2011 අගෝස්තු 14 : ආවොතින් නොගොසින් බැරිය….. ඇය යන්නම යන්න ගියාය……


මේ සටහන ලියන්නෙ නම් බොහොම බරවූ සිතින්.

Linda Rambin

වසර දෙකහමාරක් බොහොම ළඟින් අපි බොහෝ දෙනෙකුට ආදරයෙන් සලකපු, විශේෂයෙන්ම මටත් ඇල්කෙමිච්චිටත් මවක් වූ ලින්ඩා රැම්බින් මහත්මිය 13 වනදා සදහටම නෙත් පියා ගත්තා. ඇය අවුරුදු දෙකක් පුරාවට මොළයේ පිළිකාවකින් පෙළුනා. මුලින්ම මෙය හඳුනා ගන්නට කල් ගත වුනත් එය ශල්‍යකර්මයක් මගින් ඉවත් කරන්නට හැකි වුනා. මොළයේ එක් පැත්තක්ම නොමැති වූ නිසා අගේ ක්‍රියාකාරීත්‍වයන් පිළිබඳ සැක මතුවුනත් (ඇත්තෙන්ම ඇය ශල්‍යකර්මයෙන් අනතුරුව මිය යාහැකි බවටත් වෛද්‍යවරු අනතුරු හඟවා තිබුණා) ඇය අවුරුදු දෙකක්ම කෙසේ හෝ අප අතර ජීවත් වුනා.. පසුගිය අප්‍රේල් මාසයේ ඇගේ පිළිකාව දැඩි ලෙස වර්ධනය වන්නට පටන් ගත්තත් නැවත ශල්‍යකර්මයක් කළ නොහැකි තත්ත්‍වයකයි ඇය සිටියේ.

ඒ නිසාමයි අපි තුන්දෙනා මැයි මාසයේ ඇය බලන්නට සැතපුම් 1300 ක් දුර ගෙවාගෙන ගියේ. ඇය බොහොම සතුටු වුනා අප දැකලා. විශේෂයෙන්ම ඇගේ ශ්‍රී ලාංකික මුණුපුරා දැකලා…. ඉන් පසු අගේ පිළිකාව බොහෝ වේගයෙන් වර්ධනය වන්නට පටන් ගත්තා. දවසේ වැඩිහරියක් ඇය කළේ නිදාගැන්මයි. වේදනාවක් නොදැනුනත් ක්‍රම ක්‍රමයෙන්  ඇගේ සිහි කල්පනාව අඩු වන්නට ගත්තා.. සතියකට පමණ පෙර ඇය ඝණ ආහාර ගැනීම නතර කළ පසු බොහෝ දෙනාට තේරුම් ගියා ඇය ජීවත් වන්නේ ඇගේ අවසාන දින කිහිපය බව. ඇය සෙනසුරාදා සවස 4.25 ට පමණ පවුලේ සියල්ලන්ම අතරේදී සදහටම නෙත් පියගෙන. ඇගේ වෙන්ව යාම පිළිබඳ දුකක් තිබුණත් ඇය ඉක්මනින්ම වේදනාවෙන් තොර වීම පිළිබඳ සැමගේම ඇත්තේ සැනසුමක්.

ඇය බොහොම ප්‍රියමනාප සැහැල්ලු විනෝදකාමී මාතාවක්. ඒ වගේම දක්‍ෂ චිත්‍ර ශීල්පිනියක්. ඇගේ පින්තාරු වලට ලැබුණ සහතික පදක්කම් නිවස පුරා තිබෙනවා.

ඉතින් අද සිට ඇය ඒ නිවහනේ නැහැ. මගේ ඇමරිකානු පියාත් ඇයත් බොහොම ආදරයෙන් අවුරුදු 50 ක් තිස්සේම එකට දිවි ගෙවු ඒ නිවස අද පාළුයි. අපට යන්න විදියක් නැතත් අපේ සිත් ඒ පවුල සමගයි.

ඇය හොඳ තැනක ඉපදේවා… ! එපමණයි අපට පතන්නට හැක්කේ…..

Advertisements

Posted on අගෝස්තු 14, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 10.

  1. දුකයි තමා, ප්‍රියයන් වෙන් වීම.
    මොනා කරන්නද? සංසාර චක්කරේ

  2. ඇල්කෙමි අයියා වෙත මගේ බලවත් කණගාටුව!!!

  3. ඇය බෞද්ධයෙකු නොවූවත් මම ඇයට අමා මහ නිවන් සැප පතනවා.

  4. හිතේ දුක බෙදා ගන්න බ්ලොගයත් කොයිතරං පිහිටක්ද! ඇගේ ආත්මයට සැනසීමම පතමි!

  5. ඇල්කෙමියා අයියා ඇයව බලන්න ගිය එක අද මේ දැනෙනෙ දුක යාන්තමකට හරි සමනය වෙන්න හේතුවක් වෙන්න ඇති. ලංකාවෙ මනුස්සයකුට මෙච්චර හෘදයාංගම ලෙංගතුබවක් දනවන්න තරම් ඇය තුල දයාව කරුණාව ළබැඳිබව කොච්චරක් තියෙන්න ඇතිද කියල හිතාගන්න පුළුවන්. ඈගේ ඊලඟ උප්පත්තියේදී මෙවන් වේදනාකාරී සමුගැන්මක් සටහන් නොවී තිබේවා !

    • ඒක නම් ඇත්තටම යා යුතුව තිබුණ ගමනක්. අපි ආපු එක ගැන හැමෝම සතුටු වුනා විතරක් නොවෙයි, ඒ අය අපට තිබුණ ආදරය දෙගුණ තෙගුණ වුනා. අපි හැතැක්ම 1300 ක් ගෙවාගෙන එහේ ගියේ ඒ අය වෙනුවෙන්නේ…. අපිට ඕන නම් යන්නෙ නැතුව ඉන්න තිබුණා… නමුත් අපි කළගුණ සලකන්නයි ඒ ගියේ..
      මුදල් වියදම් වුනා – නිවාඩුවක් ගන්න තිබුණ සති දෙක නැති වුනා කියලා හිතේ කිසිම දුකක් නෑ… අපි අපෙන් වෙන්න තිබුණ යුතුකම් ඉටු කළා…
      මම හැමදාම කිවුවා ලංකාවට ඇවිත් කුස්වල වෙද හාමුදුරුවන්ගෙන් බෙහෙත් ගනිමු කියලා.. ඒ අය බටහිර වෛද්‍ය විද්‍යාව කෙරෙහිම නැඹුරු වෙලයි හිටියේ. ඒ වගේම ඇයට ඒ තරම් දුර යන්නත් අමාරුයි…
      අපි හැමෝම පතන්නේ ඇය හොඳ තැනක ඉපදේවා කියලා.
      දුක වුනත්, ඇය විඳවීමෙන් මිදුන එක ගැන තියෙන්නේ එක්තරා සැනසීමක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: