2011 අගෝස්තු 16: හිත හරි නැති වුනාම මොකද කරන්නේ ?


අද හවස් වෙත්දී මගේ හිත බොහොම චංචල වෙලා… උදේ බොහොම සැහැල්ලුවෙන්, සංතෝෂයෙන් පටන් ගත්ත දවස හවස් වෙනකොට මොනවදෝ වෙලා…. ගෑණු හුටපටයක් වත්, පිරිමි හුටපටයක් වත් කිසිම දෙයක් නෙවෙයි…. පණ නැති, හිතක් පපුවක් නැති, කැඩිල තිබුණ වස්තුවක් හදාගන්න බැරුව මගේ හිත අසරණ වෙලා…

පහු ගිය දවසක මගේ පර්යේෂණයේ වැදගත් දත්ත කොටසක් ලබා ගත් උපකරණයක් හදිසියේම කැඩිලා… බලාගෙන ගියාම ඒක ක්‍රියාකරවන්න තිබුන laptop එක කවුද හෝදලා… වතුර එකයි… ඒකත් මමයි හොයාගත්තේ…. වෙනත් පරිඝණකයක් ගෙනැවිත් අදාල මෘදුකාංගය පැටවූවත් Windows 7 එක්කලා ඒක ගැලපුනේ නැහැ.. ඒ නිසා ඒකෙ ප්‍රශ්න ඇති වුනා… Windows XP දාලා ඔක්කෝම ඉවර කරලා අද තමයි උපකරණය හා බද්ධ කළේ…

මගේ වෙලාවටද මන්දා උපකරණයේ ලේසර් ආලෝක ධාරා ස්ථානගත කරන්න තිබෙන කණ්නාඩි නිසි පරිදි පෙළගැසී තිබුණෙ නැති නිසා මමත් තවත් පර්යේෂකයෙකුත් එකතුව එය පෙලගස්සන්න පටන් ගත්තා… එක වරම දෝශයක් ඇවිත් සියල්ල ඇණ හිටියා…

දැන් එය කැඩිලා… තාක්‍ෂණ නිලධාරියෙකු නම් කිවුවේ භූමිකම්පාව නිසා කණ්නාඩිවල සැකැස්ම වෙනස් වී ඇති බව….

කොහොම වුනත් අද කරන්න තිබුණ පරීක්‍ෂණ සියල්ල ඇණ හිටියා විතරක් නෙවෙයි දවසම ඒ වෙනුවෙන් ගත වුනා…

හිතට බොහොම හරි නැහැ… වෙනත් දෙයක් කරන්න වෙලාවකුත් නැහැ…

දැන් ගෙදර යනවා… ගෙදර ගිහින්වත් හිත හදා ගන්න…

මොනව නැතත් ගෙදර දෙන්නෙක් මග බලාගෙන ඉන්නවනේ හිත හදන්න…

ආයෙම හෙට ඇවිත් බලනවා උපකරණය හදාගන්න පුළුවන් වේද කියලා… නැත්නම් ඉතින් අදාල සමාගමෙන් කෙනෙක් ගෙනැවිත් හදවගන්න ඕන….

හිතට හරි නැති වුනාම ගතටත් හරි නෑ….

මගේ කං කෙඳිරිය කියවපු ඔබටත් මේ වගේ වෙලා ඇති නේද ? අපි කතා කරමු…. !

Advertisements

Posted on සැප්තැම්බර් 16, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 9.

  1. ඔව් ඔබ හරි. අපි කාටත් මෙහෙම වෙලා තියනවා . හිත හරි නැති උනාම ගතටත් පණ නෑ වගේ. කිසි දෙයක් කරන්න හිතක් නෑ.සමහර වෙලාවට එක දිගටම මෙවැනි දේවල් සිදුවෙනවා.
    මේ වගේ අවස්ථා වලදී ඉක්මනටම මේ තත්වයෙන් මිදෙන්න ඕන. මමනම් කරන්නෙ මම ආසම දෙයක් අහන්න හෝ නරඹන්න යන එක.එහෙමත් නැත්නම් පංසල් යනවා..

    ඔබත් බිරිඳ හා දරුවා සමග ටිකක් ගෙදරින් එලියට ගොස් ටිකක් විනෝද වෙලා එන්න.නිකම්ම හිත හැදෙනවා…

  2. හිතට හරි නැති වුනාම ගතටත් හරි නැහැ තමා. මම නම් ඒ වෙලාවට කරන්නේ ඔක්කොම අමතක කරලා හොඳ නින්දක් දාන එක.

    ප්‍රශ්නය ඉක්මනට විසඳාගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  3. නිදා ගත්තම ප්‍රශ්න අමතක වෙනවානේ, මාරසීන් එක, මාත් කරන්නේ ඕකමයි 🙂

  4. රෑට නැති නුවණ උදේට පහල වෙනවා කියන්න ඔන්න ඕක තමයි!

  5. මමත් ප්‍රාර්ථනා කරනවා උපකරණය ඉක්මනටම හදාගන්න ලැබෙන්න කියලා. අක්කයි බබයි එක්ක ගිම්හානි කිව්වා වගේ පොඩි අවුටින් එකක් දාන්න

  6. හිත හරි නැති වුනාම මට කතා කරන්න!!! 😀

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: