.wikipedia.org/wiki/List_of_countries_by_GDP_(nominal)

    ඇමරිකාව තවමත් ලොව අංක එකේ රට නොවේද? ඇමරිකාව ඇඳෙන් බිමට වැටෙන තුරු පැදුරේ නිදියගෙන දාවල් හීන දකිනවාට වඩා අපිත් ඇඳක් හදා ගන්නේ කෙසේදැයි අවධානය යොමු කිරීම අපි කාටත් යහපතක් වන වැඩකි.

    • සමහර කතා වලට මමත් එකඟයි… නමුත් ඔබට මතකද ඇමරිකානු බැංකු කඩන් වැටුනේ ඇයි ද කියලා?
      ඔවුන්ට බොරු දත්ත ඉදිරිපත් කරලා ණය ලබා දුන් අය නිසා නේද ?
      කොහොම වුනත් ඇමරිකාව තවමත් අංක එක බව හැබෑව… කොච්චර කල් මේ තත්ත්‍වය තියෙයිද කියලා නම් හිතන්න අමාරුයි…
      මම මේ කිවුවෙ ඇමරිකාව තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කළොත් මේ තත්ත්‍වයෙන් ගොඩ එන්න හැකියාවක් ඇති බව විතරයි.
      කොහොම වුනත් අපේ රටවල් දෙන සහණ නැතිනම් මේච්චර සාක්‍ෂරතාවයක් වගේම අපේක්‍ෂිත ආයු කාලයක් තියෙන්නට පුළුවන්ද ?
      සල්ලි දීලා ඉගෙන ගන්න සහ සෞඛ්‍ය සේවා ලබන්න පුළුවන් කීයෙන් කී දෙනාටද ?

  8. සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔබ සමග එකඟ වෙමි .ලංකාවේ අර්ධ වශයෙන් සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය රජය මගින් පාලනය කර අඩක් පුද්ගලික අංශය ට පවරා දිය යුතුය. උදාහරණයකට 0 සිට උසස් පෙල දක්වා රජයේ පාසල් උසස් අද්‍යාපනය දියුණු රටවල මෙන් පුද්ගලික කර අඩු ආදායම්/දුප්පත් ලමයි සඳහා රජයෙන් ශිෂ්‍යත්ව ලබා දිය හැක.
    ඇමරිකාවට දැන් අවශ්‍ය ලෝකයේ සුසමාදර්ශය වෙනස් කරන නව නිපැයුම් බිහි කිරීම‍යි. I am waiting for next Albert Einstein. may be its you.(how about anti-gravity chemical from our alchemiya)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: