2011 ආගෝස්තු 15: “ඇමරිකාවේ ඇපල් ජූස් වලත් ආසනික් ඇති බව නාථ දෙයියෝ දැනුම් දෙති”…. සහ කාටද පිස්සු……..


මේ දිනවල නිවාඩුවක් සඳහා ගොස් ඇමරිකාවෙ වැඩ වාසය කරන නාථ දෙයියො ඇමරිකාවෙ ප්‍රසිද්ධ වෛද්‍ය වරයෙක් මාර්ගයෙන් ඇපල් ජූස්වල ආසනික් තියෙන බව ජනතාවට දැනුම් දීලා තියෙනවා. ඉංගිරිසියෙන් යන සාකච්ඡාව මෙතැනින් බලන්න.

මේ නිසා දොස්තර ඔස් මහතා ලොකු අමාරුවක වැටිලා වගේ… හැම පැත්තෙන්ම එක් එක් විදියේ කතා කියවෙනවා.

ආහාර සහ ඖෂධ අධිකාරියත් මේ වැඩේට දොස් පවරනවාලු….

ඒ අතරේ අපේ ආචාර්ය උදය ගම්මන්පිල පලා බබා අළුතෙන්ම තියරියක් හොයාගෙන.

ඒ තමයි සුද්දෝ තේ වැව්වෙ නැතිනං අපේ පරිසරය විනාශ වෙන්නේ නැතිලු. අපේ පරිසරය විනාහ වෙන්න ප්‍රධාන හේතුව සුද්දෝ රට ආක්‍රමණය කරපු එකලු.

අනිත් එක්කෙනා පවුසි නානා ඊට හපන් කතාවක් කියලා…

ඒ තමයි මිනිසුන් පහළ වෙන්නට පෙර මේ ලෝකය හරිම ලස්සනට තිබුණාලු…..

අම්මපා මෙයාලගේ මොලේ තමයි මොලේ….

මෙන්න මෙහෙමත් පත්තරේක තිබුණා…

ලංකාවේ හැම මිනිසුන් 10 දෙනෙකුටම එක්කෙනෙක් මානසික රෝගියෙක් කියලා….

දියවන්නාවට ගිහිපු කට්ටිය දිහා බැලුවාම නම් අපේ ඡන්ද දායකයො එකතු වෙලා එතෙන්ට යවපු කට්ටිය ඔක්කොම එක වගේ කියලයි මට හිතෙන්නේ…. එතැනට ගිහිපු ජයලත් ජයවර්ධන දොසතර මහත්තයා කියලා තියෙනවා අපේ විමලසිරි ගම්ලත් ඇමතිතුමා මැන්ටල් කේස් එකක් කියලා… අනේ අම්මපා…. දේශපාලනඥයො වෙලත් ඔහෙම ඇත්ත කියනවාද ? …

එක්කෝ අපේ ඡන්ද දායකයොන්ට පිස්සු… එක්කෝ මේව දැකලා ලියන අපට පිස්සු….

මේව බලන ඔය පිස්සොන්ට ඒක තේරුම් කරගන්න බාර දීලා මේ පිස්සා අදට නවතිනවා.

Advertisements

Posted on සැප්තැම්බර් 15, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 7.

  1. හප්පා ඇපල් ජූස් වල්ත් ආසනික් තියෙනවද? මාරම සීන් එක. දියවන්නාවේ නම් ඉන්නේ පිස්සෝ නෙමේ. පිස්සු නම් කොහොමද ජනතාව ගොනාට අන්දලා ඔතෙන්ට ගිහින් අපේ ලේ උරා බොන්නේ බොරු පච කෙල කෙල. බලන් යද්දි පිස්සු අපිටයි.

  2. මාත් හිතන්නේ අපිට තමයි පිස්සු. අපි හැමෝම යම් තරමින් මේවට දායක වෙලා තියන නිසා…

  3. ඔන්න එකමත් එක රටක අප්සට් ලිඳක් තිබුනලු ඒ ලිඳෙන් වතුර බීල වැසියො ඔක්කොටම පිස්සු හැදුනලු දැන් රජතුමා විතරක් තාම ඒ ලිඳෙන් වතුර බීල නැතිලු ඉතින් මේ පිස්සු හැදුන ජනතාව තමන්ට වඩා වෙනස් පිස්සු නැතිව ඉන්න රජුට පිස්සු කියල එලවන්න කියන්න ගත්තලු.අන්තිමේදි රජුත් වෙන කරන්න දෙයක් නැති නිසා ගිහිල්ල ඒ ලිදෙන් වතුර බීල පිස්සු හදා ගත්තලු.ඊට පස්සෙ සියල්ල සතුටින් පිස්සු කෙලිමින් උන්නලු. ලංකාවෙ වෙන දේවල් වලට අකමැති කෙනෙක් ඉන්නවානම් කරුනාකර පිටරට යන්න නැතිනම් ඒ ලිදෙන්ම වතුර බී පිස්සු හදාගෙන මේවාට හුරේ දමන්න. Run if you can.
    Never Underestimate the Power of Stupid People in Large Groups. if you cant beat them join them.

  4. ජයලත් ජයවර්ධන මැන්ටල් කිව්වෙ විමල් වීරවංශ නේද? සමහර විට මෑන්ටල් (mantel) එක්ක මෙන්ටල් (mental) ටැපලිලා වෙන්නත් ඇති. ඔය වගෙ ටැපලිලි ලංකාවේ හරි වැඩියිනෙ!!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: