2011 දෙසැම්බර් 06 : ලෝකයේ පැවැත්මට අයින්ස්ටයින්ලා මෙන්ම දුමින්ද සිල්වලාද නැතිවම බැරිය…….


මේ ලෝකෙ හැම දෙයක්ම පදනම් වෙන්නේ හේතු-ඵළ වාදය මත කියලා කිව්වොත් සමහරක් දෙනා කලබල වෙන්නට පුළුවනි. හේතුවක් නැතුව කිසිම දෙයක් සිදු වෙන්නෙ නෑ කියලා තමයි මට නම් හිතෙන්නේ….

අපි අවට සිදු වෙන හැම දෙයක්ම සිදු වන්නේ හේතුවක් ඇතිව… මලක් පිපෙන්නේ ඵලයක් හට ගන්න…. ගෙඩියක් හැදෙන්නේ සිය වර්ගයා බෝ කරන්න… ඒ වගේම අපේ ඉපැදීමත් කිසියම් හේතුවක් මුල් කරගෙනයි සිදු වන්නේ කියලයි මට හැඟෙන්නේ.. ඔබේ අදහස මීට වෙනස් නම් ඊට එරෙහි වෙන්නත් හේතු දක්වන්නත් ඔබට ඇති තරම් අවකාශ තිබෙනවා.

උපුටා ගැනීමසම්බුද්ධාපදාන (පිටු 4-5): කතෘ; පූජ්‍යපාද තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ

මිනිසත් බවක් ලැබීම කණ කැස්බෑවෙක් විය සිදුරකින් පසලොස්වක දා අහස බලනවා වගේ දුෂ්කර දෙයක් ලෙසටත් ධර්මයෙහි දක්වා තිබෙනවා.  වියගහ කියන්නේගොවියන්  කුඹුරු සී සාන විට හරකුන් දෙදෙනකු එකට ගැට ගිසීමට උපයෝගී කර ගන්නා ලී දණ්ඩක්. මේ විය දණ්ඩ හදන්නේ ඉතා ශක්තිමත් ලීයකින්. එය ලෙහෙසියෙන් කැඩෙන්නේ නෑ. ගොවීන් අවුරුදු ගණනාවක් එකම විය දණ්ඩ කුඹුරු සී සෑම සඳහා භාවිතා කරනවා. මෙය කැඩී බිඳී යන්නේ ඉතාම කලාතුරකින්. මේ වියදණ්ඩ යම් හේතුවක් නිසා කැඩුනොත් එක ගෙදර ගෙනැවිත් දර ලිපට දමන එකයි ගොවියන්ගේ සිරිත. එහෙමත් කලාතුරකින් තමයි කෙනෙක් මේ ලීය අතරමග කැලයකට විසි කරලා එන්නේ.

ඉතින් මේ  කැලේට කවුරු හරි දර කඩන්න ගියොත් ඔහු මේ ලී දණ්ඩ අහුලාගෙන එනවා. නැතිනම් අව්වට වැස්සට හසු වී දිරාපත් වෙනවා. එසේ නොදිරා ඒ කැලේම රැඳෙන්නේ බොහොම කලාතුරකිනුයි. මෙසේ ඒ විය දණ්ඩ කැලේ රැඳී තිබෙන විට මේ කැලේට මහා වර්ෂාවක් වැටෙනවා. ඒ වැහි දිය හසු වී මේ වය දණ්ඩත් ගසා ගෙන යනවා. කැලයක් වුනාම එහි ගස් තියෙනවා ගල් තියෙනවා, මුල් තියෙනවා. මේවායේ නොපැටලී දිය පහරට හසු වී මේ විය දණ්ඩ ඇලකට ගසා යන්නේ එහෙමත් කලාතුරකින්. ඉතින් මේ විය දණ්ඩ අතරමග නොරැඳී ඇල් දිගේ දොළකටත්, දොළ දිගේ ගඟකටත්, ගඟ දිගේ මුහුදකටත් ගසාගෙන යන්නේ ඉතාම කලාතුරකින්. කෙසේ හෝ මුහුදට ගසාගෙන ගොස් වැටුනොතු බොහෝ විට මුහුද කරන්නේ දමන කුණු නැවත ගොඩබිම වෙත ගසා දැමීමයි. එසේ ගොඩට නොගසා දියඹට ඇදී යන්නේ ඉතාමත් කලාතුරකින්.

ඉතින් මේ තෙරක් නොපෙනෙන මහා සාගරයේ මේ කුඩා සිදුර සහිත විය දණ්ඩ එහාට මෙහාට පාවෙමින් තිබෙනවා. මෙසේ තියෙන කොට එක ඇහැක් පමණක් පෙනෙන අනෙක් ඇස නොපෙණෙන කණ කැස්බෑවෙක් අවුරුදු සියයකට එක වතාවක් මුහුද පත්ලේ සිට දිය මතුපිටට පිහිනාගෙන එනවා. එසේ පිහිනාගෙන එනකොට අර පෙනෙන ඇහැ උඩ පැත්තට හරවාගෙන එන්නත් ඕනෑ. එහා මෙහා පාවී පාවී යන විය දණ්ඩේ සිදුර හරියට ඇහැ ළඟට සම්බන්ධ වෙන්නත් ඕනෑ. එදා පසලොස්වක පෝය දවසක් වෙන්නත් ඕනෑ. අහසේ වලාකුලු නොතිබෙන්නත් ඕනෑ. සඳ බබලමින් තියෙන්නත් ඕනෑ. මේ සියළු කාරණාවන් එකතු වී කණ කැස්බෑවා විය සිදුරෙන් අහසේ ඇති සඳ දැකීම වෙන්නත් ඕනෑ. ඉතින් මේ සියලු කාරණාවන්ගේ එකතුව සිදු වන්නේ කොතරම් දුෂ්කර ව ද කියා සිතා බලන්න. අන්න ඒ වගේ දුෂ්කර වූ දෙයක් තමයි මේ මනුෂ්‍ය ජීවිතයක් ලබනවා කියන එක.

උපුටා ගැනීම අවසන්.

අපි දැන් මේ සිදුවීම විද්‍යාත්මකව සහ සම්භාවිතාව ආශ්‍රිතව සලකා බැලුවහොත්, පිරිමියෙකුගේ ශරීරය තුළ එක් වරකට සාමාන්‍යයෙන්  නිපදවෙන්නේ ශුක්‍රාණු මිලියන තුන්සියයක් පමණ ප්‍රමාණයක්. මෙය සෑම දින 2-3 කට වතාවක්ම අළුත් වෙනවා. ගැහැණු පිරිමි එක්වීමක් සිදු වීමේ සම්භාවිතාවය කෙසේ වුනත්, ඒ එක්වීමකදී ගැහැණියගේ සරුභාවය පවතින දින ගණන වන්නේ උපරිමයෙන් මසකට දින 10ක් වැනි කාළයක්. එසේ නම් සාර්ථක දරු පිළිසිඳ ගැනීමක් සඳහා ඒ කාළය තුළදී එක් විය යුතුයි. ඒ එක් වීම සිදු වුනත් ශුක්‍රාණුවක් පැලෝපීය නාලයකට පැමිණෙන විට ඩිම්බයක් එය වෙත පැමිණ තිබිය යුතුයි. වෛද්‍ය විද්‍යාත්මකව  ලිංගික එක්වීමකදී පිටවන ශුක්‍රාණුවලින් 10% කටත් වඩා අඩු ප්‍රමාණයකුයි ගැබ්ගෙළ පසුකර යන්නේ.  එසේ යන ඒවාද අතරමග නොයෙකුත් කරදර හමුවේ මිය යනවා.. මෙසේ සියළු කරදර වලට මුහුණ දී සියළුම බාධක දුර හැර ලා ඩිම්බයක් වෙත ගමන් කරන ශුක්‍රාණු ප්‍රමාණය බොහොම අල්පයක්. ඒ අතරිනුත් ශක්තිවන්තයාට පමණයි ඩිම්බයේ පිටත බිත්තිය සිදුරු කළ හැක්කේ. එසේ සිදුරු කරගෙන ඇතුළට ගිය වහාම ඩිම්බයේ සිදු වන රසායනික ක්‍රියාවක් මගින් වෙනත් ශුක්‍රාණු ඇතුළුවීම වලකනවා. මෙසේ වර්ධනය වන ජීවියා පළමු මාස තුන ඇතුළත ගෙවන්නේ තරමක අවදානම් ජීවිතයක්. එසේ වැඩෙන ජීවියා සති 40 ක් මව තුළ ජීවත් වී නිරෝගීව බිහි වීමෙන් තමයි මිනිස් ජීවිතයක් ලැබීම සම්පූර්ණ වන්නේ. දැන් මේ සියල්ලේ සම්භාවිතාවය සළකා බැලුවහොත් මුලින්ම මිලියන 300 කට එකකුත්, දින 10 ක කාල පරිඡේදයකුත්, සති 40 ක නිරෝගී වර්ධනයකුත් ආදී මෙකී නොකී සියල්ල සලකා බැලීමේදී අර මුලින් කී කණ කැස්බෑවා විය සිදුරකින් සඳ දැකීම වැනි උපමාවකට සමානයි නේද ?

ඔබේ ජීවිතය අන්න ඒ වගේ දුර්ලභ සිදුවීමක ප්‍රතිඵලයක්. එය අහඹු වේවා සැලසුම් කරන ලද්දක් වේවා, එහි අවසාන ප්‍රතිඵලය වූයේ ඔබ. එනම් ඔබ සියළුම අහඹුතා බිඳ දමා ජයග්‍රහණය කර තිබෙනවා. ඔබ මිනිසත් බව ලැබීම මිලියන තුන්සියයකට එකකටත් වඩා දුර්ලභ සිදු වීමක්.

ඒ අමාරුවෙන් මිනිසත්බව ලැබූ ඔබ ළදරු – ළමා අවධිය පසුකර, සමහරු යොවුන්බව සහ තරුණ මැදිවයසේ අවස්ථාවෙ පසු වන්නෙක්. ඔබ ඔබේ ජීවිතය කෙසේ ගෙවිය යුතුද කියලා තීරණය කළ යුත්තේ ඔබයි… එයට කාගෙන්වත් තහනමක් හෝ සීමාවක් නෑ… නමුත් ඔබේ නිදහසේ සීමාව කෙසේ පාවිච්චි කරනවාද යන්න සමාජ සම්මත වලට අනුකූලව නොකෙරුවොත් ඔබ ලොකු අමාරුවක වැටෙනවා.

තවත් දෙයක් තමයි අපේ බුද්ධියේ සීමාවන්… ලොවින් එකෙක් එක් දේකට වෙයි සමත කියලා පුරාණ කාළෙ කිව්වෙත්, දැන් බහුවිධ බුද්ධි න්‍යාය වගේ දේවල් වලින් පැහැදිලි වෙන්නේ මේ සමාජයේ පැවැත්මට අපි සියළුම දෙනාගේ දායතක්‍වය අත්‍යවශ්‍යයි කියන එකයි. මහරජතුමාගේ පටන්, ගුරුවරයා, වෙලෙන්දා,  හිඟන්නා, සොරා, මිනීමරුවා, පමණක් නොවෙයි රැකියා විරහිත උපාධිධාරියා ද මේ සමාජයේ පැවැත්මට අවශ්‍ය සාධක.  සමාජයේ ඉදිරිගමන තකා වැඩකරන අය මෙන්ම එහි වේගය බාල කරන අය ද සිටිය යුතු වනවා ඇති. එසේ නැත්නම් සමාජයේ අධිවේගී ඉදිරි ගමන කුමක් හෝ හේතුවක් නිසා ඉබේම අඩාල වේවි. උදාහරණයක් වශයෙන් ජනගහනය අධික වනවිට කිසියම් හෝ ස්වභාවික උවදුරක් පැමිණිලා ලක්‍ෂ ගාණක් මිය යනවා… මේකත් මේ සමබරතාවයේ ප්‍රතිපලයක්.

එකා සැමට........... සැම එකාට.............

දැන් අපේ මේ බ්ලොග් අවකාශය ගැන බලන්න… මේ තුළ නානා විධ අය ඉන්නවා… තාක්‍ෂණික බ්ලොග්, රසකතා, ප්‍රේමකතා, දර්ශනය, ආගම, ජාතිවාදය, ආගම් වාදය, දේශපාලන පක්‍ෂ වලට ගැති අය, නිදහසේ ලියන අය, ගීත, සිනමාව, කලාව… ආදී මෙකී නොකී සියළුම අය මෙතැන ඉන්නවා… දැන් මම වගේ කිසිම රසයක් නැති රසානය විද්‍යාව හරි තවත් මොකක් හරි දෙයක් අල්ලගෙන ලියන අය 100 ක් විතර මේ බ්ලොග් අවකාශයේ සිටියා නම් මෙය මේ තරම් ලස්සන වෙයි ද? නැහැනේ… අන්න ඒකයි සමාජයේ විශමතාවයේ අලංකාරය… මෙන්න මෙතැනයි සමබරතාවය තියෙන්නේ… මෙන්න මේකයි අපි තේරුම් ගන්න ඕන.. අපි කාගෙවත් උවමනාවටවත්, කාගෙවත් බලකිරීමටවත්, අපගේ ගමන වෙනස් කරන්න නරකයි.. නසමර විට පොඩි අපගමනයක් කරගන්න පුළුවන්, ඒ අපි වැරදි පාරක යනවා නම්.. ඒ ඇරෙන්න අනෙක් අයගේ අවශ්‍යතාවලට අපේ අනන්‍යතාවය නැතිකරගන්න ඕන නැහැ…

සමාජයත් ඒ වගේ නොයෙක් විධියේ අය විවිධ දේවල් කරනවා. දේශපාලනඥයා (හොඳින් හෝ නරකින් හෝ) තමන්ගේ පැවැත්මටත් රටේ පැවැත්මටත් අපව පාලනය කරනවා අපි වෙනුවෙන් සුළුවෙන් හෝ වැඩක් කරනවා. අපි හැමෝටම දේශපාලය කරන්න බැහැ. මේ විවේචනය කරන මමත් දේශපානය කරන්න ගියොත් අනාගන්නවා. ඒ වගේමයි තවත් සමහරු උගන්වනවා.ව්‍යාපාර කරනවා.. ආදී වශයෙන් විවිධ ස්ථර වල ජීවත් වෙනවා… මේ හැමෝම සමාජයට අවශ්‍යයි…

අපට මේ ලැබිලා තියෙන ජීවිතයට Mission එකක් එක්කයි අපි මේ ලෝකෙට ඇවිත් තියෙන්නේ.. අපේ යුතුකම අන්න ඒ Mission එක සම්පූර්ණ කරලා තවත් යමක් කරන්න තිබේ නම් සමජයට ඉටු කරලා හෙමින් සීරුවේ අනෙක් Mission එක සොයාගෙන යෑම… ඉතින් ඔබේ Mission එක මොකක් ද කියලා ටිකක් හිතලා බලන්න.. හොඳ එකක් නම් දිගටම කරගෙන යන්න ,… නරක එකක් නම් ඉතින් ඒකෙ නරක බව ටිකක්අඩු කරන්න බලන්න… නරකම කරලා හරියන්නෙත් නැහැනේ… නැත්නම් අළුත් Mission එකක් හොයාගත්තත් කමක් නෑ… ඔබ ඒක නොකෙරුවත් සමහරවිට තවත් කවුරුහරි එතැනට ආදේශ වෙන්නට බැරි නැහැ… මේ ලෝකය හරිම පුදුමාකාරයි… කවුරුවත් ඒක හරියටම තේරුම් ගන්නට සමත් වෙලා නැහැ තවම…..

ඉතින් අපේ රටටත් මේ හැම වර්ගයේම අය අවශ්‍යයි…දේශපාලනඥයො වැඩි වුනත්, මැරයෝ වැඩි වුනත්, බුද්ධිමත්තු වැඩි වුනත්, මෝඩයෝ වැඩි වුනත් රටේ පැවැත්මක් නැති වෙයි.. ඒ නිසා වෙන්න ඇති අපට හරියන්න අපි වගේම කට්ටියක් අපිව පාලනය කරන්න අපි විසින්ම පත් කරලා යවලා තියෙන්නේ…

ඉතිං ඔබ ඔබේ Mission එක කරගෙන යන්න….. කරන දේ හරියට කරන්න….

Advertisements

About Alchemiya

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on දෙසැම්බර් 6, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 18.

  1. සර් කියන එක හරියටම හරි!

    කැමතියි

  2. මට දැන ගන්න ඕන අර අන්තිම වර්ග හතරෙන් මොන එකටද ගරු දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා අයිති වෙන්නේ කියලා… 😉

    කැමතියි

    • මට හිතෙන විදියට Expressive කියන එකට තමයි අයත්…. නැත්තං අනවශ්‍ය රණ්ඩු වලට පැටලේවියා… ප්‍රසිද්ධියටත් අකමැතිම නැහැනේ….
      Analytical වෙන්න බැහැ.. – වැදගත් ප්‍රශ්න අහන්නෙ නෑනෙ…
      Charming වෙනව නං වෙන්නෙ ඉතිං අනුන්කෙළි වගේ අයට විතරනේ..
      Driver කෙනෙක් වෙන්නත් බෑ… හැම සරළ ප්‍රශ්ණයක්ම සංකීරණ කරගන්නවා නේ…

      කැමතියි

  3. හරියටම හරිය. ඒ වගේම අනුන් කිව්වාට වෙනස් වෙන මිනිස්සු බොහොම හිඟය, මා නම් දැක නැත.

    කැමතියි

  4. මමත් පටන් ගන්නව ලෝකෙට වංචාවක් කොරල ලේසියෙන් කීයක් හරි හොයාගන්න,,

    කැමතියි

  5. //Mission එකක් එක්කයි අපි මේ ලෝකෙට ඇවිත් තියෙන්නේ//

    Paulo Coelho ගේ ඇල්කෙමිස්ට් එක්කයි ඇල්කෙමියා මල්ලි එක්කයි මම එකඟ නොවන කාරණය ඔතැන තියෙන්නෙ.

    කැමතියි

    • සිහින හඹා යාමත් අපේ Mission එකට අයිතියි නේද ? උසස් පෙළ පටන් ගත්තාම මගේ සිහිනය වුනේ කවදා හරි විද්‍යාඥයෙක් හෝ දොස්තර කෙනෙක් වෙන්න… මට දොස්තර කෙනෙක් වෙන්න බැරි වුන නිසා විද්‍යාඥයෙක් වෙන්න උත්සාහ කළා… ඒක හරිගියා….
      මම තව පාරක් ඇල්කෙමිස්ට් කියවලා තේරුම් ගන්න උත්සාඑ කරන්නම්… බොහොම කාලෙකට පෙරයි කියෙව්වේ… දැන් සමහර විට වැඩියෙන් තේරුම් යාවි…

      කැමතියි

  6. ඔව්! ඩාවින් ගොයියත් ඔය වගෙ දෙයක් කියන්න උත්සහ කලා කියලා අපිට ඉගැන්නුවා(උගන්නන්න උත්සහ කලා) ලාවට වගේ මතකයි!
    ඊයේ කතා බස් ඇහුවා!නොදන්න ගොඩක් දේවල් අහන්න ලැබුනා!ඔබ අපට ආඩම්බරයක්!

    කැමතියි

  7. ලිපිය ඉතා අර්ථවත් එකකි. එනමුත් මෙහි ආරම්භය සම්බන්ධයෙන් මා ඇල්කෙමියා හා එකග නොවෙමි. විවෘත මනසකින් බලන කල ඔබගේ සංසන්දනාත්මක විග්ර හයන් දෙක නොගැලපෙන බව මාහට හැඟී යයි. සම්බුද්ධාපදනයෙන් ඔබ උපුටාගෙන ඇති කොටසෙන් කියවෙන්නේ ඔබ විද්යාෙනුකුලව විග්ර.හ කර ඇති සංසිද්ධිය නොවන බව මගේ හැගීමයි. සම්බුද්ධාපදානයෙන් විස්තර කරනු ලබන්නේ මේ සංසාර ගමනේ, විවිධ භවයන්ගේ උපදින සත්ත්වයා, මනුසත් භවයක ඉපදීමට ඇති සම්භාවිතාවයි. එහි විස්තරකර ඇති විවිධ සිද්ධීන් සඳහා සාපේක්ෂ අගයන් ලබදී, එහි සම්භාවිතාව කිසියම් ලෙසකින් ගණනය කළහොත්, එය ඉතාමත්ම කුඩා වන අතර, විග්ර හය පිලිබඳ සිතන ඕනෑම අයෙකුට වුවද හැඟී යන්නේ එය සිදුවිය නොහැක්කක් බවය. එය එතරම්ම දුර්ලභ ඝනයේ සිදුවීමකි. එහෙත් ඔබ විද්‍යානුකුලව විග්රදහ කර ඇත්තේ, ඩිම්බයක් සහ ශුක්රාමණුවක් සංසේචනය වී එය නිරෝගී දරුඋපතකින් කෙලවරවීමේ සංසිද්ධියයි. ඒ අනුව පළමු හා දෙවන සංසිද්ධීන් දෙක එකක් නොවන බව මා හට වැටහී යයි. එමෙන්ම මෙම දෙවන සංසිද්ධිය, පෙර කී සංසිද්ධිය මෙන් කිසිසේත් විරළ සංසිද්ධියක් නොවන බව මාගේ හැඟීමයි. දෙවන සංසිද්ධිය මෙතරම් විරළ සම්භාවිතාවක් සහිත වුවක්නම් මෙලොව මෙතරම් ජනගහනයක් පැවතිය නොහැක. මා උපතින් බෞද්ධයකු නොවෙමි. එහෙත් මෙලොව මා තරයේ එකග වන කරුණක් ඇත්ද, එය බෞද්ධ දර්ශනය බව කිව යුතුය. මා හට උපතින් බෞද්ධ අයකු තරම් ධර්මය (අභිධර්මය) පිලිබඳ දැනුමක් නොමැති වුවද, පොතපත ඇසුරෙන් මා දැනගත් කරුණු වලින් තරමක හෝ දැනුමක් ඇතැයි සිතමි. එසේම විද්යාදව ඇසුරෙන් බුදු දහම විග්රවහ කිරීම පිළිබඳවද මා පෞද්ගලිකව එකග නොවෙමි. විද්යාමව පිලිබඳ මා දන්නා කරුණු අනුව එය ගමන් කරනුයේ වෙනත් මාවතකය. එතුල එය සිදුකරන දෑ බොහෝය. මා විද්යා වටද බොහෝ සේ ඇලුම් කරමි. ඇතැමෙකු එය සදාතනික සත්යා නොවේ යැයි තර්ක කලද, විද්යා වේ ඇති සම්මුති සත්ය න් තුලින් කල දෑ බොහෝය. එනමුදු බුදු දහම ගමන කරනුයේ වෙනම මාවතක බව මාගේ හැඟීමයි. කෙසේවුවද, මෙම බ්ලොග් අවකාශය තුලින් ඔබ කරනා සේවය මා බොහෝ සේ අගය කරමි. ඔබට ජය….

    කැමතියි

    • ස්තුතියි ප්‍රතිචාරයට…
      මම මෙතැනින් අදහස් කළේ ඒ සංසිද්ධින් දෙක සමාන කරන්න නෙවෙයි. නමුත් බුදු දහමේ මිනිසත් බව ලැබීම කියන දුර්ලභ දේට මට තේරෙමන හැටියට අර්ථ කථනයක් දෙන්නයි මම හැදුවෙ… මට පේන විදියට, මට අවබෝධ වන විදියට බුද්ධාගමේ හැමදේම විද්‍යාවෙන් විග්‍රහ කරන්න අමාරු වුනත් එහි ඇති ඇතැම් සංකල්ප වලට විද්‍යාවත් බුද්ධාගමත් සමාන්තරව යන අවස්ථා තිබෙනවා..
      මෙතැනින් මා අදහස් කළේ ඒ කරුණු..
      මම ඔබ කියන සමහර දේවලටත් එකඟයි…

      කැමතියි

  1. පින්ග්කිරීම: 2011 දෙසැම්බර් 09 : බස් එකේ නැගලා මාත් එක්ක යන්න ආපු හැමෝටම ස්තූතියි… « ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's D

  2. පින්ග්කිරීම: 2011 දෙසැම්බර් 09 : බස් එකේ නැගලා මාත් එක්ක යන්න ආපු හැමෝටම ස්තූතියි… « ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's D

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: