2012 අප්‍රේල් 07: No-Limit ටොපියෙන් සිංහල ජාතිය වඳ වෙන්නේ මෙහෙමයි…. හැමදාම නෑ හැමතැනම නෑ…. අවුරුදු කාලෙ විතරයි….


පසුගිය දිනවල මූණු පොතේ ගිය ලොකු කැම්පේන් එකක් වුනේ නෝ ලිමිට් එකේ මුස්ලිම් මුදලාලි සිංහල මිනිස්සු වඳකරන්න මැලික් අම්ලය දාලා තියෙන ටොපි කන්න දෙනවා කියන එක. මේ කාරණයට පක්‍ෂව මෙන්ව විපක්‍ෂවත් ලිපි ලියැවුනා…

සිංහල බෞද්ධයා කියන වෙබ් අඩවියේ මෙන්න මෙහෙම සඳහන් වෙලා තියෙනවා. ඒක මෙතැනින් බලන්න.

අන්වර් මනතුංග ලියන වෙබ් අඩවියේ සඳහන් වෙලා තියෙන දේ බලන්න මෙතැනින්.

දැන් මම කියන කරුණු කියවලා ඔබව තේරුම් ගන්න මේ කතාවල ඇත්ත නැත්ත…

මුලින්ම කියන්න ඕන මම මෙතැනදි කතා කරන්නේ මැලික් අම්ලය ගැන පමණක් බව… මුස්ලිම්වරුන් කරනවා යැයි කියන ජාතිවාදී හෝ ආගම්වාදී දේ පිළිබඳ කතා කරන්නට මම හරියටම කරුණු නොදන්නා නිසා ඒ පිළිබඳ කතා කරන්න මම සූදානම් නැහැ… මම කතා කරන්නේ මැලික් අම්ලය පිළිබඳ සහ එහි හොඳ නරක ගැන පමණමයි… ඒක හොඳින් මතක තබා ගන්න.. මගේ බ්ලොග් අඩවිය කිසිම ජාතියකට ආගමකට හෝ වෙනත් පක්‍ෂයකට අයත් එකක්වත් ඒ වෙනුවෙන් කඩේ යන එකක්වත් නෙවෙයි…

මැලික් අම්ලය.  (Malic Acid)

මැලික් අම්ලය ස්වභාවයේ පවතින අම්ලයක්. මෙය පලතුරුවල ඇති සංඝඨකයක්. ඇපල් ගෙඩියක් කනවිට හෝ වෙනත් ඇඹුල් රසැති පළතුරක් හපන විට දැනෙන ඇඹුල් රස ගෙන එන්නේ මේ මැලික් අම්ලය මගින්. පළතුරුවල ඇති සීනි, රසකාරක, වෙනත් අම්ල වර්ග, සහ මැලික් අම්ලයේ සංකලනයක් ලෙසිනුයි පළතුරුවල දිගුකල් පවතින ඇඹුල් සහ නැවුම් රසය අපට ලබා දෙන්නේ. දැනුත් කටට කෙළ උණනවා ඒ බව මතක් වනවිට… මැලික් අම්ලයේ ඇති මෙන්න මේ ගුණාංගය නිසා බොහෝ ආහාර වර්ගවල පළතුරු සහ මුඛයේ දිගුකල් පවතින නැවුම් රසය පවත්වාගෙන යාමට රස කාරකයක් ලෙසින් මැලික් අම්ලය භාවිතා කරනවා.

මැලික් අම්ලය ආහාරයට එක් කරන විට එයට E-296 යන අංකය ලබා දෙනවා. මෙය බොහෝ රසකැවිලි, ටොෆී ආදියේ ඇඹුල් රසය ලබා දීම සඳහා භාවිතා කරන රසකාරකයයි. මෙය ඇමරිකානු, එක්සත් රාජධානියේ, ඕස්ට්‍රේලියාවේ සහ යුරෝපය ඇතුළු බොහෝ රටවල ආහාර රසකාරක සඳහා භාවිතා කිරීමට අනුමැතිය දී ඇති රස කාරකයක්.

ඇපල්වල මැලික් අම්ලය බහුලව ඇත

මැලික් අම්ලය මුලින්ම සොයා ගත්තේ 1785 දි කාල් විල්හෙල්ම් ශීල් නම් විද්‍යාඥයා විසින්. ඒ ඇපල් යුෂවල ඇති සංඝඨකයක් ලෙසින්. නමුත් මෙයට මැලික් අම්ලය යන නම දුන්නේ අපි කවුරුත් දන්නා හඳුනන ලැවෝසියර් විසින් 1787 දි. එහි තේරුම ලතින් භාෂාවෙන් ඇපල් යන්නයි. මැලික් අම්ලය ආකාර දෙකකින් පවතිනවා; L සහ D ලෙසින්. නමුත් ස්වභාවයේ පවතින්නේ L ආකාරය ලෙසින් පමණයි. මේ මැලික් අම්ලය කෙල්වින් චක්‍රයේ සහ සිට්‍රික් අම්ල චක්‍රයේ (ක්‍රෙබ්ස් චක්‍රය, ට්‍රයි කාබොක්සිලික් අම්ල චක්‍රය) යන දෙකෙහිම වැදගත් තැනක් ගන්නා සංයෝගයක්. මේ ගැන වැඩිදුර කතා කරන්න යන්නෙ නැත්තෙ කියවනවිට නීරස වන්න පුළුවන් නිසා. නමුත් කෙටියෙන් කියනවා නම් මෙය අපේ ශරීරයෙත් ශාක වලත් නිරන්තරයෙන් නිපදවෙන, භාවිතයට ගැනෙන සංයෝගයක්. සෛල තුළ මැලික් අම්ලය නිපදවෙන්නේ සෛල වලට ශක්තිය ලබා දීමට සහ ඇමයිනෝ අම්ල සහ වෙනත් සංයෝග නිෂ්පාදනයේදී අවශ්‍ය කාබන් ව්‍යුහයන්හි සැකිල්ල නිර්මාණය කිරීම යන කාරණා වලටයි. සාමාන්‍යයෙන් මිනිස් සිරුර තුළ විශාල මැලික් අම්ලය ප්‍රමාණයක් නිෂ්පාදනය වෙනවා මෙන්ම බිඳ වැටීම ද සිදු කෙරෙනවා.

පැණිරස රස කැවිලි නිෂ්පාදනය කිරීමේදී මැලික් අම්ලය බහුලව භාවිතා කරනවා. මේ සඳහා කරුණු කාරණා බොහොමයක් වැදගත් වෙනවා. මැලික් අම්ලයේ ඇති විශේෂ ගුණ නිසා අනෙක් අම්ලවලට වඩා වාසිදායක නිසාත් බොහෝ ඇඹුල් රසැති රසකැවිලි නිෂ්පාදනයේදී මැලික් අම්ලය භාවිතා කරනවා. මේ ගුණ වන්නේ

  • වෙනත් රස ගෙන නොදෙන, නමුත් පිරිසිදුව ඇඹුල් රස ලබා දීම
  • වෙනත් රසකාරක වල රසකාරක ගුණ ඉස්මතු කිරීම නිසා රසකාරක අඩුවෙන් යෙදිය යුතු වීම (ආර්ථික වාසියක්)
  • අධික ද්‍රාව්‍යතාවය
  • වෙනත් අම්ලවලට වඩා තෙතබරි වීම (Hygroscopic) අඩුකම (මේ නිසා රසකැවිලි තෙතබරියම් වීම – දියවීම වලකී)
  • ද්‍රවාංකය අඩු වීම නිසා රසකැවිලි නිෂ්පාදනයේදී වැයවන ශක්තිය අඩු වීම
  • ලෝහ අයන සමග බන්ධනය වීමේ වැඩි හැකියාව

මේ නිසා මැලික් අම්ලය ආර්ථිකවත්, සෞඛ්‍යාරක්‍ෂිත බවෙනුත් රසකැවිලි සෑදීමේදී වඩා වාසිදායක වෙනවා.

මැලික් අම්ලය භාවිතාවන ආහාර/රසකැවිලි/බීම වර්ග

  • සෝඩා බීම වර්ග (Carbonated Beverages)
    • මෙහිදී රසකාරකවල රසය ඉස්මතු කරන නිසා අවම රසකාරක ප්‍රමාණයක් රසකාරක එකතු කිරීමෙන් ආර්ථික සහ සෞඛ්‍යමය වාසි ලැබීම.
    • විශේෂ රසකාරක අනවශ්‍ය වීම නිසා පාරිභෝගිකයාට බීම වර්ගයේ නියම රසය භුක්ති විඳීමට හැකි වීම
  • සෝඩා නොවන බීම (Non-Carbonated Beverages)
    • පළතුරු බීම, අයිස් තේ, ශක්තිජනක සිසිල් බීම ආදියේ රසය ඉස්මතු කිරීම, පී එච් අගය පවත්වාගෙන යාම, මෙන්ම වෙනත් බීම වර්ගවල ඇති අහිතකර රසය නැති කිරීම නිසා මැලික් අම්ලය මේ සඳහා ද භාවිතා කරයි.
  • පළතුරු බීම කුඩු වර්ග
    • පළතුරු බීම, අයිස් තේ, ශක්තිජනක සිසිල් බීම ආදියේ රසය ඉස්මතු කිරීම, අධික ද්‍රාව්‍යතාවය නිසා අවම රසකාරක ප්‍රමාණයක් භාවිතා කිරීමට හැකි වීම.
    • අඩුම කුඩු ප්‍රමාණයකින් වැඩිම රසයක්
  • අඩු කැලරි බීම වර්ග
    • අඩු කැලරි බීම වර්ගවල ඇති පැණි රසගන්වන දෑ නිසි පරිදි තබා ගැනීමට සහ දිගුකල් පවතින ඇඹුල් රසය පවත්වා ගැනීමට සිට්‍රික් අම්ලයට වඩා මැලික් අම්ලය වඩා හොඳ බව සොයාගෙන ඇත. ඒ අනුව බොහෝ බීම වර්ගවලට මැලික් අම්ලය යොදා ගනී.
  •  සයිඩර් වර්ග සහ වයින් වර්ග
    • මද්‍යසාරමය සයිඩර් වර්ග සහ වයින් වර්ගවල සැර ගතිය තබා ගැනීමට මැලික් අම්ලය භාවිතා කරයි.
  • ආම්ලික කරන ලද කිරි ආහාර
    • සමහර ආම්ලික කරන ලද කිරි ආහාරවල ඇඹුල් ගතිය ඇති කිරීමට මැලික් අම්ලය භාවිතා කරයි
    • පළතුරු රසය ඇති කිරිවල පළතුරු රසය ගැනීමට මැලික් අම්ලය භාවිතා කරයි
    • මුදවන ලද සෝයා යෝගට්වල යෝගට් රසය ගැනීමට මැලික් අම්ලය භාවිතා කරයි
  • අතිරේක ව ශරීරයට කැල්සියම් ලබා දෙන බීම වර්ග
    • ද්‍රවමය කැල්සියම් පරිපූරකවලට පළතුරු රසය ලබා දෙන අතරම ආම්ලික/භාෂ්මිකතාවය පාලනය කිරීමට මැලික් අම්ලය භාවිතා කරයි.
    • ඒවායේ කැල්සියම් අයන වල ද්‍රාව්‍යතාවය වැඩි කිරිමට සිට්‍රික් අම්ලයට වඩා මැලික් අම්ලය භාවිතා වේ
  • රසකැවිලි / ටොෆි
    • රසකැවිලිවල පළතුරු රසය සහ ඇඹුල් රසය ඇති කිරීමට, චුවිංගම් ආදියට, සීනි රහිත ටොෆි වර්ගවලට, මැලික් අම්ලය භාවිතා කරයි
    • මැලික් අම්ලය භාවිතා කිරීම නිසා වැඩිපුර රසකාරක සහ සීනි ආදිය රසකැවිලි වලට දැමීමට සිදු නොවන නිසා ආර්ථිකවත් සෞඛ්‍යමය අතිනුත් වාසියක් සිදු වේ
    • දිගුකාලීන ඇඹුල් ගතිය පවත්වාගෙන යයි
    • තෙතබරියම් වීම වලකයි

මෙයට අමතරව

  • තද ගතිය ඇති රසකැවිලි
  • මෘදු රස කැවිලි
  • චුවිංගම්
  • පළතුරු රසකාරක සහ සංරක්‍ෂක ද්‍රව්‍ය ලෙසින් (කල්තබා ගැනීමට)
  • බේකරිවල
  • අතුරුපස
  • බෙහෙත් සහ වෙනත් මින්ට් වැනි ටොෆි වර්ගවල
  • කැස්ස සමනයට භාවිතා කරන සිරප්වර්ග
  • කටට කෙළ ඉනීම පහසු කරවන බෙහෙත් වර්ගවලට
  • මුඛ පිරිසිදු කරන දියරවලට
  • සම පැහැපත් කරන ආලේපන වලට

මේ මැලික් අම්ලය අඩු වැඩි වශයෙන් භාවිතා වේ

මැලික් අම්ලයෙන් ශරීරයට ඇති වාසි.

මැලික් අම්ල පෙති

“An Apple a Day Keeps the Doctor Away” යනුවෙන් සඳහන් කර ඇත්තේ ඇපල්වල ඉතා විශාල වශයෙන් මැලික් අම්ලය අඩංගු වන නිසාය. මැලික් අම්ලයේ වඩාත්ම වාසිය වන්නේ එය පරිවෘත්තීය ක්‍රියා සහ ශක්තිය නිපදවීම සඳහා ශරීරයේ සෛල විසින් භාවිතා කිරීමයි. මැලික් අම්ලය වැඩි වශයෙන්ම භාවිතා කරන්නේ කල් පවතින තෙහෙට්ටුව (Chronic Fatigue Syndrome) ඇති අයට සහ ෆයිබ්‍රොමයැල්ගියා (Fibromyalgia) රෝගය ඇති අයගේ ශක්තිය වර්ධනය කිරීමට සහ මස්පිඬු වේදනාව සමනය කිරීම සඳහා වේ. මේ සඳහා මැග්නීසියම් සහ මැලික් අම්ලයේ මිශ්‍ර ඖෂධ භාවිතා කිරීම මගින් මේ රෝග ලක්‍ෂණ වල පැහැදිලි අඩු වීමක්  පෙන්නුම් කරන බව සොයාගෙන තිබෙනවා. එසේම මාංශ පේශීන් ශක්තිමත් කිරීමට ද මැලික් අම්ලය උපයෝගී කරගන්නවා. ව්‍යායාම කිරීමෙන් පසු මාංශ පේශීන් ඉක්මනින් ප්‍රකෘති තත්ත්‍වයට ගැනීමට, මාංශපේශි තෙහෙට්ටුව අවම කිරීමට සහ මානසිකව පරීක්‍ෂාකරීව සිටීමට මැලික් අම්ලයෙන් දැඩි බලපෑමක් දෙන බව සොයාගෙන තිබෙනවා.

මැලික් අම්ලය ලෝහ සමග සාදන සංයෝග නිසා ශරීරයේ ලෝහමය විශ නැසීමටත් භාවිතා කරනවා. විශේෂයෙන්ම ඊයම් සහ ඇළුමිනියම් සඳහා එය නඛරයක් (කීලේටයක් -Chelate)  වශයෙන් යොදා ගැනෙනවා. මෙම බැර ලෝහ ශරීරයෙන් ඉවත් වීම නිසා පසුකාලීනව ඇල්ශයිමර් වැනි රෝග සෑදීමේ අවදානම මැලික් අම්ලය භාවිතා කිරීම නිසා අඩු වෙන බවයි සොයාගෙන ඇත්තේ. බොහෝ දන්තාලේප සඳහා  මැලික් අම්ලය භාවිතා කරනවා මෙහි ඇති විශබීජ නාශක ගුණය නිසා සහ ඛෙඨය ශ්‍රාවය කිරීමේ ගුණය නිසා මුඛ සෞඛ්‍යය වර්ධනය කිරීමෙහිලා මහඟු සේවයක් කිරීමට මැලික් අම්ලය භාවිතා වෙනවා. මැලික් අම්ලය ඇපල් වලින් උකහා ගන්නක්, ඒ නිසා එය සමහර විට Fruit Acid යනුවෙන් හඳුන්වනවා. එය සම සුරකින ආලේපනවලට භාවිතා කරනවා. ඒ මගින් සහ මෘදුව, රැලි නොවැටී, තරුණ පෙනුමක් ලබා දෙනවා.

අතුරු ආබාධ

මේ සියළු ආබාධ දැක්වෙන්නේ මැලික් අම්ලය අමතරව ගැනීම පිළිබඳවයි. ස්වභාවිකව මැලික් අම්ලය අඩංගු දෑ ආහාරයට ගැනීමෙන් හෝ පානයට ගැනීමෙන් පැන නඟින අතුරු ආබාධ ගැන සඳහනක් නැහැ.

මැලික් අම්ලය ස්වභාවිකව ශරීරයේ නිපදවෙන නිසාත්, ස්වභාවයෙන්ම ලැබෙන නිසාත් ශරීරය මගින්ම බිඳ වැටෙන නිසාත් සාමාන්‍යයෙන් ස්වභාවිකව සුළු ප්‍රමාණ වලින් ගත් කළ අතුරු ආබාධ රහිත ලෙසිනුයි දැක්වෙන්නේ. නමුත් මැලික් අම්ලය පෙති වශයෙන් පිටතින් අමතරව ගන්නේ නම් වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.

සාමාන්‍ය අතුරු ආබාධ ලෙස

  • පපුවේ වේදනාව
  • කැසීම
  • සම ඉදිමීම
  • ක්ලාන්තය
  • මාංශපේශි වේදනාව
  • හිරි වැටීම
  • බඩ වේලීම
  • ශරීරයේ ආලේප කළවිට එතැන රතුපැහැ ගැනීම

ආදිය දකින්නට පුළුවන්

දැඩි අතුරු ආබාධ ලෙස

  • ආසාත්මිකතාවයන්
  • පපුව හිරවීම වැනි ගතියක්
  • හුස්ම ගැනීමේ අපහසුතාවයන්
  • සමේ දදයක් වැනි තත්ත්‍වයන්
  • පළු දැමීම
  • උගුර, මුඛය ආදී ස්ථාන ඉදිමීම

දකින්නට පුළුවන්…. නමුත් මේ සියල්ල මැලික් අම්ලය අඩංගු ඖෂධ ගැනීම නිසා සිදු වන දේවල් බව මතක තබා ගත යුතුයි.

වැදගත් සෞඛ්‍යමය තොරතුරු ලෙස ඔබ මැග්නීසියම් අඩංගු ඖෂධ ගන්නේ නම් හෝ ගර්භණී හෝ කිරි දෙන මව් කෙනෙකු නම් වෛද්‍ය උපදෙස් නොමැතිව මැලික් අම්ලය ගැනීම සිදු නොකළ යුතු බවයි දැක්වෙන්නේ.

මැලික් අම්ලය හා ගබ්සා වීම් හෝ වඳ වීම ගැන පැහැදිලි සඳහනක් නැහැ. මැලික් අම්ලය සහ ගර්භණි බව ගැන වැඩිදුර පර්යේෂණ සිදු වී නැති නිසා ඒ තත්ත්‍වයන්හිදී මැලික් අම්ලය අමතරව ගැනීම ගැන දෙවරක් සිතීම කළ යුතු වෙනවා විනා, මැලික් අම්ලය අඩංගු දේ ආහාරයට ගැනීම ගැන විශේෂ සඳහනක් නැහැ.

මගේ මතය

පළතුරු වල ස්වභාවිකවම

අප ආහාරයට ගන්නා බොහෝ දෑවල මැලික් අම්ලය අඩු වැඩි වශයෙන් ඇත. ලංකාවේ බොහෝ දෙනා ආහාරයට ගන්නා දෑ ශරීරයට අහිතකරය. පාරේ දුවනගිරි හෝටලයෙන්  කන ආප්පය දැඩි වීමට කැල්සියම් කාබනේට් කුඩු දමයි. පළතුරු කල්තබා ගැනීමට වෙළඳුන් ගසන්නේ මැලතියන් ය. ලංකාවේ සීනි සහ ලුණු පරිභෝජනය නියමිත මාත්‍රාව මෙන් දෙගුණයකි. මැක්ඩොනල්ඩ්ස්, කේ එෆ් සී ආදී ස්ථානවලින් ආහාර ගැනීමේදී ශරීරයට අහිතකර ට්‍රාන්ස් මේද අම්ල, අහිතරක රසකාරක ආදී දෑ නොදැනුවත්වම ශරීරගත වේ. කොකාකෝලා සහ අනෙක් හැම කෝලා එකකම බොහෝ අහිතකර දෑ අඩංගුය. 2020 වන විට රටෙන් 50% කට දියවැඩියාව වැළඳීමට ඉඩ ඇති බව සොයාගෙන ඇත. මේ හැමටම වඩා අලසව ව්‍යායාම නැතිකමින් එකතැන වී සිටීම, මේදය සහ පිෂ්ඨය අධික ආහාර ගැනීම සහ කෘමිනාශක අඩංගු එළවළු ආහාරයට ගැනීමෙන් විශාල හානියක් සිදු වේ.

No limit එකෙන් දෙන ටොපියක වැඩ්ම වශයෙන් මැලික් අම්ලය මිලි ග්‍රෑම් 100 ක් තිබෙන්නට පුළුවන. සාමාන්‍ය මැලික් අම්ල පෙත්තක මැලික් අම්ලය මිලිග්‍රෑම් 200 සිට 800 දක්වා ප්‍රමාණයක් අන්තර්ගතය. මෙපමණක් මැලික් අම්ලය ශරීරගත වීමට අවම වශයෙන් ටොපි 5 ක් පමණ දිනකට කෑමට ගත යුතුය. මෙසේ ටොපි 5ක් කෑමේදී මැලික් අම්ලයෙන් සිදුවන හානියට වඩා හානියක් සීනි සහ රසකාරක වලින් සිදු වේ.

මේ මගේ මතයයි. රසායන විද්‍යාව හදාරන කෙනෙකු ලෙස මැලික් අම්ලය සහ No Limit ටොපිය අතර තේ කෝප්පයේ කිඹුලන් දැකීමක් මට නොපෙනේ.

සිංහල ජාතිය නැති කිරීමට මුස්ලිමුන් අමුතුවෙන් උත්සාහ කළ යුතු නැත. අපි සිංහලයන් ලෙස කී දෙනෙකු සිංහලෙන් කතා කරනවාද ? සිංහලකම ගැන ම උජාරුවට කතා කරන බොහෝ දෙනා කතා කරන්නේ සුද්දාගේ ඉංගිරිසියෙනි. ලංකාවේ අයට ලංකාවෙදීවත් පිටරටකදීවත් සිංහලෙන් කතා කිරීම මහා මදිකමකි. අපේ සිංහලයින් අනෙක් සිංහලයින්ව වලට දමන්නට උපන් දක්‍ෂයෝය. සිංහලයින්ට කුඩු පොවන්නේ අපේම සිංහල කුඩු මුදලාලිලා සහ සිංහල දේශපාලනඥයින් ය. සිංහලයින් තරම් කුහක ඊර්ෂ්‍යාකාරී ජාතියක් කොහේවත් නැත, අපේම එවුන් අපිම මරා දමන්නේ පටු අරමුණු උදෙසාය. පසුගිය දිනවල අසන්නට දකින්නට ලැබුණ දේ වලින් එය ඔබටම පැහැදිලිකර ගත හැක. දෙමළුන් සහ මුස්ලිමුන් තම ජාතියේ එවුන්ට සලකාගෙන සියළුම දෙනා ඉහළට ගෙන එත්දී සිංහලයන් කරන්නේ අනුන් පාගාගෙන තමන් පමණක් ඉහළට නැගීමයි.. රටේ මහ එකාගේ සිට අන්තීම හිඟන්නා දක්වා දැකිය හැක්කේ එයයි. එය මෙසේ වන කල්හි මුස්ලිමුන්ට සහ දෙමළ ජාතිකයන්ට බැණ අඬගැසීමෙන් සිංහල ජාතිය ආරක්‍ෂා කරගැනීමට නොහැක.

මේ මගේ මතයයි… මේ සම්බන්ධව ඔබේ මතය කුමක්දැයි ඔබම සිහි නුවණින් සිතා බලන්න… නැතිනම් තම්බින්ට කඩේ යනවා යැයි මට ගරහන්න…. ඔබේ කැමැත්තක්….

තොරතුරු ගත්තේ

http://www.thehealthierlife.co.uk/natural-health-articles/chronic-fatigue-syndrome/malic-acid-chronic-fatigue-syndrome-00974.html
http://www.livestrong.com/article/85196-malic-acid-benefits/
http://www.livestrong.com/article/40552-side-effects-benefits-malic/
http://www.dorsethealthshop.co.uk/Research/Malic-acid-Energy-boosting-properties-and-anti-ageing-benefits-linked-to-this-ingredient-in-apples

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on අප්‍රේල් 6, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , . Bookmark the permalink. ප්‍රතිචාර 74.

  1. //සිංහල ජාතිය නැති කිරීමට මුස්ලිමුන් අමුතුවෙන් උත්සාහ කළ යුතු නැත. අපි සිංහලයන් ලෙස කී දෙනෙකු සිංහලෙන් කතා කරනවාද ? සිංහලකම ගැන ම උජාරුවට කතා කරන බොහෝ දෙනා කතා කරන්නේ සුද්දාගේ ඉංගිරිසියෙනි. ලංකාවේ අයට ලංකාවෙදීවත් පිටරටකදීවත් සිංහලෙන් කතා කිරීම මහා මදිකමකි. අපේ සිංහලයින් අනෙක් සිංහලයින්ව වලට දමන්නට උපන් දක්‍ෂයෝය. //

    කියන්ඩ තියෙන දේ නියමෙට කියල. වරක් අපේ දෝණිගෙ පැනමානු ජාතික මිතුරෙක් ලංකාවට ආව. ඔහු අපියනයන තැනදී මවිතව ඇසුවේ ඔවුන් දෙමලද යන්නයි. ඒ අපෙ ඇදුරුට යනයන තැන මිනිසුන් ඉංගිරිසියෙං කතා කල නිසා හා මගෙ නිවසට ඉදිරිපිට වෙසෙන වෛද්‍යවරයා හා ඔහුගේ පවුලේ අය නිතර ඉංගිරිසියෙං කතාකල නිසා. වරක් වෛද්‍යවරයාගෙ බිරිඳ කිව්වෙ ” අනෙ කවිකාරි අහවල් ඉස්කෝලෙට අපේ ළමයි දැම්මෙ ටිකක්වත් වැඩිපුර ඉංගිරිසි කතා කරයි කියල නමුත් එතැනට එන ඔක්කොම මුදලාලිලාගෙ ළමයි (jabber in Sinhalese)” කියල

    කැමතියි

  2. හරිම කැතයි ඇලෝ, මම නම් හිතුවේ නෑ මෙහෙම ජාතිය පාවලා දෙයි කියලා. 😉
    දැන් ඉතින් ඒ නාඩගම නටලත් ඉවරයි අපේ සිංහල අයියලා ටික, පව් !!
    ඇත්තටම දැන් අපේ උන් දෙයක් පතුරුවන්නේ ඒක ගැන හොයලා බලලා නෙමේ, ඉතින් මොකෙක් හරි මෝඩයෙක් මොකක් හරි මගුලක් අත ඇරියොත් ඔන්න ඉතින් පන යනකං ඒක ශෙයා කරනවා.
    අනේ මන්දා.
    මොනා උනත් ඇලෝගේ කටේ නම් මසුරන් නෙමේ ඇපල් දාන්න වටිනවා මේක ඉව්වට !

    කැමතියි

  3. මෙම ලිපියෙන් මැලික් අම්ලය ගැන බොහෝ දේ දැනගත්තා. මම උසස්පෙළට ජීව විද්‍යාව හැදෑරුවේ, ඒත් මැලික් අම්ලය ගැන මීට පෙර අහලා තිබුනු වගක් නම් මතක නෑ. ඉතින් ඔබට බොහොම ස්තූතියි.

    ඔය බෙරිහන් දෙන සිංහල බෞද්ධ නඩය ගැන නම් ඉතින් මොන කතාද??? බලාගන ගියාම ඔවුන් ලඟ නැත්තෙම සිංහල බෞද්ධකමයි.

    කැමතියි

  4. supiri lipiyak….danne nathuwa jathi wadaya awussana ape jathiya wikun kan ayata honda lipiyak meka…..

    කැමතියි

  5. නියමයි ! සිංහල ජාතිය [ ඒ කියන්නෙ මොකක්ද, තමන් එහෙමයි කියල දන්නෙ කොහොමද කියල නොදන්න එක වෙනම කාරණයක්] නැතිකරන්න වෙනත් අය ඕනෙ නෑ. ඉන්න සිංහලයි කියාගන්නා අයගෙම ක්‍රියා කාරකම් හොඳටම ඇති. ඒකට ඔය නෝලිමිට් ටොපිය ඕනෙ නෑ, ජාතික ටොපිය, ආගම් ටොපිය වගේ ඒව ඇතිවෙන්න තියෙන්නෙ.

    කැමතියි

  6. අන්න ඇල්කෙමියගෙ රසායන විද්‍යා දැනුමෙන් මෝහන්ධකාරය නැතිකරන්න උත්සාහ කරලා.
    henryblogwalker the Dude

    කැමතියි

  7. මේක වැපා දැක්කොත්නම් ඉවරයි ඇල්කෙමියෝ…. 😀 😀 😀

    කැමතියි

  8. “කන්න ඕනි උනාම කබරගොයත් තලගොයා වෙනවලු”….මට ඔය ටොපී කතාව මුලුන්ම දකිද්දිම ඕක හිතුනා….

    කැමතියි

  9. ස්තූතියි ඇල්කෙමියා!!!!

    දුර්මත පැතිරෙන වේගයට ම මෙහෙම දැනුමත් බෙදාගන්න මුහුණුපොතත් බ්ලොග් අවකාශයත් තියෙන්නෙ සොච්චමකට වුනාට කවදා හරි ඉක්මණින් දවසක ම එය පොදු ජනතාව අතරටත් ගිහින් අනුන් කියන දේවල් වලින් රැවටෙන්නෙ නැති ජනතාවක් වැඩිවේවා!!!

    කැමතියි

    • ස්තුතියි අරුණි අක්කා,
      රටක මිනිස්සු මොට වෙන්න මොට වෙන්න පාලනය කරන්න ලේසියි…. ඒකයි අපේ රටවල අධ්‍යාපනය අඩපණ කරන්න නායකයන් උත්සාහ කරන්නෙ… ඒ වගේම බොරු ආටෝප පුහු දේවල් වලින් මිනිස්සුන්ගේ සිත් පුරවලා තියෙන තාක් කල් මිනිස්සු හිතන්න පුරුදු වෙන්නෙ නෑ කියලත් ඔවුන් දන්නවා.

      කැමතියි

  10. අඳුරු මතවල එල්බිලා ඉන්න කට්ටියට මෙහෙම කියලා නෙවෙයි ඕවා පරීක්ෂන කරලා පෙන්නුවත් පිලිගන්න කැමති නෑ! ඒ එයාලගේ ආතල් එක! බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට!

    කැමතියි

  11. ‘තමන්ගේ රසායන විද්‍යා දැනීම උපයෝගී කරගෙන දීපු හොඳ උත්තරයක් ඇල්කෙමියෝ !!!! අපේ රටේ මිනිස්සු ප්‍රශ්නයකදී ක්‍රියා කරන හැටි කොච්චර පුදුමාකාරද ???? මේ කරලා තියෙන චෝදනා ඇත්තනම් කෙරියයුතුව තිබුනේ ජාතිවාදය වපුරමින් වර්ජනයක් දියත් කිරීමද ???? නැතිනම් මේ භයානක චෝදනාව ඔප්පුකරන්න ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි ඇතොත් ඒවා භාවිතා කරමින් ඒ නීති විරෝධී ක්‍රියාව කාලය කියන අයට විරුද්ධව නීත්‍යානුකූලව ක්‍රියා කර යලිත් එවැනි යමක් කිරීමට කෙනෙකුට ඇති හැකියාව නවතා දැමීමද ???? මේ ප්‍රශ්නය විද්‍යාත්මකව විශ්ලේෂණය කිරීමට ඔබ ගෙන ඇති උත්සාහය පැසසුමට ලක්විය යුතුයි ඇල්කෙමියෝ !!!!’

    කැමතියි

    • අපේ රටවල බොහෝ දේ සිද්ධ වෙන්නෙ වැරදි පැත්තට… නලින් සිල්වාගේ නාථ දෙයියොන්ගෙ ප්‍රශ්නයේදී වුනත් ඔවුන් කළේ පර්යේෂණ පත්‍රිකාවකින් සත්‍යය තහවුරු කිරීම වෙනුවට, මාධ්‍යය හමුවට ගොස් අනාගත්තා… විද්‍යාත්මකව හිතන්න කවුරුවත් යොමු වෙලා නැත්තෙ අපේ අධ්‍යාපනයේ ඒ වගේ දේවල් පුරුදු පුහුණු කරලා නැති නිසා.
      බොහොම ස්තූතියි ප්‍රතිචාරයට සහ විවේචන වලට…. එය මට ශක්තියක්

      කැමතියි

  12. එල එල….මමත් මුලදි හිතුවෙ මේක ඇත්තක් කියල.නෙට් එකේ පහුරු ගාල ඇත්ත නැත්ත හොයා ගත්තත් මේ තරම් විස්තරයක් නම් බැරිඋනා හොයාගන්න….කවුරුත් දැනුවත් කරන්න කරපු මේ වැඩේනම් අනර්ගයි….:)

    කැමතියි

  13. Well said bro. An unbiased post. Well done. Thanks for educating us.

    කැමතියි

  14. අාසාවෙන් කියෙව්වා! 🙂 ගොඩක් ස්තූතියි! 🙂

    කැමතියි

  15. ඇමරිකන් බලල් අත් තමා ඔය වගෙ දේස ද්‍රොහි කතා කියන්නෙ. බටහිර විද්දියා කාරයො බලන්නෙත් මේ ගෙරි හම්බයො එක්ක එකතු වෙලා රාවනා රජතුමාගෙන් පැවත එන සින්හල බවුද්ද සිස්ටාචාරෙ විනාස කරන්න. යකෝ අපේ (අ)නාත දෙය්යො ප්‍රමුඛ සම්මියක් දුස්ටික දේව මණ්ඩලයෙ දැනුමෙන් ඇති කරපු සින්හල බවුද්ද විද්දියාවෙන් අපිට පුලුවන් මේ ටොපිය විස සහිත බව ඔප්පු කරන්න.

    අපේ සේස්ට සින්හල ජාතිය වද කරන්න ඔය හම්බ ඔටු රැලයි යුදෙව් කිස්තියානි එව්වොයි එකතු වෙලා කුම්න්ත්‍රන කරනව. ඕකට උදව්වට අර ඉන්දියන් වදුරු රැලත් ඉන්නව. අපි වෙනුවෙන් ඉන්නෙ අපි වගේම සේස්ට බවුද්ද ජාතියක් වෙච්ච කොන්ඩෙ බැදපු චීන ජාතිය පමණ්යි. උන් ඇර මේ මුලු ලොකෙම අපිට විරුද්දයි….

    මීට සින්හල බවුද්දයා

    කැමතියි

  16. අපේ කස්ටියගෙ උපන් ගෙයි හැකියාවක් තමයි ඕනම නව තාක්ෂණයේ දියුණු මෙවලමක් දීපං, මොකක් හරි කරල ඒකෙනුත් ක්‍රමයක් හදාගන්නව යල් පැනගිය මිත්‍යා විශ්වාසයි අමූලික බොරු මතයි ප්‍රචාරය කරන්ට. 🙂

    පොඩි උදාහරණයක් කියන්නම්, ප්‍රේමදාස මහත්තය ඒ දවස්වල ගම් උදාව කලානෙ. මට මතක නැහැ මොන අවුරුද්දෙ කොහෙ තිබ්බ එකද කියල…ඒත් පරිගණක ආපු මුල්ම දවස්වල කියලනම් මතකයි…පරිගණක ප්‍රදර්ශන කුටියක් තිබ්බ, මට මතක විදිහට ඒ කාලෙ රූපවාහිනිය එහෙම බාරව තිබ්බ රාජ්‍ය අමාත්‍යාංශයෙන් සංවිධානය කරපු.

    අනේ අපිත් ජීවිතේට දැකල නැති මේ ගැජට් එක මොකක්ද කියල බලන්ට පෝලිම් ගැහිල ගියා කියමුකො ඇතුලට. කොම්පියුටරේ නම් තිබ්බ දිලිසි දිලිසි..ඒත් දන්නවද කොම්පියුටර් වලින් ගන්න පුළුවන් ප්‍රයෝජන කියල පෙන්නුවෙ මොකක්ද කියල….අපෙ උපන් වෙලාව දුන්නම පලාපල විස්තරයක් දෙනව ප්‍රින්ට් අවුට් එහෙකිං…හෙහ්, හෙහ්, කොහොමද ඇල් අපේ වැඩ…ඇඬෙනව තනි ඇහැට නේද?

    ඒ වැඩේම තමයි මේ දවස්වල බටකැලේට ගිනි ගත්තැහෙ යන්නෙ….ෆේස් බුක් ඊ මේල් බ්ලොග් අරකද මේකද ඔක්කොම ටොපි සීන් එක තමයි.

    බොහොම ස්තූතියි ඇල් සටහනේ වටිනාකම කියල නිමකරන්න නම් බැහැ, මැලික් අම්ලය ගැන මමත් අහල තිබුනෙ නැහැ, ස්තූතියි ආයෙමත්…

    කැමතියි

    • කියලා වැඩක් නෑ….
      අපේ කට්ටිය හැම දේම අනිත් පැත්තට නේ භාවිතා කරන්නෙ…….
      වෙනත් රටවල් තාක්‍ෂණය රටේ දියුණුවට භාවිතා කරද්දි අපි ගල් යුගයට යනවා.
      විද්‍යාව හා තාක්‍ෂණය වෙනුවෙන් අපේ රටේ වෙන් කර ඇති මුදල් ප්‍රමාණය දිහා බැලුවාම ඒක හොඳට පේනවා….
      මිනිස්සු මෝඩ වෙන තරමට පාලකයන්ට ලේසියි… ඒකයි ඇත්ත..

      කැමතියි

  17. ඇලෝ ගේ විග්‍රහය නං අගෙයි.. මෙතැන එහෙම යටින් යන ගේම් එකක් නැති බව පේනවා.. හැබැයි.. ඒකෙන් නිගමනය කරන්න එපා එයාලගෙන් අපට තර්ජනයක් නෑ ය කියලා.. එයාලා ගේ ව්‍යාපාරික අධිකාරීත්වය හැම ක්ෂේත්‍රයකම පතුරුවන්න එයාලා වග බලාගෙන තියෙනවා..

    එයාලා වෙනම කොට්ඨාශයක් විදිහට එකතු වෙලා බලය ගන්නකොට, අපේ උදවිය තම තමන්ගේ ලෝක වල හීන දැකලා.. දවසින් දවස බලය නැති කර ගන්නවා..

    හැම ගනුදෙනුවකදී ම මනුස්සකම, ආගම, ජාතිය, ගම වගේ ප්‍රමුඛතාවය දිය යුතු දේට/කෙනාට ප්‍රමුඛතාවය දෙන්න.. මෙය කියන්නේ ද්වේශයෙන් නොවේ.. ඔවුන් කරන දේ අපිත් නොකෙරුවොත් අපි අමාරුවේ වැටිය හැකි නිසාය..

    කැමතියි

  18. හරි දෙ කියා දිම හොදයි මෙ ලිපිය fb share කරන්න පුලුවන් ද

    කැමතියි

  19. ඔය සිංහල බෞද්ධයා එකේ මමත් කිහිපවරක් කොමෙන්ට් දැම්මා . ඔය නඩයට කිසි කෙනෙක් කියන කිසිම දෙයක් වැඩක් නැහැ මානසික රොගීන් නෙවෙයි මානසික විකාර කාරයින් පිරිසක්. Text book සයිකෝසියාව. සයිකෝසිකයන්ට එලියෙන් කිසිදෙයක් ඇතුලට ගන්න බැහැ තමන් සර්ව සම්පුර්ණයි දැන් මේක ඇල්කෙමිය කිව්ව කියල උන්ට මේකෙන් ගන්න කිසි දෙයක් නැහැ උන් උන් කියන එකම තමයි කියන්නේ. සයිකෝසියාව සුව කරන්න බැහැ.

    කැමතියි

  20. ඇල්කෙමියාගෙ කතාව සම්පූර්ණ ඇත්ත්. සිංහලයගෙ සිංහලකම ඇති කරන්න කවුරුවත් දඟලන්නෙ නෑ, අනිත් එවුන්ට (කුනුහරුප කියමින්) බැණ අඬගහනව ඇරෙන්න. මාත් පුළුවන්තරම් කමෙන්ට් දානව ඔය සිංහලෝත්තමවාදී කතාවක් අහු වුනු වෙලාවට.
    සමහර කතා අමු බොරු. ඒත් නැත්නම්, බාග ඇත්ත කතා වාසිදායක විදිහට හරවගෙන.
    ඒත් මේ මාතෘකාව (රසායන විද්යාව නෙවෙයි, මුස්ලිම් විරෝධය) සාකච්ඡා කළ යුතු එකක්. අද දවසේ සිංහල ජාතියේ දියුනුවට තියන මූලික තර්ජනයක් මේ මුස්ලිම් විරෝධී මතවාදය. ඔක්කොම පැත්තක දාලා උන්ට ගහන්න කතා කරනවා. අපේ එවුන් අපේ එවුන්ටම කරන්න පුළුවන් කැත වැඩ ඔක්කොම කරන ගමන්.

    කැමතියි

  21. ඇල්කෙමිය මහන්සිවෙලා හොඳ ලිපියක් ලියලා තියෙනවා කතා කරල වැඩක් නැති මාතෘකාවකට.

    මේවගේ ලිපියක් කියවලා සත්‍යාවබෝධ කරගන්න පුළුවන් තරම් විචාර බුද්ධියක් තියෙන අය කොහොමටත් ඔය බොරු විශ්වාස කරන්නේ නැති අයයි. ඕවා විශ්වාස කරන අයට මේ වගේ ලිපි ඇලජික්; කියවන්නේ බාගෙට; තේරුම් ගන්නෙත් රුයිතෙට. 🙂

    කැමතියි

  22. කවුද ඩෝ මේ නිකං විද්‍යා ටෝක්ස් දෙන්නේ. අපිට අවිද්‍යාවේම ඉන්න දියල්ලා!

    කැමතියි

  23. බොහොම වටිනා පැහැදිලි කිරීම, විද්‍යාවෙන් වගේම අනිත් පැත්තෙනුත්.

    කැමතියි

  24. අවුරුදු ගානක් තේරුම නොදන්න බණ අහන,ගඨා කියන,තේරුම දෑනගන්නට උවමනාවකුත් නෑති,තර්ක බුද්දියක් නෑති ජාතියකට,බුද්ධියේ ධර්ම කොහොම පෑහදිලි වෙන්නද?

    කැමතියි

  25. Niyama article eka.sinhala minihawanam kawadawath hadanna behe…thamange athe waradi thiyagena anikata mada gahana eka sinhalayage upan heti…

    කැමතියි

  26. මේක ලියපු බක පන්ඩිත තම්බියට, මේ links ටික නොපෙනුන එක තමයි පුදුමෙ..
    <> (http://www.blueswami.com/e296-e385.html )
    <> (http://216.122.144.54/cgi-bin/drugcgic/INGR?118264002+0#PREGNANCY )

    http://www.ehow.com/list_7210235_dangers-malic-acid.html
    Pregnancy & Breastfeeding

    You should avoid malic acid during pregnancy and breastfeeding. Not enough information is available on the effects of malic acid during pregnancy and breastfeeding, so it’s best to avoid it in its supplemental form.
    Blood Pressure

    Malic acid may reduce blood pressure. If you have low blood pressure or take medication to control your blood pressure, you should consult your health care professional before taking malic acid as a supplement.
    Warnings

    Malic acid is known to cause allergic reactions and other side effects in some groups of people, and because of this it is not recommended for everyone. All readers are urged to consult with their health care professional before taking any form of malic acid supplements.

