2012 ජනවාරි 21 : අනාගතයේ දවසක ඔත්තු බලන කැරපොත්තෙක් ඔබේ නිවසට පැමිණියොත් ?………….


2001 දි විද්‍යා ප්‍රබන්ධ රචක ඩෑන් බ්‍රවුන් Deception Point නම්පොත ලියද්දි මේ සංකල්පය ගැන සමහරවිට සිතා බලන්නට ඇත්තේ ඇමරිකානු හමුදා පර්යේෂක කණ්ඩායම් පමණක් වෙන්න ඉඩ තිබුණා. මේ තාක්‍ෂණය ලොවට අරුමයක් නොවුනත් ඇමරිකානු හමුදා පර්යේෂක කණ්ඩායම් වලට නම් අරුමයක් නොවන්නේ ඔවුන් අවුරුදු 20 කටත් වඩා ඉදිරිය ගැන හිතලා පර්යේෂණ කරන නිසා. ඒ ප්‍රබන්ධයට අනුව අල්ෆා 1 කණ්ඩායම කූඩාරම ඇතුලේ ඔත්තු බලන්න යවන්නේ යාන්ත්‍රික කුරුමිණියෙක්. කුඩා කැමරාවක්, සන්නිවේදන උපකරණ සහ අධික විෂ සහිත තුඩක් සහිත මේ යාන්ත්‍රික කුරුමිණියා ක්‍රියාකරවන්නේ මීටර 500 ක් පමණ ඈත සිට දුරස්ථ පාලකයක් මගිනුයි. ඊලඟට මේ වගේ සිද්ධියක් ඇහෙන්නේ Spy Kids කියන චිත්‍රපට මාලාවේ කොලු පැටියාගේ ලඟ ඉන්න කොළ පැහැති කුරුමිණියා.

නමුත් දැන් සජීවී කුරුමිණියෙකුගේ පාලනය සියතට ගැනීම උදෙසා ඇමරිකානු විද්‍යාඥයින් පිරිසක් අපූරු සොයාගැනීමක් කර තිබෙනවා. ඒ තමයි කැරෙපාත්තෙකුගේ චලනයන් පාලනය කිරීමට හැකි උපකරණයක් කැරපොත්තකු තුලට ඇතුළු කිරීම සඳහා කැරෙපාත්තාගේ ජීව රසායනික ක්‍රියා වලින්ම පණ ගැන්වෙන ඉන්ධන  කෝෂයක් (Fuel Cell) නිර්මාණය කිරීම. ඇමරිකාවේ ක්ලීව්ලන්ඩ් නගරෙය් පිහිටි පර්යේෂණ අතින් ඉතා සක්‍රීය ආයතනයක් වන කේස් වෙස්ටර්න් රිසර්ව් විශ්ව විද්‍යාලයේ (Case Western Reserve University) හි විද්‍යාඥයින් පිරිසකුයි මේ හපන්කම කිරීමට සමත් වෙලා තියෙන්නේ.

මේ උපකරණය සවි කිරීම නිසා කැරපොත්තාට කිසිදු හානියක් වන්නේ නැහැ. අපේ රුධිර සංසරණ පද්ධතිය මෙන් නොවෙන කැරපොත්තාගේ විවෘත සංසරණ පද්ධතිය නිසා තමයි කැරපොත්තා මේ සඳහා යොදාගෙන තියෙන්නේ. කැරපොත්තාගේ රුධිර පීඩනයකුත් නැහැ. මෙම ඉන්ධන කෝෂය කැරපොත්තාගේ සිරුර තුළට ඇතුළු කර ඉලෙක්ට්‍රෝඩ දෙකක් ශරීරයෙන් ඉවතට එන සේ මෙය සවිකර තිබෙනවා. මේ උපකරණයේ ඉලෙක්ට්‍රෝඩ දෙකකි. ඉන් එකක් අනුසාරයෙන් කැරපොත්තා ආහාර බිඳ දැමීමෙන් ශරීරය තුළ නිපදවන  Trehalose නම් සීනි වර්ගය ග්ලූකෝස් දක්වා බිඳ දැමීම කරනවා. තවත් එන්සයිමයක් ආධාරයෙන් මේ ග්ලූකොස් බිඳ දැමීම මගින් පිටවන ඉලෙක්ට්‍රෝණ පළමු ඉලෙක්ට්‍රෝඩය ඔස්සේ දෙවන ඉලෙක්ට්‍රෝඩය වෙත යවනු ලබනවා. දෙවන ඉලෙක්ට්‍රෝඩයේදී මේ ඉලෙක්ට්‍රෝණ තවත් එන්සයිමයක් ආධාරයෙන් වාතයේ ඇති ඔක්සිජන් වෙත ලබා දෙනවා. අතුරු පළයක් වන්නේ ජලයයි. මෙසේ ඉලෙක්ට්‍රෝණ ගමනය නිසා විදුලි බලයක් නිපදවෙනවා.

මේ පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයා පවසා තිබුණේ “ඔවුන් ආහාර ගන්නා තාක් කල් මට ඔවුන්ගේ රසායනික ශක්තිය විදුලි බලය බවට හරවා ගන්නට පුළුවනි” යනුවෙන්. මෙවැනි පද්ධතියක් කෘමියෙකුගේ වැනි ජීව පද්ධතියක් තුළ සාර්ථකව ක්‍රියාත්මක වුන පළමු වතාව මෙයයි, මෙහි ප්‍රධාන ලක්‍ෂණය වන්නේ එන්සයිම දෙකක් අදාල කරගෙන තැනුන ඉලෙක්ට්‍රෝඩ දෙක බවයි ඔවුන් පවසන්නේ. මෙයට අමතරව මේ Trehalose නම් සීනි වර්ගය ඇති හතු වර්ගයකින් ද මේ ආකාරයෙන්ම විදුලිය නිපදවා ගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා.

මේ සංකල්පය තවත් පියවරක් ඉදිරියට ගෙන යන්නට Cornell විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සමත් වී තිබෙනවා. එනම් සලබයින්ගේ (අර දුංකලයා කියන මැස්සා) කීට අවධියේදී උන්ගේ සිරුරු තුළට ඇතුලත් කරනු ලබන විද‍්‍යුත් පරිපථයක් මගින් කරන මෙහෙයවීමෙන් මේ කෘමීන්ගේ ක්‍රියාකාරීත්‍වය පාලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ cyborg ලා හදන්න පුළුවනි. මෙසේ පාලනය කරනු ලබන කෘමීන් ඔත්තු බැලීම වැනි සූක්‍ෂම දේ වලටත්, මහා පරිමාණ අනතුරු සිදු වූ අවස්ථාවලදී සුන් බුන් අතරට යවා ඒ පිළිබඳ විමර්ෂණය කිරීමට වැනි දේටත් යොදා ගත හැකියි…

ඉතින් මේ ක්‍රියාවලි දෙක එකට බද්ධ කරලා ඒ විද්‍යුත් පරිපථය මෙහෙයවන්න අවශ්‍ය විදුලි බලය නිපදවන කැරපොත්තෙකුට සවි කරපු සූක්‍ෂම වීඩියෝ කැමරාවක්, මයික්‍රෆෝනයක් වැනි දෙයක් යොදාගෙන අවශ්‍ය තැනක ඔත්තු බලන්න එවන්න අනාගතයේ බැරිකමක් නැහැ…

මිනිස් සිතුවිලි වල පරිමාණය අනන්තයි…

පින්තූර :

http://technovelgy.com/ct/Science-Fiction-News.asp?NewsNum=1421#cyborg

ඉතින් මේ වගේ පර්යේෂණ ගැන කියවනකොට, අපේ ලංකාවෙ විද්‍යාඥයෝ ආසනික් වලට දෙපිලක් බෙදිලා මරා ගන්න හැටි දකින මට අපේ මිනිස්සු ගැන අනේ අනිච්චං කියලා කියවෙනවා….

Advertisements

Posted on ජනවාරි 20, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , , , . Bookmark the permalink. ප්‍රතිචාර 4.

  1. මේ විදිහෙ එකක් ගැන අදහස මම නම් මුලින්ම දැක්කෙ X-Files එකේ..

  2. මිනිස් සිතුවිලි වල පරිමාණය අනන්තයි!
    බයෝකෙමිස්ට්‍රිත් සිරා සබ්ජෙක්ට් එකක් වගේ 😀

  3. හොඳටම ෂුවර් ද නාථ දෙවියො මේ පරීක්ෂණ වලට යටින් උදව් කරල නෑ කියල

  4. matath hithuna ahanna Alkemiyagen , mekata Natha deviyo udaw kare nadda kiyala ahanna. thanks oyata me aluth loke gana pennuwata. mewa mama bedagannawamage lankawe yaluwoth ekka.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: