2011 දෙසැම්බර් 30 : නව වසර ඵලදායී කරගැනීමට ශක්තිය ලැබේවා…. !


අද දෙසැම්බර් 30…ඇල්කෙමියාගේ දිනපොතට අවුරුද්දයි.. ඇල්කෙමියාගේ රසායනාගාරය නම් වහන තත්ත්‍වයටම ඇවිත්…. ඒ වුනත් ඇල්කෙමියාගේ දිනපොත නම් තවමත් ගාට ගාටා යනවා… මුලින්ම පටන් ගත්ත 2011 දී අළුතින් හිතමු කියන ලිපියට අනුව මමත් 2011 වසරේදී අළුතින් යමක් හිතුවා කියලයි මට නම් හැඟෙන්නෙ. මම මේ දිනපොත ලියන්න පටන් ගත්තට පස්සේ ජීවිතය ගැන අළුත් විදියකට හිතන්න ගත්තා…

දිනපොත කියවපු බොහෝ දෙනා පෞද්ගලිකවත් ප්‍රතිචාර වශයෙනුත් හොඳ නරක කියලා දුන්නා. එයට බොහොම තුති.

ඉඳලා හිටලා දේශපාලුවෙක් පිස්සු කෙළිනකොට පෘත:ජනයෙක් විදියට මමත් සමහර දේ ලිවුවා. මර්වින් සිල්වා-දුමින්ද සිල්වා-භාරත ලක්‍ෂමන් වැනි අය ගැන ලිවුව දවස්වල හිට්ස් සංඛ්‍යාවත් අහස උසට… මිනිස්සු තව මිනිස්සුන්ට බණිනවා බලන්න විවේචනය කරනවා බලන්න කැමතියි. ලිංගිකත්‍වය ගැනත් එහෙමයි…. ප්‍රතිචාරත් එමට… දත්ත ගත්තොත් දවසකට 99 දෙනෙක් දිනපොත කියවනවා.. මහ ගානක් නෙවෙයි… ඒත් මට ඇති…  ලද දෙයින් සතුටු වෙන්න එපායෑ…

මේ ඔක්කොම දේවල් හොරෙන්ම නොවුනත් ඉඩ ඇති වෙලාවට බලලා හොඳ නරක කියන ඇල්කෙමිච්චිගේ සහයත් වසරක් පිරෙන මේ වෙලාවෙ අගය කරනවා ආදරෙන්.. (නැත්තං ඉතිං ගුටි කන්න නේ වෙන්නෙ) වැඩ අධික කමත්, සමහර වෙලාවට පෞද්ගලික කටයුතුත් නිසා දිනපොත එක දිගට ලියැවෙන්නෙ නැති කොට විමසීම් කරන බොහෝ දෙනාටත් ස්තුතිය…

පහුගිය කාලෙ විවිධ මාතෘකා ලියැවුනා.. බොහෝ දෙනා දේශපාලනය කවි කතා ලියනවා… මගේ කැමැත්ත, මගේ ආසාව පුනර්ජනනීය බලශක්තිය, ලෝක බලශක්ති අර්බුධය, විකල්ප බලශක්ති ප්‍රභව ගැන නිසා මින් ඉදිරියට ඒ ගැන වැඩියෙන් ලියැවේවි.

පහුගිය දවසක බස් රේඩියෝවෙනුත් මාව සම්බන්ධ කර ගත්තා… ඒක අහපු ප්‍රතිචාර දාපු අයවෙගේම බස් රේඩියෝවට සම්බන්ධ සියළුම සොයුරන්ට ස්තුතිය… මම එච්චර ලොකු පොරක් නොවුනත් මාව සම්බන්ධ කර ගත්ත එකට.. මගේ දැක්ම අනෙක් අයත් එක්ක බෙදා ගන්න ඉඩ දුන්න එකට..

ඉතිං තව ලියන්න බොහෝ දේ තියෙනවා. අපි ඉදිරි දවසක තව ලියමු…

සමහරු නම් මාව මූණු පොතෙනුත් සම්බන්ධ වෙලා.. අවුරුද්දක් ගතවෙද්දි අළුත් යාළුවො ගොඩක් ඇති වෙලා.. හැබැහින් නොදැක්කත්….. කවදා හරි හම්බ වෙන්නෙ නැතෑ… නේද ?

මම සුබ නව වසරක් පතන්නෙ නෑ… නව වසර සුභ හෝ අසුභ කරගැනීම තියෙන්නේ තමන්ගෙ අතේ… තමන් හරි විදියට ජීවත් වෙනවා නම්, අනෙක් අයත් එක්ක සහයෝගයෙන් ඒ අයට උදවු කරගෙන නිවැරදිව ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් නව වසර විතරක් නෙවෙයි හැම දවසම සුභ වේවි. රෝමය ගොඩ නැගුවේ එක දවසකින් නෙවෙයි. අපි ජීවත් වෙන හෙට දවස හරියට, අවංකව, නිදහස්ව, හොඳින් ජීවත් වෙන්න ඉටා ගනිමු.. ඒවිදියට මාසයක් ජීවත් වෙනකොට ඉබේම ඒ ජීවන රටාවට ඔබ පුරුදු වේවි…. ඉතින් අපි ප්‍රයෝජනවත් යමක් ලෝකයට දායාද කරමු… ඒකයි මම කියන්නෙ නව වසර ඵලදායී කරගන්න ශක්තිය ලැබේවා කියලා…

අළුත් අවුරුද්දක අළුත් පැතුම් අරගෙන අපි පරණ අවුරුද්ද පසෙක ලා ඉදිරියට පියමනිනවා…. ඒ අත්දැකීම් අරගෙන අපි අපේ ජීවිතය හැඩගස්වා ගනිමු… හෙට ලියන්න වෙන එකක් නෑ… ඒකයි අවුරුද්දේ අවසාන සටහන මෙසේ ලියන්නෙ…

සුබ පැතූ හැමෝටම ස්තුතියි..

ලබන අවුරුද්දෙ හමු වෙමු..

ජය !

ඇල්කෙමියා

Advertisements

About Alchemiya

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on දෙසැම්බර් 30, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 7.

  1. අැල්කෙමියා මහත්මයට සුභ නව වසරක් පතනවා 🙂
    අලුත් අවුරුද්දෙදි අලුත් පලශක්ති ප්‍රභවයක් ලැබෙන්න කියලත් පතනවා 🙂
    ජයෙන් ජය 🙂

    කැමතියි

  2. ‘පරණ අවුරුද්දේ ඇල්කෙමියාට කිවයුතු දෙයක් තියෙනවා !!!! පුනර්ජනනීය බලශක්තිය, ලෝක බලශක්ති අර්බුධය, විකල්ප බලශක්ති ප්‍රභවය වගේ දේවල් ගැන කතාකිරීම , ඒවා ගැන අසානැති හුදී ජනී ජනයා දැනුවත් කිරීම , හුඟක් කාලෝචිත , මහඟු කර්තව්‍යක් වෙන්න පුලවන් උනාට හුඟක් පරිස්සමෙන් කරන්න ඕන වැඩක් . මොකද කොච්චර කාලෝචිත උනත් මහඟු කාලීන කර්තව්‍යක්උනත් , ” මැක් ඩොනල්ඩ්ස් “එක එහෙම නැත්තම් KFC එක තමන්ගේ පාරිභෝගිකයන්ට කොළ කැඳ කෝප්පයක් එක්ක රතුහාලේ බත් පීරිසියකට එකතුකරපු පලාමැල්ලුමකුයි ,දඹල /මෑකරල් හොද්දකුයි , සාලයෝ /හුරුල්ලෝ කූරි දෙකකුයි එක්ක “හැපී මීල් ” දෙන්න ගියොත් ඇතිවෙන තත්වේ ටිකක් කල්පනා කරලා බැලුවොත් හොඳයි !!!! ලංකාවේ KFC කාරයොත් , මැක් ඩොනල්ඩ්ස් කාරයොත් තමන්ගේ කෑම බීමට අලුත් අලුත් දේ එක්කෙරුව තමයි හැබැයි ඒ කොළ කැඳ කෝප්පයක් වත් රතුලූනු වැඩියෙන් දාල උයාපු ගොටු කොළ වෑන්ජනයක්වත් නෙමෙයි !!!! ලංකාවේ කුණු කටවල් වලට ගැලපෙන බුරියානි , කොත්තු රොටි වගේ අරුමෝසම් කෑමයි !!!!කොයි හැටි උනත් මොනවා ලිවුවත් අලුත් අවුරුද්දේ ඇල්කෙමියාගේ දින පොතට ගස්ලබු ගෙඩියේ ඇට වගේ පාටකයෝ රොත්තක් ලැබේවා කියල ඉතසිතින් ප්‍රාර්ථනය කරනවා !!!! ඇල්කෙමියාටත් ඇල්කෙමිච්චිටත් , හිච්චි ඇල්කෙමියාටත් සුබ නව වසරකම වේවා !!!!’

    කැමතියි

  3. ඇල්කෙමි අයියා ඇතුලු පවුලේ සියලු දෙනාට ජයෙන් ජය පිරි සුභ නව වසරක් වේවා!!!!!!!!!!

    කැමතියි

  4. Dear friend ,
    I wish you all good health,happiness and the success in the new year 2012

    කැමතියි

  5. ඇලෝ ගේ දිනපොත 2012 දී රස බර හර බර ලිපි වලින් පෝෂණය වේවා. දිගටම ලියන්න දිරිය ශක්තිය. සුභ 2012 ව්සරක් වේවා…

    කැමතියි

  6. I was very happy to read your message to readers on the first day of the year 2012. I love following sentences.
    1. නව වසර සුභ හෝ අසුභ කරගැනීම තියෙන්නේ තමන්ගෙ අතේ…
    2. තමන් හරි විදියට ජීවත් වෙනවා නම්, අනෙක් අයත් එක්ක සහයෝගයෙන් ඒ අයට උදවු කරගෙන නිවැරදිව ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් නව වසර විතරක් නෙවෙයි හැම දවසම සුභ වේවි.
    3. අපි ජීවත් වෙන හෙට දවස හරියට, අවංකව, නිදහස්ව, හොඳින් ජීවත් වෙන්න ඉටා ගනිමු.. ඒ
    4. අපි ප්‍රයෝජනවත් යමක් ලෝකයට දායාද කරමු…
    ——————————නව වසර ඵලදායී කරගන්න ශක්තිය ලැබේවා————————————-

    Wish 2012 a year with all dreams in your eyes, all desires in your heart and all hopes in your life blend together to give you and your family the most Happiest & fantastic New Year!

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: