2011 දෙසැම්බර් 13 : අනේ අහමදිනෙජාඩ් අයියේ…..අපේ ඩ්‍රෝන් එක දීපංකො තරහ නැතුව……….


ඔන්න එකමත් එක ලෝකයක ලොකු රටක් තිබුණාලු… මේ රටේ කට්ටිය හිතන් ඉන්නේ අපිට වඩා පොරවල් නෑ කියලා ලු… (නෑ නෑ මේ රටේ නම හිමින්ලන්තෙ නෙවෙයි) ඉතිං මේ රටෙ කට්ටිය හැම රටේම ඕන මඟුලටයි එපා මඟුලටයි හැම අටමගලෙටම හොටේ දානවා ලු… උන්ගෙ එවුන් කළාම ඒක ප්‍රජාතන්ත්‍රවාදෙ රකින්න කරන දෙයක් වුනාට උන්ට වැඩිය පස්සපාත නැති එවුන් කළාම ඒක මානව හිමිකම් කඩ කිරීම් ලු…අපේ ගොයියලත් හිටපු ගමන් උන් ඉන්නේ ඒ රටේ කියලා ඒ රටේ ප්‍රජාතත්ත්‍රවාදෙ අපේ රටෙත් ඇති කරන්න කියලා පෙස්සං පවා ගහනවලු ඒ රටේ ලොක්කට… අනේ අම්මපා…

ඉතිං මේ රටේ තියෙන අර හොරෙන් තොරතුරු බලන එකක් අර නාහෙට අහන්නෙ නැති අයියා ඉන්න රටේ න්‍යෂ්ඨික බලාගාර ගැන තොරතුරු බලන්න යවලා ඒ අයියාගෙ රටේ කස්ටිය හොරෙන් බාගෙන… වැඩේ කියන්නේ මේ ලොකු රටේ කට්ටිය හිතන් ඉන්නේ තමන්ට විතරයි කියල නේ මේ ලොකු ලොකු වැඩ කරන්න පුළුවන්… ඉතිං රුසියාවෙයි චීනෙයි ආධාරයෙන් හරි මේ හොර තොරතුරු බලන එක බාගෙන තමන්ගෙ තරමත් පෙන්නුවා ලොක්කට…

මුලින්ම ලොක්කා කිවුවෙ ඒක කඩං වැටිලා කියලා…. ඉතිං මේක දවස් ගානක් තියාගෙන කාල් ගෑවා.. ටික දවසකින් ඔන්න අර නාහෙට අහන්නෙ නැති අයියාගෙ රටේ අය අර බාගත්ත එක ටීවී එකේ පෙන්නුවා… ඔන්න අර ලොකු රටේ අය කියපි ඕක පට්ටපල් බොරුවක් කියලා…. ඒකත් ටික දවසක් ඇදගෙන ගියා….

දැන් ඔන්න අර ලොකු රටේ ලොක්කා ටීවී එකේ කියනවා… “අනේ අහමදිනෙජාඩ් අයියේ අපේ ඩ්‍රෝන් එක දියංකො“ කියලා…

දැං ඉතිං බලං හිටුකො අහමදිනෙජාඩ් අයියා මෙන්න කියලා ඩ්‍රෝන් එක රිදී බන්දේසියක තියලා ගෙනැත් දෙනකල්….

අපි සංතෝසෙන් ඉන්නේ.... දුක සෝකය නෑ දන්නේ.... අයියා මල්ලී වාගේ අයියා මල්ලී

සමහර විට මේක අහමදිනෙජාඩ් අයියාගෙ රටට ගහන්න ලොක්කලා ඔක්කොම එකතු වෙලා දීපු ගේමක් ද දන්නෙත් නෑ.. දැන් ගඩාපි අයියට ගහලා දැන් වෙන ගහන්න තැනක් නැති වෙනකොට ඊශ්‍රායලේට කියලා අහමදිනෙජාඩ් අයියට ගහන්න ප්ලෑන් කළා… ඒකත් එච්චරටම සාර්ථක වුනේ නෑ… දැන් ඉතිං අපේ මේ ලොකු රටේ ලොක්කට කහනවා කොහේට හරි ගහන්නෙ නැතිව.. මොකද තමන්ගෙ ආයුධ ටික විකුණ ගන්න බැරි වුනොත් අර ආයුධ කොම්පැනි කාරයො වලි දානවනේ… මෙහේ තියෙන්නෙ මාර සෙල්ලං… අපේ හිමින්ලන්තෙ වගේ නෙවෙයි..

ඉතිං දැං අහමදිනෙජාඩ් අයියට ගහන්නත් ඕන එකේ මෙයාලගෙම බඩු ටිකක් එහේට දාලා.. දුන්නෙ නැත්තං ගහනවා කියලා වගේ වැඩක් තමයි යන්නෙ මෙතන… අර නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ වගේ සීන් එකක්….

මම හිතන්නෙ නං මේ ලොක්කට උපදෙස් දෙන්න හිමින්ලන්තෙ පොලීසියෙ කවුරුහරි පත් කරලා තියෙනවා.. නැත්තං මේ වගේ ඉස්ට්‍රැටජීස් දාන්නෙ කොහොමද ? දන්නවනේ අර පොලීසියට ඕන වුනාම නඩු හදන්නෙ… අන්න ඒ වගේ සීන් එකක් තමයි මේ… හැබැයි එහෙමත් හිතන්න බෑ.. මොකද හිමින්ලන්තෙ ඇහින්ද රජතුමාගෙ අතීසාර මිත්තරයෙක් නෙ අහමදිනෙජාඩ් අයියා.. තමන්ගෙ රටේ එක බලුගැත්තරයෙක් හරි ඒ වගේ අළුගුත්තේරු වැඩක් කරලා තිබුණොත් ඉතිං සුදු අලියෙක්ගෙ පිටේ තමයි උන්ට යන්න වෙන්නෙ…. ඒ නිසා හිමින්ලන්තෙ උන් ඒ වගේ වැඩ කරන්නෙ නෑ…

ඔන්න දැන් තමයි වැඩේ සෙට් වෙන්න යන්නෙ… දැන් නං කොහේ හරි ඈත දූපතකට යන්න වීසා හදාගන්න වෙනවා… මොකද වෙන අයට ගැහුවා වගේ නෙවෙයි අහමදිනෙජාඩ් අයියට ගැහුවොත් නං ඉතිං මෙහේ ලොක්කට සොරි වෙන්න ගේමක් දෙයි.. මෙහේ ලොක්ක ගාවත් බඩු තියෙනවා.. ඒත් අහමදිනෙජාඩ් අයියත් ලේසි පාසු කෙනෙක් නෙවෙයිනේ…

තුන් වෙනි ලෝක යුද්ධෙ සෙට් වෙලා 2012 දි ලෝක විනාසෙ වෙන්නද දන්නෙ නෑ හදන්නෙ… අර ඒ. සෝභිත මයාට වත් කියලා කේන්දරේ බලවගෙන ඊයා වයිට් මහත්තයාට කියලා බේතක් හේතක් කරවගෙන කොහේ හරි හැංගිලා ඉන්න ඕන 2012 ඉවර වෙනකල්…..

ඔන්න දැන්ම හැංගෙනවලා….. අහමදිනෙජාඩ් අයියගෙ යාළුවො නිසා එහේට ගහන එකක් වැරදිලා හිමින්ලන්තෙටත් වදින්න බැරි නෑ….

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on දෙසැම්බර් 13, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 14.

  1. කොහොමත් ලබන අවුරුද්දේ සිරියාවටයි, ඉරානෙටයි ගහනවා. එතකොට ගේම ඉවරයි..

    කැමතියි

  2. මාතලන් එක්ක එකඟයි… කොහොමත් ගහයි ඉරානෙටයි සිරියාවටයි…

    කැමතියි

  3. කතාව හොදටම හොදයි…
    රුසියාව සද්ද නැතුව හිටියොත් අහමදිනෙජාඩ් අයියාට අමාරුයි. උඩින් ගිහින් ගහල එනකොට අසරණයිනෙ.
    ඔන්න රුසියාව අහමදි අයියාට සප් එක දුන්නොත් ගින්න ඇවිලෙනව.

    කැමතියි

  4. ‘ඉස්සර සුගතපාල ද සිල්වාගේ ” දුන්න දුනුගමුවේ ” කියල වේදිකා නාට්‍යක් තිබුන . එකේ ජවනිකාවක් තිබුන කන්තෝරුවක ලොක්කයි පියනුයි ඉන්න !!!! දෙබස් යන්නේ මේ විදිහට : ” ඔන්න සිරිපාල හෙට ඉඳල තමුසෙලාට සන්තෝසෙන් ඉන්න පුළුවන් ” ” ඇයි සර් ???? ” ” මම හෙට විශ්‍රාම යනවා ” ” වැඩක් නැහැ සර් !!!! ” ” වැඩක් නැහැ ???? ඒ මොකද ???? මම ඉන්නකන් මාව අයින් කරන්න කියලනෙ තමුසෙලා පෙත්සම් ගැහුවේ ” ” වැඩක් නැහැ සර් සර් ගියහම තව කවුරු හරි පරයෙක් ඕතෙන්ට අලුතින් පත්වෙලා එවි !!!! ” හුඟක් දුප්පත් විදිහට හා නානාප්‍රකාර භාදක මැද්දේ ජීවිතේ මුල් කාලේ ගෙවපු කළු ජාතිකයෙක් වෙච්ච බැරැක් ඔබාමා ඔය පුටුවට එන්න ඉස්සෙල්ල , විශ්‍රාම ගිය ජෝජ් බුෂුයි පුංචි රටවල් වල නායකයොයි අතරත් අරවගේම දෙබසක් ගියාද කියල මමනම් දන්නේ නැහැ !!!!’

    කැමතියි

  5. ඉන්කා කැලැන්ඩරේ හරියයි වගේ. පුටිනත් එහෙම ලේසියෙන් ගේම අතාරින පාටක් නෑනෙ.

    කැමතියි

  6. මේ අයියලාගෙ මරා ගැනිල්ලෙන් කොහොන් හරි කොණකින් අනිතිමට කෙළවෙන්නෙ කොහේවත් නැති අපි වැනි පුංච් මල්ලිලාට බව නම් මම දනිමි.

    කැමතියි

  7. ඉන්කා කැලැන්ඩරේ හරි හෝ වැරදි වේවා රොනල්ඩ් එම්රිච් හරි හෝ වැරදි වේවා කල්ප විනාශය නම් අත ළඟයි… නිකන් හිතල බලන්න, ලෝකයේ රටවල් කීයක්ම අන්තර්ජාතික හෝ සිවිල් යුද්ධවලට පැටලිලා ඉන්නවද කියලා. ඊජිප්තුවේ, ලිබියාවේ වගේ මරාගන්නේ උන් උන්ගෙම එවුන්… හරියට අපේ රටේ මනාපවලට මරාගන්නවා වගේ…. අම්මප අපට නොදැනීම මුරුගසන් වරුසාව කවද වැස්සද මන්දා…!!!

    කැමතියි

  8. කොට්ටෝරුවා හොට පටල ගන්න යන්නේ 🙂 🙂 🙂

    කැමතියි

  9. ඇල්කෙමියා , බස් රේඩියෝවත් එක්ක කළ ඉන්ටවිව් එක ඊයේ තමයි ඇහුවේ. ඇමරිකාව හිතා හිටියට කවදාවත් එයා නම්බර් වන් වෙලා නෑ. අර කවුද බ්ලොග් එකක කියල තිබුනා එයාල යුද්ධ පරාජයන් වහගන්නෙ හොලිවුඩ් චිත්‍රපට වලින් කියල. රම්බෝ වගේ චරිත නිර්මාණය කරල. මතකද පහුගිය අවුරුද්දක ඉරානයේ ජනාදිපති ඇමරිකාවටම ඇවිල්ල ප්‍රසිද්ධියේ කිවූ දේවල්. අන්කල් සෑම් දැන් ලොම් හැලුනු සිංහයෙක් ගානයි. ඉස්සරහට ඔය තත්ත්වය දරුණු වෙනව. ගහන්න පුළුවන් කමක් තියෙනවා නම් මුලින්ම ගහන්නෙ උතුරු කොරියාවට.

    කැමතියි

  10. ලෝක යුද්ධයක් ඇතිවෙයි කියල නම් මම හිතන්නෙ නැ , අහමෙදි කාරයට ගහනවට මම පුද්ගලිකව කැමතියි . හැබැයි ඉතින් ලෝකෙට ලොක්කාය කියල හිතාන(දැනට නම් ඇත්තක් නැත්තෙමත් නැ ) ලෝකේ අනික් රටවලට හොට දාන එක මහ චාටර් වැඩක් . පුටින් විතරයි නිකන් නමට හරි විරෝධයක් පල කරන්න ඉන්න එකම එකා . චාවෙස් ලගේ කට විතරයි කරන්න පුලුවන් කෙමනක් නැ . හූ ජින්ටාවො විරුද්ධයි හැබැයි වහෙන් ඔරෝ භාෂාවෙන් . හීන ලන්තෙ ලොකු අය්යා ලොකෙට ලොක්කටයි රුසියාවටයි දෙකටම හිතවත් . ලොකේ සුපිරි යුධ බලයන් 10 අරගෙන බලන්න චිනෙයි රුසියාවයි විතරයි එක පැත්තේ , හීන ලන්තේ ලොකු අය්යයි , 5 එස් කට්ටියයි කාටවත් සහය නොදී නිකන් බලා හිටිය කියමුකො එත් ලෝකෙට ලොක්කාගේ පැත්ත්ට 6ක් ඉන්නව

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න