2011 ඔක්තෝබර් 28: මේ ලෝකෙ රහක් නැති දවස් දෙකක්….


ගිය සතියෙම අහස උසට වැඩ, සමහර දවස් වලට ගෙදර එනවිටත් රෑ දොලහත් පහුයි.. ඒ තරමට වැඩ.. සමහර යාළුවො අහනවා මොනවද මෙච්චර වැඩ කියලා… කියන්න පුළුවන් වැඩ යෑ වෙන්නේ.. රෑ හතට විතර ලොක්කා ඇවිත් කියනවා මෙන්න මෙහෙම පරීක්‍ෂණයක් තියෙනවා කරලා බලමුද කියලා…. සමහර ඒවට නම් බෑ කියනවා.. පුළුවන් ඒවා බෑ කියන්නත් බෑනෙ.. සමහර ඒවා හරි යන වෙලාවලුත් තියෙනවා… ඒ වගේමයි මේ පරීක්‍ෂණ කරන්න කරන්න ආසයි.. (අනේ මන්දා)

සමහර දවස් වල නම් මට වුනේ අනුන්ගේ පරීක්‍ෂණ වලට වැඩ කරන්න… අපේ තියෙන අළුත් උපකරණ වලින් කෙරෙන සමහර පරීක්‍ෂණ වල පරීක්‍ෂණ තත්ත්‍ව දන්නේ මම විතරයි. මේ නිසා අනුන්ගේ වැඩක් වුනත් මට ඉන්න වෙනවා ඒ අයගේ පරීක්‍ෂණේ ඉවර වෙනකල්…

මේ නිසාම ඇඟට බොහොම වෙහෙසකර සතියක් වුනා ගිය සතිය.. ඒ මදිවට මේ දවස්වල කාළගුණය වෙනස් වෙන කාලේ නිසා හැමෝම එක්කෝ කහිනවා… නැත්තම් හොටු බේරගෙන… අපේ ලැබ් එකෙත් දෙන්නෙක්ම ලෙඩ වෙලා.. ඒ මදැවට එක්කෙනෙක් දිගටම වැඩටත් ආවා… මේ නිසාම බදාදා වගේ වෙනවිට මගෙත් නහය බරලාලා ඇඟ රිදෙන්න පටන් ගත්තා… කොත්තමල්ලි ඉඟුරු බිවුවත් මෙදාපාර ගැලවෙන්න බැරි වුනා.. බදාදා හවස් වනවිට වැඩේ හරි… ඉතින් ලොක්කට කියලා ඊයේ ගෙදර නැවතුනා… බොහොමයක් වෙලා නිදාගත්ත එක තමයි කළේ… අදත් නිවාඩු දාලා ගෙදර හිටියා.. කම්මැලි කම කොච්චරද කියතොත් කිසිම දෙයක් කළේ නෑ … DVR එකේ රෙකෝඩ් වෙලා තිබුණ වැඩසටහන් සියල්ලම ඉවර වෙනකල් බලාගත්ත එක විතරමයි වැඩකට ඇති දෙයකට වුනේ.. ලැප්ටොප් එකවත් අරින්න හිතක් තිබුණෙ නැති තරමට කම්මැලියි.. දැන් තමයි ඔන්න ටිකක් හරි හිතට ගතියක් ආවෙ..

හෙට සෙනසුරාදා කියලා නෑ වැඩට යන්න ඕන… අතපසු වෙච්චි වැඩ ගොඩක් තියෙනවා.. ලැබු එකේ පොඩි එවුන් මොනවා කරගෙනද දන්නෙ නෑ..

ඉඳලා හිටලා ඇඟටත් හිතටත් මේ වගේ පොඩි නිවාඩුවක් දෙන එක හොඳයි නෙ… ඒ වුනාට මෙහෙම නිකං හිටපු එක ගැන නම් හිතට කිසිම ගතියක් නෑ….

වැඩ කරලා කරලා පුරුදු වෙලා Workoholic වෙලාද මන්දා…….

Advertisements

Posted on ඔක්තෝබර් 28, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 3.

  1. හිකිස්, වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ . . .
    වැඩක් නොකර ඉන්න එක මහ එපාම ක්අරපු දෙයක්, මම දවස තුනක් නිදාගත්තා ඇස් ලෙඩ හැදිලා. ආසාවට ප්ඔතක් වත් කියවන්න බෑ ඇස් අරින්න බෑ නේ. අනේ මන්දා ලෙඩක් හැදිලා පැත්තකට වෙන්න උනොත් ජීවිතේ ගෙවන්නේ කොහොමද කියලා හිතාගන්න බෑ 😦

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: