2012 ජුනි 27 : අද විශේෂ…. ජාතික අධ්‍යාපනය….. අතුරුපසට උසස් පෙළ……


2012 ජුලි මාසය වන විට ඇස්තමේන්තු කරන ලද ශ්‍රී ලාංකික ජනගහනය 21,481,334 කි. එයින් 225 දෙනෙකු මේ මිලියන 21 පාලනය කිරීම සඳහා ඡන්ද දායකයින් යැයි කියාගන්නා අප විසින්ම පත් කරගනු ලැබූ අය වෙති. මේ 225 ට අමතරව තවත් හැට හුටහමාරක් දේශපාලනඥයින් යැයි කියාගන්නා පිරිසක් විවිධාකාරයෙන් අපව පාලනය කිරීමට සැදී පැහැදී සිටිති. ඒ අනුව ගත් කළ රටෙන් බාගයක් පමණ ඉතිරි බාගය පාලනය කරයි. මේ 225 න් ආණ්ඩු පක්‍ෂය යැයි සැලකෙන කොටසෙන් තෝරාගත් පිරිසක් වෙත රටේ වැදගත් යැයි හැඟෙන ආයතන, අංශ පාලනයට පත් කරන්නේ ඇමති යන නම ලබා දෙමිනි. මෙසේ ඇමති කම් ලබා දුන් පිරිස 61 කි. මේ 61 ට සහය දීමට නියෝජ්‍ය ඇමතිවරු 31 ක් ද පැල් බැඳගෙන සිටිති. අසරණ තරුණ ඇමතිවරු කිහිප දෙනෙකුගේ මානව අයිතිවාසිකම් කඩ වන නිසා තවත් ඇමති ධුර ඉදිරියේදී ඇති වීමට නියමිතය.

මේ අතර රටේ අනාගතයට වැදගත්ම යැයි ඇමතිවරුන්ට නොහැඟුනත් අපට හැඟෙන ක්‍ෂෙත්‍රය වන අධ්‍යාපනයට ඇමතිලා සෑහෙන්න සිටිති, එහෙත් කරලියේ වැඩිපුරම රඟ දක්වන්නේ උසස් අධ්‍යාපන ඇමති සුමනවීර බණ්ඩා දිසානායක මහතා සහ අධ්‍යාපන ඇමති ආර්ථික විශේෂඥ බන්දුල ගුණවර්ධන ආචාර්ය තුමා යන දෙපලයි. ඒ මහතා අධ්‍යාලනයට අමතරව ආර්ථික විද්‍යාවෙනුත් පරතෙරට ගොස් ඇති නිසා විවිධාකාර න්‍යායයන් ඉදිරිපත් කිරීමටද දක්‍ෂය. එතුමා මෙහෙමත් කිවුවලු දවසක්……

රයිගමයයි ගම්පලයයි

ඒ කෙසේ වෙතත් අද අප කතා කරන්නේ මේ දෙපලම හරියට නොකරන දේ ගැනයි. එනම් අධ්‍යාපනය හරිහැටි පරිපාලනය සහ කළමණාකරණය නොකිරීමයි. උසස් පෙළට විෂය නිර්දේශ දෙකක් යටතේ සිසුන් තරඟ වදින බව මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් දැන ගත්තේ උසස් පෙළ ප්‍රතිඵල පිටවීමට දින කිහිපයකට පෙර නොවේ. කවුරු වැරැද්දක් කළාදැයි අපි හරියටම නොදන්නා නමුත්, කොතැනක හෝ වැරැද්දක් සිදු වී ඇත. ප්‍රශ්නය වන්නේ වැරැද්ද පිළි නොගෙන උද්ධච්ච කමින් විවිධ ප්‍රකාශ ඉදිරිපත් කරමින් ප්‍රශ්නය මඟ හැරීමයි. මුලින්ම ” අරකයි මේකයි මෙහෙම කරලා එකට දාලා හදපු Z Score එක” පසුව පරිඝනකවලට දත්ත  ඇතුලත් කරන පිරිසේ වැරැද්දක් බවට සඳහන් වුනා. මේ කවුරු කොහොම මොනවා කළත් ඔවුන් උගසට ගත්තේ රටේ උසස් පෙළ හදාරපු සිසුන්ගේ ජීවිත. උසස් පෙළට පෙනී සිටි සිසුවෙකු ලෙස විභාගයේ ප්‍රතිඵල දෙන දිනය පිළිබඳ මමත් හොඳටම දන්නවා. මේ රටේ බොහෝ දෙනෙකුත් ඒ බව දන්නවා. කෙයි තරම් හොඳින් විභාගයට මුහුණ දුන්නත්, ප්‍රතිඵල පිටවනතුරු බොහෝ දෙනා සිටින්නේ බොහොම බයෙන්.. ඒ බය දෙගුණ තෙගුණ කරවන්නට මේ විභාල අමාත්‍යාංශයේ සිටින නෝනා මහතුන් මෙන්ම ඔවුන් පාලනය කරන මහත්වරුන් ද කටයුතු කරනවා නම් එය සිසුන්ගේ ජීවිත සෙල්ලමකට ගැනීමක් නොවේද ?

මෙසේ සිදුවූ අත්වැරැද්දට තවමත් කිසිවෙකු වගකිවයුතු නැති වීමම මේ රටේ අධ්‍යාපනයේ අභාග්‍ය සම්පන්න බව කියාපාන කරුණක්. දැන් ඒ පාරම් බාපු සූත්‍රය නැවතත් වතාවක් වැරදි බව අධිකරණයෙන් පවා ඔප්පු වී හමාරයි. ඒත් එය පවා පිළි ගැනීමට ඔවුන් සූදානමක් නැති පාටකුයි පෙනෙන්නෙ. මේ කෙසේ වෙතත් ඔවුන් සෙල්ලම් කරන්නේ රටේ අනාගතයත් එක්ක. රටේ අනාගත දියුණුව රඳා පවතින්නේ අනාගතය බාර බුද්ධිමත් දරුවන් මත විනා මෝඩ දේශපාලනඥයින් මත නොවෙයි.

දැන්වත් තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයන් හෝ පෞද්ගලික ආත්මාභිමානය පසෙක ලා රටේ අනාගතය වෙනුවෙන් මේ දේ නිවැරදි කර නැවතත් සිදු නොවන තැනට වග බලාගෙන, වැරදි කරුවන්ට තානාපතිකමක්, උසස්වීමක් වැනි දඬුවමක් ලබා දිය හැකිනම් අගනේය….

Advertisements

Posted on ජූනි 26, 2012, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 5.

  1. දෙයක් වෙ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු, නමුත් ලංකාවේ එහෙම දේවල් නැහැ. හැමදේකම අයිතිකාරයෝ නුසුදුස්සෝ. ඔබලා ඔහොම ඉන්න එක ගැන සතුටුයි. වෙන මොනවා කරන්නද? මගේ පංගුව මට ලැබුනත් දරුවන්ගේ පංගුව ගැන නම් මෙලෝ විශ්වාසයක් නැහැ. ඒ නිසා ඔඅබ ගත් තීරණය මමත් ඉදිරියේදී ගනී. වෙන නම් කළ හැකි දෙයක් නැහැ.

  2. රයිගමයයි ගම්පලයයි අයින් කරන්න කියා කෑ ගහන නිසා එහෙම කරලා එහෙම කියන අනුර කුමාර දිසානායකවයි තිස්ස අත්තනායකවයි පත් කරගත්තා කියලා වැඩක් නැහැ.

    හැමදාම මාරු කරන කොට්ට විතරයි, බෙල්ලෙ රුදාවට හේතුව කුමක් ද?!!!!

    තිස්ස අත්තනායක කැම්පස් ඉන්න කාලේත් වැදගැම්මකට ඇති දෙයක් කියූ බවක් මතකයේ නැහැ!!!

    මාත් පිටවෙලා ගියා. ඇල්කෙමියාත් යන්න ගියා. තව ටික දවසකින් මහ වෙදනා මල්ලිත් යාවි වගේ …. බෙල්ලෙ රුදාව සනීප කරන්න කෙනෙක් ඉතුරු වෙයි ද ඔහොම යනකොට?!!!!!

    • මෙතැන අවශ්‍ය වෙන්නේ මිනිස්සු මාරු කරන එක නොවෙයි… හරි හමන් ක්‍රියාදාමයක් (system) ස්ථාපිත කිරීම… මේ මේ ප්‍රශ්න වලට මේ මේ විදියට වැඩ කළ යුතුයි කියන දේ ස්ථාපිත කිරීම.
      උදාහරණයක් වශයෙන් මේ විශය නිර්දේශ දෙකට වෙන වෙම Z අගය ගණනය කරන්න ඕන කියන දේ හිතන්න තිබුණෙ ප්‍රශ්නය එන්න පෙර.
      මේ ලෝකයේ සාර්ථක වූ දේවල් (Apple හැර) බොහොමයක් සාර්ථක වුනේ පුද්ගලයින් මත පදනම් වෙලා නොවෙයි.. ක්‍රියාදාමයන්/ පද්ධති (System) මත පදනම් වීම නිසා.

      ඒ වගේම වගකිව යුතු අය වගකීම බාර ගත යුතුයි. බෝල පාස් නොකර… ඒ වගේම වැරැද්දක් වෙලා තියෙනවා නම් දඬුවම් දිය යුතුයි..

      කොහොමත් ඇති හැකි අය රට යද්දි – රට කරන්න ඉතිරි වෙන්නෙ නැති බැරි අය විතර තමයි. ඒකයි මෙතැන ප්‍රධාන ප්‍රශ්නය….

      මෙතැන ඇති හැකි කිවුවෙ මුදල් හදල් නොවෙයි… වෙනත් යමක්….

      • ඒත් ඇල්කෙමියා මල්ලි මෙච්චර කාලයක් හැමදාම ප්‍රතිසංස්කරණ ගෙනැවිත් සිස්ටම් එකක් හදාගන්න බැරිවුනේ ඇයි?

        එහෙම කරන්න හැකි සිස්ටම් එකක් ලෝකයේ කොහේවත් නැති නිසා.

        මේ ලෝකයේ සාර්ථක වූ ඕනෑම දෙයක් සාර්ථක වූයේ පුද්ගලයෙක් නිසා, එක පුද්ගලයෙක් නිසා නෙමෙයි, ඒ ඒ එක එක වැඩේ හරියට කරන්න හොයාගත්තු ඒත්, කට්ටිය නිසා නෙමෙයි, එක එක පුද්ගලයා නිසා.

        කිසිම ක්‍රියාදාමයකින්/පද්ධතියක් ඵලක් නැහැ ඒ ඒ පුද්ගලයා ලවා ඔහුගේ/ඇයගේ කැමැත්තෙන් උවමනාවෙන් ඒ ඒ වැඩය සාර්ථකව කරගන්න බැරි නම්. නමුත් එහෙම මෙහෙම කැමැත්ත කුමක් දැයි හෝ එක එක අයට ගැලපෙන වැඩේ කුමක් දැයි සිස්ටම් එකක් හදන්න අවශ්‍ය තොරතුරු ලෝකෙ කිසිම අයෙකුට එකතු කරගන්න බැහැ.

        අපි පැහැදිලිවම, ඔප්පු කර පෙන්වා ඇති සත්‍යයක් විදියට දන්නේ ඒ ඒ පුද්ගලයාට, ඒ ඒ කැමැත්ත අනුව ඒ ඒ උවමනාව හඹා යන්න හැකි නීත්‍යානුකූල පරිසරයක් හදා දිය යුතු බව පමණයි.

        තවත් විදියකින් කිව්වොත් ඉතා සරල වූ සහ රෙගුලාසි අවම වූ සිස්ටම් එකක් වඩාත් ම සාර්ථක ලෙසින් ප්‍රතිඵල ගෙන දෙන්නක්.

        ඇමෙරිකාවේ අධ්‍යාපනයට සෙන්ට්‍රල් ප්ලෑනින් සිස්ටම් එකක් තිබ්බෙ නැති නිසාමයි ලෝකයේ ඉදිරියෙන් දිව්වෙ. 80 අග – 90 ගණන් වල සිට ඒකට එක එක සිස්ටම් දාන්න පටන් ගත්ත නිසයි මෙහෙත් අධ්‍යාපනයේ අගය බාල වෙලා තියෙන්නෙ.

        යුරෝපීය රටවල හා ලංකාවේ සිස්ටම් එක අනුව ඒ වෙලාවට ඒ වැඩේ කරගන්න හැකි නම් හරි. ඒ වෙලාවට ඒ වැඩේ කරගන්න බැරි වුනොත් ඉතින් ඒ පුද්ගලයාට ජීවිතේ එතැනින් යා හැකි දියුණුව සීමිතයි, මාර්ගය අසීරුයි. යුරෝපයේ සහ ලංකාවේ අද අකරතැබ්බය කාලාන්තරයක් තිස්සේ ආපු ඒ රටාවේ ප්‍රතිඵලය.

        ලංකාවේ ඉගෙන ගත්තු අපිට ලෝකේ ඕනෑම රටක වැඩිදුර ඉගෙන ගන්න අවස්ථාව තිබ්බා. හෙට අනිද්දා තවත් ලංකාවේ දුවෙක් මෙහෙ එනවා වැඩිදුර අධ්‍යාපනයට. ඉතින් ලංකාවේ හරියට වැඩ කරපු සිස්ටම් මොනවා ද කියලා හොයලා බලලා, ඒවා කරනවා මිසක්, මී මැස්සො වගේ ළමයින්ට හැසිරෙන්න කියන්නෙ නැතිව, හැමදාම කරන ප්‍රතිසංස්කරණ වලින් ටිකක් අයින් වෙලා ඔය හැම දේටම අත දාන්න ඕනා අයට තානාපතිකමක් බාර දෙන යෝජනාව නම් හරි අගෙයි!!!!

  3. මේ ටිකත් උඩ ප්‍රතිචාරයට ම අයිතියි 🙂

    //උදාහරණයක් වශයෙන් මේ විශය නිර්දේශ දෙකට වෙන වෙම Z අගය ගණනය කරන්න ඕන කියන දේ හිතන්න තිබුණෙ ප්‍රශ්නය එන්න පෙර.//

    ලංකාවේ නිතර වෙන දැයක් මෙහි දී ද වෙලා ඇතැයි ගොඩාක් දුරට අනුමානය කරන්න පුළුවන්. ඒක තමයි යම් නිර්මාණයක් කරන කෙනෙක්ට පස්සෙ ඉහළින් පත්වෙලා එන නොදන්න කෙනා අත බලය වැඩි නිසා නිර්මාණය කුමක් දැයි නොදැනීමෙන් එය වෙනසට භාජනය කර අන්තිමේ දී නිර්මාණය අවුලක් වීම. ගොඩක් වැඩ බාර දෙන නිර්මාණශීලීව ගැටළු විසඳන අය ලංකාවේ ඉන්නවා. ඒ අයට පැවරෙන වැඩය ඉතා ඉහළින් කරද්දි හිටපු හැටියෙ ඉහළ අණකින් පාත්වෙන කෙනෙක් මේ අයගෙ ලොක්කා බවට පත්වෙනවා. දැන් ලොක්කා මොකක් හරි කළේ නැත්නම් එයා වැඩක් කළේ නැහැයි කියලා හැමෝම හිතනවානේ!!! ඉතින් එයා කරන්නෙ නිර්මාණශීලීව හදපු දෙය විකෘති කිරීමයි. සර්, එහෙම කරාට හරියන්නෙ නැහැ කිව්වාට ලොක්කා අහන්නෙ නැහැ. මොකද ඒ ලොක්කාට දැනුමක් නැති නිසා. එයා පත්වෙන්නෙ වෙන ‘ඇති’ දේකින් නිසා!!! එහෙම වුනාම, සමහර අය ගොඩක් වෙලාවට සර් මගේ නම ඕකෙන් අහක් කරන්න කියලත් ඉල්ලනවා, ඒ මොළේ තියන මිනිස්සු!!!!

    උසස් පෙළ ඉන්න දරුවන්ටයි, කැම්පස් වල ඉන්න දරුවන්ටයි තරඟයක් පැවැත්වූවා නම් අද අධ්‍යාපනයේ තියන ගැටළු විසඳන්න කියලා සෑහෙන නිර්මාණශීලී විසඳුම් දකින්න හැකිවේවි. ඒත් ඒවා බාර ගන්න ඉහළ පුටු රත්කරන අය කවදා කැමති වේවි ද කියන එක තමයි ඊ ළඟ ප්‍රශ්නෙ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: