2011 නොවැම්බර් 27 : අනේ මේ හිරුණිකා නංගි… පිස්සු කෙළින්නෙ නැතිව දන්න රස්සාවක් කරගෙන ඉන්න මෙයා…..


සැලකිය යුතුයි : දේශපාලනය වැනි වචන තිබුණත්, මෙය අවවාදාත්මක ලිපියකි.

පිස්සු.... නේ...

ලංකාවේ බොහොමයක් ගෑණු දේශපාලනයට එන්නේ මිනිහා මැරුණාට පසු හෝ මිනිහා මැරුවාට පසුය… මේ ප්‍රවණතාවයෙන් ටිකක් හෝ මිදුනේ අපේ පබා, රෝසි අක්කා, අනුන් කෙළී නංගී, ගීතා අක්කා, ආදී ඉටිකිරිස් කැබලි ටිකක් පමණි.. ඒ ඉතිං අපේ ගොං හරක් ටික මොළයයි ගතිගුණයි බලා ඡන්දෙ දෙන නිසාය. ගොඩම දාහට දෙන චන්‍ද්‍රිකාවෝ, ශ්‍රීමනී, ශ්‍රීමා, ආදියත්, තලතා, සුමේධා, ආදී කස්ටියත් දේශපාලනයට එන්නේ එළිය බැලූ පාන නිවී ගිය පසුය… තවත් කට්ටිය හිටියත් ඒ ගැන වැඩිපුර මම දන්නේ නැති නිසා ඒ අය ගැන කියන්නට යන්නේ නැත. ලිස්ට් එක මෙතැනින් බලා ගන්න

මේ ගොඩට අළුතෙන්ම වැටෙන්නට යන්නේ ජනාධිපති උපදේශක ව සිට දිවංගත වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්‍ද්‍ර මැතිතුමාගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්‍ද්‍ර මෙනෙවියයි. (දිවංගත ජනාධිපති උපදේශක කියා ලිවුව හොත් ලංකාවට එන්න වෙන්නේ නැති නිසා මෙසේ ලිවුවෙමි). ලංකාවේ හැට හුටහමාරක් ඇති ත්‍රී වීල් පක්‍ෂ ගොන්නට එකතු වන්නට තවත් දේශපාලන පක්‍ෂයක් ඇය විසින් අරඹන බව මෑතදී ඇය පවසා ඇති බව කියවන්නට ලැබීමෙන් මගේ ඇඟේ මයිල් කෙළින් වී මේ රටේ මා කරමින් සිටින හිඟන රස්සාවද අතරමග නවතා දමා ලංකාවට පැමිණ ඇයට සහාය වන්නට මට සිතෙන්නට පටන් ගති.

ඒ අසහාය අභිප්‍රායට සහභාගී වන්නට මා විසින් අරඹනු ලැබූ ප්‍රයත්නය ගලක ගැසූ වීදුරු පාත්තරයක් මෙන් සුනු විසුණු වී ගියේ ඇල්කෙමිච්චිගේ මධුර මනෝහර ලාලිත්‍ය ආදරණීය කුස්සියේ දේශනාව නිසාය… වෙනදා මෙන්ම අදද ඇය නිවැරදිය… හිරුණිකාට මේ දේශපාලන මඩගොහොරුවේ පිපුණු අරවින්දයක් වන්නට පුළුවන් වේ නම්, ලංකාව අයිස්චර්යයේ පිවිසුමට යන දවස වැඩි ඈතක නොවේ… තවත් බොහෝ දෑ ඇය දෙසූ නමුත් මාගේ ආත්ම ගරුත්වය ලෝකයා ඉදිරියේ මෙසේ හෝ තබා ගත යුතු නිසා ඒවා පළ කිරීමෙන් වැළකෙමි.

අනේ… ඒ අහිංසක දැරිවියගේ ප්‍රාර්ථනාව කවදා ඉටු වේද ?  දිවංගත ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි වැනි නායකයින්ගේ ඇවෑමෙන් දේශපාලන කරලියට පැමිණි ශ්‍රීමා දිසානායක, දිවංගත ශ්‍රීමනී ඇතුලත්මුදලි වැනි කාන්තාවන්ට ගිය කළ කිසිවෙකුට අමතකද ? චන්‍ද්‍රිකා බණ්ඩාරණායක සිය බලය ව්‍යාප්ත කරගත්තේ ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතනය වූ හේතුවෙනි. ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතනය නොවුනා නම් 1993 දී බස්නාහිර මහ ඇමති වන්නේද, ඉන් පසු අගමැති/ 1994 ජනාධිපති වන්නේද එතුමා වන්නට බොහෝ සෙයින් ඉඩ තිබුණි. එසේ වූවා නම් අපේ රටේ මහින්ද චින්තනයක් ඇති නොවන්නට ද ඉඩ තිබුණි. හැබැයි අර අධිවේගී මහාමාර්ගය නම් මීටත් කලින් මීටත් වඩා අඩු වියදමකින් හැදෙන්නට ඉඩ තිබුණි…

ඉතිං හිරුණිකා නංගි මේ අපට කියන්න තියෙන්නේ මෙච්චරය.. රටේ තරුණ පරපුර අතරේ මුල්බැසගෙන තිබූ, ජනතාවගේ ලේ වලට කිඳා බැස තිබූ ජනතා විමුක්ති පෙරමුණටත් යන එන මං නැතුව ගිය මේ රටේ, රටේ ප්‍රධාන විපක්‍ෂය වන එස්සත් ජාතික පස්සෙටත් කරකියා ගන්න දෙයක් නැති මේ රටේ, ඔයා අළුතෙන් පක්‍ෂයක් පිහිටුවාගෙන මොනවා කරන්නද ? දැං ඉතිං දුමින්ද සිල්වත් නැති එකේ තාත්තගේ ව්‍යාපාර ටික දියුණු කරගෙන, පලාතේ තරුණ පරපුර බලා-කියා ගෙන දන්න කියන රස්සාවක් කරගෙන හිටියනං නරකද ?

පිස්සු කෙළින්නෙ නැතිව ඉන්න මෙයා…  ඔන්න ඔහේ දන්න දෙයක් කරගෙන ඉන්න…හැබැයි, ඔයාට පුළුවන් නං ලොකු බේබිගෙ ව්‍යාපාරෙට සෙට් වෙන්න ඔයාටත් පුළුවන් වේවි ලොකු බේබි ජනාධිපති වුන දවසට කාන්තා කටයුතු පිළිබඳ ඇමතිනී වෙන්න… මේවා ඇවිල්ලා දඩි බිඩියේ කරන්න පුළුවන් දේවල් නෙවෙයි… අවුරුදු 10 ක් විතර plan කරලා කරන්න ඕන දේවල්……ලඟ බලන්න එපා… දුර බලන්න කියලා දීඝායු කුමාරයාගේ පියතුමා කිවුවෙ මරු විකල්ලෙන් නෙවෙයි….. මං කියන්නෙ බොරුද ?

Advertisements

Posted on නොවැම්බර් 27, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 17.

  1. හිරුණිකා අක්කා මේක කියවලා තේරුම් ගන්නවානම් පට්ටයි! 

    නියම ලිපිය..! 

  2. //ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතනය නොවුනා නම් 1993 දී බස්නාහිර මහ ඇමති වන්නේද, ඉන් පසු අගමැති/ 1994 ජනාධිපති වන්නේද එතුමා වන්නට බොහෝ සෙයින් ඉඩ තිබුණි. එසේ වූවා නම් අපේ රටේ මහින්ද චින්තනයක් ඇති නොවන්නට ද ඉඩ තිබුණි. හැබැයි අර අධිවේගී මහාමාර්ගය නම් මීටත් කලින් මීටත් වඩා අඩු වියදමකින් හැදෙන්නට ඉඩ තිබුණි//

    ආශ්චර්යයක් කෙසේ වෙතත් ලංකාව සැහෙන හොඳ තැනක , ගාමිනි දිසානායක ආවත් එහෙමම තමයි කියල මට හිතෙන්නෙ (ගාමිනි දිසානායක ආව නම් ප්‍රභාකරන් වල කජු ගහන්නේ 1997 හෝ 1998 දි )

    හිරුණිකා ට කරනව නම් කරන්න වැඩ ඕනි තරම් , හැබැයි කලබල වෙලා බැ , අර කිව්වත් වගේ හෙමින් සිරුවේ කල් අරගෙන කල් යල් බලලා වැඩ කටයුතු කරන්න ඕනි

  3. ‘මෙතන දේශපාලනයක් ඇතැයි කියල මම හිතන්නේ නැහැ .තමන්ගේ තාත්ත වෙනුවෙන් උපන් හැගීම් බරවීමක් ඇර !!!! දෙමවුපියොයි දරුවොයි අතර බන්ධන දකුණු ආසියාවේ හුඟක් දැඩියි කියල ඇල්කෙමියට මම අලුතින් කියන්න ඕනැ නැහැනේ .ඊයේ පෙරේද ගාල්ලට කුණාටුවක් ආපු වෙලාවේ කලබල වෙලා ඇල්කෙමිය උනත් කීපාරක් දුරකථන ඇමතුම් ගන්න ඇද්ද ???? : ))))))))))) සේපාල ඒකනායක ජීවිතේ උගස් තියල ගුවන් යානයක් ඉස්සුවේ ඒ වගේ බන්ධනයක් හින්දනෙ !!!! ලංකාවේ දේශපාලඥයෝ සහ ඒගොල්ලන්ගෙ දූ දරුවෝ කරන කියන දේවල් ගැන මගේ උනන්දුවක් නැති උනත් මේ කාරනාව දිහා අවඥාවෙන් නැතුව සානුකම්පිකව මට බලන්න පුළුවන් !!!!’

    • මට නම් පේන්නෙ මෙතනත් තියෙන්නේ අවස්ථාවාදය කියලා… තමන්ගෙ තාත්තා මිය ගිය එක ඇත්ත. නමුත් දේශපාලන පක්‍ෂ පිහිටවාගෙන මේකට සාධාරණයක් කරන්න පුළුවන් කියලා මම හිතන්නෙ නැහැ. මේක ටිකක් කල් යල් බලා කරන්න ඕන දෙයක්..
      මම ගුණමකුවෙක් කියලා හංවඩු ගහන්න එපා, මම ගෙදරට කතා කළේ ඉරිදයි… මොකද මම දැනගත්තා ඒ කුණාටුව අපේ පැත්තෙන් ගියේ නැහැ කියලා.
      දරු කැක්කුම, දෙමාපිය ආදරේ කියන දේවල් නිසා බොහෝ දෙනෙක් නොහිතන අන්දමේ දේවල් කරන්න පෙළඹෙන බව ඇත්ත.. නමුත් මේක නම් එහෙම දෙයක් කියලා මට හිතෙන්න නැහැ.

  4. Somebody must start a march, but that one will have to sacrifice a lot. may be his or her life. That will make him/her historical. Above all if it brings a positive change to the country? Haffaaaa… kochchara deyak da?

    • Many have sacrificed their lives to make this country a better place to live, but time to time someone/some group will come and take it back to where it was.
      What we need is not the regime change, but the system change… If Hirunika jumps into the same system to change personnel in the ruling system it’s useless. If she can start changing the system, it will work.. But it’s not easy (I don’t say it’s impossible either).
      Starting just another political party is not the solution. Attitude change and system change needs a better platform that just another political party…
      Once someone start that kind of movement, I will join as well….

  5. ඔයත් හිරුනිකාගේ එක කුසේ උපන් සහෝදරයෙක් වෙන්න ඕනේ. ඇමෙරිකාවේ දුක් විඳින්නේ ඇයිද මෙයා? ඔයාල නම් එයි ලංකාවට. බොරු නැතුව ඉන්න මෙයා!

  6. හිරුනිකා අමාරුවෙන් හරි කරනවනම් කරන්න ඕනැ දේශපාලන පක්ස පිහිටුවන එක නෙමෙයි… මේ අවනඩුව ගැන කතා කරල ඒක ජනතාව අතරට ගෙනිහිල්ල පුළුවන් නම් සාධාරන නඩු තීන්දුවක් ලබා ගන්න බලන එක…

  7. Hirunika duwata kiyanna thiyenne aluthin paksha hadana eka neme, Thathage maranayata DUMI ya bawa oppu kirimai.

  8. හිරුනිකා තනියම දේශපාලන පක්ෂයක් හදන්ඩ ගියොත් වැටෙනවා. එය තවත් එක පක්ෂයක් පමණයි. එයා දෙමල සන්ධානයට හෝ එක්වුනොත් දේශපාලන අනාගතයක් තියනවා.

  9. සැම්යාගේ මරණයේ කඳුළු මතින් පාර්ලිමෙන්තුවට එන අය ඉන්දියාවෙත් ඉන්නව. ලංකාවෙ විතරක් නෙවි.
    ඔය ඉටිකිරිස් කෑලි වලට අඩු ගානෙ කතාවක් වත් කර ගන්න පුළුවන්ද? මගේ බ්ලොග් එකේ මම ලියල ඇති රෝසිට.. දන්න කියන කලාවක් කරගෙන ඉන්න කියල.
    චන්ද්‍රිකා ජනාධිපති වෙන කොට සමහරු කිව්වෙ ජාතිය ගලවගන්න විහාරමහා දේවි එනව කියල. ඇල්කෙමියාටත් මතක ඇති.

    මම ආසම කරන සබ්ජෙක්ට් එක දේශපාලනය. ඒ වගේම කතා කරන්න අකමැතිම සබ්ජෙක්ට් එකත් ඒකමයි.
    ලංකාවෙ දේශපාලනය කරන්න උගත් කමක් ඕන නෑ. ඉස්සර තමා උගත්තු හිටියෙ. කතා කරන්න, තර්ක කරන්න දන්න අය. දැන් නාඩි වැටෙන ඕනම කෙනෙකුට දේශපාලනයට එන්න පුලුවන්.
    හිරුනිකාට මම මේ කියන්නේ.. මේ ජඩ දේශපාලනය ඔබේවත් මගේවත් ජීවිත කාලය තුලදී ඉවර නොවේ. ඔය ජඩ දේශපාලනය නිසා මැරුණු එකම මිනිසා ඔබේ පියා නොවේ.
    කරන්න තියෙන හොඳම දේ ඔය සේරම අමතක කරල දාල් ආණ්ඩුවට හේත්තු වෙන එකයි. ආන්ඩුවට සපෝර්ට් කරන එකයි.
    දැන් පේන්නැද්ද විමල් වීරවංශ , ජැක්සන් ඇන්තනි එහෙම ?
    තව දෙයක් කිව යුතුය… මෙලොව පහල වූ අවාසනාවන්තම මිනිසා සරත් ෆොන්සේකාය. වාසනාවන්තම මිනිසා විමල් වීරවංශය.

    • අනේ මන්දා නිහාල් අයියේ….
      ලියන්න ආසයි ඒත් බයයි… දැනටමත් දෙතුන් පාරක් ගෙවල්වලින් වෝනිං ඇවිත් තියෙන්නේ දේශපාලනේ කතා නොකර වෙන ඕන මගුලක් බ්ලොග් එකේ ලියන්න කියලා… කොහෙද මේ ලංකාවෙ ඉන්න දේශපාලනේ කරන එවුං අපට එහෙම ඉන්න ඉඩ දෙන්නෙ නෑනෙ… මොකක් හරි අළුගුත්තේරු වැඩක් කරලා අපට කියලා මේවා ලියව ගන්නවා…
      ඉස්සර දේශපාලනයේ කතා අහපු අපිට මේ දැං ඉන්න එවුං මක්කුද කියලා අනන්තවත් හිතෙනවා… වැඩි දුර යන්න ඕන නෑ… බලන්න මේ ලිපිය…
      http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=40010
      අවම වශයෙන් රොනී ද මෙල් වගේ මනුස්සයෝවත් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවද ? මිනිහා පක්‍ෂ මාරු කළා තමයි, නමුත් බලන්න මිනිහගේ Credentials,… මිනිහා තමයි විවෘත ආර්ථිකය ගෙනාවෙ… ජේ ආර් නෙවෙයි… ඒත් එයා පස්සෙ කණගාටු වෙලා තියෙනවා එයාගෙ දැක්ම විකෘති කරලා පාවිච්චි කිරීම නිසා රටට වෙච්ච අනිසි බලපෑම් ගැනත්….

      දැන් ඉන්න එවුං අඩු ගානෙ අට පාස් ද? මෙහෙම කට්ටියක් කොහොමද අනාගතය ගැන හිතන්නේ. ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: