2011 දෙසැම්බර් 09 : බස් එකේ නැගලා මාත් එක්ක යන්න ආපු හැමෝටම ස්තූතියි…


දෙසැම්බර් 08 වෙනිදා බස් රේඩියෝවට කණ තියාගෙන මගේ බෙලක් සද්දෙ පැය දෙකක්ම අහගෙන හිටපු සහෘද කැළ වෙත,

වසර එකහමාරකට  මඳක් වැඩි ප්‍රමාණයක් වූ කාලයක ඇල්කෙමියා බ්ලොග් දෙකක හිමිකරුවෙක් විය. පළමු වැන්න සම්පූර්ණයෙන්ම රසායන විද්‍යාවට ආදාල දේ පමණක්ම ලියන්නට සූදානම් කර තිබූ නමුත් ඒ පොරොන්දුව දේශපාලනඥයෙකු අවංක, නිහතමානී, සමාජයට සේවය කරන ඔබේ සේවකයෙකු වනවා යැයි කියන පොරොන්දුවට සමගාමී විය. තේරෙන භාෂාවෙන් කියුව හොත් ඒ පොරොන්දුව අමුම අමු පට්ටපල් බොරුවක් විය… ඒ බොරුවෙහි වගකීමද පවරන්නේ උන්ටමය… උන් පිස්සු කෙළින්නේ නැතිනම් ඇල්කෙමියාට උන් ගැන ලියන්නට අමාරුවක් නැත…

ඒ බ්ලොගය කෙමෙන් කෙමෙන් අභාවයට යමින් පවතින්නේ එකවිට දෙකකට කොටන්නට තරමක් අපහසු නිසාය... අන් සියළු දේ මෙන්ම මුලින් ආපු කණට වඩා ඇල්කෙමියාටද පස්සේ ආපු අඟ ලොකු වී අළුත් එකට නිතිපතා කෙටීම නිසා පරණ එක අමතක වී ගොසිනි.. එසේ නමුත් පරණ එක අයාලේ යන්නට හෝ ඉඩ දී ඇත්තේ තවමත් අනෙක් අය පරණ එක තරමක් හෝ පරිහරණය කරන නිසාමය. දැන් ඒ නිසා එකකට පමණක් කොටමින් පවතී… එය ඇල්කෙමියාගේ දිනපොතයි…

ඉතිං මේ දිනපොතේ ලියැවිලා තිබෙන දේ බලන්න තරමක් සෙනඟ එනවා… රසායනාගාරයට 15000 කුත් දිනපොතට දැනට 34000 කුත් ගොඩ වැදිලා තියෙනවා. ඒ හැමටම බොහොම ස්තූතියි.ඒ වගේම කොමෙන්ටුත් බොහොමයක් තිබෙනවා.. ඒ දිරිගැන්වීම් සියල්ලටම ස්තූතියි. මේ අල්ලපනල්ලේ බස් රේඩියෝවේ වැප් මහතා මාව කතාවකට අල්ලගෙන බස් රේඩියෝවේ සාකච්ඡාවකට ඈඳා ගත්තා… ඉරිදා දවසක උදේ පාන්දර කුණු කෙළ පෙරාගෙන කළ පැයකට සීමා කරගෙන තිබුන මේ සාකච්ඡාව පැය දෙකක් දක්වා ඇදී ගියේ නොදැනීම.. උදේම පැටියවයි ඇල්කෙමිච්චිවයි වෙනම කාමරේකට දාලා අනෙක් කාමරෙත් දොර වහගෙන කරපු සතරකන් මන්ත්‍රණයක් මේක…. පස්සේ ඉතිං හැමෝටම ඇහුනා…

අහපු අයගෙ ප්‍රතිචාර බොහොමයි… ඒ හැමෝටම බොහොම ස්තූතියි. නම් වශයෙන් කියන්න ගියොත් සමහරු අමනාප වෙන නිසායි නම් නොකිවුවෙ. මුලින්ම ස්තූතිවන්ත වන්නේ වැප් මහතාටයි බීට්ල් මලයාටයි මාව මේ කටයුත්තට පංගාර්තු කරවා ගත්තාට… මගේ බ්ලොග් වලින් යමක් ඔබ ඉගෙන ගත්තා නම් ඒක මට සතුටක්. මටග් සාකච්ඡාවෙන් ඔබ යමක් ඉගෙන ගත්තා නම් ඒකත් සතුටක්… මගේ Mission එක අන් අයට මා එකතු කරගන්නා දැනුම බෙදා දීම… ඒ වගේම ඔබ හිතන විදිය යන්තමින් හෝ හොඳ පැත්තට වෙනස් කරන්න පුළුවන් නම් ඒකත් මගේ ලොකු ජයග්‍රහණයක්.

සමහරුන්ට මම කියපු සමහර කරුණු දිරවන්න නැතුව ඇති… අපැහැදිලිතාවයක් තියෙනවා නම් අපි සාකච්ඡා කරමු… ප්‍රශ්නයක් නෑ… වැඩිදුර විස්තර කරගන්න යමක් තියෙනවා නම් අහන්න….

ඉතිං මගේ බෙලෙක් සද්දෙ අහගෙන පැය දෙකක් හිටපු හැමෝටමත්, බස් එක ධාවනය කරපු වැප් ඇතුළු අනෙක් අයටත් ස්තුතියි… මාව දිරිමක් කරපු අනෙක් අයටත් කොමෙන්ටු දාපු හැමටමත් ස්තුතියි….

ඔබ එයින් යමක් අළුතෙන් ඉගෙන ගත්තා නම්, යමක් හිතන්න තිබුණා නම්… එයයි මගේ සතුට…

මෙයට හිතවත්,

ඇල්කෙමියා.

Advertisements

Posted on දෙසැම්බර් 9, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 6.

  1. ඔන්න සර් බස් එකේ ගියා අෑ
    ටිකදුරයි යන්න උනේ. දැං මේ බෆර් වෙන්න දාල තියෙන්නෙ 🙂

    කලිං තැනක කියා අැති පරිදි සර් කියන කෑල්ල හලන්න අමාරු බව සලකන්න. හිතට මදිය! 😦 🙂

  2. හොඳ පැය දෙකක්….නමුත් එකඟ විය නොහැකි කරුණු කිහිපයක් සහ ලබාදුන් ඇතැම් පිළිතුරු නිසා, මේ අල්කෙමියාමදැයි සැකයක් මතුවිය……..

  3. ඔබ ගුටිකනවාට මගේ නම් සතුටක් නැත.ගොඩක් එක්ස්කියුසස් රටට ආපසු නොඒම ගැන…….

  4. යමක් ජීවිතයට ගන්න පුළුවන් වටිනා කියන කතා බහක්!!! විද්‍යාව.com අඩවිය මතක්‌ කලාටත් ස්තූතියි. ඇත්තටම උසස් පෙළ වැඩ හින්ද තමයි අඩවිය යාවත්කාල කිරීම නැවතුනේ. කොහොමටත් මේ වැඩ ඉවර වුන ගමන් ආයේ වැඩ පටන් ගන්න තමයි හිතන් ඉන්නේ. එකට ඔබේ සහයත් දිගටම බලාපොරොත්තු වෙනවා.මේ සංවාදය හැමෝම අතරේ බෙදා දුන්නට ඔබටත් Buzz Radio කණ්ඩායමටත් ස්තූතියි. ජය වේවා!!!

  5. වටින කතා බහක්..කරුණු කාරනා වලට එකඟ වීම කොයි හැටි වෙතත් කම්මැලි කමක් නැතුව ඇහුවා..

    ආ ..කියන්න අමතක වුනා..අදයි මේ පැත්තට ගොඩවුනෙ..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: