ඇල්කෙමියාගේ රසායනාගාරය නැවත විවෘත කරන බවට ඔබට දුන් පොරොන්දුව ඒ අයුරින්ම ඉටු කරමින් Population Boom and the Future of Energy Crisis. යන මාතෘකාවෙන් ලියැවුන ලිපිය ඇල්කෙමියාගේ රසායනාගාරයේ පළ වී ඇත.
වැඩිදුර විස්තර සඳහා මෙතැනින් බලන්න.
ලිපිය දිගු වැඩි වන නිසා කෙටි ලිපි කිහිපයකට කඩා ලියන්නට අදහස් කළෙමි.
ඉදිරියේදී තවත් ලිපි ලියැවේවි.
මෙයට කැමති වන්න:
කැමතියි පුරණය වෙමින්...
ආශ්රිත ලිපි
About Alchemist
ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි.
හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්වයක් දී ඇත.
ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි.
රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි.
මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි.
Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation.
Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years.
Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained.
Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony.
Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market.
Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.
සමථ භාවනා ක්රවමවලදී සිදුකරන්නේ කිසියම් අරමුණක් ඔස්සේ මනස කාලයක් පවත්වා ගැනීමට පුහුණුවක් ලබාදීමයි.මෙහිදී මානසික ඒකාග්ර්තාවය ඇති කිරීම ප්රැධාන අරමුණ වේ.මනසට ලබාදෙන පුහුණුව මඟින් තාවකාලිකව මානසික ක්‍රි යාවළිය පාලනයකට නතුකිරීම මින් සිදුවේ.ඒ හැර මානසික ක්‍රි යාවළියේ යථාර්ථය පිළිබඳ අවබෝධයක් මේතුළින් නොලැබේ.සමථ භාවනාක්රනම විදර්ශනා භාවනා වැඩීමට උපකාරයක් වෙතත්,සමථ භාවනාක්රැම වැඩීම තුළින් පමණක් විදර්ශනා භාවනා ක්රමම කුමන ස්වභාවයක් ගන්නේදැයි වටහාගැනීම අපහසුය.මන්ද සමථ හා විදර්ශනා ක්‍රමය දෙයාකාර ස්වභාවයක් ගන්නා බැවිනි.සමථයේදී සිත පුහුණු කිරීමක් සිදු කෙරේ.ඒ නිරතුරු පුහුණු ස්වභාවය නිසා සිත පාලනය කරගැනීම පහසුය.භෞතික ද්රෙව්යඒ ලෝකයේ විවිධ අතින්රිා ය සංජානන හැකියා ලබාගැනීමට සමථය බෙහෙවින් ප්රභයෝජනවත්ය.භාරතීය සමාජයට බුදුදහම ලැබීමට පෙර භාරතීය සමාජය පුරා ව්යාවප්තවී තිබුණේ සමථ භාවනා ක්රසමයි.මේ සමථ භාවනා ක්රයම භාවිතා කර යම් අය අෂ්ටසමාපත්ති පවා උපදවාගෙන තිබිණ.බෝධිසත්වයන්වහන්සේ තවුස් පැවිද්දෙන් පැවිදි වී මුලින් ගුරු ඇසුර ලබාගැනීමේ අරමුණින් යුතුව ගියේද එබඳු පිරිස් වෙතබව බෞද්ධ සාහිත්යදයේ සඳහන්වේ.ආලාර කාලාම හා උද්දකර රාම පුත්ත මෙබඳු පුද්ගලයින් දෙදෙනෙකි.බෝධිසත්වයන් වහන්සේ මොවුන් වෙත එළඹ වත් පිලිවෙත් සම්පූර්ණ කර එම ආචාර්යරුන් ලබාසිටි සමාපත්ති ඒ අයුරින් ලබාගත් බවද බෝධිසත්වයන්වහන්සේගේ දක්ෂතා දැක සතුටු වූ ඔවුන් සිය ශිෂ්යඒ පිරිසෙහි වගකීම පවා බාරගෙන තමන් සමඟ වෙසෙන ලෙස කළ ආරාධනා පවා ඉවත හෙලා සත්යි දැකීමේ අරමුණින් යුතුව ඔවුන්ද හැරදමා ගියබව සඳහන්ය.සමථ භාවනාවට ගනුලබන අරමුණු කර්මිස්ථාන නමින් හැඳින්වේ.මේවා 40 කි.එනම් කසිණ 10, අසුභ 10, අනුස්සති 10, අප්පමඤ්ඤා 4, ආහාර පටික්කූල සංඥා 1, චතුධාතු වවත්ථා න 1 හා ආරුප්ප 4 යන සතළිස් සමථ කර්මුස්ථානයි.මේ 40 කර්ම, ස්ථාන සම සතළිස් කර්මස්ථාන ලෙස හැඳින්වේ.මෙහිදී සිදුවනුයේ සිතේ ඒකාග්ර්තා ගුණය වැඩීම නිසා කිසියම් අරමුණුක් කෙරෙහි පහසුවෙන් සිත නිශ්චලත්වයට පත්වීමයි.මේ නිශ්චලත්වය පසුව විදර්ශනා භාවනාවේදී විමර්ශන නුවණ වැඩීම සඳහා පාදක කරගත හැකිය.විදර්ශනාව නම් ප්රනඥාව මූලික කරගත් භාවනා ක්රණමයකි.ප්‍ර ඥාව වැඩීමට සිත අරමුණුවල ඔබමොබ දිව නොයන ස්වභාවයක පැවතීම වැදගත්ය.මන්ද මානසික ඒකාග්රරතාව විමසුම් නුවණ ඇතිවීමට තිබි යුතුවූ මුලික කරුණක් වන බැවිනි.මෙහිදී අතින්රි ය සංජානනය ක්රිූයාත්මක වනුයේ සිතේ ඒකාග්රසතා ගුණය වැඩීම අනුවය. සිත එකඟවත්ම මනස පැහැදිලි හා ප්රමභාස්වර බවකට පරිවර්තනය වේ.මේ පරිවර්තනයවීම සමඟම මානසික හැකියාව වැඩිදියුණු වේ.එවිට සාමාන්ය් පුද්ගලයෙකුගේ මානසික හැකියාවට වඩා ඉතා ඉහළ මානසික හැකියාවක් මෙබඳු අවස්ථාවක භාවනානුයෝගියෙකුට ලැබේ.
සමථ භාවනා සඳහා යොදා ගනු ලබන 40 කර්මස්ථාන අතරින් යම්කිසි අරමුණක් ගෙන පළමුව භාවනා කිරීම පරිකර්ම නිමිත්ත වේ.මේ පරිකර්ම නිමිත්ත 40 කර්මස්ථානයෙහිම ලැබේ. පරිකර්ම නිමිත්ත දෙස යළි යළිත් බලමින් භාවනාකරන විට කිසියම් නිමිත්තක් සිතෙහි පිහිටයි.ඒ නිමිත්ත වෙන දිශාවක් බැලුවද දෑස පියාගෙන බැලුවද දෙනෙතට පෙනෙන්නාක් මෙන් දිස්වේ.මේ නිමිත්ත උද්ගහ නිමිත්තයි.එම උද්ගහ නිමිත්ත අරමුණුකර භාවනා කරන අවස්ථාවේදී එය පලා ගෙන මතුවෙන්නාවූ ඊට වඩා බොහෝ ප්රපබල අති පිරිසිදු යම් නිමිත්තක් පහළවේ.මෙය ප්රෙතිභාග නිමිත්තයි.මේ ප්රලතිභාග නිමිත්ත දර්පණ තලයක් මෙන්ද කොපුවෙන් හයාගත් අසිපත් මෙන්ද වළා ගැබින් නික්මුණු පුන්සඳක් මෙන්ද අතිශයින්ම පිරිසිදුය.නිර්මලය.උද්හග නිමිත්තයෙහි කසිණයේ දොස් පෙනෙයි.ප්රදතිභාග නිමිත්තෙහි ඒ දෝෂ නොපෙනේ.මේ ප්රයතිභාග නිමිත්ත සමථ කර්මස්ථාන 40 හිම නොලැබේ.මේ ප්රිතිභාග නිමිත්ත ලැබෙන කර්මස්ථාන නම් දසකසිණ, දසඅසුභ, කායගතා සති, ආණාපාණසති යන කර්මස්ථාන 22 හි පමණකි.සියළු කර්මස්ථානවල ප්ර්තිභාග නිමිත එක හා සමාන නැත.
කසිණ 10 නම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, නීල, පීත, ලෝහිත, අවදාත, ආකාස හා ආලෝක කසිණ යන සියල්ලයි.මෙහි කසිණ නම් සියල්ල යන අදහස ගෙනදෙන පදයකි.මෙහි පඨවි කසිණ නම් කෘතිම හා ප්රවකෘති යයි දෙකොටසකට බෙදේ.සාදාගත් දේ කෘතිම නම්වේ.ප්රෘකෘති නම් ස්වභාවිකව පිහිටි පෘථිවියේ විවිධ ලක්ෂණයි.මින් කෘතිම පඨවි කසිණද සංහාරිම හා තත්රෘස්ථික ලෙස දෙඅයුරකින් දැක්වේ.මින් සංහාරිම යනුවෙන් හැඳින්වෙන්නේ කැමති ස්ථානයකට ගෙන යා හැකි ලෙසට සකස්කරගත් කෘතිම පඨවි කසිණයයි.තත්ර ස්ථික නම් එසේ රැගෙනයා නොහැකි සේ ස්ථිරව පිහිටා ඇති පඨවි කසිණයයි.අපෝ කසිණ නම් ජලය අරමුණුකර භාවනා කිරීමයි. මෙයද ප්රණකෘති හා කෘතිම ලෙස දෙවදෑරුම් වේ.කෘතිම අපෝ කසිණ නම් පිරිසිදු වූ ජලය කිසියම් විනිවිඳ පෙනෙන බඳුනකට ගෙන එය අරමුණු කරගැනීමයි.ප්ර්කෘති කසිණ නම් වැව් පොකුණු ළිං ආදී ස්වභාවිකව පිහිටි ජලය අරමුණු කරගැනීමයි.තේජෝ කසිණ නම් ගින්දර අරමුණු කරගැනීමයි.එය ද කෘතිම හා ප්රකකෘතිය යැයි දෙවදෑරුම් වේ.කෘතිම නම් කසිණ අරමුණ සඳහාම ගින්දරක් දැල්වීමයි. ප්රහකෘති නම් ස්වභාවිකව දැල්වෙමින් තිබෙන ගින්දරය.පහන් ගින්දර,උඳුන් ගින්දර,ලැව් ගින්දර ආදී ස්වභාවික ගින්දර මීට අයත්ය.ගින්දර කෘතිමව පිළියෙළකරගැනීමේදී සිනිඳු හර ඇති දර වේලා මිටි බැඳ විවේක ස්ථානයකට ගෙනගොස් දැල්විය යුතුය.රෙද්දක්,සමක් හෝ කලාලයක එක් වියත් සතර අඟුල් පමණ සිදුරක් කොට ඉදිරියෙහි තබාගෙන ඒ තුළින් ගින්දර දෙස බලා අරමුණු කරගත යුතුය.ගින්දරෙහි වර්ණය හෝ උෂ්ණය හෝ අරමුණු නොකර ගින්න පමණක්ම අරමුණු කළයුතු වේ.ගින්දරෙහි වර්ණය අරමුණු කිරීමෙන් වැඩෙනුයේ ඊට අදාළ වර්ණ කසිණ මිස තේජෝ කසිණ නොවේ.උෂ්ණය අරමුණු කිරීමෙන් ශාරීරික උෂ්ණත්වය වැඩිවී ස්නායු පද්ධතියට බලපෑ හැකිය. බොහෝවිට හින්දු භාවනාක්රුමවලදී සිරුරේ ස්නායු චක්‍ර මණ්ඩල අවදිවීමේදී එය ක්ර මානූකූලව සේ සිදුකළ යුතුය.නැතහොත් එයද ස්නායු පද්ධතියට අහිතකර වේ.මෙහි අහිතකර ප්රඋතිඵලය තේජෝ කසිණයේ උෂ්ණත්වය අරමුණු කිරීමෙන් සිදුවිය හැකි හානියට සමානය.වායෝ කසිණ නම් වායුව අරමුණු කරගැනීමයි.වායුවද දිට්ඨ වායුව හා ඵුට්ඨු වායුව යැයි දෙවදෑරුම් වේ.උක්,උණ,කෙස් ආදී ගසක කෙළවරක් වායුවක් වැදී සැලේද එය දිට්ඨවායුවයි.සුළං කවුළු හා බිත්ති සිදුරු වැනි දෙයක් තුළින් වායු හමාවිත් ඇඟ හැපෙනුයේ ඵුට්ඨු වායුවයි.පඨවි,ආපෝ,තේජෝ හා වායො කසිණ සතර භූත කසිණ ලෙස හැඳින්වේ.සතර මහා භූත ස්වරූප වන බැවිනි.නිල් පැහැය අරමුණු ලෙස ගැනීම නීල කසිණ නම් වේ.මෙයද ප්‍ර.කෘති හා කෘතිම යයි දෙවදෑරුම්ය.නිලුපුල්,ගින්නේරිය වැනි නිල්පාට මල්වර්ගයක පෙතිවලින් භාජනයක් පුරාගෙන එය අරමුණු කළහැකිය.නිල්රෙදි බඳුනක දමාගත හැකිය.බඳුනක මුවිට බෙර ඇසක් සේ නිල්රෙදි කඩකින් බැඳගත හැකිය.මෙය වටා වෙන පාටකින් පරිච්ඡේද කළයුතුය.මෙය කෘතිම නීල කසිණයයි.ස්වභාවිකව පිහිටි නිල්පැහැති දේ අරමුණු කිරීම ප්රිකෘති නීල කසිණයයි.මල් ගස් හෝ පිදුව මල් අසුන්වල මල්වල නීලවර්ණය ප්රචකෘති නීල කසිණ ලෙස සැලකිය හැකිය.මෙයද සංහාරිම හා තත්රනස්ථක ලෙස දෙකොටසක බෙදේ.සංහාරිම කසිණය කැමති ස්ථානයකට රැගෙන ගියහැකිය.බිත්තිවක එක් වියත් සතර අඟුල් වටා නිල් ආලේප කිරීම තුළින් සාදාගත් නීල කසිණය තත්රවස්ථක ලෙස හැඳින්වේ.එය රැගෙනයා නොහැකිය.නීල කසිණය මෙන්ම පීත කසිණය සඳහා කහ පැහැති ගත් කසිණය දැක්වේ.ඒ සඳහා කිණිහිරි මල් ආදී මල්වර්ග භාවිතා කළ හැකිය.කසිණ පිලියෙළ කිරීම නීල කසිණයෙහි මෙනි.නීල කසිණ මෙන්ම රත්පැහැය ගත් මල්වර්ග ආදිය භාවිතා කර පිළියෙළ කරන කසිණය ලෝහිත කසිණයයි.නීල කසිණය මෙන් සුදු පැහැති දේ යොදා නිමවූ කසිණය ඕදාත කසිණයයි.සමන් මල් සුදු නෙළුම් ආදී මල් වර්ග සේම ඊයම් රිදී සුදු සායම් ආලේප කළ බිත්ති ප්රායකාර ආදියද ඕදාත කසිණයට අරමුණු කළහැකිය.මෙම නීල,පීත,ලෝහිත හා ඕදාත යන සතර වර්ණ කසිණ ලෙස හැඳින්වේ.අහස අරමුණු කිරීම ආකාස කසිණ නමින් හැඳින්වේ.බිත්ති සිදුරින් හෝ ජනෙල් කවුළු තුළින් දර්ශනය වන අහස ගත හැකිය. රෙදි,කළාල හෝ සම්කඩක එක් වියත් සතර අඟුල් සිදුරක් කපා ඒ තුළින් පෙනෙන අහස අරමුණු කළහැකිය.ආලෝකය හෝ එළිය අරමුණු කිරීම අලෝක කසිණයයි.බිත්ති සිදුරු හෝ කවුළු ආදිය තුළින් පතිත සූර්යාලෝකය හෝ චන්රාසතර ලෝක කිරණ අරමුණු කලහැකිය.කළයක් වැනි බඳුනක්තුළ පහනක් දල්වා මුව වසා එහි පසෙක මණ්ඩලාකාර සිදුරක් කපා ඒ සිදුර තුළින් බිත්තියට වැටෙන ආලෝක කිරණ ගතහැකිය.විදුලි බුබුළු වැනි දෙයකින් නිකුත්වන අලෝක දහරද අරමුණු කළහැකි වේ.නොවෙනස්වන ආලෝක දහරක් මේ සඳහා ගත යුතුය.ආලෝක දහරේ දීප්තිය වෙනස්වීමෙන් භාවනාවට බාධාවක් වියහැකිය.එබැවින් විදුලි බුබලක ආලෝකය මේ සඳහා වඩාත් උචිතය.
පඨවි කසිණය අරමුණුකොට භාවනාකරන විට වෙනතක බැලුවද සිතේ තදින් ඇඳී පවතින පඨවි කසිණ නිමිත්ත උද්ග්රවහ නිමිත්තවේ.එය කසිණයට සෑම අතින්ම සමානය.කසිණ මණ්ඩලයේ පවතින විවිධ දෝෂ මේ උග්රිහ නිමිත්තෙහිද දක්නට ලැබේ.එසේ වුවද මේ උග්රමහ නිමිත්ත දෙසම බලා භාවනා කරනවිට එය පළාගෙන ඒතුළින් මතුවන දර්පණ තලයක් මෙන් පවිත්රත වූ දීප්තිමත් නිර්මල නිමිත්තක් මතුවේ.එය ප්රයතිභාග නිමිත්තයි.මේ ප්‍ර තිභාග නිමිත්තෙහි උග්ර්හ නිමිත්තෙහි වූ දෝෂ කිසිවක් නැත.ආපෝ කසිණයේ උද්ගහ නිමිත්ත සැලෙන්නාක් බඳුය.නමුදු ප්රිතිභාග නිමිත්ත නිශ්චලය.අහසෙහි තැබූ මිණිමුවා කොඩොලක් හෝ කැඩපතක් මෙන් දිස්වේ.තේජෝ කසිණයේ උග්රිහ නිමිත්ත ගිනිදැල් නිවෙමින් යළි යළි දැල්වෙන්නාක් මෙනි.එහි ප්ර්තිභාග නිමිත්ත නිශ්චලය. අහසෙහි වූ රත් පැහැ මිණක් හෝ රත් හිරියල් හෝ රන් ටැඹක් මෙනි දිස්වේ.වායෝ කසිණයෙහි උග්‍ර හ නිමිත්ත උඳුනින් බෑ විගස කිරිබතක හුමාලය මෙන් චංචලය.ප්රෝතිභාග නිමිත්ත සන්සුන්ය. එමෙන්ම නිශ්චලය.නීල කසිණය ලෙස නිල්පැහැති මල්පිරවූ බඳුනක් අරමුණු කලේ නම් උද්ග්රගහ නිමිත්තේ එම බඳුනෙහි වූ මල්වල නැටි,රේණු ආදිය පෙනේ.නමුදු ප්රේතිභාග නිමිත්තේ එබඳු දෝෂ නැත.එය අහස තැබූ නීල වර්ණ මිණක් මෙන් පැහැපත්ය.වර්ණ කසිණවන පීත,ලෝහිත හා ඕදාත යන කසිණය අරමුණුකොට උපදවන ලද උද්ග්ර්හ හා ප්රකතිභාග නිමිතිද මීට සමාන අයුරකින් දැනේ.
උද්ධුමාතක,විනීලක,විපුබ්බක,විච්ඡිද්දක,වික්ඛායිතක,වික්ඛිත්තක,හතවික්ඛිත්තක,ලොහිතක,පුලවක හා අට්ඨික දස අසුභය යනුවෙන් හැඳින්වේ.පිළිකුල් කටයුතු සේ ඉදිමී ගිය මෘතදේහය උද්ධුමෘතයයි.වර්ණය වෙනස්ව ඇති පිළිකුල්වූ මෘතදේහය විනීලකයයි.ඉදිමී ගිය මෘතදේහය නීල වර්ණයට හැරේ.එය විනීලක අසුභය නම්වේ.පැලී ඇති ස්ථානවලින් සැරව පූයා ගලන මෘතදේහය බොහෝ පිළිකුල්ය.එය විපුබ්බක අසුභය නම්වේ.මෙහි පුබ්බ යනු සැරවය.පූයාවය.තියුණු සැතින් කැබලි කොට කපාදමා හෙලා ඇති මෘතදේහ බොහෝ පිලිකුල්ය.එය විච්ඡිද්දක නම්වේ.බලු බළල් හිවල් ආදී සතුන් විසින් ශරීර කොටස් කා ඇති මෘතදේහ බොහෝ පිළිකුල්ය.එය වික්ඛායිතක නම්වේ.මෙබඳු සතුන් විසින් මෘත දේහය කැබලිකොට කා තැන තැන විසුරුවා දමා ඇති මෘතද්හය බොහෝ පිලිකුල්ය.එය වික්ඛිත්තක නම්වේ.තියුණු සැත්වලින් අඟ පසඟ කපා තැනතැන දමා ඇති මෘතදේහ බොහෝ පිලිකුල්ය.එය හතවික්ඛිත්තක නම්වේ.නැතින් තැන ලේ වැගිරෙන මෘතදේහය බොහෝ පිලිකුල්ය.එය ලෝහිතක නම්වේ.පණුවන් කා හැලෙන පිළිකුල් මෘතදේහය පුලවක නම් වේ. මුළු ඇටසැකිල්ලම හෝ එක් ඇටයක් හෝ අට්ඨිකය.ඒ නිසා එය අට්ඨික අසුභයවේ.යමෙකු මියගිය පසුව මෘතදේහය දිස්වන විවිධ අවස්ථා මෙහිදී සඳහන්වේ.සිරුරක සජීව බවක් ඇත්තේ ඒ තුළ ජීවය තිබෙන තෙක් පමණි.කිසියම් හේතුවක් නිසා මියගිය පසුව සිරුර විනාශවී යයි.බාහිරවද එය ඉතාම පිළිකුල් සහගත දර්ශනයකි.උද්ධුමෘතකයෙහි උද්ගත නිමිත්ත විරූපවූ බිහිසුණු ඉදිමීගිය මෘතදේහයකි.එහෙත් ප්රේතිභාග නිමිත්ත කැමති තාක් ආහාර ගෙන ස්ථූලවූ අඟපසඟ ඇති අයෙකි. විනීලකයෙහි උද්ගහ නිමිත්ත කබර වර්ණයි.එහෙත් ප්රරතිභාග නිමිත්ත උත්සන්නවූ නීලවර්ණයයි. විපුබ්බකයේ උද්ගහ නිමිත්ත පූයා වැගිරෙන්නාක් මෙනි.එහෙත් ප්රපතිභාග නිමිත්ත ඉතා නිශ්චලය. විච්ඡිද්දකයෙහි උද්ගහ නිමිත්ත මැදින් සිඳදමා ඇතිතාක් බඳුය.නමුදු ප්රතතිභාග නිමිත්ත පරිපූර්ණය. වික්ඛායිතක,වික්ඛිත්තක හා හතවික්ඛිත්තකයන්හිද උද්ගහ නිමිති කැබලිකර සිඳදමා ඇති ලෙසය. නමුදු ඒවායේ ප්ර්තිභාග නිමිති සම්පූර්ණය.ලෝහිතකයෙහි උද්ගහ නිමිත්ත සැලෙන රත්පතාකයක් සේ ලේ වැගිරෙන්නාක් බඳුය.නමුදු ප්‍ර තිභාග නිමිත්ත නිශ්චලය.පුලවකයෙහි උද්ගහ නිමිත්ත සැලී යන්නාක් බඳුය.ප්රදතිභාග නිමිත්ත බත් පිඬුවක් ලෙස නිශ්චලය.අට්ඨිකයෙහි එක් ඇටක් අරමුණුකර නම් උද්ගහ නිමිත්ත හා ප්රසතිභාග නිමිත්ත එක සමානය.ඇටසැකිල්ලෙහි නම් උද්ගත නිමිත්ත විවර සහිතය.ප්රිතිභාග නිමිත්ත සම්පූර්ණය.
අනුස්සති 10 නම් බුද්ධානුස්සති ධම්මානුස්සති,සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දෙවතානුස්සති, උපසමානුස්සති, මරණානුස්සති,කායගතානුස්සති, අනාපාණසති යයි. ඉතිපිසෝ භගවා අරහං යන ගාථාවෙන් දැක්වෙන පරිදි බුදුගුණ සිහිකිරීම බුද්ධානුස්සතියයි.මෙහිදී සිහි තබා ගත යුත්තක් නම් බුදුරදුන්තුළ ඇත්තේ ඉතිපිසෝ ගාථාවෙන් දැක්වෙන නව අරහාදී බුදු ගුණ පමණක්ම නොවන බවයි.බුදුකෙනෙකු තුළ අනන්ත බුදුගුණ පිහිටා ඇත.නමුදු මේ ගාථාවේ දැක් වෙනුයේ ඉන් ප්රිධාන බුදුගුණ නවයක් පිළිබඳව පමණි.බුදුකෙනෙකු තුළ ඇත්තේ මේ බුදුගුණ නවය පමණකැයි වරදවා වටහා නොගත යුතුය.බුදුගුණ තවත් බුදු කෙනෙකුට මිස සෙසු අවශේෂ කිනම් අයෙකුට වුවද යථා පරිදි අරමුණු කළ නොහැකිය.බුදුගුණ එතරම් ගැඹුරු බැවිනි.පඨවි ආදී සිව් භූත අරමුණුකර භාවනා කොට ධ්යාවන ඉපදවිය හැකිය.එවා කෙතෙත් විශාල වූවද ප්රෙමාණ කළ හැකි බැවිනි.නමුදු බුදු ගුණ සීමා රහිතය.එබැවින් බුදුගුණ අරමුණුකර ධ්යාලන ඉපිදවිය නොහැකිය. ධ්යානන ඉපදවීමට භාවනාකළ අරමුණේ සීමාවක් පැවතීම අවශ්‍ය ය.ස්වැක්ඛාතො භගවතා ධම්මො ආදී ලෙස ධර්ම ගුණ සිහි කිරීම ධම්මානුස්සතියයි.මෙයද සීමා රහිතය. සුපටිපන්නො භගවතො අරහතො සාවකසංඝො ආදී වශයෙන් සංඝ ගුණ සිහිකිරීම සංඝානුපස්සතියයි.සීලානුස්සතියේදී එහි අඛණ්ඩ, අච්ඡිද්රං අසබල, අකම්මාස, භුජිස්සථ විඤ්ඤූප්පසත්ථය, අපරාමට්ඨ, සමාධිංසවත්තනික යන අෂ්ට ගුණ සිහිකරනු ලැබේ.තමා මෙබඳු සීල ගුණයකින් සමන්විත යැයි සිය සීලය සිහිකිරීම මෙහිදී සිදු කෙරේ.සිල්පදවල මුල හා අග නොබිඳ රැකගැනීම අඛණ්ඩය.මැදින් සිල්පද නොබිඳීම අච්ඡිද්රෙය. අතරින් පතර සිල්පද නොබිඳීම අසබලය.තෘෂ්ණා වශයෙන් නොරැකීම භූජිස්සය.විඤ්ඤූපුරිසයන් විසින් වර්ණනා කරනු ලැබීම විඤ්ඤූප්පසත්ථෘය.කිසිදු දොසක් නැති බැවින් අපරාමට්ඨය.සමාධියට උපකාරීවන බැවින් සමාධිංසවත්තනිකය.තමාගේ ත්යාසග ගුණ සිහිකිරීම චාගානුස්සතියයි.දෙවිවරු යම් ශ්රවද්ධා,සීල හා ශ්රැිතවත් බවකින් වෙසෙත්ද තමන්ද එපරිදිම කටයුතු කිරීම දේවතානුස්සතියයි. නිවන්හි ගුණ සිහි කිරීම උපසමානුස්සතියයි.ජීවිතයෙහි ඇති ක්ෂණිකබව මරණයයෙහි නියතබව ආදී වශයෙන් මරණය සිහිකිරීම මරණානුස්සතියයි.ශරීරයෙහි පිළිකුල්බව සිහිකිරීම කායගතාසති යයි.ආශ්වාස ප්රමශ්වාස වායුවේ සිහිය පිහිටුවීම ආනාපාණ සතියයි.
අප්පමඤ්ඤා 4 නම් මෙත්තා,කරුණා,මුදිතා හා උපෙක්ඛා යන සතරයි.අප්රආමාණ සත්වයන් අරමුණුකර භාවනා වැඩිය යුතු බැවින් අප්පමඤ්ඤ ලෙස හැඳින්වේ.මෙතෙක් සත්වයන් කෙරෙහි ව්යාවප්ත කළ යුතුය මින් ඔබ්බට ව්යාහප්ත නොකළ යුතු යැයි මෙහි සීමාවක් නැත.සියළු සත්වයන්ව අරමුණු කරගත්තත් භාවනාව ආරම්භයේදී තමා අරමුණුකොට භාවනාව ප්රවගුණකළ යුතුය.මෛත්රී් භාවනාව වඩන ආදී කම්මිකයා මුලින්ම තමා කෙරෙහි මෛත්රීි වඩා හොඳින් පුරුදුවිය යුතුය.මෙහි සඳහන් ආදි කම්මිකයා නම් මුලින්ම භාවනාවට එළඹෙන පළපුරුදුකම් නැති පුද්ගලයායි.ආරම්භය තුළ තමා කෙරෙහි මෛත්රීන වඩා ඉන් අනතුරුව ආසන්න සත්වයන් අරමුණුකර ඔධි වශයෙන් එය ව්යාිප්ත කළ යුතුය.ඔධි වශයෙන් එය ව්යා ප්ත කර අනතුරව අනොධි වශයෙන් ව්යාෙප්ත කළයුතුය. ඔධි නම් සීමාය.බ්ර්හ්මයාගේ විහරණය මෙන් මෘදු ශ්රේරෂ්ඨ විහරණයක් බැවින් සතර අප්පමඤ්ඤාව සඳහා බ්රධහ්මවිහාර නාමය භාවිතා වේ.මෙත්තා නම් මිත්රොත්වයයි.මෙහිදී පළමුවෙන්ම අප්රිබය,අතිප්රිභය, මධ්යමස්ථ,වෛරී පුද්ගලයින් කෙරෙහිද මෛත්රීත නොවැඩිය යුතුය.එලෙසම ප්රනතිවිරුද්ධ ලිංගිකයින්, හා මළවුන් කෙරෙහිද මෛත්‍රී නොවැඩිය යුතුය.තමා කෙරෙහි පළමුවෙන් මෛත්රී් වඩා අනතුරුවම සෙසු සියළු සත්වයින් කෙරෙහි මෛත්රීී වැඩිය යුතුය.කරුණාව නම් දුඃඛිත සත්වයින් කෙරෙහි ඇති වන අනුකම්පාවයි.පළමුවෙන් අප්‍රි.ය පුද්ගලයින් කෙරෙහි නොවැඩිය යුතුය.දුඃඛිත සත්වයෙකු දැක එය පළමුවෙන් අරමුණුකොට ගත යුතුය.කරුණාව වැඩීමට පළමුව මෛත්රිෙය වඩා හුරුවක්ද තිබිය යුතුවේ.මන්ද පළමු ධ්යා නය මෛත්රිමය අරමුණු කරගෙන උපදින බැවිනි.කරුණාව අරමුණුකර දුතිය ධ්යාොනය උපදවාගත හැකිය.මුදිතාව නම් සුඛිත සත්වයෙන් කෙරෙහි ඇතිවන ප්රුමෝදයයි.එය අති ප්රිකය පුද්ගලයින්ගෙන් ආරම්භකර සියළු සත්වයන් කෙරෙහි ව්යානප්ත කළයුතුය.උපෙක්ෂාද නම් සියළු සත්වයන් කෙරෙහි මධ්යනස්ථබවයි.මෙය පළමුවෙන් මධ්යමස්ථ පුද්ගලයින් අරමුණුකර වැඩියයුතුය. මුදිතාව අරමුණු කර තෘතිය ධ්යාබනය ඉපදවිය හැකිය.එසේම උපේක්ෂාිව අරමුණුකර චතුත්ථිම ධ්යාින උපදවාගත හැකිය.බොහෝකොටම බ්රපහ්මයින් අතර මෙබඳු අයුරින් සතර විහරණය විද්‍ය මාන වේ.
කබලීකාරාහාර,ඵස්සාහාර,මනෝසඤෙචතනාහාර,විඤ්ඤාණාහාර යන සතර ආහාර වර්ග අතරින් ආහාර පටික්කූල සංඥාව පිණිස අරමුණු කරන්නේ කබලීකාහාරයමය.එයද ගමන,ආසය, පර්යේෂණ, පරිභෝග, නිධාන, අපරිපක්වආ,පරික්ව ,ඵල,නිස්සන්දි හා සම්මක්ඛණ යන දස අයුරකින් සලකා භාවනා කළයුතුය.ආහාර සොයා යන ගමන පිළිකුල්ය.ගෙපිළිවෙලින් ගොස් ආහාර සෙවීම ද පිළිකුල්ය.සොයා ගත් ආහාර මුවතුළ බහා සපා වැළඳීම පිළිකුල්ය.වැළඳු ආහාරය කුසට ගමන් ගන්නා ස්ථානයද පිළිකුල්ය.කුසතුළ ඇති ස්ථානද පිලිකුල්ය.කුසතුළ ඇති නොපැසුණු ආහාරයද පිළිකුල්ය.පැසුණු විටද ආහාර පිළිකුල්ය.ආහාර පැසීමෙන් පසු ඉන් වැඩෙන ශරීර අවයවද පිළිකුල් වේ.ආහාර නිසි ලෙස නොපැසීම නිසා ඇතිවන දද,වණ,කුෂ්ට ආදියද පිළිකුල්ය.නව දොරකින් ඒ ගත් ආහාරය පිටවීමද පිළිකුල්ය.ආහාර අනුභව කරද්දී ස්පර්ශවන ස්ථාන පවා පිළිකුල්ය.මේ ලෙස දස ආකාරයකින් ආහාර පටික්කූල සංඥාව වැඩිය යුතුය.ආහාර පටික්කූල සංඥාව වර්ධනය වීමේදී අනුභව පිණිස ගන්නා ඕනෑම ආහාරයක රසය නොව එහි උපයෝගීතාවය කෙරෙහි පමණක් තම සිත යොමුකිරීමට හැකියාව ඇතිවේ.එහිදී සිතේ මධ්යපස්ථතාව රඳවාගෙන කටයුතු කිරීම් හැකියාව ඇතිවේ.මෙය පහසුවෙන් ජීවත්වීම පිණිස අවශ්යෝ කරන හොඳ සාධකයකි.මුඛයේ සිට උගුර තෙක් වියතක පමණ ප්රෙමාණයක දිවට රස දැනේ.ඉන් එහා සැලකෙනුයේ ආහාරයක ඇති රස නොව එහි ඇති උපයෝගීතාවය පමණි.එනම් පෝෂ්යාදායී බවයි.සාමාන්‍ය ජීවිතයේදී මිනිසුන් වෑයම්කරනුයේ ආහාරයක පෝෂණ ගුණයට වඩා එහි ඇති රස පිළිබඳ සැලකිලිමත්වීමටයි. මෙසේ මිනිසුන් ක්රිනයා කරනුයේ රස තෘෂ්ණාවට ගිජුවීම නිසාය.ස්නායු පද්ධතියේ රස ඉන්රිඇති යයන්ට අයත් ස්නායු ආවේග විඳීමට හුරුවීමේ අහිතකර ඵලවිපාක මෙයයි.ඇතැම් අවස්ථාවලදී ප්රඇමාණයට වඩා රසයට ගිජුවීම නිසාම ශරීරයට අහිතකර රසකාරක යොදා පිලියෙළ කරනු ලබන ආහාර වර්ග පවා භුක්ති විඳීමට මිනිසුන් යොමුවේ.මෙහිදී රසයට ගිජුවීම විවිධ ලෙඩරෝග වැළඳීමට පවා හේතුවක්වේ.සාමාන්‍යද සංජානනය අනුව මිනිසුන් රසවිඳීමට ගිජුවීම දැකිය හැකිය.නමුදු මෙහිදී එය ඉක්මවා ක්රිේයාකිරීමට යොමුවනුයේ එය රසයට ගිජුවීමේ සාමාන්යී සංජානනය වෙනුවට එය හුදෙක් උපයෝගීතා න්යාරය අනුව සැලකීමේදී බුද්ධිමය පසුබිමක්තුළ අතින්රිං ය සංජානන හැකියාව ප්රගයෝජනය ගතහැකිය.එහිදී සමාන්යප සංජානනය ලැබීමේදී එම විඳීම් ලැබීම අරමුණුකොට ක්රිායාකරන රසඉන්රිව යන් පවා අතින්රිැ ය සංජානනයට ගැලපෙන පරිදි සකස්වන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.රසවත් ආහාරයක් මුව තුළට ගත්විට එම ආහාරයෙහි රසය නිසා උත්තේජනයවන ඛේට ග්‍ර න්ථිසවලින් ඛේටය වැගිරේ.නමුදු නීරස ආහාරයක් ගත්විටදී මේ ක්රිේයාවළිය නිසි පරිදි සිදුනොවේ.ආහාර දිරවීමට ඛේට ග්රුන්ථි්වල මේ ක්‍රියාකාරීත්වය පවා වැදගත්වේ.ආහාර පටික්කූල සංඥාව වැඩීමේදී රස නීරස භේදයකින් තොරව සලකා ආහාර ගැනීමට යොමුවීම නිසා පසුකාලයකදී කුමන ආහාරයක් මුවට ගත්තද කිසිදු වෙනස් කමක් නැතිව ඛේට ග්රමන්ථිල උත්තේජිතව ඛේටය වැගිරෙනු දැකිය හැකිය.රස ගැන නොසිතා ආහාර ගැනීමට පුරුදුවීම නිසා කුසගිනි නිවාගැනීමේ අරමුණ පෙරදැරිව පමණක්ම ආහාර ගැනීමට යොමු වේ.මෙය අධිපෝෂණය,තරබාරුකම,දියවැඩියාව,කොලෙස්ටරෝල්,හෘදයාබාධ වැනි ලෙඩරෝග අවම කරගැනීමටද රුකුලකි.
චතුධාතු වත්ථාගන නම් පඨවි,ආපෝ,තේජෝ,වායෝ යන ධාතු සතර ව්ය වස්ථා කිරීමයි.ධාතු මනසිකාරය,ධාතු කර්මස්ථානය යනුවෙන් හැඳින්වෙන්නේද මේ භාවනාවය.පඨවි,ආපෝ,වායෝ, තේජෝ යන ධාතු සතර ව්ය වස්ථා කිරීම චතුධාතුවත්ථාානය නමින් හැඳින්වේ.මෙය ධාතුමනසිකාර, ධාතු කර්මස්ථාන නමින්ද හැඳින්වේ.සත්වි, පුද්ගල, ස්ත්රීප, පුරුෂ වශයෙන් සැලකීම වෙනුවට එබඳු නාමයන්ගෙන් හැඳින්වෙන ජීවීන්ගේ මුලික තැනුම් ඒකක ලෙස සැලකිය හැකි මේ ධාතු සතරටම ඒ හැම කෙනෙකුම බෙදා විග්ර හකිරීම මේ චතුධාතුවත්ථාිනයෙහි කාර්යභාරයයි.මෙහිදී සිදුවනුයේ ඒ සත්වි, පුද්ගල වශයෙන් සැලකීමේදී තිබූ සංඥාව ක්ර්මානූකූලව වෙනස්කිරීමයි.එහිදී ලෝකයේ ඇති තාක් සියළු ජීවීන් සත්වව,පුද්ගලාදී වශයෙන් සැලකීමේදී ඇලීම් බැඳීම්වලට හේතුවන ප්‍රි.ය අමනාප ආදී ස්වරූපය ඉක්මවා යමක මුලික තැනුම් ඒකකය දක්වා බිඳ විග්රහහකිරීම මඟින් බාහිර ස්වරූපය කෙරෙහි ඇතිවන තෘෂ්ණාව ඉවත්කිරීම මෙහි පරමාර්ථයයි.මේ චතුධාතුවත්ථා න වැඩීම සංක්ෂේකප හා විස්තර වශයෙන් දෙවදෑරුම්කොට දැක්වේ.පථවි ධාතුවෙහි ලක්ෂණ නම් ස්තබ්ධ යයි.ආබන්ධේන ලක්ෂණ ඇත්තේ අපෝධාතුවේය.පරිපාචන ලක්ෂණ තේජො ධාතුවේ ඇත.විත්ථිම්භන ලක්ෂණය වායෝධාතුවේ ලක්ෂණයයි.මෙය සංක්ෂේනප වශයෙන් සලකන ක්ර මවේදයයි.මේ ක්රාමවේදය හඳුන්වා ඇත්තේ තීක්ෂයණ ප්‍රා ඥයාහටය.යමක් කෙටියෙන් පැවසුවද ක්ෂයණිකව වටහාගත හැකි බැවිනි.මෙහි විස්තර ක්ර්මවේදය නම් හතළිස් දෙකකට බෙදා සැලකීමයි.කේස ආදී විසිකොටසේ තදගතිය ඇත. පිත ආදී දොළොස් කොටසේ ආබන්‍ධ න ලක්ෂණ ඇත.තැවීම්,පැසවීම්,දිරවීම්,මිහිකිරීම් ආදී සතර අයුරින් පරිපාචන ලක්ෂණ සැලකීම තේජෝ ධාතුවේ ඇත.උද්ධංගම ආදී සය අයුරකින් විත්ථනම්භන ලක්ෂණ සැලකීම වායෝධාතුවේ ඇත.මෙසේ විස්තර වශයෙන් වැඩීම මන්ද් ප්රාහඥයාට දක්වා ඇත. යමක ඇති සැටියෙන් වටහාගැනීමට ලැබෙනුයේ එය විඳීම් ලෙස සැලකීම අත්හැර විචාරපූර්වකව සලකා බැලීම මඟිනි.චතුධාතුවත්ථාලනය මඟින් සිදුකෙරෙනුයේ ඒ කටයුත්තයි.යමක මූලික තැනුම් ඒකකය දක්වා විශ්ලේෂණය කිරීමේදී මතුපිටින් බාහිරව නිරීක්ෂණය වන ස්වරූපයට වඩා විශදව එය දැකගත හැකිය.ඇලීම් ගැටීම් ඇතිවීමට හේතුව යමක යථා ස්වභාවය ආවරණය පැවතීමයි.ඊට හේතුව බාහිර ස්වරූපයට ඔබ්බෙන් ඇති යථාර්ථය මනසට අරමුණු නොවීමයි.සූක්ෂටම පදාර්ථ ගති ලක්ෂණ විචාර පූර්වකව සිහි නුවණින් සැලකීමේදී සිත කිළිටි කරන ආවරණ ඉවත්ව ගොස් සිතේ ප්රමභාස්වර ස්වරූපය ඉස්මතුවේ.පියවි සිත ප්රදභාස්වරය.නමුදු ආගන්තුක ක්ලේශ නිසා සිත කිළිටිවේ. සිත කිළිටි කරන ආගන්තුක සිතිවිලි ඉවත්වනුයේ අතින්රිව ය සංජානන හැකියාව ලෙස මතු වූ ප්රිභාව නිසාය.යමක මූලය දක්වා බිඳ බැලීමේදී මතු වූ අතින්රිව ය සංජානන හැකියාව නම් මේ ප්‍ර භාස්වරයයි.
ආකාසනඤ්චායතන,විඤ්ඤාණඤ්චායතන,ආකිඤ්චඤ්ඤායතන,නෙවසඤ්ඤානාසඤ්ඤායතන යන සතර චතු ආරුප්ප නමින් හැඳින්වේ. ආකාසඤ්චායතනයට නම් කසිණුග්ඝාටිමාකාසය අරමුණු වේ.කසිණුග්ඝාටිමාකාසය නම් කිසුණු ඉඟුළු අහසයි.කසිණාලෝකය නම් ප්‍ර දේශයක්කරා ව්යාසප්ත කලේද,ඒ ආලෝකය කසිණයෙන් උඟුළා දමා බැහැරකළවිට ලැබෙන අහස කිසුණු ඉඟුළු අහසයි.විඤ්ඤාණඤ්චායතනයට ආකාසනඤ්චායතන චිත්තය අරමුණු වේ.ඒ ආකාසනඤ්චායතන චිත්තයේ අභාවය ආකිඤ්චඤ්ඤායතනයට අරමුණුවේ.මේ අයුරින්ම ආකිඤ්චඤ්ඤායතන චිත්තය නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට අරමුණු වේ.මෙහි අරමුණුවීම නම් අරමුණ ශාන්ත හා ප්ර්ණීත සේ සැලකීමයි.පහළ ධ්යාවන චිත්ත ඉහළ ධ්යා න චිත්තයට අරමුණුවනුයේ එහි සන්සිඳීම් ලක්ෂණ ලෙස බව මෙහි ශාන්ත හා ප්රධණිත සේ සැලකීම යනුවෙන් අදහස්වේ.මේ චතුආරුප්ප භාවනා විඤ්ඥාණය අරමුණු කරගෙන සිදුකරන භාවනා සේ සැලකිය හැකිය.විඤ්ඤාණයේ පවතින විවිධ සියුම්වූ ස්ථර කරා ළඟාවීම මෙහි අරමුණයි.මේ චතු ආරුප්ප භාවනාවට අරමුණු කරගන්නා සියළු අරමුණු අරූප කර්මස්ථානයි.රූපාවචර ධ්යා.නවලදී විඤ්ඤාණයට අරමුණුවන රූපයෙහි විවිධ සියුම් ස්ථර පිළිබඳ සලකා බැලේ.අරූපාවාචර ධ්යානනවලදී විඤ්ඤාණයෙහි ගතිලක්ෂණ පිළිබඳ ඉතා සියුම් අන්දමකට සැලකේ. ආකාසනඤ්චායතනයේදී විඤ්ඤාණයෙහි පවතින හිස්බව පිළිබඳ අරමුණු කෙරේ.මෙහිදී කසිණ නිමිත්ත ඉගිලවීම නම් කසිණය අරමුණු කළ විඤ්ඤාණය අරමුණු කිරීමයි.කසිණය ඉඟිල වීමේදී ඇතිවන හිස්බව මෙහි අරමුණයි.ඒ හිස්බව විඤ්ඤාණයේ ස්වරූපයයි.විඤ්ඤාණය පවතින බව දැනෙන්නේ විඤ්ඤාණය විවිධ අරමුණු ගන්නා නිසාය.අරමුණු ගැනීම නතරකළවිට හෝ සීමා කළවිට විඤ්ඤාණය අරමුණු ගන්නා විටදී මෙන් පැහැදිලිව ප්රමකටනොවේ. විඤ්ඤාණඤ්චායතනය නම් ඒ හිස්බව කෙරෙහි විඤ්ඤාණය ව්යාෙප්ත කිරීමයි.අනන්ත විඤ්ඤාණය නම් එයයි.මෙහිදී සිය විඤ්ඤාණය අරමුණු නොගන්නා අවස්ථාවලදී පවා පවතින නියම ස්වරූපය යෝගාවචරයාට ඉතා හොඳින් දැනේ.මෙහිදී සිතේ පවිත්ර් ස්වභාවය ඉතා තියුණුය. විඤ්ඤාණඤ්චායතනය උපදවාගැනීම නිසා ආකාසනඤ්චායතනය අභාවයට යන බව දැක ආකාසනඤ්චායතනයේ අභාව මාත්රාය සලකා ගැනීම නිසා ආකිඤ්චඤ්ඤායතනය උපදියි. විඤ්ඤාණඤ්චායතනයේදී සිතේ නිශ්චල සියුම්බව හා එහි පුළුල් ව්යා්ප්තය යෝගාවරයාට දැනුන නමුදු මෙහිදී එම සිත පවා නොපවතින බව මෙහිදී මුල් වරට දැනී යයි.සිතේ ප්රෝඥප්ති ස්වරූපය වූ නොපවතින ස්වභාවය හා අභාව මාත්රබබව පිළිබඳ මෙහිදී යෝගාවචරයාට වැටහීමක් ඇතිවේ.විඤ්ඤාණඤ්චායතනයේදී පවා මානසික ධර්ම පිළිබඳ විඳීමක් ඇත.නමුදු ආකිඤ්චඤ්ඤායතනයෙහිදී වීඳීම් හැරදමා ඊට වඩා බුද්ධිමය පසුබිමක් මනසට අරමුණු කරගනියි.ක්රකමානූකූලව සිත පිළිබඳ විඳීම් කෙරෙන් පවා දුරස්වීමක් ආකිඤ්චඤ්ඤායතනයේදී දැක ගත හැකිය.
කැමතියිකැමතියි
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහත්මයාණනි, ඔබතුමා පිළිබඳ මා විශාල පැහැදීමකින් ඉන්නේ.මම හිතන විදිහට ඔබතුමාව අපේ රටට විශාල සම්පතක්. ආචාර්යතුමනි, මේ සටහන්වල අන්තර්ගතය අනුව ඒවා ඔබතුමාට පමණක්ම ලිවිය හැකි අති ගම්භීර කරුණු රාශියක් ඇතුලත් සටහන් පෙළක් ලෙස සලකමි. මේ සටහන් මෙහි ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් මේ වෙබ් අඩවියේ හිමිකරුටත් මගේ කෘතඥතාවය පිරිනමමි.ඔබතුමාගේ ලිපිනය, දුරකථන අංකය හා අවශ්‍ය සෙසු විස්තර සියල්ලක්ම වෙබ් අඩවියක තිබූ මා හට හමුවූවා. එයට ගොඩක් ස්තූතියි. මම කැමතියි රජයේ විශේෂ කාර්යයන් සඳහා ඔබතුමාගේ දැනුම භාවිතා කරන්න පුළුවන් ආකාරයේ යම්කිසි වගකීමක් ඔබතුමාට පවරන්න.
කැමතියිකැමතියි