2011 අගෝස්තු 11 : ඩෙංගු වැඩි වුනා කියලා සෞඛ්‍ය ඇමති මක් කරන්නද ?


ලංකාවෙ දැන් අළුත්ම ප්‍රවණතාවය තමයි නව සොයාගැනීම් වැඩි වැඩියෙන් කිරීම. නාථ දෙයියෝ පානීය ජලයේ ආසනික් සොයාගත්තා වගේ (ප්‍රස්ථා පිරුළක් එහෙම නොවෙයි) අපේ විවිධ පර්යේෂකයෝ සාම්ප්‍රදායික සිංහල විද්‍යාව භාවිතා කරලා අළුත් සොයාගැනීම් කරනවා හිටු කියලා. ලංකාවෙ ඩෙංගු වැඩි වීමට සෞඛ්‍ය ඇමතිගේ සම්බන්ධයක් නැති බව අළුත්ම සොයාගැනීම් වලින් වාර්තා වෙනවා. මේ බව සොයාගෙන තියෙන්නේ බස්නාහිර පලාතේ පරිසර ඇමති උදය ගම්මන්පිල මැතිතුමායි. වැඩි විස්තර මෙතැනින් බලන්න. මෙයට හේතුව ගෝලීය උණුසුම වැඩි වීම විනා සෞඛ්‍ය ඇමතිගේ සම්බන්ධයක් නැති බවයි එතුමාගේ පර්යේෂණයෙන් කියවෙන්නේ.

සහතික ඇත්ත ! ඒ කියන්නේ සැටිපිකේට් ටෘත්.. හැබැයි මේක ඇත්තටම ඇත්තද ? ඇල්කෙමියා මේ වගේ කාරණා පොඩ්ඩක් වැඩිදුර හාරලා අවුස්සන්න කැමති නිසා පොඩ්ඩක් වැඩිදුර විමර්ශනය කළා.. මෙන්න වාර්තාව.

මදුරුවෝ මැස්සෝ වගේ සතුන් වැඩි වශයෙන් ජීවත් වෙන්නේ ඝර්ම කලාපීය දේශගුණයක බව ඇත්ත.  පරිසර උෂ්ණත්‍වය වැඩි වෙනකොට  මේ සත්ත්‍ව විශේෂවල පරිවෘත්තීය ක්‍රියා වේගවත් වී කෘමි විශේෂවල වර්ධනය වැඩි විය හැකි බව ද ඇමරිකන් නැචුරලිස්ට් නම් සඟරාවේ පළ වූ ප්‍රවෘත්තියක් උපුටා දක්වන  ලයිව් සයන්ස් නම් වෙබ් අඩවිය වාර්තා කරනවා. පරිවෘත්තීය ක්‍රියා වැඩි වීම නිසා වැඩිපුර කෘමි ජනගහනයක් ඇති වීම මෙන්ම කෘමීන් සිය වර්ගයා බෝ කිරීමේ ක්‍රියාවලිය ද වේගවත් වන බව සඳහන් වෙනවා. එයින් සඳහන් කෙරන්නේ මැලේරියා සහ අනෙකුත් කෘමීන් මගින් පැතිරෙන රෝගවල සහ රෝග කලාපවල වැඩි වීමක් දැකිය හැකි බවයි. මෙය රෝග බෝ වීමට පමණක් බලපාන කරුණක් නොවෙයි. වගාවට හානි  කරන කරන කෘමීන්ගේ වර්ධනය වැඩි වීම නිසා වගා හානි ද වැඩි විය හැකි බව ඉන් සඳහන් කෙරෙනවා. මෙයට පෙර මැලේරියාව වාර්තා නොවුනු ප්‍රදේශවල එම රෝගය වාර්තා වීම වැනි දේ ආශ්‍රිතව මෙම නිගමන වලට පැමිණ ඇති බවයි ඉන් සඳහන් වෙන්නේ.

නමුත් මේ මැසි මදුරු විශේෂ දීර්ඝ කාලීනව ගෝලීය උණුසුම වැඩි වීමට ඔරොත්තු දෙයිද, වඳ වී යයිද කියලා නම් දැන්ම කියන්න බැරි බවයි ඔවුන් සඳහන් කරන්නේ….. මෙපමණ කළක් ජීවත් වුන ලෝකයේ වැඩිම ජනගහනයක් ඇති සත්ත්‍ව කොට්ඨාසය වඳවී යයි කියලා නම් හිතන්න අමාරුයි. පරිසර උෂ්ණත්‍වය වැඩි වීම නිසා මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වීම. වර්ෂාව වැඩි වීම නිසා කෘමි වර්ධනය වැඩි වීම වැනි කරුණු ඍජුවම ගෝලීය උණුසුම වැඩි වීමට බලපානවා. මෙය විහිළුවක් ලෙස සමහරු සිතුවත් උදය ගම්මන්පිල මහතා එක්කෝ අන්තර්ජාලය ඇසුරු කර හෝ වෙනත් ක්‍රමයකින් මේ තොරතුරු ලබාගෙන මේ ප්‍රකාශය කර ඇති බවයි හැඟෙන්නේ.

කෙසේ වෙතත් ලංකාවේ අපි සැමගේ ප්‍රවණතාවය තමයි හැම වැරුද්දම දේශපාලනඥයන් පිට දමන එක. අප අවට ගෙවත්ත, පාර අයිනේ කාණු ආදිය පිරිසිදු කරන එක මහනගර සභාවට භාර දීලා අපි කම්මැලි කමට ගෙට වෙලා ඉන්නවා…. අහල පහල කෙනෙක් ඩෙංගු වලින් මැරුණාම බණින්නේ නගරාධිපතිට…. එළවළු මිල වැඩි වුනාම බණින්නේ වෙළඳ ඇමතිට.. ගෙදර තියෙන ඉඩේ පොඩ්ඩක් වගා කරගන්න හිතෙන්නෙ නෑ…. මේ නිසා අප අවට පරිසරය නිසි ලෙස කළමණාකරණය කර පවත්වාගෙන යාම, ජලය එකතුවන ස්ථාන අවම කිරීම, පිරිසිදු ජලය එකතු වන ස්ථානවලට මදුරු නාශක දියර/සබන් වැනි දෑ දැමීම මගින් මගින් මදුරුවන් බෝ වීම අවම කිරීම වැනි දෑ මගින් මේ ව්‍යසනය අවම කරගන්නට පුළුවන්.

ඩෙංගු වලින් මැරෙණ ගාණට වඩා වැඩි සංඛ්‍යාවක් වාහන අනතුරු වලින් මැරෙනවා කියලා මම එක වතාවකදිත් කිවුවා… මේවා ඉතින් කවුරුවත් ඇඟිල්ලෙන් ඇනලා කියලා දෙන්න ඕන දේවල් නෙවෙයි…

Advertisements

Posted on අගෝස්තු 11, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 6.

  1. 100 ට 100 ක් ඇත්ත. ලංකාවේ වැරැද්ද තියෙන්නේ මිනිස්සුන්ගේ හිතන පතන විදිහේ.

  2. ඒක හරි ලංකාවට ඕනෙ ආකල්පමය වෙනසක්. ඒත් ඕක තේරුම ගන්නේ කීයෙන් කී දෙනාද? අනික් කාරනේ තේරුම් ගත්තත් ඒ වෙනස කරන්නේ කවුද? ආයිත් බෝලෙ යන්නේ දේශපාලකයන්ටම නේද?
    කොහොමහරි දෙවරක් සිතිය යුතු ප්‍රශ්නයක් ඔබ ගේ ලිපිය මඟින් අනාවරණය කලේ.

  3. හොදයි අපේ වත්ත අපි සුද්දකලා කියමු.අල්ලපුගෙදර ඵක වත්ත සුද්ද කරන්නෑත්නම් ඵ්ක කරවන්නෙ පොලිසියෙන්ද?
    මදුරුකොයිල් කොම්පෑනිවල සල්ලිකාලා බෙහෙත් හ0ග0ඉන්න රටේ දීකිරට බලල්ලුත් සාක්කිලු.

    වෑඩක් කොරොත් ඈමති වෑඩෙ වෑරදුනොත් අපි.

    මේක නිකන් තමුන්ගේ ආරක්ශව තමුන්ම සලසගන්න කියලා JRකිව්ව කතාව වගේනෙ.
    අර කාර්යසාදක බලකාය කියකිය හෙන්චයියො පුරෝගෙන පඩි දිදී බොන්නදිදී ඉන්නෙ මක්කටෙයි වෑඩක් නෑත්නම්.

    ඈමතිවරුන්ට නික0 කකාබිබී ඉන්න බදු ගෙවනු.
    දේසප්‍රේමී ජනතවෙනි දේශද්‍රෝහී මදුරුව්ගෙන් පරවේසම් වෙනු,
    තමුන්ගේ ආරක්ශාව තමුන්ම සලසාගනු.

    • අපේ වත්ත සුද්ද කළාම අල්ලපු වතතෙ එකාටත් අඩුම ගානේ වත්ත සුද්ද කරගන්න හිතෙනවා… නැත්තං ඔයාට හරි කියන්න පුළුවනි “ ඕයි… කම්මැලිකම නැතුව වත්ත සුද්ද කරගන්නවකෝ“ කියලා…

      සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න එවුන්ට මදුරු කොයිල් දාලා වෙඩි තියන්න ඕන… ඒකේ දෙකක් නෑ… ඒත් අනුන්ගෙන් වෙන්න ඕන දේ ගැන නොහිතා තමන්ගේ පැත්තෙන් වෙන්න තියෙන දේ 100% කළොත් අවම වශයෙන් තරමක් හෝ තමන් යමක් කළා කියලා හිගෙන්නෙ නැද්ද ?

  4. බී ටී අයි බැක්ටීරියාව යොදාගන්න ඕනය කියල ඇල්කෙමියාට හිතෙන්නෙ නැත් ද? ඩෙංගු මරණවලට වඩා වැඩියෙන් රිය අනතුරුවලින් මැරෙන නිසා ඩෙංගු මරණ වළක්වන්න අවශ්‍ය නැහැයි කියලත් ඇල්කෙමියාට හිතෙනව ද?

    බොලේ නම් යන්න ඕන ජනතාවට. මදුරු වදේට විසදුමක් දෙන්න පුලුවන් කම තියෙද්දිත් ලෝකෙට පේන්න ජවුසම් නටනව මිසක් බිටිඅයි ගෙන්වන්න ලෑස්ති නැති ආණ්ඩුවක් පත් කරගත්තු එක ගැන.

    • ඇත්තෙන්ම බී ටී අයි බැක්ටීරියාව යොදා ගන්න ඕන. එක ලංකාවෙම නිපදවන්න පුළුවන්කම තිබුණත් ලංකාවෙ මිනිස්සුන්ගෙ නරුම ගති නිසා ඒක නැවතිලාලු… මේන්න මේ එවුන් දෙතුන් දෙනෙක් ගෙනැල්ලා ලිප්ටන් වට රවුමේ එල්ලලා තියන්නයි වටින්නේ…

      අපි හරි මිනිස්සු පත් කරගන්නවා නම් මේ රට හරි පැත්තට ගෙනියන්න පුළුවන්. නමුත් අපි බුදු හාමුදුරුවො පාර්ලිමේන්තුවට යැවුවත් අපේ අයියලා උන් වහන්සෙ වත් නරක් කරලයි පස්ස බලන්නේ…
      ලංකාවෙ System එක ඒ තරම් හොඳයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: