Daily Archives: අප්‍රේල් 27, 2012
2012 අප්‍රේල් 28 : ඇල්කෙමියාගේ රසායනාගාරය ආයෙමත් විවෘත කරන්නයි යන්නෙ…
ඇල්කෙමියට පොත් කියවන්නයි ලිපි ලියන්නයි තියෙනවා නම් වෙනත් මොකුත් ඕන නෑ.. කවුරු හරි කන්න ගෙනැත් දෙනවා නම්, සහ ජීවිතේ ගැට ගහගන්න සල්ලි හොයලා දෙනවා නම් ජීවිත කාලෙම ලිය ලිය ඉන්න පුළුවන්. ලියන්නෙ නම් බොහෝ දුරට සිංහලෙන්.. නමුත් ඇල්කෙමියාගේ රසායනාගාරය යනුවෙන් මුලින්ම මා පටන් ගත් බ්ලොග් අඩවිය ඇල්කෙමිච්චි ඇතුළු මගේ පාට පාට පාඨක පිරිසගේ ඉල්ලීම නිසා නැවතත් විවෘත කරන්නයි හිතාගෙන ඉන්නෙ. නමුත් මේ වතාවෙ නම් එය වෙනස් ආකාරයක් ගන්නවා.
සිංහලෙන් ලියන්න ඇල්කෙමියාගේ දිනපොත තිබෙන නිසා ඇල්කෙමියාගේ රසායනාගාරය ඉංගිරිසියෙන් ලියන්නයි හිතාගෙන ඉන්නෙ. වැඩ වශයෙන්ම මේ ලිපි රසායන විද්‍යාවට සහ පරිසරයට අදාලව ලියැවේවි.
ඉතිං තවමත් ඒ ගැන සිතාගෙන ලිපියකට කරුණු එකතු කරමින් පවතින නිසාත්, අතරමග හදිසියෙම ඇත්තම රසායනාගාරයේ ඉක්මනින් අවසන් කරන්න ඕන වැඩක් පංගාර්තු වුන නිසාත්, ඇල්කෙමියාගේ රසායනාගාරයේ නැවත විවෘත වීම තරමක් කල් යාවි. නමුත් ළඟදිම යමක් ලියැවේවි… සිංහලෙන් ලියැවෙන දේවල් බොහොමයක් දිනපොතේ ලියැවේවි.
පස්සෙ හමුවෙමු….