2012 ජනවාරි 23: ජීවිතයක් පටන් ගත්ත හැටි….. කාටවත් නොකියූ කතාවක්…..


දිනය 1973 ජනවාරි 23 දා.

ස්ථානය රජයේ රෝහල ඇල්පිටිය

වේලාව මධ්‍යහන 12 පසු වී මිනිත්තු කිහිපයක්…

ඇල්පිටිය රෝහලේ සිය පළමු දරු ප්‍රසූතිය බලාපොරොත්තුවෙන් සිටි 26 හැවිරිදි තරුණ මවක් සූතිකාගාරය තුළට ලහි ලහියේ ඇතුළු කෙරුණා… මව ප්‍රමාණයෙන් කුඩා වීමත් රෝහලේ පහසුකම් මඳ වීමත් නිසාදෝ දරුවා ලැබෙද්දී මව ඉතා අසාධ්‍ය තත්ත්‍වයකයි පසු වුනේ.. මවට ඉතාමත් අසාධ්‍ය වූ නිසාම වහාම මව පමණක් කළුතර නාගොඩ රෝහල වෙත රැගෙන ගියත්, දරුවා දෙස බලන්නට කිසිවෙකු සිටියේ නැහැ. සිටියේ ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යලයේ එවකට උසස් පෙළ හදාරමින් සිටි දරුවාගේ පුංචි අම්මා පමණයි. දරුවාගේ පියාත්, තවත් කිහිප දෙනෙකුත් කළුතර නාගොඩ රෝහලට ගියේ මවට අවශ්‍ය රුධිරය ලබා දීමට… නමුත් ඔවුනට දැනගන්නට ලැබුණේ ඇය ඉතාම අසාධ්‍ය තත්ත්‍වයේ කළුබෝවිල රෝහලට රැගෙන ගිය බවයි…

මේ අතර ඇල්පිටිය රෝහලේ තනිව සිටි මේ දරුවා නිවසට රැගෙන ගියේ අර දරුවාගේ පුංචි අම්මායි… තවමත් සෝදා පිරිසිදු වත් නොකළ මේ දරුවා පුංචි අම්මලා තිදෙනෙකුගේ රැකවරණය යටතට පත් වුනා… ගෙදර එළදෙනගෙන් දොවාගත් කිරි පාං තිරයකින් මේ දරුවාට පොවමින් මේ පුංචි අම්මලා තිදෙනාත් ආච්චීත් දරුවා බලා ගත්තත් ඔවුන්ගේ සිතේ තිබුණේ දරුවා ගැන හැඟීමක් නොවෙයි. ජීවිතයත් මරණයත් අතර පොරබදන තම දියණිය, තම සොහොයුරිය ජීවත් වේ දැයි යන සිතිවිල්ල… දරුවාගේ සීයාත් මාමලාත් දරුවා දෙසවත් නොබැලූවේ “අපේ කෙල්ල මරාගෙන උපන් එකා අපට වැඩක් නැත” යන හැඟීමෙන්…

දරුවාගේ මව අධික රුධිර වහනය නිසාම සිහි මුර්ඡා තත්ත්‍වයේ දින තුනක් ම පසු වෙලා තිබුණේ ඒ වනවිට… රුධිරය ලබා දුන්නත් ඒ කාළයේ තිබූ තත්ත්‍වය සහ පහසුකම් අනුව අවශ්‍ය රුධිර ප්‍රමාණය ලැබිලත් නැහැ… කෙසේ හෝ ජීවිතයත් මරණයත් අතර දින පහක් පොර බැදූ ඇය අවසානයේ ජීවිතය සොයා යළි පැමිණියා….

සියල්ලන්ටම සැනසුම් සුසුමක් හෙළුනේ එවිට ලු… දින කීපයකින් නිවසට පැමිණි ඇය පළමු වරට සිය පුතු දැක බලා ගත්තේ එදිනයි…. කොපමණ දරු මුණුබුරෝ සිටියත්, එදා පටන් ඒ පවුලේ සුරතලා වුනේ ඒ පුතු…. ඊට වඩා ලොකු පුතෙකු  ඒ මුණුබුරන් අතර සිටියත්, අර සැම දෙනාටම “ලොකු පුතා” වූයේ ඒ පුතු….. ජීවිතයේ නොයෙකුත් හැල හැප්පීම්, සමහට අනතුරුදායක අවස්ථා, ආදිය සියල්ල පසු කරමින් පැමිණි ඒ පුතුට දැන් අවුරුදු 39 ක්.. ඒ පුතු ඈ ලඟ දැන් නැති වුනත්, නිතරම ඈ ගැන සොයා බලනවා… මව තරම් ඒ දරුවාගේ පියා දුක් නොවින්දත්, අදත් ඒ දෙදෙනා ඒ පුතුගේ උපන් දිනය සිහි කර, අතීතය මතක් කරනවා. ඒක හැම අවුරුද්දකම සිදු වෙනවා…. මේ දැනුත් ඒක වුනා…

ඉතින් ඒ පුතු මේ ලෝකෙට ගෙන ආ ඒ දෙමවුපියෝ දෙදෙනා තමයි ඒ පුතුට ඉන්න ලොකුම සම්පත් දෙකක් වන්නේ…. ඒ පුතු තම උපන් දිනය සමරන්නේ තමන් ගැන මතක් කරලා නොවෙයි.. තමන් මේ ලෝකයට ගෙන ඇවිත්, මේ තාක් කල් හදා වඩා මෙසේ පොළවේ පය ගසා සිටීමට අධ්‍යාපනය, ගුරු හරුකම්, ගුණ යහපත් කම් කියා දුන් ඒ අමිල සම්පත් දෙකට නිරෝගී සුව, දීර්ඝායුෂ පතා…. ඒ දරුවා මුල සිටම හදා වඩා ගත් පුංචි අම්මලා මාමලා කාණ්ඩයට නිරෝගී සුව, දීර්ඝායුෂ පතා…. ඒ දරුවගෙ දෙමාපියන් බලා කියා ගන්න සහෝදරයාටත්, සහෝදරියටත් අපමණ ස්තුතිය, ප්‍රණාමය..

ඉතින් ඒ සියළු දෙනාට නිදුක් නිරෝගී සුව, දීර්ඝායුෂ…

මෙතෙක් කල් හෙවනැල්ලක් වගේ පස්සෙන් ආපු ඒ දරුවගෙ බිරිඳවත්, මේ ලෝකෙම එළිය කරන පැටියවත් අමතක කරන්නෙත් නැහැ…..

ඒ දරුවා ලියන දේවල බලන ඔබටත් බොහොම තුති…..

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on ජනවාරි 22, 2012, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 25.

  1. තනි අලියාද එ් දරුවාට සුභ උපන් දිනයක් හා සුභ නවවසරක් පතයි! 🙂 🙂 🙂 🙂

    පොඩි තෑග්ගක්! 🙂 ❤

    https://mmrcxw.blu.livefilestore.com/y1pXvz88DSyp8m_0ykRBvPjhht2xVNJjv_3n3kNqAHncRdAVcCbfBWoRkJ7Ndt59nZidK9fbJhyBkNwkLPOcMADTw/05%20numb%20piano.mp3?download&psid=1

    කැමතියි

  2. ‘කොහෙත්ම චතුර නොවූ, ආගන්තුක ඉංග්‍රීසි බසින් ව්‍යාකරණ වැරැද්ද වරද්දා මූණු පොතේ ආයාසයෙන් ලියමින් සිටි අපට පරිඝනකයෙන් සිංහලෙන් අකුරු ලියන ආකාරය කියාදී , ” කුඹුර දීපු වහජ්ජ නියරත් බැඳපිය ” යයි කියංනාවූ සිංහල ප්‍රස්තාපිරුල අර්ථවත් කරමින් , හිතේ හැටියට අත දිගහැර ලුණු ඇඹුල් ඇතුව සුද්ද සින්හලෙන් ලිවීමට “ඇල්කෙමියාගේ දිනපොත” නැමති මහා අනර්ග බ්ලොගය නිර්මාණය කරදී, එහි අප ලියංනාවූ කුණුකතා සියල්ලම මැදහත් සිතින් බලා ඉඳින්නා වූ අපේ සුමිතුරු ඇල්කෙමියාට සුභ උපන්දිනයක් වේවා !!!! ‘

    කැමතියි

  3. “ඒ පුතු තම උපන් දිනය සමරන්නේ තමන් ගැන මතක් කරලා නොවෙයි..” මෙහෙම හිතන්න හැමෝටම බෑ. ඒ ගැන මගේ සුභ පැතුම්!

    කැමතියි

  4. සිංහල බ්ලොග් අවකාශයේ රැඳෙන රසායන විද්‍යාඥයාණෙනි ඔබට සුභ උපන් දිනයක්!!!

    කැමතියි

  5. සුභ උපන්දිනයක් වේවා මචං . . . . දෙමාපිය, නෑදෑ සියල්ලන්ටත් සුභ පැතුම් මේ වගේ පුතෙක් අමාරුවෙන් හරි හදා ගත්තු එක ගැන . . .

    කැමතියි

    • කියලා වැඩක් නෑ…
      සමහර විට ටයර් එකක් බෙල්ලෙ දාගෙන ඉන්න හරි, ගඟක මූදක මාළු කොට කොට හරි එහෙමත් නැත්තං අපේ නිදහස් අධ්‍යාපනේ අපට දියවු කිය කිය ලිප්ටන් වටරවුමෙ කෑ ගහ ගහ ඉන්නත් තිබුණා….
      හොඳ වෙලාවට අතක් පයක් නොකැඩි මේ ගාණට බේරුණේ…

      කැමතියි

  6. පණ්ඩිතයෙක් උනාට බක පණ්ඩිතකං නැති, මනුස්සකම පිරිච්ච ඇල්කෙමියට සුභ උපන්දිනයක් ! 😀

    කැමතියි

  7. සුභ පැතුම් අල්කෙමියෝ….සොඳුරු මිනිසෙක් මෙලොවට දායාද කල දෙමව්පියන්ටත් පිං….!!!

    කැමතියි

  8. Thaman gana nositha thamanwa hadawadagath aya mathkarala egana sthutikaranna tharam oba nihathamani weema gana mata godaak santhosai mage yalawata. obata subaupandinyak wewa!!!!!!!!!!!!!!

    කැමතියි

  9. සුභම සුභ උපන්දිනයක් ඔබට!ඒ දරුවා ලියන දේ බලන අපිට තුති විතරද?කේක් නැද්ද? හික්ස්

    කැමතියි

  10. කාලෙක ඉදන් ඇල්කෙමි බ්ලොග් එකට එනවා,,සුභ උපන්දිනක් ඇල්කෙමි

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න