2011 නොවැම්බර් 13 : Sorry විජේවීර………


ඉස්සරවෙලා ලියමි: මේ ලිපිය දේශපාලන ලිපියක් නොවේ.

අද නොවැම්බර් 13. මට නම් ඒ දවස වැදගත් වන්නේ ඇල්කෙමි පැටියා මෙලොව එළිය දුටු දවස නිසා… නමුත් ලංකාවට ඒ දිනය වැදගත් වන්න හේතුවක් වුනේ මීට අවුරුදු 22 කට පෙර… තංගල්ලේ තරුණයෙක් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් ඉගෙනගෙන ලුමුම්බා සරසවියෙ වෛද්‍ය විද්‍යාව හදාරන්න ගොස් සමාජවාදය ඉගෙනගත්තලු… ඒ තරුණයා වෛද්‍යවරයෙක් නොවී නැවත ලංකාවට ඇවිත් දේශපාලන ව්‍යාපාරයක් පටන් ගත්තලු… 71 කැරැල්ල නම් ප්‍රසිද්ධ කැරැල්ලත්, 89 දි නැවතත් අසාර්ථක විප්ලවයකිනුත් පසු සැඟවී ගිය මේ පුද්ගලයා නොවැම්බර් 13 වෙනිදා බොරැල්ල කනත්තෙන් සදහටම නික්මී ගියේ බොහෝ දෙනෙකුට හිතන්නට බොහෝ දේ ඉතිරි කරලා…

මේ මනුස්සයා කළ දේ වැරදි වෙන්න පුළුවනි.. නමුත් බොහෝ දෙනා මේ තරුණයාගේ කතාබහට, තර්කයන්ට, මතුකළ කාරණාවලට එකඟ වුනා කිව්වොත් නිවැරදියි.. 1983 ජනාධිපතිවරණ වේදිකාවක සඳහන් කළ පරිදි මේ රටේ ඇති අප්‍රමාණ සම්පත් ප්‍රමාණය නිසි ලෙස පරිභෝජනය කර රට දියුණු කරන්නට ඇති හැකියාව පෙන්වූයේ ඔහු පමණයි.. අනෙක් අපේක්‍ෂකයන් සාම්ප්‍රදායික දේශපාලනයේ නිරත වෙත්දී රටේ තරුණ පරපුරට හිතන්න දෙයක්, ඔවුනට එකට රොක් වෙන්නට හැකි ව්‍යාපාරයක් බිහිකරන්නට මේ වෙනතෙක් කෙනෙක් සමත් වූවා නම් ඒ ඔහු පමණයි… පාලනය කළ නොහැකි අප්‍රමාණ ජවයක් ඇති තරුණ පරපුර එක අරමුණක පිහිටුවා ගමනක් යන්නට ඒකරාශී කරගන්නට පුළුවන් වුනා නම් ඒ ඔහු පමණයි… ඔහු කළ දේ හරිද වැරදිද යන්න විග්‍රහ කරන්න මම දේශපාලන වශයෙන් පරිණත නැති වුනත් ඔහු බිහිකළ තුන්වන බලවේගයේ වර්තමාන කලදසාව නම් පැහැදිලි නැහැ.

සාම්ප්‍රදායික දේශපාලනය නව මාවතකට යොමු කරන්නට සමත් වූයේ ඔහු බිහිකළ ව්‍යාපාරයයි. දේශපාලනයේදී පරිත්‍යාග කළ හැකි බවට පෙන්වා දුන්නේ, තමන්ට ලැබුණ මන්ත්‍රී අසුන්වලින් තුනක් පරිත්‍යාග කරන්නට තරම් පරාර්ථකාමී වුනේ, මේ රටේ ත්‍රස්තවාදී ප්‍රශ්නය නිමකරන්නට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට  බලකළේ ඒ ව්‍යාපාරයයි. නමුත් ඔහුගෙන් පසුව පැහැදිලි දර්ශනයක් නොතිබුණ නායකත්‍වයක් ඇති දේශපාලන ව්‍යාපාරයේ මූලික සිද්ධාන්ත සහ සටන් පාඨ මහින්ද රාජපක්‍ෂ මහතා පැහැර ගනිත්දී ඔවුනට සිදු වුනේ විකල්පයක් සොයාගන්නට… ඒ විකල්පය විකාරයක් වෙද්දි, තමන් සමග සිටි සටන් සගයෝ මුදල් සහ තාන්නමාන්න ආදිය පසුපස හඹා ගොස් එකිනෙකා හැලී යත්දිත්, තමන්ගේ සමහර ප්‍රතිපත්ති පාවා නොදී ගිය මේ ව්‍යාපාරය අවසානයේ යන එනමං නැතිව අයාලේ යනවා.. සාම්ප්‍රදායික දේශපාලන මඩ ගොහොරුවේ එරුන මේ ව්‍යාපාරය දැන් නම් ඔවුන්ම කියපු “උනුත් එකයි, මුනුත් එකයි“ සටන්පාඨයට නව අරුතක් එක්කරමින් “උනුත් එකයි, මුනුත් එකයි, අපිත් එකයි“ බවට පත් වෙලා…

මේ ඔක්කොම එකතු වෙලා කොරන වැඩ වලින් කෙළවෙන්නේ රටේ මහජනතාවට කියලා උන්ට තේරුනත්, බඩ වඩා ගැනීමේ සහ තමන්ගේ ගොඩ ලොකු කරගැනීමේ කාර්යයේ නිරතව ඉන්න කාටවත් මේක පේන්නෙ නෑ…

ඉතින් මේ සියල්ල දෙස බලාගෙන ඉන්න අපට කියන්න වෙන්නේ සොරි විජේවීර… වෙරි සොරි කියලා විතරයි…

උන්නැහේ දැන් හිටියනම් මුං පිස්සු කෙළිනවා දැකලා බොරැල්ල කනත්තට ගිහින් වෙඩි තියාගෙන ආදාහනාගාරයට පණිනවා සිකුරුයි…

Advertisements

Posted on නොවැම්බර් 13, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 3.

  1. ලිපිය ගැන අදහස් නොදක්වමි! සමාජවාදය ප්‍රජාතන්ත්‍රවාදය! ඔය සියලු රෙදි වාද එ් එ් වාද දෙසන්නන්ගේ බඩ වඩාගන්න තැනූ එ්වා පමණකැයි මට සිතේ

    මම කතා කරන්නේ ඔ්ක ගැන නොවේ

    [අද නොවැම්බර් 13. මට නම් ඒ දවස වැදගත් වන්නේ ඇල්කෙමි පැටියා මෙලොව එළිය දුටු දවස නිසා]
    හදවතින් ම සුභපතන අතර අැල්කෙමි පැටියාට සුභ අනාගතයක් පතමි! 🙂

  2. පුතුට සුභ උපන්දිනයක් සහ හොඳ අනාගතයක් පතමි!

  3. විජේවීර යනු අපට හිඟව තිබෙන වෙනස් විදියට හිතන්නෙකු විය. එවන් අයට ආයුෂ අඩු අතර වැඩිකල් සිටියේ නම් අප මේ කතා කරන විදිය වෙනස් වන්නට ඉඩ තිබිනි. එනිසා හැමදේ වෙන්නේ හොඳටයයි සිතමි.

    පුතුට සුභ උපන්දිනක්!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: