2012 ජුනි 07 : එන්න මල්ලී…. එන්න නංගී….. රැගක් දීලා… ප්‍රීති වීලා…..


Ragging is a practice in educational institutions in India, Pakistan, Bangladesh and Sri Lanka that involves existing students baiting or bullying new students. It is similar to the American phenomenon of hazing. It often takes a malignant form wherein the newcomers may be subjected to psychological or physical torture. Currently, Sri Lanka is said to be the worst affected country in the world.

මේ විකිපීඩියා වෙබ් අඩවියේ නවක වදය ගැන සඳහන් වෙන ආකාරයයි.

නවක වදය යනු කුමක්දැයි ශ්‍රී ලාංකික ප්‍රජාවට අමුතුවෙන් හඳුන්වාදීමට ඇවැසි නැත. ගමේ කොළු කුරුට්ටාගේ සිට හෙට පණ යන මහල්ලා දක්වා සෑම කෙනෙක්ම නවක වදය ගැන ඕනවටත් වඩා අසා ඇතුවාට කිසිදු සැකයක් නොමැත. නවක වදය වැඩිපුරම සිදු වන්නේ විශ්ව විද්‍යාලවල වුවත්, පාසල්, හමුදා කඳවුරු, ගුරු පුහුණු පාසල් ඇතුළු වෙනත් අධ්‍යාපනික මධ්‍යස්ථාන, සමහර සේවා ස්ථාන ආදියෙහිද නවක වදය අඩු වැඩි වශයෙන් සිදු කෙරේ.

නවක වදයෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි පැවසුවොත් නවක වදයට පක්‍ෂව කතා කරන උදවිය කියන්නේ නවකයන් හඳුනා ගැනීමේ එක් ක්‍රමයක් ලෙසිනි. නවකයෝ සමහරක් මෙයට අකැමැත්තක් නොදක්වති. බොහෝ විට මෙය ගීතයක් ගායනා කිරීම, විකට නාට්‍යයක් අනුසාරයෙන් යමක් කිරීම හෝ විවිධ විහිළු තහළු වලට සීමා වේ යැයි පැවසුවත්, නවක වදය දෙනු ලබන්නාගේ සහ කණ්ඩායමේ මානසිකත්‍වය අනුව දැඩි ශාරීරික අපහසුතා මධ්‍යයේ සමහර විට නවක වදයට ලක් වන්නා මරණය කරා ගෙනයාමට පවා හැකියාව ඇත. ඒ පිළිබඳව ඕනැවටත් වඩා සාක්‍ෂි අප හමුවේ අනන්තවත් පවතී.

නවක වදයේ බලාපොරොත්තු මේ සරළ හඳුනාගැනීම ඉක්මවා බොහෝ ඈතට දිව යන්නකි. සරළව හඳුනාගැනීමට ඉක්බිතිව ජ්‍යෙෂ්ඨයන් විසින් නවක සිසුවියන් පෙම්වතියන් (සහ සමහර විට දිගුකාලීන ඇසුරකින් පසු භාර්යාවන්) බවට පත් කර ගැනීම ඉන් ප්‍රධාන වන අතර එහි වැරැද්දක් දකින්නට මට නොහැක. සිය දේශපාලන දර්ශනය අනුන්ගේ ඔළු තුළට එබ්බවීමට නවක වදය උපකාරී කරගැනීම නම් ඛෙදජනකය. සරසවි සිසුනට දේශපාලනය අවශ්‍ය නැතැයි මම නොකියමි. තරුණ පරම්පරාවේ දේශපාලන දර්ශනය රටේ අභිවෘද්ධියට අවශ්‍යම දෙයකි. තරුණ රුධිරය – තරුණ ජවය නොමැති රටක් ඉදිරියට ගියේ නැති. එසේ වුවද තරුණ පරම්පරාවට සිය දේශපාලනය තමන්ට රිසි පරිදි කරන්නට ඉඩ දෙනවා වෙනුවට එය බලෙන් එබ්බවීම සහ ඔවුන් බලෙන් සිය දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම කටුක සත්‍යයයි. එයට මා විරුද්ධය. නවක වදයට කිසියම් නවක සිසුවකු විරුද්ධ වන්නේ නම් ඒ ඔහුගේ/ඇයගේ අවසානයම වන්නට ඉඩ තිබීම අතිශය ඛෙදජනකය. ඒ සිසුන්ගේ මානසිකත්‍වය කෙතරම් පිරිහීමකට ලක් වී ඇත්දැයි කියැවෙන කදිම මිම්මකි.

නවක වදය කෙනෙකුට ලබා දීම යමෙකුට සරළ විහිළුවක් වුවත්, තවත් තවත් කෙනෙකුගේ මානසිකත්‍වය සම්පූර්ණයෙන් බිඳ දමා ඒ පුද්ගලයා තනිකරම මානසිකව අඩපණ කරවීමට තරම් සමත් අවියකි. සරසවියට තේරී පත්වන සියළුම සිසුන්ගේ මානසික මට්ටම එකම සහ ඉහල තත්ත්‍වයක පසු වන්නේ නැත. ඔවුන් තම තමන්ට ආවේණික විවිධ ප්‍රශ්න, විවිධ සංකූලතා සහිතව මේ පොදු සමාජය වෙත පැමිණෙන්නවුන් වෙති. මේ සියළුම දෙනා එකම මට්ටමේ ලා සැලකිය නොහැක. නවක වදයෙන් කරන්නට යන්නේ සියල්ලන් එකම මට්ටමකට ගෙන සැලකීමයි. එය කළ හැකිද ? ඔබම සිතා බලන්න.

අනෙක් කාරණය වන්නේ සරළ විහිළුවෙන් ඔබ්බට ගිය ශාරීරික නවක වදයයි. මානසිකව මෙන්ම මේ සියළුම සිසු සිසුවියන් ශාරීරිකවද එකම මට්ටමක නැත. සාමූහිකව ලබා දෙන ශාරීරික නවක වදයකදී මේ සියළුම සිසුන් එකම මට්ටමක එය ඉටු කරන්නේද නැත. එවිට සමහරක් දැඩි පීඩාවකට ලක් වන අතර තවත් සමහරක් මානසිකව ඇද වැටීමටකටද ලක් වේ.  දරාගත නොහැකි වූවන් විවිධාකාර ආබාධ වලටද ලක් විය හැක. මේ දහවල් සිදු වන ක්‍රියාදාමයයි. රාත්‍රිය මෙයට වඩා සම්පූර්ණ වෙනස් විය හැකිය (වෙනස් විය හැකිය යන්න සඳහන් කළේ පුවත්පත් සහ වෙනත් මාධ්‍ය මාර්ගයෙන් මිස, මේ ක්‍රියාදාමය පිළිබඳ ඍජු අත්දැකීමක් හෝ කිසිවෙකුගෙන් අසා දැනගැනීමක් මට නොමැති නිසාය) මා දන්නා පරිදි සමහර නවක වද අතිශය ගුජුප්සාජනක පර පීඩක කාම ක්‍රියාවලින් වෙනස් නොවන්නකි. නිරුවත් කිරීම්, විවිධාකාර  අනියම් “ලිංගික අතවර” මෙයට අයත් වේ. විශ්ව විද්‍යාලයට තේරී පත් වන සමහර ග්‍රාමීය සිසු සිසුවියන් ලිංගිකව එතරම් විවෘත භාවයකින් කතා නොකරති, ක්‍රියාව (විශේෂයෙන් තවෙකෙකු හමුවේ නිරුවත් වීම වැනි දෑ ගැන) කවර කතාද ? මෙයින් සිදු වන්නේ ද මානසිකව බොහෝ දෙනා ඇද වැටීම විනා මානසිකව ශක්තිමත් වීම නොවේ. මේවා ශිෂ්ඨ සමාජය ලක්‍ෂණ නොවේ. අතීතයේ වෙනත් ගෝත්‍රවල මිනිසුන් හමු වූ විට ඔවුන්ට වද දී මරාගෙන කෑ අයුරින්ම විශ්ව විද්‍යාලයට යන නවක සිසුන්ට සැලකීම අතිශයින් ප්‍රාථමික මානසිකත්‍වයක් ඇති පුද්ගලයන් කොට්ඨාසයක ක්‍රියා කලාපයකි. සත්තකින්ම මා හට කිසිවකු නවක වදය දුනහොත් මා උගෙන් කවදා හෝ පලි ගන්නා බව මට සහතිකය.

නවක වදය චක්‍රයකි. අද නවක වදයට ලක් වන්නා ලබන අවුරුද්දේ තමන්ට ලැබුන දේ අනුන්ට දීමට කටයුතු කරති. සමහරක් ඉන් වැලකී සිටියද සියල්ලන්ම එකම මානසිකත්‍වයක නැත. මේ නිසාම නවක වදය සෑම අවුරුද්දකම විවිධාකාරයෙන් සිදු වේ. විශේෂ සිදුවීමක් නොමැති නම් එය විශ්ව විද්‍යාලයෙන් පිටත සමාජයට දැනගන්නට යමක් නැති දෙයකි. සිසුවකු මියගියහොත් හෝ වීඩියෝවක් පිටතට නොපැමිණියහොත් කිසිවකු මේ නවක වදය සිදු වනවාදැයි යන්න නොදනී. මේ ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලවල සහ සමහර රාජ්‍ය අධ්‍යාපනික ආයතනවල තතත්ත්‍වයයි.

