2011 අගෝස්තු 24 : ගරු කටයුතු විශ්‍රාමලත් ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මන්ත්‍රී තුමාගේ සාමාන්‍ය දැනීම


මටත් ඕන නැති අටමගලයක් නෑ… මේ මෙහේට වෙලා ඔබාමා දෙන දෙයක් කාලා රජයෙන් දෙන දීමනාව අරගෙන (මෙහේ ජනසවියයි සමෘද්ධියයි නෑනේ… ඒක වෙනුවට තියෙන්නේ විරැකියා දීමනාව…) ආතල් එකේ ඉන්නෙ නැතිව ලංකාවෙ මැච් බලනවා උදේ පාන්දර නැගිටගෙන…

මේ බලන අතරේ අපේ ජාතික විස්තර විචාරක පහල ගෙදර අප්පුහාමිලාගේ ටෝනි ග්‍රේග් මහතා එතැනට ආපු අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාමලත් ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මැති තුමාව කතාවට අල්ලගත්තා. ඒ මදිවට එතුමාගෙන් ප්‍රශ්නත් අහන්න ගත්තා.. මේ පර සුද්දට වටිනවද ලංකාව ගැන ඒ වගේ ප්‍රශ්න සනත් ජයසූරිය මැතිතුමාගෙන් අහන්න…

ඔන්න ඇහුවා ප්‍රශ්නයක්…

ලංකාවේ ජාතික පුෂ්පය කුමක්ද කියලා…

අනේ අම්මපා ටෝනි ග්‍රේග්ට මොළයක් නැද්ද ? අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගෙන් ඒ වගේ සරළ ප්‍රශ්නයක් අහන්න… ඇයි දෙයියනේ ඔන්න අළුත්ම මොන්ටෙරෝ එකක ගාන වගේ වැදගත්කමක් ඇති බැරෑරුම් ප්‍රශ්නයක් ඇහුවා නම් පිළිතුරු දෙයි…

ඉතින් ජයසූරිය මැතිතුමාට පුෂ්ප පැන්නා එළියට….. එතුමා උත්තර දෙන එක ප්‍රතික්‍ෂෙප කළා… බොහොම හොඳ වැඩේ..

ඊලඟ ප්‍රශ්නය වුනේ ජාතික වෘක්‍ෂය මොකද්ද කියලා… ඒකටත් ටෝනි ග්‍රේග්ටම උත්තර දීගන්න ඉඩ දීපු මන්ත්‍රීතුමා

හහ්… ඒක නම් මම දන්නවා කියලා කොචොක් එකකුත් දැම්මා… හොඳ වැඩේ ඩබල්…. ජය වේවා…

ටෝනි ග්‍රේග් කාරයම ප්‍රශ්න අහලා ඒකාම ඊට පස්සේ උත්තර දුන්නා… එහෙමම තමයි කරන්න ඕන ඔය වගේ අසමජ්ජාති නොසංඩාල වැඩ කරන සුදු හම ඇති පර සුද්දොන්ට… මේ බව විමල් වීරවංශ ඇමතිතුමාට දැනගන්න ලැබුනොත් ඔය පර සුද්දාට මේ බුදුන් වැඩිය දේශය දිහා බලාගෙන බත් කන්න බැරි වෙන්න උපවාසයක් කරයි… ඒ වගේම අපේ විදුලිබල ඇමතිතුමාට ඇහුනොත් ඔය සුද්දගේ මහ ගෙදර ලයිට් කප්පවයි.. නලින් සිල්වා මහාචාර්යතුමා දැනගත්තොත් ඔය සුද්දගෙ ඇඟේ ආසනික් තියෙනවා කියලා ඔප්පු කරයි. හොඳ වෙලාවට ඒ වගේ අය මේ වගේ පර සුද්දො ක්‍රීඩා කරන සුද්දන්ගෙ ක්‍රීඩාව නරඹන්නෙ නැත්තෙ. ඇරත් ඒ මහතුන්ට මැච් බල බල ඉන්න වෙලාවක් නෑනෙ.. රට හදන්න වැඩ තියෙනවා නෙ..

ඉතිං මම මේ කල්පනා කළේ….. අපේ රටට ගිය කලදසාව ගැන… වැරදිලාවත් මේ ප්‍රශ්න ටික පහේ ශිෂ්‍යත්වෙ කරන ළමයෙකුගේ ප්‍රශ්න පත්‍රයක තිබුණා නං ඒ ළමයට මොකද නාථ දෙයියනේ වෙන්නේ. ? මන්ත්‍රී කෙනෙකුට උත්තර දෙන්න බැරි ප්‍රශ්න කොහොමද පහේ ශිෂ්‍යත්වෙ කරන ළමයෙක් උත්තර දෙන්නේ ? වැරදිලාවත් ඔය ප්‍රශ්න සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයක හෝ උසස් පෙළ සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයක තිබුණා නම් කී දෙනෙක් විභාගෙ අසමත් වෙලා කැම්පස් යන්න බැරි වෙනවද ? රටේ අසහනය කී ගුණයකින් වැඩි වෙනවද ?

මම නම් කියන්නේ මේකට හොඳම විසඳුම විදියට මේ වගේ ප්‍රශ්න හැමදාම අර කට්ටිය කසිකබල් කියලා පැත්තකට දාලා තියෙන, කිසි කෙනෙක් බලන්නෙ නැති මෙගා ටෙලි නාට්‍යයි ඔය සුපිරි තරු වැඩසටහනුයි වගේ අධ්‍යාපනික වැඩසටහන් යන අතරේ ටී වී එකේ දාලා sms වලින් ජයග්‍රාහකයා තෝරන්න ඕන කියලා.. එතකොට අපේ හැදෙන වැඩෙන ළමා පරපුර ඒවා බලනවා විතරක් නොවෙයි sms ගහලා තෑගිත් දිනා ගන්නවා නේ.. ඒ විතරක් නෙවෙයි, ඒ ප්‍රශ්න විභාග වලට එනවා කියලත් දැන්වීමක් දාන්න ඕන. එතකොට ප්‍රේක්‍ෂක ප්‍රමාණය හරි වැඩි වෙනවනේ.

ඒ වගේමයි අර අපිව පාලනය කරන්න දියවන්නාව මැද්දට ගිහින් ඉන්න 225 දෙනාට පොඩි සාමාන්‍ය දැනීම පරීක්‍ෂණයක් කරලා බලන්න ඕන මොළේ තියෙන්නේ කොහේද කියලා.. ඒක අවශ්‍යම නං විතරක් කරමු. දැන් රෝහල්වල රසායනික පරීක්‍ෂණ පිට රසායනාගාරවලින් කරන්නත් බෑ කියනවා නේ.. එතකොට ඉතිං අපේ තියෙන කාර්යක්‍ෂමතාවයේ හැටියට ලෙඩා මැරිලා තුන්මාසෙ දානෙ දෙන දවසට පරීක්‍ෂණයේ ප්‍රතිඵල ඒවි….

ඔන්න ඉතිං සනත් ජයසූරිය මන්ත්‍රීතුමාට ආදරය කරන ක්‍රිකට් ලෝලීන් ඉන්නවා නම් (එකෙක් හරි) මාව දේශද්‍රෝහියෙක් කියලා හම ගහන්න එහෙම එපා…. මේ කාපු බීපු වෙලාවට හිතෙන අමන කතා..

Advertisements

About Alchemiya

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on අගෝස්තු 24, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 13.

  1. prayakuge pra wedak……lankawe inne nethuwa suddanta pukadenna gihin den lankawatah dath niyawanwa…giya dalayak wedagena inne nthuwa ahawala kengediyakada mehe balanne….obamagenma kaka hitapan ..apita mehe hondai….PARAYA

    කැමතියි

  2. කතාව ඇත්ත ඔය දෙකවත් නොදන්න හැත්ත කොහොමද රට හදන්නේ. අඩුමගානේ ලංකාව ගැන කැක්කුමක් අව්ත් තියේද ඔය මන්ත්‍රීන්ට. අපි අපේ ජාතිය ගැන ලැජ්ජ වෙන්න ඕනේ ඔන්න ඔතැනයි. අපේ දේ ගැන ආඩම්බරයක් නැති ජාතිය කොච්චර දියුණු උනත් වැඩක් නෑ.
    ඒ උනත් මේ කට වග කියන්න ඕනේ රටේ ජනතාව, දැන් බලන්න ඇලෝ සනා ක්‍රිකට් වලට හොදා ඒත් පොරට පුලුවන් ද මන්ත්‍රී කමක් කරන්න, ඉතින් ඕක තේරෙන් නැද්ද ජන්දේ දීපු හැත්තට. මොකො සනා ජාතික ලැයිස්තුවෙන් ආවද?
    අපේ ජනතාව බුද්ධිමත් නෑ. ජනප්‍රියතාව පටලවාගෙන. ජන්දේ දීලා පස්සේ බැනලා ව්ඇඩක් නෑ නේ.

    කැමතියි

  3. ඇයි මේ දවස්වල පාවිච්චි කරන වාහනේ මොකද්ද කියලා ඇහුවාම කිව්වේ ලොකු වාහනයක් ගන්න සල්ලි නෑයි කියලා 🙂

    කැමතියි

  4. මං නං ඕක දකින්නේ මෙහෙමයි.

    ඔය ජාතික පුෂ්ප, ජාතික වෘක්‍ෂ වගේ දේවල් අපේ සංකල්ප නෙමේ. ඕවා අප මත බලෙන් දාපු විදේශික සංකල්ප.

    අනික කවුද ඕව තීරණය කලේ?

    දැන් නිල් මානෙල් මල ගම්මු. ඇයි ඒක ජාතික පුෂ්පය වෙන්නේ? රටට ආවේනික ඇති (හැබැයි ඒකත් වරද්දගෙන කියලා උද්භිද විද්‍යාඥියක් කියලා තිබුණා), නමුත් අරලිය වගේ මලක් තමයි වඩාත් සුදුසු මට හිතෙන හැටියට.

    නා ගස ඇයි ජාතික වෘක්‍ෂය වුනේ? ඇයි පොල් ගස තෝරා ගත්තේ නැත්තේ?

    මට නං හිතෙන්නේ ජනමත විචාරනයකින් තොරව කරපු ඒ තේරීම් තේරුමක් නෑ කියලයි.

    ඒ සේරටම කලින් මුලින් කියූ විදියට ඔය ජාතික පුෂ්ප, වෘක්‍ෂ නැතිය කියලා අපිට වෙන අටමගලෙකුත් නෑ.

    කැමතියි

  5. ලොකුම විහිළුව තමයි මේක.

    ජාතික වෘක්‍ෂය නා ගස නං ඇයි නා මල ජාතික පුෂ්පය නොවුනේ?

    හරියට අර හොදම අධ්‍යක්‍ෂණයයි, හොදම කැමරාකරණයයි, හොඳම සංස්කරණයි, හොඳම තිර රචනයයි එක එක විත්‍රපටිවලට දීලා වෙන කොහේවත් එකක් හොඳම චිත්‍රපටිය කරවා වගේ…!!!

    කැමතියි

    • ඕක නා මල වුනා නං මල පනින්නෙ ජේවීපී කාරයොන්ටයි යූ ඇන්පී කාරයොන්ටයි නේ…
      මහින්දගෙ පුතා නාමල් වුන නිසා ජාතික පුෂ්පය නා මල උනා කියලා….

      අරලිය මල ලංකාවට ආවේනික නෑනේ… හවායි වලත් තියෙනවා.
      මම නම් කියන්නේ අපටම ආවේනික මහ රත්මල් වගේ මලක් ජාතික පුෂ්පය කරන්න ඕන…
      ඇත්ත තමයි, ඔය මල් ගස් සත්තු ජාතික වුනා කියලා උන් බේරෙනවද නොමැරි? ඒ වගේම ඕව තිබුණා කියලා අපි ලොකු දියුණුවක් වෙනසක් තියෙනවාද ?

      කැමතියි

  6. ඕවා පර සුද්දන්ගේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ.ඒ කුමන්ත්‍රණය කලින්ම අඳුනගත්තු නිසා තමයි මන්ත්‍රීතුමා ඒකට අහු නොවී උත්තර නොදී හිටියේ.හොඳ වැඩේ ග්‍රෙගාට.(ඕකේ වීඩියෝ එකකුත් ලියුමට දැම්මනම් මල් මසුරං)

    කැමතියි

  7. ඇත්තටම මට නම් හිතෙන්නේ ජයා ට ඕවට උත්තර දෙන්න හිතුනේ නැත්තේ….. දේශපාලනේට එන්න ඉක්මන් උනානේ මම හිටියනනම් දෙපැත්තට පොඩ්ඩක් වැනිලා මේ සුදු අය්යලා ලිස්ට් එකේ පහලට දානවනේ කියලා හිතන්න පටන් ගත්තු වෙන්න ඇති…

    කැමතියි

  8. ඕකට උත්තරය දන්නේ නැත්තේ ජයසුරිය විතරද? අපේ දුටුගැමුණු පරපුරේ උදවියට එහෙමනම් ආචාර්ය පදවියකුත් තියෙන නිසා නිසා ඒ වගේ ප්‍රශ්න සුළු දේවල් වෙන්න ඇති.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: