2012 අප්‍රේල් 08: දින සටහන් 250 ක කතාව…..
පසුගිය ලිපියත් එක්ක දන්නෙම නැතිව ලිපි 250ක් දිනපොතේ ලියැවිලා. මේවායින් වැඩි හරියක් වල්පල්, සමහර දේවල් නිකං ලේ පුච්චගෙන ලියපුවා… සමහර වෙලාවට හිතට ආවේගයක් ආවම ඔහේ ලියලා දාපුවා.. ඒත් සමහර ලිපිනම් බොහෝ කාලයක් අරගෙන හොඳින් පර්යේෂණ කරලා ලියූ ලිපි…. ඒ කොහොම වුනත් පසුගිය අවුරුද්දකුත් මාස තුනක් ගත වෙද්දි මගේ දිනපොතේ දින සටහන් 250ක් ලියැවිලා. මුලින් මුලින් හැමදාම ලියුවත්, පහු පහු වෙනවිට ලියැවෙන ලිපි ගණන අඩු වුනේ කාර්ය බහුලත්වය නිසාමයි. ඒ කොහොම වුනත් දින සටහන් 250ක ගමන ගැන තරමක් සතුටු වෙන්න පුළුවනි. ඒ මගෙන් යම් දැනුමක් සමාජය වෙත එකතු වූ නිසා. ඒ බව මම දන්නවා. සමහර ලිපි හරවත්ව ලියැවුනත්, සමහර ලිපි මෙලෝ රහක් නැති කඩදාසි කොළ වගේ… ඒ වගේ පසුබෑමුත් තිබුණා… සමහර ලිපි වලට හොඳ කියලා මෙන්ම සමහර ලිපි පළකළාම ඇතිවෙන්න බැණුම් අහපු වෙලාවලුත් තිබුණා… ඒ සියල්ල මම නම් විඳ දරා ගත්තෙ උපේක්ෂාවෙන්. ඒ වගේම ඒ අවවාද, උපදෙස් සමහරක් මම පිළිගත්තේ මෙය කියවන ඔබ මගේ වැරදි නිවැරදි කළ නිසා.
දැන් නම් ලිපි ලියැවෙනවා අඩුයි. මගේ මිතුරන් සහ පාඨකයන් වගේම ඇල්කෙමිච්චි ගේ අවවාද අනුශාසනා (වලට වඩා කංකරච්චලේ කිවුවොත් වැඩිය හරි) නිසාම වැඩිය දේශපාලන ලිපි ලියන්නෙ නැතිව සමාජයට යමක් දෙන්න පුළුවන් ලිපි ලියන්නට දැන් දැන් අවධානය යොමු කරන්නයි ඉන්නෙ.. කතා- කවි- දේශපාලනය-කුණුහරුප ආදිය ලියන්න ඕනතරම් කට්ටිය ඉන්න නිසා ඒ අයට තමන්ගෙ පාඩුවේ ඒ දේවල් ලියන්න දීලා මමත් මගේ දැනුම ටිකක් බෙදා ගන්න කියලයි ඉදිරියට හිතන් ඉන්නෙ.. ඒත් කොහෙද මේ දේශපාලුවො මොකක් හරි මී හරක් කතාවක් කියලා අපිව අවුස්ස ගන්නවනේ.
ඉතිං වැඩිය කියන්න දෙයක් නෑ… මගේ බ්ලොග් එක හැමදාම බලන කට්ටියටයි, ඉඳලා හිටලා බලන කට්ටියටයි, බොහොම ස්තුතියි. ඉඳලා හිටලා මගේ ලිපියක් බෙදා හදා ගන්න කට්ටියටත් ස්තූතියි… මට බ්ලොග් අවකාශයේ කියන්න තරම් මිතුරු මිතුරියො නැහැ. මම ලියන හැම පෝස්ට් එකටම ප්‍රතිචාර සිය ගණන් වැටෙන්නෙවත්, එහෙම ආසාවක්වත් මට නැහැ… මම ලැබෙන ප්‍රතිචාර සියල්ලම වගේ පළකරනවාල කුණුහරුප ඇරෙන්න… ඒ වගේමයි ඔබට ගරු කරනවා මම එකුදු කුණුහරුප ප්‍රතිචාරයක්වත් නොලැබීම ගැන… ඔබ සදාචාරාත්මකයි. මම බොහොම ස්වාධීන මනුස්සයෙක්.. මම දන්න විදියට කාටවත් කඩේ යන්නෙ නෑ…. කවුරු හොඳ දෙයක් කළත් අගය කරනවා වගේම කවුරු හෝ වැරැද්දක් කළොත් විවේචනය කරනවා. ඒ වගේම තියෙන දෙයක් දන්න දෙයක් බෙදා හදාගෙන ඉන්නවා. මේ දිනපොත නිසා මට අපූරු සිදුවීම් වුනා… සමහරු මගේ දේශපාලන දර්ශනය දිරවගන්න බැරුව මාත් එක්ක තරහත් වෙලා.. එහෙම වුනයි කියලා මට පාඩුවක් නෑ… ඒත් මිනිස්සු කවුද කියලා අඳුරගන්න ලැබීම සතුටක්. ඒ වගේම සමහර වෙලාවට නින්ද කැප කරන්න වෙනවා.. නමුත් නින්ද කියන්නේ මගේ ජීවිතයේ බොහොම අඩුම ප්‍රමුඛතාවයක් ඇති දෙයක්.. ඒ නිසා ඒකත් ගානක් නෑ…
ඒ වගේම මට පිහියෙන් අනින්නා වගේ ප්‍රතිචාර ලියන මගේ මිතුරන්ටත්, ඇත්ත ඇති සැටියෙන්ම කියලා ප්‍රතිචාර ලියන මිතුරන්ටත් මගේ ප්‍රණාමය. ඔබ ලියන දේ වලින් තමයි මම මගේ ඉදිරි ලිපි සකසා ගන්නෙ. ඒ වගේම මම ඔබ ලියන හැම ප්‍රතිචාරයක්ම අගය කරනවා. මට තියෙන එකම ප්රශ්නය තමයි ප්‍රතිචාර හැම එකකටම ප්‍රතිඋත්තර ලියන්නට වෙලාවක් නැතිකම… ඒ ගැන නම් මට සමා වෙන්න… ලිපියක් ලියන්න වෙලාව හොයා ගන්නෙත් බොහොම අමාරුවෙන්… ලංකාවෙ කට්ටියට වගේ නෙවෙයිනෙ… අපට දහසක් වැඩ….
ඉතින් මිතුරනේ 250 ක් පසුකළේ බොහොම අමාරුවෙන්…. අපි බලමු කොච්චර දුර යන්න පුළුවන් වේවිද කියලා… එකතල් මම දිගටම ලියන්නං… ඉඳලා හිටලා හරි… ඔබත් පුළුවන් වෙලාවක ඇවිත් යන්න… නාවයි කියලා තරහක් නෑ,…
Posted on අප්‍රේල් 7, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged 250 posts. Bookmark the permalink. ප්‍රතිචාර 17.
සුබ පැතුම් ඇල්, මුල ඉඳන්ම මම ඔබේ ලිපි කියවන්නෙ බොහොම කැමැත්තෙන්….මෝහාන්ධකාරයෙන් පිරුණු ලොවක හැකි පමණ නැණ පහන් සිලක් දැල්වීමට ඔබ දරන උත්සාහයට මගේ හෘදයාංගම කෘතවේදීත්වය……
කැමතියිකැමතියි
සුභ පැතුම් ඇලා . .
උඹ මේ කරන්නේ ඇත්තෙන්ම මද්‍යස්ථ මාධ්‍යවේදියෙකුගෙන් කෙරෙන්න ඕන කාරියක් . . .
ජය වේවා . . .
කැමතියිකැමතියි
උණුසුම් සුභපැතුම් අයිෙය්. ඔබ බ්ෙලාග්අවකාශෙය් ඉන්න සුන්දරම සිත් අැති මිනිසුන් කීප ෙදනාෙගන් ෙකෙනක්. ඔෙබ් බ්ෙලාගය කියවන්න ලැබීම මට ෙගෟරවයක්. ඒ් වෙග්ම ජීවිෙත්ට දැකලාවත් හිටිෙය නැති මට කරපු උදව් වලටත් ෙබාෙහාම ස්තුතියි.
කැමතියිකැමතියි
අනුන්ට නොව තමන්ට ලියන්න.
ඒ කියන්නේ අනුන් ගැන නොසිතා තමන්ට හිතෙන දේ ලියන්න.
මේ 250 න් අති බහුතරය වැදගත් ලිපි වීම ඉතා සුවිශේෂී කාරණයක්.
කැමතියිකැමතියි
සුභ පැතුම් ඔබට..
ඔබගේ දැක්ම පැහැදිලිව බ්ලොග් පිටු අතර ලියැවීම මා ඔබෙන් දුටු විශේෂත්වයයි..
කැමතියිකැමතියි
සුභපැතුම් ඇල්කෙමියයියෙ,
//මමත් මගේ දැනුම ටිකක් බෙදා ගන්න කියලයි ඉදිරියට හිතන් ඉන්නෙ//
මෙකෙන්වත් අර රසායනාගාරය වහල දාපු එකේ පාඩුව මැකිල යයිද මංද, දේශපාලන ලිපි ලියන්නො ගොඩක් අස්සෙ ඔයාගෙ විශය ගැන ලියන අය ඇත්තෙම නැති තරම්නෙ.
කැමතියිකැමතියි
ඔබේ වටිනා අදහස් මම ඉතාම ආශාවෙන් කියවනවා. නමුත් දැන් ටික කලෙක සිට මට ඔබේ බ්ලොග් අඩවිය හරියට ලෝඩ් වෙන්නෙ නැහැ. අද ඔබත් අරුණි අක්කාගෙත් බ්ලොග් අඩවි මට පෙනුනා. ඔබට ජය !!! තව තවත් වටිනා අදහස් ලියවේවා!!!
මහ වෙදනා.
කැමතියිකැමතියි
250ට සුභපැතුම්.
කැමතියිකැමතියි
සුභපැතුම්!
කැමතියිකැමතියි
සුභපැතුම්.
කැමතියිකැමතියි
දිගටම ලියන්න. මගෙන් සුබ පැතුම්!
කැමතියිකැමතියි
Mage unusum subapathum obata, oba noleewoth blogg balilla epawei FB epa wenawa wage oben harawath dewal igenaganna athara yam sathutakuth vinda, .
කැමතියිකැමතියි
සුභපැතුම් මහත්මයා 🙂
කැමතියිකැමතියි
සුභපැතුම් ඇල්කෙමියා..!!!!
කැමතියිකැමතියි
ඔබ තුමාගෙන් උගත් දේ බොහෝය. දරු පවුලට අයත් කාලයත් මිඩංගු කරමින් ගෙතූ ගෙත්තම් ඉතා අගේය. තවත් 250 කට ආසිරි නොපතමි. නමුත් ඔබගේ සියලු අනාගත අභිලාෂයන්ට ජය පතමි..
කැමතියිකැමතියි
සුභ පැතුම් 250ට,,හැමදාම බැලුවට කමෙන්ට් කරන්නේ නම් නෑ,,මේ වගේන් දවසක කමෙන්ට් නොකර බෑ නේ
කැමතියිකැමතියි
සුභ පැතුම් මගෙනුත්! හරවත් දෑ වැඩි වැඩියෙන් ලියන්න පුලුවන් වේවා!
කැමතියිකැමතියි