දැන් පෞද්ගලික අධ්‍යාපන ආයතනවල කටයුතු දෙන අවධානය යොමු කරමු. පසුගිය කාළය තුළ පෞද්ගලික අධ්‍යාපන ආයතන රාශියක් ලංකාවේ බිහිවිය. NIBM, SLIIT, රසායන විද්‍යා ආයතනය, සහ වෙනත් උසස් අධ්‍යාපන ආයතන මේ ගණයට අයත් වේ. මේ සියල්ලෙහිම ඉගෙන ගන්නේ ලාංකීය සිසුන්ය, සමහරු විශ්ව විද්‍යාලයේ මෙන්ම මේ ආයතනවලද අධ්‍යාපනය ලබන්නෝ වෙති. වෙනස වන්නේ මේ සියළුම ආයතනවල අධ්‍යාපනය ලැබීමට කිසියම් මුදලක් ගෙවිය යුතු වීමයි. එසේම සිසු දේශපාලනය අවම තත්ත්‍වයක පැවතීමයි. මා දන්නා රසායන විද්‍යා ආයතනයේ නවකයන් පිළිගත්තේ නවක වදය වෙනුවට නවකයින් පිළිගැනීමේ සාදයකිනි. දෙවන වසරට සමත්වන සිසුන් විසින් සංවිධානය කරනු ලබන මෙහි තත්ත්‍වය දැන් දස වසරකට පෙර පැවති තත්ත්‍වයෙන් ඉදිරියට ගොස් මනාව සංවිධානය කල ඉතා උසස් ගණයේ සාදයක් බවට පරිවර්තනය වී ඇත. මෙයින් කිසිවකුට සිත්රිදීමක්, ශාරීරික හිංසාවක් හෝ මානසික වදයක් සිදු නොවේ. සිසුන් සහ ගුරුවරුන් සියළුම දෙනා සහභාගී වන මේ සාදය දෙපිරිසටම විනෝද විය හැකි විවිධාංගීකරණය වූ වැඩ සටහන් වලින් සමන්විත වේ. අවසන මේ සියළුම දෙනා සතුටින් විසිර යනවා පමණක් නොව පෙර කී නවක වදයේ වූ අරමුණු වන හඳුනාගැනීම, පෙම්වතියන් සොයා ගැනීම ආදී සියළුම අරමුණු මේ සාදය සිදු වනවිට සාක්‍ෂාත් වී හමාරය.

මේ ආයතනවලට ද ඉගෙන ගැනීමට පැමිණෙනන්නේ ලාංකීය සිසුන් වන අතර ඔවහු සියල්ල රිදී හැන්දෙන් කිරී බිවු ධනවත් අය නොවෙති, බොහෝ දෙනා විශ්ව විද්‍යාලවල මෙන්ම මධ්‍යම පාන්තික පවුල්වල දරුවන්ය. නමුත් මෙයින් පෙනෙන්නේ මේ මානසිකත්‍ව දෙකෙහි වෙනසයි.

විදේශ (ඇමරිකානු) විශ්ව විද්‍යාලවල තත්ත්‍වය මෙයට තරමක් වෙනස් වේ. නවකයන් වෙනුවෙන් සාද සහ වෙනත් දෑ අනන්තවත් පැවැත්වේ. එය ද විවිධාකාරය. මේ විශ්ව විද්‍යාලවල සිසු සංගම් කිහිපයක් ඇත. ඒවා Fraternity (පුරුෂ පක්‍ෂය – සහෝදර සංගම්) සහ Sorority (ස්ත්‍රී පක්‍ෂය – සහෝදරියන්ගේ සංගම්) යනුවෙන් පොදුවේ හැඳින්වුනත්, ඒවාට විවිධ ග්‍රීක අක්‍ෂර යොදාගත් (ΚΣΔΨ ආදී නමුත් කිසියම් තේරුමක් ඇති සංගම්)  විශාල මධ්‍යම සංගමයක සාමාජික සංගම් වේ. මේවායේ විවිධාකාර අරමුණු ඇතත් ඒ අතරින් කිහිපයක් හෝ අධ්‍යාපනික වැදගත්කමක් ඇති අරමුණු සහිත සංගම් වේ. (මේ පිළිබඳ වෙනම ලිපියක් ලිවීමට තරම් කරුණු ඇත) මේ සංගම් මගින් පැවැත්වෙන විවිධාකාර සාද සහ ක්‍රියාකාරකම් අතර ද සරළ නවක වද අතරින් පතර දක්නට ඇත. එමෙන්ම සියළුම නවක සිසුවෙකු සිසුවියෙකුට ජ්‍යෙෂ්ඨ සිසුවෙකු උපදේශකයෙකු ලෙසින් පත් වේ. ඔහුට/ඇයට මඟ පෙන්වන්නේ මේ ජ්‍යෙෂ්ඨ සිසුවා/සිසුවියයි. ඒ බැඳීම දිගුකල් පවතී.  මේ රටෙහි නවක වදය ලබා දීම සපුරා තහනම් වන අතර එය ලබා දෙන්නවුන් වැරදිකරුවන් වුවහොත් ශිෂ්‍යභාවය අහෝසි වේ. (ඉන් එහාට උද්ඝෝෂණ උපවාස කිසිවක් නැත – වැරැද්ද වැරැද්දමය) අවසන සාදයකි. හඳුනාගැනීම් ප්‍රේම සම්බන්ධතා මෙන්ම ලිංගික සම්බන්ධතාද එතැන ඇත. කෙසේ වුවත් හමුදාමය ආයතනවල මේ තත්ත්‍වය තරමක් වෙනස් බව අසන්නට ලැබේ, මෙහිදී විවිධාකාර නවක වදයන් ලබා දෙන්නේ එකිනෙකාගේ ශක්තිය සහ දරා ගැනීමේ හැකියාව උරගා බැලීමටය – මරා ගැනීමක් සිදු නොවන අතර දන්නා පමණට අභියෝගයට කැමැත්තෝ ඉදිරිපත් වෙති. මේ නවක වදයේ තවත් අන්තයකි.

එසේ නමුත් මෑතකදී ෆ්ලොරිඩාවේ පාසලක බෑන්ඩ් කණ්ඩායමක නවක සිසුවෙකුට නවක වදය ලබා දීම නිසා ඔහු මියගියා.. මෙය ඇමරිකාවේම මහත් ආන්දෝලනයක් ඇතිකළ සිද්ධියක් වුනා. ඇමරිකාවේ පාසල් සිසුන් 47% ක් විශ්ව විද්‍යාලයට පැමිණෙන විට නවක වදයට ලක් වන බව මෑතකදී පළ වුනා. මේ තත්ත්‍වය දැන් දැන් දරුණු වන බවයි පැවසෙන්නෙ. කෙසේ වුනත් මේ රටවල නීති දැඩියි. කවුරු වැරැද්ද කළත් දඬුවම ලැබෙනවා. කවුරුවත් උද්ඝෝෂණ කරන්න යන්නෙ නෑ…. මේ නිසාම එයට සහභාගි වන්නන් තම අනාගතය අඳුරු කරගන්න අවස්ථා ඕන තරම්.

මේ කොහොම වුනත් අපි කවුරුවත් කැමති නැහැ ශාරීරිකව කිසිවෙකුගෙන් පීඩා විඳින්න… නවක වදය නැති විය යුතුම නැහැ. සරළ විහිළුවකින් පටන් අරන් නවක වදය සුන්දර අත්දැකීමක් කරන්න අවශ්‍යතාවය ඇති අයට පුළුවන්. තමනුත් ගිය අවුරුද්දේ තමන්ට ලැබුණ වදය මේ අවුරුද්දේ නවක සිසුන්ගෙන් ලබා ගන්න උත්සාහ කරනවා නම් එතැන ඇත්තේ සරළ නවක වදයක් නොවෙයි පළි ගැනීමක්. මේක චක්‍රයක් වගේ ඉදිරියට යාවි. කවුරු හරි ඒක නවත්වනවා නම් ලොකු දෙයක්. ඒ වගේම නීති මගිනුත් කටයුතු කිරීම කළ යුතුමයි. රටකට සවිමත් නීති පද්ධතියක් අවශ්‍යයි, ඒ වගේම ඒවා හරි හැටි ක්‍රියාත්මක විය යුතුයි.

අවුරුදු 12 ක් පාසල් ගිහින් වසර දෙකක් හෝ වැඩි ගණනක් උසස් පෙළට මහන්සි වෙලා විශ්ව විද්‍යාලයට තේරී පත් වන සිසුන්ට තවත් දෙන්න වදයක් ඉතිරි වෙලා නැහැ… ඔවුන් ඇති තරම් වදයන්ට ලක් වෙලා හෙම්බත් වෙලයි ඇවිත් ඉන්නෙ… ඒ නිසා මේ වදය දැන්වත් නවත්වමු. අපේ සහෝදර සහෝදරියන්ට මිනිසුන් මෙන් සලකන්න පුරුදු වෙමු. අපි අන් අයට සලකන විදියට තමයි අන් අය අපටත් සලකන්නෙ.. තමන් ශාරීරිකව හිංසා පීඩා විඳින්න අකැමැති ආකාරයටම තමන් අනිත් අයත් එයට අකමැති. ඒක තේරුම් ගන්න මොළයක් නැති පුද්ගලයින් විශ්ව විද්‍යාලයකට වටින්නෙ නැහැ. ඉතිං ඔවුන් එතැනින් ඉවත් කරලා ඉගෙන ගන්න කැමති සිසුන්ට එතැන ඉඩ ලබා දීම බලධාරීන්ගෙ යුතුකමක්. විශ්ව විද්‍යාලයක සිටිය යුත්තේ විද්‍යාර්ථින් විනා මැරයින් මැරවරියන් නෙවෙයි. ඉගෙන ගන්න කැමති එකාට ඉගෙන ගන්න දෙන්න.. බලෙන් රැග් වෙන්න එන අයට රැග් දෙන්න… සමහර නවක වද කාලවල සිසුන්ට පුස්තකාලය පරිහරණය කරන්නත් තහනම් ලු… තවත් කියන්න දෙයක් නෑ… ඔබ දන්නවා මේ දේවල් ගැන… ශාරීරික නවක වදය නැවතිය යුතුමයි.

බොහෝ විදේශ විශ්ව විද්‍යාලවල ආරක්‍ෂක කැමරා සවි කරලා තියෙනවා. ආරක්‍ෂාවට මෙන්ම සිදු වන විවිධ අකටයුතුකම් නවත්වන්න… මේ කටයුතු මේ වගේ ඉදිරියට ගියොත් අපේ විශ්ව විද්‍යාලවලත් ආරක්‍ෂක කැමරා, පොලිස් ඒකක ආදී විදේශ විශ්ව විද්‍යාලවල ඇති අංගෝපාංග ඇතුලත් වීම නවත්වන්න බැරි වේවි. තවමත් මේ දේවල් ක්‍රියාත්මක නොවුනෙ ඇයි කියන එකත් මට ප්‍රශ්නයක්…

ඉතිං අපේ සහෝදර නවක සිසු සිසුවියන්ට මිනිස්සුන්ට වගේ සලකමු… ගෞරවය බලෙන් ලබා ගන්න බැහැ.. බලෙන් ලබා ගත් ගෞරවය දිගු කල් පවතින්නෙත් නැහැ… බුද්ධිය වැඩි වන්න වැඩි වන්න මානුෂිකත්‍වයත් වැඩි විය යුතුයි. විනයක් නැති බුද්ධිය සමාජයකට පිළිලයක්… විශ්ව විද්‍යාලවලට සමත් වෙන ඔබ සියළුම දෙනා බුද්ධිමත්, අනෙක් අයට වඩා යමක් කමක් කළ හැකි අය… ඒ හැකියාව හරි පැත්තට යොදන්න… විශ්ව විද්‍යාලවලට අළුතෙන් එන නවක සිසුන්ට සිසුවියන්ට අයියෙක් අක්කෙක් වෙන්න…  බලෙන් නෙවෙයි ආදරෙන්.. එවිට ඔවුන් හැමදාම ඔබට ගෞරව කරාවි,… ළඟින් හිඳීවි..

අද ඉඳලා වෙනස් වෙන්න…. ජීවිතේ සුන්දර වේවි…..

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on ජූනි 7, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , . Bookmark the permalink. ප්‍රතිචාර 8.

  1. Ragging is a practice in educational institutions in India, Pakistan, Bangladesh and Sri Lanka ………

    මළා! අර්ථදැක්වීමෙම නම තියනවනෙ O.o

    කැමතියි

  2. අපේ රටේ කැම්පස් යන්නේ පහේ ශිෂ්‍යත්වයේ සිට උසස්පෙළ දක්වා පොතේම ඇලී සිටි සිසුසිසුවියන්ය. ඔවුන් හොඳ ළමයින්ය.( ඒසේ නොවූ අල්පයක් නැතුවා නොවේ). කැම්පස් එකට එනවිට වයස 18ක් පමණ වුවත් බොහෝ කොල්ලන් කෙල්ලෙකුගේ අතකින් අල්ලාවත් නැත. නිල් චිත්‍රපටයකින්වත් මිනිස් සිරුරේ අසිරිය දැකනැත. මොවුන් තමන්ගේ ලිංගික අවශ්‍යතා යටපත් කර ගැනීම නිසා ඇතිවූ මානසික පීඩනය මුදාහැරීමක් රැග් නිසා සිදුවේ.

    ඔබ කියන SLIIT, NIBM යන්නේ උසස්පෙලින් අඩු ලකුණු ලැබූ අයයි. ඉන් බොහෝ දෙනා වයසට අදාල දේ කල අයයි. හැරත් ඔවුන්ට ආණ්ඩුවේ රැකියාවකට යාමේ උන්මාද සිහිනයක් නැත.

    කැමතියි

  3. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ නමින් කොමෙන්ටු පල කරන පුද්ගලයට ආචාර්ය උපාදියක් නැත අයි ඔහු මෙහෙම ජනතාව මුලා කරන සත පනහේ වැඩ කරන්නේ , සුජිත් නිශාන්ත හේවගේ ඔබ PHD ලැබූ විශ්ව විද්‍යාලය සහ ඔබගේ PHD Supervisor’s නම් ලිපිනය හැකිනම් සඳහන් කරන්න මෙය ඔබට අභියෝගයකි

    කැමතියි

  4. Brutal Ragging in the Sri Lankan Universities: Video Evidence
    Posted on June 7th, 2012
    by Darshani Wimalasuriya
    Sri Lankan universities are full of violence and human right violations. Ragging has paralysed the university education structure and discipline. A new video reveals the inhuman nature of ragging that occurred at the University of Ruhuna. (http://www.youtube.com/watch?v=ClymCgN28sw ). This video contains extremely disturbing graphics and victims are forced to physical and mental violence. This is the reality of the Sri Lankan Universities and unfortunately the University Authorities have not taken any preventable steps to eradicate the brutal ragging.

    Ragging and Low Quality of Education

    The Education quality of the Sri Lankan universities have dropped significantly over the past two decades. According to the World ranking Sri Lankan universities are now lower than most of the Third World Universities.

    World University Ranking 2011

    Harvard University – According to the World Ranking number 1

    Oxford University -World Ranking number 6

    Swiss Federal Institute of Technology Zurich -World Ranking number 15

    University of Hong Kong -World Ranking number 21

    University of Tokyo -World Ranking number 26

    Pohang University of Science and Technology South Korea -World Ranking number 28

    Peking University China -World Ranking number 37

    University of Alexandria Egypt -World Ranking number 147

    Moscow State University -World Ranking number 155

    Indian Institute of Science Bangalore -World Ranking number 559

    Makerere University Uganda -World Ranking number 1062

    University of Zimbabwe -World Ranking number 2246

    University of Colombo Sri Lanka -World Ranking number 2690

    University of Moratuwa Sri Lanka -World Ranking number 2324

    University of Peradeniya Sri Lanka -World Ranking number 2615

    University of Ruhuna Sri Lanka -World Ranking number 2552

    Open University Sri Lanka -World Ranking number 4189

    (Ranking Web of World Universities : http://www.webometrics.info/ World University Ranking 2011-2012 : http://www.timeshighereducation.co.uk/world-university-rankings/2011-2012/top-400.html)

    Inhuman nature of Ragging

    The senior students of the Sri Lankan universities use physical and sexual harassments to control the newcomers. Among the sexual violence forcefully stripping naked, forced masturbation, forced to perform oral or anal sex, sexual act simulation, urinating on victim, inserting pens and candles to the victim’s anus or vagina, smearing tooth paste or marmite in the victims genitals, forcing to wear clothes without undergarments (without panties or jockstraps ) , bucketing or throwing dirty water with animal and human feces, swearing with utter filth, interrogating the victim with thousands of vulgar questions, forced to repeat filthy words or sing filthy songs in front of a group etc. are quite common. Although rape and sodomy are rare the recent reports indicate that these types of extreme form of violence are slowly emerging in the Sri Lankan Universities.

    Sri Lanka may be the only country where ragging is used to murder people, particularly University students and school children. In addition to murder there have been a large number of cases of causing deformities, torture, trauma and untold pain of mind. This wickedness, inhuman behaviour and villainy, resorted to by some psychologically deranged University students, has now spread to schools, armed forces, training colleges, technical institutions, religious institutions and generally everywhere in Sri Lanka. (Stop murder by ragging –S B. Buddhadasa)

    Ragging is criminal assault

    Ragging is a violation of a basic human right protected by the Constitution of Sri Lanka, the supreme law of the country. Any citizen can petition the Supreme Court in terms of Article 126 of the Constitution in case of a human right violation. The Constitution highlights ruthless, brutal or contemptuous treatment to any party by another as a violation of human rights.

    Article 126 refers to filing action in the Supreme Court for human rights violations. The Article that also gets transgressed is Article 10 (and others) dealing with fundamental rights.

    These Constitutional constraints are equally applicable to those in schools, universities, or elsewhere, irrespective of age. Any civil or criminal offences executed by them are liable to be punished and shall be produced before the relevant court and subject to suitable punishment after a trial and conviction.

    It is also a contravention of a specific Act on ragging, passed by the Sri Lanka Parliament, Prohibition of Ragging and Other Forms of Violence in Educational Institutions Act, No. 20 of 1998. The detailed heading specifies that it is an Act to eliminate ragging and other forms of violent and cruel, inhuman and degrading treatment from educational institutions:

    “Any person who commits or participates in ragging within or outside the educational institution, shall be guilty of an offence under this Act and on conviction after summary trial be liable for a term not exceeding two years. The victim shall be paid a compensation of an amount determined by court in respect of the injuries caused to such person.” (Ragging – My Experience Dr Brian Senevirathne)

    The University Authorities turn a blind eye to Ragging

    The university authorities are turning a blind eye and a deaf ear to brutal ragging in the Sri Lankan Universities and they do not take initiative or leadership to end ragging in their educational institutions. Most of the university professors and lecturers have a past history of ragging and violence in their student days and opposing ragging is morally challenging them. Therefore most of the university authorities do not take effective actions to prevent ragging and violence.

    The student political groups use ragging as a weapon to control the new students and to indoctrinate them. There are unspeakable human right violations occurring inside the Sri Lankan universities and many university professors and other authorities maintain silence. Many of the sexual and physical harassments are covered by the university establishment and the general public is unaware of most of the horrible events that occur in these educational institutions. Majority of the university lecturers do not want to get involved in internal politics or to have grudges with the extremist student groups. Sometimes inhuman form of ragging is happening in front of their eyes and still they do nothing to stop it. Many university teachers pretend that they did not see the incident and move away. Only a handful of Western educated academics with their moral upbringing oppose ragging in our universities and they see the ruthless nature and gross human right violation in hazing.

    Myths and Facts about Ragging

    1) Myth Ragging makes a student bold and prepares us for the difficult circumstances in Life. It makes us strong.

    Fact : Boldness as instilled by ragging is a weak acceptance of fate by victims. It teaches us how to be exploited and mutely, non-resistively accept it.

    2) Myth Ragging helps in breaking the ice between the seniors and freshers. It helps in their interaction and developing friendship between them.

    Fact :Ragging is an archaic method of interaction with several harmful effects. Today with advance psychological science there are many other healthy ways of interaction which are more effective and without any human rights abuse.

    3) Myth Ragging generates a feeling of unity and Oneness.

    Fact :Ragging divides the students on the lines of caste, region, class etc. It sets mob mentality in the students.

    4)Myth Severe Ragging is not prevalent anymore.

    Fact: Severe ragging is widely prevalent in most of the University hostels. There have been deaths due to ragging The problem is not yet solved, it is just hidden.

    5) Myth After the ban on ragging, colleges have geared up against it.

    Fact :Many colleges now try their best to keep the incident under the cover to save themselves from embarrassment and the reputation of the college.

    (Ragging in Indian Universities and Colleges Coalition to Uproot Ragging from Education)

    Sir Ivor Jennings, the first Vice-Chancellor of the University of Peradeniya once said the fundamental task of higher education is to produce men and women who are capable of fulfilling any function in the world that may fall to their lot, citizens of high intelligence, complete moral integrity and possessing energy, initiative, judgement, tact, and qualities of leadership” (Jennings, 1948). The perpetrators who commit serious violence and human right violations in the Sri Lankan Universities do not have the central qualities such as moral integrity, leadership and intelligence that Sir Ivor Jennings mentioned. These are wasted people and they have nothing to offer to the society. These people do not deserve to be called “University Students”.

    කැමතියි

  5. නවක වද කථිකාව තව දුරටත්

    | අමිල ගුණරත්න

    රුහුණු විශ්ව විද්‍යාලයේ පසුගිය කාලයේදී සිදුවූ නවක වද සම්බන්ධයෙන් වීඩියෝ පටයක් එලියට දමා තිබේ. (බලන්න http://www.youtube.com/watch?v=ClymCgN28sw) මෙම වීඩියෝ පටය බැලීමට පවා හිරිකිත එකකි. නවකයන්ට කුණු වතුර බකට් කිරීම, මඩ ගොඩේ පිනුම් ගැසීමට සැලැස්වීම වැනි වනචාරී ක්‍රියා බලෙන් සිදු කරති. සමහර ජේෂ්ඨයන් පොලු අතේ තබාගෙන ඉතා පහත් භාෂාවකින් නවකයන්ට ආමන්ත්‍රණය කරති. ජේෂ්ඨ සිසුවියන්ද ඊට දෙවෙනි නැත. තිරිසන් අන්දමට නවක සිසු සිසුවියන් වධයට ලක් කරමින් ඔවුන් සතුටක් විඳිති . මෙම වීඩියෝ පටය ලංකාවේ විශ්ව විද්‍යාල තිබෙන පහත් මට්ටම ගැන පවසන නිහඬ සාක්ෂියකි. අධ්‍යාපනික වශයෙන් ද ලංකාවේ විශ්ව විද්‍යාල ඉතාම පහලම මට්ටමටම ඇද වැටී තිබේ.

    ගුණාත්මක භාවයෙන් පිරිහී ගිය ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල
    ගුණාත්මක භාවයෙන් අපගේ විශ්ව විද්‍යාල ලෝකයේ අසාර්ථක රාජ්‍යයන්ටත් වඩා පහතින් සිටිති. මේ නිසා අන්තර්ජාතිකව අපගේ විශ්ව විද්‍යාල වලට කිසිදු පිළිගැනීමක් නැත. අධ්‍යාපන ගුණාත්මක භාවය අඩු වීමට ලංකාවේ විශ්ව විද්‍යාල වල පවතින නවක වදයද එක හේතුවකි. අප්‍රිකාවේ නොදියුණු රටක් ලෙස සැලකෙන උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලය ( Makerere University ) 2011 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 1062 ස්ථානයට පත් වී තිබේ. කොළඹ විශ්ව විද්‍යාලය අද අර්බුද සහිත අසාර්ථක රාජ්‍යයක් බවට පත් වී තිබෙන අප්‍රිකාවේ සිම්බාබ්වේ රාජ්‍යයේ අධ්‍යාපනික හා ගුණාත්මක භාවයෙන් අඩු සිම්බාබ්වේ විශ්ව විද්‍යාලයටත් වඩා පහතට වැටී තිබේ. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව සිම්බාබ්වේ විශ්ව විද්‍යාලයට 2246 වන ස්ථානය ලැබී තිබෙන අතර කොළඹ විශ්ව විද්‍යාලයට ලැබී තිබෙන්නේ 2690 ස්ථානයයි.( උපුටා ගැනීමwebometrics.info ) 2011 ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගතකිරීම් අනුව මොරටුව විශ්ව විද්‍යාලය 2324 ද , පේරාදෙණිය විශ්ව විද්‍යාලය 2615 ද රුහුණ විශ්ව විද්‍යාලය 2552 ස්ථානය නියෝජනය කරන අතර ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය (Open University of Sri Lanka) ඉතාමත් පහළ 4189 ස්ථානයට පත්ව තිබේ. සාක්ෂරතාවයෙන් ශ්‍රී ලංකාවට වඩා බොහෝ පහළින් සිටි අප්‍රිකානු, ආසියානු සහ ලතින් ඇමරිකානු රටවල විශ්ව විද්‍යාල ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පරාජය කොට තිබෙන අතර ලතින් ඇමරිකාවේ පහතින්ම සිටින වෙනුසිලාවේ Universidad Simón Bolívar Venezuela විශ්ව විද්‍යාලයද ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වලට වඩා බොහෝ ඉදිරියෙන් සිටියි. (ගුණාත්මක බවින් තවත් පහළට වැටෙන ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල – [සුපුන් පෙරේරා])

    නවක වදය ගැන සබරගමුව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය මහින්ද එස්. රූපසිංහ මෙසේ කියයි
    විවිධ මානසික රෝග තියෙන ළමයි විශ්වවිද්‍යාල වලට එනවා. ඒ අය තමන්ගේ මානසික ආශාවන් විවිධ ආකාරයට ප්‍රකාශ කරනවා. මේ නිසා අලුතින් විශ්වවිද්‍යාල වලට එන දරුවන්ට මේවාට මුහුණ දෙන්නට සිදු වෙනවා. සමහර සිසුන්ගේ ගෙවල්වල තියෙන ප්‍රශ්න පිටකරන්නේ ළමයින්ගේ පිටින්. මානසික අතින් පහළ මට්ටමක සිටින මේ අය මේවා කිරීමෙන් උපරීම තෘප්තියක් ලබනවා. ඔවුන් අලුත් ශිෂ්‍යයන් අතර වීරයන් වෙන්නට උත්සාහ කරනවා. විදේශීය විශ්වවිද්‍යාල වල මේ වගේ දේ දකින්නට නැහැ. අඩුම තරමේ පෝස්ටරයක් වත් දකින්නට නැහැ. විශ්වවිද්‍යාල දරුවන්ට අද වියදම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. නිදහස් අධ්‍යාපනය නිසා හැම දේම නොමිලයේ රජයෙන් ලැබෙනවා. මේ නිසා දරුවන්ට අධ්‍යාපනයේ වටිනාකමක් ලැබෙන්නේ නැහැ. දරුවෝ මේ නිසයි තමන්ගේ වටිනා කාලය අනවශ්‍ය දේට යොමු කරන්නේ. මේ දේවල් නිසා සමහර අයට විශ්වවිද්‍යාල පවා හැර යන තත්ත්වයක් මතු වෙනවා. එම නිසා මේ නවක වද පීඩා තිබේනම් වහාම නතර කළ යුතුයි. අපි විශ්වවිද්‍යාල තුළ මේ වගේ දරුණු නවක වදයට තදින්ම විරුද්ධයි. මේවාට දඬුවම් දිය යුතුයි. වැරැද්දේ බරපතල කම අනුව දඬුවම් දිය යුතුයි. මේ අය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තබා ගැනීම පවා සුදුසු නැහැ. මේ අයට විරුද්ධව නඩු පැවරිය යුතුයි.

    ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වල පවතින මෙම තිරිසන් නවක වදය නැවැත්වීමට විශ්ව විද්‍යාල පාලකයන් සාධනීය පියවර ගන්නේ නැත
    ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වල පවතින මෙම තිරිසන් නවක වදය නැවැත්වීමට විශ්ව විද්‍යාල පාලකයන් සාධනීය පියවර ගන්නේ නැත එයට හේතු කරණා තිබේ. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදී සුගත් රාජපක්ෂ මෙසේ පවසයි.

    වර්තමාන විශ්ව විද්‍යාල බලධාරීන්ගෙන් 99% නවක වදය අනුන්ට සිදු කල වධකයන් හෝ නවක වදයට ලක් වූ වින්දිතයන් වෙති. නවක වදය නැති කිරීම සදාචාරාත්මක වශයෙන් ඔවුන්ට අභියෝගයකි. එම නිසා ඔවුන් ලංකාවේ විශ්ව විද්‍යාල වල පවතින අමානුෂික නවක වදය ගැන දරන්නේ උදාසීන පිළිවෙතකි. මේ නිසා ඔවුන් මේ හිංසන නැවැත්වීමට විධිමත් ක්‍රියාමාර්ග අනුගමනය නොකරති. ඔවුන් මෙම ප්‍රශ්නය දකින්නේ විශ්ව විද්‍යාල සමාජයේ සිදුවන සාමාන්‍ය සිද්දීන් ලෙසටය. අපිත් මේවා කෑවා තොපිත් දැන් මේවා කාපිය යන්න මෙම බලධාරීන් බහුතරයකගේ චින්තනය වී තිබේ. එම නිසා ලංකාවේ විශ්ව විද්‍යාල වලින් නවක වදය තුරන් කිරීමට නම් මුලින්ම කල යුත්තේ නවක වදය පිලිබඳ විශ්ව විද්‍යාල බලධාරීන්ගේ සහ ආචාර්ය මණ්ඩලයේ ආකල්ප වෙනස් කිරීමයි.නවක නවක වදයට ඇතැම් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ද වක්‍රාකාරයෙන් සහය දෙන බව රහසක් නොවේ. හේතුව නම් ඔවුන්ද මේ තිරිසන් ක්‍රමයේ නිෂ්පාදනයන් වීමය. අපිත් මේවල රැග් උනා උඹලත් රැග් වෙයල්ලා යනුවෙන් සිතන පිරිසක් ද සිටිති. එසේම ඇතැම් දේශපාලන පක්ෂ වලට කඩේ යන ආචාර්යවරුන් නවක වදය අනුමත කරති. සමහරු අනවශ්‍ය ගැටළු වලට මැදි වීමට ඇති බිය නිසා නවක වද නොදැක්කා සේ සිටිති. පසුගිය කාලයේ පේරාදෙණියේ කලා පීඨයේ මහාචාර්යවරයෙක් නායකත්ව පුහුණුව ගැන අදහස් දක්වමිනි ” දවස් 21 කට නායකත්ව පුහුණුව දුන්නට විශ්වවිද්යාලයට ආවහම ජේෂ්ඨ ශිෂ්යයන් ඔවුන් අඹරවා ගනියි” කියා පවසා තිබුණි. එසේම පේරාදෙණිය විශ්ව විද්යාලයේ පළමු වසර සිසුන්ට නවක වදය ලබාදෙන අවස්ථාවේදී ඒ බව දුටු ආචාරයවරයෙකු එය වැළැක්වීම සඳහා කිසිදු පියවරක් ගෙන නොමැති බවද වාර්තා වේ. පිටරට විශ්ව විද්‍යාල වල සේවය කොට තිබෙන සුළුතරයක් නවක වදයේ ඇති අමානුෂික , මිනිස් අයිතිවාසිකම් සිඳ හෙලන ස්වභාවය දකිති. ඔවුන් නවක වදයට දේශපාලන මති මතාන්තර වලින් තොරව එක හෙලාම විරුද්ධ වෙති.

    උසස් සදාචාරයක් සහ අධ්‍යාපනික සංස්කෘතියක් ඇති ලෝකයේ වෙනත් විශ්වවිද්යාලයක සරසවි සිසුවෙකු විසින් තවත් සිසුවෙකුට අසභ්‍ය වචනයෙන් බැන වැදීම , තර්ජනය කිරීම වැටෙන්නේ අපරාද හෙවත් ක්‍රිමිනල් වර්ගයේ වරදකටය. සංවර්ධිත අධ්‍යාපන සංස්කෘතියක් ඇති පිටරට විශ්ව විද්‍යාලයකට අඩියක් තබා ඇති ඕනෑම ලාංකිකයෙක් එය දනියි. එවැනි ක්‍රියාවක් කල තැනත්තාට එරෙහිව පොලිසියට හෝ අධිකරණයට යාමට පහසුකම් තිබේ. සරසවි බලධාරීන්ද මෙවැනි වර්ගයේ සුළු අපරාදයක් වුවද යට නොගසා නිතිය ක්‍රියාත්මක කරති. නමුත් තවමත් එවැනි අන්දමේ උච්ඡ අධ්‍යාපනික සහ සංස්කෘතික මට්ටමක් නැති ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල වල කුනුහර්පයෙන් බැනීම, අසභ්‍ය වචන කීම, තර්ජනය කිරීම සාමාන්‍ය සිදුවීම්ය. ජේෂ්ඨයෙකු විසින් තමන්ට ශාරීරික හිංසනයක් , ලිංගික අපරාදයක් නොකොට කුනුහර්පයෙන් බැනීම ශ්‍රී ලංකික විශ්ව විශ්ව විද්‍යාලයට ඇතුළුවන නවකයා සලකන්නේ වාසනාවක් හැටියටය. නවක වදයෙන් ලත් බේරීමක් ලෙසටය. මෙවැනි පුළුල්ව පැතිරී ගිය වාචික හිංසනයක් ඇති ග්‍රී ලංකික විශ්ව විද්‍යාල ජගත් විශ්ව විද්‍යාල මට්ටමෙන් කොතරම් පහත් ද සහ කොපමණ තිරිසන් මට්ටමක තිබෙන්නේද යන්න අවබෝධ කර ගත හැක්කේ සංවර්ධිත රටක විශ්ව විද්‍යාලයකට අඩිය තැබූ ලාංකිකයෙකුට පමණි. එවැනි අත්දැකීමක් නොලද , බාහිර ලෝකය ගැන අවබෝධයක් නොමැති ලංකික සරසවි සිසුවා තමා අධ්‍යාපනය ලබන්නේ මඩ ගොහොරුවක බව නොදැනීම කෙතරම් අභාග්‍ය සම්පන්නද ?
    ( වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල |-ඩී. සුගත් රාජපක්ෂ )

    මෙම වීඩියෝ පටය ගැන ඇමරිකාවේ විස්කොන්සින් හි විශ්ව විද්‍යාලයක පශ්චාත් උපාධිය හදාරන ලංකික සිසුවියක් මෙසේ පවසන්නීය

    ” මම ඉගෙන ගත්තේ කොළඹ බාලිකා විදුහලකය. උසස්පෙළ සමත් වී මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තේරුණ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ තිබුණු දරුණු නවකවද නිසා මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඉවත්ව ගොස් ඇමරිකාවේ අධ්‍යාපනය ලැබීමට තීරණය කලෙමි. ඇමරිකාවේ විශ්ව විද්‍යාල ලංකාවේ විශ්ව විද්‍යාල වලට වඩා බොහෝ වෙනස් ද යන්න මට වැටහුනේ ඇමරිකානු විශ්ව විද්‍යාලයකට පය ගැසූ දිනයේ සිටමය. කිසිවෙකු මට අසභ්‍ය වචන කියන්නට බලෙන් වියායාම කරවීමට , බලෙන් කුණුහර්ප සින්දු කියවීමට පැමිණියේ නැත. ජේෂ්ඨ කනිෂ්ඨ බේධයකින් තොරව සිසුන් එකිනෙකාට ගෞරව කළහ. කිසිවෙකු කිසිවෙකුගේ ගරුත්වය කෙලසුවේ නැත. ලංකාවේ විශ්ව විද්‍යාල වල සිසුන් එකිනෙකාට ගරු කරන්නේ නැත. ඔවුන්ට විරුද්ධ මත ඉවසිය නොහැක. සිසුන් අතර විශාල හීනමානයක් ඉර්ශියාවක් වයිරයක් තිබේ. බටහිර විශ්ව විද්‍යාල වලට සාපේක්ෂව ලංකාවේ විශ්ව විද්‍යාල යනු වනචාරී මෙන්ම අධ්‍යාපනික මෙන්ම සදාචාරාත්මක අතින් ද නොදියුණු ආයතන වේ. මේවා නියැන්ඩතාල් මානවයන් ඒකරාශී වන ස්ථාන ලෙස හැඳින්වීම වඩාත් නිවැරදි බව මට සිතෙන්නේ මෙම වීඩියෝව නැරඹීමෙන් පසුය. ලංකාව වැනි දුප්පත් රටකට විශ්ව විද්‍යාල අවශ්‍යද යන්න මට සමහර විට සිතේ. අපේ රටේ විශ්ව විද්‍යාල අහෝසි කොට ඒවා කාර්මික පාසල් බවට පරිවර්තනය කලොත් සමාජයට වඩාත් වැඩදායි ප්‍රයෝජනවත් ශ්‍රමිකයන් බිහි කර ගත හැක.

    ලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින නවක වදය
    ශ්රී ලංකාවේ වෛද්‍ය පීඨ වලද අති දරුණු අන්දමින් නවක වදය ක්‍රියාත්මක වේ. නිරුවත් කරවීම, අසභ්‍ය ඉරියව් අනුකරණයට බල කිරීම, සිසුවියන්ට කුණුහර්ප කීමට බල කිරීම , අසභ්‍ය කතා සහ සින්දු ලියා දී ඒවා සමුහය ඉදිරියේදී කියවීමට බල කිරීම, බලහත්කාරයෙන් වියායාම කරවීම බොහෝවිට සිදු වේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී දොස්තර ශාන්ත හෙට්ටිආරච්චි පවසන අන්දමට (උපුටා ගැනීම ලක්බිම පුවත්පත) කොළඹ වෛද්‍ය පීඨයේ 1978 වසරේදී දී වෛද්‍ය සිසුන් නැවතී සිටි ජීවක නේවාසිකාගාරයේ නවක සිසුන් සම්පුර්ණයෙන්ම නිරුවත් කොට පිරිමින්ගේ ලිංගේන්ද්රියෙහි පෙර සම ඉවත් කිරීමේ සැත්කම බොරුවට රඟ දක්වා තිබේ. මෙවැනි නිරුවත් කිරීම් ලංකාවේ වෛද්‍ය පීඨ වල සෑම වසරකම සිදු වන බව කොළඹ වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ වෛද්යවරයෙකු අප සමග පැවසිය. වැඩි දුරටත් කරුණු දැක්වූ ඔහු 2004 වසරේදී කොළඹ වෛද්ය පීඨයේ නවක වද සමයේදී නවකයන්ට මතක ශක්තිය වැඩි කිරීමට කියමින් ජේෂ්ඨ සිසුවෙකු විසින් හස්ත ක්‍රමයෙන් මෝචනය කරන ලද ශුක්‍රානු කහට තේ වලට දමා බීමට බළ කල බව හෙළි කරයි. මෙම ශුක්‍රානු මුසු කහට තේ සිසුවියන් අප්‍රසාදයෙන් බොන විට ඔවුන් නවක වදයට ලක් කල ජේෂ්ඨ සිසුන් කොක් හඬ නගමින් සිනාසී තිබේ.

    ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින අමානුෂික ක්ෂිතිමය නවක වද නිසා වෛද්‍ය විද්‍යාල වලින් පිටවන්නේ මිනිස්කම නොහඳුන නරුමයන් බව මෙම ජේෂ්ඨ වෛද්යවරයා පවසයි. ඔහුගේ කතාවේ යම් සත්‍යයක් තිබේ. ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කල ඇතැම් වෛද්‍යවරුන් සිතාගත නොහැකි අන්දමේ අපරාධ කොට තිබේ. උදාහරණයක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ සුදර්ශන බාලගේ නම් සීමාවාසික වෛද්‍යවරයා මීගමුව රෝහලේ දී තමාගෙන් බෙහෙත් ගැනීමට පැමිණි චමිලා නමැති වෙළඳ කලාපයේ තරුණිය දුෂණය කොට රෝහලේ 6 වෙනි මහලින් බිමට ඇද දමා මරා දමන ලදී , කරාපිටිය වෛද්‍ය පිඨයේ දොස්තර ජී.පී.එම් චන්දන සෙවනගල රෝහලේ ප්රධාන වෛද්‍ය චාමින්ද විතාරණ සහ ඔහුගේ දරුපවුල මරා දැමීමේ අදහසින් නිල නිවසේ වතුර ටැංකියට වස (එම්.සී.පී.ඒ නම් වල් නාශකය ) රෝහල් සේවකයෙකු ලවා දැමුවේය. කොළඹ වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ පොළොන්නරුව රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ ජේෂ්ඨ වෛද්‍ය සංජය චමින්ද සෙනෙවිරත්න ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ මෑතකදී රක්ෂිත බන්ධනාගාරගත විය, කෑගල්ල හෙම්මාතගම රෝහලේ උපුල් හැන්දලගේ නම් වෛද්‍යවරයා (පේරාදෙණිය වෛද්‍ය පීඨය ) බෙහෙත් ගැනීමට පැමිණි තරුණ රෝගී කාන්තාවන්ගේ නිරුවත් පින්තුර ගන්නා ලදී. මෙම පුද්ගලයන් නිරෝගී මානසිකත්වයකින් ක්‍රියා නොකළ අය බව ඔවුන් විසින් කරන ලද අපරාධ වලින් පෙනී යයි. මොවුන් අපරාධකරුවන් බවට පත් කිරීමට ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින නවක වදය හේතු කාරනා නොවිද ?

    ( වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල |-ඩී. සුගත් රාජපක්ෂ )

    කොළඹ විශ්වවිද්‍යාලයේ නවකයන්ට මිනිස් අසුචි සහ කුණු මස් දියර බකට් කල අයුරු
    කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යනය ලැබූ සිසුවෙකු හෙළි කල පරිදි නවකයන්ට බකට් කිරීම සඳහා ජේෂ්ඨ සිසුන් විසින් කොළඹ රීඩ් මාවතේ පිහිටි රහිමා හෝටලයේ කුස්සියට ගොස් ඉවත් කරන ලද කුකුල් මස් හම් කෑලි ඉවත ලූ බත් ගෙන ආවේය. මේවා විශාල බැරල් එකකට දමා වතුරද එකතු කොට පල් කරන ලදී. දින දෙකකට පමණ පසු මෙම බැරල් එකේ වතුර වලින් දුර්ගන්දයක් හමන්නට විය. එක් ජේෂ්ඨ සිසුවෙකු එයට මළපහ කළේය. ඉන්පසු එය කිව නොහැකි තරම් දුගඳ විය. පසුව මේ කුණු දියරය ප්ලාස්ටික් භාජන වලට දමා නවක සිසු සිසුවියන් බකට් කරන ලදී. දුර්ගන්දය සහිත දියර ශරීරයට වැදීම නිසා ඔවුන්ගේ ඇඳුම පවා යලි භාවිතා කල නොහැකි තත්වයට පත් විය. එක සිසුවියක් සැරසී සිටියේ ඇයගේ බෝඩිමේ අයිතිකරියගෙන් ඉල්ලාගත් සාරියකිනි. එම සාරිය කුණුවී ගිය මස් කැබලි සහ අසූචි වැදී කළු වර්ණ විය. එම සිසුවිය බොහොවෙලාවක් යනතුරු කඳුළු සැලුවාය. මෙම සිද්දිය හෙළි කල සිසුවා වර්තමානයේදී ඇමරිකා එක්සත් ජනපදයේ තම ආචාර්ය උපාධියට ඉගෙනුම ලබයි. ඔහු පවසන පරිදි මෙවැනි සිදුවීමක් ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක සිදු වුයේ නම් එවැනි අමානුෂික ක්‍රියාවක් සිදු කල සිසුන් නවතින්නේ හිර ගෙදරය. ඇමරිකානු විශ්වවිද්‍යාල සිසුන්ගේ හැසිරීම් , ඔවුන්ගේ ආකල්ප, සිසුන් එකිනෙකා කෙරෙහි දක්වන ගරුත්වය, ඔවුන් තුල ඇති මිනිස් වටිනාකම් ගැන සලකන විට තමන් මුලික උපාධිය නිමා කල කොළඹ විශ්වවිද්‍යාලය කොතරම් ප්‍රාථමික ස්ථානයක්ද යන්න කියා දැන් තමන්ට වැටහෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියි. තමා ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ බව කීමට පවා ලැජ්ජා වන බව ඔහු පවසයි.
    ( වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල |-ඩී. සුගත් රාජපක්ෂ )

    ලංකාවේ විශ්ව විද්‍යාල වල පවතින නවක වධය නිසා ජිවිත ගණනාවක් නැතිවී , සිසුන් අබ්බගාතවී , මානසික රෝගීන් වී අධ්‍යාපනය අතරමග දමා ගොස් තිබේ. එසේම සමහරු විශ්ව විද්යාල අධ්‍යාපනය සහමුලින්ම අතහැර ගොස් සිටිති. මේවා ජාතික අපරාධ වේ. විශ්ව විද්‍යාලවල නවකවදය නැවැත්වීමට දැන්වත් බලධාරීන් පියවර ගත යුතුය.

    කැමතියි

  6. සුජිත් නිශාන්ත හේවගේ මහතා වෙත
    ඔබට හීනමාන රෝගයක් තිබේ.
    නැති උගත්කම් පෙන්වීම ,බොරු අධ්‍යාපන සුදුසුකම් ප්‍රදර්ශනය සහ මාධ්‍ය රැවටීම
    ඔබ දැනටමත් සයිබර් ලෝකයේ මෝඩ විහිළුකාරයෙක් වී ඇත. කරුණාකර දැන්වත් මේ විහිළුව නවත්වන්න
    ඇල්කෙමියා බ්ලොග් එකේ ඇයි මේ වගේ වියාජ සක්විතිලා ප්‍රවර්ධනය කරමින් සිටින්නේ , මේ පුද්ගලයා මානසික අබාධයකින් පෙළෙන්නෙකි. ඔහු සමහර විට අසභ්‍ය වචන කොමෙන්ටු වල සඳහන් කරයි. අසභ්‍ය ලිංගික දේ කියමින් කාන්තාවන්ට විද්‍යුත් තැපැල් පණිවිඩ යවයි. එසේම ඔහු තමාගේ දුරකථන අංකයද කොමෙන්ටු වල සඳහන් කරමින් මානසික උපදේශනයේ දී සිටියි. යම් දිනක ඔහු අතින් රෝගියෙකුට අතවරයක් සිදු වුහොත් යම් දිනක ඔබටද නරක නාමයක් එනු ඇත. මේ පිළිබඳව සලකා බලන්න. සත්‍ය ඇති සැටියෙන් පවසන මේ කොමෙන්ටුව සමහර විට ඔබලා පල නොකිරීමටද ඉඩ තිබේ. නමුත් මේ කරුණ ගැන සිතන්න

    කැමතියි

  7. පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවට අවශ්‍යද ?

    | අමිල ගුණරත්න

    ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමේ සංකල්පය මුලින්ම ඇති වන්නේ 1985 වකවානුවේය. මේ කාලයේ දී රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇරඹීමට සැලසුම් කරන ලදී. නමුත් මෙම උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විශාල විරෝධතාවයක් පැමිණි නිසා එය කෙටි කාලයක් තුලදී පවරාගනු ලැබිය. නැවත වරක් පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම පිළිබඳව උණුසුම් විවාද මේ වන විට ආරම්භ වී තිබේ. සැබවින්ම ලංකාවට පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යද ?

    රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව පැවැති උද්ඝෝෂණ වලට මෙම ලියුම්කරුද එකල සක්‍රියව සහභාගී වී තිබේ. එදා අප සමග උරෙන් උර ගැටී පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධව සටන් කල සිසු නායකයන් අද වෛද්‍ය , ඉංජිනේරු , ගණකාධිකාරී වැනි වෘත්තින් වල මෙන්ම රාජ්‍ය අංශයේ විධායකයන් ලෙසටද සේවයේ නියැලී සිටිති. ඔවුන්ගේ අරමුණු එදා මෙන් නොවේ. ඔවුන්ගෙන් බහුතරය මුදල් ඉපයීමට පමණක් අද මුල් තැන දී තිබීම පහසුවෙන්ම දැකිය හැකි කරුණකි. එසේම එදා නිදහස් අධ්‍යාපනය සුරැකීම සඳහා කියමින් මිනි පෙට්ටි කර ගසාගෙන ගිය අය සමහරු අද ආණ්ඩුවට ගොට්ට අල්ලා ජීවිතය සරු කර ගෙන ජිවත් වෙති. රැඩිකල් මාර්ග වල ගිය සමහරෙක් එන් ජී ඕ වලට හේත්තු වී මුදල් හොරාකමින් සිටිති.

    එදා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කල වෛද්‍යවරුන් ගෙන් 99 % පාහේ අද කිසිම කැතක් නැතිව රෝගීන්ව හුරාගෙන කති. එදා රෝගීන් ගේ අයිතිවාසිකම් ගැන කියූ කථා ඔවුන්ගේ වර්තමාන භාවිතයේ නැත. මෙහිදී සුවිසේෂි චරිත දෙකක් ගැන මතකයට නැගේ. රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව පැවැති විරෝධතාවයේදී ජිවිතය ද අහිමි වූ එක සිසු නායකයෙකුගේ සොහොයුරා අද සුප්‍රකට ශල්‍ය වෛද්‍යවරයෙකි. මෙම සොහොයුරන් දෙදෙනාම ලංකාවේ දුෂ්කර පළාතකින් දිස්ත්‍රික් කොට ක්‍රමයට කොළඹ වෛද්‍ය පීඨයට පැමිණි අතර නිදහස් අධ්‍යාපනය නිසා උසස් අධ්‍යාපනයේ දීමට වරම් ලැබුණු අය වුහ. සොහොයුරන් දෙදෙනාගෙන් එක් අයකු ත්‍රිමා විතාන මරා දැමු කාලයේදීම ඝාතකයන්ට බිළි විය. ජීවිතය බේරාගත් සහෝදරයා අද පෞද්ගලික රෝහල් වල වැඩිපුරම ගැවසෙන අතර සාමාන්‍ය ශල්‍යකර්මයකට රෝගියෙකුගෙන් රුපියල් 80,000 සිට 150, 000 දක්වා මුදලක් අය කරයි.

    එදා සක්‍රිය සිසු උද්ඝෝෂකයන් අද නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කතා කරන්නේ නැත. ඔවුන්ගේ ළමුන් අන්තර්ජාතික පාසල් වල හෝ පිටරට විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලබති. අද නිදහස් අධ්‍යාපනය සුරැකීම සඳහා කියමින් මිනි පෙට්ටි කර ගසාගෙන , විරෝධතා පුවරු එල්ලගෙන , ගිරිය යටින් සටන් පාඨ කියන විශ්ව විද්‍යාල සිසුන් දුටු විට මෙම ලියුම්කරුට මෙවැනිම ආකාරයට හැසුරුණු අතීත සටන් සගයන් මතක් වේ. නමුත් ඔවුන් කෙරෙහි කිසිදු තරහක් හිතේ නැත. එය ඇතැම් විට ලෝක ස්වභාවය විය හැකිය.

    සමාජවාදය තිබු සෝවියට් දේශය , නැගෙනහිර ජර්මනිය අද කඩා වැටී තිබේ. එම නිසා 1985 කාලයේ වලංගු වූ දේශපාලන වාතාවරණයක් අද නොපවතියි. ලෝකය වෙනස් වී තිබේ. එදා සමාජවාදය කරේ තබාගෙන ගිය රටවල් අද පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කොට පිටරට වලින් පවා සිසුන් ගෙන්වා ගෙන අදායම් ලබති. පෞද්ගලික විශ්ව විද්‍යාල නොමැත්තේ කියුබාව , උතුරු කොරියාව වැනි රටවල් සුලුතරයක පමණි. අධ්‍යාපනික සහ තාක්ෂණ අතින් දියුණු ජාතින් පෞද්ගලික විශ්ව විද්‍යාල පවත්වාගෙන යන අතර ඒවා සහ රාජ්‍ය විශ්ව විද්‍යාල අතර තරඟකාරිත්වයක් ඇති කිරීම මගින් වඩාත් ගුණාත්මක භාවය රඳවා ගනිති. එසේම පෞද්ගලික විශ්ව විද්‍යාල වල ප්‍රමිතිය පිළිබඳව නිරන්තරයෙන්ම සොයා බලති.

    ලංකාවේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය මේ වන විට දරුණු ලෙස පිරිහී තිබේ. ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 1400 අතරට ලංකාවේ කිසිදු විශ්ව විද්‍යාලයක් පත් වී නැත. ජගත් විශ්ව විද්‍යාල ශ්‍රේණි ගතකිරීම් අනුව ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍යන් වන සිම්බාබ්වේ , උගන්ඩා , ඉතියෝපියා වැනි රටවල විශ්ව විද්‍යාල වලට වඩා ගුණාත්මක භාවයෙන් පහලින් සිටිති. මෙය කටුක සත්‍යකි. (බලන්න 2011 ජගත් විශ්ව විද්‍යාල ශ්‍රේණි ගතකිරීම් අනුව ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අප්‍රිකානු රට වලටත් වඩා පහතට වැටී ඇති අයුරු)

    World University Ranking

    Makerere University Uganda 1,177
    University of Khartoum Sudan 1,216
    Kwame Nkrumah University Ghana 1,338
    Addis Ababa University Ethiopia 1,367
    University of Nairobi Kenya. 1,367

    University of Colombo 1,447
    University of Peradeniya 1,909
    University of Moratuwa 2,794
    University of Sri Jayewardenepura 3,078
    University of Kelaniya 4,434

    (World University Ranking 2011 http://www.arwu.org/ )

    පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම මගින් ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය පිරිහෙනු ඇති බවට සමහරු මත පළ කරති. නමුත් දැනටමත් ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය පිරිහී ඇත. අන්තර්ජාතිකව ලංකාවේ විශ්ව විද්‍යාල වල උපාධි වලට ලැබෙන පිළිගැනීම බිඳ වැටී තිබේ. බටහිර විශ්ව විද්‍යාල විසින් තවමත් අපගේ විශ්ව විද්‍යාල සිසුන්ට වාර්ෂිකව ශිෂ්‍යත්ව සීමිත ප්‍රමාණයක් ලබා දෙන නමුදු එය දෙන්නේ අපගේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය ගැන සලකා නොව ලංකාවේ දරිද්‍රභාවය ගැන සලකා බැලීමෙනි. මේ නිසා පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම මගින් ලංකාවේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය කඩා වටේ යැයි කීම එක්තරා ආකාරයක විහිළුවකි. අපගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනිකව දැනටමත් කඩා වැටී තිබේ. ඉතිරිව ඇත්තේ භෞතික යටිතල පහසුකම් ටික පමණි. එයද තව නොබෝ කලකින් අන්තරය වැනි අන්තවාදී සංවිධාන විසින් විනාශ කරනු ඇත. එවිට උසස් අධ්‍යාපන ආයතන නොමැති සෝමාලියාව , ඇෆ්ගනිස්ථානය වැනි රටවල් තත්වයට අපටද පත්විය හැකිය.

    ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ඇති සිසු ආකර්ෂණය අඩුවී තිබේ. ලංකාවේ විශ්ව විද්‍යාල වල පවතින දරුණු නවක වදය , මානව හිමිකම් උල්ලංඝනය සහ සංවර්ධිත විශ්ව විද්‍යාල වලට සාපේක්ෂව සිසුන් අතර ඇති අඩු සංස්කෘතික අව උපචය වැනි හේතු කරනා නිසා ඉහල මධ්‍යම පන්තික දරුවන් ලංකාවේ විශ්ව විද්‍යාල වලට සුදුසුකම් ලැබුවද දෙමාපියන් බිය නිසා තම දරුවන්ව ලංකාවේ විශ්ව විද්‍යාල වලට නොඑවති. මෙම දරුවන් බොහෝවිට උසස් අධ්‍යාපනය සඳහා ඇමරිකාව, එංගලන්තය ඔස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය වැනි රට වලට යති. උසස් අධ්‍යාපනය සඳහා වියදම් කිරීමට විශාල මුල්‍ය ශක්තියක් නොමැති මධ්‍යම පන්තික දෙමාපියන් ඉඩම් විකුණා හෝ ළමුන් පිටරට යවා උගන්වති. මේ නිසා වාර්ෂිකව රුපියල් බිලියන ගණනක් පිටරටට ඇදී යති. පෞද්ගලික විශ්ව විද්‍යාල මෙරට ඇති කිරීම මගින් වාර්ෂිකව පිටරට ඇදී යන මේ මුදල් මෙරට ඉතිරි කර ගැනීමට හැකි වෙනු ඇත.

    පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම මගින් ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය පිරිහීම වෙනුවට එය වඩා වර්ධනය විය හැකි හැකියාව ඉහලය. ලංකාවේ පෞද්ගලික බැංකු ඇති කළ කාලයේ පෞද්ගලික බැංකු නිසා රාජ්‍ය බැංකු කඩා වැටෙනු ඇති බවට සමහරු බිය පළ කළහ. නමුත් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු අන්‍යොන්‍ය තරඟකාරිත්වයකට යොමු වීම මගින් ජනතාවට වඩාත් ගුණාත්මක සේවයක් ලැබුණි. පෞද්ගලික විශ්ව විද්‍යාල නිසි ප්‍රමිතියකට අනුව පවත්වාගෙන යන්නේ නම් (මෙහිදී පුද්ගලික විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගැනීම සඳහා ක්‍රමවත් යාන්ත්‍රණයක් සැකසිය යුතු අතර, පුද්ගලික විශ්ව විද්‍යාලවල උගන්වන පාඨමාලා සහ විෂ‍ය නිර්දේශයන් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ කොමිෂන් සභාවක් යටතේ පාලනය කල යුතු බව නිර්දේශ කරමු) එමගින් රාජ්‍ය විශ්ව විද්‍යාල වලට තරඟකාරීත්වයක් ඇති කිරීම හැකි වන අතර නේපාලයේ මනිපාල් විශ්ව විද්‍යාලය වැනි ගුණාත්මක විශ්ව විද්‍යාල ඇති කිරීම මගින් විදේශීය සිසුන් මෙරටට ආකර්ශනය කර ගනු හැකි වනු ඇත. එමගින් විදේශ විනිමය උත්පාදනයටද මග පෑදේ.

    පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම මගින් උසස් පෙළ සමත් වී රාජ්‍ය විශ්ව විද්‍යාල වලට සුදුසුකම් ලබන සිසුන්ට අසාධාරණයක් සිදු විය හැකි බවට සමහරෙක් මත පළ කරති. එහෙත් දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා රාජ්‍ය විශ්ව විද්‍යාල වලට සුදුසුකම් ලබන්නේ දක්ෂතම සිසුන් නොවේ. සමහර විට දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා කොළඹ , ගාල්ල , මහනුවර වැනි නගරබද දක්ෂ සිසුන් අතරමං වෙති. අපගේ අධ්‍යාපන ක්‍රමයේ මෙවැනි සිසුන් ගෙන සොයා බලන්නේ නැත. ලංකාවේ රාජ්‍ය සරසවි වලට පිවිසීමට වරම් නොලබන එහෙත් උසස් අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ඇති බහුතරය වෙනුවෙන් යම් අධ්‍යාපනික වඩා පිළිවෙලක් අවශ්‍ය වේ. මේ සඳහා පෞද්ගලික විශ්ව විද්‍යාල එක් විකල්පයකි.

    පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම නිසා වර්තමානයේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල සේවය කරන ආචාර්යවරුන් වැඩි පඩියට පෞද්ගලික විශ්ව විද්‍යාල වලට බැඳෙනු ඇති බවට සමහරු පෙන්වා දෙති. නමුත් සත්‍ය නම් දක්ෂ සහ නිසි සුදුසුකම් ඇති රාජ්‍ය විශ්ව විද්‍යාල වල සේවය කළ ආචාර්යවරු බොහොමයක් දැන් බටහිර විශ්ව විද්‍යාල වල සේවයට ගොස් තිබේ. ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල දැන් ඉතිරිව ඇත්තේ (රට ගැන හිතා කැපවීමෙන් සේවය කරන ආචාර්යවරුන් අතලොස්සක් හැරුණු කොට ) කිසිම සංවර්ධිත රටක විශ්ව විද්‍යාලයක රැකියාවක් සොයා ගත නොහැකි ගිරවා දමා විභාග සමත් වී තම සිසු පරපුරටත් යල් පැන ගිය විෂය මාළා වනපොත් කරවන නිකමුන් සමුහයකි. මොවුන් ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල අතරමං වූ කොටසකි. ඔවුන්ට කිසිදු ප්‍රයෝගික දැනුමක් හෝ දැක්මක් නැත. මෙවැනි ආචාර්යවරුන්ද ලංකාවේ විශ්ව විද්‍යාල අප්‍රිකාවේ අසමත් රාජ්‍ය වල විශ්ව විද්‍යාල වලටත් වඩා පහළ මට්ටමකට ගෙන ඒම පිළිබඳව වග උත්තරකරුවන් වේ. මේ නිසා පෞද්ගලික විශ්ව විද්‍යාල නිසා රාජ්‍ය විශ්ව විද්‍යාල වල වේලි වේලි සිටින නිකමුන්ට රැකියා ලැබේ යැයි සිතීම හිතළුවකි.

    ලෝකයේ පෞද්ගලික විශ්ව විද්‍යාල වල සාර්ථකත්වයේ පදනම වන්නේ ලාභය මෙන්ම ගුණාත්මක සේවය සැපයීම මතය. පෞද්ගලික විශ්ව විද්‍යාල වල උපාධිධාරීන් බොහෝ විට යොමු වන්නේ පුද්ගලික අංශය වෙතය. පුද්ගලික අංශය ක්‍රියාත්මක වන්නේ එලදායිතාව සහ සාර්ථක ප්‍රතිපල පෙන්වීම මතය. රාජ්‍ය අංශයේදී මෙන් බොරුව පෙන්වා බඩ වියත රැක ගැනීමට පුද්ගලික අංශයේදී හැකියාවක් ලැබෙන්නේ නැත. එම නිසා පෞද්ගලික විශ්ව විද්‍යාලයෙන් පිටවන අභ්‍යාසලාභියා තමාගේ දක්ෂතා පෙන්විය යුතුය. ඔහු අසමත් නම් ඔහුගේ සේවය ස්ථිර නොකරේ. පුද්ගලික අංශය රැකියා වලට බඳවා ගැනීමේදී අවශ්‍ය කෙරෙන නිසි ප්‍රමිතිය අදාල පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් නොලැබේ නම් එකී පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් සමත් වන සිසුන්ව පුද්ගලික අංශය රැකියා වලට බඳවා නැවතෙන අතර එම පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ඇති ඉල්ලුම අඩු වී සිසුන් වෙනත් විශ්ව විද්‍යාල කරා යති. මෙය සංවර්ධිත රට වල ඇති යාන්ත්‍රණයයි.

    නමුත් ලංකාවේ රාජ්‍ය අංශ වලින් පිට කෙරෙන උපාධිධාරීන්ගෙන් බහුතරය අපේක්ෂා කරන්නේ රජයේ රැකියාවකි. ඒ මන්ද යත් පුද්ගලික අංශය වෙත ගොස් පෙන්වීමට ඔහු තුල කුසලතා නොමැති නිසාවෙනි. ඉංග්‍රීසි බස හැසිරීමට බැරිය, අන්තර් පුද්ගල සනිවේදනය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගෙන නැත. සන්නිවේදනය වෙනුවට උගන්වා තිබෙන්නේ පොලු හරඹ වලින් ඔලු පැලීමටය. පරිගණක හැකියාව බොහෝ දෙනෙකුට නැත. දන්නේ පෝස්ටර් ඇලවීමට සහ කැට හෙල්ලීමට පමණි. ඔවුන්ට තම උපාධිය ප්‍රයෝගික ලෙස භාවිතා කිරීමට නොහැක. දැනුම යල් පැන ගිය හෝ ලැබී ඇත්තේ වර්තමාන ලෝකයට අදාල නොවන දැනුමකි. මෙය අපගේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල යථාර්තයි. මේ නිසා අවම වශයෙන් පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම මගින් හෝ රාජ්‍ය විශ්ව විද්‍යාල වල මෙම කාලකන්නි විෂම චක්‍රය බිඳීමට හැකි වේ නම් එය ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලවලට කරන මහඟු උපකාරයකි.

    ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට මුලිකවම විරුද්ධ වී ඇත්තේ ජවිපෙ බව පෙනී යයි. එහෙත් ජවිපෙ නායකයන් තරම් පුද්ගලික විශ්ව විද්‍යාල වන්දනා කරන පිරිසක් නැති තරම්ය. ජවිපෙ පහළ ස්ථර වල සිටින සාමාජිකයන් නොදන්නා නමුත් ජවිපෙ නායක සෝමවංස අමරසිංහගේ පුත්‍රයා ඉගෙනුම ලබන්නේ එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය. ජවිපෙ පුර්ණකාලිකයෙකු වෙමින් තම උසස් පෙළ අධ්‍යාපනය ලැබීම මෙන්ම සිගිරි ගලේ නැගීම අත් හැර දමා පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට විරුද්ධව දිවි හිමියෙන් සටන් වැදුණු විමලසිරි ගම්ලත් නොහොත් විමල් වීරවංස තමන්ගේ පුත්‍ර රත්නය යවන්නේ ස්කොට්ලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකටය. ජවිපෙ හිටපු සන්නද්ධ නායක කුමාර් ගුණරත්නම් මහත්තයා ගේ ළමුන් ලබන වසරේ ඕස්ට්‍රේලියාවේ පුද්ගලික විශ්ව විද්‍යාලයකට යනු ඇත. නමුත් ලංකාවේ රාජ්‍ය සරසවි වලට පිවිසීමට වරම් නොලබන එහෙත් උසස් අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ඇති දරුවන්ට පිට රටකට නොගොස් මෙරට සිට පෞද්ගලික විශ්ව විද්‍යාලයක සහනදායක මිලකට අධ්‍යාපනය ලැබීමට මොවුන් විරුද්ධ වෙති. ඔවුන්ගේ ළමුන්ට ඇති අයිතිය අනෙකුත් දරුවන්ටද තිබිය යුතුය.

    මේ අනුව පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ වන්නා තුල දෙබිඩි බවක්ද තමන්ගේ අභිමතාර්තයනට අවශ්‍ය පරිදි න්‍යාය පත්‍රයක්ද තිබෙන බව පෙනී යයි. ඔවුන් සැමදා මතුපිටින් විරෝධය දක්වනු ඇත. මෙවන් පුද්ගලයන් එදා පළාත් සභා වලට දැක්වූ විරෝධය සහ පසුව පළාත් සභා වැළඳ ගෙන එම පළාත් සභා යටතේ ලැබුන වැටුප් , දීමනා , වාහන ඇතුළු සියලු පහසුකම් හිස් මුදුනින් පිළිගත් අයුරු මෙහිදී පෙන්වා දිය හැක. තවත් සමහරක් රැල්ලට ( අප එදා කලාක් මෙන් ) පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ වෙති. ඔවුන්ට පෞද්ගලික විශ්ව විද්‍යාල පිලිබඳ යථා ස්වරුපය විචාර බුද්ධිය හරහා අවබෝධ කර දිය හැකි නම් මේ සඳහා වඩාත් ජනතා සහයෝගය ලබා ගත හැකිය.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න