අපේ ජනාධිපතිතුමාට සීතාම්බර පටසළුවක් ඇන්දෙවුවේ කවුද ? නොහොත් ආණ්ඩුව හොරු සමඟ හෙළුවෙන්…………


ආණ්ඩුව හෙළුවෙනි… ජනාධිපතිතුමා ද හෙළුවෙනි…මැති ඇමතිවරු ද ආණ්ඩුවේ නිලධාරීන් ද හෙළුවෙනි…… හොරු, තක්කඩි, කුඩු මුදලාලිලා, මැරයන්, ආදී සියළුම දුශ්චරිත සහිත පුද්ගලයන් යැයි චෝදනා ලැබූ අය සමඟ ලොකු ලොක්කෝ සියළුම දෙනා හෙළුවෙනි….  හැමටම පෙණුනත් සියළුම දෙනා කට වසාගෙන ඉවසා දරා සිටිති… හෙළුවෙන් සිටිනා අය තව තවත් හෙළුව පෙන්වමින් නටති… මහජනතාව පිළිකුලෙන් සහ විමතියෙන් කිසිවක් කර කියාගත නොහී බලා සිටිති…. කරුමය වන්නේ විකල්පයක් නැති කමය. විකල්පයක් නැති තැන ඕනෑම කෙනෙකුට පාළුගෙයි වලං බිඳීම කළ හැක…. විකල්පයක් ආ කළ සිදු වන්නේ ගඩාෆිට සිදු වූ දේය…. ආණ්ඩුවේ මේ ක්‍රියා කලාපයෙන් එය ඉක්මන් වනවා විනා වෙනසක් සිදු වන්නේ නැත.

ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමතිතුමා ආරක්‍ෂක ලේකම් තුමා සමඟ

භාරත ලක්‍ෂමන් මහතා මහ දවාලේ පාර මැද වෙඩි තබා මැරීමට සම්බන්ධ ආරක්‍ෂක අධීක්‍ෂක ඇමති අතිගරු දුමින්ද සිල්වා මැතිතුමා එහි සැකකරුවකු නොවේ යැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක ලක්‍ෂමන් හුළුගල්ලේ මහතා පවසයි. එය එසේ කරවන්නැයි රජයේ බලවත්ම නිලධාරියා වූ ආරක්‍ෂක ලේකම් තුමා පොලීසියට අණදුන්නේ යැයි ද වාර්තාවල සඳහන් වේ. දක්‍ෂ රාජය නිලධාරියෙකු වන ඒ මහතා එසේ කරාවි යැයි අපට සිතිය නොහැක. තවද ඒ සම්බන්ධව පරීක්‍ෂණ කරන පොලිස් නිලධාරීන් ද මාරුකර යවා ඇති බව ආරංචි ය. මේ සිද්ධියට තිලංග සුමතිපාල මහතා වැනි තුන්වැනි පාර්ශ්වයක් සම්බන්ධ යැයි තවත් කතාවකින් කියැවේ… අවසානයේ තීන්දුව වන්නේ භාරත ලක්‍ෂමන් මහතා සියදිවි නසාගත් බව ය… ඒ ලංකාවෙ හැටි ය.

භාරත ලක්‍ෂ්මන් මහතාගේ කේස් එක (මම හිතන්නේ පෙට්ටිය විය යුතුය) ආණ්ඩුවේ කට්ටිය වසන් කරන්නට හදනවා යැයි කියා දයාසොරි ජයසේකර මහතා චෝදනා කරයි. දයාසොරි දන්නේ මොනවා ද ? ස්වර්ණවාහිනියේ නටන්න පමණි. කොලොන්නාවේ කේස් එක වෙන්න කලින් පාර්ලිමේන්තුවේ ඒකත් කියා එළියට දම්මවා ගත් මේ මහතා දැන් දැන් රෝසි සේනානායක මැතිණියගෙනුත් කුඩ පාරවල් කනවා කියා කොහෙදෝ පත්තරයක තිබුණා මතකය…. තමන්ගේ ආණ්ඩුවේ උපදේශකවරයෙකු මහදවල් පාර මැද මරා දැමූ සිද්ධියක් විලි ලජ්ජාවක් ඇති – ලෝකයේ අංක එකේ ත්‍රස්තවාදී සංවිධානය සමූලඝාතනය කල රජයක් එසේ ඉවත දමයිද ? ලෝකයේ හොඳම පොලීසිය ද ඇත්තේ අපටය. ආයුධ පෙන්වන්නට යන එකුදු සැකකරුවකු පණපිටින් ආපසු එන්නේ නැති එකම රට අපේ රටය….  අවුරුදු විසි ගාණක් බඩේ තිබූ අම්මාගේ කිරි කටින් එන්න ගහන්න පුළුවන් එකම පොලීසිය ලංකාවේ පොලීසිය පමණි. එවන් වූ පොලිස් දෙපාර්තමේන්තුවක් ඇති අපට මේ මහදවල් සාක්‍ෂිකාරයින් සියගණනක් ඇති සිද්ධියක සැකකරුවන්-අපරාධකරුවන් අල්ලා ගැනීම මහ ලොකු කජ්ජක් ද? දැනටමත් ඉන්දියාවට ගොස් ඇති සැකකරුවන් දෙදෙනෙකු පවා අල්ලාගෙන ඇති අතර තුන්වැනි පාර්ශවයේ සැකකරුවන් ද මේ වනවිට අල්ලාගෙන යමින් සිටිනවා ඇත.

එසේම විපක්‍ෂයේ අළුගුත්තේරුවන් විසින් කෘත්‍රිම කුඩු හිඟයක් මවා පාමීන් කොළඹ මත් ද්‍රව්‍ය වෙළඳාමට දුමින්ද සිල්වා මහතා සම්බන්ධ කිරීමේ දැඩි උත්සාහයක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් බවතින බව ද අපට දැනගන්නට ලැබී ඇත. මෙවැනි බොරදියේ මාළු බාන සිදුවීම් නිසා විපක්‍ෂයට කිසිදු විටක බලයට ඒමට පුළුවන්කමක් නැති බව අප එකහෙලාම පැවසිය යුතුය. ජනාධිපති තුමා තමන්ගේ පක්‍ෂයේ තමන්ට දර දිය ඇද්ද භාරතගේ මළගෙදර නොගොසින් රූපා කරුණාතිලක මහතාගේ මළ ගෙදර ගිය බවට කටකතාවක් ද ඇත… ඇයි හත් දෙයියනේ අර අපි දැක්කේ එතුමා ගිහින් ආචාර කරලා එනවා ? මේ කට කතා හදන එවුන්ට හෙනම ගහන්න එපා යෑ…

සංචාරකයෙකුගේ රුපියල් 2000 ක් වටිනා සුවඳ විලවුන් බෝතලයක් හොරා ගත්තැයි කියා හෝටල් සේවකයෙක් හිරේ දමා තිබේ… ඇත්තෙන්ම එය කළ යුතු ක්‍රියාවකි. ඒ සේවකයා කර ඇත්තේ ලංකාවට සංචාරකයන් ගෙන්වීම නතර කළහැකි තරමේ ජාත්‍යන්තර මට්ටමේ කුමන්ත්‍රණකාරී කටයුත්තකි. යුද්ධය අවසන් වූ පසු සංචාරකයින් වැල නොකැඩී අපේ රටට එති. අපේ රටේ හෝටල් සේවකයන් හොරුන් බවට පිටරට ප්‍රචාරයක් පැතිර ගියහොත් සංචාරකයින් පැමිණීම අඩු වේ… ඒ නිසා යුක්තිය හරි හැටි පසිඳලීමට ඌ අල්ලා හිරේ දැමිය යුතුය. අද සුවඳ විලවුන් බෝතලයක් හොරකම් කරන එකා  අනාගතයේ වැරදිලාවත් පාර්ලිමේන්තුවට ගියොත් මොනවා හොරකම් කරයිද කියා සිතාගන්නටවත් නොහැක. ඒ නිසා ඌ හිරේ දමා අනාගත හොරෙකු බිහි වීම නතර කළ යුතුමය.

නාවික හමුදාවේ ඩීසල් හොරකම් කළ හත් දෙනෙකු රිමාන්ඩ් කර තිබේ. එයද වටිනා ක්‍රියාවකි. හොරු නැති කළ යුතුය. උන් හොරකම් කළ ඩීසල් පෙන්වන්නට ගොස් ගිණි තබාගන්නට සැලැස්විය යුතුය. දැන් නාවික හමුදාවෙන් හොරකම් කරන එවුන් අනාතගයේ වැරදිලාවත් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගියොත් රටටම පාඩු වන හෙජිං ගණුදෙනු වැනි දේ කර රට බංකොලොත් භාවයට පමුණවන්නට ඉඩ ඇත. ඒ දේ නොවන්නට උන් දැන්ම ඉවර කළ යුතුය.

රටටම පිළිලයක් වූ ලංකා ඊ නිවුස් වාරණය කර ඇත. මේ වෙබ් අඩවියේ තිබෙන සියළුම කරුණු අජපල් බොරු ය. රටට හානිකරය. මේ නිසා එය තහනම් කළ යුතුමය… ජනමාධ්‍ය නිදහසක් අපට ඇත්තෙන්ම අවශ්‍යද ? රජයේ මාධ්‍ය ඇතිතරම් පුවත් සපයත්දී විකල්ප මාධ්‍ය කුමටද ? මේ නිසා රජයේ මාධ්‍ය පමණක් ඉතිරි කර අනෙක් සියළුම මාධ්‍ය තහනම් කළ යුතුය.. බොරු ලියන බ්ලොග් කාරයන් පවා තහනම් කළ යුතුය.

රජයේ සේවකයන් අපක්‍ෂපාතී විය යුතු බව කරු ජයසූරිය මහතා පවසයි. පබාටත් පැරදුන කරු දන්න මගුලක් නැත. රජයේ සේවකයන් රජයට පක්‍ෂපාතී විය යුතුය. ඔවුන් රජයට පක්‍ෂපාතීව රජයේ කටයුතු කළ යුතුය, රජයේ සේවකයන් කියන්නේ එබැවිනි. එසේ නැත්නම් උන් විපක්‍ෂයේ සේකයන් වේ… රජය ගෙනයන ක්‍රියාමාර්ග අනුමත් කරමින් ආණ්ඩුවේ ප්‍රසාදය දිනාගනිමින් රටේ අභිවෘද්ධීය, සංවර්ධනය වෙනුවෙන් කටයුතු කිරීම රජයේ සේවකයන්ගේ වගකීමයි. එසේ නොකරන උන් විපක්‍ෂයේ සේවකයන් වේ. කරු දන්න බම්බුව..!

රනිල් වික්‍රමසිංහ මහතා බැහැලා වැඩ කිරීම නිසා කොළඹ නගරසභාව පැරදුන බව කෙලියනේද රඹුක්වැල්ල මහතා පවසයි. රනිල්ටත් ඕන නැති මගුලක් නැත. ත්‍රී විල් ගානේ කොළඹ වතු අස්සේ ගිහින් අන්තිමට ගිනස් වාර්තාවක් තියන්න තිබුණ අවස්ථාවත් නැති කරගත්තා. ගීතාංජන මෙන්ඩිස් මහතාගෙන් අසා දැනගත්තොත් සමහරවිට මෙය ගිනස් වාර්තාවක් දැයි කියා දැනගත හැක.

නිමල් ලංසා සනසවන්න ජනාධිපතිතුමා ගිහින්....

තවද, ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම පිණිස මීගමුව නගරයේ ආදර්ශමත් ව්‍යාපාරිකයන්ගේ නිවෙස්වලට විශේෂ කාර්ය බලකාය කඩා පැනීමේ ප්‍රවෘත්තියක් ද මේ වනවිට මාධ්‍ය උණුසුම් කරමින් පවතී. හොඳ  වෙලාවට ජනාධිපතිතුමාත් මර්වින් සිල්වා ඇමති තුමාත් එහි ගොස් නිමල් ලංසා මහතාගේ සිත සැනසුවේ නැතිනම් මීගමුව පුරවරයම එකම මළගෙයක් වනවා නොඅනුමානය. හිතේ අමාරුවට වැරදිලාවත් නිමල් ලංසා මහතා කිහිපදෙනෙකුට වෙඩි තබා සියදිවි නසාගත්තානම් මීගමුව දියුණු කරන්නට සිටින දැයේ පුත්‍ර රත්නයක් අපට නැතිවනවා ඇත. දුමින්ද සිල්වා මහතා සනීපෙන් සිටියා නම් ඒ මහතා ද ලංසා මහතා බලන්නට යන්නට ඉඩ තිබුණි. අවම වශයෙන් එකුදු විපක්‍ෂ දේශපාලනඥයෙකු නිමල් ලංසා මහතා බලන්නට නොයාමෙන් ම උන්ගේ කුහක කම මනාව එළි වූ බව මීගමුව ප්‍රදේශවාසීන් පවසති.

මා දේශපාලනඥයන්ට ගරු නොකරමි. මගේ මිතුරෝ කිහිප දෙනෙකු දේශපාලනඥයින් වුවත් මම උන් ඇසුරු කරන්නේ මගේ මිතුරන් ලෙස විනා දේශපාලනඥයින් ලෙස නොවේ… මා ගරු කළ දේශපාලනඥයින් කිහිප දෙනෙකු සිටිති.

හිටපු ජනාධිපති ඩී බී විජේතුංග මැතිතුමා ගේ අවංක භාවය සහ සරළකම නිසාත්, හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතාගේ රාජ්‍ය භාණ්ඩාගාරය හිස් කර හෝ දුගී ජනතාවට ගෙවල් හදා දීම (යන කාරණය පමණක් පදනම් කරගෙන) ලලිත් ඇතුලත්මුදලි, ලක්‍ෂමන් කදිරගාමර් යන මහතුන්ගේ විචක්‍ෂණ දේශපාලන බුද්ධිය සහ සරළ දිවි පෙවෙත, ගාමිණී දිසානායක මහතාගේ කාර්යක්‍ෂමභාවය, අනුර බණ්ඩාරනායක මහතාගේ වාග් චාතූර්යය, රනිල් වික්‍රමසිංහ මහතාගේ මූල්‍යමය අවංකභභාවය (පමණක්) ආදී දේ නිසා මා ඒ මහතුන්ට ගරු කරමි. වත්මන් ජනාධිපති ආචාර්ය මහින්ද රාජපක්‍ෂ මහතාට මා ගරු කරන්නේ එතුමා පොරොන්දු වූ පරිදිම යුද්ධය නිමා කර රටට සාමය ගෙන ඒම නිසාය… වෙනත් අංශ වලින් ගත් කළ දැන් දැන් ඒ මහතා පරිහාණියට පත් වෙමින් පවතී. එක්කෝ එය හැත්ත බුරුත්තක් සිටිනා ආණ්ඩුවේ උපදේශක මණ්ඩලවල කචල් එකක් විය හැක. ප්‍රේමදාස ජනාධිපතිතුමා ද පරිහාණියට පත් වූයේ උපදේශක මණ්ඩලවල කීම අසා පිස්සු කෙළීම සහ සොත්ති උපාලි වැනි මහතුන් ලං කරගත් නිසාය…

දැන් ආණ්ඩුවේ සීතාම්බර පටසළුව අතරින් හෙළුව පෙනීමට පටන් ගෙන ඇත… සියල්ල පෙනීමට කලින් එක්කෝ හෙළුව (වැරදි) සාදා ගත යුතුය… නැත්නම් සියල්ල ගලවා දමා හෙළුවෙන්ම සිටිය යුතුය… දෙකෙන් මොකක් තෝරා ගන්නවාද යන්න ආණ්ඩුව තීරණය කළ යුතුය…. වාසනාව වන්නේ මොනවා කළත් ආණ්ඩුව නැවතත් බලයට පත් කිරීමට අපේ මැටි මෝල් ජනතාව සැදී පැහැදී සිටිනු ඇත… උන්ට තලන්න මඩු වලිග සැදීමට මඩුවන් මැරීමද මහා අපරාධයකි….

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on ඔක්තෝබර් 20, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 22.

  1. ඔන්න මම මේක කියෙව්වේ නැහැ. මම ඉන්නෙ ලංකාවෙනෙ. අපි ඕවට නැහැ.

    කැමතියි

  2. ළමා ගී…

    “කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා……
    ගෙදර නිතර දබර කරන පුංචි මල්ලියා….
    මගේ මල්ලියා…. සුරතලා චන්ඩියා….”

    “අත්තාපල්ලා මුත්තාපල්ලා මං අල්ලන්නට බැරුවානේ…
    මං අල්ලන්නට බැරුවානේ…
    මං අල්ලන්නට බැරුවානේ…”

    කැමතියි

  3. ‘වියයුතුව තිබුන දේවල් නෙමෙයි අද ලංකාවේ සිද්ද වෙන්නේ . හැමදේටම මුල ඉතිහාසේ කිසිම කාලෙක නොතිබුන තරම් ආණ්ඩුව අති ශක්තිමත් වීමයි .ඇල්කෙමියා නිවැරදිව කිවුවා වගේම මිනිස්සුන්ට ආණ්ඩුවම හැර වෙනත් විකල්පයක් නැහැ . ලංකා ඉතිහාසේ 1956 ඉඳල ශ්‍රීලංකා නිදහස් පක්ෂේ තනියෙන් ආණ්ඩුවක් හදල නැහැ .හැමදාම හැදුවේ සභාග රජයවල් , වාමාංශික පක්ෂ එක්ක එකතුවෙලා . හැම තිස්සෙම වගේ ශ්‍රීලංකා ආණ්ඩුවේ කැපී පෙනෙන මහා ජනයාට තේරෙන වෙනස්කම් හැම එකම වගේ කලේ මේ වාමන්ශිකයෝයි ඒ දේවල් හරි උනත් වැරදි උනත් . කුඹුරු පනත ,වරාය,බස් ,තෙල් ,ජනසතු කිරීම් ආදිය වගේම අලුත් ජනරජ ව්‍යවස්ථාවක් ගෙන ඒම වගේ දේවල් ඔක්කොම පිටුපස්සේ හිටියේ පිලිප් ලා එන්. එම් ලා කොල්වින්ලා වගේ අයයි. ඔවුන් අවංකව මහන්සි වෙලා වැඩකරපු ,ජරා දේශපාලනයක් නොතිබුන උදවියයි . එන් .එම් පෙරේරා මුදල් ඇමතිකමෙන් අයින් වෙන කොට එක සතයක්වත් ලංකාව කිසි රටකට ණය නැහැ .කොයි හැටි උනත් ඒ අයට දිගටම ආණ්ඩුව එක්ක ඉන්න බැරිවෙන විදිහේ ප්‍රශ්න ආණ්ඩුව ඇතුළෙන්ම හැමදාම ආව . ඒ අය ආණ්ඩුවෙන් අයින්වෙලා වෙනම ඉල්ලුවහම හැමදාම UNP එක දිනුව . පහු කාලෙකදී ඒ තැන ගත්තේ ජේ වී පී එකයි . එන් එම් ලා කොල්වින් ලා වගේ කාර්යක්ෂම කැපිල පේන වැඩකොටසක් ජේ වී පී එකෙන් කිසි දවසක උනේ නැහැ . හැබැයි යුද්ධය දිනීම සම්බන්දයෙන් මගේ සම්පූර්ණ ලකුණු මම දෙන්නේ ජේ වී පී එකටයි හෙළ උරුමයටයි . මහිද රාජපක්ෂ පලවෙනි ජනාධිපති තරඟයේදී යුද්ධ කිරීමක් ගැන කොහෙදිවත් කිවුවේ නැහැ . සාමෙන් බේරාගන්නවා වගේ දේවල් තමයි කිවුවේ . එත් ජේ වී පී එකයි හෙළ උරුමයයි දිගින් දිගටම යුද්ධ කිරීම පමණක් කලයුතුයි කියන ස්ථාවරයේ හිටිය , මහජනතාව අතරේ ඒ ගැන ලොකු මතයක් කැමැත්තක් විශ්වාසයක් ඇතිකෙරුව . චන්ද්‍රිකා කුමාරතුංගල රනිල් වික්‍රමසිංහල සාමය කියකිය කරලා කියල තිබිච්ච දේවල් හින්ද යාපනේ නැත්තම් තිරිකුනාමලේ ගිහින් කොටින්ට කප්පම් දීල නාල කාල බීල සන්තෝසෙන් අර ලිපේ තියෙන හැලියේ වතුර පහෙනකම් හිටපු කකුළුවෝ වගේ තිබිච්ච හිත් වෙනස් කිරීමේ ගෞරවය ජේ වී පී එකටයි හෙළ උරුමයටයි හිමි විය යුතුයි . සුනාමි මණ්ඩලයට කොටි සාමාජිකයෝ ඇතුලත් කරනවට විරුද්දවෙලා ජේ වී පී එක චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් එලියට ඇවිල්ලයි හිටියේ . ජේ වී පී එක පහු කලෙක උසාවි ගිහින් උතුර /නැගෙනහිර වෙන්කරන්න උසාවි තීන්දුවක් ගත්ත වෙලාවේ ආණ්ඩුවේ අගමැති [මම හිතන්නේ රත්නසිරි වික්‍රමනායක ] කිවුවේ ” අපිට අවශ්‍යනම් අනාගතේ පනතක් ගෙනත් මේ දෙක අයෙත් යා කරන්න පුළුවනි කියලයි . කොයි හැටි උනත් මහින්ද දිනනවත් එක්කම ජේ වී පී එක ආණ්ඩුවෙන් අයින් උනා .ඊට පස්සේ නිමල් සිරිපාලට මූලිකත්වය දීල සාමගිවිසුම පිලිගන්නවා කියල පිටරටදී සාකච්චා පැවැත්වුනා . LTTE නායකයෙකුට ආණ්ඩුව මැදිහත්වෙලා ඇපලෝ ඉස්පිරිතාලෙ බේත් කලා කියල ලොකු ආන්දෝලනයකුත් ගියා .කොයි හැටියෙන් හරි යුද්ද කරන තැනට ආණ්ඩුව ආව . හෙළ උරුමය දිගටම ඒ ස්ථාවරයේ හිටිය . ඒ සුප්‍රසිද්ධ මාවිල්ආරු සොරොවුව වහපු වෙලාවේ හෙළ උරුමයේ රතන හාමුදුරුවෝ ඒ සඳහා මූලිකත්වය අරන් වැඩකලා .මේ යුද්ධය දිනීමේ කාර්යට මගේ ගෞරවය කෙලින්ම හිමි වෙන අය වෙන්නේ , ජෙනරාල් ෆොන්සේකා , ජනතා විමුක්ති පෙරමුණ ,හෙළ උරුමය සහ ගෝටාභය රාජපක්ෂයි . මොකද ඒ හැමදෙනාම හැම වෙලාවේම යුද්ධයෙන් විතරක් මේ ප්‍රශ්නේ අවසන් කලයුතුයි කියන ස්ථාවරේ හිටිය හින්දයි . චන්ද්‍රිකාල ,රනිල්ලා වගේ වැරදි පාරක නොගිහින් අවසානයේදී නියම පාරට පිවිසිලා පූර්ණ අනුමැතිය සහ අවශ්‍ය දේවල් ලබාදීම ගැන ජනාධිපති මහින්ද රාජපක්ෂටත් ඒ ගෞරවය හිමි වෙනවා . මේ ඓතිහාසික කාර්යට දායක වෙච්ච හැමදෙනාම එකම කණ්ඩායමක එකාවගේ හිටියනම් මම කැමතියි .ජනතා විමුක්තිපෙරමුනේ යල් පැන ගිය , පාඩු ලබන රාජ්‍ය ආයතන පුද්ගලික අංශයට දීම වගේ දේවල් වලට විරුද්ද වීම වගේ දේවල් අනුමත කරන්න බැරි උනත් ඔවුන් හෙළ උරුමයත් සමග රිමෝට් කන්ට්‍රෝල් ලෙසින් , ආණ්ඩුව පවතාගෙන යාමේ තීරණාත්මක සාධක වගේ හිටියානම් මේ වගේ තත්වයන් ඇති නොවන්න තිබුනා . කොයි හැටි උනත් ආණ්ඩුපක්ෂයේ ඉන්න ගමන්ම භාරත ලක්ෂ්මන් ගේ මරණය වැනි දේවල් ගැන හඬක් නැගීම ගැන හෙළ උරුමයට මගේ ගෞරවය හිමිවෙනවා !!!!ජෙනරාල් ෆොන්සේකා වගේ සදාකාලික වීරයෙක්ව හිරේ දාන්න පුළුවන් උනානම් , තව මොනවද වෙන්න බැරි ඇල්කෙමියෝ ????’

    කැමතියි

  4. මේ යන විදියට kingback දුටුගැමුනු කෙසේ වෙතත් ධාතුසේන වෙයි වගේ.

    Dick-son

    කැමතියි

  5. හ්ම්… කියන්නට දෙයක් ඔබ ඉතුරුකර නැත.සීතාම්බර පටසළුවලින් මැසූ මහින්ද අන්කල් ගේ අළුත් ඈදුම් කට්ටලය ලස්සන බව පමණක් පවසමි.

    කැමතියි

  6. සම්පූර්ණයෙන්ම එකඟයි. විවේච්න සමග ලොක්කට කඩේ යාමත් සලකා බැලිය යුතුවේ. කුඩු කාරයන් සමග ගොස් කුඩුකාරයන් බදාගන්නා නායකයෙක් අපට අවශ්‍ය නැත..

    කැමතියි

  7. කතාවට සම්පුර්නයෙන් එකගයි,අර පරන කතාවක් තියෙන්නේ ,බල්ලොත් එක්ක නිදාගත්තාම මෑක්කොත් එක්ක නෑගිටින්න වෙන්නෙ කියලා,ඕක කාට වුනත් පොදුයි…ඉතින් අපි බල්න් ඉමු,අපේ රිරිමාන්සය උරාබොනන් අපි විසින්ම ඔවුන්ට කෑමෑත්ත දුන්නා නොවෑ.

    කැමතියි

  8. මම මේ ලිපිය දැක්කෙත් නැ කියෙව්වෙත් නැ (හැබැයි තියෙන්නෙ නම් ඇත්තලු !!! )

    කැමතියි

  9. ඇල් කෙමි,
    අපි හැමෝම වගේ අහන ප්‍රශ්නේ තම කවුද මේ වගේ හොරුන්ට චන්දෙ දෙන්න තරම් මොලේ අමාරු කාරයෝ කියන එක. එත් මේ චන්ඩි, හොරු සහ මංකොල්ල කාරයෝ තමයි වැඩිම මනාප අරගෙන තියෙන්නේ. පහුගිය දවසක අතුරලියේ රතන උන්නාන්සේ මේකට හේතුව විදිහට කිව්වේ, මේ කස්ටිය අනුගමනය කරන්නත්, උන් ලව්වා තමන්ගේ ජීවිකාව කරගන්නත් සෙට් වෙච්ච උන් බොහොම ලොකු ප්‍රමාණයක් ඉන්නවා කියල. ඉතින් මඩු වලිගෙන් තලන්න සැහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඒ වැඩේ කරන්නත් කට්ටිය හොයාගන්න ටිකක් අමාරු වෙයි.

    මේ නරවලේ හෙළුවෙන් නටන තවත් නළුවෙක් ගෙනත් මතක් කරන්න ඕනේ. කළුතර පැත්තේ කෝච්චියේ මාල කඩලා, ඒ නිසාම රත්තරන් කියල නමක් පටබැඳුණු ඇමති උත්තමයෙක් ඉන්නවා. ඒ උත්තමය පහුගිය දවසක කිව්වා ඉගෙනගෙන දොස්තර කෙනෙක් වෙන එක හරි මෝඩ වැඩක් කියල. ඇමෙරිකාවෙත් දැන් දොස්තරලා දොස්තර කම අතැරලා මේසන් බාස් කම් කරනවලු. එතුමාගේ යාළුවොත් ඉන්නවලු එහෙම කරන. ඉතින් උඹලත් ඉගෙනගෙන වැඩක් නැහැ කියන එක තමා එතුමාගේ කතාවේ හරය උනේ. එතුමාගේ යාලුවෝ සමහරවිට New York නුවර ලංකාවේ මිනිස්සුන්ට අයිති කාම කඩවල් වල ශුක්‍රානු පිහාදන වැඩේ කරන අය වෙන්න ඇති.

    මේ කතාවට මගේ ඇඟේ මාළු නටන එක තවම ඉවර වෙලා නැහැ. තුම්මුල්ල සෙන්ට්‍රල් එකෙන් සමත් වෙලා, ඒ ඉස්කෝලෙම පුන්චිබෝරල්ලේ ඉස්කෝලෙන් සමත්වෙලා ඇමෙරිකාවට ඇවිත් ඉන්න මමත් මගේ හමිනෙත්, දෙමව්පියන් ගැන හිතල වත් ආපහු ලංකාවට යන්න හිතාගෙන හිටපු සිතුවිල්ලත් නැත්තටම නැතිවෙලා ගියා එකෙන් පස්සේ. සුද්දන්ගේ කටු ලොවින එක හොඳයි මේ වගේ කැනහිල්ලු ඉන්න රටක පස් පාගනවට වැඩිය.

    තවත් එක කතාවක් කියන්න ඕනේ. ගිය ඉරිදා ලක්බිමේ කතුවැකියේ කියල තිබ්බ බටහිර රටවල් වල ඉසුරුමත් ජීවිත ගෙවනවා කියල, ලංකාවෙන් ආපු අය. මොනවා කියනවද නිහතමානී මහත්තයා! අපිට මෙහෙ කිරියෙන් පැණියෙන් ඉතිරෙනවා!!

    සමාවෙන්න ඕනේ, වෙන අයට දෙන්න ඕනේ උත්තර මෙතන අතහැරපු එක ගැන. එත් මම හිතනවා මේක සාදාරන තැනක් කියල මෙහෙම දෙයක් කියන්න. ජය වේවා!

    කැමතියි

  10. මම ඇල්කෙමියාගේ දිනපොත බලන්නේ නෑ

    කැමතියි

  11. මම මේ පින්තූරෙත් එක්ක ලිපියක් දාන්න ලෑස්ති වෙන කොටයි මේක දැක්කෙ. මගෙ පෝස්ට් එකේ මාතෘකාව වුනේ ” හිනාව ” කියන එක. මම දැන් ඒක අමතක කරනවා. කාටද මේ දෙන්න මේ හිනාවෙන්නෙ ? මොකක් ගැනද ?
    ” අපි මොනව කළත් මේ ගොන් හැත්ත කතිරෙ ගහන්නෙ අපිටමනෙ” එහෙම නේද මේ හිනාවෙන් කියැවෙන්නෙ ?

    කැමතියි

    • අපි මෙහේ පණ දාගෙන රට හදන්න ලියනවා…
      කන්තෝරු යන එකා බලන්නේ කොළ රෝලක් බෑග් එකේ දාගෙන ගිහින් දරුවන්ට දෙන්න.
      උදේට වැඩට ගිහින් තේ බීලා කාලා කයියක් ගහලා ගෙදර ඇවිත් සෙනසුරාදට ඕ ටී දාලා සතියේ වැඩ ටික කරලා ගානක් කඩා ගන්න. මන්ත්‍රීලගෙ පිටිපස්සෙන් යන්නේ තමන්ට රස්සාවක්, කොන්ත්‍රාත් වැඩක් ලබාගෙන ගාණක් කඩා ගන්න…
      මේ ඔක්කොම කරන්න ඒ වගේම කට්ටියක් රට පාලනය කරන්න ඕන.. හරි හමන් පාලකයෙක් ඉන්නවා නම් කාර්යක්‍ෂමතාවය කියන එක වැඩි කරගන්න එක මහ කජ්ජක් නෙවෙයි… මේ නිසාම තමන්ට හරියන උන් තමන්ව පාලනය කරන්නට පත් කරගන්නවා…
      මේක චක්‍රයක්… පිට පණින්න හදන එකායි අමාරුවෙ වැටෙන්නෙ…
      මම හැමදාම කිනයවා වගේ බුදු හාමුදුරුවො දේශපානය කරන්න ආවත්, අපේ අයියලා උන් වහන්සෙවත් පගා මරුවෙක්, දාමරිකයෙක් කරලායි පස්ස බලන්නෙ… ඕං කිව්වා….
      පින්තූරෙ නැති වුනාට කමක් නෑ ලිපිය දාන්න… බලන්න ආසයි..

      කැමතියි

  12. මොනව හරි විකල්ප වැඩ සටහනකුත් දෙන්නකෝ අප්පච්චි. බැන්නටම හරියන්නේ නැහැනේ. දැන් අප්පච්චි කියන්නේ මේක රනිල් මාමිට දුන්නනං හරි කියලද. අනේ අප්පච්චි අර රනිල් මාමිගේ මූල්‍යමය අවංක භාවයද මොකක්ද එක මට තේරුනේ නැහැනේ. ඒක ටිකක් පැහැදිලි කරන්නකෝ.

    කැමතියි

  13. @ඇලාගේ පුතා
    මනසෙන් බබා වයසේ සිටින ශරීරයෙන් විතරක් වයසට යන ඔයාලා වගේ කුක්කු බබාලාට විකල්ප කියල දෙන …කේ අමාරුවක් ඇල්කෙමියාට ඇතැයි නොසිතමි. චූටි කුක්කු බබෝ මහින්ද මාමට හඳුන්කූරක් පත්තු කරලා වැඳලා නාමල් බේබි එක්ක හැංගි මුත්තම් සෙල්ලම් කරන්න යන්න පැටියෝ….වැඩිහිටියන් කතා කාරන තැන් වලට ඔලුව දාන්නේ නැතිව. අප්පච්චි කියන දේවල් තේරෙන්න්න ඔයාගේ මොලේ ඒ layer එක තාම හැදිලා නෑ කුක්කු පටියෝ…අප්පච්චි කියන්නේ මේක රනිල් මාමිට දුන්නනං හරි කියල නොවෙයි ඔයාල වගේ කුක්කු බබාල ජම්බු ගහෙන් වැටිල වැඩි වියට පත්වුනා නම් හරි කියලයි.

    කැමතියි

  14. මෙව්වට කමෙන්ට් කරන්න රට පනින්න වෙනව. මං නං ආයෙ මේ පැත්ත පලාතේ නේනා වගට “මී” ඇස්දෙක පල්ලා පොරොන්දු වෙමි.

    කැමතියි

  15. ජහමනයා හැමෝම තමන්ගේ පාට පක්ෂේ එකා මොන ගොංකම කුප්ප කම කලත් ඇර නොබලන එකේ පාඩුව විඳින වෙන්නේ හෙට උපදින්න ඉන්න දරුවන්ට බව උන්ට නොත්‍රේරෙන හැටි අම්මපා . .

    ලොකුම අවුල තියෙන්නේ අසාධාරණයට විරුද්ද නොවෙන එකේ නෙමෙයි .. අසාධාරණය සාමාන්ය කරණය කිරීමයි. අසාරණය සධාරණීය කිරීමයි . .

    අරුන් කලත් ඔච්චරයි කියලා මුන් කරන ඒවා අරුන් කල ඒවාට වඩා හොඳයි කීම වගේ දේවල් නිසා රටට වෙන්නේ ලොකු හානියක් කියන එක දරුවෝ ඉන්න හැම දෙමාපියෙක්ටම තේරෙනවනම් . . . . !!

    කැමතියි

  16. ඇලන් ළමයට ඉස්තුති කරන්න ඕනේ මේ කට්ටියගේ හෙළුවැල්ල පෙන්නුවට. තමන්ගේ පිට කසන කොමෙන්ටු මිසක් යන්තම් හරි මෙයාලගේ මතයට විරුද්ධ අදහසක් ඉදිරිපත් උන ගමන් මල පනිනවා. අපිට ප්‍රජාතන්ත්‍ර වාදේ උගන්නන එන්නේ මේ කට්ටියද. ඔයාගේ කොමෙන්ටුවට හරි පිළිතුරක් නොදී අනික් අතට සෙවල කතා කියනවා. ලොකු වචන දාලා කියන රනිල්ගේ සල්ලි යටි මඩි නොගහන රඟේ අපට කියන්න එන්න එපා. රාජ්‍ය දේපල වැඩියෙන්ම මංකොල්ල කෑව කාලයක් තමා රනිල් අගමැති වෙලා හිටපු ටික කාලය.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න