2012 අප්‍රේල් 19: කෙට්ටු ගෑණු ඉන්න පවුල්වල විවාහ ජීවිතේ සැප වැඩියි ලු……….
පසුගිය සතියක කතන්දර කාරයා කියලා තිබුණේ කාන්තාවන් ව්‍යායාම කළාම සුරාන්තය ලබනවා කියලා.. ඒකෙ ඉංගිරිසි ප්‍රවෘත්තිය මෙතැනින් බලන්න. දැන් ලංකාවෙ කට්ටිය ගෙදර වැඩත් බලන්නෙ නැතුව ව්‍යායාම් කරනවා කියලා පත්තරවල තිබුණා… මේ තියෙන්නේ ඒකට තවත් බෝනස් එකක් එන ප්‍රවෘත්තියක්… ඒ වගේම ගෑණු කට්ටියට කෙට්ටු වෙන්න තවත් හේතුවක්… මම නෙවෙයි කියන්නෙ… ඩිස්කවරි ප්රවෘත්ති වල…
ටෙනිසී සරසවියේ පර්යේශකයන් පිරිසක් විසින් අළුතින් විවාහ වූ පවුල් 170 ක දත්ත අනුසාරයෙන් තමයි මේ ප්‍රවෘත්තිය එළි දක්වලා තියෙන්නේ. මේ සඳහා යොදා ගෙන ඇති දත්ත වන්නේ ශරීරයේ පරිවෘත්තීය අගයයක් (BMI) සහ විවාහ ජීවිතේ අළලා සැකසුන ප්‍රශ්නාවලියක්.
BMI එක මනින්නේ ශරීරයේ බර කිලෝ ග්‍රෑම් ගණන උස මීටර ගණනින් බෙදීමෙන්… ගණනය කරන තැනට මෙතැනින් යන්න. ඒ අනුව මේ සතුටින් සිටින පවුල්වල පිරිමියාගේ BMI අගයට වඩා ගැහැණියගේ BMI අගය අඩුවෙනුයි තිබී ඇත්තේ. එනම් ගැහැණිය පිරිමියාට වඩා හොඳ ශරීර සෞඛ්‍යයකින් සහ නම්‍යශීලී බවකින් යුක්තයි. සාමාන්‍යයෙන් අඩු BMI අගයක් ඇති උදවිය ක්‍රියාශීලී බවින් වැඩියි. ඒ නිසාම සතුටිනුත් සිටිනවා. මේ පර්යේෂණයට අනුව සහභාගී වූ උදවියගෙන් අඩු BMI අගයක් ඇති විවාහක කාන්තාවන් පවා විවාහ ජීවිතය පිළිබඳ සතුටින් සිටින බවයි වාර්තා වෙන්නෙ. එසේම සතුටින් සිටින බිරියන් ඇති පවුල් බොහොමයක පිරිමියාත් සතුටින් සිටින බවත් වාර්තා වෙනවා.
කොටින්ම කියනවා නම් පිරිමියාගේ ශරීර ප්‍රමාණය කුමක් වුනත් ගැහැණිය එයට වඩා කුඩාවට හුරුබුහුටියට සිටීමෙන් සහ සතුටින් සිටීමෙන් විවාහ ජීවිතය සතුටින් ගෙවිය හැකි බව පැවසෙනවා.
සාමාන්‍ය දැනුමට අනුව වුනත් පවුලක සතුට බොහෝ දුරට රඳා පවතින්නේ දෙන්නා දෙමාල්ලෝ සතුටින් සිටීම නිසා. මූණ පුම්බන් ඉන්න ගෑණියෙකුට හෝ නිතර තරහ යන ගෑණියෙක්ට කිසිම මිනිහෙක් කැමති වෙන්නෙ නෑ… ඒ වගේමයි අනිත් පැත්තත්. නිතරම දෙන්නා සමබරව සිටිය යුතුයි. ඒ වගේමයි කෙනෙකුගේ නිරෝගී බව මත සතුට රඳා පවතිනවා. රෝගී ස්වාමියෙක් බිරිඳක් ඉන්න පවුලක සන්තෝසය අඩුයි. නිරෝගී බව රඳා පවතින සාධක කිහිපයක් තියෙනවා. ඒ අතර ශරීර සෞඛ්‍යය රැක ගැනීම ප්‍රධාන කරුණක්. කෙනෙකු මහත් වෙන්න මහත් වෙන්න ශරීර සෞඛ්‍යය පිරිහෙනවා. එමෙන්ම ආකර්ෂණීය බවත් අඩු වෙනවා. එවිට දෙදෙනා අතර බැඳීමත් අඩු වෙනවා.
ශරීරය මහත් වෙනවිට අවශ්‍ය ඇඳුම් ලොකු වෙනවා. රෙදි ගන්න සල්ලි වැඩියෙන් යනවා. කන්න අවශ්‍ය ප්‍රමාණය වැඩි වෙනවා. අවශ්‍යතා වැඩි වෙනවා. එතකොට රුපියල් 7500 කින් පවුලකට ජීවත් වෙන්න බැරි වෙනවා. ඉතිං හදිසියේ චිත්‍රපටියක්වත් බලන්න සල්ලි නැති වෙනවා. එවිට පවුලෙ සංතෝසය නැති වෙනවා. අන්න බලන්න මහත ගෑණු ඉන්න පවුල් වලට ඇති වෙන ප්‍රශ්න… ඒ වගේම කිසිම නම්‍යතාවයක් නැති වුනාම ඇඳේදි වුනත් ප්‍රශ්න වැඩියි… හරියට නිදා ගන්නවත් බෑ… වාත අමාරු වගේ රටේ ලෝකෙ නැති ලෙඩ…..
පවුලක සතුට බොහෝ දුරට රඳා පවතින්නේ පවුලේ මව – කාන්තාවගේ ආකල්ප සහ ක්‍රියා පටිපාටිය අනුව… ලෝකෙ කොතරම් පීතෘ මූලික සමාජයක් වුනත් පවුලේ වැඩි වගකීමක් දරන්නෙ මව…. අම්මා නැති කළ – අප්පා කවර කල කියලා කියන්නේ මව නැති පවුලක සංවර්ධනය පිළිබඳව වෙන්න ඇති… ඒ පවුලේ සන්තෝසය ඇති කරන්න පියාගෙ – පිරිමියාගෙ සහය ලබා ගන්නත් ගැහැණිය දැනගන්න ඕන… හුචක්කුවක් වගේ ඉන්නෙ නැතිව ප්‍රිය මනාපව ඉන්න ඕන… ස්වාමියාව හැම දේටම කන්න බලාගෙන ඉන්නෙ නැතිව ඒ මනුස්සයාට ටිකක් ආදරයෙන් සලකන්න ඕන.
අපිට සලකනවනං තමයි අපිටත් සලකන්නෙ කියන කතාව දෙදෙනාටම පොදුයි…. ඉතිං දෙන්නට දෙන්නා සලකගෙන දෙයියනේ කියලා සංතෝසෙන් ඉන්න….
ඒ වගේම තමන්ගෙ සහ පවුලේ සංවර්ධනය ගැන හිතලා ඔය බෙර කොට වගේ ඉන්න කට්ටිය ටිකක් හිතලා බලලා කෙට්ටු වුනොත් හැමෝටම හොඳ වේවි….
ඉංගිරිසියෙන් කියවන්න කැමති අය මෙතැනින් බලන්න…
Posted on අප්‍රේල් 18, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged විවාහ ජීවිතේ සතුට, Happy Marrieage, Thin Wife. Bookmark the permalink. ප්‍රතිචාර 24.
// පිරිමියාගෙ සහය ලබා ගන්නත් ගැහැණිය දැනගන්න ඕන… හුචක්කුවක් වගේ ඉන්නෙ නැතිව ප්‍රිය මනාපව ඉන්න ඕන// සම්පූර්ණ ඇත්ත, ඇලෝගේ කටේ මැලික් ඇසිඩ් දාන්න වටිනවා මේ කතාවට නම් 🙂
බලමුකෝ ව්‍යායාම ටිකක් කරවලා 😛
කැමතියිකැමතියි
නම්‍යශීලී බව හරි වැඩි කරගන්න බැරියෑ නේද ?
කැමතියිකැමතියි
Hmmm…….
කැමතියිකැමතියි
Hmmm…….කියල බෑ!
කැමතියිකැමතියි
ඒක තමයි… හ්ම් කියලා බෑ…. ඇදුරු තුමාට කියන්න…..
කැමතියිකැමතියි
අයියෝ උඹ ඔය දේ දන්නේ අද ද බං ඇයි දන්නේ නැද්ද කෙට්ටු ගැහැණුන්ට සැප දිලා පිරිමහන්න බැ කියලා
කැමතියිකැමතියි
මොනවා කරන්නද අප්පා…. ඔයාල වගේ කට්ටියම අපිට ඕවා කියලා දෙන්න එපා යෑ….
අපි දන්නෙ කොහොමද ?
කැමතියිකැමතියි
ඇත්ත වෙන්න පුවවන්. කාන්තාව ගොඩක් මහත් උනාම හරිනෑ තමයි.
කැමතියිකැමතියි
අන්න බලන්න අත්දැකීම් තියෙන අය……
කැමතියිකැමතියි
අනාගත යේ බිරිඳ ගේ මහත ැගන දැන ගන්න බඳින්න ඉන්ණ ගෑල්ළමයා දිහා නොවෙයි බලන්න ඕනෑ. ඒ ළමයා ගේ අම්මා හෙවත් වෙන්ඩ නැන්දම්මා දිහායි.
kathandara.blogspot.com/2011/06/satish-pereras-bride-finding.html
මා මිතුරු සතිෂ් පෙරේරා මනාලියක් සෙවීමේදී අනුගමනය කළ ක්‍රියාපටිපාටිය ඒකයි.
කැමතියිකැමතියි
මම හිතුවෙ ෂෙල්ටන් පෙරේරගෙ පුතා සතිෂ් පෙරේරා කරපු වැඩක් කියලා…
හැබැයි වැඩේ නරකම නෑ….
මොකද අම්මගෙ අච්චුවෙම තමයි දුවලත් බොහෝ වෙලාවට…
ඒක මම නම් හොඳට අත් විඳිනවා….
කැමතියිකැමතියි
හුරේ.. බඩුම තමා.. 😀
කැමතියිකැමතියි
කොහෙන් ගියත් ඇල් කැරකෙන්නෙම රුපියල් 7500 වටේ නේද ? 😉
කැමතියිකැමතියි
ඇයි අප්පා අපේ අධ්‍යාපන ඇමතිතුමා වගේ ඥානකතා කියන කෙනෙක් කියන කතාවක් පිළිගන්න වෙනවා නේ…..
කැමතියිකැමතියි
ඕකේම අනිත් පැත්ත ඇනරොක්සියා සහ බුලිමියා.
🙂
කැමතියිකැමතියි
ඒ කන්න තිබිලා කන්න පින නැති අයගෙ කරුමෙ…..
කැමතියිකැමතියි
ane manda math nam godaak mahathai hamadama try karanawa kettu wenna eth mage mahaththaya kiyanne thamuse bolagediyawage hitiya nisai mama kamathi une kiya.
කැමතියිකැමතියි
සමහර අය කැමතියි අතට පයට අහුවෙන්න ඉන්නවට…
දකුණු ඉන්දියාවෙ පිරිමිත් කැමතියි තමන්ගෙ බිරිඳ තඩියට ඉන්නවට…..
කැමතියිකැමතියි
//කොටින්ම කියනවා නම් පිරිමියාගේ ශරීර ප්‍රමාණය කුමක් වුනත් ගැහැණිය එයට වඩා කුඩාවට හුරුබුහුටියට සිටීමෙන් සහ සතුටින් සිටීමෙන් විවාහ ජීවිතය සතුටින් ගෙවිය හැකි බව පැවසෙනවා.//
මේ අදහසට ගැහැනුන්ගේ ප්‍රතිචාරය කොහොමද? :)))
කැමතියිකැමතියි
ඔයාට සතුටු නං මටත් සතුටුයි කියලා තමයි….
අපිට ෂලකනවනං අපිත් ෂලකනවා කියලා කතාවක් තිබුණෙ ඉස්සර….
කැමතියිකැමතියි
මගේ බිරිඳත් කෙට්ටුයි.නැන්දම්මත් කෙට්ටුයි.බිරිඳගේ අක්කත් කෙට්ටුයි.බිරිඳගේ නංගිත් කෙට්ටුයි
කැමතියිකැමතියි
අනේ මන්දා…..
කැමතියිකැමතියි
අනේ මන්දා කියන්නේ ඔයාට ඉරිසියා හිතිලද? මේවා පූරුවේ කළ කුසල කර්ම
කැමතියිකැමතියි
pissu hedenva appa puruve mara kusala karmayak karala neva. avan kusalayak apitath lebeva
කැමතියිකැමතියි