2011 අගෝස්තු 30 : පුංචි පුතා මගෙ ඉස්කෝලේ ගිය මුල්ම දවස අද වේ…


ඇන්ජලීන් ගුණතිලක මහත්මිය මේ ගීතය කියනවිට මම නම් පියෙකු වෙන්න හිතලවත් නැතුව ඇති. ඒත් මේ දවස් ටිකේම මගේ හිතේ රැඳුනෙ ඒ ගීතය.

අද තමයි ඇල්කෙමි පැටියා මුලින්ම ඉස්කෝලෙ ගිය දවස.. උදේ පාන්දර නැගිට්ටවගෙන බොහොම අමාරුවෙන් ඉස්කෝලෙ අරන් ගියා. ගෙදර ලඟටම පාසැල් බස් රථය පැමිණුනත්, එයට එන්න එපා කිව්වේ පැමිණෙන වෙලාව බොහොම උදේ වැඩි නිසා. ඉතින් අම්මයි තාත්තයි එක්කලා අළුත් ඉස්කෝලෙ අළුත් පංතියට පැටියා ගියා. අළුත් ඉස්කෝලෙ නිල ඇඳුම ඇඳලා යන්න ඕන. මේක Charter School එකක්. ඒ කියන්නේ පෞද්ගලික සමාගම් වල ධනයෙන් යැපෙන පෞද්ගලිකව පාලනය වන රජයේ පාසැලක්. මෙහි විෂය මාලාව වෙනත් පාසල් වලට වඩා වෙනස්, ඒ වගේම උදේ වරුවේ ඉංග්‍රීසියෙනුත්, සවස ස්පාඥ්ඥ භාෂාවෙනුත් තමයි උගන්වන්නේ. ඒ නිසා පැටියා ත්‍රෛභාෂික වෙනවා. සෑම සිසුවා කෙරෙහිම පෞද්ගලික අවධානයෙන් ගුරුවරු ඉන්නේ. දක්‍ෂ ළමයි අති දක්‍ෂ කරන්නත්, අදක්‍ෂ ළමයි ඉහළට ගේන්නත් තනි තනිව වැඩ කරවනවා. පන්තියේ ළමුන් 24 දෙනාට ඉන්නේ එක ගුරුතුමියයි. සහයට ඩැනී කෙනෙක් ඉන්නවා… පළමු වසරෙ ඉඳලාම සංගීතය, චිත්‍ර, පරිඝණක විද්‍යාව උගන්වනවා.  ඉතින් මේ පාසැලට පැටියා තේරුණ එක ගැන නම් අපට බොහොම සන්තෝසයි.

ගුරුතුමී, පන්තියේ ළමයි ඊට පෙර දැන හැඳිනගෙන හිටිය නිසා පැටියා වැඩි කතා බහක් නැතිවම ගිහින් පන්තියේ වාඩි වුනා. යාළුවො දෙතුන් දෙනෙක් එක්ක වාඩි වුනාට පස්සේ අපි උන්නද නැද්ද කියලා ගාණක් වත් නෑ….

අපි එළියට යනවිට අඳුනන දෙමාපියො බොහොමයක් දරුවො අරන් ඇවිත්..  ඒ අයටත් කතා කරලා රසායනාගාරයට ආවා. හවස අම්මා ගිහින් පැටියව ගත්තා..

අද හවස අපේ ගුරු- දෙගුරු සංගමයේ කාරක සභාවෙ රැස්වීමක්. හවස 6.30 ට මම පාසැලට යනවිටත් සියළුම ගුරුවරු තවමත් වැඩ… හෙටට කරන්න තියෙන වැඩ ලෑස්ති කරනවා. විදුහල්පති තුමියත් හැම තැනම ඇවිද ඇවිද අඩුපාඩු හොයා බලනවා.  ඒ අතරේ පාසැල් බස් රථය වැරදුන ළමුන්ගේ දෙමාපියෝ ඇවිත් එතන එක කරච්චලයයි. තමන්ගේ දරුවා ගෙදර ආවෙ නැති වුනාම කොයි අම්මගෙ තාත්තගේ වුනත් පපුව ගිණි ගන්නවා නේ… කොහොම නමුත් ළමයි ටික ආපසු ඇවිත් සියළුම දෙනා සතුටින් විසිර ගොස් තිබුණා.

හැම දෙමාපියොන්ගෙ වගේම අපෙත් හිතේ බලාපොරොත්තු ගොඩ ගැහිලා…. තමන් ඔවුන්ගේ දෙමාපියොන්ගෙ බලාපොරොත්තු ඉටු කළා වගේ ඔවුන්ගෙ දරුවොත් ඔවුන්ට වඩා  ඉහළට යයි කියලා හැම දෙමාපිය යුවලක්ම හිතන් ඉන්නෙ…. හැබැයි අපේ ගොයිය නම් තවම කාර් මත්තෙම නැහෙනව මිසක් පොතක පතක් ගැන අවධානයක් නෑ…  පොඩි එවුන්ට ළමා කාළෙ හරියට ගතකරන්න දෙන්න ඕන… ලංකාවෙ වගේ ටියුෂන් පොරේ මෙහේ නැති එක ගැන නම් බොහොම සතුටුයි… ඉතින් ඒකත් මොනවා හරි කරයි අනාගතයෙ…

හෙට අළුත් දවසක්. අපේ පවුලට නම් හෙට අළුත් අවුරුද්දක්…ඒක හෙට කියන්නම්…

Advertisements

Posted on අගෝස්තු 30, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 13.

  1. පොඩි එකාට සුභ අනාගතයක් වේවා…!!!

  2. චුටි පුතාගේ අනාගතේට ඉත සිතින් සුභ පතනවා!
    අලුත් බලාපොරොත්තූවක් සමගම අද සිට ඇළුත් වැඩකටයුතුත් එකතු වෙනවනේ….

  3. එසේම වේවා…ලස්සන චූටි පුතා අනිවාර්යෙන්ම අම්මා වගේ වෙන්ට ඕනි. නැත්නම් ඔයවගේ හුරතල් පාට වෙන්ට බෑනේ…..:D:D:D

  4. පිස්සුද මන්ද ? හුරුබුහුටි කොලු පැටියෙකුට අම්ම වගෙ කියන්නේ.
    බුදු සරණයි, දෙවි පිහිටයි. ඔය තියන පිම්ම නාසා එකෙන්ම ඉවර කරපන්.

    • ඒකනෙ, අම්ම වගේ වුනා නං මෙහෙම ඉන්නවද ?
      තවම පටන් ගත්තා විතරනේ නිහාල් අයියේ… කොහොමත් කොල්ලා ඉර හඳ තාරකා, විද්‍යාව වගේ දේවල් වලට උනන්දුයි… වෙන එවුන් කාටූන් බලන අතරේ මේකා මාත් එක්ක බලන්නේ Science Channel එකේ How it’s Made…. Through the warm hole වගේ දේවල්…

  5. තවත් ඇල්කෙමියෙක් නෙමේ හොඳ දරුවෙක් අපිට ලැබේවා. පුතේ ඔයාගේ තාත්තා වගේ, සීයා වගේ මනුස්සයෙක් වෙන්න අපි ඔයාට සුභ පතනවා.

  6. සුභපැතුම් පොඩි එකාට ! හිත හොඳ මිනිහෙක් වෙන්න පුතේ.

  7. පොඩි එකාට සුභ පතනව!
    අපේ ගෙදරත් මේ දවස්වල කතාව ඕකම තමයි. ඇයි තව සතියයිනෙ තීන්නෙ ලොකු බාහුගෙ මංගල පාසල් ගමණට.

  8. මටත් පේන්නේ පුතා තාත්තා වගේ තමයි. (තාත්තාව දැකලා තියෙන්නෙත් දෙතුන් පාරයි ෆොටෝ වලින්). කොහොමවුණත් පුතාට සුභ අනාගතයකට මගෙනුත් සුභපැතුම්

  9. මේක කියෙවන්න ලැබුනේ අද.
    පුතාට සුභ අනාගතයක්.
    ලස්සන කොලු පැටියා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: