Daily Archives: මැයි 18, 2012

2012 මැයි 19 : ප්‍රණාමය. !


අවුරුදු 30 ක යුද්ධය නිමාකළ යුධ සෙනවියාට, සේනාධි නායකයනට,

ඒ යුද්ධය නිමා කරන්නට දිවි දුන් හැම දෙනාටම,

අතපය, ඇස් ඉස් මස් දන් දුන් සියල්ලටම,

හැකි පමණින් දායක වූ හැමට,

යුද්ධයට  දිරි දුන් නායක කාරකාදීන්ට,

යුද්ධය ඉවසාගෙන වසර තිහක් ජීවත් වූ මහජනයාට,

සියල්ල අවසන දඟගෙට ගිය ඔහුට,

කුණාටුව අවසානයේ හෝ ඔහුට නිදහස දුන් ඔහුට,

ඔහුට නිදහස ගෙන දෙන්නට වලි කෑ ඔවුනට,

ඇතුළු මෙකී නොකී සියල්ලන්ටම….

ප්‍රණාමය…..

ප.ලි. නැගී සිටිය හැක්කේ බෙදී වෙන් වී නොව එකා මෙන් එකතු වීමෙනි… විරසකයන් තබාගෙන ඉදිරියට යා නොහැක…. කළ මෝඩකම් ඉවත ලා නැවුම් පැතුම් වලින් ඉදිරියට යන්නට හැම දෙනාටම දැන්වත් මොලේ පෑදේවා….

ගොඩක් ප.ලි.

ඇල්කෙමියාගේ අධික රාජකාරි වැඩ කටයුතු නිසා තව සතියක් වත් දිනපොත ලියැවෙන්නේ නැති… හුස්ම ගැනීමට වෙලාවක් වෙන් කර දෙන්නේ නම් ඉතා අගය කරමි. (ඒ තරම්ම වැඩය – පසුව කියමි)

අළුත්ම ආරංචියක් සමග ජුනි මාසයේදී හමු වෙමු….. !

%d bloggers like this: