2012 අප්‍රේල් 11: ප්‍රැන්සිස්කුකරණය – දෙවන කොටස


ඊයේ දිනපොතේ ලියැවුනේ සහතික නැති මරණ ගැන…. බලෙන් පැහැරගැනීම් හෝ ස්වකැමැත්තෙන් පැහැර ගැනීමට ලක්වීම කියන්නේ මම කතාකරන්න අකමැති මාතෘකා දෙකක්…. ප්‍රතිඵලය එකම වන නමුත් ඒ දෙකේ අභිප්‍රායන් සම්පූර්ණයෙන් වෙනස්. පළමුවැන්න බොහෝ දුරට සිදු කරන්නේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයකින්, සමහරවිට එය කෙළවර වන්නේ අදාල පුද්ගලයාගේ මරණයෙන් හෝ අවම වශයෙන් ශරීරයේ අස්ථි 206 ඊට වඩා තරමක වැඩි අගයකට පත් වීමෙන්. නමුත් දෙවැන්නේ ප්‍රතිඵලය තරමක් සුභදායකයි. අදාල පුද්ගලයා බොහෝ විට නිරුපද්‍රිතව නිවසටම හෝ අවම වශයෙන් නිවසට යා හැකි තැනක දමා යනවා.

සෑම දේශපාලන පක්‍ෂයකම කවටයින් සිටිනවා. සමහර කවටයින් අහිංසකයි. ඒ ජේ රණසිංහ කියන්නේ හරිම අහිංසක කවටයෙක්, දකුණු පලාත් සභාවේ හිටපු ෆ්‍රැන්සිස්කු කියන්නේ තවත් අහිංසක කවටයෙක්, දැන් ඉන්න කවටයෝ අහිංසක නැහැ.. දැන් ඉන්න කවටයෝ මැරයො…. ප්‍රේමදාස යුගයේ අවසාන කාළයේදී දකුණු පලාත් සභාවේ අය-වැය ඡන්දය හෝ වෙනත් තීරණාත්මක ඡන්ද විමසීමක් පැවැත්වීමට පෙරදින රාත්‍රියේ ප්‍රැන්සිස්කු ව පැහැරගෙන ගියා… ඉන්පසු දකුණු පලාත්සභාව විසිරවූවා… මහ ඇමති වුනේ දිවංගත අමරසිරි දොඩංගොඩ මහතා, ප්‍රේමදාස ආණ්ඩුව පෙරලීමේ මූලාරම්භය වුයේ මෙයයි…..

කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල පැහැර ගැනීමකට ලක් වූවා ලු. කුමාර් ගුණරත්නම් ඕස්ට්‍රේලියානු ජාතිකත්‍වය ඇති නිසා සහ දිමුතු ආටිගල ඒ සමගම පැහැර ගැනීමකට ලක් වූ නිසා නිදහස් වූවාලු…. කුමාර් ගුණරත්නම් නීති විරෝධීව ලංකාවේ සිටි නිසා පිටුවහල් කෙරුණාලු… මේ සියල්ලම සියයට සියයක් තාර්කික ප්‍රකාෂ නෙවෙයි කියලා බැලූ බැල්මට පේනවා… ඒත් මේ ලංකාව… ඕනම දෙයක් වෙන්න පුළුවන් රටක්. දිමුතු ආටිගලගේ ප්‍රකාශ සමහරක් පරස්පරයි… පක්‍ෂ සාමාජිකයන්ගෙ ගෙවල් වලට යන පාරවල් අහන්නෙ මේ පැහැරගෙන ගිය අය ඒ සාමාජිකයන් ගැන තොරතුරු නොදැනද ?  ටී පනස් හයේ ඒවා තියෙන්නෙ ආරක්‍ෂක අංශ වලට විතරද ? අපරාදෙ කියන්න බෑ පැහැර ගනිපු අය සල්ලිත් දීලා ගෙදර යන්න…

මට නම් පේන්නෙ මේක ප්‍රැන්සිස්කුකරණයේ දෙවන කොටස….ප්‍රසිද්ධිය ලබන්න මිනිස්සු අම්මා තාත්තා වුනත් විකුණන්න සූදානම් රටක් මේක….

මම ඊයෙ කිවුවා වගේ මේ පැහැරගැනීම් නැවතත් 88-89 කාළයේ පැහැරගැනීම් වලට සමානකම් දක්වනවා…. මෑතකදි පැහැර ගැනීමකට ලක් වූ ජීවන් කුමාරණතුංග මන්ත්‍රීවරයාගේ මස්සිනා ඉහළ තැන්වලට දැන්වුවාට පසු නිදහස් වෙලා…. හැමෝටම ඉහළ තැන් අල්ලන්න බෑ….

නීතිය වල් වැදුන තැන මිනිසුන් නීතිය අතට ගන්නවා… ඒක භයානකයි… ආයෙ නම් 88- 89 කාලෙ වගේ වෙන්න ඉඩ තියන්න එපා….. වෙන කියන්න දෙයක් නෑ….

Advertisements

About Alchemiya

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on අප්‍රේල් 10, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , . Bookmark the permalink. ප්‍රතිචාර 7.

  1. 88 /89 යේ ඉදිරියට ආවේ තාරුණ්‍යය ..
    අද ඒ ගැන බිය වෙන්න දෙයක් නැහැ

    හෑන්ඩ් ෆෝන් එකයි කන් ගුල්ලයි බුකියයි තියනවා නම් බෝට්ටුවක හරි පැද්දි පැද්දි ඉඳියි ලාංකීය නව තාරුණ්‍ය ළමයි…..

    තාමත් රට ගැන අමාරුව තියෙන්නේ 70 -80 අතර ඉපදුනු අයට විතරයි

    නැද්ද මුකුත් අලුත් රිලිස් කරපු යුටියුබ් වීඩියෝවක්?

    මීට –
    මරණය අතින් ගෙන 89 ඉපදුණු මම

    කැමතියි

  2. මොනම ක්‍රමේකින් හරි අතුරුදහන් කිරීම් වලට විරුද්ධ වෙන්න ඕන මචං . . .

    අපි පුංචි කාලේ අහපු මතුගම සමන්කුමාරගේ පැහැරගැනීම සහ මරා දැමීමේ සිදුවීමේ ඉඳලා අපේ අම්මලගේ ජෙනරේෂන් එකේ අය ඉඳලා තදබල විදිහට විරුද්ධ වුනානම් 88-89 ප්‍රේමදාස කාලේ පුද්ගලික තරහ මරහා වලට හිටන් බල්ලෝ බලල්ලු වගේ කොල්ලෝ කෙල්ලෝ මරපු ඒව නතර කර ගන්න තිබ්බා . .. .

    හරි ඒ කාලේ විරුද්ධත්වයක් ප්‍රකාෂ කරන්න මාද්‍යක් තිබ්බේ නෑ කියමු . . අද තියෙනවනේ . . .

    ඒත් අද වෙන්නේ මොකද්ද? තමන් “අදහන” දේශපාලන මතවාදයට විරුද්ධ එකෙක් ඉස්සුවොත්, අතුරුදහන් කලොත් “ආ ඌ නම් කමක් නෑ” කියලා නිකම් ඉන්නවා මදිවට ඒකට උඩගෙඩිත් දෙනවා “හොඳ වැඩේ උන්ට” කියලා . . .

    ඒත් ඒ ගමන් අමතක කරනවා ඒ ක්‍රමේ සාමාන්‍යකරණය කිරීමෙන් හෙට මගේ පුද්ගලික තරහ කාරයෙක්ට මාව උස්සන්න හෝ මගේ දරුවෙක් උස්සන්න අවස්ථාව ඇතිවෙන බව . . .

    දුකයි බන් . . . හෙනම දුකයි . . .

    මේ දිමුතුලගේ සීන් එක ප්‍රැන්සිස්ක්කු කරනය කිරීමක් නම් පොලිසිය තාර්තික විදිහට කරුනු හොයල ඒ අයව දේශපාලනිකව අනාත කරලා දාන්න ඕන . . ආයේ මේ වගේ දේවල් සිදු නොවෙන්න . . .

    කැමතියි

  3. මෙව්වත් අර බන්දුලලගෙ 2500 විහිළු වගේම ඒව තමා…. වෙනසක් නෑ…

    කැමතියි

  4. මේ සිඳුවීම් මාලාව සිඳුවූ ආකාරයත් අවසානයක් දුටුවාමත්. හොඳ තිර පිටපතක් කියලා කවුරු හෝ කියනවනම් එකේ වරදක් නෑ. නමුත් එහෙම දෙයක් නම් අර කිව්වා වගේ ආන්ඩුවට කරන්න තිබුනේ කිච කරලම දාන්න. එහෙම නොකල නිසා. මේ ගැන සැකයක් ඉතුරු වෙනවා.

    කැමතියි

  5. දිමුතු ආටිගලගේ ප්‍රකාශ සමහරක් පරස්පරයි… පක්‍ෂ සාමාජිකයන්ගෙ ගෙවල් වලට යන පාරවල් අහන්නෙ මේ පැහැරගෙන ගිය අය ඒ සාමාජිකයන් ගැන තොරතුරු නොදැනද ?

    මේක ප්‍රශ්න කිරීමේ (ආරම්භයේ) සාමාන්‍ය ක්‍රමයක්.

    “During this initial conversation, the detective observes the suspect’s reactions — both verbal and non-verbal — to establish a baseline reaction before the real stress begins. The detective will use this baseline later as a comparison point.

    One method of creating a baseline involves asking questions that cause the suspect to access different parts of his brain. The detective asks non-threatening questions that require memory (simple recall) and questions that require thinking (creativity). When the suspect is remembering something, his eyes will often move to the right. This is just an outward manifestation of his brain activating the memory center. When he’s thinking about something, his eyes might move upward or to the left, reflecting activation of the cognitive center. The detective makes a mental note of the suspect’s eye activity.”

    http://people.howstuffworks.com/police-interrogation1.htm

    කැමතියි

  6. සල්ලි උපයන්න වෙහෙසෙන්න අකමැති අය පහසුවෙන් සල්ලි උපයන්න ක්‍රම හොයාගන්නවා. එයින් වැඩි කාලයක් නොගිහින් සල්ලිත් නැහැ ජීවිතයත් නැහැ යන්න දැකගන්න හැකියාවක් ඔවුනට නැහැ.

    ලෝකයේ කරන පැහැර ගැනීම් වැඩියෙන් තියෙන්නෙ කොලොම්බියාව, මෙක්සිකෝව හා වෙනෙසියුලාව. දකුණු ඇමෙරිකාව ලෝකයේ පැහැරගැනීම් වලින් 70% ක් සිද්ධ වෙන මහාද්වීපය. 2005 -2009 අතර හැම පැය 3 කට වරක් පැහැර ගැනීමක් සිද්ධ වූ බවට වාර්තා වෙනවා.

    රටක ජනතාව සුළු සුළු නීති කැඩීමෙන් ඊ ළඟට යන්නෙ නීතියේ රැකවරණය කුමක් දැයි නොදන්නා ප්‍රවේශයට පිවිසීම. හයියෙන් ගිහින් දඩ කොළය ගෙවන්න වෙනවාට නිදහසට කාරණා එකිනෙකාට කියා දෙන්න ඉදිරිපත් වෙන මානසිකත්වයෙන් පසුව යන්නෙ මිනියක් මරලා වෙන කෙනෙක්ට ගානක් ගෙවලා ඒ වෙන කෙනාව හිරේට යවන්න පුළුවන් මානසිකත්වයට. දැන් ඒ තත්වයට ලංකාව ගිහිල්ලත් ඉවරයි.

    ඒත් මිනිස්සු කියන්නෙ තමන්ට හරි වැරැද්ද අවබෝධයට හැකියාවක් ඇති අය. තමන් වෙනස් වුනොත් රට වෙනස් වේවි!!!!

    කැමතියි

  7. මේක සම්පූර්ණ වැරදි අර්ත විග්‍රහයක්. මේකෙන් වෙන්නෙ සුදු වෑන් මිනීමරුවන්ගේ ලේ හෝදන්න ඔයත් දායක වෙන එකයි. පක්ෂ සාමාජිකයන්ගෙ ගෙවල් වලට යන පාර විතරක් නෙවෙයි, තවත් අහපු ගොඩක ඒවා මාධ්‍යවලට වැටෙන්න ඕනේ විදියට අහපු බවත් පැහැදිලියි. කුමාර්ට ලිංගික හිංසා පීඩා පවා කරලා තියෙනවා. නමුත් නිල් පාට නිල ඇඳුම් අඳින්නේ කවුද, නීතියට අනුව ආයුධ අරන් මහ පාරේ ගමන් කරන්න තරම් හයියක් තියෙන්නේ කාටද කියා සිතා බලන්න. මේවා සරල විහිලු බවට පත් කිරීමෙන් වෙන්නේ මේ ආරාජිකත්වයට අනුමැතිය ලබාදීමයි. අද රටට අවශ්‍ය ආරජිකත්වය නොව නීතිය සහ යුක්තිය සාධාරණව (දෙමලාටද ඇතුලුව ) ක්‍රියාත්මක වීමයි.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: