2012 ජනවාරි 25: විදේශීය සරසවි සිසුවා ඉගෙන ගන්න කන කට්ට, ලාංකීය සරසවි සිසුවාගේ මානසිකත්‍වය, සහ ඇමතිවරුන්ගේ නොහැකියාව….


ශ්‍රී ලාංකික අධ්‍යාපන ක්‍ෂෙත්‍රයේ දැනට වැඩිපුරම කතා බහට ලක් වන මාතෘකා දෙක වනුයේ උසස් පෙළ ප්‍රතිඵල ගැටළුව සහ පෞද්ගලික විශ්ව විද්‍යාල පණත යන කරුණු දෙකයි. මේ දෙක අඩු වැඩි වශයෙන් කළින් කළට වැදගත්කම ඉහළ පහළ ගියත්, මේ දෙකම විවෘතව කතා කළ යුතු ප්‍රශ්න: නමුත් පවතින වාතාවරණය තුළ කවුරු මොන පැත්තට කතා කළත් ඔහු/ඇය නිතැතින්ම දේශප්‍රේමියෙක් හෝ දේශද්‍රෝහියෙක් බවට පත් වෙනවා. මේ ප්‍රශ්න පිළිබඳව බ්ලොග් අවකාශය තුළ බොහෝ දේවල් කතා වුනා.

කතන්දර කාරයා ලියපු ලිපියට මෙතැනින් යන්න

රත්ගමයා ලියපු ලිපියට මෙතැනින් යන්න

බ්ලොග් ගඩොල් ලිපියට මෙතැනින් යන්න

ඉතින් මේ කාරණය ගැන මට අමුතුවෙන් කතා කරන්න දෙයක් ඉතිරි වෙලා නැති තරම්. නමුත් මම අද කතා කරන්නේ ඒ කිසිවක් ගැන නොවෙයි. නමුත් ඒ දේට සම්බන්ධයි. ඇත්තෙන්ම කියනවා නම් පෞද්ගලික විශ්ව විද්‍යාල අපට අවශ්‍යයි කියන මතයේ තමයි මම සිටින්නේ. ඒ ගැන කිසිදු ගැටළුවක් නැහැ. ඒ මම පෞද්ගලික උපාධි ආයතනයකින් මූලික උපාධියක් ලැබූ නිසා පමණක් නොවෙයි, විවිධ විශ්ව විද්‍යාලවල උගන්වා, ඉගෙනගෙන ලැබූ අත්දැකීම් සියල්ල අනුසාරයෙන් තමයි මම ඒ ගැටළුව දිහා බලන්නේ. කෙටියෙන් කියනවා නම්, පෞද්ගලික විශ්ව විද්‍යාල පැවතීම නිසා රජයේ විශ්ව විද්‍යාලවලට ලොකු තරඟයක් ඇති වෙනවා. මේ නිසා සිසුන් නිකම් කාළය කා නොදමා, තමන්ගේ අනාගතය වෙනුවෙන් සටන් වැදීම උදෙසා ඔවුන් හොඳින් ඉගෙන ගන්න පෙළඹෙනවා. මේ සඳහා ඇති තරම් උදාහරණ තිබෙනවා. අපි ඒ ගැන පසුව කතා කරමු…

ඇමරිකානු පාසල් සිසුවා (පහසුව තකා සිසු-සිසුවියන් දෙපිරිසම සිසුවන් ලෙස හඳුන්වනවා) විශ්ව විද්‍යාලයට යාම වෙනුවෙන් පිළියෙල වෙන්නේ කුඩා කාළයේ සිටමයි. පවතින විශ්ව විද්‍යාල රටාවට අනුව පෞද්ගලික හෝ රජයේ විශ්ව විද්‍යාල දෙකොටසම මුදල් අය කරන බැවින් ඔවුන්ගේ මූලික පරමාර්ථය වන්නේ ඒ ඒ විශ්ව විද්‍යාල වල පාඨමාලා ගාස්තු අඩු කර ගැනීමට ශිෂ්‍යත්‍ව ලබා ගැණීම. මේ සඳහා ඔවුන් විවිධ විෂය බාහිර ක්‍රියාකාරකම්, විවිධ අධ්‍යාපනික වැඩසටහන්, ක්‍රීඩා, ආදී නොයෙකුත් දී වල නිරත වෙන්නේ කුඩා අවධියේ සිටමයි. බොහෝ සිසුන් පාසලේදී උසස් පෙළට සමාන පාඨමාලා (High School) තෝරා ගැනීමේදීත් ඔවුන්ගේ විශ්ව විද්‍යාල බලාපොරොත්තු වලට අනුවයි ඔවුන් ඒ විෂයයන් තෝරා ගන්නේ. ඒ සමඟම වාගේ උසස් පාසල් වල අවසාන වසරේ සමහර විෂයයන් සමහර විශ්ව විද්‍යාලවල සම්බන්ධීකරණයෙන් ග්‍රීෂ්ම නිවාඩු කාළවලදී (Summer Vacation) ඒ විශ්ව විද්‍යාලවල උගන්වනවා. මේ නිසා ඔවුන් තමන්ගේ විශ්ව විද්‍යාලවල පළමු වසරේ අවශ්‍යතාවයන්ගෙන් සමහරක් නිවාඩු කාල වලදීම සපුරා ගන්නවා. ඒ අතරවාරයේ ඔවුන් SAT නම් වූ විශ්ව විද්‍යාලවලට ඇතුලත්වීම සඳහා වූ විභාගයට පෙනී සිටිනවා. මේ විභාගය පවත්වන්නේ College Board නම් ආයතනය නිසා ඒ ලකුණු වල විශ්වාසනීයත්‍වය පිළිබඳ කිසිදු විශ්ව විද්‍යාලයකට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම අපේ රටේ වගේ ඒ ලකුණු වෙනස් කරන්න හෝ, විශේෂ තත්ත්‍ව මත විභාග වලට වාඩි වීම වැනි අකටයුතුකම් ද සිදු වන්නේ නැහැ. අවම වශයෙන් ජනාධිපති බුෂ්ගේ දියණියන්ටවත් මේ තත්ත්‍වය වෙනසක් නැහැ. මේ ලකුණු මට්ටම් මත තමයි සිසුන් විශ්ව විද්‍යාලවලට ඇතුලත් කර ගැනීම සිදු වන්නේ. නමුත් මේ ලකුණු පමණක්ම නොවෙයි, පාසලේ ලබා ගන්නා GPA ලකුණු මට්ටම, තමන් ඒ විශ්ව විද්‍යාලයට ඇතුලත් කරගත යුත්තේ ඇයිද, තමන්ගේ අනාගත අභිමතාර්ථ මොනවාද යන්න ඇතුලත් Personal Statement එක, සහ තමන්ගේ ගුරුවරුන්ගෙන් ලබා ගන්නා සහතික කරන ලද ලිපි (Reference Letters) ආදී සියල්ල සලකා බලායි මේ සිසුන් විශ්ව විද්‍යාලවලට ඇතුලත් කරගන්නේ.

සාමාන්‍යයෙන් මා සේවය කරන ඩෙලවෙයාර් විශ්ව විද්‍යාලයට පමණක් වසරකට අයදුම්පත්‍ර 20,000 ක් පමණ ලැබෙනවා. ඉන් ඇතුලත් කර ගන්නේ 3000 ක් පමණයි. මේ තත්ත්‍වය ඉහළ මට්ටමේ තියෙන විශ්ව විද්‍යාලවල මීටත් වඩා වැඩියි. ඇමරිකාවේ විශ්ව විද්‍යාල විවිධාකාර අන්දමින් වර්ග කර තිබෙනවා. ඒ පිළිබඳ මෙතැනින් බලන්න. මේ නිසා සිසුන්ටත් දෙමාපියන්ටත් තමන්ගේ දරුවා ඇතුලත් කරන්නට යන විශ්ව විද්‍යාලය සහ ඒවායේ තත්ත්‍වයන් පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීමට පුළුවන්. එසේම මේ තත්ත්‍වයේ විශ්ව විද්‍යාලවලට ඇතුලත් වීමට නොහැකි බොහෝ දෙනා Community College නම් තාක්‍ෂණික ආයතනවලට ඇතුලත් වෙනවා. ඒ මුදල් නොමැතිකම හෝ නිසි අධ්‍යාපන සුදුසුකම් නොමැති වීම යන දෙකම හෝ ඉන් එකක් වන්නට පුළුවන්. නමුත් මේ ආයතන සමහරක් යම යම් සුවිශේෂ පාඨමාලා උගන්වන ආයතන නිසා ඒවායින් පිටවන අයටත් හොඳ රැකියා ලබා ගැනීමේ අවස්ථාව තිබෙනවා.

මේ සියල්ලම නිකම් ලැබෙන දේවල් නෙවෙයි. ශිෂ්‍යත්‍වයක් ලැබුණත් එයින් ලැබෙන මුදල් මදි වෙනවා වියදම් පියවා ගන්නට. මේ නිසා දෙමාපියන් දරුවා ඉපදුන දා සිට අරමුදලක් එකතු කරනවා විශ්ව විද්‍යාල අරමුදල (College Fund) නමින්. එයත් මදි වියදම් පියවා ගන්න, බොහෝ දෙනා විශ්ව විද්‍යාල මගින් අනුමත කරන ලද බැංකු මගින් ණය මුදල් ලබා ගන්නවා. වසර හතරක සාමාන්‍ය වියදම ඇමරිකානු ඩොලර් ලක්‍ෂය පනිනවා. ඒ අනුව විශ්ව විද්‍යාලයකින් පිටවන බොහෝ සිසුන් ඉන් පිටවන්නේ ණයකාරයන් ලෙසින්. මේ ණය ඔවුන් විසින් අවුරුදු 10 ක් හෝ 20 ක් ඇතුලත ගෙවා දැමීමේ බැඳුම්කරයකට යටත්වයි ඔවුන් ලබා ගන්නේ. මේ නිසා නොගෙවා සිටින්නට බැහැ. මේ මූල්‍යමය පැත්ත.

මීට අමතරව වියදම් සඳහා ආදායම් උපයා ගන්නට සිසුන් විවිධාකාර රැකියා කරනවා. සමහරු හෝටල්වල වේටර්කම්, ඉන්ධන පොළවල් වල රැකියා, මැක්ඩොනල්ඩ්ස්, බර්ගර් කිං වැනි ආහාර හලවල රැකියා, ආදිය කරනවා. තවත් සමහරු කුණු එකතුකර වෙන්කරන ස්ථාන, වැනි පහත් යැයි සැලකෙන ස්ථාන මෙන්ම වෛද්‍ය මධ්‍යස්ථාන, බැංකු වැනි උසස් ස්ථානවලත් රැකියා කරනවා. මේ සියල්ල කරන්නේ ඉතාමත් අඩු වේතනයකට, බොහෝ සිසුන් ආදායම් උපයන්නේ ඔවුන්ට ලැබෙන කොමිස් වලින්. මීට සතියකට පමණ පෙර එක්තරා කෙනෙක් බොහෝ දෙනෙකුගේ ඊ මේල් වලට එවා තිබූ ලංකා බැංකුවේ සේවය කරන අයගේ ශ්‍රම මංකොල්ලයක් ගැන සඳහන් ලිපියක් කියවීමේදී මට ඇත්තෙන්ම සිතුනේ මොවුන් කොයි තරම් ලිං මැඩි මානසිකත්‍වයක සිටිනවාද යන්න. මේ සියළු රැකියා මගින් මේ සිසුන් කරන්නේ ආදායම් උපයන එක පමණක් නොවෙයි, විශ්ව විද්‍යාලයෙන් පිටව ගිය දවසක රැකියාවක් සඳහා ඉල්ලුම් කිරීමේදී අදාල වන සුවිශාල අත්දැකීම් සහ පළපුරුදු සම්භාරයක් එකතු කරගන්නවා.මේ නිසා එය ඔවුන් පැකිළීමකින්, මැසිවිලි නැගීමකින් තොරව ඉටු කරනවා. එමෙන්ම කිසියම් වරදක් සිදු වුන හොත් සේවයෙන් පහ කිරීම නියත වන නිසා ඔවුන් ඒ සියල්ල කරන්නේ බොහෝ පරිස්සමින් සහ පාරිභෝගිකයා උපරින්ම සතුටු වන විදියට.

මේ සියල්ල ඔවුන් කරන්නේ සිය පන්ති කාලසටහනට අවහිරයක් නොවන විදියට, එක්කෝ රෑට, එසේත් නැතිනම් පන්ති නොමැති වෙලාවට… මේ නිසාම ඔවුන්ට විශ්ව විද්‍යාලයෙන් දෙන ගෙදර වැඩ කරන්නවෙලාවක් නැති තරම්.. එවිට ඔවුන් නිදි වරාගෙන පාඩම් වැඩ කරනවා.. මේ විශ්ව විද්‍යාලවල දෙන ගෙදර වැඩ සුළුපටු නැහැ. ඒ වගේම ඒ බොහොමයක් ගෙදරවැඩ වල ලකුණු අවසාන විභාගයේ ලකුණු වලට එකතු වෙනවා. කොපි කරලා අහු වුනොත් ගෙදර (මේ ලඟදිත් එක්කෙනෙක් ගෙදර යැව්වා අපේ දෙපාර්තමේන්තුවේ නම්) මේ නිසා ඉගෙන ගැනීමට ආසාවක් ඇති සියළුම දෙනා කෙසේ හෝ මේ සියල්ල සමබර කරගෙන ඉගෙන ගන්නවා. ඒ වගේම රෑ නිදි වරාගෙන වැඩ කරන නිසා සමහරු පන්ති දෙකක් අතරවාරයේ ඇති සුළු වෙලාවෙත් පොත් මල්ල හිසට තියාගෙන කොහේහරි බංකුවක හෝ ශාලා දෙකක් අතර ඇති කොරිඩෝරයක නිදා ගන්න එක බොහොම සුලභ දසුන්.. ඒ නිසා ඒ සිසුන්ට රැග් කරන්න, මල් කඩන්න වෙලා නැහැ…

ඒ වගේම මෙහේ නීති හරි තදයි, රැග් කිරීම (Hazing) නීති විරෝධි ක්‍රියාවක්. හැම විශ්ව විද්‍යාලයකම පොලීසියක් තියෙනවා. ලොකු විශ්ව විද්‍යාලවල නම් හැම තැනම කැමරා සවි කරලා 24/7 නිරීක්‍ෂණය වෙනවා. මේ නිසා කිසිදු නීති විරෝධි ක්‍රියාවක් සිදු වීමේ ඉඩකඩ අඩුයි..( අපේ අය පොලීසියත් එක්ක නයි වෛරයි නේ) ඒ වගේම පොලීසිය තමන්ගේ ගෞරවය රැක ගැණීමත්, පොලිසියට තමන්ගේ ගෞරවය දීමට සිසුනුත් වගබලා ගන්නවා. මේ නිසා ගැටුමක් නැහැ. ඒ වගේම පොලීසිය සමග ගැටුනොත් මෙහේ දඬුවම් සැරයි.. ඒ නිසා කවුරුවත් පොලීසියට ගහන්න යන්නෙ නෑ…..

ඒ වගේමයි මෙසේ අමාරුවෙන් ඉගෙන ගන්න සිසුන් ඉන් පිටව ගියාම ඔවුන්ට නිසි රැකියා ලබා ගන්න රජය උදවු කරනකල් බලන් ඉන්නෙ නැහැ. රජයෙන් උදවු කරන්නෙත් නැහැ. සියළුම දෙනා රැකියා සොයාගන්නේ තමන් විසින්මයි.. මේ නිසා අපට රැකියා දියවු කියලා ධවල මන්දිර වට රවුම ලඟ කවුරුවත් පිකටින් කරන්නෙත් නැහැ. බොහෝ විශ්ව විද්‍යාලවල වෘත්තීය සේවා කේන්‍ද්‍ර (Career Services Centers) පිහිටවලා තියෙන්නේ විශ්ව විද්‍යාලවලින් පිටවන සිසුන්ට රැකියා සොයා ගැනීමට මඟ පෙන්වීමට. මෙහිදී අයැදුම්පත්‍ර සැකසීම, ලිපි ලිවීම පමණක් නොවෙයි සම්මුඛ පරීක්‍ෂණ වලට මුහුණ දීමට පවා පුහුණු කරවනවා. ඒ සියල්ල කරවලයි සිසුවෙකු විශ්ව විද්‍යාලයෙන් පිටතට යවන්නේ. මේ නිසා මුදල් ගෙවා ඉගෙන ගන්න එකේ වටිනාකමට සරිලන දෙයක් ඔවුනට ලැබෙනවා. ඒ විතරක් නොවෙයි, සියළුම පාඨමාලා ප්‍රමිතිකරණය කරලා තියෙන්නේ, විභාග සියල්ල නිසි ලෙස කෙරෙන නිසා සල්ලි ගෙවුවත් නියමිත පරිදි දක්‍ෂතාවය අනුවයි සිසුන් සමත් වෙන්නේ.

මේ සියල්ල කළත් නාස්තිකාර පුත්‍රයින් නැතුවා නොවේ… ඔවුන් අකාලයේ ජීවිතය අගාධයට දමා ගන්නවා… දැන් දැන් විරැකියාව වැඩිනිසා ඉගෙන ගැණීමේ තරඟයත් උපරිමයි…. මේ නිසා ඔවුන් කොහොම හරි බලන්නේ කුමක් හෝ රැකියාවකට ගොස් පසුව හොඳ රැකියාවකට යන්නයි…. බොහෝ දෙනා රැකියාවක් ඇතුව හෝ පශ්චාත් උපාධියක් සඳහා විශ්ව විද්‍යාලයකට ඇතුලත් වීමේ හැකියාව සහිතවයි සාමාන්‍ය උපාධිය නිම කරන්නේ…

මෙන්න මේකයි ඇමරිකානු සිසුවාගේ සරසවි ජීවිතය….. මේක අපේ සරසවි සිසුවාගේ ජීවිතයට සැසඳීමේදී මා සිතන පරිදි ඔවුනට ක්‍රියාකාරකම් අඩුයි, ඇගැයීම්, ගෙදර වැඩ, ව්‍යාපෘති ආදිය දෙනවා මදි… ඒ වගේම විවිධ අධ්‍යාපනික ක්‍ෂෙත්‍රයන් අනුවත් මේ තත්ත්‍වය වෙනස් වෙනවා. විද්‍යා අංශ උපාධි අපේක්‍ෂකයෙකුට වඩා වැඩි නිදහසක් කලා අංශ උපාධි අපේක්‍ෂකයෙකුට තිබෙනවා.. මේ නිසා දේශපාලනය වැනි අමතර දේවලට නැඹුරු වීමේ ප්‍රවණතාවය වැඩියි..

මට හිතෙන විදියට නම් සිසුන් දේශපාලනය කළාට කමක් නැහැ, නමුත් ප්‍රමුඛත්‍වය දිය යුත්තේ අධ්‍යාපනයටයි. අවිවිශිබමයේ හිටපු කැඳවුම්කරු දන්න වෛද්‍යවරයෙක් වෙන්න ඇවිත් දැන් දේශපාලනය කරනවා. දන්ත වෛද්‍ය පීඨයට ඇතුලත් වෙන්න හිටපු කෙනෙක්ගේ අවස්ථාව අහුරලා ඔහුත් ජීවිතය වෙනත් පැත්තකට හරවා ගත්තා… මේ මනුස්සයා ඉඩ ඇහිරූ අර දන්ත වෛද්‍ය පීඨයට ඇතුලත් වෙන්න අවස්ථාව තිබූ ඊලඟ සිසුවාගේ සිසු අයිතිවාසිකම් වෙනුවෙන් කියන්න ඔහුට තියෙන්නෙ කුමක්ද ?

සමහර විට අපි මේ සිසු නායකයෝ පිටරට විශ්ව විද්‍යාලවල සංචාරයකට යවලා, ඔවුන්ගේ ඇස් ඇරෙව්වා නම් මෙයට වඩා හොඳ ප්‍රතිඵලයක් ගන්න තිබුණා… නමුත් ඔවුනට පමණක් දොස් කියා පළක් නැහැ, ඔවුන් උද්ඝෝෂණ කරන තත්ත්‍වයට ඇද දැමූ අවස්ථාවාදී දේශපාලනය වගේම, පවතින රජයේ අධ්‍යාපනික අමාත්‍යාංශයේ ඇති පරිපාලනමය දුර්වලතා ද මඟ හැරවාගත යුතු වෙනවා. ඇමතිවරු හැට හැටහමාරක් හැටියත්, ඔවුනට හරියට වැඩක් කරගන්න බැරිනම් කළ හැකි කෙනෙකුට පැවරිය යුතුයි. ඇමතිවරු අධ්‍යාපනඥයෝ නොවෙයි, ඔවුන් දන්නේ දේශපාලනය (ඒකත් හරියට දන්නෙ නෑ) මේ ඇමතිවරු පත් කරන්නේ ඔවුන්ගේ සුදුසුකම් බලා නොවෙයි, ජනාධිපති තුමාට ඔවුන් පාලනය කරගැනීමේ පහසුව බලා… ඒ නිසා වැඩක් දන්න කෙනෙක් එතැනට පත් වෙන්නෙ නෑ.. ඇමතිවරු කරන්නේ තමන්ගේ හෙංචයියෝ ඉහළ තැන් වලට පත්කර ගැනීම.. සියල්ල සිදු වන්නේ තම තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් මිස රටේ අභිවෘද්ධිය තකා නොවෙයි…

ඉතින් මෙහෙම රටක සිසුන් උද්ඝෝෂණය කරන එකත් අමුත්තක් නොවෙයි… ඔවුන්ට වැරැද්දක් කියන්නත් බැහැ.. නමුත් කරගන්න එකා හරියට කරගෙන තමන් ගොඩ යනවා කියන එකත් අමතක කරන්න බැහැ.

ආරක්‍ෂක ලේකම් තුමා කියලා තිබුණා ආණ්ඩුව පෙරලන්න ඕන නම් ඡන්ද පොලේදී ඒක කරන්න කියලා… හරි විදියට නම් දැන් විපක්‍ෂයට පුළුවන් උගත් බුද්ධිමත් ඡන්ද අපේක්‍ෂකයෝ ටිකක් හොයලා ඡන්දයට ඉදිරිපත් කරන්න… ඡන්ද දායකයොන්ට පුළුවන් පගා මරුවො, මිනීමරුවෝ, කසිප්පු- කුඩු මුදලාලිලා, මැරයෝ ඔක්කොම ඉවතට දාලා රට ඉදිරියට ගෙනයන්න පුළුවන් කට්ටියක් පත් කරගන්න..

නමුත් පක්‍ෂ දෙකෙන්ම පත් කරන්නේ පරණ සෙට් එකම තමයි… මොකද කියනවනම් ලංකාවෙ දේශපාලනය කරන්න අවශ්‍ය සුදුසුකම් ඒවා පමණයි… මොළයක් ඇති වැඩක් කරන්න පුළුවන් දේශපාලනඥයො හිටියෙ ඉස්සර….. දැන් ඔක්කොම කෝටි ගණන් වියදම් කරගෙන එන්නෙ රටට ඇති ආදරේකට නෙවෙයි….තමන්ටයි තමන්ගෙ පරම්පරාවටයි කරගන්න….. ඒක ඉතින් අපේ ලංකාවෙ මිනිස්සුන්ගෙ පව… !

අධ්‍යාපනය කියන්නේ රටක අනාගතය. ඒක අර පාරම් බාන දෙන්නට කියලා දෙන්න කෙනෙක් නැති එක ගැන දැක්කාම ලංකාවෙ ඉන්නෙ ඔක්කෝම අපෘෂ්ඨවංශීන් ද කියලත් හිතෙනවා…

යන ගමන් මේ සිංදුවත් අහගෙනම යන්න.. (සිංදුව විතරක් අහන්න ඕන නම් විනාඩි 2:00 ට යන්න) මේකෙ තියෙන්නෙ ඔක්කොම ඇත්ත නෙ…

Advertisements

About Alchemiya

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on ජනවාරි 24, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , , , , . Bookmark the permalink. ප්‍රතිචාර 18.

  1. ඇත්ත තමා. මට හිතෙනවා ලංකාවේ ළමයින්ව බබාලා කරනවා වැඩිද කියලත්. ඒ කිව්වේ තමන් හිතල යමක් කරනවා අඩුයි. කව්රු හරි ඇවිත් පොවන කන් ඉන්නවා.ඒ වගේම අපි ගොඩක් වැඩ කරන්නේ රැල්ලට. යාලුවෝ නෑදැයෝ කරනවා නම් මාත් කරනවා. එතකොට අර ගැට්ටෙන් මිදිලා තනි තනිව වැඩ කෙරෙනවා අඩුයි. ඔය කලා උපාධි දාරයන්ට රැකියා දෙනකන් බලාන ඉන්නේ ඒ හින්ද වෙන්ටැති.

    ඔව් මාත් හිතනවා වැඩ අඩු වීමත් හේතුවක් කියල. නමුත් ඒ වැඩ නැති කාලය උද්ගෝෂණ, රැග් වලට නැතුව අමතර රැකියාවකට, තමන්ගේ මොකක් හරි පර්යේෂනෙකට යොදවන්නේ නැත්තේ ඇයි? ගොඩක් අය නිකම් ගිරව දාල විභාගේ පාස් කරනවා විතරයි. ඉගෙන ගන්න දේ ඔස්සේ වැඩි දුරට හිතන්නේ නැහැ

    කැමතියි

  2. “ඇමරිකානු පාසල් සිසුවා (පහසුව තකා සිසු-සිසුවියන් දෙපිරිසම සිසුවන් ලෙස හඳුන්වනවා) විශ්ව විද්‍යාලයට යාම වෙනුවෙන් පිළියෙල වෙන්නේ කුඩා කාළයේ සිටමයි”
    දැන් එතකොට ලංකාවේ සිසුවා කුඩා කල සිටම විශ්ව විද්‍යාලයට යාමට සුඋදනම් වෙන්නේ නැද්ද?

    “මේක අපේ සරසවි සිසුවාගේ ජීවිතයට සැසඳීමේදී මා සිතන පරිදි ඔවුනට ක්‍රියාකාරකම් අඩුයි, ඇගැයීම්, ගෙදර වැඩ, ව්‍යාපෘති ආදිය දෙනවා මදි…”
    ලංකාවේ සරසවියක ශිෂ්‍යයෙක් හැටියට වසර 4 ක් ගතකරලද මේ කියන්නේ? lol

    ලංකාවේ ශිෂ්‍යයෝ සරසවි වල නිකන් කාලය කදමනවා වගේනේ මේ ලිපියෙන් කියන්නේ?
    ලංකාවේ සරසවි වලින් බිහි වූ අති දක්ෂයන් සිටින බව අමතක කරන්න එපා ඔබේ ඔය මහලොකු ඇමරිකාවේ MIT එකේ physics department head වෙලා හිටියේ ලංකාවේ පේරාදෙණියෙන් බිහිඋන
    ශිෂ්‍යයෙක් තමඊ. ඉතින් අපේ සරසවි හැල්ලුවට ලක් කරන්න කලින් දෙපාරක් හිතන්න. ඇත්තටම් ඔය ඇමෙරිකාවේ කවදාවත්ම උද්ගෝෂණයක් යන්නෙම නැද්ද? ….

    කැමතියි

    • ඇමරිකාවෙ උද්ඝෝෂණ නොවෙනවා නොවෙයි… නමුත් පාලකයෙකුට පඩයක් ගියත් උද්ඝෝෂණ කරන අපේ ශිෂ්‍ය සංවිධාන වලට වඩා බුද්ධිමත් විදියටයි ඔවුන් කටයුතු කරන්නේ.. එක එකාගෙ දේශපාලන උවමනි එපාකම් වලට නැවෙන්නෙ නැහැ….
      මෙතැන බලන්න Big Picture එක දිහා.. මම කවදාවත් අපේ ලංකාවෙ බුද්ධිමතුන් හෑල්ලු කරලා කතා කරලා නැහැ.. මමත් ඉගෙන ගත්තේ ඔය බුද්ධිමතුන්ගෙන්ම තමයි…

      කැමතියි

  3. ඒ වගේමයි මෙසේ අමාරුවෙන් ඉගෙන ගන්න සිසුන් ඉන් පිටව ගියාම ඔවුන්ට නිසි රැකියා ලබා ගන්න රජය උදවු කරනකල් බලන් ඉන්නෙ නැහැ. රජයෙන් උදවු කරන්නෙත් නැහැ. සියළුම දෙනා රැකියා සොයාගන්නේ තමන් විසින්මයි..

    Occupy Wall Street is the original protest that began the worldwide movement beginning September 17, 2011 in Zuccotti Park, located in New York City’s Wall Street financial district, initiated by the Canadian activist group Adbusters. The protests are against social and economic inequality, —-high unemployment—-, greed, as well as corruption, and the undue influence of corporations—particularly from the financial services sector—on government. The protesters’ slogan We are the 99% refers to the growing income and wealth inequality in the U.S. between the wealthiest 1% and the rest of the population…..from wikipedia

    (Reuters) – Anger at high tuition bills and a lack of jobs propelled U.S. college students into streets and quadrangles on Thursday in the latest offshoot of the Occupy Wall Street protest movement.
    http://www.reuters.com/article/2011/10/14/us-usa-wallstreet-campuses-idUSTRE79D0KU20111014

    “මෙන්න මේකයි ඇමරිකානු සිසුවාගේ සරසවි ජීවිතය….. “

    කැමතියි

  4. “මෙන්න මේකයි ඇමරිකානු සිසුවාගේ සරසවි ජීවිතය….. මේක අපේ සරසවි සිසුවාගේ ජීවිතයට සැසඳීමේදී මා සිතන පරිදි ඔවුනට ක්‍රියාකාරකම් අඩුයි, ඇගැයීම්, ගෙදර වැඩ, ව්‍යාපෘති ආදිය දෙනවා මදි… ”

    දක්වා ඇති පරිදි කලා සිසුන් හට වැඩි නිදහසක් අත්වෙනවා. නමුත් වැඩ අඩු කතාව නම් විද්‍යා විෂයධාරා සදහා අදාල වන්නේ නෑ. සමස්තයක් වශයෙන් ලාංකික සිසුවා තුල මා දකින විශාල අඩුව නම් අවස්තා හමා නොයෑමයි. බොහෝ විට රැල්ල පිටුපස යෑම හා අලසව සියල්ල ලගට එන තුරු බලා සිටීම තමා ලොකුම ගැටලුව. හැමෝම නෙමේ.

    මේ අධ්‍යාපන අවුලට 100% වගකියන්න වෙන්නේ (කොන්ද පණ නැති වැනෙන) පරිපාලකයන්ට, නැතිව සිසුන්ට නෙමේ. නිසි පරිපාලනයක් තිබුනනම් මේ වගේ තැනකට මේ වි.වි. තල්ලු වෙන්නේ නෑ. ලංකාවට තවමත් පුද්ගලික වි.වි. අවශ්‍යයය නෑ. රාජ්‍යයය වි.වි. නිසි ලෙස විධිමත් කොට ෂිශ්වත්ව ක්‍රමයට හෝ ණය ක්‍රමයක් මත පදනම්ව ඉගෙනීම් කිරීම සිදුසුයි.

    ඇලෝගේ සංසංදනය සමග ගැටලු පවතිනවා, කෙසේ වුවත් මා විශ්වාස කරන්නේ තවමත් බුද්ධිමත්කම අතින් අපේ සිසුවන් ඉන්නේ ඉදිරියෙන්. ලංකාවෙ සෑම සිසුවෙක්ටම ඇලෝගේ විවේචනය අදාල නෑ. මා දන්නා විශාල පිරිසක් ඉන්නවා තම උපාධිය නිමකරන විට විවිධ ක්‍රියාකාරකම් රැසක් මධයයයේ හොද අත්දැකීම් රැසක් එකතුකොට ගත් අය.

    ලංකාවෙන් බිහිවුන බුද්ධිමත්තු පිට රටවල සිසුන් පෝෂනය කරද්දි මේ රටේ ඉතිරි වුන මේ රටට ආදරය කරන අපේ බුද්ධිමත්තු ගැන ඇතිවන්නේ ආඩම්බරයක්. මොකද ඔවුනුත් බුද්ධිගලනයට හසු වුනා නම් මේ සිසුන්ගේ බුද්ධිමට්ටම පහත් කරලා කතා කරන්න මේ රටේ ඉගෙනගත්තු, ඒක ආශිර්වාදයක් කරගෙන පිටරටවල වැජබෙන අපේ අයියලා තවත් කෑගහයි මේ රටට පුද්ගලික වි.වි. ඕනේ කියලා/ අපේ රටේ ඉන්න සිසුන් කිසි වැඩකට නෑ කියලා/ කිසි දෙයක් කරගන්න බෑ කියලා. මේක කොච්චර සදාචාර සම්පන්නද. විවේචනය කල යුතුයි හැබැයි සීමවන් ඇතිව සදාචාර සම්පන්නව.

    ශ්‍රී ලංකාව තුල ඉතිරිව සිටින, රට ආදරය කරන, අපේ සිසුන්ට හා රටට වැඩදායි සියලු බුද්ධිමතුන්ට ජය වේවා !!!!

    කැමතියි

    • //ඇලෝගේ සංසංදනය සමග ගැටලු පවතිනවා, කෙසේ වුවත් මා විශ්වාස කරන්නේ තවමත් බුද්ධිමත්කම අතින් අපේ සිසුවන් ඉන්නේ ඉදිරියෙන්. ලංකාවෙ සෑම සිසුවෙක්ටම ඇලෝගේ විවේචනය අදාල නෑ. මා දන්නා විශාල පිරිසක් ඉන්නවා තම උපාධිය නිමකරන විට විවිධ ක්‍රියාකාරකම් රැසක් මධයයයේ හොද අත්දැකීම් රැසක් එකතුකොට ගත් අය.//

      ඇත්ත… මේ කතාව අදාල වෙන්නේ කලා අංශයට මම මෙහෙමත් කියලා තියෙනවා
      /විද්‍යා අංශ උපාධි අපේක්‍ෂකයෙකුට වඩා වැඩි නිදහසක් කලා අංශ උපාධි අපේක්‍ෂකයෙකුට තිබෙනවා.. මේ නිසා දේශපාලනය වැනි අමතර දේවලට නැඹුරු වීමේ ප්‍රවණතාවය වැඩියි../

      බුද්ධි ගලනය වැඩියෙන්ම තියෙන්නේ වෛද්‍යවරු අතරේ කියලා පසුගිය දවසක පත්තරේක තිබුණා… ඒ වගේමයි මහාචාර්යවරු සෑහෙන ගානක් රජයට පොලු තියලා පිටරට මාරු වෙලා ලු.. ඇයි ඒ ?

      කැමතියි

    • //ලංකාවෙන් බිහිවුන බුද්ධිමත්තු පිට රටවල සිසුන් පෝෂනය කරද්දි මේ රටේ ඉතිරි වුන මේ රටට ආදරය කරන අපේ බුද්ධිමත්තු ගැන ඇතිවන්නේ ආඩම්බරයක්. මොකද ඔවුනුත් බුද්ධිගලනයට හසු වුනා නම් මේ සිසුන්ගේ බුද්ධිමට්ටම පහත් කරලා කතා කරන්න මේ රටේ ඉගෙනගත්තු, ඒක ආශිර්වාදයක් කරගෙන පිටරටවල වැජබෙන අපේ අයියලා තවත් කෑගහයි මේ රටට පුද්ගලික වි.වි. ඕනේ කියලා/ අපේ රටේ ඉන්න සිසුන් කිසි වැඩකට නෑ කියලා/ කිසි දෙයක් කරගන්න බෑ කියලා. මේක කොච්චර සදාචාර සම්පන්නද. විවේචනය කල යුතුයි හැබැයි සීමවන් ඇතිව සදාචාර සම්පන්නව//

      100% එකඟයි…..

      කැමතියි

  5. ලිපිය කියෙව්වා. කෙටියෙන් කියනවානං මගේ මතයත් මේකයි. සවිස්තරාත්මක කොමෙන්ටුවක් දාන්න ඕනෙ වෙලාව ලැබුනාම.

    කැමතියි

  6. පිට රටවල් වලට වෙලා අපි විඳින දුක කියල වැඩක් නෑ!මොකද කිව්වට මේ මිනිස්සු තේරුම් ගන්නෙ නැති නිසා..මේ මිනිස්සු තේරුම් ගන්නේ ඒ මිනිස්සුන්ට ඕන දේ විතරයි!ඕන නැති දේ කොච්චර තේරුම් කලත් තේරුම් ගන්න උත්සහ කරන්නේ නෑ! පෞ.වි.විද්‍යාල ගැන කලකට පෙර මං ලියපු ලිපි 2ක් තියනවා..වෙලා තියන වෙලාවක ගිහින් බලන්න!

    කැමතියි

  7. ‘ඉතාමත් හැගීම් භරිතව තමාගේ දයාබර දෙමාපියන්වද ආදරයෙන් කෘතගුනපූර්වකව සිහිකරමින් , ඒ යහගුණය ගැන සැමදෙනාගේම ප්‍රශංසාවටද භාජනය වෙමින් ඇල්කෙමියා සිය උපන්දිනය පසුගියදා සැමරීය .ඇල්පිට්යේ , කළුතර නාගොඩ සහ කළුබෝවිල රජයේ රෝහල් වල නොයෙකුත් අඩුපාඩුකම් මැද මාතෘ /පුත්‍ර ස්නේහය ටික කලකට දුරස්වී තිබුනද අවසානයේදී හින්දි චිත්‍රපටයක ආකාරයෙන් හැමදේම සතුටු සිනහ මැද කෙලවර වූ ආකාරය ඇල්කෙමියා විචිත්‍ර ලෙස විස්තර කර තිබුණි . අවාසනාවකට මෙන් මෙහිදී දරු ප්‍රසූතිය සඳහා ඇල්කෙමියාගේ දෙමාපියන් තෝරාගෙන තිබුනේ සැප පහසුකම් / විශේෂඥ සේවය /ආදර සත්කාර අඩු ආණ්ඩුවේ ග්‍රාමීය ඉස්පිරිතාලයි !!!! යම් හෙයකින් ඒ වෙනුවට එකල දරු ප්‍රසූති සඳහා ප්‍රභූ පවුල් /ඉහල ව්‍යාපාරිකයන්ගේ පවුල් /ඉහල දේශපාලඥයන් ගේ පවුල් ආදිය තෝරා ගන්නා සුඛෝපභෝගී පෞද්ගලික ” නර්සින්හෝමය”ක් තෝරාගෙන තිබුනානම් එහි සේවය කරංනාවූ විශේෂඥ නාරි විද්‍යා වයිද්යවරයෙකුගේ සේවාව ලබාගෙන ඇල්කෙමියා හා මව මුහුණ දුන් දුක් ගැහට බොහොමයක් අඩු කරගෙන පිට රටක මෙන් සැප පුටුවක ඇලවී කෝපි කෝප්පයක් සහ සැන්ඩ්විච් තසිමක් ලඟින් තියාගෙන ඇල්කෙමියාගේ පියාට තම කුළුඳුල් පුත්‍රයාගේ මෙලොව එලිය දැකීම සියැසින්ම දැක බලා ගැනීමේ දුර්ලබ භාග්‍යයද ලැබීමට හොඳටම ඉඩකඩ තිබුණි .මට හරියාකාරව සංඛ්‍යා ලේඛන ගැන හැගීමක් නැතත් ලංකාවේ 90% ක් පමණ දෙනා දරු ප්‍රසූතියකදී අනුගමනය කරනුයේ ඇල්කෙමියාගේ දෙමාපියන් අනුගමනය කල ක්‍රමයම යයි මම සිතමි . ලංකාවේ එලෙස නොමිලයේ ලබාදෙන සේවාවල් දෙකක් තිබේ පළමුවැන්න සෞඛ්‍ය සේවයයි .අනෙක අධ්‍යාපනයයි .සෞඛ්‍ය සේවාව මෙන්ම අද්යාපනයද මුදල් වියදම්කර කර ලබා ගැනීමට ජනගහනයෙන් ඉතා ඉහල ප්‍රතිශතයකට නොහැකිය කෙසේ වෙතත් ලංකාවේ නොමිලයේ දෙන අධ්‍යාපනය සහ ඇමරිකාවේ මිලට දෙන අධ්‍යාපනය ගැන ඇල්කෙමියා ලියා ඇති දේවල් දුටුවිට මට සිතෙනුයේ ඇල්කෙමියාගේ උපත පිළිබඳව ලිවීමේදී ,ලොකු අඩුවක් ඇති බවයි. විශාල කරදරයක වැටී ඇති කෙනෙකු දුටු විට , දුකේදී උණුවෙන හදවල් ඇති , ඔවුන්ගේ අමාරුකම් , වේදනා තේරුම් ගතහැකි ,කොන්දේසි විරහිතව එවැනි අවස්ථා වල සාමූහිකව තමාගේ දෙයක් මෙන් පෙනීහිට තමාට කෙරිය හැකි දෙයක් උපරිමයෙන් කරන හිතේෂවන්තයින්/වන්තියන් ගැන හැඟුම්බරව ලිවීම පසෙකදා ඇමරිකාවේ නොමිලයේ නොදෙන සෞක්‍ය සේවය සහ ලංකාවේ නොමිලයේ දෙන සෞක්‍යය සේවය සසඳා ” ලංකාවේ වගේ ඇමරිකාවේ දෙමවුපියෝ නොමිලේ දරු ප්‍රසූති වලට ඉස්පිරිතාල පහසුකම් බලාපොරොත්තු වෙන්නේ නැහැ . ඒ අය අවුරුදු ගානක් ඒක ප්ලෑන් කරනවා , අවුරුදු ගානක් රක්ෂණ වාරික ගෙවනවා ” වැනි යමක් ලීවානම් වඩා උචිතය යනු මගේ අදහසයි . තමන්ට හම්බවෙන මහපොළ ශිෂ්‍ය ආධාර වලින් වැඩිකොටසක් තමන්ගේ දිළිඳු දෙමවුපියන් ගේ පැවැත්ම වෙනුවෙන් කැපකරන සරසවි සිසුන් ගැන ඇල්කෙමියා අසා නැතුවා විය හැකිය . බදාම තාච්චියක් රැගෙන පලන්චියක් නැගීමට ගොස් එයින් වැටී උපාධි අපේක්ෂකයෙක් මියගොස් බොහෝ දෙනෙකුගේ සිත් සසලකෙරුනේ මේ නොබෝ දාය . ලංකාවේ ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක් අසල ජීවත් වන මා ජීවිතය ගැටගසා ගැනීමට බහුතරයක් සිසුන් කරංනාවූ අරගලය ගැන ඉතා සුළුවෙන් හෝ දනිමි . රාත්‍රිය පුරා සිකියුරිටි රස්සාව කර උදේට දේශනා වලට යන සමහර සිසුන් ගැන අසා ඇත්තෙමි . ඔවුන් මේ දේවල් කරනුයේ අධ්‍යාපනය වෙනුවෙන් ගෙවීමට නොවේ . තමාගේ බෝඩිම් කුලිය ගෙවා ගැනීමට , පතපොතක් ගැනීමට වැයවන මුදලක් සොයාගැනීමට විය යුතුය . විශ්ව විද්‍යාල තුල සිසුන් කරංනාවූ සියලුදේ , මිනී මැරීම් ,පන්ති වර්ජන ,අමානුෂික නවකවද ආදිය සධාරනී කරණය කිරීමට මා සූදානම් නැත .කෙසේවෙතත් එවැනි සියලු දේවල වගකීම විශ්ව විද්‍යාල පාලකයින් භාරගතයුතුය යන්න මගේ හැගීමයි .ඔය කියන දේශපාලන පක්ෂවලට අයත් වෘතීය සමිති බලය දරන පුද්ගලික සමාගම් වල ඔවැනි කලබල නොමැත . එකිනෙකාට ගෞරව කරගනිමින් “සාමූහික ගිවිසුම් ” වැනි කාරනා හරහා සුහදව දෙපාර්ශවයටම ඵලදායී වැඩකොටසක් ඔවුන් කරගනිති !!!! ලංකාව දියුණු කිරීමට තිබූ ප්‍රධාන භාදක සියල්ලම මෙන් නැතිවී ගොස් ඇත .ආර්ථික විද්යාව හෝ දේශපාලන විද්‍යාව ගැන මගේ දැනීමක් නැතත් , නාස්තිය වලකා , රටට වැඩ දායක , ප්‍රයෝගිකව ඉලක්ක කරා ලඟාවිය හැකි ව්‍යාපෘති අරඹා රැකී රක්ෂා බහුල කර බහුතරයකගේ ජීවන තත්වය ඉහල දමා රට සමුර්ධිමත් කළහොත් එවැනි දවසක ඇමරිකාවේ මෙන් උසස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය සඳහා මුදල් අයකරගැනීම වෙනුවෙන් ආණ්ඩුවට කිසිවකු විරුද්ධ නොවනු ඇත .!!!! ‘

    කැමතියි

  8. Mage hithawath Alkemiyata,. mama inne uk wela oya vidihamai thathwe.meheth. math noyek vita hithuwa. oyakiyana dewal saththakinama aththai. obata ithamath sthuti meka leewata. mama aniwaryenma srilankawe inna mageyaluwanta beda denawa. e yalage akalpa wenas unoth godak hondai kiya hithenawa. mona karumetada danne naha lankawe minisun pitarata diha balannema rakusek vidihata.

    කැමතියි

  9. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අදිසි විපරිණාමය
    | ඩී. සුගත් රාජපක්ෂ

    ( 27. 01. 2012 | lankagurdian.com ) ක්‍රිස්තු වර්ෂ 1942 වර්ෂයේ ආරම්භ කල පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ පැරණිතම හා විශාලතම විශ්ව විද්‍යාලය වේ. සර් අයිවර් ජෙනිංග්ස් පේරාදෙණිය විශ්ව විද්‍යාලය පිහිටුවීමෙන් පසු ලොවේ කිසිදු සරසවියක්, පේරාදෙණිය සරසවිය වැනි පසුතලයක් උරුම නොකරගනු ඇතැයි පැවසිය. ජාතික වස්තුවක් ලෙස නම් කල හැකි මෙම විශ්ව විද්‍යාලය වර්තමානයේදී විශාල අර්බුධයන්ට සහ අධ්‍යාපනික පරිහානියකට ලක්ව තිබේ. නොබෝදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්‌. බී. එස්‌. අබේකෝන් මහතා ලෝකයේ තිබෙන විශ්වවිද්‍යාල අතර 2011 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට හිමිවී තිබෙන්නේ 2200 වන තැන බව හෙළි කළේය. ලංකාවේ හොඳම විශ්ව විද්‍යාලය ලෙස සැලකෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය අප්‍රිකාවේ නොදියුණු රටක් ලෙස සැලකෙන උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලයටත් වඩා ගුණාත්මක භාවයෙන් පහලින් සිටින බව මේ අනුව පෙනී යයි. පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයට මෙවැනි ඉරණමක් අත් වුයේ මන්ද ? ඒ සඳහා වගකිවයුත්තෝ කවුරුද ?

    University of Peradeniya – File Photo
    මෑතකදී පලවූ පුවත්පත් වාර්තා අනුව පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනික අර්බුදයට අමතරව සදාචාරාත්මක අර්බුධයන්ටද මුහුණ දී සිටියි. මෙම සදාචාරාත්මක අර්බුධය පිළිබඳව කරුණු හරි හැටි තවමත් හෙළිවී නැත. එහෙත් එය ඔඩු දිවූ ප්‍රශ්නයකි. බොහෝ විට විශ්ව විද්‍යාල බලධාරීන් පවා ඒ සම්බන්යෙන් කරුණු ජනතාවට හෙළි නොකරති. එහෙත් සත්‍ය නම් බොහෝ කාලයක් පුරා පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ සිසුවියන් අතර කාන්තා සමලිංගික හිංසනය තදින් පැතිරී තිබීමයි. මේ ගැන එළි පිට කතා කිරීමට කිසිම පුවත් පතක් මෙතෙක් නිර්භය උත්සාහයක දී නැත. එම නිසා මේ පිළිබඳව විමර්ශනය කොට කරුණු ජනතාවට හෙළි කිරීමට අප උත්සහ ගත්තෙමු.එහෙත් මෙම වෑයම සමලිංගිකයන්ට එරෙහිව කරුණු දැක්වීමක් හෝ හෝ පුරුෂ අධිපත්‍යට යටවී කාන්තාවන් ගැන පමණක් කෙරෙන හෙළිදරව්වක් නොවේ. ජනතාවගේ මුදලින් නඩත්තු වන රජයේ විශ්ව විද්‍යාලයක සිදුවන සදාචාර විරෝධී ක්‍රියා පිලිබඳ දැනුවත් කිරීමකි. සැබවින්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සැබවින්ම බරපතළ ගැටලුවක් ඇත. ඒ සඳහා වහාම පිළියමක් යෙදීම අත්‍යවශ්‍යය. මෙම ලිපිය අදාල බලධාරීන්ගේ ඇස් අරවන්නක් වේවා යැයි පතමු.

    පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ සදාචාරාත්මක පරිහානිය ගැන 1960 – 1970 දශකයේ පවා කරුණු ලියැවී තිබේ. දිවංගත ලේඛක සිසිර කුමාර මනික්‍යආරච්චි මේ සම්බන්ධයෙන් පොත් පවා පළ කොට ඇත. එසේම හිටපු අධ්‍යාපන අමාත්‍ය ආර්. ඒ. ඊරියගොල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කල කොමිසන් වාර්තා වලද මේ ගැන සඳහන් වේ.

    පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ සිසුවියන් අතර පවතින කාන්තා සමලිංගික හිංසනය පිළිබඳව මුලින්ම මෑත කාලයේදී මාධ්‍යට කරුණු වාර්තා වන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පළමු වසරේ සිසුවියන් දස දෙනෙකු අඩනිරුවත් කොට නවක වදය ලබා දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි. එම හිංසනය ගැන සැක පිට එහි දෙවැනි වසරේ සිසුවියන් තිදෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්ව විද්‍යාල බලධාරීන් පියවර ගන්නා ලදී. එහෙත් මෙම ප්‍රශ්නය එම සිදුවීමෙන් පසු නැවතී නැත. මාධ්‍යවේදිනී රොෂෙල් සෙනෙවිරත්න හෙළි කරන පරිදි නවක වධ මුවාවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ලිංගික හිංසන තදින්ම සිදුවේ. එය නැවැත්වීමට බලධාරීන් අපොහොසත් වී ඇත.

    පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයෙන් වාර්තා වන කාන්තා සමලිංගික හිංසනය පිළිබඳව කරුණු විමසීමට අප ශිෂ්‍ය උද්ගෝෂණ සපිරි පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ සංචාරයක නිරත වූයෙමු. එම සංචාරයේදී අප නවක සහ ජ්‍යෙෂ්ඨ සිසුවියන් මුණගැසී මෙම ප්‍රශ්නය සම්බන්දයෙන් ඔවුන්ගේ අදහස් විමසුවෙමු. අනවශ්‍ය ගැටළු වලට මුහුණ දීමට සිදුවේ යන බියෙන් බොහෝ දෙනෙකු අපට කතා කිරීමට මැළි වුහ. නමුත් පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ කලා පිඨයේ ජ්‍යෙෂ්ඨ සිසුවියක වන නිලුකාගේ ( නියම නම නොවේ) වෑයම නිසා නවක සිසුවියන් කිහිප දෙනෙකු ඔවුන් විසින් මුහුණ දුන් අප්‍රියජනක අද්දැකීම් අප සමග පැවසුහ.

    නිලුකා ගේ ගම් පළාත උඩරටය ඒ නිසා පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලය ඇයට ආගන්තුක ස්ථානයක් නොවේ. මුළු විශ්ව විද්‍යාලය සහ එහි ගොඩනැගිලි අතැඹුලක් සේ දන්නා ඇය අපගේ මාර්ගෝපදේශිකාව මෙන්ම විස්තර සපයන්නිය වුවාය. ඇයගේ ආරක්ෂාව පතා අපට නිලුකා ගේ තොරතුරු මෙහි හෙළි කල නොහැක. නමුත් ඇය විසින් පැවසූ තොරතුරු අප මෙසේ හෙළි කරමු.

    ” පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ සිසුවියන් අතර පවතින කාන්තා සමලිංගික හිංසනය අලුත් දෙයක් නෙවෙයි. මේක හැමදාම පේරාදෙණියේ තිබ්බා. ඒත් ඒක රහසක් හැටියට තමයි පැවතුනේ. මොකද සමලිංගික හිංසනය කරන සිසුවියත් එයට ලක් වන නවක සිසුවියත් කවදාවත් ඒක වෙන කෙනෙකුට කියන්නේ නැහැ. අතවරයට ලක් වන සිසුවියට ඒක විශාල මානසික පීඩනයක්. ඇයට ඒක විශ්ව විද්‍යාලයේ බලධාරීන්ට හෝ ගුරුවරුන්ට කියන්න බැහැ. ඒ වගේම ඒක ගෙදර කෙනෙකුටවත් කියන්න බැහැ. තනියම මේ හිංසාව දරාගෙන ඉන්න තමයි ඔවුන්ට සිදු උනේ. අතවරයට පත් වූ සිසුවිය විවහා වූ පසු තමාගේ සැමියාටවත් මේක කියා ගන්න බැහැ. නමුත් සදහටම මේ මානසික කැළල ඇය තුල තියනවා. මවක් වූ පසුව ඇය තමන්ගේ දරුවන් දකින විට පවා මේ සිද්දිය ඇයට මතක් වෙන්න පුළුවන්. මේ අතවර නිසා කාන්තා සිසුවියන් බොහෝ දෙනෙකු විශ්ව විද්‍යාල අධ්‍යාපනය අතහැර ගියා. සමහරු මානසික රෝගීන් උනා. කීප දෙනෙකු දිවි නසාගෙනත් තියනවා.

    පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ පවතින කාන්තා සමලිංගික හිංසනයේ ප්‍රකටම සහ කෘරතම ගොදුර උනේ රූපා රත්නසීලි මෙනෙවියයි. නමුත් ඇය නවක වදයේ ගොදුරක් ලෙසටයි සිසුන් සහ විශ්ව විද්‍යාල බලධාරීන් ලෝකෙට පෙන්නුවේ. නමුත් සත්‍ය ඒක නොවේ. විශාල බොරුවකින් ඇත්ත වහ ගත්තා. අද උනත් බහුතරයක් විශ්වාස කරන්නේ රූපා රත්නසීලි රැග් එකට බය වෙලා උඩින් පැන්නා කියලා. එතන උනේ රැග් එකක් නෙවෙයි ලිංගික හිංසනයක්. ඇයට හිරිහැර අතවර කරන්න ආපු ඇයගේ බැචාලා බැචිලා මේ සත්‍ය දන්නවා. නමුත් ඔවුන් අද පවා මේ ගැන වචනයක් කතා කරන්නේ නැහැ. මේ සිද්දිය දැක්ක අය ඉන්නවා මම ඒ අයගෙන් ඉල්ලීමක් කරනවා දැන්වත් මාධ්‍යට ඇවිල්ලා එදා සිදුවූ දේ පිලිබඳ සත්‍ය රටට කියන්න කියලා. නැත්නම් මේ සිද්ධියට සම්බන්ද නොවී සිද්ධිය දැකපු එහෙත් නිහඬතාවය රකින අය පවා රූපාගේ ජිවිතයට වග කියන්න ඕනේ. ඔවුනුත් අපරාධකරුවන්.

    රූපා රත්නසීලි පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයට එන්නේ 1975 වර්ෂයේ. රූපා ගේ ගම කරන්දෙණිය, මහඒදණ්ඩේ. ඇය ලැජ්ජා බය ඇතුව හැදුණු ගැමි යුවතියක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට ඇතුළු රූපාට රාමනාදන් නේවාසිකාගාරයේ නවාතැන් ලැබුණා. ඒ කාලේ පවා ලිංගික හිංසනය පේරාදෙණියේ තිබුනා. දවසක් නවක වදය කියා ජ්‍යෙෂ්ඨ සිසුවියන් පිරිසක් පෑන් අරගෙන ඇයගේ කාමරයට කඩා වැදුනා. මේ පෑන් ඔවුන් නවක සිසුවියන්ගේ යෝනි මාර්ගයට ඇතුල් කරනවා. මේ ලිංගික හිංසනයට බය වූ රූපා රත්නසීලි රාමනාදන් ශාලාවේ උඩුමහලෙන් බිමට පැන්නා. ඒ නිසා ඇයගේ කොන්ද කැඩී සදාකාලික අබ්බගාත වුණා. ඉන්පසු රූපා ජිවත් වුනේ රෝද පුටුවක. දිවි රැක ගත්තේ රෙදි වියලා. ඇයගේ තරුණ ජීවිතය පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ ලිංගික හිංසක පිරිසක් නිරපරාදේ විනාශ කළා. මේ මානසික පීඩනය නිසා 1997 දී රූපා රත්නසීලි මෙනෙවිය රෝද පුටුව පිටින් ලිඳට පැනලා දිවි නසා ගත්තා. රූපා රත්නසීලිට ලිංගික හිංසන කරන්න ආපු අය අද මහාචාර්යවරියන් , සමහරු විදුහල්පතිනියන් , සමහරු ආයතන ප්‍රධානීන් , ඔවුන් අද පිරුවට වගේ ජීවිත ගත කරනවා. සදාචාරය සංස්කෘතිය ගැන පුවත් පත් වලින් ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් කතා කරනවා. නමුත් රූපා රත්නසීලි මෙනෙවියට කරපු අපරාධයට ඔවුන්ට කවදා හෝ වන්දි ගෙවන්න සිදුවෙනවා. මේ අපරාදය ඔවුන්ට නැතිනම් ඔවුන්ගේ දරුවන්ට හෝ සහගහවී.

    වර්තමානයේත් පේරාදෙණියේ මේ ලිංගික අතවර තියනවා. සමහර ජ්‍යෙෂ්ඨ සිසුවියන් නවක සිසුවියන්ව බලහත්කාරයෙන් සම ලිංගික සේවනයට යොදවා ගන්නවා. මේ වින්දිතයන් ඊළඟ වසරේ එන නවක සිසුවියන්ට ලිංගික අතවර කරනවා. මේක හරියට විෂම චක්‍රයක්. සමහර අතවර පුවත් පත් වල ලිවීමට පවා බැහැ. ඒතරම් අශ්ශීල දේවල් මේ විශ්ව විද්‍යාලයේ සිදුවෙනවා. කවුරුත් මේ ප්‍රශ්න ගැන ලියන්නේ නැහැ. ඒ නිසා මේවා සදහටම මේ විශ්ව විද්‍යාලයේ තියේවි. දැන් බලන්න ලඟදි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පළමු වසරේ සිසුවියන් දහ දෙනෙකුගේ ඇඳුම් ගලවලා වැසිකිලියකට දමලා නවක වදය දීලා. මේක කරලා තියෙන්නේ දෙවැනි වසරේ සිසුවියන් වගයක්. මේ අය සමහර අලුත් ගෑනු ළමයින්ට ලිංගික අඩන්තේට්ටම් පවා කරලා තියනවා කියලා සමහර නවක ළමයි කියනවා. එක ළමයෙකු නිරුවත් කරවලා ඇඟට මුත්‍රා පවා කරලා. අපට ආරංචිය තියනවා මේ තුන්දෙනා එකතු වෙලා ගම්පහ ඉස්කෝලෙකින් ආපු ළමයෙක්ව බලහත්කාරයෙන් මුඛ සංසර්ගයේ යොදවාගෙන කියලා. මේක අමු අමුවේ මානව අයිතිවාසිකම් උල්ලංඝනයක්. ලිංගික දුෂණයක්. වෙළඳ කලාපයේ අඩු ඉගෙනීමක් තියන කෙල්ලොවත් මෙහෙම හැසිරෙන්නේ නැහැ. මේ තුන්දෙනාගේ පන්ති තහනම් කිරීම විතරයි කරලා තියෙන්නේ. හරිනම් මේ අය උසාවි දාන්න ඕනේ. මේ අයගේ නම් ගම් පත්තර වල දන්න ඕනේ. එතකොට තම තමන්ගේ ගෙවල් වල අය, අසල්වැසියෝ මේ අයගේ හැසිරීම කොහොමද කියලා දැනගන්නවා. එතකොටවත් ලැජ්ජා වෙලා හැදෙයි. එක අනෙක් අයටත් පාඩමක් වෙයි. නමුත් දැන් මේ තුන්දෙනා පන්ති තහනමෙන් පස්සේ අපහු එනවා. ඇවිත් නැවත අහිංසක කෙල්ලන්ට අතවර කරයි.

    ලංකාවේ විශ්ව විද්‍යාලවල ලිංගික අසහනය හරියට තියනවා. මේ විශ්ව විද්‍යාල අර්බුධ වල මූලය තියෙන්නේ මේ ලිංගික අසහනය තුල. මේක ආණ්ඩුවටවත් උප කුලපතිටවත් , උසස් අධ්‍යාපන ඇමතිටවත් තේරෙන්නේ නැහැ. බරවා පයට වගේ වෙන ප්‍රතිකර්ම කරනවා. මේ ලිංගික අසහනය වැඩි කලා පීඨ වල තමයි. කලා පීඨ වල ඉගන ගන්නේ සාහිත්‍ය වගේ සිත නිවන විෂයන්. ඒත් ළමයි ඒ විෂයන් හදාරලා නිවීමක් ලබලා නැහැ. අද පේරාදෙණියේ ආට්ස් ෆැකල්ටි එකේ පිරිමි නේවාසිකාගාරය ලඟින් කාන්තාවකට යන්න බැහැ. පිරිමි ළමයි ඉන්නේ හෙළුවෙන් එහෙම නැත්නම් සමහරු රෙදි උස්සලා ලිංගය පෙන්නනවා. මම කියන්නේ බොරුවක් නම් අද උනත් හවස් වරුවක ගවුමක් සාරියක් අන්දපු කෙනෙක් ඔය නේවාසිකාගාරය ලගින් යවන්න වෙනදේ බලන්න. පුදුම අසහනකාරයෝ ටිකක් තමයි ඉන්නේ. මේ අය නේද කවදා හරි ලංකාවේ පරිපාලනය බාර ගන්නේ?

    මේ තත්වය ලංකාවේ වෙනත් විශ්වවිද්‍යාල වලත් තියනවා. මම ලඟදි කියෙව්වා ලක්බිම ඉරිදා පත්තරේ ලිපියක් නවක වදය සම්බන්දයෙන්. ඒකේ වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි කියන දොස්තර මහත්තයා බොහොම අපුරුවට රස කරලා කියනවා කිසිම හිරිකිතයක් නැතුව 1978 දී වෛද්‍ය සිසුන් නැවතී සිටි ජීවක නේවාසිකාගාරයේ සිදුවීමක් ගැන. වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි කියන හැටියට නවක වද සතිය නිමාවන දිනයේ ජීවක නේවාසිකාගාරයේ සියලුම නවක වෛද්‍ය ශිෂ්‍යයන් සැත්කමකට භාජනය කරන බව ‍‍‍ජ්‍යෙෂ්ඨ සිසුන් දන්වා තිබුණාලු . මෙය පිරිමින්ගේ ලිංගේන්ද්‍රියෙහි පෙර සම ඉවත් කිරීමේ සැත්කමයි. ඔහු කියන විදියට එදා නේවාසිකාගාරයේ කාමරයක් ශල්‍යාගාරයක් ආකාරයටම සකස් කර ශල්‍ය වෛද්‍යවරුන් අඳින ඇඳුම්වලින් ‍‍‍ජ්‍යෙෂ්ඨ සිසුන් කිහිපදෙනෙක් සැරසී සිටියාලු . සැත්කමට අවශ්‍ය කතුරු, පිහිවැනි ආයුධ පවා ඔවුන් සතුව තිබුණාලු. නවක සිසුවෙකු ඇඳ මත හොවා කතුරු පිහි ආදිය යොදාගනිමින් පිරිමි ලිගුවේ පෙර සම ඉවත් කරන ආකාරයටම ඔවුන් සැත්කම රඟ දක්වලා.

    මේ සිදුවීම ගැන බලන්න ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් නවක වධය මුවාවෙන් නවක සිසුවෙකු නිරුවත් කරලා ඔහුගේ ලිංගේන්ද්රියට බොරුවට ශල්‍ය කතුරු දික් කරනවා. මෙසේ කෙනෙකුට තවත් කෙනෙකු බලහත්කාරයෙන් පීඩනය යොදා නිරුවත් කිරීම කල හැකිද? මේ සිදුවීම සීලාචාර රටක සිදු උනානම් විශ්ව විද්‍යාලයේ කුලපති පමණක් නොවේ අධ්‍යාපන ඇමැතිටත් උසාවි යන්න සිදු වෙනවා නේද? මේවා ලංකාවේ ලිංගික අසහනය නිසා වෙන සිදුවීම් නොවෙයිද ? ”

    නිලුකාගේ මැදිහත්වීම නිසා නවක සිසුවියක වන සන්ධ්‍යා (නියම නම නොවේ) සමග තොරතුරු කතා කිරීමට අපට හැකි විය. ඇයගේ අත්දැකීම් සන්ධ්‍යා අප සමග කීවාය.

    ” මගේ ගම් පළාත කෑගල්ලේ . මම විශ්ව විද්‍යාලයට තේරුනා කීවහම ඉස්කෝලේ ගුරුවරු නෑදෑ මිතුරන් දෙමාපියන් හරියට සතුටු උනා. ඒත් විශ්ව විද්‍යාලය කියන්නේ කොච්චර පහත් තැනක්ද කියල තේරුනේ මෙහෙ ආවට පස්සේ. අපි ඇවිත් අලුත අක්කලා (ජ්‍යෙෂ්ඨ සිසුවියන් ) අවා රැග් කරන්න. එක අක්කා කෙනෙක් හිටියා නායිකාව වගේ. එයා ජේවීපී කරන කෙනෙක්. එයා එක්ක තව අක්කලා හතර දෙනෙක් විතර හිටියා. අපිව ශාලාවකට දාලා අමු කුණුහර්පයෙන් කතා කතා කළා. මම කවදාවත් ඒ වගේ වචන උපන්තේකට අහලා නැහැ. අපේ ගෙවල් වල ඒ වගේම අසල්වැසියන් කවදාවත් කුණුහර්ප කියාගෙන නැහැ. මේ නිසා මට ඒ වචන කම්පනයක් වගේ. ගැහැණු ළමයෙකුට ඒ වගේ කුණුහර්ප කියන්න පුළුවන් කියලා මම කවදාවත් හිතුවේ නැහැ.

    ඊට පස්සේ අපිව වෙන් වෙන් වශයෙන් අරගෙන රැග් කරා. එක ළමයෙක් හිටියා එයා ශරීර ප්‍රමාණයෙන් පොඩියි. ඒත් සිරියාවන්ත පෙනුමක් තියන ළමයෙක්. ඒ ළමයාගේ පියයුරු මිරිකුවා. මිරිකලා ඇහුවා උඹලා එස් .බී ගේ නායකත්ව පුහුණුවට හමුදා කඳවුරු වලට ගියාම අමිකාරයෝ මේවා ඇදලා ලොකු කරලා දුන්නේ නැද්ද කියලා. එකට අර ළමයා ගේ ඇස් වලට කඳුළු ආවා. ඒ වගේ මහා ජරා කතා කිව්වා. සමහර ළමයින්ගේ ගවුම් පවා ඔසවලා තියනවා. ”

    සමහර නවක සිසුවියන්ට සිදුවූ ලිංගික හිංසන ගැන නයෝමි (සත්‍ය නම නොවේ) මෙසේ හෙළි කළාය.

    “නවක වදයට අපිව ගත්තේ ජ්‍යෙෂ්ඨ සිසුවියන් කණ්ඩායමක්. අපිව වැසිකිලියකට ගාල් කළා.උඹලා ඔක්කොටම අද ඉටිපන්දම් ඔබනවා කියලා ඉටිපන්දම් පෙන්නලා බය කළා. මේ නිසා ළමයි හරියට බය උනා. ඊට පස්සේ එක්කෙනා ගානේ අරගන විස්තර ඇහුවා. උඹලට බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නවාද ? උඹලා බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා එක්ක කරලා තියනවද? (ලිංගිකව හැසිරී තියනවද ) කියලා මහා වල් විදියට තොරතුරු ඇහුවා. කතා කෙරුවේ අමු කුණුහර්පයෙන්. එක සීනියර් ගෑනු ළමයෙක් මම ලඟට ඇවිල්ලා මාත් එක්ක ආප්පෙකට වරෙන් කිව්වා. සමලිංගික හැසිරීම් වලට ඔවුන් භාවිතා කළේ ආප්ප කියන වචනේ. මම බය උනා. මම කිව්වා අක්කේ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ඉන්නේ ආමි එකේ මට කරදර කරන්න එපා. මට කරදරයක් කලොත් මම බෝයි ෆ්‍රෙන්ඩ්ට මට උන කරදරය ගැන ලියලා මම දිවි නසා ගන්නවා කියලා. එතකොට අක්කට එයා එක්ක ගනුදෙනු බේරගන්න වෙයි කියලා. එතකොට ඒ සීනියර් ගෑනු ළමයා මට කුණුහරපයක් කියලා පලයන් යන්න කිව්වා. ඊට පස්සේ මම හිටියේ හරිම බයේ. මේක ගෙදරට කියන්නත් බැහැ. කිව්වොත් තාත්තා කියයි ඔය විශ්ව විද්‍යාල ගමන අතහැරලා ගෙදරට වෙලා හිටපන් කියලා. පුදුම මානසික වදයක් තමයි මුන් ටික අපිට දුන්නේ. ”

    නයෝමි පවසන පරිදි ඇතැම් නවක සිසුවියන්ට පේරාදෙණි සරසවියේ ඉතා පහත් අන්දමේ ලිංගික හිංසන වලට ලක් වීමට සිදුවී තිබේ. මෙම නවක වධ ලිංගික අතවර වලට ජ්‍යෙෂ්ඨ සිසුවියන් විවිධ ආකාරයේ නම් භාවිතා කරති. පෑන් ගැසීම හෝ ඉටිපන්දම් ගැසීම යනු නවක සිසුවියකගේ යෝනි මාර්ගයට බොල්පොයින්ට් පෑනක් හෝ ඉටිපන්දමක් ඇතුළු කිරීම හෝ එසේ කිරීමට තර්ජනය කිරීමයි. අලුත් පැල වලට වතුර දැමීම යනු නිරුවත් හෝ අඩ නිරුවත් කොට බිම දිගා කර සිටින නවක සිසුවියකගේ ශරීරයට (විශේෂයෙන් මුහුණට) ජ්‍යෙෂ්ඨ සිසුවියක් විසින් මුත්‍රා කිරීමයි. කැටයට සල්ලි දැමීම යනු ජ්‍යෙෂ්ඨ සිසුවියක් විසින් නවක සිසුවියකගේ භගමනිය අවට ප්‍රදේශය දබර ඇඟිල්ලෙන් සම්භාහනය කිරීමයි. කාම සුත්‍ර ඇක්ෂන් කිරීම යනු නවක සිසුවියන් දෙදෙනෙකුට විවිධ ලිංගික ඉරියව් වලින් රැඟුම් පෑමට බල කිරීමයි. සමහර ලිංගික හිංසන ක්‍රියා පුවත් පතක පළ කිරීමට පවා නොහැකි අශ්ශීල බැවින් යුක්තය.

    දකුණු පළාතෙන් පැමිණි ලසන්ති (සත්‍ය නම නොවේ) නවක වදය නිසා විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැර යමටට මුලින් තීරණය කරගෙන සිටියාය. පසුව එකට ඉගෙනුම ලබන සිසු සොහොයුරියන්ගේ අවවාද නිසා ඇය එම තීරණය අත ඇරියාය. තමන්ගේ කටුක අද්දැකීම් ලසන්ති අප සමග බෙදා ගැනීමට කැමති වුයේ සන්ධ්‍යා සොහොයුරිය ගේ ඉල්ලීම පරිදිය.

    “විශ්ව විද්‍යාලයට එනකොට අපි දැනගෙන හිටියා මෙහෙ නවක වදය තියන බව. මම හිතුවේ අපිව මේසයක නග්ගවලා සින්දුවක් කියන්න දෙයි , නැටුමක් නටන්න දෙයි කියලා. ඒත් පේරාදෙණියේ මේ විදියේ කැත විදියට කෙල්ලෝ කෙල්ලන්ට රැග් කරයි කියලා අපි හිතුවේ නැහැ. ඇත්තටම ඒක රැග් කිරිල්ලක් නෙවෙයි. තමන්ගේ පහත් ආශාවන් ඉටු කරගන්න කරන වැයමක්. අපි මුලින්ම ලෙක්චර් එකට යන කොට ජ්‍යෙෂ්ඨ ගෑනු ළමයි මග හරස් කරලා කිව්වා අද රෑ අපි එනවා උඹලට රැග් කරන්න, ඔක්කොම එවුන් නයිටි ඇඳගෙන හිටපල්ලා හැබැයි ඇතුලට පෑන්ටියක් වත් අඳින්න එපා. පෑන්ටි ඇඳලා ඉන්න එවුන්ට ඉටිපන්දම් ඔබනවා කියලා. මේකට මම හරියට බය උනා. මට උණත් ගත්ත. අපේ බැජ් එකේ ළමයි මට පැනඩෝල් දීලා සාත්තු කළා. උදේ වෙනකොට මම හිතුවා මේ නරකාදියෙන් මම යන්නම යනවා කියලා. ඒත් අපේ ළමයි මව සනසවලා කිව්වා ආතක් පාතක් නැති නැහැදිච්ච් වට්ටි අම්මලා ටිකක් නිසා ඔයාගේ අනාගතය නැති කර ගන්නවද කියලා. ඒ අයගේ අවවාද නිසා මම නැවතුනා. මේ අය මානසික ලෙඩ්ඩු , මේ අයට තමන්ගේ ගෙවල් වල නංගිලා එහෙම නැතුව ඇති. ඒක නිසා තමයි නවක ළමයි ලඟට ඇවිල්ලා නොහොබිනා දේවල් කැත යෝජනා කරන්නේ. පිරිමි ළමයි වත් නොකියන අසෝබන වල දේවල් තමයි මේ අය අපිට කිව්වේ. මේ අය කවදා හරි භාර්යාවන් , ගෘහනියන් , අම්මලා වෙයි. නමුත් මේ අය කරපු කැත වැඩ මේ අයටම මතක් වේවි. ”

    පාසලේ ශිෂ්‍ය භට නායිකාවක ලෙස කටයුතු කල සෙව්වන්දි (නියම නම නොවේ) නවක වදයට බිය නොවුවාය. ඇය දැඩි ආත්ම ශක්තියකින් යුතුව ජ්‍යෙෂ්ඨ සිසුවියන්ගේ හිංසනයට මුහුණ දුන්නාය. එසේම තම අනෙකුත් සොහොයුරියන්ට නවක වැඩ හිරිහැර කරන ජ්‍යෙෂ්ඨ සිසුවියන්ට මුහුණ දෙන හැටිද සෙව්වන්දි කියා දුන්නාය.

    ” මේ ජ්‍යෙෂ්ඨ අය දන්න දේශපාලනයක් නැහැ , යන්තම් කවුරුහරි කියන දෙයක් අහුලාගෙන ඒ අදහස් අලුතින් එන ළමයින්ට බලෙන් කවන්න හදනවා. ඒකට නවක වදය වගේම මේ ලිංගික භීෂණයත් යොදාගන්නවා. මහා හයියෙන් කෑ ගහලා කුණුහර්ප කියනවා. නමුත් මේ අය බය සහ ආත්ම ශක්තියක් නැති පිරිසක්. ඒ නිසා තමයි මේ වගේ පහත් දේවල් කරන්න එන්නේ. ඒ අය එන්නේ සමුහයක් වශයෙන් , මොකද තනි තනියෙන් එන්න , ඇවිත් මුහුණ දෙන්න බයයි. අපේ කණ්ඩායමේ ළමයින්ට මම කිව්වා හිරිහැර කරන්න හරි ලිංගික බලපෑමකට අවොත් එහෙම හරි කෑගහන්න කියලා. ඒ වගේම කියන්න කිව්වා මේ ගැන වීසීටම කම්ප්ලේන් කරනවා කියලා. අපිට හිරිහැර කරන්න දෙපාරක් විතර අවා අපි කතා කරගත්ත පරිදි ක්‍රියා කළා. මහා වීරවරියන් වගේ ආපු පාහර ගෑනු ටික එහෙම්මම පල්ලන් බැස්සා.

    නමුත් මේ අය අපේ තව ළමයි කට්ටියක් වැසිකිලියකට අරගෙන ගිහිල්ල ඇඳුම් ගලවලා රැග් කරලා තියනවා. ඒකට සෙකන්ඩ් ඉයර් එකේ ගෑනු ළමයි තුන් දෙනෙකුගේ පන්ති තහනම් උනා. මේ අයව හරි නම් ශිෂ්‍ය භාවය අවලංගු කරලා විශ්ව විද්‍යාලයෙන් එලවන්න ඕනේ. ඔය පන්ති තහනම් කරපු තුන්දෙනාගෙන් එක කෙනෙක් තමයි ……………….. (මෙම ජ්‍යෙෂ්ඨ සිසුවියට විරුද්ධව විනය පරීක්ෂණයක් තිබෙන නිසා ඇයගේ නම මෙහි සඳහන් කල නොහැක) ගම ………… පළාතේ. එයා තමයි ගොඩක් නවක ගෑනු ළමයින්ට සමලිංගික හිරිහැර කලේ. මේ තැනැත්ති අලුත් ළමයෙකුව කලින් දවසේ බලෙන් වැසිකිලියකට අරගෙන ගිහිල්ල එයාගේ ඇඳුම් ගලවල එක එක විදියේ වනචර වැඩ කරව ගත්තලු. ඒ අතවරයට ලක් වෙච්ච ළමයා ලැජ්ජාව නිසා පැමිණිලි කරන්නේ නැහැ. මේක එක විදියක ස්ත්‍රී දුෂණයක්. මේවට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ.

    මුන්ට වැදගත් ඉස්කෝලෙකින් ආපු හම පාට වැටුණු කෙල්ලෙක් දැක්කම මදන යකා ඔළුවට ගහනවා. මේ අය පාසලේ , සමාජයේ, විශ්ව විද්‍යාලයේ කිසිම අවධානයකට පාත්‍ර නොවේච කවදාවත් ක්‍රීඩාවක් නොකරපු , කිසිම සෙල්ෆ් එස්ටීම් එකක් නැති පිරිසක්. සමාජ තත්වය, නායකත්වය, අනිත් අයව පාලනය කරන බලය ලබාගන්න යන්නේ බලහත්කාරයෙන් ලිංගික පීඩනය යොදවලා. මේ වගේ මානසික පිස්සියන් රැලක් තමයි අන්තවාදී ශිෂ්‍ය සංවිධාන යොදාගන්නේ උද්ගෝෂණ කරන්න , පොලිසියට හූ කියන්න, ආණ්ඩු පෙරලන්න. මේ වගේ අයට සමාජයේ සිවිල් බලයක් , දේශපාලනමය වශයෙන් බලයක් අවොත් මොනවගේ විකෘති වැඩ නොකරයිද ?

    නවක සිසුවියන් පවසන පරිදි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දරුණු ලිංගික හිංසනයක් පවතී. නමුත් එම ගැටලුවට පිලියමක් මේ දක්වා යොදා නොමැත. වාර්ෂිකව මෙම අදිසි ගැටලුව වසංගත රෝගයක් සේ මතු වේ. දශක ගණනාවක් පුරා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිදුවන ලිංගික හිංසනයන් ගැන කිසිවෙකු කතා නොකරති. කිසිවක් නොලියති. වින්දිතයන්ද නිහඬතාවය රකිති. මේ ලිංගික හිංසනය නිසා රූපා රත්නසීලි වැනි අහිංසක යුවතියන් ජීවිත වලින් වන්දි ගෙවා තිබේ. එහෙත් මේ සාපයේ අවසානයක් දැකීමට නොහැක. දර්ශනීය හන්තානේ කඳුවැටිය සහ මනරම් මහවැලි ගඟ මැදි කරගත් ලෝක පුජිත පේරාදෙණිය විශ්ව විද්‍යාලය අද ලිංගික අසහනයෙන් සහ කාම ඔල්මාදයෙන් පෙලෙන රෝගීන්ගේ තිප්පලක් බවට පත් වෙමින් තිබේ. අධ්‍යාපනික වශයෙන්ද පේරාදෙණිය ගරා වැටී ඇත. අඳුරු මහාද්වීපයේ විශ්ව විද්‍යාලද අද පේරාදෙණිය පසු කරමින් යති.

    කාන්තා හිංසනය ගැන කතා කිරීමට ලාහෙන් මැනීමට තරම් සංවිධාන , ඩොලර් වලින් පඩි කන නෝනලා සිටින රාජ්‍ය නොවන ආයතන ලංකාවේ තිබේ. නමුත් මේ එක ආයතනයක් හෝ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අදිසි විපරිණාමය ගැන , බොහෝ කාලයක් පුරා පවතින ලිංගික හිංසනය නවත්වි නැවැත්වීමට උනන්දු නොවෙති. කාන්තා අයිතීන් ගැන කතා කරන මැඩම්ලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ උත්තමාවියන් අතින් දුෂණයට ලක් වන නවක සිසුවියන් ගැන කතා කිරීමටවත් නොවෙහෙසෙති. ඊට හේතුව ඔවුන්ගේ දියණියන් ඇමරිකාවේ ,ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල වල ඉගෙනීමට යන නිසා විය හැකිය. දුප්පත් දෙමාපියන්ගේ දරුවන් නිහඬව මේ වධය දරා ගත යුතුය.

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී තමන්ගේ සොහොයුරියට සිදු කල අතවරය ගැන කෝපයෙන් තැවෙන ඇයගේ සහෝදරයා විසින් ලංකා සී නිවුස් වෙබ් අඩවියේ පල කරන ලද කොමෙන්ටුවක් අපගේ නැත ගැටුණි. පාඨකයන්ගේ අවධානය සඳහා එය සංස්කරණය කොට මෙහි පල කරමු.

    November 20, 2011 at 9:33 am
    ඔය කැම්පස් එකේම තමයි මගේ නංගිට ඉටිපන්දමක් ගහන්න ගියේ. ඒ ළමයාගේ මුලු අවුරුද්දක්ම ජීවිතේ නැති වෙලා කොලඹ කැම්පස් එකට මාරු වෙලයි ඩිග්‍රිය ගත්තේ. ඕක කරපු එක වේ… බැල්ලියෙක් ව මම පස්සෙ කාලෙක අල්ලගත්තා. මම ඕකුන්ව හොය හොය පලිගන්නවා. ඕකුන් තමයි මුකුත් නොකර ඕව කර කර ඉඳලා එලියට ඇවිල්ලා, ආන්ඩුවේ රස්සාවල් ඉල්ල ඉල්ල කෑ ගහන්නෙ. මොකද කිසිම දෙයක් දන්නෙ නැතුව ගිරවා දාලා විභාගෙ පාස් වුනාම මොනව කරන්නද? තව බැල්ලියෙක් ඉන්නවා රාජ්‍ය පරිපාලනේ වැඩ කරන, මම ඒකිවත් අල්ල ගන්නවා. යකෝ අපි ගෙවල් වල අමාරුවෙන් ලමයින් ට උගන්නලා එවන්නෙ ඕව කරව ගන්නද? තොපේ ඔය අනුගත වීමේ මුවාවෙන් කරන අලේ හින්දා තමයි ඔය ඔක්කොම. මම මොරටුවෙ හිටියේ. අපි ඔය කිසි දෙයක් කලේ නෑ. ඒ හින්දා අපිට අයිතියක් තියනවා අපේ ලමයි ට පවුලේ අයට ආත්ම ගරුත්වය තියාගන කැම්පස් යන්න ඉල්ලන්න.අපි ඔය අලයෝ රැල්ලෝ කතා කියන්නෙ නෑ. ඉගනගන වැදගත් පුරවැසියෝ වගේ ජීවත් වෙනවා. පොරත්වය පෙන්නන්න අසරණ කොල්ලො කෙල්ලො අල්ලගන්නෙ ඇයි? (උපුටා ගැනීම ලංකා සී නිවුස් වෙබ් අඩවිය http://www.lankacnews.com/sinhala/news/35340/ )

    තම සොහොයුරියට සිදුවූ අතවරය , අවමානය ගැන සොහොයුරාට ඇති වේදනාව , කෝපය සාධාරණය. නමුත් මෙවැනි සිදුවීම් වල අවසානය කුමක් විය හැකිද ? තම සොහොයුරිය බිලිගත් හැතිරිය මරා දැමීමට සොහොයුරා අනාගතයේදී නොපෙලඹේද ? මෙවැනි සමාජ වියසන වැළැක්වීම විශ්ව විද්‍යාල බලධාරීන්ගේ යුතුකම නොවේද? අනාගතයේ මහා විනාශයන් වීමට ප්‍රථම මෙවැනි ලිංගික හිංසනයන්ට විරාමය තැබිය යුතුය. මේ සඳහා බුද්ධිමය කතිකාවක් සිවිල් සමාජය තුල ගොඩනැගීම අත්‍යාවශ්‍ය ය.

    පේරාදෙණිය විශ්ව විද්‍යාලය යනු ලෝක උරුමයකි. පේරාදෙණිය විශ්ව විද්‍යාලය ගැන චානුක වත්තේගම මෙසේ විචිත්‍ර සටහනක් තබයි. පේරාදෙ ණි සරසවිය තරම් සාහිත්‍යකරුවන් විසින් රෝමෑන්තීකරණය කරන ලද අන් කිසිදු සරසවියක් මෙබිම ඇත්දැයි සැක සහිතය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ “හෙට එච්චර කළුවර නෑ” නව කථාවෙහි එන පේරාදෙණි වැනුම දෙවැනි වෙතොත් ඒ සැළලිහිණි සංදේශ කතුවරයාගේ ජයවද්දනපුර වැනුමටම පමණෙකි. සුගතපාල සෙනරත් යාපා තම “හන්තානේ කතාව” තුළින් පේරාදෙණියේ මන්දිර, ගල් කුළුණු, ගහ කොළ වලට පණදී ඒවා අපේ සන්තානයෙහි කොටසක් කරයි. මේ හැරුණු විට පේරාදෙණිය සරසවිය තවත් නවකථා, සිනමා සිත්තම් ගණනෙකට මුල් වී ඇත්තේය. සිරි ගුනසිංහගේ “සෙවනැල්ල” හා ගුණදාස අමරසේකරගේ “එක් සත්‍ය කථාවක්” නවකතාද, ගාමිණී ෆොන්සේකාගේ “සාගරයක් මැද” සිතුවම් පටයද මගේ සිහියට එක එල්ලේ නැඟෙන ඒවායි. අමරදේවයන්ගේ “හන්තානේ කඳුමුදුන සිසාරා…”, නන්දා මාලිනියගේ “හන්තාන අඩවියේ මැදුරු කුළුණු සුදු සඳළු තලා පිස…” සේම මර්වින් පෙරේරාගේ “මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි…” ගීතයටද පාදක වන්නේ පේරාදෙණිය සරසවියයි. මෙබිම සුවහසක් කවියන්ගේ භාවෝද්ගමනය කළ කාව්‍යමය තෝතැන්නක් වැන්න. මේ හැරුණු විට පේරාදෙණිය සරසවිය පාදක කොට නොගත්තද අපේ සාහිත්‍යයෙහි එක් කාල පරිච්ඡේදයක් නියෝජනය කළ “පේරාදෙණි සමය” තුළින් බිහිවූ “මනමේ” වැනි නිර්මාණ ගණන විශාලය. (පේරාදෙණිය සරසවිය: හන්තානේ කඳු මුදුන සිසාරා පවනක් වී එන්නම් -චානුක වත්තේගම )

    මෙම රෝමෑන්තීකරණය කරන ලද පේරාදෙණිය සරසවියේ සිදුවන අශ්ශීල ලිංගික හිංසනය නැවැත්වීමට කාලය එළඹ ඇත. මේ සඳහා සියලුදෙනා එකා සේ පෙරට ආ යුතුය. නැතහොත් ඔබගේ දියණිය, සොහොයුරිය , අනාගත බිරිඳ මේ ලිංගික හිංසනයේ ගොදුරක් විය හැකිය.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදුවන ලිංගික හිංසනයට විරුද්ධව සුළු වශයෙන් හෝ නිතිය ක්‍රියාත්මක වීම හිංසනය හෙලා දකින සියලුදෙනා ආමන්දයට පත් කරන කරුණකි. මාධ්‍යවේදිනී සමන්ති වීරසේකර වාර්තා කරන අන්දමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නවක සිසුවකුට නවක වදය මුවාවෙන් අස්වාභාවික ලිංගික අතවරයක් සිදු කල එම විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ජ්‍යෙෂ්ඨ සිසුන් තිදෙනෙකු වන චරිත් ලක්මාල්, රුචිර මධුශංක හා යොහාන් සඳරුවන් යන අය මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් 2011 පෙබරවාරි 9 දින දක්වා රක්ෂික බන්ධනාගාර ගත කරන ලදි. මොවුන්ට නඩු පවරා ඇත්තේ “1998 අංක 20 දරණ අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනතේ 2 (ඪ) (නවක වදය) වගන්ති සහ 2 – (ලිංගික අපයෝජනය) වගන්ති උල්ලංඝනය කිරීම යන චෝදනා මත ය. පේරාදෙණිය සරසවියේ නවක වද සහ ලිංගික අපයෝජන චෝදනා මත තවත් සිසුහු 22ක් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත ඊයේ 2012 ජනවාරි 26 දින මුදා හරින ලදි. ඇප මත මුදා හරින ලද සිසුන් අතර සිසුවියෝ 4ක් ද වෙති. මෙම නවක වද සහ ලිංගික අපයෝජන පිලිබඳ අධිකරණය හමුවේ කරුණු වාර්තා කරන ලද්දේ අපරාධ විමර්ෂන දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී සුදත් නාගහමුල්ල මහතා සහ කාන්තා පොලිස් පරීක්ෂක මනෝරි මහත්මිය විසිනි. මෙම සිසු සිසුවියන් අමතා ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ දී මෙසේ පවසන ලදි.

    “මේ අධිකරණය හමුවට පැමිණ සිටින්නේ ලංකාවේ බුද්ධිමත් යැයි සැලකෙන තරුණ පිරිසක්. ජීවිතයේ වටිනාම කාලයේ වැරදි වැඩවලට යොමු වීමෙන් ජීවිතයම අඳුරු කරගන්නේ වගකීමකින් තොරව කටයුතු කිරීම නිසයි.ඉදිරියේ දී හෝ ඉතා වගකීමෙන් යුක්තව කටයුතු කරන්න මේ ළමයින් තරයේ සිතට ගත යුතුයි. උසස් අධ්‍යාපනය ලැබීමේදී දෙමව්පියන්ට සැනසිල්ලක් වන පරිදි අධ්‍යාපන කටයුතු පමණක් කළා නම් අද මෙලෙස පසුතැවීමට ලක්නොවන බවද සිතන්න”

    විමර්ශන සහාය
    දර්ශිනී විමලසුරිය
    මානෙල් ද සිල්වා
    නිර්මාල් පිරිස්

    විශේෂ ස්තුතිය
    වෛද්‍ය හේමලතා වෙල්ගම මිය
    නලීන් වීරකෝන් මහතා
    ඩි.එම්. නිමල් දිසානායක මහතා

    කැමතියි

  10. @ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අදිසි විපරිණාමය COMMENT BY LANKA CNEWS
    කියන්න හෝ ලියන්නා කෙසේ කීවත් ලීවත් අහන්න සහ කියවන්නා සිහිබුද්ධියෙන් එය තේරුම් ගත යුතුය.
    මම දන්නා විදිහට පේරාදෙණිය විශ්වවිද්‍යාලෙ ඔය කියන විදියට විනය පිරිහී නැත.
    එසේම එම විශ්ව විද්‍යාලයේ සිටින්නේ කලා විෂය හදාරන අය විතරක් නොවේ

    කැමතියි

    • බොහොම ස්තූතියි… මම මේ කමෙන්ටුව පළ කළේ එහි ඇත්ත ස්වභාවය දන්න කෙනෙකුට නිවැරදිව පවසන්නයි… මේ ලිපියේ බාගයක් තරමක් පිළිගන්න අපහසු අතිශයෝක්තියක් සහිත කරුණු.. ඒකමයි මට අවශ්‍ය වුනේ ප්‍රති-පිළිතුරක්… සවිස්තරාත්මකව කවුරු හරි මෙය පැහැදිලි කරනවා නම් හරිම අගෙයි…

      කැමතියි

  11. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවක වදය සහ ලිංගික අපරාධ කල සිසුන් තිදෙනා යලි රිමාන්ඩ්
    | Dinamina

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නවක සිසුවකු බලහත්කාරයෙන් විශ්ව විද්‍යාලයේ පාළු ස්ථානයකට රැගෙන ගොස් ඔහුව නිරුවත් කොට නවක වදය ලබා දී ඉන්පසු ඔහුට ලිංගික අතවරයක් සිදු කල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන චරිත් ලක්මාල් රුචිර මධුශංක හා යොහාන් සඳරුවන් යන සිසුන් තිදෙනා මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් මෙම මස 23 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු කිරීමට නියෝග කළේය. ලිංගික අපයෝජන චෝදනා එල්ල වී ඇති විත්තිකාර සිසුන් තිදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන සුදත් කරවිට, තිස්ස මාරාහෙල, ප්‍රදීප් රණසිංහ ඇතුළු මහත්වරු, සිසුන් තිදෙනා වෙත ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් මහේස්ත්‍රාත්වරයා වෙත ඇප ඉල්ලීමක් ඉදිරිපත් කල නමුත් වරදේ ස්වභාවය දරුණු හා සහාසික නිසා ඇප අයැදුම නිෂ්ප්‍රභ කරන ලදී. යළි රක්ෂිත බන්ධනාගාර ගතකළ සිසුන් තිදෙනාගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ලබාගැනීමට අවසර ලබා දෙන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරි විජේසූරිය මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය. නවක වදයට සහ ලිංගික අතවරයට ලක් වූ සිසුවා දැඩි ශාරීරික සහ මානසික තුවාල වලට ලක්වී සිටින අතර ඔහු යලිත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යාමට අකමැත්ත පල කොට ඇතැයි ඔහුගේ පවුලේ ඥාතිහු පවසති.පොලිසිය විසින් අධිකරණ වෛද්‍යවරකුට යොමු කරන ලද නවක සිසුවා ලිංගික අපයෝජනයකට ලක්ව ඇති බව තහවුරු වී ඇත.

    පසුගිය කාලය පුරා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නවකයන්ට දරුණු ශාරීරික හා ලිංගික අතවර සිදුවී ඇති අතර විශ්වවිද්‍යාල බලධාරීන් එම හිංසන නැවැත්වීමට කිසිදු පියවරක් ගෙන නැත. මෑතකදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දෙවන වසරේ සිසුවියන් තිදෙනෙකු නවක සිසුවියන් කණ්ඩායමක් වැසිකිළියක බලෙන් රඳවාගෙන නිරුවත් කොට නවක වදය ලබා දී ඇති නමුත් විශ්වවිද්‍යාල බලධාරීන් එම සාපරාධී ලිංගික හිංසනය සිදු කල සිසුවියන්ට පනවා ඇත්තේ සති තුනක පන්ති තහනමක් පමණි. මෑත කාලයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලිංගික හිංසනයේ වැඩිවීමක් දක්නට ලැබුණු අතර ලිංගික අතවරයන්ට ලක්වූ බොහෝ සිසු සිසුවියන් මුනිවත රකින නිසා හිංසකයන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීම අසීරු වී තිබේ. එසේම විශ්වවිද්‍යාල බලධාරීන්ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලිංගික අපරාධ යට ගැසීමට ක්‍රියා කරන බව නවක සිසු සිසුවියන් පවසති.

    කැමතියි

  12. වෙනස බලාපල්ලා දැන්වත් ළිං මැඩියන් නොවී ලෝකේ දිහා බලපන් (

    ලංකාවේ විශ්විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය දැන් සැසදෙන්නේ ඇවිදින ඇටසැකිලි සිටින අප්‍රිකාවේ අසාර්ථක රජයන්ගේ අධ්‍යාපනික ආයතන වලට සාපේක්ෂවය. ලංකාවේ උසස් අධ්‍යාපනය බේරා ගැනීමට පොරමඩුල්ලේ එස්බියාවත් , අන්තරේ හීනමාන චාටර්කාරයන්වත් , තුන්වේල යහමින් කා කිරෙන් අත සෝදාගන්න නාමල් බෙබිවත් එන්නේ නැත. ලංකාවේ උසස් අධ්‍යාපනය උසස් මට්ටමකට ගෙන ආ හැක්කේ එහි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට පමණි. පිකටින් යාම, දේශපාලන පක්ෂ වලට කඩේ යාම, පර පිඩක ආතල් එකෙන් නවක වදය දීම, ලිංගික අතවර කිරීම මේ සෑම දෙයක්ම කරන මොවුන් කරන නමුත් නොකරන එකම දෙය හරි හැටි අධ්‍යාපනයේ නියැලීම පමණි. නරඹන්න කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් පොලු පිහි අතැතිව උසස් අධ්‍යාපනයේ නියැලෙන අයුරු (කොහොමද ලී කෙලි සෙල්ලම සහ පිහිය? කොහොමද ඩිග්‍රිය කරනකම් සිවුර පටලවාගෙන පිරිවෙනෙන් පිනට ලඩා ගහගෙන පින් බත් කෙලින ගරුතර සංගරත්නය හැසිරෙන හැටි ) http://www.youtube.com/watch?v=lfxrReGbYNU මෙන්න රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් පිකටින් කරන හැටි (අයියලා එන්න කීවාම යන්න ඕනේ , නැත්තනම් පෝරියල් තමයි) http://www.youtube.com/watch?v=eIyVk3pRwKk&feature=related මෙන්න අර නලින් ද සිල්වා සීයා නිතර කියන ගර්හිත ජරාජීර්ණ බටහිර (ඇමරිකාවේ ) විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නා ලංකාවේ ළමයි සාමකාමිව උත්සවයක් සමරන හැටි. (පේනවද මුන් කොකා කෝලද මොනවාද බොන හැටි , ඕවා ඉස්සර කොළඹ විශ්ව විද්‍යාලයේ බොන්න තහනම් ) http://www.youtube.com/watch?v=ri0erYYQ5dE දැන් ඉතින් මේවා වලට ඉරිසියා නොවී එක්කෝ උඹලගේ හරක් මඩු ටික හොඳ තත්වයකට අරගෙන වරෙල්ලා නැත්නම් ලබන ආත්මෙවත් උඹලා දැන් ඉන්න වදකාගාර වලට යන්න නොලැබී මේ වගේ එල තැන වල උසස් අධ්‍යාපනයේ දීමට හැකි වේවා කියා කටපුරා සාදුකාරයක් දීපන්. මීට සුදු සීයා

    කැමතියි

  13. නවකයන්ට කුණුහර්ප කීම

    ලංකාවේ සෑම විශ්ව විද්‍යාලයකම නවකයන්ට ජේෂ්ඨයන් විසින් කුනුහර්පයෙන් බැනීම, අසභ්‍ය වචන කීම, තර්ජනය කිරීම කරන බව වගකීමෙන් සහ අවදාරණයෙන් යුතුව අප ප්‍රකාශ කරමු. මෙය අසත්‍යක් නම් ඕනෑම කෙනෙකුට මෙම ප්‍රකාශය අභියෝගයට ලක් කල හැකිය. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ සහ ජේෂ්ඨයන් ගෙන් කුණුහර්ප නොඇසූ මහත්මයෙකු හෝ මහත්මියක සිටි නම් කරුණාකර ඉදිරිපත් වන්න. මෙම කුණුහර්ප කීමේ සම්ප්රදාය දැනට අවුරුදු 30 අධික කාලයක් පුරා ලංකාවේ විශ්ව විද්‍යාල වල ස්ථාපිත වී තිබේ. මෙය ලංකාවේ විශ්ව විද්‍යාල බලධාරීන්ගේ අවදානයටවත් ලක් නොවන කරුණකි. හේතුව ඔවුන්ද නවකයන් ලෙස කුණුහර්ප හා තර්ජන අසා ජේෂ්ඨයන් ලෙස නවකයන්ට කුණුහර්ප කියා තර්ජනය කල අතීතයකට හිමිකම් කීමය. ඒ නිසා මෙය බරපතල වරදක් ලෙස ඔවුන් නොදකිති.

    උසස් සදාචාරයක් සහ අධ්‍යාපනික සංස්කෘතියක් ඇති ලෝකයේ වෙනත් විශ්වවිද්යාලයක සරසවි සිසුවෙකු විසින් තවත් සිසුවෙකුට අසභ්‍ය වචනයෙන් බැන වැදීම , තර්ජනය කිරීම වැටෙන්නේ අපරාද හෙවත් ක්‍රිමිනල් වර්ගයේ වරදකටය. සංවර්ධිත අධ්‍යාපන සංස්කෘතියක් ඇති පිටරට විශ්ව විද්‍යාලයකට අඩියක් තබා ඇති ඕනෑම ලාංකිකයෙක් එය දනියි. එවැනි ක්‍රියාවක් කල තැනත්තාට එරෙහිව පොලිසියට හෝ අධිකරණයට යාමට පහසුකම් තිබේ. සරසවි බලධාරීන්ද මෙවැනි වර්ගයේ සුළු අපරාදයක් වුවද යට නොගසා නිතිය ක්‍රියාත්මක කරති. නමුත් තවමත් එවැනි අන්දමේ උච්ඡ අධ්‍යාපනික සහ සංස්කෘතික මට්ටමක් නැති ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල වල කුනුහර්පයෙන් බැනීම, අසභ්‍ය වචන කීම, තර්ජනය කිරීම සාමාන්‍ය සිදුවීම්ය. ජේෂ්ඨයෙකු විසින් තමන්ට ශාරීරික හිංසනයක් , ලිංගික අපරාදයක් නොකොට කුනුහර්පයෙන් බැනීම ශ්‍රී ලංකික විශ්ව විශ්ව විද්‍යාලයට ඇතුළුවන නවකයා සලකන්නේ වාසනාවක් හැටියටය. නවක වදයෙන් ලත් බේරීමක් ලෙසටය. මෙවැනි පුළුල්ව පැතිරී ගිය වාචික හිංසනයක් ඇති ග්‍රී ලංකික විශ්ව විද්‍යාල ජගත් විශ්ව විද්‍යාල මට්ටමෙන් කොතරම් පහත් ද සහ කොපමණ තිරිසන් මට්ටමක තිබෙන්නේද යන්න අවබෝධ කර ගත හැක්කේ සංවර්ධිත රටක විශ්ව විද්‍යාලයකට අඩිය තැබූ ලාංකිකයෙකුට පමණි. එවැනි අත්දැකීමක් නොලද , බාහිර ලෝකය ගැන අවබෝධයක් නොමැති ලංකික සරසවි සිසුවා තමා අධ්‍යාපනය ලබන්නේ මඩ ගොහොරුවක බව නොදැනීම කෙතරම් අභාග්‍ය සම්පන්නද ?

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී දී කුණුහර්ප අත්දැකීමකට මුහුණ දුන් සිසුවියක් මෙසේ පවසන්නීය. (උපුටා ගැනීම නවක වදයෙන් තොර සරසවි දිවිය)

    එදින සඳුදාවකි. රැග් නොවන මාගේ මිතුරියන් 5-10ක් පමණ හා එක් මිතුරෙක් විශ්ව විද්‍යාලයට පැමිණියේ එදා විශේෂ ප්‍රවේශය යටතේ සිසුන් ඇතුළත් කරගන්නා දිනය වූ බැවින්ම පමණක් නොවේ, දෙවන වර උසස් පෙළට මුහුණ දී සරසවි වරම් ලබා ගත් අපගේ මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක්ද එදා පැමිණීමට නියමිතව තිබූ බැවිනි. උසස් පෙළ උපකාරක පන්තියකදී මුණ ගැසුනු මිතුරියක මට අවුරුදු දෙකකට පමණ පසුව මුණ ගැසුණි.අවුරුදු ගණනකට පසුව ඇයගේ මව හා පියාද මුණ ගැසුණු නිසා සුහදව ඔවුන් සමග කතා කලෙමි.ටික වේලාකින් මාගේ මිතුරියන් දෙදෙනෙක්ද එතැනට පැමිණි නිසා දෙමාපියන් මඳකට ඉවතට ගියේ අපට ඕනෑ දෙයක් ඕනෑ ආකාරයකට කතා කරගැනීමට නිදහස ලබා දෙමිනි.විනාඩි දහයක් ගතවන්නට ඉඩ ලැබුනේ නැත. දෙවන වසර සිසු සිසුවියන් පිරිසක් රුදුරු ඇස් දල්වා අප වටකරගත්හ. ඇඟේ මයිල් කෙලින් වූයේ ඔවුන් ගේ හැටි දන්නා නිසාවෙනි. එනපොට හොඳ නැති බව තේරුණු නිසා නවක සිසුවියගේ දෙමාපියන් නැවත අප අසලට කැඳවා ඔවුන්ට නිවෙස් බලා යෑමට කීවෙමු. ඔවුන් විශ්ව විද්‍යාලයෙන් පිට වන තුරු එක්තරා ශිෂ්ය කණ්ඩායමක් ඔවුන් පසුපසින් පැමිණි බව පසු දිනක ඈ මට පැවසීය. සමහර විට ඒ ඇය නැවතත් රැග් නොවන සිසු සිසුවියන් සමඟ කතා කරනවාද යන්න නිරීක්ෂණය කිරීමට විය හැක.

    නවක සිසුවිය පිටවී ගිය පසු මගේ මිතුරෙක් මා සිටි තැනට පැමිණියේ ඒ වනවිට මා වටකරගෙන සිටි සිසු සිසුවියන්ගේ මුහුණු වල හැගීම් එතරම් දරුණු වූ නිසාවෙනි.ඔහු සමඟ මා එම සිසු සිසුවියන්ගෙන් ඈතට ආවෙමි. එසේ පැමිනෙණ විට විට එක් ශිෂ්යාවක් “ආ දැන් වැඩේ හරි කියලද හිතං ඉන්නේ” යැයි ඇසුවේ මන්ද කියා මට තාම සිතාගත නොහැක. මා කලේ මාගේ මිතුරියක් සමඟ කතා කිරීම පමණක් බැවින් ගත හැකි එකම තීරණය නම් නවක සිසුන් සමග කතා කිරීම ඇන්ටි- රැග් සිසු සිසුවියන්ට තහනම් බවයි.නමුත් එසේ නීතියක් නම් විශ්ව විද්‍යාලීය නීති පද්ධතියේ මා දන්නා තරමින් ඇතුලත් වී නොමැත. ටික වේලාවක් ගතවන විට ටිකින් ටික අප සිටි තැනට පෙර මා වට කරගත් සිසු සිසුවියන් පිරිස ළංවිය.අප ඔවුන්ව නොසළකා සිටින බව වැටහුණු විට ඔවුන් කලේ අපගේ අවධානය ඔවුන් වෙත යොමු කරගැනීමට කුණුහරුප යොදා ගැනීමයි.අමුතිත්ත කුණුහරුප කීවද අප ඒවා එක් කණකින් අසා අනික් කණින් පිටකිරීම ඔවුන්ට දරාගත නොහැකි බව පසක් වුයේ ඉන්පසු එක් එක් සිසුවියට පෞද්ගලිකව අපහාස කිරීමෙනි.

    රූමත් සිසුවියෙක් දෙස බැලූ එක් ජේෂ්ඨ උතුමකු “උඹේ හම සුදු වුනාට වැඩක් නෑ තන් පොඩියි. උඹලාගේ කොල්ලෝ දන්නේ නෑ ඕවා ලොකු කරල හදලා ගන්න. වරෙන් අපි හදලා දෙන්නම්” යැවි පැවසීම කෙතරම් උත්තම කමක්දැයි තෝරා බේරා ගැනීම කියවන ඔබට භාර කරමි.එසේම “උඹලා අරූට විතරක් පෙන්නනවා නම් අපි බැලුවාම මොකද” කියා අප ඉදගෙන සිටින විට අපට පිටිපසින් පැමිණ සිටගෙන අපගේ පපු ප්‍රදේශය දෙස බලන උතුමන් සමග පෙම් සබදතාවක් ආරම්භ කිරීම පිලිබඳව දෙවරක් සිතා බලන මෙන් ආදරණීය සහෝදරියන්ගෙන් ඉල්ලා සිටිමි. සිසුවන් මෙසේ අපට අපහාස කරද්දී සිසුවියන් අප සමග සිටි මිතුරාටද මෙසේ අපහාස කර ඇති බැව් දැන ගත්තෙමි. ඔහුට එම උත්තමාවියන් පැවසූ වදන් බ්ලොග් සටහනේ යෙදීමට කෙසේවත් සුදුසු නොවන නිසා නොලියමි.

    සියලුම කුණුහරුප පවසා අවසාන වන තුරු නිශ්ශබ්දව සිටි ඔවුන් අපෙන් ඇසූ ඊලඟ ප්‍රශ්නය

    “උඹලට අපි කියපුවා තේරුනාද?”
    අපගේ පිළිතුර “නිශ්ශ්බ්ද තාවය”
    නිශ්ශබ්දතාවයට ඔවුන්ගේ පිළිතුර
    “මුන් මේවා දන්නේ නෑ මචං. අපිවත් කියලා දෙමු”
    ඉන්පසු ආරම්හ වූයේ කුනුහරුප කියා දීමේ පන්තියකි

    යකෝ, **** කියන්නේ කොල්ලොන්ට තියන එකට, ***** කියන්නේ කෙල්ලොන්ට තියන එකට. ***** කියන්නේ ******ක ******කට දාන එක. එයින් නොනැවතී තම ඇඟිලි පාවිච්චි කරමින් අදාල කටයුතු සිදුකරන ආකාරයද පැහැදිලි කිරීමට තරම් පරාර්ථකාමී මේ උතුමන් ඉදිරියේ තව දුරටත් රැදී සිටීම නුවණට හුරු නැති නිසා,මුවින් නොබැන සරසවියෙන් පිටවීමට සුදානම් වීමු.

    ශාරීරික නවක වදය

    Physical Ragging හෙවත් ශාරීරික නවක වදය සෑම ශ්‍රී ලංකික විශ්ව විද්‍යාලයකම ක්‍රියාත්මක වෙයි. ඉන්දියාව හැරුණු කොට බරපතල ශාරීරික නවක වද සිද්ධීන් වැඩිපුරම වාර්තා වන්නේ ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල පද්ධතිය තුල පමණි. මෙය ඉතා දරුණු අන්දමේ මානව අයිතීන් උල්ලන්ඝනයකි. නවක සිසුන්ට ශාරීරික අභ්‍යාස බලෙන් කරවීම, අවනත නොවන සිසුන්ට පහර දීම, තර්ජනය කිරීම අපහාස කිරීම, කොන් කිරීම, අලයන් , අපතයන් ලෙස නම් කොට ලේබල් ගැසීම බහුලව කෙරේ. මෙවැනි ශාරීරික නවක වදය නිසා 1997 වසරේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වරප්‍රගාෂ් නම් ඉංජිනේරු පිඨයේ සිසුවා මිය යන ලදී.

    මෙම යූ ටියූබ් විඩීඕ පටයෙන් ශ්‍රී ලංකාවේ විශ්ව විද්යාල සිසුන් පිරිසකට ජේෂ්ඨයන් විසින් ශාරීරික නවක වදය දීම නැරඹිය හැක. (http://www.youtube.com/watch?v=nuMCsBx2FyI )

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී බලහත්කාරයෙන් ස්වයං වින්දනයේ යෙදවූ අයුරු හිටපු සිසුවා හෙළි කරයි.

    මිට වසර කීපයකට පෙරදී තමන් නවක සිසුවෙකු ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළු වූ කාලයේදී ජේෂ්ඨ සිසුන් පිරිසක් විසින් අක්බාර් ශාලාවට තමා ඇතුළු තවත් සිසුන් පිරිසක් බලෙන් ගෙන ගොස් කලිසම් පහත් කොට තම තමන්ගේ පුරුෂ ලිංග හස්තයට ගෙන ස්වයං වින්දනයේ දීමට බල කල බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු සිසුවෙකු හෙළි කරයි. ඔහු පවසන පරිදි ස්වයං වින්දනයේ දීමට අකමැති වූ සිසුන්ට සහ ලිංගය ප්‍රාණවත් කරගැනීමට නොහැකි වූ සිසුන්ට නපුන්සකවාදයෙන් ජේෂ්ඨ සිසුන් විසින් අපහාස කොට ඇත. මෙම හිටපු සිසුවා පවසන පරිදි මුලදී බියට පත්ව සිටි සමහර නවක සිසුන් ටික වෙලාවකට පසුව ජේෂ්ඨ සිසුන් සමග එකඟතාවකට එමින් සහ ඔවුනට කීකරු වෙමින් ස්වයං වින්දනයේ දී තිබේ. සමහර නවකයන් ස්වයං වින්දනය කලේ සිනාසෙමිනි. ඔවුන් ධාතු පිට පිටකරගනිමින් ජේෂ්ඨ සිසුන්ගේ ප්‍රසාදය දිනා ගත්හ. ස්වයං වින්දනයේ දීමට අකමැති වූ සිසුන්ට සහ පිරිසක් ඉදිරියේ ලිංගය ප්‍රාණවත් කරගැනීමට නොහැකි වූ සිසුන්ට දිගින් දිගටම අපහාස වලට ලක් වීමට සිදු විය. මෙම සිසුවා නිරීක්ෂණය කල පරිදි ජේෂ්ඨ සිසුන් සමග එකඟතාවකට එමින් ස්වයං වින්දනයේ යෙදුනු සිසුන් ඉන්පසු එළඹී වසරේදී අලුතින් පැමිණි සිසුන්ට නවක වදය දීමේදී දරුණු වදකයන් ලෙස ක්‍රියා කොට තිබේ.

    කොළඹ විශ්වවිද්‍යාලයේදී නවකයන්ට සිදු කල ලිංගික හිංසන ගැන අනෝමා ජනාදරී කියයි.

    පුනරුක්ති නම් තම ස්වයං චරිතාපදානයේ කොළඹ විශ්වවිද්‍යාලයේදී නවක සිසුවියන්ට මුහුණ දීමට සිදු වූ ලිංගික හිංසන පිළිබඳව අනෝමා ජනාදරී හෙලිකරන්නීය. මෙම ලිංගික හිංසන අතර සිසුවියන්ට අසභ්‍ය වචනයෙන් ආමන්ත්‍රණය කිරීම, කුණුහරප කීමට බල කිරීම , කුණුහර්ප පදවැල් ඇති ගීත ගැයීමට බල කිරීම මෙන්ම සිසුවියන්ට වතුර ගසා ඇඟට ඇලුණු ඔවුන්ගේ වස්ත්‍ර දෙස කාමුකව බැලීම සිදු කොට තිබේ. (මෙවැනි ලිංගික හිංසන තවමත් කොළඹ විශ්වවිද්‍යාලයේදී සිදුවේ) නවක වද අවසන් අදියරේදී පැවති ෆ්රෙෂස් නයිට් සාදයේදී එවකට කොළඹ විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ සිසුවෙකු වූ කහවත්ත නොහොබිනා අන්දමට ලිංගික බලපෑම් කල අයුරු ගැනද අනෝමා ජනාදරී පවසයි. මෙම කහවත්ත නම් පුද්ගලයා අනෝමාගේ අත බලෙන් ගෙන ඔහුගේ රහසඟ උඩ තබාගැනීමට තැත් කොට තිබේ. 1980 දශකයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සහ ඝාතනය කරන ලද දයා පතිරණ ගේ සමකාලිනයෙකු වූ කහවත්ත දැන් රජයේ දෙපාර්තමේන්තුවක උසස් නිලයක් දරයි. මෙවැනි පුද්ගලයෙකු අද ලංකාවේ විශ්ව විද්‍යාලයක සේවය කලේ නම් ඔහු නවක වදය නැවැත්වීමට ක්‍රියා කරයිද ? ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල වල කථිකාචාර්යවරු , අංශ ප්‍රධානින් ලෙස සේවය කරන බහුතරයක් කහවත්ත වැනි අතීත කියාකලප තිබූ පුද්ගලයන්ය. එම නිසා ඔවුන් නවක වදය නැවැත්වීමට පෙරට නොඑති.

    කොළඹ විශ්වවිද්‍යාලයේ නවකයන්ට මිනිස් අසුචි සහ කුණු මස් දියර බකට් කල අයුරු

    කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යනය ලැබූ සිසුවෙකු හෙළි කල පරිදි නවකයන්ට බකට් කිරීම සඳහා ජේෂ්ඨ සිසුන් විසින් කොළඹ රීඩ් මාවතේ පිහිටි රහිමා හෝටලයේ කුස්සියට ගොස් ඉවත් කරන ලද කුකුල් මස් හම් කෑලි ඉවත ලූ බත් ගෙන ආවේය. මේවා විශාල බැරල් එකකට දමා වතුරද එකතු කොට පල් කරන ලදී. දින දෙකකට පමණ පසු මෙම බැරල් එකේ වතුර වලින් දුර්ගන්දයක් හමන්නට විය. එක් ජේෂ්ඨ සිසුවෙකු එයට මළපහ කළේය. ඉන්පසු එය කිව නොහැකි තරම් දුගඳ විය. පසුව මේ කුණු දියරය ප්ලාස්ටික් භාජන වලට දමා නවක සිසු සිසුවියන් බකට් කරන ලදී. දුර්ගන්දය සහිත දියර ශරීරයට වැදීම නිසා ඔවුන්ගේ ඇඳුම පවා යලි භාවිතා කල නොහැකි තත්වයට පත් විය. එක සිසුවියක් සැරසී සිටියේ ඇයගේ බෝඩිමේ අයිතිකරියගෙන් ඉල්ලාගත් සාරියකිනි. එම සාරිය කුණුවී ගිය මස් කැබලි සහ අසූචි වැදී කළු වර්ණ විය. එම සිසුවිය බොහොවෙලාවක් යනතුරු කඳුළු සැලුවාය. මෙම සිද්දිය හෙළි කල සිසුවා වර්තමානයේදී ඇමරිකා එක්සත් ජනපදයේ තම ආචාර්ය උපාධියට ඉගෙනුම ලබයි. ඔහු පවසන පරිදි මෙවැනි සිදුවීමක් ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක සිදු වුයේ නම් එවැනි අමානුෂික ක්‍රියාවක් සිදු කල සිසුන් නවතින්නේ හිර ගෙදරය. ඇමරිකානු විශ්වවිද්‍යාල සිසුන්ගේ හැසිරීම් , ඔවුන්ගේ ආකල්ප, සිසුන් එකිනෙකා කෙරෙහි දක්වන ගරුත්වය, ඔවුන් තුල ඇති මිනිස් වටිනාකම් ගැන සලකන විට තමන් මුලික උපාධිය නිමා කල කොළඹ විශ්වවිද්‍යාලය කොතරම් ප්‍රාථමික ස්ථානයක්ද යන්න කියා දැන් තමන්ට වැටහෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියි. තමා ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ බව කීමට පවා ලැජ්ජා වන බව ඔහු පවසයි.

    රජරට විශ්වවිද්‍යාලයේ නවක වදය සහ දේපල හානි කිරීම්

    රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට 2011 දෙසැම්බර් මස 12 වැනිදා ඇතුළත් කර ගන්නා ලද නවක සිසු සිසුවියන් හට ජේෂ්ඨ ශිෂ්ය ශිෂ්යාවන් විසින් බරපතල ලෙස නවක වදය ලබා දුන් බව වාර්තා විය. මෙම නවක වද අතර අසභ්‍ය වචනයෙන් බැන තර්ජනය කිරීම, ශාරීරික පිඩා , ඉඳුල් බත් අනුභව කිරීමට බල කිරීම, වැසිකිලි යාමට නොදී රඳවා ගැනීම, සිසුවියන්ට කුණුහරුප කවි කීමට බල කිරීම වැනි ක්‍රියා සිදු වූ බව නවක සිසුහු පවසති. නවක සිසුන් ලවා ජෙෂ්ඨයන්ට බලහත්කාරයෙන් උතුමා යැයි කියවා ගැනීම සහ එසේ නොකියන සිසු සිසුවියන්ට අඩන්තේට්ටම් කිරීමද රජරට විශ්ව විද්‍යාලයේ සිදු වූ බව වාර්තා වේ. එසේම රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් අනුරාධපුර සාලියපුර පිහිටි වෛද්‍ය පීඨ පරිශ්‍රයේ බලහත්කාරයෙන් රැඳී සිටිමින් එහි දේපළවලට හානි සිදු කරන ලදී. එසේම එම විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් උපකුලපති හා ලේඛකාධිකාරී බලෙන් රඳවා ගත්හ. උපකුලපති මහාචාර්ය කේ.ඒ. නන්දසේන මහතා ප්‍රකාශ කල අන්දමට නවක වදය ඉතා දරුණුවට සිදු වීම නිසා ද රජ රට විශ්ව විද්‍යාලයේ සිසුවෙකුට පිහියකින් ඇන තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබුවන්ට ද මෙලෙස පන්ති තහනම පැන වු බවයි. පන්ති තහනමට ලක්වු සිසුන් අතර රජරට විශ්වවිද්යාලයේ වෛද්‍ය පිඨයේ දෙවන වසරේ සිසුන් සිසුන් 7 දෙනෙකු සහ රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්ය සංගමයේ සභාපතිවරයා ද සිටින බව වාර්තා විය. මෙම පන්ති තහනමට ලක් වූ පිරිස අතර සිසුවියක ද සිටින්නීය. ඔවුන්ට එදිරිව අධිකරණ ක්‍රියා මාර්ගයක් ගනු ලැබිය. පසුව මෙම රජරට සරසවියේ ශිෂ්ය සංගම් ක්‍රියාකාරීහු හය දෙනෙක් අනුරාධපුර ප්‍රධාන මහේත්‍රාත් රුවන්තිකා මාරපන මහත්මිය ඉදිරිපිට උපකුලපති මහාචාර්ය කේ.ඒ නන්දසේනගේ දෙපා මුල දණ ගසා වැඳ සමාව ගත්හ. මෙම නවක වද සිද්ධීන් වලින් පසුව ජේෂ්ඨ සිසුන් පිරිසක් විසින් රජරට විශ්ව විද්යාලයේ නවක සිසුන් ලවා ජේෂ්ඨයන් තමන්ට කිසි විටකත් නවක වදය ලබා නොදුන් බව කියමින් පළමු වසර සියලු සිසුන්ගේ අත්සන් සහිත ලිඛිත ලිපියක් පාලනාධිකාරියට ලබා දී තිබේ. මෙම ලිපියට අත්සන් කරන ලෙසට නවක සිසුන්ට දැඩි බලපෑම් එල්ල විය. මෙම ලිපියට අත්සන් නොකරන නවක සිසුන්ට විශ්ව විද්යාලයේ ඉගෙන ගැනීමට ඉඩ නොතබන බවට තර්ජනය කිරීම නිසා රජරට විශ්ව විද්යාලයේ නවක සිසුන් බොහෝ දෙනෙකු මෙම ලිපියට අත්සන් තැබුහ.

    සබරගමුව විශ්ව විද්යාලය

    සබරගමුව විශ්ව විද්‍යාලය තුල පැවති දරුණු නවක වදය නිසා විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු අඩාල වී එම විශ්වවිද්‍යාලයේ සිසුන් 58 ගේ පන්ති තහනම් කිරීමට පාලනාධිකාරියට සිදු විය. නවක වද අවස්ථාවලදී නවකයන්ට වැලි සහිත මාළු කටු වැනි නොයෙකුත් අපද්‍රව්‍ය දමා අනන ලද බත් කෑමට දීම, බලහත්කාරයෙන් රැස්වීම් වලට ගෙනයාම , පන්ති වර්ජනය කිරීමට බල කිරීම වැනි දේ සිදු කල බව සබරගමුව විශ්ව විද්‍යාලයේ නවකයන් පවසති. මේ අතර කලහකාරී ලෙස හැසුරුණු සබරගමුව විශ්ව විද්යාලයේ සිසුන් පිරිසක් විසින් එම විශ්ව විද්යාලයේ ශිෂ්ය උපදේශක මහාචාර්ය ප්රසාද් සංජීව මහතාගේ නිවෙසට හා වාහනයට පහර දී අලාභහානි කරන ලදී.

    රුහුණු සරසවිය

    රුහුණ සරසවියේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුවියක වූ වත්සලා කුමුදුනි ද සිල්වා රුහුණු සරසවියේදී දරුණු නවක වදයට පත්‍ර වුවාය. ජේෂ්ඨයන් විසින් ඇයට කුණුහරුප 10 ක් කටපාඩම් කොට ඒවා පාඩම් දීමට බල කළහ. ඉන් පසුව පසුව ඇයව නවකයන්ගේ පෝලිමකට දමා ඉස්සරහටත් පසුපසටත් තෙරපන ලදී. මේ හේතුවෙන් වත්සලා කුමුදුනිගේ තුනටිය බිඳී සිහිසුන් වුවාය. මෙම සිසුවිය සිහිසුන්වීමෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ සිසුන් අසත්‍ය ප්‍රකාශ කරමින් වත්සලා කුමුදුනි ද සිල්වා පඩි පෙළකින් ඇද වැටී අනතුරකට පත් අයෙකු ලෙස පෙන්වා දෙමින් රෝහල් ගත කර ඇත. ඇයගේ තුනටියේ වේදනාව තවමත් සුව නැත. රුහුණු සරසවියේ අමානුෂික නවක වදය නිසා 1993 වසරේ චමින්ද පුන්චිහේවා යන සිසුවා මිය යන ලදී. 1997 වසරේ ද නවක වදය නිසා රුහුණු සරසවියේ සිසුවියක් දිවි නසා ගත්තාය. ජේෂ්ඨයන් විසින් මෙම සිසුවිය ලිංගික හිංසනයට ලක් කොට තිබූ බව පසුව හෙළි විය.

    ලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින නවක වදය

    ශ්රී ලංකාවේ වෛද්‍ය පීඨ වලද අති දරුණු අන්දමින් නවක වදය ක්‍රියාත්මක වේ. නිරුවත් කරවීම, අසභ්‍ය ඉරියව් අනුකරණයට බල කිරීම, සිසුවියන්ට කුණුහර්ප කීමට බල කිරීම , අසභ්‍ය කතා සහ සින්දු ලියා දී ඒවා සමුහය ඉදිරියේදී කියවීමට බල කිරීම, බලහත්කාරයෙන් වියායාම කරවීම බොහෝවිට සිදු වේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී දොස්තර ශාන්ත හෙට්ටිආරච්චි පවසන අන්දමට (උපුටා ගැනීම ලක්බිම පුවත්පත) කොළඹ වෛද්‍ය පීඨයේ 1978 වසරේදී දී වෛද්‍ය සිසුන් නැවතී සිටි ජීවක නේවාසිකාගාරයේ නවක සිසුන් සම්පුර්ණයෙන්ම නිරුවත් කොට පිරිමින්ගේ ලිංගේන්ද්රියෙහි පෙර සම ඉවත් කිරීමේ සැත්කම බොරුවට රඟ දක්වා තිබේ. මෙවැනි නිරුවත් කිරීම් ලංකාවේ වෛද්‍ය පීඨ වල සෑම වසරකම සිදු වන බව කොළඹ වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ වෛද්යවරයෙකු අප සමග පැවසිය. වැඩි දුරටත් කරුණු දැක්වූ ඔහු 2004 වසරේදී කොළඹ වෛද්ය පීඨයේ නවක වද සමයේදී නවකයන්ට මතක ශක්තිය වැඩි කිරීමට කියමින් ජේෂ්ඨ සිසුවෙකු විසින් හස්ත ක්‍රමයෙන් මෝචනය කරන ලද ශුක්‍රානු කහට තේ වලට දමා බීමට බළ කල බව හෙළි කරයි. මෙම ශුක්‍රානු මුසු කහට තේ සිසුවියන් අප්‍රසාදයෙන් බොන විට ඔවුන් නවක වදයට ලක් කල ජේෂ්ඨ සිසුන් කොක් හඬ නගමින් සිනාසී තිබේ.

    ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින අමානුෂික ක්ෂිතිමය නවක වද නිසා වෛද්‍ය විද්‍යාල වලින් පිටවන්නේ මිනිස්කම නොහඳුන නරුමයන් බව මෙම ජේෂ්ඨ වෛද්යවරයා පවසයි. ඔහුගේ කතාවේ යම් සත්‍යයක් තිබේ. ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කල ඇතැම් වෛද්‍යවරුන් සිතාගත නොහැකි අන්දමේ අපරාධ කොට තිබේ. උදාහරණයක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ සුදර්ශන බාලගේ නම් සීමාවාසික වෛද්‍යවරයා මීගමුව රෝහලේ දී තමාගෙන් බෙහෙත් ගැනීමට පැමිණි චමිලා නමැති වෙළඳ කලාපයේ තරුණිය දුෂණය කොට රෝහලේ 6 වෙනි මහලින් බිමට ඇද දමා මරා දමන ලදී , කරාපිටිය වෛද්‍ය පිඨයේ දොස්තර ජී.පී.එම් චන්දන සෙවනගල රෝහලේ ප්රධාන වෛද්‍ය චාමින්ද විතාරණ සහ ඔහුගේ දරුපවුල මරා දැමීමේ අදහසින් නිල නිවසේ වතුර ටැංකියට වස (එම්.සී.පී.ඒ නම් වල් නාශකය ) රෝහල් සේවකයෙකු ලවා දැමුවේය. කොළඹ වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ පොළොන්නරුව රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ ජේෂ්ඨ වෛද්‍ය සංජය චමින්ද සෙනෙවිරත්න ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ මෑතකදී රක්ෂිත බන්ධනාගාරගත විය, කෑගල්ල හෙම්මාතගම රෝහලේ උපුල් හැන්දලගේ නම් වෛද්‍යවරයා (පේරාදෙණිය වෛද්‍ය පීඨය ) බෙහෙත් ගැනීමට පැමිණි තරුණ රෝගී කාන්තාවන්ගේ නිරුවත් පින්තුර ගන්නා ලදී. මෙම පුද්ගලයන් නිරෝගී මානසිකත්වයකින් ක්‍රියා නොකළ අය බව ඔවුන් විසින් කරන ලද අපරාධ වලින් පෙනී යයි. මොවුන් අපරාධකරුවන් බවට පත් කිරීමට ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින නවක වදය හේතු කාරනා නොවිද ?

    නවක වදය නැති කිරීම

    නවක වදය යනු වසරකට වරක් උඩ එන මාතෘකාවකි. නවක වදය පවතින කාලය තුල ඒ ගැන මාධ්‍ය කථා කරන අතර ඉන්පසු කතිකාව යට යයි. යලි මාතෘකාව කරලියට එන්නේ එලඟ වසරේදීය. මෙය දැන් චක්‍රයක් සේ අපගේ සමාජය ඉදිරියේ නොවිසඳුනු ප්‍රශ්න ගොන්නට වැටී තිබේ. ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පද්දතිය තුල නවක වදය දේශපාලන ක්‍රමවේදයක් ලෙස පවත්වාගෙන යාම සම්බදයෙන් ජවිපෙ සහ ජවිපෙ මොන්ටිසොරිය වන අන්තරය චෝදනා ලබා තිබේ. නමුත් නවක වදය සඳහා ජනතා විමුක්ති පෙරමුණට , අන්තරයට පමණක් දොස් කියා පලක් නැත. අන්තරයේ මුලික අභිලාශය සිසුන්ගේ අධ්‍යාපනය අඩපන කොට එම අසහනය විරෝධතාවක් ලෙස රජය කෙරෙහි යොමු කිරීමය. විශ්ව විද්‍යාල බලධාරීන් , උසස් අධ්‍යාපන අමාත්යංශය මේ පිළිබඳව නිසි ලෙස විශ්ව විද්‍යාල සිසුන් දැනුවත් කිරීමක නිරත වන්නේ නම් සිසුන් නවක වදය කරා යොමු වීම අඩු කර ගත හැකිය. එසේම නවක වදය පිළිබඳව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ආකල්ප වෙනස් කල යුතුය.

    විශ්ව විද්‍යාල වල නවක වදය සම්බදයෙන් වාර්තා කිරීමට හොට් ලයින් දුරකථන අංකයක් තිබීම අවශ්‍ය කෙරේ. පැමිණිලිකරුවන්ට නිසි ආරක්ෂාව රැකවරණය ලබා දිය යුතුය. සිසුන්ගේ විශ්වාසය දිනා ගැනීමට විශ්ව විද්‍යාල බලධාරීන් කටයුතු කිරීම වැදගත් වේ. උදාහරණයක් ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බොහෝ වින්දිතයන්ට විශ්ව විද්‍යාල බලධාරීන් කෙරෙහි විශ්වාසයක් නොමැති නිසා ඔවුන් පැමිණිලි නොකරති. එම නිසා නවක වදය එළිපිටම ක්‍රියාත්මක වේ. පැමිණිලි කල විට නීතිය ඉදිරියේ වරදකරුවන් වන පුද්ගලයන්ට නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුය. නමුත් ලංකාවේ නීතිය ක්‍රියාත්මක වනුයේ ඉබි ගමනිනි. නවක වදය යනු සාපරාධි අපරාධයක් බව ලංකික සමාජයට තේරුම් කල දිය යුතුය. අහේතුවකට මෙන් නවක වදය යනු සාපරාධි අපරාධයක් බව අපගේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් වැඩි ප්‍රතිශතයක් පවා විශ්වාස නොකරති. උසස් සදාචාරයක් ඇති මානව හිමිකම් වලට ගරු කරන අධ්‍යාපනික වශයෙන් උසස් ලෝකයේ වෙනත් විශ්වවිද්‍යාල වල මෙවැනි පහත් නවක වද සිදු නොවන බව ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න සිසුන් බහුතරයක් දන්නේ නැත. එම නිසා ඔවුනට ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල බාහිර රට වලට පෙනෙන අන්දම ගැන අවබෝදයක් නොමැත. ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල අන්තර්ජාතික තලයේ කුජිත වී ඇති බව පවා මොවුන් නොදනිති.

    අපගේ සරසවි සිසුන් තමන්ගේ නියම අයිතිවාසිකම් ගැන දන්නේ නැත. ඒ පිළිබඳව කිසිවෙකු ඔහුව දැනුවත්ද නොකරති. තමන්ට නවක වදයේ නාමයෙන් අසභ්‍ය වචනයෙන් බැනීමට, කුණුහරප කීමට බල කිරීමට, පුස්තකාලයට යාමට ඉඩ නොදීමට , බලහත්කාරයෙන් වියායාම වල යෙදවීමට, බල්ලෙකු සේ කකුල් හතරෙන් සිට මාළු කටු , ඉඳුල් බත් කෑමට බල කිරීමට , තමන්ගේ ඇඳුම ගැලවීමට, බලහත්කාරයෙන් පන්ති වර්ජනය කරවීමට, බලෙන් උද්ගෝෂණ වලට ගෙන යාමට කිසිම පුරවැසියෙකුට අයිතියක් නැති බවත් එවැනි දේ කිරීමට තැත් කිරීම බරපතල වරදක් බවත් බව සරසවි සිසුවාට දැනුවත් භාවයක් ලබා දිය යුතුය. එසේම නවක වදය යනු අපරාදයක් බවත් අපරාදයක් කාලවරෝධනයට යටත් නොවන නිසා තමන්ට නවක වදය දුන් පුද්ගලයට එරෙහිව තවත් වසර 5 – 10 පසුද නඩු දැමීමට හැකි වන ලෙසට නීති සංශෝදනය වීම වැදගති.

    නවක වදය යනු ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල වසාගත් පිළිලයකි. එම පිළිලය බොහෝ දුරට අපගේ විශ්ව විද්‍යාල විනාශ කොට අවසානය. අපගේ විශ්ව විද්‍යාල පද්දතිය තුල අධ්‍යාපනික වශයෙන් වටිනාකමක් ඇති යමක් ඉතිරිව ඇත්තේ ඉතා සුළු වශයෙනි. එම සුළු කොටස හෝ ආරක්ෂා කිරීම පුරවැසියන් වන අප සැමගේ යුතුකමකි.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: