2012 අප්‍රේල් 20 : මේ ලංකාවේ අනාගත්ත ආශ්චර්යය……. පය බරවායට පිටිකර බෙහෙත් බඳින ගමන්…… වැටයි නියරයි ගොයම් කනවා….
ඇයි මට දේශපාලන ලිපි ලියන්න හිතෙන්නෙ… ? වෙන ලිපි ලියන්න බැරි නිසාද ? පහසු නිසාද ? මට දේශපාලනඥයන්ව පේන්න බැරි නිසාද ? හොඳක් පේන්නෙම නැති නිසාද ? ඒ අය කරන කියන මෝඩ වැඩ – මෝඩ කතා වලට අපට කට තියන් ඉන්න බැරි නිසාද ?
අංක එක.
ලංකාවට එන සංචාරකයොන්ගෙ ආරක්‍ෂාවට පොලීසියෙ මහත්වරුන්ගෙ සංඛ්‍යාව වැඩි කරන්න යනවා ලු.…
අපරාදෙ කියන්න බෑ මේ තීරණය ගත්ත මහත්තයාගෙ අම්මටයි තාත්තටයි මල් තියලා වඳින්න ඕන මේ වගේ බුද්ධිමතෙක් හැදුවට… දැන් එතකොට ලංකාවට එන සංචාරකයො හැම එකාටම පොලිස් එස්කෝට් එක දෙන්නයි යන්නෙ. මොකද මදන කුලප්පුව හැදිච්ච ප්‍රාදේශීය සභා සභාපතිවරු එහෙම ඒ අයට අතවර කරලා මරලා දාන නිසා…. එතකොට පොලිස් නිලධාරීන්ගෙ සංඛ්‍යාව වැඩි කළාම ඒ මහත්වරුන්ට පඩි දෙන්නෙ අර තීරණය ගත්ත මහත්තයගෙ අස්ථි උගස් තියලද ? ඒ වගේම ඒ පොලීසියට ගන්න මහත්වරුන්ගෙ සුදුසුකම් මොනවද ? අට පාස් එකද පහ ෆේල් එකද ? උපාධිධාරී රැකියා විරහිත තරුණ තරුණියො සෑහෙන ප්‍රමාණයක් ලිප්ටන් වට රවුමෙ සැරින් සැරේ ප්‍රතිචාර දක්වනවා. ඔන්න ඒ අයට රැකියා දෙන්න අවස්ථාවක් ඇවිත්….
පොලීසියෙ ප්‍රමාණය වැඩි කරනවා නෙවෙයි, රටේ ඉන්න හැම එකාම පොලීසියට බඳව ගත්තත් රටේ නීතිය හරිහැටි ක්‍රියාත්මක වෙන්නෙ නැත්නම් වැඩක් නෑ… බලයයි සල්ලියි ඇති එකාට එක නීතියකුත් අහිංසකයොන්ට තව නීතියකුත් ක්‍රියාත්මක වෙනවිට රටට සංචාරකයො නෙවෙයි මැස්සෙක්වත් එන්නෙ නෑ… පොලීසියෙ ප්‍රමාණය වැඩි කරන එක හොඳයි, රැකියා නැති මිනිස්සුන්ට රැකියා ලැබෙයි… නමුත් එතැනිනුත් ලැබෙන්නෙ තම තමන්ගෙ දේශපාලන හෙංචයියොන්ට…. ඒ වගේම නුසුදුස්සොන්ට… නමුත් දැන් දැන් නුසුදුස්සො ඉහළ තැන්වල රජකරන යුගයක් ඇති නිසා ඒක පුදුම වෙන්නත් දෙයක් නෙවෙයි. මේ නිසා පොලීසිය ගැන තියෙන ගරුත්වය (එහෙම එකක් තිබුණා නං) නැතිව යනවා… පඳුරකට පයින් ගැහුවම පොලීසියෙ 20 ක් විතර විසිවෙන තත්ත්‍වයක් ඉදිරියේදී ඒවි…
ඇයි අපිට නීති රීති දැඩි කරලා හැමෝටම එක විදියට දඬුවම් දීලා මිනිස්සුන්ව විනය ගරුක කරන්න බැරි ? ඇයි අපට මිනිස්සුන්ගේ ආකල්ප හරිගස්සන්න බැරි ? බොරුවට පොලීසියේ නිලධාරී සංඛ්‍යාව වැඩි කරලා ජනතාවගේ පිට තවත් බර පටවනවාට වඩා විකල්පයක් ඇත්තෙම නැද්ද ?
මේකයි ආසියාවේ අනාගත්ත ආශ්චර්යය……
අංක දෙක
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැරදි කරන දේශපාලනඥයන්ට විරුද්ධව විනය පරීක්‍ෂණ කිරීම නවත්වන්න යනවා ලු... ඉහළ තනතුරු වල අයගෙ උනන්දුවක් නැති නිසා…..
මේක ගැන නම් ලියන්න දෙයක් නෑනෙ…. බඩුත් හාමුදුරුවන්ගෙ නඩුත් හාමුදුරුවන්ගෙ…..
ඒ නිසාම තමයි ඩේලි මිරර් පත්‍රයේ මෙන්න මෙහෙම කාටූන් එකක් දාලා තියෙන්නෙ
ගෙදරක දෙමාපියො අවලමේ යනකොට දරුවොන්ට හොඳට හැදෙන්න කියන්න ඒ මිනිස්සුන්ට සදාචාරාත්මකව බැහැ. මහ කකුළුවා ඇදට ගමන් කරන ගමන් පොඩි එවුන්ට කෙළින් යන්න කියනවා වගේ අපේ ලොකු ලොක්කොත් අපට හැදෙන්න කියලා බණ කියනවා හැම තැනම… ඒ වුනාට තමන්ගෙ කකුල් පාමුලම ඉන්න හෙංචයියො වැරදි කරනකොට උන්ට දඬුවම් දෙන්නෙ නැතිව පාරෙ අයිනෙ තියෙන මඤ්ඤොක්කා පඳුරක් බඩ ගින්නට ගලවගෙන යන එකා හිර කූඩුවෙ දාන්න අපේ දේශපාලනඥයන්ට යි පොලීසියටයි පුළුවන්…
මේක හැදෙන සමාජයකවත්, පවතින රජයක වත් ලක්‍ෂණ නොවෙයි…. හැමදාම මිනිස්සු හිරවෙලා ඉන්න එකක් නැහැ…. පුපුරා යන දවසක් එනවා… එදාට නම් මොන හමුදාව දැම්මත් ඒ ප්‍රවාහය වලක්වන්න බැරි වේවි….
රටට ආදරය කරන මිනිසා පවතින ආණ්ඩුවට ආදරය කල යුතු යැයි නීතියක් නැහැ….. නමුත් අපේ දෙකයි පණහේ දේශප්‍රේමීන් හිතන් ඉන්නෙ රටට ආදරය කරනවා කියන්නෙ ආණ්ඩුවට කඩේ යනවා කියන එක යි කියලා….
කතා කරලා වැඩක් නෑ………
Posted on අප්‍රේල් 19, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged අනාගත ආශ්චර්යය, ලංකාවේ දේශපාලනය. Bookmark the permalink. ප්‍රතිචාරයක් ලබාදෙන්න.
ප්‍රතිචාරයක් ලබාදෙන්න
Comments 0