2011 අගෝස්තු 31 : අවුරුදු 11ක් දිග,…… තවමත් ලියන කතාවක්…….


ඉස්සර කාලෙ ඇල්කෙමියා කියලා එක්කෙනෙක් හිටියා. වැඩිය නාහෙට අහන්නෙ නැති කෙනෙක්… කැමති වෙලාවට ගෙදරින් ගිහින් කැමති යාළුවො එක්ක කැමති විදියට රවුම් ගහලා ක්‍රිකට් ගහලා අත පය කඩාගෙන… ඉඳලා හිටලා ගෑණු ළමයෙක් එක්ක එහේ මෙහේ ගිහින් ආදී වශයෙන් හිටිය මේකා ඔන්න ඇල්කෙමිච්චියෙක් එල්ලා ගත්තා…  ඒ කාලෙ තමයි ඇල්කෙමියා ප්‍රේමවන්තයෙක් වුනේ… ඉස්සරත් කවි ලියුවට දිගටම කවි ලියන්න පටන් ගත්තේ ඒ කාලෙ…..ඒ කාලෙ ලියපු කවි සින්දු කොච්චර තිබුණත් මෙහෙමත් හිතුන වෙලාවල් අනන්තයි අප්‍රමාණයි.

අවුරුදු හතක්ම පෙම් කෙළපු මේ ඩබල කාළයාගේ ඇවෑමෙන් ගෙවල් දෙකම එකතු වෙලා  එකලාසයක් කරලා දැම්මා. ඒ කොරලා මාස තුනකින් මේ ඩබල පිටරට පටවන්නත් මේ කට්ටියම ක්‍රියා කළා.. ලංකාවෙ තියන් හිටියොත් ලංකාවත් ඉවරයි කියලා වෙන්න ඇති.

එදා ඉඳන් ඇල්කෙමියාගෙ පිටිපස්සෙන් වලිගෙ වගේම සෙවනැල්ල වගේ හිටියේ මේ ඇල්කෙමිච්චි තමයි…. ඉතින්  අර දුකට සැපට සතුටට සෝකයට ඉන්නවා කියනවා වගේ ඔක්කොටම හිටියේ මේ ඇල්කෙමිච්චි තමයි.. සෑම සාර්ථක මිනිසෙකු පිටිපසම සාර්ථක ගැහැණියක් සිටී කිවුවා වගේ අපි දෙන්නා ඉතිං ජීවිතේ හැම හැලහැප්පීමක්ම විඳ දරාගෙන මේ ගමන ආවේ.. ගිය අවුරුද්දේ දෙන්නගෙ ඔළු දෙක පූර්ණකාලීනව හානි වුනාට පස්සේ (Permanent Head Damage – Ph.D.) තමයි මේ ගමනේ කොමාවක් තියාගත්තේ… අවුරුදු 6 කට ඉස්සෙල්ලා අපේ පැටියා ඉපදුනාට පස්සේ අපේ ජීවිත බොහොම වෙනස් වුනා….. ඉස්සර නං කැමති වෙලාවට ගෙදරින් ගිහින් කැමති වෙලාවට ගෙදර ආපු මට දැන් ඉතින් වලිග දෙකක් එල්ලගෙනයි එළියට බහින්න වෙන්නේ හැම නිතරම. රෑ වෙලා ගෙදර එන්නත් බෑ… නවය වෙනකොට ටෙලිෆෝන් කෝල් දෙක තුනක්වත් ලැබෙනවා ඉන්න කොතැනකට වුනත්…. කිසිම දෙයක් හිතු මනාපෙට පිළියෙල කරගන්න බෑ… ඒ දෙන්නගේ කාලසටහනට මුල් තැන දෙන්න වෙනවා… නැත්තං ඉතිං කණක් ඇහිලා ඉන්නයෑ…. ඒ වගේමයි අපි දෙන්නා ප්‍රශ්න නිරාකරණය කරගන්නෙත් බොහොම සාමකාමීව… ලංකාවෙ පානීය ජලයේ ආසනික් තියෙනවාද නැද්ද, ලසිත් මාලිංග දිගටම ටෙස්ට් ක්‍රිකට් සෙල්ලම් කරනවාද ?, ආදී බැරෑරුම් ප්‍රශ්න නිරාකරණය කරන්න මට බාර දීලා ඇල්කෙමිච්චි අනිත් සෑම ප්‍රශ්නයකම අවසාන විසඳුම දෙනවා… ඒ නිසා අපි දෙන්නා බොහොම සාමකාමීව ප්‍රශ්න නිරාකරණය කරගන්නවා…

ඉස්සර අපි ප්‍රේම කරන කාලෙ යාළුවො ඇහුවාම කවදද බඳින්නේ කියලා, මම කියන්නේ අපි බඳින්නෙ නෑ… බැන්දම ලව් එක අඩු වෙන නිසා නොබැඳට ලව් කර කර ඉන්නවා කියලා… ඒත් අනේ නාථ දෙයියන්ගේ පිහිටෙන් අපේ ප්‍රේමය නම් තවමත් අඩු වෙලා නෑ… ඒ වුනත් මගේ මෝඩ වැඩ වලට බැණුම් අහන එකෙත් සීමාවක් නෑ… මගේ හැටියට මෙහෙම ජීවත් වෙලා ඉන්න එක පුදුමයක්…

ඉස්සර නම් ඉතිං අර සෝමතිලක ජයමහ කියනවා වගේ සුරඟන රූසිරු දුටිමි හැඳින්නෙමි සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා තමයි….. ඒත් දැන් ඒ සුරඟනන් දිහා බලනකොට මා පෙම් කළ මගෙ හදගත් කළණිය මට නුදුරුයි සුරඹුනට වඩා කියලා තමයි කියන්න වෙන්නේ….

හැබැයි යාළුවො එක්ක එකතු වෙලා ඉන්නකොට මෙහෙම කියන්නත් අමතක කරන්නේ නෑ මම.

සමහර වෙලාවට දැන් මම යාළුවො එක්ක එකතු වෙලා ඉන්නකොට මෙහෙමත් කියලා මාරු වෙනවා.

නමුත් මම නම් හැමදාම කියන්න කැමති මෙන්න මෙහෙමයි…. මම දන්නවා ඇල්කෙමිච්චිත් මේ සින්දුවට බොහොම කැමතියි….

ඉතිං මේ කතාව තවත් දිගට ලියැවේවි….. ඊයෙ මගේ ඇමරිකන් පියතුමා (අර මේ ළඟදි බිරිඳ මියගියේ… අන්න එයා) පැතුවේ එයාල ගතකරපු අවුරුදු 51 ටත් වඩා අපට දිගට කතාව කියන්න පුළුවන් වේවා කියලයි… ඉතින් අපි දවසින් දවස – සතියෙන් සතිය එකතු කරමු… හදිසියෙන් යනවට වඩා හෙමින් ගමන ආරක්‍ෂිතයි – දිගුයි….

 මේ කතාව පටන් ගන්න සහ පවත්වාගෙන යන්න උපකාර කරපු බොහෝ දෙනෙක් ඉන්නවා.. ඒ අයටත් බොහොම ස්තුති කරන්න ඕන…. ඉතින් ඔන්න අද මේ ගමනේ තවත් අවුරුද්දක් පටන් ගන්නවා… ලබන අවුරුද්දෙ මේ දවසෙ මේ කතාවෙ තවත් පරිච්ඡේදයක් සම්පූර්ණ වෙලා තියේවි.. ඒක එදාට කියන්නම්…

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on අගෝස්තු 31, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 18.

  1. අද කතාව නම් හරිම ලස්සනයි. ඇල්කෙමිච්චි මම හිතුවා වගේම කෙනෙක්…:D

    //සෑම සාර්ථක මිනිසෙකු පිටිපසම සාර්ථක ගැහැණියක් සිටී //
    //මගේ මෝඩ වැඩ වලට බැණුම් අහන එකෙත් සීමාවක් නෑ//
    // රෑ වෙලා ගෙදර එන්නත් බෑ… නවය වෙනකොට ටෙලිෆෝන් කෝල් දෙක තුනක්වත් ලැබෙනවා ඉන්න කොතැනකට වුනත්…//

    මේවාවලින් තේරෙන්නේ ඇල්කෙමිච්චිගේ හොඳම තමයි.

    දෙන්නටම වාසනාවන්ත යුග දිවියක් පතනවා අර හුරතල් පැටියත් එක්කම…..:)

    කැමතියි

  2. ” අපේ ඇල්කෙමියගේ සහ ඇල්කෙමිච්චිගේ ආදර පුරාවෘතය ඇල් නොමැරී සදාකල් උනුසුමේම පවතීවා !!!! “

    කැමතියි

  3. ඇල්කටයි ඇල්කිටයි…ජීවිතයේ නැවුම් බවත් ආදරයත් රදවාගෙන චූටි පුතාද සමගින් නිදුකින්..නිරෝගීව දිගු ගමනක් යෑමට වාසනාව ලබේවා!!

    කැමතියි

  4. අනේ ඇල්කෙමියා මල්ලියේ මටත් ඔහොම අතීතයක්, ලස්සන වර්ථමානයක්, බලාපොරොත්තු සහගත අනාගතයක් තියනවා. තව කාගෙ හරි එහෙම දේවල් අහනකොට මට නම් හිතට දැනෙන්නේ පුදුමාකාරම සතුටක්. ඔබ දෙපලට චූටි පුතාට යන තුන්පත් රෑනට ලස්සන අනාගතයක්! ලෝකෙ කොහේ සිටියත් අපි මිනිස් ජාතියටයි සේවය කරන්නේ, එසේ තවකල් සතුටින් මිනිස් සංහතියටම සදා අනුස්මරණීය සෙවාවක් ඔබ තිදෙනාගෙන් සිදු වේවා!!!!

    කැමතියි

  5. මගෙනුත් අයියාටයි අක්කාටයි දෙන්නාටම සුභපැතුම්!!!

    කැමතියි

  6. සුභ ඇනිවසරියක් වගේම සුභ අනාගතයක් වේවා…!!!

    කැමතියි

  7. ඔය දෙන්නා අතර හොඳ කෙමිස්ට්‍රි එකක් ඇති නේද?

    කැමතියි

  8. එකොලොස් ඇණිය ලවට ද? මැරියට ද?

    සුබම සුබ ඇණියක්.

    [මාත් ඔන්න මුනට මුණ ගැහිච්චි පළමු දොහේ දස වස් සමරුවට ලැහැත්ති වෙනවා. හැබැයි ඔය දවස දන්නේ මං විතරයි. විවිධ ගණිත ක්‍රම අනුසාරයෙන් කැලැන්ඩරයක් මත ගණනය කල එකක්]

    [මේ වගේම කලින් පෝස්ට් ඒක මගේ පරණ වර්ඩ්ප්‍රෙස් එකවුන්ට් එකකින් වැදී ඇති නිසා කරුණාකර එය අයින් කරන්න – ස්තුතියි]

    කැමතියි

  9. සුබ පැතුම් ඇල්කෙමියා මල්ලිටත් ඇල්කෙමිච්චි නංගිටත්!

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න