2011 නොවැම්බර් 30 : ඔබ කවුද ?


පිටින් එකම වගේ පෙනුනත් නිවුන්නුත් එකිනෙකාට වෙනස්....

ලෝකයේ එකිනෙකා එකිනෙකාගෙන් වෙනස්. ඒ වගේම අද්විතීයයි. (Unique) … එකම අම්මගේ බඩේ ඉඳලා එකම වෙලාවෙ එලියට ආපු නිවුන්නු වුනත් එකිනෙකාගෙන් වෙනස්.. මේ වෙනසම තමයි සමහරවිට එකිනෙකා ලං කරන්නෙ.. තවත් සමහර වෙලාවක ඈත් කරන්නෙත්… ඒක තමයි අනිත්‍යය.. නැත්නම් වෙනස් වීම… වසර දෙදාස් හයසීයකට පෙර බුදුන් වහන්සේ වදාලේ මෙන්න මේ වෙනස් වීම…

බිලියන හතක් පසු කරපු මිනිස් සමාජයේ මේ ඒකක වර්තමානයේ විද්‍යාත්මකව ප්‍රධාන වශයෙන් කොටස් හතරකට වෙන් කරන්නට පුළුවන්……

  1. විශ්ලේශක    – Analytical
  2. ධාවක             – Driver
  3. වශීකරවන    – Charmer
  4. ප්‍රකාශක        – Expressive

පහත දැක්වෙන්නේ මේ වෙනස් පුද්ගල ඒකකයන්හි දකින්නට ඇති විවිධ ලක්‍ෂණ. ඒ එසේ වුනත් කිසිම කෙනෙක්100% ක් මේ එකම වර්ගයකට සීමා වෙලා නැහැ… සියල්ලම මේ වර්ග හතරේ සම්මිශ්‍රණයක්.. නමුත් වැඩිපුර ඇති ලක්‍ෂණ අනුවයි ඔවුන් වර්ගීකරණය වෙන්නේ… ඒකත් අයත් වෙන්නේ වෙනස් වීමට… නැත්නම් වැඩිවන එන්ට්‍රොපියට… අනිත්‍යයට.

මිනිසා නම් සත්‍වයාගේ විවිධ අංශ කිහිපයකි….

  • පුද්ගලයින් වෙන වෙනම වර්ග  නොකිරීම
  • අන් අය විවේචනය කිරීම/නොකිරීම (Judge)
  • අන් මිනිසුන් පිළිබඳ ඉගෙන ගැනීම
  • හැදියාවන් පිළිබඳ හැදීරීම
  • තමන් පිළිබඳවම හැදීරීම
  • පුද්ගලික සංවර්ධන අංශයෙහි ලා ක්‍රියා කිරීම

මෙම වර්ගීකරණයේ අක්‍ෂ දෙක මෙසේ නම් කළ හැක.

  • x-axis: ක්‍රියාවේ යෙදවීමේ හැකියාව –  Ability to execute
  • y-axis: අනුවර්තනය වීමේ හැකියාව  – Ability to adapt

මේ විවිධ අයගේ ධනාත්මක සහ ඍණාත්මක කරුණු පහත දැක්වෙනවා… මේ හැම දෙනාම එක වර්ගයකට වර්ග කරන්නවත්, වෙන් කරලා හඳුනාගන්නවත් අපට බැහැ…. අපි හැමෝම ගාව මේ වර්ග හතරම අඩු වැඩි ගානට ඉන්නවා…

මානව සබඳතා වර්ගීකරණ ප්‍රස්ථාරය

විශ්ලේශක – Analytical

ධනාත්මක කරුණු

  • වැදගත් ප්‍රශ්න අසයි, වැඩිදුර විස්තර දැනගනී, ඇහුම්කන්දෙයි
  • නොගැලපීම්, වැරදි සහ හිදැස් පිළිබඳ සැලකිලිමත් වෙයි.
  • සියල්ල ක්‍රමාණුකූලව විස්තර කරයි, ක්‍රියාපටිපාටි අනුගමනය කිරීමට කැමැත්තක් දක්වයි.
  • නිගමනයක් ලබා දිය හැකි තොරතුරු ලබා දෙයි.
  •  කතා කිරීමේදී ඔබේ අවධානය දිනාගනී, තර්කයන් කෙරෙහි නැඹුරු වේ.
  • ව්‍යුහගත, තාර්කික පර්යේෂණවලට කැමති වේ
  •  නීතිරීති – ආකෘති- සමීකරණ ආදිය සොයයි.
  • විද්‍යානුකූල ප්‍රතිඵල කෙරෙහි කැමැත්තක් දක්වයි.
  • හොඳම ක්‍රමය සොයයි. 100% ක්ම තොරතුරු ලබා ගැනීමට රුචි වේ.
  • අන් අයට ස්ථාවරත්වයක් සහ නියම දැක්මක් ලබා දේ.

ඍණාත්මක කරුණු

  • අනවශ්‍ය පරිදි වැඩිපුර විශ්ලේෂණය සහ සැලසුම් කිරීම් කරයි
  • අනවශ්‍ය ලෙස දැඩි  උද්‍යෝගීමත් වේ
  • නම්‍යශීලී නැත. අනවශ්‍ය ලෙස පරිස්සම් සහිතය
  • වැඩිපුර ප්‍රතිචාර නොදක්වයි.
  • පෞද්ගලික මතයන් සහ සාරධර්ම පහසුවෙන් නොසළකා හරී
  • දැඩි සංයමයක් අපේක්‍ෂා කරන අතර කිසිදු තෙතමනයක් නැති ඍජු මනෝභාවයක් සහිතය
  • නිතරම තාර්කික ක්‍රමය පිළිබඳව පමණක් අවධානය යොදවයි.
  • පීඩනයක් දැනුන විටක පසුබසින අතර ඒ බව සඟවන්නට යත්න දරයි.
  • යමක් ගැන අත්දැකීමක් නැතිනම් ඒ සම්බන්ධව තීරණයක් කිරීමට  පසුබට වේ.

ධාවක – Driver

ධනාත්මක කරුණු

  • කෙටි කාලීන අරමුණු සහ ඉලක්ක කරා ගමන් කරයි
  • තාත්වික හෝ යථානුරූපි පුද්ගලයෙකි තත්ත්‍වය, ප්‍රමාණය, සම්පත්, කාල වේලාව වැනි යථාර්ථවාදී කරුණු කෙරෙහි අවධානය යොමු කරයි.
  • සත්‍ය වශයෙන්ම වැදගත්වන ප්‍රශ්න වලට විසඳුම් සෙවීමට උත්සාහ දරයි.
  • නිශ්චිතව ලැබෙන ප්‍රතිඵල කෙරෙහි අවධානය යොමු කරනයි.
  • අදාල තත්ත්‍වයකදී ඒ පිළිබඳ හොඳ සම්බන්ධතාවයකින් පසු වේ.
  •  සංකීර්ණ ප්‍රශ්න සරළව විසඳීමේ හැකියාව සහිතය.
  • ස්වාධින වන අතර ඉලක්කයක් කරා ගමන් කිරීමට සමතෙකි.
  • යම් යම් ප්‍රශ්න වලදී ක්‍ෂණික තීරණ ගන්නා අතර ඒ සඳහා අවදානමක් ගැනීමට නිතරම සූදානම් වේ.
  • කරුණු මනාව විස්තර කරන අතර ප්‍රශ්නයට අදාල කරුණු නියමිත හේතු සහිතව කෙටියෙන් විස්තර කරයි.
  • අවංකය, ඍජුය, ධනාත්මකය, ඉලක්කයක් කරා අවධානය යොමු වී ඇත.
  • ඉක්මන් ඵලදායීතාවය සහ සාර්ථකත්‍වයක් කරා ගමන් කරයි.

ඍණාත්මක කරුණු

  • අනවශ්‍ය පරිදි වැඩිපුර විශ්ලේෂණය සහ සැලසුම් කිරීම් කරයි
  • අනවශ්‍ය ලෙස දැඩි ලෙස උද්‍යෝගීමත් වේ
  • නම්‍යශීලී නැත. අනවශ්‍ය ලෙස පරිස්සම් සහිතය
  • වැඩිපුර ප්‍රතිචාර නොදක්වයි.
  • අන් අය අභිබවා යන්නට, වැඩ පවරන්නට, ඍජු-තද නිගමන ලබා දෙන්නට ප්‍රමුඛත්‍වය ගනී
  • වචනයෙන් නොකිවුවත් අංග චලනයෙන් සිය ප්‍රසාදය/අප්‍රසාදය පළකරයි.
  •  තමන්ගේ යෝජනාවලට අන් අය බලෙන් එකඟ කරවා ගැනීමට උත්සාහ කරයි.
  • එකඟ නොවීම් නොසළකා හරියි
  • “හැමෝම දන්නා පරිදි….“ හෝ මට පෙනෙන පරිදි“ ආදී වදන් නිතරම භාවිතා කරයි.
  • ආතතිය/ පීඩනය හමුවේ කලබල වේ
  • අන් අයගේ අදහසවලට සවන් දීමට අපොහොසත්ය.

වශීකෘත – Charming

ධනාත්මක කරුණු

  • මිතුරු සමාගමය / වෘත්තීයමය සමාගමය ප්‍රිය කරයි
  • අන් අයගේ අපේක්‍ෂාවන් සඳහා අවධානය යොමු කරයි
  • උදවු කරන්නට කැමැත්තක් දක්වයි.
  • යථාර්ථවාදී/පරමාදර්ශීය විසඳුමක් කෙරෙහිවඩා අවධානය යොමු කරයි.
  • මේ අයට වඩාත් වැදගත් වන්නේ මානව සබඳතා වේ.
  • අන් අය තේරුම් ගැනීම, ගරුකිරීම, සාරධර්මවලට ගරු කිරීම මූලික කොට සලකයි.
  • පුද්ගලයින් සහ ඔවුන්ගේ කාර්යභාරයන් ගැන අවධානය යොමු කරයි.
  • තම සගයින්/සේවකයින්/ වැඩබොප සහකරුවන් හට හොඳ දේ කුමක්දැයි අවධානයෙන් පසු වෙයි.
  • කරුණු කාරණා වලට වඩා අන් අයගේ මතය මූලිකව සලකයි.
  • භාවාත්මක/සංවේදී  පුද්ගලයෙකි.
  • විරුද්ධාකල්ප ඇති දෙපැත්තක් එකට එකතු කළ හැකි පුද්ගලයෙකි.
  • සිය හැඟීම් නිසි ලෙස ප්‍රකාශ කළ හැකි කෙනෙකි.
  • හොඳින් ඇහුම්කන් දෙන නිතර සිනාමුසු මුහුණින් සිටින පුද්ගලයෙකි.

ඍණාත්මක කරුණු

  • අභියෝග වලට සහ ඝට්ඨන අවස්ථාවලට අකැමැතිය
  • වැරැද්දකට සමාව දීමට පසුබට වේ
  • පීඩනය හමුවේ රිදුන ස්වභාවයක් හෝ වැරදිකාර හැඟීමක් පෙන්වයි.
  • මූලිකත්‍වය ගෙන ක්‍රියා කිරීමට මැලිකමක් දක්වයි.

ප්‍රකාශකයා – Expressive one

ධනාත්මක කරුණු

  • සංසන්දනාත්මකය, සමානතා – විශමතා සලකා බලයි
  • සමාජශීලී වේ
  • ප්‍රසිද්ධියට කැමැතිය.
  • අභියෝග සොයාගෙන යයි… එමෙන්ම සභියෝග ඇති කිරීමට ද සමතෙකි
  • ඉක්මනින් අදහස් දැක්වීම, සංකල්ප ගෙනහැර පෑම ආදියට දක්‍ෂය.
  • හැකියාවන් සොයා යයි, සහජ ඉවක් ඇත.
  • වෙනස් වීම් වලට සහ විවිධත්‍වයට කැමතිය
  • විවිධ අවස්ථාවලදී ඉහළින්ම කටයුතු කරන පුද්ගලයෙකි.
  • සාකච්ඡා කිරීමේදී ඍජුව සහ දරුණු ලෙස විවේචනය කරමින් අදහස් දක්වයි
  • නිර්මාණශීලීත්‍වය අගය කරන අතර එය උපදවයි.

ඍණාත්මක කරුණු

  • අසමහර විට රළුය, ඉතා ආවේගශීලීය
  • අනවශ්‍ය රණ්ඩු වලට පැටලේ
  • අභියෝගාත්මකය, අන් අය සැක කරයි, සමහර විට අන් අය නුරුස්සයි.
  • දීර්ඝ සාකච්ඡා නිසා එකඟතාවයන් අහිමි කරගනී
  • ප්‍රශ්න අසයි, ඇහුම්කනි දේ, නමුත් අමතක වීම වැඩිය.
  • “වෙනත් කෝණයකින් මේ දෙස බැලුව හොත්“ හෝ “ මෙය මේ විදියටම සිදු විය යුතු නැත“ ආදී වදන් නිතර භාවිතා කරයි.
  • පීඩනයක හමුවේ විහිළු කිරීම හෝ තරහ යාම සිදු වේ
  • සියල්ල තමා හරිහැටි දත යුතුය

ඉතින් බලන්න ඔබ කවුද ? මොනවද කරන්නේ ? කොයි වගේද ? කියලා…

පුළුවන් නම් පුංචි සටහනකුත් ලියන්න ඔබ අයත් වන වර්ගය ගැන.

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on නොවැම්බර් 30, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 5.

  1. අරුණි අක්ක ඊයෙ දාපු ආටිකල් එකේ ම තවත් පැත්තක් වගේ…

    ඔබ කියල තියෙනව වගේම ඉතින් හැමෝම වගේ මේවයෙ සම්මිශ්‍රණයක් කියල තමා මටත් හිතෙන්නෙ…

    කියවල බැලුවහම වැඩිපුර තියෙන ලක්ෂණ අනුව නම් මම ධාවක යෙක් වගේ මට හිතෙන්නෙ…

    පොඩි කරුණක් පැහැදිලි කරගන්න කැමතියි… ” හැමෝම දන්නා පරිදි ” කියන එක භාවිතා කරන එක සෘණාත්මක ලක්ෂණයක් යැයි කියන්නේ ඇයි… මම කොහේදිවත් කියවල අහල නැති කරුණක් ඒක…

    ඒ වගේම පොඩි අකුරෙන්…
    මම නිතරම මගෙ teams වලට brief කරන වෙලාවට යොදාගන්න phrase එකක් ” As you all know ” කියන එක..
    ඒකයි විමසිලිමත් වුණේ…

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: