2011 දෙසැම්බර් 31 : කියවන ඔබේ සිත් පරිපූර්ණ වේවා…. ලබන වසර ඔබ සැම හට ජය වේවා……….. !


තිබූ තැනක සොර සතුරන් ගත                           නොහෙනා

වයිරස් එකක් අවොත් නම් සොරිම                           වෙනා

තව සමහරු හොරෙන් අරන් පළ                              කරනා

බ්ලොග් එකටත් දැන්  වසරක් ගත                        වෙන්නා

 

හිට්ස් නැති වුනත් ඉඩ ඇති හැම විට                         ලියනා

මගෙ පොඩි දිනපොතට ඉඳහිට එබෙන                      දනා

ඉඩ ලැබුනොත් කොමෙන්ටුවත් පළ                      කරනා

ඔබ හට බොහෝ තුති පුදනෙමි ඒ                          බැවිනා

 

නිති ලියනට කාලය මට මඳ                                    බැවිනා

ඉඳහිට ලියමි එනමුත් ඔබ හැර                           නොයනා

නැවතත් තුති පුදමි මා හා සිටි                                බැවිනා

අවසර සමු ගන්න හමු වෙමු හෙට                        දිනෙනා

 

ලියන ලියන හැම දේවල්    රස                                 වේවා

දැනුම අරන් ඔබද යමක්                                        උගනීවා

කියවන ඔබේ සිත් පරි පූර්ණ                                     වේවා

ලබන වසර ඔබ සැම හට ජය                                   වේවා

Advertisements

Posted on දෙසැම්බර් 31, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 11.

  1. කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක් වේවා!! වාසනාවන්ත අනාගතයකට මංපෙත් විවර වේවා!!

  2. පෙර පෙර කඳුළු පොඩි ඇල්කෙමි අතේ දරා
    පෙරලා නොගොස් ” සොයිසා ” මවු පියන් කරා
    මොන මොන ප්‍රශ්න ආවත් හැම , සිතේ දරා
    ඇල්කෙමි සොඳුරි රැඳියන් උඹේ භාවය පුරා

    “බෙල්පෙප ” බ්රොකලි ” කොයි දේමුත් රස වේවා
    ශැම්පෙන් , ” කැවිය ” තුන් වේලට ඉතිරේවා
    “ඉන්කම් ටැක්ස් ” මහත්තුරු ඔහෙ අඳ වේවා
    ” ඇමරිකානු -සිහිනය ” ඔබෙ ඉටුවේවා

    කුණු රස පිරුණු නව අදහස් ඇති වේවා
    බණ පොත වගෙ දිගට දිනපොත ලියවේවා
    “ඩෙල්වේය ” පුරේ පරසිඳු ලැබ් එක ගාවා
    ඇල්කෙමි තුමා උඹ මතු දින බුදු වේවා ‘

  3. ලැබුවාවු නව වසර ඔබටත් ජයවේවා…. 🙂

  4. කරන කරන හැම වැඩක්ම හරියේවා !
    කියන කියන හැම දෙයක්ම බැබලේවා!
    තියන තියන හැම බාධක දියවේවා!
    අලුත් වසර අැල්කෙමියට අයවේවා!

  5. ලියන කොටන කොයි දේවත් රස වේවා
    අඟලෙන් අඟල පාටකයන් වැඩිවේවා
    අඹුවගෙ බර බරේ කනකට නෑසේවා
    ලෙඩ දුක් කම් කටොළු නැති වසරක් වේවා

  6. සුභ අලුත් අවුරුද්දක් වේවා ඇලා . .
    හොද වටින ලිපි තව තවත් ලියන්න ශක්තිය ධෛර්ය ලැබේවා . .
    නැන්දම්මගෙන් දේශපාලන ලිපි ලියන්න ග්‍රීන් ලයිට් එක පත්තු කෙරේවා . .
    ඇල්කෙමිච්චී වලි නොදා සිටිත්වා . . .
    ජය වේවා . .

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: