Daily Archives: සැප්තැම්බර් 15, 2011

2011 ආගෝස්තු 15: “ඇමරිකාවේ ඇපල් ජූස් වලත් ආසනික් ඇති බව නාථ දෙයියෝ දැනුම් දෙති”…. සහ කාටද පිස්සු……..


මේ දිනවල නිවාඩුවක් සඳහා ගොස් ඇමරිකාවෙ වැඩ වාසය කරන නාථ දෙයියො ඇමරිකාවෙ ප්‍රසිද්ධ වෛද්‍ය වරයෙක් මාර්ගයෙන් ඇපල් ජූස්වල ආසනික් තියෙන බව ජනතාවට දැනුම් දීලා තියෙනවා. ඉංගිරිසියෙන් යන සාකච්ඡාව මෙතැනින් බලන්න.

මේ නිසා දොස්තර ඔස් මහතා ලොකු අමාරුවක වැටිලා වගේ… හැම පැත්තෙන්ම එක් එක් විදියේ කතා කියවෙනවා.

ආහාර සහ ඖෂධ අධිකාරියත් මේ වැඩේට දොස් පවරනවාලු….

ඒ අතරේ අපේ ආචාර්ය උදය ගම්මන්පිල පලා බබා අළුතෙන්ම තියරියක් හොයාගෙන.

ඒ තමයි සුද්දෝ තේ වැව්වෙ නැතිනං අපේ පරිසරය විනාශ වෙන්නේ නැතිලු. අපේ පරිසරය විනාහ වෙන්න ප්‍රධාන හේතුව සුද්දෝ රට ආක්‍රමණය කරපු එකලු.

අනිත් එක්කෙනා පවුසි නානා ඊට හපන් කතාවක් කියලා…

ඒ තමයි මිනිසුන් පහළ වෙන්නට පෙර මේ ලෝකය හරිම ලස්සනට තිබුණාලු…..

අම්මපා මෙයාලගේ මොලේ තමයි මොලේ….

මෙන්න මෙහෙමත් පත්තරේක තිබුණා…

ලංකාවේ හැම මිනිසුන් 10 දෙනෙකුටම එක්කෙනෙක් මානසික රෝගියෙක් කියලා….

දියවන්නාවට ගිහිපු කට්ටිය දිහා බැලුවාම නම් අපේ ඡන්ද දායකයො එකතු වෙලා එතෙන්ට යවපු කට්ටිය ඔක්කොම එක වගේ කියලයි මට හිතෙන්නේ…. එතැනට ගිහිපු ජයලත් ජයවර්ධන දොසතර මහත්තයා කියලා තියෙනවා අපේ විමලසිරි ගම්ලත් ඇමතිතුමා මැන්ටල් කේස් එකක් කියලා… අනේ අම්මපා…. දේශපාලනඥයො වෙලත් ඔහෙම ඇත්ත කියනවාද ? …

එක්කෝ අපේ ඡන්ද දායකයොන්ට පිස්සු… එක්කෝ මේව දැකලා ලියන අපට පිස්සු….

මේව බලන ඔය පිස්සොන්ට ඒක තේරුම් කරගන්න බාර දීලා මේ පිස්සා අදට නවතිනවා.

%d bloggers like this: