ජනමාධ්‍යයේ “වල්බූරු” නිදහස


මා පෙර කීවාක් මෙන් ලංකාව මාරම රටකි. කිසිවෙකු කිසිවක වගකීමක් කිසිවිටෙක නොගන්නා රටකි. දකුණු කකුල වෙනුවට රෝගියෙකුගේ වම් කකුල කපන දොස්තර නිදහසේ ගෙදර යන්නේ කිසිවක් නොවූවාක් මෙනි. රන් දෙපැය බලන්නට ගොස් ලෙඩුන් මලත්, නර්ස් නෝනා උදේට සුවසේ ගෙදර යයි. සිසුන් සියළුම දෙනා විභාගයෙන් අසමත් වුනත් ගුරුවරයාට කම් නැත. පඩිය ලැබෙනවාය – රස්සාව බේරෙනවාය. වැඩ කරන වෙලාවේ අයිනකට වී නිදා ගන්නා සේවකයා බේරා ගැනීමට වෘත්තීය සමිති සැදී පැහැදී සිටී. පාරේ කහ ඉර උඩ බසයට යටවී මිය යන පාසැල් දරුවාගේ අයිතිවාසිකම් වෙනුවට බීමත් රියදුරාගේ අයිතිවාසිකම් කතා කිරීමට බස් සංගමයේ ලේකම් තුමාට හිතක් පපුවක් ඇත. මෙවැනි උදාහරණ සිය දහස් ගණනක් මේ වර්ග කිලෝමීටර 65,610 තුළ සොයාගත හැක.

ජනමාධ්‍යය ඊට දෙවැනි නොවේ. කල දුටු කල වල ඉහ ගැනීම යන උපහැරණයට ගැලපෙන කතාවක් දෙන්නැයි කෙනෙකුට පැවසුවොත් ෆෙඩ්‍රිකා ජෑන්ස් හෝ සිරස හෝ අයි ටී එන් හෝ වෙනත් මාධ්‍ය වේදියෙකු හෝ මාධ්‍ය ආයතනයක නමක් කී විට පිළිතුර කෙසේ හෝ ගැලපේ. යුද්ධය තිබූ කාලයේ මේ මාධ්‍ය ආයතන සියල්ලම යුද්ධය වවාගෙන කෑවේය. අපට ප්‍රවෘත්ති රැගෙන ඒම එක් දෙයකි. එය වවාගෙන කෑම තවත් දෙයකි. මේ දිනවල බොහෝ මාධ්‍ය ආයතන වවාගෙන කන්නේ විපක්‍ෂයේ අර්බුධය ලු. රනිල් කියපු කුණුහරුපය බදාගෙන කන සිරසට තමන් පෙන්වන කුණුහරුප නොපෙනේ. මීට පෙර මගේ බ්ලොගයේ පළ වූ ලිපියක් මටත් නොකියා හොරෙන් අරන් පළ කළ ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය කෑ ගහන්නේ ද මාධ්‍ය වාරණය සහ මාධ්‍ය නිදහස ගැනයි.

සියළුම දෙනා බලන්නේ මොන දහ ජරාවක් හෝ ප්‍රචාරය කර තමන්ගේ වැඩසටහන හෝ චැනලය ප්‍රචලිත කරනු විනා ජනතාවට ගුණාත්මක යමක් ප්‍රදානය කිරීම නොවේ. ජනතාවද ඊටම හුරු වී ජරා ගොඩේ සිටින නිලමැස්සා මෙන් ජරාවටම ඇදේ. හොඳ වැඩසටහනක් පෙන්වූවද එය වසා දමා ජරාවම නරඹයි. කිසිම වැඩසටහනකට වාරණයක් නැත. වෙනත් රටවල නම් මොන ජරාව පෙන්වුවත් වයස් සීමා වලට අදාල වාරණ නීති පණවා ඇත. ඒ අනුව මොළයක් ඇති දෙමාපියන්ට තම දරුවන් ඒ ඒ වැඩසටහන් නැරඹීම වැලැක්විය හැක. ලංකාවේ සිදු වන්නේ පවුල් කඩා කප්පල් කරන අනියම් සබඳතා පිළිබඳ පෙන්වන ටෙලි නාට්‍ය, බාගෙට පායපු තරු අඩ නිරුවතින් සිහි විකල්ලෙන් නටන නැටුම් සියල්ල පවුලේ චිත්‍රපටියක් මෙන් උදේ පාන්දර ඉපදිච්ච පොඩි එකාගේ සිට හෙට උදේට මැරෙන්න ඉන්න ආච්චි/සීයා දක්වා එකට සිට නැරඹීමයි. මේ නිසා පොඩි එවුන් කුරුවල් වෙනවා පමණක් නොව නාකි ද තිරිහන් වී නැති ලෙඩ පැටලැවේ.

කරුමේ කියන්නේ ජනාධිපතිතුමාටත් පේන්නේ කවුරු හරි “තමුසේ” කියලා වෙන කාට හරි බනින එක පමණි. ගෙවල්වල වෙන රන්ඩු සරුවල්, කාර්යාලවල අනියම් පෙම් සබඳතා, මහමග වන ප්‍රචණ්ඩ ක්‍රියා රූපවාහිනියේ පෙන්වීම සාමාන්‍ය දෙයකි. මේ නිසා තමුසේ රූපවාහිනියෙන් තහනම් කිරීමට එතුමා පියවර ගෙන ඇත.

මාධ්‍ය ආචාර ධර්ම !

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග මැතිණිය කළ කී දෑ පිළිබඳ බොහෝ අපැහැදිලිතා තිබුණත්, ලංකාවේ මාධ්‍ය නිදහස වල්බූරු නිදහසක් යැයි පැවසූ එක නම් හරියටම හරි ය. ඇමරිකාවේ මොන යුද්ධය තිබුණත් ඒ යුද්ධයට සම්බන්ධ නිලධාරීන්ගේ වතගොත මාධ්‍යයට හෙළි නොකිරීමත්, දැනගත්තද – මාධ්‍ය විසින් හෙළි නොකිරීමත් ආදී අන්‍යොන්‍ය තේරුම් ගැනීමක් ඇති මාධ්‍ය වගකීමක් ඒ ඒ මාධ්‍ය වලට ඇත. ලංකාවේ කරන්නේ කෙසේ හෝ එම නිලධාරීන්ගේ තොරතුරු සොයාගෙන පවුලේ පින්තූර පිටින් ආරක්‍ෂක විවරණ වල පළ වීමයි. තවද ප්‍රවෘත්ති වල මියගිය පුද්ගලයන්, අතවරයට ලක්වූවන් ආදී සංවේදී දේවල රූප රාමු විකාශය කිරීමෙන් වැලකී සිටින මේ රටවල මාධ්‍ය ඇත්තෙන්ම වගකීමක් සහිතව ක්‍රියා කරන ආකාරය පැසසුම් සහගතය.

අපේ රටේ කිසි කෙනෙක් කිසි දෙයක් හරියට නොකරනවා මෙන්ම, සියල්ල තමන්ගේ යැයි සිතා කටයුතු කිරීමත් නිබඳවම දැකගත හැකිය. තමන්ගේ මාධ්‍ය නිදහස පිළිබඳ අයිතිවාසිකම් කතා කිරීමට පෙර තමන් හරිහැටි වගකීමක් සහිතව, මාධ්‍ය ආචාර ධර්ම වලට එකඟව කටයුතු කරනවාදැයි සිතා බැලීම සියළු මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ වගකීමයි.

Advertisements

Posted on අගෝස්තු 22, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 13.

  1. 100% ක් ඇත්ත. එහෙව් රටේ තමා මාද්‍යයය නිදහස නෑ කියන්නේ.
    මට හිතෙන විදිහට මේක වග කියන්න ඕනේ බලන උන්. හොද නැති දේ ප්‍රතික්ශේප නොකිරීම නිසා තවත් ඒවා පැතිරෙනවා. බ්ලොග් වලට උනත් ඔය දසාව තමා ලබලා තියෙන්නේ.
    වල්පල් වලට ඇදෙනවා වැඩියි ඒ නිසා හොද දේත් ටික ටික නැතිවෙලා යනවා.
    ඒවා රැක ගැනීම ප්‍රේක්ෂකයන්ගේ වගකීමක්.
    ඕන දෙයක් තමන්ට ඕනෙ නම් බලන්න පුලුවන් ඒත් තමන් බලනදේ කොච්චර හරිද වැරදිද කියලා හිතලා ඒක ප්‍රතික්ෂේප කරන්න පුලුවන් මනසක් තියෙන්න ඕනේ.
    අපේ ලංකාවේ හැත්තම සිරස සුපර් ස්ටාර් වැලද ගත්තා ඒකෙන්ම පේනවා අපේ උන්ගේ මොලේ හැටි.
    කාට කියන්නද මෙව්වා ඇලෝ, හිතටනම් හරිම දුකයි 😦

    • බුඩී කියන දේට මමත් එකඟයි, නමුත් අපි එක චැනලයක් ප්‍රතික්‍ෂේප කරලා බලන්නේ මොකක්ද ? අනෙක් චැනල් කියලා හරි එකක් නැහැනේ… සියල්ලෙම පෙන්වන්නේ එකම වගේ දේවල් නේ…
      ඉස්සර නම් වෙදහාමිනේ, දඬුබස්නාමානය, යශෝරාවය වගේ ටෙලිනාට්‍ය තිබුණා… දැන් මොනවද තියෙන්නේ… ?
      මම දැන් අවුරුදු දෙකකට පමණ පෙර ලංකාවෙ නිවාඩුවකට ගොස් ඉන්නවිට චැනල් පෙරල පෙරලා හෙව්වා හොඳ නාට්‍යයක්… ඔක්කෝම එකම වට්ටෝරුවේ…
      වැඩ සටහන් වුනත් ඒ වගේ… එක චැනල් එකක් කළාම ඔක්කෝම ඒක කොපි කරනවා….
      කිසිම අනන්‍යතාවයක් නැහැ..
      අපි ඒවා ප්‍රතික්‍ෂෙප කළත්, උන් අපිට ඒවා බලෙන් ඇඟේ ගහනවා… ඉතින් අපේ මිනිස්සුත් ඒව හිටු කියලා බලනවා… ඕකයි චක්‍රය..
      ඕකෙන් පිට පනින්න ලාභ බලාපොරොත්තුවෙන් ව්‍යාපාර කරන කිසිම චැනලයක් කැමති නෑ…
      අවම වශයෙන් ජාතික රූපවාහිනිය වත් තමන්ගේ කාර්යභාරය මොකක්ද කියලා අවබෝධ කරගෙන නෑ නේ…

  2. මේ රටේ තියෙන අනිත් හැම දෙයක් වගේම මීඩියා ෆීල්ඩ් එකත් තියෙන්නේ වලපල්ලේ කියන එක තමයි මේ හැම දෙයකින්ම ඔප්පුවෙන්නේ.

  3. I stopped watching news on TV after that kahawatta serial killer story on one of the channels. They basically said that there is a serial killer raping and killing older woman in the area. And I was interested that I know lot of people who live there and guess what the news presenter did next “Me pilimbada wadi visthara heta prowrthi wikashaya thulin balaporuththu wanna”.

    What the hell, news should be news not some stupid drama with cliff hangers.

  4. මෙතන වෙන්නෙ මේකනෙ…..මේ වගේ වල්බූත, කුණුහරුප පෙන්නනව වාරණය කරනව වෙනුවට එව්වට උඩගෙඩි දෙන්නෙ ආණ්ඩුව……මේ වගෙ විකාර පෙන්නන තරමට පාලකයින්ට හොඳයි……එතකොට කිසිකෙනෙක් රටේ මහ දවල් සිද්ධ වෙන හොර මැර, දූෂණ ගැන හොයාබලන්නෙ නැහැනෙ……ඔක්කොටම ආතල්……මාධ්‍ය විසූක දස්සන පෙන්නනව….මිනිස්සු එව්ව බල බල ආතල් එකේ ඉන්නව….ආණ්ඩුව හිටු කියල ගජ රාමෙට තමන්ට ඕන විදිහට වැඩ කරගෙන යනව…..තුං ගොල්ලටම ෆුල් ආතල්………..

  5. සහතික ඇත්ත. මමනං දැන් ටීවී බලන එක නවත්තලයි තියෙන්නේ

  6. ඔය විකාර බලන නිසානේ දිගටම දාන්නේ..නොබලා හිටියා නම් ඉවරයි

    • නොබලා හිටියා කියලා Ratings අඩු වෙනවා කියලා කතාවක් ලංකාවෙ නැහැනේ.. මෙහේ නම් සමහර නාට්‍ය එක සීසන් එකක් පෙන්වලා රේටිංස් නැත්නම් ගලවනවා… ලංකාවෙ ඕනම ජරාවක් ඉවර වෙනක් පෙන්වනවා නේ.
      අපේ කට්ටිය ජරාව බලන්න සැදී පැහැදී ඉන්නවානේ….

  7. අපේ හැටියටයි අපේ නායකයෝ. අපේ මාධ්‍ය. නැත්තං කෝ අපේ කමක්.

    ඇමරිකාවේත් බුෂ් ලා, ෆෝක්ස් ටීවී තියෙනවානේ.

  8. අන්න ඊ නිවුස් කාරයෝ මරුවා ගේ ලිපියක් දාලා.
    http://maruwaxx.wordpress.com/2011/08/21/%e0%b6%bd%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b7%92%e0%b6%9a-%e0%b6%a7%e0%b7%99%e0%b6%bd%e0%b7%92-%e0%b6%b1%e0%b7%8f%e0%b6%a7%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%85%e0%b7%84%e0%b7%80%e0%b6%bb%e0%b6%ba/

    http://www.lankaenews.com/Sinhala/news.php?id=18044

    ඒකට නං අවසර ගන්න විදියක් නෑ.
    අනික මරුවාත් මට පේන විදියට ජර්නලිස්ට් කෙනෙක්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: