2011 නොවැම්බර් 22 : පශ්චාත් භාගය ඉස්ට්‍රයික්…. !


ඇල්කෙමි පැටියගේ මාළු ටැංකියේ හිටපු මාළුවෙක් හදිසියේ මිය ගිහින්…. ටැංකියේ හිටපු ලොකුම මාළුවා පහර දීලා මේ මාළුවා  මිය ගිහින්…ඇත්තෙන්ම “මින්මැරුමක්”… සිද්ධ වෙච්ච දේ එහෙම වුනත්, කවුරුවත් අර මාළුවාට තර්ජනයක් කරන්න ගියෙත් නෑ…  ඒ වගේම අර ලස්සන මාළුවා පැටියා ආසම කරන මාළුවා නිසා දඬුවමක් කරන්නත් බෑ… (ආයෙම කියනවා…. මේක දේශපාලන ලිපියක් නොවේ).. ඒ වගේම මියගිය මාළුවා තවත් එතරම් ලස්සනත් නැති නිසා ඒ වගේ වෙනත් එකෙක් ගේන්න හිතුවෙත් නැහැ…ටික දවසක් ගතවුනා…. මාළු ටැංකිය අපිරිසිදු වෙන ප්‍රමාණය වැඩියි… දැන් දින දෙකකට තුනකට වතාවක් මාළු ටැංකිය සුද්ද කරන්න වෙලා. ෆිල්ටරෙත් හොඳටම ජරාව බැඳෙනවා… ෆිල්ටරෙත් නිතිපතා මාරු කරන්න සිදු වෙනවා… මේක බලන් ඉන්න බැරිම තැන පොඩි විශ්ලේෂණයක් කළා…

ටැංකියේ කසල ශෝධකයා

මියගිය මාළුවා Bottom Feeder මාළුවෙක්.. තියෙන ඇල්ගී පාසි, ආදී සියල්ල ඉවත් කරන්නෙක්… ටැංකියට ඒ තරම් වැඩක් නැතියැයි සිතූ.. කිසිදු ලස්සනක් නැති, වැඩිය පීනන්නෙත් නැති කිසිම හැලහොල්මනක් නැතුව හිටපු මාළුවෙක්…නමුත් ටැංකියේ හිටපු වැදගත්ම මාළුවා ඒ මාළුවා ය යන්න කිසිවෙකුට මතක තිබුණේ නැහැ…. ඒ මාළුවා වැදගත් වුනේ ඇයි ? ඌ කැත කළු කිසිම ලස්සනක් නැති වුනත් වැදගත් වුනේ ඇයි ?

ඇත්තෙන්ම ඒ මාළුවා හැමවිටම කළේ ටැංකියෙන් ඇල්ගී ඉවත් කිරීම…ඒ කියන්නේ ටැංකියේ කසල ශෝධකයා ඒ මාළුවා.. කවදාවත් කිසිම ඉල්ලීමක් නොකරපු අහිංසකයෙක්.. කෑම දාන වෙලාවට අනෙක් මාළු අනිත් එක එකාට කොටමින් තරඟ කරමින් කෑවත්, මේ මාළුවාට ඒ ගැන කිසිම ගානක් නෑ.. ඒ උගේ හැටි… අනෙක් මාළු – කෑම වෙලාවට ටැංකිය උඩට ඇවිල්ලා හර්තාල් දැම්මත්, මේ මාළුවා තමන්ගේ පාඩුවේ තමන් කරන වැඩේ කරගෙන යනවා.. ඉතින් ඒ මාළුවා මිය ගියාට පසු ටැංකිය ජරා වීම වැඩි වුනා… පසුගිය දින කීපයම අධික වැඩ තිබුණ නිසාම අළුතෙන් මාළුවෙක් ගේන්න තවමත් බැරි වුනා.. ඉක්මනටම කසල ශෝධකයෙක් ගෙනත් දාන්න ඕන… නැත්නම් වැඩ වැඩි වෙන්නේ මටමයි…

ඉතින් මේකත් අපේ සමාජය වගේ… බලවත් අය පොඩි එවුන්ව තලා පෙලා දැම්මත්, සමාජයේ වැඩි බරක් දරන්නේ, ඕනම කුණුගොඩකට අතගහන්නේ සමාජයේ පහලම ස්ථරයේ ඉන්න අසරණ මිනිස්සු බව අර උඩ වැජඹෙන අය අමතක කරනවා… දවස් දෙක තුනක් කොළඹ කුණු ගොඩවල් අයින් නොකළොත් කොහොමට තියේවිද ? කාර්යාලයක වුනත් ලොක්කා වැඩ වර්ජනය කළා කියලා ලොකුම හානියක් වෙන්නෙ නෑ.. නමුත් වැසිකිලි සෝදන මනුස්සයා වර්ජනය කළොත් දින කීයක් ඒක ඉවසන් ඉන්න පුළුවන් වේවිද ?

මේ කතාව ලියනකොට මම අහපු පරණ කතාවක් මතක් වුනා…

ඇඟේ අවයව එකතු වෙලා වාදයක් ගියාලු මොකක්ද වැදගත්ම අවයවය කියලා මොළය කිවුවලු වැදගත්ම අවයවය තමා කියලා.. ඇත්ත.. ඉතින් මොළය ඒක ඔප්පු කරන්න කියලා මොළයේ ක්‍රියාකාරීත්‍වය ටිකක් අඩපණ කරාලු… සිරුර ටිකක් අඩපණ වුනත්, අනෙක් අවයව වැඩි වෙනසක් නැතිව වැඩ කරගෙන ගියාලු… හදවතත් තමන්ගේ වැඩ පෙන්වන්න ටිකක් හෙමින් වැඩ කළා… ඒ වුනත් අනෙක් අවයව වලට වැඩි ගාණක් දැණුනෙ නෑ.. මේ විදියට බොහොමයක් අවයව තමන්ගේ වැඩ පෙන්වන්න “අකුරට වැඩ කළා“ නමුත් කිසිම කෙනෙකුට වැඩිපුර බාධාවක් වුනේ නැහැ… කවුරු කවුරුත් ලොකු ලොක්කො තමන්ගේ වැදගත්කම පෙන්වලා ඉවර වුනාට පස්සේ ගුද මාර්ගයත් කිවුවා තමනුත් වැදගත් කියලා… ඒ වුනත් කවුරුවත් ගණන් ගත්තෙවත් නැහැ… ඉතින් තමන්ගෙ පාඩුවේ ඒ අවයවයත් හෙමින් හෙමින් අකුරට වැඩ කරන්න ගත්තා… ඔන්න ටික දවසකින් මොළයට ඒක තදින් දැනෙන්න ගත්තා.. ඔලුව කැක්කුම, බඩේ රුදාව, වකුගඩු හරියට ක්‍රියා කරන්නෙ නැතිකම වගේ බොහොමයක් ලෙඩ ශරීරයට දැනෙන්න ගත්තා.. කාටවත් ලෙඩේ හොයාගන්න බැරි වුනා.. අන්තිමට හොයාගෙන හොයාගෙන යද්දි ගුදමාර්ගය වර්ජනයක් දියත් කරලා… යන්තම් පිංසෙන්ඩු වෙලා වර්ජනය නවත්තලා  ලොකු විනාශයක් බේර ගත්තා… අන්තිමට ඒ කොටසත් ශරීරයේ වැදගත් අවයවයක් කියලා පිළිගන්න අනෙක් අයට සිදු වුනා ලු.. මේක වැඩිදුර විශ්ලේෂණය කරන අය හිතන්න පුළුවනි කොහොමද අවයව කතා කරන්නේ තනිව ක්‍රියා කරන්නේ කියලා. ජීව විද්‍යාත්මකව පරතෙරට ගිය තවත් අය හිතාවි මොළය හෝ හදවත අක්‍රීය වුනාම සියල්ල අවසානයි නේද කියලා… එහෙම හිතුවොත් හරි වුනත් මේ කතාවෙදි ඉස්මතු කරලා තියෙන්නේ සමාජයේ නොවැදගත් කියලා සම්මත කරගෙන ඉන්න අයත් වැදගත් බව පෙන්වන්න වෙන්න ඇති (මොකද මේක මම ලියපු කතාවක් නෙවෙයි) ඉතිං ඒක එහෙමයි… බුදුන් වහන්සේ කසල ශෝධක සුනීතව මහණ කළෙත් මෙන්න මේ තත්ත්‍වය පෙන්වන්නයි…

අපේ සමහර මිතුරු මිතුරියනුත් පුංචි කාලෙ හරි නැති බැරි කාලෙ හරි ආශ්‍රය කරපු සමහර මිතුරු මිතුරියෝ බොහොම සුළු කාරණා නිසා අමතක කරලා දානවා, එහෙමත් නැතිනම් තරහා වෙනවා.. සමහර වෙලාවට අර පුංචි මිනිහා දන්නෙත් නෑ අර ඉහළට ගිය මිතුරා/ මිතුරිය තරහා වුනේ ඇයිද කියන එකවත්… ඉහළට ගියාට පස්සේ සමාජයේ ඉහල ස්ථරයේ වැජඹෙන ඒ අය පවදා හරි පහළට වැටිච්ච දවසට අන්තිමට උදවු වෙන්න ඉන්නේ අර තවමත් පහළ ඉන්න අය කියලා සමහර වෙලාවට හැමෝටම අමතක වෙනවා… ඒ වගේම මේ සියළු නැටුම් අපි ජීවත්ව ඉන්න ටික කාළයේ නේද කියල එක හැමෝටම අමතක වෙලා තියෙන්නේ…

ඉතිං මිතුරනේ තමන්ට පහළ රැකියාවක් කරන කෙනෙකුට හෝ ජීවන තත්ත්‍වයක් ඇති කිසි කෙනෙකුට හෝ පහත්ව සලකන්න එපා.. සමහරවිට අවසානයේ ඔබට සුළුවෙන් හෝ උදව්වක් කරන්න ඉතිරි වෙන්නේ ඒ මනුස්සයා වෙන්න පුළුවනි…

ඉතිං ඉහළට නගිද්දි අතු කපලා දාන්න ඉස්සරවෙලා දෙතුන් පාරක් හිතන්න… නොහිතූ වෙලාවක කකුල ලිස්සලා වැටෙනකොට අන්තිමට අල්ලගන්න ඉතුරු වෙන්නේ ඒ පුංචි අතු තමයි….

Advertisements

About Alchemiya

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on නොවැම්බර් 22, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 8.

  1. සම්පූර්ණ අැත්ත සර්,
    හැබැයි ටෑන්ක් ක්ලීනර්නං මටත් එච්චර ප්‍රියමනාප සතෙක් නෙවෙයි! :/

    කැමතියි

  2. ඔයගොල්ලන්ට ස්කැවෙන්ජර්ස් වගේ නමක් කිව්වෙ ලුම්බිනි ඇක්වේරියම් එකේ අය. මුන් නිසා මහ අර්බුධයක් ඇති උනා ත්තිඩිය වෙලේ. ඒ කොල්ලො මේකුන් ලොකු වැඩි උනාම වෙලට ගිහින් දාල.

    කැමතියි

  3. ( කාර්යාලයක වුනත් ලොක්කා වැඩ වර්ජනය කළා කියලා ලොකුම හානියක් වෙන්නෙ නෑ.. නමුත් වැසිකිලි සෝදන මනුස්සයා වර්ජනය කළොත් දින කීයක් ඒක ඉවසන් ඉන්න පුළුවන් වේවිද ? )
    ප්‍රරායෝගික අත්දැකීම ක් ඇත ………..
    කතාව සම්පූර්ණ ඇත්ත.

    කැමතියි

  4. මාතෘකාව දැක්ක ගමන් මම හිතුවේ , ඇල්කේමි වැඩිපුර කෝපි කෝප්ප කිහිපයකට වගකියල කියලයි. ඔෆිස් එකක වුනත් වැඩ කරන්න පුළුවන් ද , පහලම සේවකයා එයාගේ රාජකාරිය ඉටු නොකළොත්.ඒත් එයාල කෑම කන්නෙ වෙනම , මැදිහත් අය වෙනම, උසස් අය වෙනම.මේක ගොඩාක් දුරට දකින්න පුලුවන් රජයේ කන්තෝරු වල තමයි.

    කැමතියි

    • මෙහේ කෝපි වැඩිපුර බිව්වා කියලා බඩ තද වෙන්නෙ නෑ…
      ඔෆිස් වල කෑම ගැනීම, විවේක ගැනීම වගේ දේවල් වෙන වෙනම කරන්නේ ඒ ඒ උසස් අය හදාගත් සම්මත අනුව… දැන් දැන් අළුත් කළමණාකණ ක්‍රම අනුව ඔක්කෝම එකම තත්ත්‍වයකට ගැනීමයි කෙරෙන්නෙ… ලංකාවෙත් සමහර සමාගම් වල කළමණාකරණ අංශයේ සියළුම දෙනා එකට ආහාර ගැනීම වගේ දේවල් කෙරෙනවා…
      රාජ්‍ය අංශයේ නම් සර් මිස් කියලා කතා නොකෙරුවොත් ගෙදර යන්න වෙන්නේ.. නමුත් පෞද්ගලික අංශයේ නම් බොහෝ විට මුල් නමින් තමයි අමතන්නේ… මෙහේ නම් මහාචාර්ය වරුන්ටත් අපි අමතන්නේ මුල් නමින්…. ඒත් ලංකාවෙ ආත්මාභිමානය (Ego) අන්ත් හැම දේටම වඩා ඉහළින් යනවිට කරන්න දෙයක් නෑ…

      කැමතියි

  5. මෙහෙමයි වැදගත්ම දේ මේක අරක කියන කතාවට නම් බූඩි එකග නෑ. සමාජයේ හැමෝම එකා වගේ වටිනවා. මොකද අපිට එක්කෙන්ක්ගෙ හරි සපෝට් එක නැතිව ජීවත් වෙන්න බෑ. ඒක නිසා වඩා වැදගත් කව්ද කියන එක එච්චර ප්‍රායෝගික නෑ.
    හැබැයි සමාජයේ මොන ස්ථරයේ හිටියත්, මොන රස්සාව කලත් ඔහුගෙන් වෙන කාර්යය ඉතාමත් වැදගත්, මේක එකසේ හැමෝටම අදාල දෙයක්.
    දැන් ඔය අවයව කතාවේ උනත් හදවත් ස්ට්‍රයික් කලානම් මිනිත්ති කීයද ජීවත් වෙන්න පුලුවන්, ගුද මාර්ගය කලොත් පැය ගානක් දරාගන්න පුලුවන් ,ඉතින් ඕවා ලස්සන කතා විතරයි, තර්කයක් නෑ.
    මොලය, හදවත, ගුදමාර්ගය හැම දේම ඉතාමත් වැදගත් එක සේ. එකිනෙකට සම්බන්ධ පද්ධතිනොවැ. අපේ සමාජයත ඒ වගේ.

    බූඩිගේ මතය නම් ඔන්න ඔහොමයි 😀

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: