2011 නොවැම්බර් 11: 2018 මළ කෙළියයි මහරජ ! කෙළිය නේද හම්බන්තොටට ?


2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සත්කාරකත්‍වය ලබාගැනීම සඳහා අපේ හම්බන්තොටත් වලි කෑවා අපි හැමෝම දන්නවා… අපේ ජනාධිපතිතුමා හම්බන්තොටට මේක ගන්නට පොදුරාජ්‍ය මණ්ඩල සැසිවාරයේදීත් පොඩ්ඩක් වැඩියෙන් කතා කළා කියලා දේශද්‍රෝහී ජනමාධ්‍ය පළ කරලා තිබුණා. අපට මේ මංගල්‍යය අත්‍යවශ්‍ය දෙයක් ද? අපට මීට වඩා කරන්න වැඩ නැද්ද අම්මපා… ?

විලි ලැජ්ජාවෙ හිරිකිතේ බෑ...

යුද්ධය නිමා වී වසර දෙකක් ගත වුනත් තවමත් උතුරු-නැගෙනහිර ජනතාවගේ ජීවන තත්ත්‍වය 100% ක් යථා තත්ත්‍වයට පැමිණිලා නැහැ. රජය ඒ වෙනුවෙන් බොහෝ වැඩ කොටසක් කළත්, තවත් සිදුවිය යුතු දේ බොහෝයි… රටේ අනෙකුත් ප්‍ර දේශවල යටිතල පහසුකම් නගා සිටවීම කළත් තව කළ යුතු දෑ බොහෝයි… මේ සඳහා මුදල් විශාල ප්‍රමාණයක් අවශ්‍යයි. රටට දැරිය නොහැකි තරම් විශාල සහ අකාර්යක්‍ෂම ඇමති මණ්ඩලයක්, කිසිදු පළක් නැති පලාත් සභා, ප්‍රාදේශිය සභා, නගර සභා, ආදී හැට කෝටියක් පලාත් පාලන ආයතන, පාඩු ලබන ගුවන් සේවයක්, විදුලිබල මණ්ඩලයක්, ප්‍රවාහන සේවයක්, ඛණිජ තෙල් සංස්ථාවක් සහ පාඩු ලබන වෙනත් බොහෝ ආයතන තබාගෙන අපි ලෝකෙට පරකාසය කරන්නට උත්සාහ දරනවා..

අපිට ඇත්තටම මේ සත්කාරකත්‍වය ලැබීමෙන් ලැබෙන්නේ මොනවාද ? හම්බන්තොටට නව නගරයක්, පාරවල්, තරුණයන්ට නව රැකියා අවස්ථා, සංචාරකයින් තරමක් වැඩිපුර පැමිණීම ආදිය…. නැතිවන්නේ ? විශාල මුදල් සම්භාරයක් වියදම් වීම… රට තව තවත් ණය වීම, කොන්ත්‍රාත් කාරයින් සහ දේශපාලනඥයින් සුළු පිරිසක් කොටිපතියන් වීම……. ජීවන වියදම වැඩි වීම..

මෙයින් වඩා වාසිදායක කුමක්ද ? දීර්ඝකාලීනව රට ණය වී මාසයක ක්‍රීඩා සැණකෙළියක් පැවැත්වීමද ? නැතිනම් ඒ මුදල් රටට වැඩදායක පරිදි යොදා ගැනීමද ? (එහෙමවත් වෙනවා නම් කොච්චර එකක් ද ?)

මගේ පෞද්ගලික හැඟීමේ හැටියට නම් මේ සත්කාරකත්‍වය අපට තවමත් දැරිය නොහැක්කක්. අපට කරන්ට බොහෝ දෑ තිබෙනවා.. අපේ රටේ ජනතාවගේ ජීවන තත්ත්‍වය නංවා ලන්න මේ මුදල් යොදාගෙන ඒ මිනිස්සු තරමක් හෝ සැහැල්ලුවෙන් තැබීම පිණක්… අවුරුදු 30 ක් මිනිස්සු යුද්දෙන් බැට කකා පටි තද කරගෙන හිටියේ රටේ දේශපාලනඥයින්ට ආදරේකට නෙවෙයි.. රටට තියෙන ආදරේට… ඒ මිනිස්සුන්ගේ රටට තියෙන ආදරේ පඳුරකට පයින් ගැසුවාම 20 ක් විතර විසි වෙන දේශපාලනඥයොන්ටත් තිබුණා නම් අපේ රටට මෙහෙම වෙන්නෙ නෑ… ඉකින් මේ අටමගලය අපට නොලැබුණ එක ගැන මට නම් තියෙන්නේ අප්‍රමාණ සන්තෝසයක්…

දැනුත් හිතන්න, වැඩ කරන්න පමා නෑ…

****************************************************

ප.ලි. මෙය දේශපාලන ලිපියක් නොවේ….

Advertisements

Posted on නොවැම්බර් 11, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 5.

  1. ගිය සතියේ විතර දුන්නු පොරොන්දුවක් ගැන හොඳවායි දෙකක් ලියලා මතක් කරන්න කලින් ප/ලි ය දැක්කා.

    මේක කාලීන ප්‍රවෘත්ති විශ්ලේෂණයක් යැයි සිතමි!

  2. රුසියාව, චීනය වගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් විශේෂ සැලකිලි දෙන රටක් වත් වුනා නම් හිතන්න පුළුවන් ඒ ගැන කැක්කුමක් තියෙනවා කියල. රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිට ගිහින් තරඟ කරලා එද්දී බස් වලින් ගෙදර යන රටක … ඔයිට වඩා හොයන්න ඇහැකි ෆෝර්මියුලා 1 රේස් එක ගෙනාව නම්, රටේ ඉන්න අය වෙනුවෙන් කරනවා කියන්නත් ඕනෙ නැහැ!!!!

    දැන් කාලේ ප්‍රවෘත්ති වාර්තා කරනවා විතරක් නෙමෙයි විශ්ලේෂණයක් කරලා ම දෙනවා නේද?!!!

  3. මෙතරම් එඩිතරව නැන්දම්මාට මුහුණ දී අදේශපාලණික ලිපියක් ලිවීම ගැන මගේ ප්‍රණාමය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: