Daily Archives: සැප්තැම්බර් 28, 2011

2011 සැප්තැම්බර් 28 : අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ….


මේ දිගටම ලින්න බැරි වුනා…. වැඩ අධික කමත්, පැටියත් ඇල්කෙමිච්චිත් තරමක් අසනීපව සිටීම නිසා ලියන්න නිදහසක් නොමැති වීමත් නිසා දිනපොත කුරුටු ගාන්නට බැරි වුනා…. මේ ලිපිය ලියන්න ගත්තේ 20 වෙනිදා.. තවම හොඳටම නිම කළේ නැතත් පළකරන්න තීරණය කළේ හැමෝටම මාව අමතක වෙලා යන්නට පෙර……

ඉස්සර නම් ගුරු වෘත්තිය කියන්නේ සේවයක්… දැනුත් එහෙමම තමයි…. හොඳ ගුරුවරු නැත්නම් අපි මේ තැන්වල නෑ වගේම සමහර ගුරුවරු නිසා දරුවන් අතරමං වුන වෙලාවල් අනන්තවත් ඇහෙනවා… හැම දේම හොඳ නරක තියෙනවා වගේම මේ දේත් හොඳ නරක තියෙනවා… නමුත් තිබිය යුත්තේ හොඳ පමණයි.

ගුරුවරුන්ගේ සේවයට සරිලන වැටුපක් කවදාවත් ඔවුනට ලැබුනෙ නෑ වගේම ගුරුවරුන්ගෙන් සිදු වන සේවය අගය කිරීමක් නිසි ලෙස කවදාවත් ලංකාවෙ සිදු වුනේ නැහැ. ඒ වගේමයි දේශපාලනිකව පත්වීම් ලැබූ නිසි පුහුණුවක්, දැනුමක් සහ විනයක් නොමැති අය නිසාත් මේ ගුරු සේවයේ තත්ත්‍වය පහළට බැස තිබෙනවා.

නමුත් දැන් දැන් බොහොමයක් කරුණු දේශපාලනික වෙලා ….. තමන්ගේ ඉල්ලීම් දිනාගන්නට දරුවන්ගේ අනාගතය උකසට තබන තත්ත්‍වයක් බොහෝ අවස්ථාවල දකින්නට ලැබුණා.. සමහර වෙලාවට උසස් පෙළ අත්තර පත්‍ර බැලීම නතර කිරීම වැනි කාරණා කරා පවා යාමට ගුරු සංගම් කටයුතු කළා… ඒ අය වැරදියි කියන්නත් බැහැ… ඉල්ලීම් ඉල්ලන එකේ සීමාවකුත් තියෙනවා… ආණ්ඩුවෙන් තමන්ගේ ඉල්ලීම් වලට කන් දෙන්නේ නැත්නම් කරන්න දෙයක් නැහැ… සමහර විට දැඩි ක්‍රියාමාර්ග ගන්නට වෙනවා… ඒ තවත් පැත්තක්.

නමුත් ගුරුවරු අනෙක් වෘත්තිකයන් වගේ නොවෙයි. ඒ අය උදේ 8.00 සිට සවස 3.00 දක්වා වැනි කාලයකුයි සේවයේ යෙදෙන්නේ.. ඒ වගේමයි බොහෝ විට (ගුරු පුහුණු සැසි  සහ වෙනත් රාජකාරි කාරණා හැරුණුකොට) සති අන්ත නිවාඩුයි. වසරේ මාස තුනකට ආසන්න කාළයක් පඩි සහිත නිවාඩු ලැබෙන ගුරු වෘත්තියේ ඒ කාළයත් එක්කෝ විභාග රාජකාරි වෙනුවෙන් යෙදුවොත් අමතර ආදායමකුත් ලැබෙනවා… කිසිම වෙලාවක ගුරුවරයෙක් තම රාජකාරි අඩුපාඩු නිසා සේවයෙන් පහකළ බව අසන්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේමයි ගුරුවරුන්ගේ උසස්වීම් තමන් උගන්වන දරුවන්ගේ සාමාර්ථ ( පාරිභෝගික තෘප්තිය – Customer satisfaction) මත රඳා පවතින්නෙත් නැහැ. දරුවන් සමත් වුනත්, නැතත් ඔවුනට වේතනය සහ නියමිත උසස්වීම් ලැබෙනවා.

නමුත් සමහර ගුරුවරුන් ඉන්නවා තම වෘත්තිය සේවයක් කරගනිපු…. ඔවුනට වේතනය හෝ උසස්වීම් වැදගත් කාරණයක් නෙවෙයි. ඔවුන් නිතරම  බලන්නේ තම දරුවන්ගේ දියුණුව…. උගන්වන එක පොතපතට පමණක් සීමා වෙලා නැහැ… බොහෝ අමතර කරුණු කාරණා, විෂයයට අදාල විවිධ විෂය බාහිර ක්‍රියාකාරකම්, නව්‍යකරණයන්, නිර්මාණශීලී ඉගැන්වීම් රටාවන් ආදිය ඔවුන් නිරන්තරයෙන් අමතර වෙහෙසක් යොදා සොයාගෙනවිත් දරුවන්ට ලබා දෙනවා.. වෘත්තීය අයිතිවාසිකම් ගැන බලන්නේ තමන්ගේ යුතුකම් කොටස ඉටු කළාට පසුවයි…

දැන් මේ රටේ ගුරුවරු ගැන බලමු… බොහෝ දෙනා වැඩ කරන්නේ ඇත්තෙන්ම අඩු පඩියකට, බොහෝ දෙනා වෘත්තීය සුදුසුකම් සපුරා ලන විභාග සමත් වී අදාල බලපත්‍ර ලබාගතයුතුයි. සමහරවිට බොහෝ ගුරුවරු අතින් වියදම් කරගෙන පන්තිකාමරයට අවශ්‍ය බඩු භාණ්ඩ ගෙනෙනවා. ළමුන්ගේ විභාග සමත්වීමේ ප්‍රතිශතයන්, ළමුන් ගුරුවරුන් වර්ගීකරණය කිරීම ආදිය මත උසස්වීම් රඳාපවතිනවා. බේහෝ දෙනා තමන්ගේ පාසල අවසන්වුනාට පසුවත් බොහෝ වේලා රැඳීසිට ඊලඟ දිනයට අවශ්‍ය දෑ සූදානම් කරනවා. තමන් උගන්වන දරුවන්ගේ ප්‍රගතිය පිළිබඳ වගකීමට ඔවුන් සෑම දෙනාම බැඳී සිටිනවා… ඒ විතරක් නෙවෙයි… සෑම වසරක් අවසානයේම ඊලඟ වසරට තමන්ගේ රැකියාව සුරක්‍ෂිතද යන දෙගිඩියාව බොහෝ දෙනෙකුගේ සිතේ තිබෙනවා… මේක මා දුටු ලොකු වෙනසක්….

අපි පාසල් යන කාළේ සමහර ගුරුවරුන්ට දැඩි ගරුත්‍වයක් – ආදරයක් දැක්වූවත් සමහරුන් අපෙන් ඈත් වුනේ බොහොම ඉක්මනට… ඒ ඔවුන්ගේ ඉගැන්වීමේ සාර්ථකත්‍වය කියා පෑමක්… සමහර ගුරුවරු අපට ගුරු දෙවියන් වගේ…. මමත් මෙතැන ඉන්නේ ඒ වගේ දෙවියෙක් නිසා…

කොහොම වුනත් එදා ගුරුවරුන්ට තිබුන ගරුත්‍වය අද ළමුන්ගෙන් ගුරුවරුන්ට ලැබෙන්නේ නැත්නේ එක්කෝ සමාජයේ වැරැද්දක්… එහෙමත් නැත්නම් ගුරු වරුන්ගේ වැරැද්දක් ද කියලා කියන්න මට තේරෙන්නෙ නෑ… තමන් උගන්වපු ළමුන් කොයිතරම් උඩින් ගියත් බොහොමයක් ගුරුවරු තවමත් ඉස්කෝලෙ යන්නේ එදා ගිය විදියටම වීමත් එක්තරා ආකාරයක අභාග්‍යයක්…. මේ හැම දේටම විසඳුමක් දෙන්න කෙනෙක් ඉන්නවා නම් කොච්චර හොඳද ?

මේකත් අහගෙනම යන්න…

%d bloggers like this: