2011 අගෝස්තු 04 : මිනිස් ජීවිත උකසට තබන මේ අයට දෙන දඬුවම් මොනවාද ?


අද දිවයින පත්තරේ තිබුණ මේ ප්‍රවෘත්තිය දැක්කාම මොනවා ලියන්නද කියලා හිතාගන්න බැරි වුනා. ඒ තමයි රෝහල් වලට ගෙනාව බාල සේලයින් එක් ලක්‍ෂ හැට දාහක් රෝහල්වලට බෙදලා කියන පුවත. මේ සේලයින් දෙන්නේ රෝගීන්ට. මේ රෝගීන් කිසිකෙනෙක් මේ පිළිබඳව දන්නෙත් නෑ… රෝහල් බලධාරීන් ඒ ගැන වැඩිදුර අවධානයෙන් සිටියෙ නැතිනම් රෝගීන් කිහිප දෙනෙකු මේ නිසා මිය යන්නත් ඉඩ තිබුණා…

ලංකාවේ සෞඛ්‍ය සේවය නොමිලේ ලබා දෙන සේවයක් බව ඇත්ත. එසේ වුනත් එම සේවාව නිසි පරිදි ක්‍රියාවේ යෙදවෙන්නේ නැත්නම් ඒ සේවයෙන් බලාපොරොත්තු වන කාර්යය සිදු වන්නේ නැහැ. අපේ රටේ සමහර දොස්තරවරු හිතන් ඉන්නේ ඒ අයට වඩා ලොක්කෙක් නැහැ කියලා. ඔවුන් සිතන්නේ නැහැ තමන්ගෙන් බෙහෙත් ගන්න එන රෝගියාගේ මානසිකත්‍වය. ඒ මනුස්සයාගේ තත්ත්‍වය. මේ නිසා සමහරවිට බොරුවටත් සැර දානවා. ඒ අතරේ දෙවිවරු වගේ දොස්තරවරු නැතුවාමත් නොවෙයි. ඊට හපන් අපේ නර්ස් නෝනලා… තදවුන ගමන්මයි ඉන්නේ… පොඩ්ඩ ඇත්නම් සැර දානවා… කරුණාවන්ත නර්ස් නෝනා කෙනෙක් දැක්කොත් ඒ බොහොම කලාතුරකින්. ඒ වගේමයි අමාත්‍යාංශයේ ඉන්න කට්ටිය. තමන්ට ගාණ වැටෙනවා නම් මොන බේහෙත ගේනවද කියලා ප්‍රශ්නයක් නෑ.. ලෙඩ්ඩු 100 ක් මැරුණත් කමක් නෑ ගමන්ගේ ගතමනාව ලැබෙනවා නම්.

දොස්තරලත්, නර්ස් නෝනලත් යන මේ දෙගොල්ලන්ටම හොස්ස ලඟින් මැස්සා යන්න බැහැ වර්ජනය කරනවා. හැබැයි මේ අයගේ වර්ජනය නිසා අසරණ වන රෝගීන්ගේ පැත්ත ගන්න හෝ මිය යන රෝගීන් වෙනුවෙන් වගකීමක් දරන්න කවුරුවත් නැහැ. ඒ වගේමයි වෛද්‍යවරුන් අතින් සිදුවන අතපසුවීම් නිසා සිද්ධවන අවාසනාවන්ත සිදුවීම්.. මේ කිසිවක වගකීමක් දරන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නෙත් නැහැ. කවුරු හෝ ඒ පිළිබඳ ක්‍රියා කරනවා නම් ඊට විරුද්ධව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හෝ වෙනයම් පිළිවෙතකින් වැරදිකරුවා ආරක්‍ෂා කරන්නත් ඔවුන් පෙළඹෙනවා.

ලංකාවේ බොහොමයක් දේ වගකීමකින් තොරවයි සිදු වෙන්නේ. පොලීසියට ගෙනයන අපරාධකරුවා මාංචු දාගෙන සිටින අතරේ සැඟවූ අත් බෝම්බයක් විසි කරන්න ගොස් වෙඩිපහර කා මිය යන්නේ ලංකාවෙ විතරමයි. පොලීසියට මාංචු දාපු සිරකරුවෙක්ගෙන් ආරක්‍ෂා වෙන්නවත් බැරි තරමට දුර්වල වෙලා. මේ කිසිම අපරාධකරුවෙක් කකුලට හෝ මාරාන්තික නොවන ස්ථානයකට වෙඩි තබා මෙල්ල කරගන්න නොහැකි තරමට අපේ පොලීසිය අසරණයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉන්නේ ප්‍රශ්න පත්‍රයක් හරියට හදාගන්න බැරි බලධාරීන්.. ඒ වුනාට එක විෂයට නිලධාරීන් 25 ක් විතර ඉන්නවා…. ඒ බොහොමයක් දෙනා මැති ඇමති වරුන්ගේ හෙංචයියෝ…

ලංකාවෙ බොහොමයක් උසස් ස්ථාන ලැබෙන්නේ නුසුදුස්සොන්ට වෙන්න ඇති. හැම දේටම එක නිලධාරියාට වැඩියෙන් ඉන්නවා. ඒකයි ඇමති මණ්ඩලයෙත් සෑහෙන ගණනක් ඉන්නේ. ඒ කිසිකෙනෙකුට හරියට වැඩක් කරන්න බැරි නිසා වෙන්න ඇති එකම විෂය කොටස් කීපයකට බෙදලා දීලා ඇත්තේ.. ඒ වුනත් කාගෙන්වත් හරියට වැඩක් කෙරෙන්නෙ නෑනෙ.. යුද්ධයෙන් පස්සේ අපූරුවට ගොඩ නඟන්න තියෙන රටයි මේ කට්ටිය කිසිම වගකීමක්, දැක්මක් නැතිව කාලා දාන්නේ… ඇත්තෙන්ම මේ ගැන දුකක් දැනුනත් මෙහෙම කතා කරනවා මිසක් අපි මොනවා කරන්නද ?

මෑතකදී පළ වුන වාර්තාවක් අනුව අල්ලස් ගත් චීන දේශපාලනඥයන් දෙදෙනෙකුට චින අධිකරණය විසින් මරණිය දණ්ඩනය නියම කරලා තිබුණා. අපේ රටේ එහෙම නීතියක් ගෙනාවොත් කීදෙනෙක් ඉතිරි වෙයිද ?

ගණන හදන්න ඔබටම බාර කරමින් අදට සමු ගන්නවා…

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on අගෝස්තු 4, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 6.

  1. මුලින්ම කියමි මේ සිරි ලංකාවයි. ආසියාවේ අළුත්ම ආශ්චර්ය්‍යයි. ඒ නිසා එංගලන්තේ එහෙම වුනත්, ඇමරිකාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. මේකෙ වෙන්නේ මේ ලෝකෙ නැති දේවල්ය. ඒ නිසා අපි යන්තම් අපේ ආශ්චර්ය්‍ය අනිත් අයට කිට්ටු කරන්න බැරි තරම් ඉහලට ඔසවා තබා ඇත.

    කැමතියි

  2. ඔය පාතාලේ ඉන්න උන් නම් ඉතින් ඔහොම මරලා දාන එක හොදයි. නැත්නම් ඉතින් උන් හිරේ ලැගලා පස්සේ නිදහස් වෙලා ආයේ පරණ ගේමම නේ දෙන්නේ. ඒක නිසා ඔය විධිහට ඕන කරන දේ අහගෙන වෙඩි තියල දාන එක ඉතාම හොද වැඩක්.

    කැමතියි

  3. මට පේන්නෙ ඇල්කෙමියා කාලයක් රටින් පිට හිටපු හින්ද අපේ රටේ විස්ත්‍ර දන්නෙ නෑ වගේ..

    හිත්න්න එපා ඕක ලේසියෙන් අරී කියල.. ඕවටම දෙන්න හදපු මහ භයානක දඬුවම් විසේසයක් තියෙනව එහේ…
    .
    .
    .
    .
    ” වහාම විශේෂ පරීක්ෂණ කමිටුවක් පත්කිරීම… !! “..

    කැමතියි

  4. හොඳ වෙලාවට එහෙම නීතියක් නොතිබුනේ. එහෙම උනානම් අද මං නෑ [මයෙ සීය ගම්මුලෑදෑණියෙක්] 😀 😀

    කැමතියි

  5. http://www.divaina.com/2011/08/07/feature12.html
    ඇල්කෙමියෝ දිවයින පත්තරෙන් බලල අපේ අයත් මේව හදල බිව්වොත් තමයි වැඩේ

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න