2011 දෙසැම්බර් 28 : හෙඩිමක් නැති ලිපියක්


උසස් පෙළ ප්‍රතිඵල අවුල ගැන ලියන්න පටන් ගනිපු “මහින්ද මහත්තයෝ – මේ Three idiots ලට මොනවද කරන්නේ ? ” කියලා ලිපියක් කෙටුම්පත් ගොන්නෙ තියෙනවා දැකපු ඇල්කෙමිච්චි දෝස් මුරයක් දැම්මා… තමන්ගෙ තත්ත්‍වයට ගැලපෙන ලිපි ලියන්න කියලා.. දැන් නැන්දම්මා මදිවට දූත් වලි දානවා දේශපාලන ලිපි ලියන්න එපා කියලා.. නැන්දම්මා නම් ඉතිං ඉන්නේ දුරු ඈත රටක නිසා බේරෙන්න පුළුවනි… දූ පැය 24 ම ලඟම ඉන්න නිසා ත්, දූ තරහ කරගත්තොත් ඉතිං නැන්දම්මා තරහ කරගත්තා වගේ නොවෙන නිසාත්, මේ අහක යන දේශපාලන ලිපියක් නිසා නිවසේ සාමය කඩ කිරීම සහ විශේෂයෙන් ආහාර අර්බුදයකට ලක් වීම,  වැනි අන්තරාය දායක විය හැකි ක්‍රියාමාර්ග වලට යා යුතු නොවන නිසාත්, සහ ඇල්කෙමිච්චිගෙන් මෙච්චර ගුටි කන්න බැරි වීම වැනි වෙනත් වෙනත් කරුණු නිසාත් (ඇත්ත කියන්න එපායෑ) බාගෙට ලියා තිබූ ඒ ලිපිය වෙනත් ලිපියක් බවට පරිවර්තනය වුනා…

ඉතිං මේ දවස්වල අපි ඔක්කොම ඉන්නේ ටිකක් නිවාඩු මූඩ් එකේ… නත්තලට නිවාඩු දෙන්න පෙර මගේ පර්යේෂණයේ කොටසක දත්ත එකතු කරලා ලිපියක් ලියලා ලොක්කට බාර දුන්නා… විද්‍යාත්මක ජර්නලයකට යවන්න.. ඒ නිසා ඩිංගක් නිවාඩු පාඩුවේ ඉන්න පුළුවනි. ඒ නිසාමත් පැටියාට ගොඩක් කාළයක් තිස්සේ යන්න ඕන වෙලා තිබුණ ගමනක් සහ කාලෙකින් තුන් දෙනා එක්ක කොහොවත් ගියේ නැති නිසාත්, ඊයේ අපි තුන් දෙනාම බොල්ටිමෝර් වල තියෙන ජාතික මින්මැදුර (National Aquarium of Baltimore) බලන්න යොදා ගත්තා.. එදා දවසම වැහිබර දවසක් වුනත් එච්චර ගානක් වුනේ නැහැ. උදේ 10.00 ට විතර අපි එතැනට ගියා.. ටිකට් අරගෙන පෝලිමේ ඉඳලා ඇතුළට ගියාම එතැන සෑහෙන සෙනඟ…. නිවාඩු දවස් නිසා බොහෝ දෙමවුපියෝ තමන්ගේ දරුවෝ අරගෙන ඇවිත්… ඉතින් එතැන මාළු බලන්න ගියා… මගේ සිත්ගත් අංගය වුනේ මාළුන්ට කෑම දෙන එකයි.. කිමිදුම් ඇඳුම් ඇඳගෙන මෝරු, මඩුවොන්ට කෑම දෙන අය වගේම ඩොල්ෆින් සතුන්ගේ රංගනයන් වැදගත්… ලංකාවෙ නම් ඒ වගේ තැනක් පවත්වාගෙන යන්න පුළුවන් වේවිද කියලත් හිතුනා. ඒ වැඩ කරන මිනිස්සුන්ගෙ කැපවීම, විනය උපරිමයි… ඒ හැම සතෙක්ම තමන්ගෙ දරුවෙක් ගානයි.. ලංකාවෙ සත්තු වත්තෙත් ඒ වගේ සත්තුන්ට දරුවොන්ට වගේ සලකන අය ඉන්නවා කියලා පත්තරේක දවසක් තිබුණා… (ඒ අයට මගේ හෘදයංගම ප්‍රණාමය)  ඉතින් ඒ සියල්ල නරඹලා ගෙදර එනකොට ටිකක් රෑ වෙලා..

අද රසායනාගාරයට ආවා. රසායනාගාරයෙත් වැඩි වැඩක් නෑ… ළමයිනුත් තුන් දෙනයි ඇවිත් ඉන්නේ.. මටත් අළුතෙන් වැඩක් පටන් ගන්න හිතෙන්නෙත් නෑ… ඉතින් කාලෙකින් දිනපොතේ අපි ගැන කිසිවක් ලියැවුනේ නැති නිසාත්, දේශපාලනය ගැන අමුතුවෙන් ලියන්න යමක් නැති නිසාත් මේ ලිපිය ලියලා දැම්මා…

අද රෑට පැටියගේ යාළුවෙක් සහ එයාගෙ දෙමාපියෝ එනවා රෑ කෑමකට… ඇල්කෙමිච්චි දඩි බිඩියේ උයනවා ඇති…ඊටත් පස්සේ මාත් එක්ක දැනට අවුරුදු 20 කට විතර ඉස්සර රන්ජන් සිල්වා මහත්තයාගේ මහරගම රසායන විද්‍යා පන්තියේ එකට හිටපු දැනට මිසිසිපි ජාතික සරසවියේ ආචාර්ය උපාධිය කරන ගජමෑන් ගජ පැටියා සහ ගජ හාමිනේ  (නම ලියන එක පෞද්ගලිකත්‍වයට හානි පැමිණෙන්න පුළුවනි) එනවා අපේ ගෙදර ලොකු ට්‍රිප් එකක් යන ගමන් රැයක් නවතින්න.. ආගිය තොරතුරු ගොඩක් කතා කරගන්න පුළුවන් වේවි…

මෙන්න තියෙනවා ඊයෙ ගත්ත පින්තූර ටිකක්… පින්තූර 277 කින් මොනවා මෙතැනට දාන්නද කියලා හිතා ගන්න බෑ… මූණු පොතට නම් 125 ක් දැම්මා….

කොච්චර කළත් අන්තිමට මෙච්චර තමයි

මෙයාලට මේවත් පුළුවන්

ගිණිමහ - Lion Fish

මේ ඉන්නේ බූවල්ලෙක්

පරිසරයේ අපූර්ව නිමැවුම්

මෝරුන්ට කෑම දෙන අයෙක්...

ඩොල්ෆින් ක්‍රීඩා

Advertisements

Posted on දෙසැම්බර් 28, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 9.

  1. හරිට රාවය ලේක් හවුස් එකෙන් කොරා වගේ! කොටිම්ම කියනවනං සිළුමිණ පත්තරේ මතක් උනා!

  2. මාත් හරි අාසයි මාලුන්ට 🙂

  3. ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉ‍ටුවන සුභම සුභ නව වසරක් වේවා – [නවම්-චූටිමැණිකේ-ලීනු]

  4. 1980 වැඩ වර්ජනය අසාර්ථක වුනේ ගෙවල් වල හිටිය ගෑනු හින්දලු.ස්ට්‍රයික් කරල ගෙදර කන්නෙ ඉටි ගෙඩියද කියල ගෑනු තම තමන්ගේ මිනිස්සුන්ව වැඩට යැව්වලු.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: