2012 මාර්තු 04 : මෙහෙමත් කාලකන්නි රටක්….


උනුත් එකයි මුනුත් එකයි... අපේ ගොන්නු අපිටම තමයි හොඳ

එක දිගට වැඩ ගොඩක් ගොඩ ගැහිලා තියෙන නිසා ලියන්න වුනේම නැහැ… නමුත් මේ ප්‍රවෘත්තිය දැක්කාම නං ලංකාවෙ පරිපාලනයෙ ඉන්නෙ මේ ලෝකෙ වැඩකට නැති ගොන්නු ටිකක් කියලා හොඳටම පේනවා.. මුන්ට අපි සලකන්න ඕන මොන විදියටද කියලා ඔබම හිතන්න…

දඹුල්ලෙ ආර්ථීක මධ්‍යස්ථානයේ වම්බටු, තක්කාලි, බීට් රෑට්, මිරිස්, ගෝවා සහ පිපිඥ්ඥා යන භෝගවල පළදාවේ අතිරික්තයක් ඇති නිසා හොඳ මිලකට විකුණන්නට බැරි නිසා විනාශ කරලාලු… ඒ ප්‍රවෘත්තිය මෙතැනින් බලන්න...

අපට අතිරික්ත එලවලු සුරක්‍ෂිතව කල් තබා ගන්නට හෝ වෙනත් මාර්ගයකින් ඵලදායී ලෙස පරිභෝජනයට ගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද ? මේවගේ විනාශ කරන්නේ ? මේ තීරණ ගන්න අතිරික්ත නිලධාරීන් අපට විනාශ කරන්න බැරිද ? උන් ගෙන් වැඩකුත් නෑනෙ….

ඵලදාව වැඩි වන විට මිල පහළ යන බව හැම දෙනාම දන්න කරුණක්, නමුත් ඒ වැඩි පළදාව එක්කෝ ඵලදාව නැති කාලයක නිකුත් කිරීමට කල් තබා ගැනීම, වෙනත් මිල එකතු කළ (Value Added) යමක් තැනීම (උදාහරණ වශයෙන් ජෑම් සෑදීමට භාවිතා කිරීම) වැනි දෙයකට යොදා ගන්න කවුරුවත් කල්පනා කළේ නැද්ද ?

අනේ අපේ පාර්ලිමේන්තුවෙ ඉන්න ගොං රැලත් අපට කිසි කමකට නැති නිසා මේ වගේ දෙයක් උන් ටිකටත් කරන්න කවුරුවත් හිතුවෙ නැද්ද දන්නෙ නෑ නේද ?

ඒ විතරක් නෙවෙයි, අර නිලධාරීන් ගස් බැඳපු මැරයගෙ පලාතෙ අන්න ආයෙම ඩෙංගු හිස ඔසවලා ලු.. කැළණියෙ විතරක් දැනට ඩෙංගු රෝගීන් 12 කට අධික සංඛ්‍යාවක් හමු වෙලාලු.. මගේ ලඟම ඥාතියෙකුත් ඩෙංගු හැදිලා දැන් සුව වේගෙන එනවා… මේ වගේ පඩ ශෝ දාගෙන ඉන්න එවුන්ට ඩෙංගු හැදෙන්නෙ නැත්තෙ මොකද මන්දා…

ආණ්ඩුව ආරක්‍ෂා කරන්න පෙලපාලි ගියාම ඇති….

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on මාර්තු 4, 2012, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 9.

  1. ඇල්කෙමියා මල්ලි මේ පැත්තෙන් ගෙනැත් දෙන්න දෙයක් තියේ නම් කියන්න. හැබැයි දඹුල්ලෙන් දඹල එහෙම ගේන්න බෑනේ මායිම පනිද්දී අපේ ගොන්නු කාලා දාවි!!!

    කැමතියි

  2. ඕව නිවැරදි වෙන්නනම් ලොකු වෙනසක් වෙනන ඕන.
    දියුනු රටවල නිෂ්පාදනය විතරක් නෙමෙයි ශ්‍රම බල අව්‍යයතා පවා වසර කිහිපයකට පෙර සැලසුම් කරනව. අපේ දේශපාලන රොත්තට තියෙන්නෙ පුද්ගලික බල ව්‍යාපෘති විතරයි.

    කැමතියි

  3. ඕකට ගොවියොත් වග කියන්න ඕන. අපේ රටේ තියෙන කැත පුරුද්දක් තමයි අළුත් දෙයක් නොකර එහා ගෙදර කරන එකා කරන එකම කිරීම. එහා ගෙදර එකා තක්කාලි වවනවනම් මෙහා ගෙදර එකත් තක්කාලිම වවනවා මුළු ගමම තක්කාලි වවනවා, ඒක දැක්කම එහා ගමේ උනුත් තක්කාලි වවනවා. අන්තීමේ තක්කාලි නිකන් දෙන්නත් බෑ. ඊයේ තක්කාලි කිලෝ 5000 දඹුල්ලේ විසිකරලා. කාලකන්නි රටක්. වගා නිළධාරියෝ ඉන්නවා. කෘෂි විශේෂඥයෝ ඉන්නවා එකෙක්වත් රාජකාරිය කරන්න දන්නේ නෑ මැනේජ්මන්ට් කියන එක නිල්. අන්තිමේ මුන් පඩි අරන් ජරාව කාලා ආතල් එකේ ඉන්නවා. දුප්පත් ගොවියා වහ බීලා මැරෙනවා. දඹුල්ලේ එහෙම උනාට. කොළඹ තක්කාලි ග්‍රෑම් 500 රුපියල් 30 යි. අනිත් එළවළුත් ඔහොමයි.. කාළකන්නි රටක්.

    කැමතියි

  4. රට කාලකන්නිය කීම සහ පාලකයින් කාලකන්නිය කීඹ දැන් අලුත් ෆැෂන් එකක් වෙලා.
    ඔය තරම් ඉතින් වැදගත් ප්‍රොෆිට් එකක් තියෙන වැඩක් නම් ඉතින් ලංකාවෙ වෙන ව්‍යාපාරිකයෙක්ට ඕ වැඩේ කරන්න පුලුවන්නේ..
    මෙතන තියෙන්නෙ ඇග්‍රො ටෙක්නොලොජි සම්බන්ද අවුලක්. අපේ එය එකම හිටෝනව. ඔය වම්බටු විතරක් වවපු අය ඉඩම බෙදල බෝග හතර පහක් හිටව්ව නම් හෝ එකම ඉඩමෙ විවිධාකාර බෝග හිටෙව්වනම් ගොවිය අනාත වීම අඩුකරගන්න තිබුන.
    ආන්ඩුව අපේ දෙයක් අපි ඒකට බැනල වැඩක් නෑ..ඒ හරහා වැඩ කරගන්න අපි දැනගන්න ඕනි..

    කැමතියි

  5. මේක ඉතිහාසේ පලවෙනි පාරට උන දෙයක් නෙමෙයි නේ. හැම අවුරුද්දෙම එම මයි. ගොවියෝ අහවල් එකකට හැමෝම එකම දේ වවනවද කියල නම් හිතාගන්න අමාරුයි. එත් මොකක් හරි හේතුවක් ඇති. සමහර විට අතේ තියන සල්ලි ටිකට ගන්න පුළුවන් ඇත්තේ තක්කාලි ඇට විතරක් වෙන්න ඇති. එත් දෙයියනේ මේවා ගැන බලන්න නේ කෘෂිකර්ම නිලධාරී කියල කට්ටියක් ඉන්නේ. ගොවියන්ට උපදෙස් දෙන්න. සමහරවිට උන්නැහේලට උපදෙස් දෙන්න ඉන්නවා ඇත්තේ…

    ආණ්ඩුව පැත්තකින් තියමුකෝ – පැත්තකින් තියන්නේ කොච්චර කිව්වත් වැඩක් නැති නිසා; මොකටද නිකම් ලේ පුච්ච ගන්නේ – පෞද්ගලික ආයතන වලින් මොකුත් නොකරන්නේ ඇයි?. ජෑම්, සෝස් වගේ දේවල් හදන්න ලාබෙට බඩු ගත්තොත් තමුන්ට නේද ලාබ?

    කැමතියි

  6. ඉතින් මේ ට්ඉක විනාශ කරන්නේ නැතිව ලංකාව වටේ බෙදෙන්න තිබුනානේ !
    අනේ මන්දා, හරිය මේ ගැන දන්නැති බූඩිට කියන්න දෙයක් නෑ 😦
    හොද, විද්‍යාත්මක කලමණාකරණයක් ඕනේ, හැබැයි ඉතින් ඉසෙඩ් ස්කෝර් වගේ නම් නෙමේ 😀

    කැමතියි

  7. අනේ මන්ද සර්! 😦 කන දේක වටිනාකමවත් නොදන්න ගොන්නු!

    කැමතියි

  8. මේකට කාලකණ්ණි කියන වචනය ගැලපෙන්නෙ නැහැ. ඇත්තටම අපේ රටට අනාගතයක් නැද්ද? දේශපාලන ජෝකර්ලගෙයි දේශපාලන ලූසර්ලගෙයි පුවත් බලන කොට හිතෙන දේ ලියන්න මම දන්න සිංහල මදි. මීට වසර කීපයකට පෙර මාතලේ යද්දි තක්කාලි විකුණ ගන්න බැරුව තක්කාලි ගොවියො ඒව පාරෙ වලවල් වහන්න ගෙනත් දාල තියෙනව මම ඇස් දෙකටම දැක්ක. ඔය දවස්
    වල කොළඹ , නුවර වගේ නගර වල තක්කාලි අස්ප ගනන්. කළමණාකරණයේ වැරැද්ද නේද මේ.
    ලංකාවෙ මිනිස්සු හැමදේම පිට රටවලින් කොපි කරනව. ඇයි වෙජිටබල් ජූස් හදන්න බැරි.

    කැමතියි

  9. මාතෘකාව දැක්කම මට ඇල් එක්ක පොඩි කේන්තියකුත් ආව. ඒත් ප්‍රවෘත්තිය කියෙව්වට පස්සෙ නං මටත් කාලකණ්නි කියල හිතුන.

    අද උදේ නිවුස් වලටත් පෙන්නුව ට්‍රැක්ටර් වල පටවගෙන අතිරික්ත එළවළු අරගෙන යනව කොම්පොස්ට් හදන්න කියල. ඇයි හතිලව්වෙ අර මිනිස්සු දාඩිය මහන්සියෙන් එලෝලු වවන්නෙ පෝර හදන්නද. වගා සංග්‍රාම කරන්නෙ , අමාත්‍යංශ තියෙන්නෙ මේ වගේ මීහරක් නාසිතිකාර වැඩ කරන්න නම් උන් මොකට ඉන්නවද.

    හැබැයි මේ කාලෙ එලෝලු නෙමෙයි ඔයිට වඩා ලොකු දෙයක් විනාඩ උනත් අපිට සතපහක ගානක් නෑ. අපි ඉන්නෙ ජාත්‍යන්තරයෙන් රට බේරාගන්න ජාත්‍යාලයෙන් වෙලිල පැටලිලා ඇඹරිලා නෙ.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න