Daily Archives: පෙබරවාරි 11, 2012
2011 පෙබරවාරි 12 : නිවේදනයයි…. කාමුක බව නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි පහත සඳහන් දෑ කිරීම – බැලීම – කතා කිරීම හෝ සිතීම තහනම් වේ……
කාමුකබව – Sexy
sex·y
[sek-see] Show IPA
adjective, sex·i·er, sex·i·est.
1. concerned predominantly or excessively with sex; risqué: a sexy novel.
2. sexually interesting or exciting; radiating sexuality: the sexiest professor on campus.
3. excitingly appealing; glamorous: a sexy new car.
sexy
මේ අනුව ලිංගික ආසාව ඇති කරන දේ කාමුක දේ ගණයට අයත් වේ. එනම් ඇසූ විට, බැලූවිට හෝ කියැවූ විට ලිංගික ආසාවක් පහළ වීම.. ලිංගික තෘප්තියක් ලබා ගැනීමට ඇති ආසාව වැඩි කරන දෑ මෙම කාමුක ගණයට අයත් වේ…
මේ ලිපිය ලියන්නට හේතු වූයේ පසු ගිය ලිපියටම අදාලව සහ සමහරක් සිංහල බෞද්ධ යැයි කියාගන්නා බ්ලොග් අඩවි වල ගයාන් පෙරේරාගේ ගීතයට කාමුක දර්ශනයක් ඇතුලත් කර ඇති බවට පුන පුනා පැවසීම සහ ඒ පිළිබඳ වාරණයක් ලබා ගැනීමට පොලීසියට පැමිණිලි කිරීම නිසාය. ගයාන් පෙරේරා මගේ කවුරුවත් නොවන අතර මම කාටවත් කඩේ නොයන බවත් මුලින්ම පැවසිය යුතුය…. මම ලියන්නේ මට හැඟෙන පරිදි ඇත්තය…
මේ කාමුක දර්ශන ඇතැයි කියූ නිසාම මේ සිංදුව අඩංගු වීඩියෝව මම හොඳින් නැරඹුවා… (අපිත් ඉතිං රහත් වෙලා නෑනෙ මෙයාලා) ඔන්න ඉතිං සිංදුව යන අතරවාරෙ භවතු සබ්බ මංගලම් ගාථාවෙ කොටසක් කියැවෙන්න ගත්තා… ඒ අතරේ ගයාන් පෙරේරා ගිහින් අර ගෑණු ළමයා තුරුල් කරගත්තානේ… අම්මපා ප්‍රසිද්ධියේ කරන්න වටින වැඩක්ද ? මමත් බලං හිටියා දැන් ගලවයි දැන් ගලවයි කියලා… කොහෙද…. ගැලෙවුවෙ නෑනෙ… අපරාදෙ..
ඉතින් මම බැලුව වීඩියෝව මේ….
අනේ මීට වඩා කාමුක දර්ශන ඕන තරම් වෙන සිංදු වල තියෙනවා නේ. ඉතිං කාමුක දර්ශන තියෙන සිංදු ටිකක් හොයාගෙන මම අන්තර් ජාලයේ සැරිසැරුවා.. කාමුක දර්ශන කොහොම වෙතත් මෙන්න මේ වගේ දර්ශන තියෙන සිංදුත් ඕන තරම් තියෙනවා… මේවා තියෙන්නෙ නම් කැරෝකේ අඩංගු වීඩියෝ වල… රූපවාහිනියෙ පෙන්වන්නෙ නැතුව ඇති…
ඉතින් මෙන්න මේ සිංදුවත් බලන්න…
ගයාන්ගෙ මේ ටිකින් ටික සිංදුව නිසාම සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් කාමුක දේවල් අඩංගු ලැයිස්තුවක් ප්‍රකාශ කර තිබෙනවා… මේ නිසා මේ ලැයිස්තුවේ අඩංගු දේ කිරීම හිතටත් ගතටත් අනතුරුදායක වන්න පුළුවන්.
- පිරිමින් ගැවසෙන ස්ථාන වන පාරේ ටැප් එක අසල කාන්තාවන් දිය රෙදි ඇඳන් නෑම
- ප්‍රසිද්ධ ස්ථානවල (ජලාශ – මුහුදු වෙරළවල්)ටී-ශර්ට් ආදිය ඇඳගෙන කාන්තාවන් ස්නානය කිරීම.
- ගමේ ලිංවල පිරිමින් නාන අවස්ථාවලදී කාන්තාවන් ස්නානයට යාම.
- පිරිමින් අමුඩ ගසාගෙන නෑම හෝ වැඩපලවල යෙදීම
- කාන්තා යට ඇඳුම් සෝදා (හෝ නොසෝදා) පිරිමින්ට පේනනට වැලවල්වල වැනීම.
- පියයුරු පෙනෙන අයුරින් කර පලල් හැට්ට ඇඳීම
- තද ඩෙනිම් ඇඳීම
- බුරිය පෙනෙන්නට සාරිය ඇඳීම
- අත් නැති ඇඳුම් ඇඳීම
- දණ හිසින් ඉහළට නිරාවරණය වන සායවල් ඇඳීම
- බඩ පෙනෙන ඇඳුම් ඇඳීම
- ස්කිනි / බිකිණි, කොට සායවල් කොට කලිසම් ඇඳීම
- පිහිණුම් තරඟ වලදී ශරීරය නිරාවරණය වන ඇඳුම් ඇඳීම
- ටෙලි නාට්‍ය වල රාත්‍රී ඇඳුමින් සිටින (හුචක්කු ඇඳගෙන) කාන්තාවන් පෙන්වීම – මෙහිදී මත්පැන් පෙන්වන විට මෙන් අදාල ස්ථානවලට කොටු දැමිය හැක
- රූපවාහිනී රියැලිටි වැඩසටහන්වල කාන්තාවන් ශරීරය නිරාවරණය වන ඇඳුම් ඇඳීම
- චන්න- උපුලී වර්ගයේ නැටුම්
- මිස් ශ්‍රී ලංකා වැනි තරඟවලදී නාන ඇඳුම් භාවිතාව හෝ එවැනි දර්ශන පෙන්වීම
- රූපවාහිනී ටෙලි නාට්‍යවල දර්ශන වල පිරිමියෙකු සහ ගැහැණියක කිසිම විටක එක කාමරයේ සිටීම පෙන්වීම
- සහ වයසක මිනිස්සුන්ගේ දර්ශන කාමය අවුස්සන ඕනෑම දෙයක්
මේ ලැයිස්තුවට ඔබට හැඟෙන ඕනෑම කාමය අවුස්සන දෙයක් ඇතුලත් කිරීමේ නිදහස ඇත… අප රටේ සංස්කෘතික අභිවෘද්ධිය වෙනුවෙන් ඔබේ කැපවීම අත්‍යවශ්‍ය මේ මොහොතේ එයට නොපමාව දායක වන්න…… කාමය අවුස්සන දෙයක් පෙනේ නම් එයින් වහාම ඈත් වී පිළිකුල් භාවනාව වඩන්න…