    Read more: Dangers of Malic Acid | eHow.com http://www.ehow.com/list_7210235_dangers-malic-acid.html#ixzz1rBG3gmmu

    කැමතියි

    • ලිපිය හොඳට කියවලා තේරුම් ගනිමුද ආයෙත් සැරයක් ?
      මම කිවුවේ නැහැ මැලික් අම්ලයේ අතුරු ආබාධ නැහැ කියලා.. මම ඒවත් දක්වලා තියෙනවා.
      ඉස්සෙල්ලා ලිපිය කියවලා තේරුම් ගන්න… ඊට පස්සෙ අපි කතා කරමු…..
      තමන්ගෙ නොදන්නාකම ප්‍රදර්ශනය කරන්න එපා… ඒක තමන්ටමයි හොඳ නැත්තෙ

      කැමතියි

  27. What a meaningful article machan…………….Very very informative…..Now you are broad minded in all aspects.& I am very proud to be a friend of a gentleman like you .We should be realistic as much as possible rather than being optimistic or pessimistic……….Machan ,umbe article eke okkoma facts ekka mama 100 % ekangay………..Me NO LIMIT GON PART KATHAWA dakka gamanma mata hithune eka create karanna aththe ready made garments competitor kenek wenna athi kiyala………………………………..DIGATAMA LIYAPAN MACHAN………..WONDERFUL WORK………………[ English , Sinhala kalawam karala liwwata sama weyan………………..mata hondata sinhala puluwan,,,,,,,,,] -ASANKA –

    කැමතියි

    • බොහොම ස්තූතියි සහෝදරයා… මට මධ්‍යස්ථව හිතන්න පුරුදු කළේ අපේ විදුහල් මාතාව තමයි. අපි දේවත්වයෙන් සලකන සිංහල සර්ගෙ අප්‍රතිහත ධෛර්යය නිසා තමයි අපිට සිංහල හරියට ගැටගහගන්න පුළුවන් වුනේ… මටත් තිබුණා මැලික් අම්ලයේ වැරදි පමණක් පෙන්වලා සිංහල ජාතිවාදීන්ගෙන් ලොකු ප්‍රශංසා ලබන්න.. නමුත් අපි හරි දේ කරන්න ඕන… සමහර විට එය අපිට අවාසිදායක වෙන්න පුළුවන්… නමුත් හිතට එකඟව කළ යුතු දේයි මම කළේ…. මේකෙන් මට තරහ කාරයෝ ගොඩක් හැදෙන්න ඇති….
      ඇත්තෙන්ම මේ බ්ලොග් එක නිසා මෙහේ ඉන්න මගේ සමහර මිතුරො කතා නොකරන තත්ත්‍වයට පත් වුනා.. නමුත් ඒක ඒ අයගෙ බුද්ධියෙ තරම…. අපට මොළේ දෙන්න බැහැනෙ…

      කැමතියි

  28. ඔබ කියනවත් වගේ සිංහල ජාතියට ඉන්න ලොකුම හතුරා සිංහල ජාතියමයි.අනිකුත් සතුරන් සියල්ලෝම ඊට දෙවෙනියි. අර ආයතනය ගැන විවේචන නැතිවා නොවෙයි. ඒත් පදනම් විරහිත ප්‍රචාර වලින් වාසි ලබන්නේ ඔවුන්මයි.

    කැමතියි

  29. මොහමඩ් ප්‍රනාන්දු

    අනේ හරකෝ බ්ලොග් ලියල NOLIMIT Promote කරනවද උබ.. Malic Acid වල අවුලක් නෑ කියන එක ඕනි එකෙක් දන්නවා.. එක නෙවෙඉ ප්‍රශ්නේ, ප්‍රශ්නේ ei උබ තම්බින්ට දෙන්න යන්නේ කියන එකi.. අවජාතකය..

    කැමතියි

    • හැබෑට ?
      මම දැනං හිටියෙ නෑ ලංකාවෙ ඔක්කොම මැලික් අම්ලයේ අවුලක් නෑ කියලා දැනං ඉන්න කතාවක්… බලාගෙන ගියාම ලංකාව හරි දියුණුයි නෙ… පුදුම රසායන විද්‍යා දැනුමක් ලංකාවෙ සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන්නෙ…. මට හරිම සංතෝසයි….
      නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ තමුන්නාන්සෙලා තම්බින්ගෙ වැඩ ගැන නොකියා මැලික් අම්ලයක් අල්ලගෙන දඟලපු එක… මම දුන්නෙ ඒකට උත්තර මිස තම්බින්ගෙ වැඩ ගැන නෙවෙයි….

      //මේ මගේ මතයයි… මේ සම්බන්ධව ඔබේ මතය කුමක්දැයි ඔබම සිහි නුවණින් සිතා බලන්න… නැතිනම් තම්බින්ට කඩේ යනවා යැයි මට ගරහන්න…. ඔබේ කැමැත්තක්….//

      ආයෙම ලිපිය කියවලා එන්න… ඊට පස්සෙ අපි කතා කරමු…..

      කැමතියි

  30. මොහමඩ් ප්‍රනාන්දු , ප්‍රසිද්දියේ මේ විදිහට comments දානකොට වැදගත් විදිහට ලියන්න, තමන් ගැන ප්‍රදර්සනය කරන්නේ නැතුව. නපුන්සක වෙසින් බොරු නම් දාගෙන ලියන්නේ නැතුව. බුද්දීමත්ව හිතලා දෙයක් පල කරන්න.

    කැමතියි

  31. මම නම් බොහොම කාලයකට No-Limit එකට ගියේ නැහැ. ඔය කියන ටොපි කථාව ඇත්තද කියලා බලන්න, එහි යන්න හිතෙනවා. හැබැයි ටොපි නම් කන්නෙ නෑ.ටොපි දුන්නොත් නම් මම උන්ගෙන් අහන එක අහනවා මැලික් අම්ලය තියෙන ටොපි බෙදන්නෙ මොකද කියලා. තව හොඳවැයින් ටිකකුත් කියලා එනවා.
    මම විද්‍යාව ගැන දන්නෙ බොහොම ටිකයි. මෙහෙම අහන්නෙ නොදන්න කමටයි.
    ඔය කියන විදියට, ඇපල් වැඩිපුර කෑමෙන් ගබ්සා හෝ වඳ භාවයට පත් වෙන්න පුළුවන්ද?

    මේ හරබර ලිපියට බොහොම ස්තුතියි.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න